බුද්ධගයාවේ අසිරිමත් බුදුපිළිම වහන්සේ!

Friday, May 24, 2013

ධම්ම පදය - අප්පමාද වර්ගය. 9


 


උත්සහවන්තයා ජය ගනී


අප්පමත්තෝ පමත්තේසුසුත්තේසු බහුජාගරෝ
අබලස්සං සීඝස්සෝහිත්වා යාති සුමේධසෝ


සුන්දර නුවණින් යුතු මුණිවරයා ප්‍රමාදීවූ ජනතාව අතරේ අප්‍රමාදීව ඉන්නව. නින්දේ ගැලුණු ජනතාව අතරේ නො නිදා භාවනා කරනව. ඔහු ඒ අමා නිවන කරා යන්නෙ දුර්වල අශ්වයෙක්ව පරදවා , වේගයෙන් දුවන ජව සම්පන්න අශ්වයෙකු පරිද්දෙනි. 

The Mindful One Is Way Ahead Of Others

Among the heedless, heedful,
among the sleepy, wide awake.
As the swift horse outruns a hack
so one of good wisdom wins.

Explanation: The extremely wise individual of deep wisdom is always alert and mindful. He is therefore like a wide-awake individual among those who are deep in sleep. That wise person, who possesses supreme insight overtakes in spirituality all those ordinary masses, just as a fast horse overtakes a weak one.



මෙ කථාවේ සඳහන් වන්නෙත් කැපවීම ගැනයි. උත්සාහය ගැනයි. වීරිය ගැනයි. රමාද නොවීම ගැනයි. බුදුරජාණන් වහන්සේ තරම් උත්සාහය ගැන කතා කරපු වෙන කිසි කෙනෙක් නෑ. උන්වහන්සේ එතරම්ම උත්සාහය අගය කළා. කෙනෙකුගේ ජයගරහණයට මුළුමනින්ම බලපාන්නේ තමන්ගේ උත්සාහයයි, කැපවීමයි. අද පමණක් නොවෙයි එදත් විදිහමයි.

සැවැත් නුවර ජේතවනාරාමයෙහි බුදුරජාණන් වහන්සේ වැඩසිටින කාලයෙහි මුලු මහත් කෝසල ජනපදය පුරාම මහත් රබෝධයක් ඇති වුනා. බොහෝ තරුණයන් සසුන්ගත වුනා. අලුතෙන් අරණ් සේනාසන බිහිවුනා. බොහෝ දෙනෙක් සීල, සමාධි, රඥා වැඩුවා. ඉතින් මෙය සකල මිනිස් වර්ගයාටම මෙලොව පරලොව ජයගත් ස්වර්ණමය යුගය බවට පත් වුනා.

දිනක් යහළුවන් දෙදෙනෙක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ සසුන්ගත වුනා. භික්ෂූන් වහන්සේලා චාරිකාවේ වඩිද්දී මේ දෙනමත්, එම චාරිකාවට එක් වුනා. භාවනා කිරීමට හුදෙකලා තැනක් සොයන්නට පටන් ගත්තා. මේ දෙනමට ඉතාම සුන්දර අරණ්යයක වාසය කරන්නට ලැබුනා.
මෙම යහළුවන් දෙදෙනා ගිහි කල නිතර කතා බස් කරමින් කල් ගෙවනවා. වල් පල් දොඩනවා. පැවිදි වුනාට පස්සේ මේ ගතිය වෙනස් වුනා. එක නමක් ගිහි කාලයේ වගේම කතා බහෙන් කල් ගෙවන්නට කැමති නමුත්, අනිත් නම එයට කැමති වුනේ නෑ. නිසා මේ දෙනම තනි තනිවම බණ භාවනා කරගන්නට කතිකා කරගත්තා. අර ගිහි කාලෙ වගේම කතාවෙන් කල්ගෙවන්නට කැමති භික්ෂුවට අලුතින් කතාබහට කවුරුවත් නැතිව ගියා. උන්වහන්සේ පිණ්ඩපාතෙ වඩිනවා. පාරෙ යද්දී එක එක අරමුණු ඇස්වලට මුණගැහෙනවා. ඒවා ගැන හිතනවා. එක එක දේවල් අසන්නට ලැබෙනවා. ඒවා ගැනත් හිතනවා. රසවත් කෑම බීම ලැබෙනවා. ඒවා ගැනත් හිතනවා. ඉතින් හොඳට වළඳලා නිදාගන්නවා. කතාබහට කවුරුත් නැති නිසා වැඩිපුර නිදාගත්තා. සීත වෙනකොට ගිනි ගොඩක් ගහලා ඇති පදමට ගිනි තපිනවා.

