Friday, May 24, 2013

වෙසක් අසිරිය!




වෙසක් අසිරිය!



සිල් සුවඳයි අද මේ ලුම්බිණියේ
මායා දේවිය ගිමන් නිවන්නේ
පින්වත් පුතෙකුයි ලොවට බිහි වුනේ
සියපත් හතකයි පියවර මැන්නේ




සඳරැස් වැටිලා ගයා තීරයේ
ඇසතු රුක මුලයි හිමි වැඩ සිටියේ
මරසෙන් පරදා බුදුබව ලැබුවේ
සදහම් සිසිල
යි ලොවටම බෙදුවේ





මල්ල රජුන්ගේ ඒ සල් උයනේ
බුදුහිමි සුවසේ වතිරී සිටියේ
මල් වැසි වස්සා ලොවම කැළබුනේ
ඒ වෙසඟේ පිරිනිවන සිදුවුනේ




දෙදහස් හයසිය වසරක් ගෙවිලා
සම්බුදු දහමින් ලොවම බැබලුනා
සැමදා සැම සිත් සැනසුම ලැබුවා
නිවන් මගේ සැම පියවර මැන්නා


6 comments:

  1. සාදු සාදු සාදු :)

    ReplyDelete
  2. තිසරණ සරණයි අක්කේ ඔබට.

    ReplyDelete
  3. ඔබට තුන් සරණයි! මේ වෙසක් පොහොය ඉතා ම අර්ථවත් ලෙස ගත කරන්නට ඔබට ලැබේවා..
    මම නිමාෂා..

    ReplyDelete
  4. මේ පොහෝ දිනයේද ඔබේ උතුම් අරමුනු සඵල වේවා... සිත් නිවී මෙත් මල් පිපේවා....

    ReplyDelete
  5. මේ වෙසක් සමයේ අක්කාගේ ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා !!

    ReplyDelete

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...