අනිත් ස්වාමීන් වහන්සේ මනා සිහි නුවණින් යුතුව ගමට පිණ්ඩපාතෙ වඩිනවා. පාරේදි මුණගැහෙන අරමුණු වලට මිශ වෙන්න යන්නෙ නැහැ. අසන්නට ලැබෙන අරමුණු වලින් සිත කලඹා ගන්නෙ නැහැ. යම් සිහි නුවණකින් යුතුව කුටියෙන් එළියට බැස්සාද, සිහි නුවණින්ම ආපසු කුටියට වඩිනවා. සිහි නුවණින්ම දානය වළඳනවා. කොතරම් සීතල වුනත් ගිනි තපින්න පුරුදු වුනේ නෑ. සීතල රස්නෙ හැම දෙයක්ම ඉවසන්න පුරුදු වුනා. කෑමවල රස හොය හෙය ගියේ නෑ. සිහි නුවණින්ම සිවුරුත් පෙරෙව්වා. සිහි නුවණින්ම සැතපුනා. පුදුම විදිහට කැපවුනා. හිමිදිරි පාන්දර අවදිවෙනවා. සක්මන් භාවනාවේ යෙදෙනවා. වාඩිවෙලා භාවනා කරනවා. මුළු දවසම සක්මන් කරමින්, වාඩි වී භාවනා කරමින් නීවරණ ධර්මයන් යටපත් කරන්න මහන්සි ගත්තා. අන්තිමේදී උන්වහන්සේ ජයගත්තා. හොඳට සමාධිය දියුණු වුනා. නුවණින් විමසීමත් දියුණු වුනා. රඥාව ඇති වුනා. කෙලෙස් දුරුවුනා. ආසවක්ඛය ඤාණය තුළින් අරහත්වයට පත්වුනා. මේ රහතන් වහන්සේ තමා සමඟ වැඩි යහළු ස්වාමීන් වහන්සේ ගැන හරි අනුකම්පාවක් ඇති වුනා. මහත් ආදරයෙන් අවවාද කළා. ඒත් වීරිය ඇතිකර ගන්නට තරම් ශක්තියක් ස්වාමීන් වහන්සේට තිබුනෙ නෑ. නමුත් මෙම යහළු දෙනමගේ මිතරත්වය පරණ විදිහටම තිබුනා. පොඞ්ඩක් වත් වෙනස් වුනේ නෑ.

වස් කාලය ගෙවිලා ගියා. මේ දෙනම ඉතාමත් සතුටින් සැවැත් නුවර ජේතවනාරාමය බලා පිටත් වුනා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහුනා. මේ දෙදෙනාගේ වෙනස ඉතාම පැහැදිලිව පෙනෙනවා. එක නමකගේ මුහුණ ඉතාමත්ම රබෝධමත්. රසන්නයි. ඉරියව් ශාන්තයි. පැවැත්ම සංවරයි. අතපය හසුරුවන්නෙ ඉතාම සිහියෙන් යුක්තවයි. කිසිම කලබලයක් නෑ. අනිත් නමට හරිම මහන්සියි. හරිම කලබලයි. හැම තිස්සෙම වටපිට බලනවා. සිහියෙන් තොරව ඇවිදිනවා. අතපය හසුරුවනවා. බුදුරජාණන් වහන්සේ මේ දෙනම දෙස මහත් ආදරයෙන් බැලුවා. රහතන් වහන්සේ තමන්ගේ පැවිදි ජීවිතය ජයගත් ආකාරය පැහැදිලි කළා. අලස වූ ස්වාමීන් වහන්සේ කරබාගෙන නිශ්ශබ්දව සිටියා.
එවේලෙහි බුදුරජාණන් වහන්සේ මෙම ගාථාව වදාළා.

9. අප්පමත්තෝ පමත්තේසුසුත්තේසු බහුජාගරෝ
අබලස්සං සීඝස්සෝහිත්වා යාති සුමේධසෝ

රමාද වූ මිනිසුන් මැදනොපමාවෙන් සිටින කෙනා
බොහො නිදනා මිනිසුන් මැදනොනිඳා වෙර වඩන කෙනා
මහ නුවණැති මිනිසාලොවම ජය ගනී එනිසා
දුරුවල අසු පරදවනාජවයෙන් යුතු අසු ලෙසිනා

මොහොතක් සිතා බලන්න. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී පවා කාලය නාස්ති කරපු අය කොයිතරම් සිටින්ට ඇද්ද? කාලය නාස්ති කිරීමේදී ගැන කිසිම බයක් නෑ. කම්පාවකුත් නෑ. සමහර දරුවන් සිටිනවා සෙල්ලමෙන්ම කල්ගත කරනවා. ටීවී බලමින් කල්ගත කරනවා. පරිගණක රීඩා කරමින් කල්ගත කරනවා. එහෙම නැත්නම් යහළුවන් සමඟ විහිළු කර කර කල්ගත කරනවා. ජීවිතය ගෙවිලා යනවා හරිම වේගයෙන්. අන්තිමේදි විභාගය ළං වූ විට තැති ගන්නවා. කම්පා වෙනවා. බය වෙනවා. දුක් වෙනවා. සිතෙන් දුර්වල වෙනවා. පුළුවන් තරම් මගහැර ඉන්න කල්පනා කරනවා. ඒක රමාදය නිසාමයි ඇතිවෙන්නේ. නමුත් සමහර දරුවන් හරිම ඤාණවන්තයි. මොන තරම් යහළුවො සිටියත් මත්තේ නහින්නෙ නෑ. මොන තරම් සෙල්ලම් තිබුනත් පස්සේම දුවන්නෙ නෑ. ඉගෙන ගන්නා කරුණුත් මහත් උත්සාහයකින් යුතුව ඉගෙන ගන්නවා. විවිධ භාෂාවන් ඉගෙන ගන්නවා. විවිධ ශිල්ප ඉගෙන ගන්නවා. විවිධ කුසලතා වර්ධනය කරගන්නවා. තුළින් එයා ඉතාමත්ම ඉහළ මට්ටමට යනවා. පැවිදි ජීවිතය වුනත් එහෙම තමයි. වීරියවන්ත කෙනෙක් විතරයි ජයගන්නෙ.

බුදුරජාණන් වහන්සේ මෙම ගාථාවේ දුර්වල අශ්වයා හැටියට සලකන්නේ කම්මැලි පුද්ගලයාවයි. කම්මැලි පුද්ගලයා කොර ගසමින් යන, කම්මැලි වූ, ඈනුම් අරිමින් සිටින, දුර්වල අශ්වයා වගෙයි. අශ්වයාට රේස් යන්න බැහැ. දුවන්න බැහැ. කොර ගගහ යන්නෙ. මෙවැනි හීන වීරියෙන් යුතු මනුෂ්යයෙක් ඇසුරු කරන්නට ලැබුනොත් වීරියවන්තයාට වුනත් එය බලපානවා. දක්ෂ කෙනෙකුට වුනත් එම දුර්වල පුද්ගලයාගේ ඇසුර බලපානවා. එබදු අය ඇසුරෙන් තමන්ට වුනත් දියුණුව ලබාගන්නට තියෙන අවස්ථාව මගහැරෙන්නට ඉඩ තියෙනවා.

නමුත් ජව සම්පන්න අශ්වයා සුළඟටත් වඩා වේගයෙන් දුවනවා. ඊතලයකටත් වඩා වේගයෙන් පැනගෙන යනවා. වීරියවන්ත මනුෂ්යයා මහා නුවණින් යුතු රඥාවන්තයා ජව සම්පන්න අශ්වයෙක් වගෙයි. ඔහු දුර්වල සියලූ දෙනාම පසුකොට වේගවත් ගමනක යෙදෙනවා. නිහඬ ගමනක යෙදෙනවා. ඔහු තමන්ගේ ඉලක්කය කරා කෙමෙන් කෙමෙන් ළං වෙනවා. ඔහු විවේකය ගන්නෙ ඊට පස්සේ. මෙවැනි වීරියවන්තයන් ඇසුරු කිරීමත් වාසනාවක් නොවේද?

ඔබ සැමට පින්බර වෙසඟක් වේවා! කුසල් සිත් දියුණු වේවා!


3 comments:

  1. බෞද්ධ උපාසිකාවක් ලඟ තිබිය යුතුම බෞද්ධ පොත් පත් මොනවද? නිතර පරිහරනයට සුදුසු? අනේ පොඩ්ඩක් කියාදෙන්නකෝ නැන්දේ..
    කතුවරුන් ගේ නම් එක්ක කියන්න පුලුවන් නම්... බොහෝ පින්..
    මම නිමාෂා..

    ReplyDelete
  2. දුව, බොහොම සරලව ලියාපු පොත් පෙළක් තියෙනවා මහමෙවුනා අසපු සංචිතවල. ඒවායින් ධම්ම පදය හරිම වැදගත්. ඒ පොතේ නිදාන කතාවත් එක්කම තියෙන නිසා වැදගත්. ඒ වාගේම විශ්මිත අවබෝධය නම් වූ පොත නිතර කියවන්න හොදයි. ජාතක කතා පොත් වහන්සේ ගන්න පුළුවන් නැදිමාලෙ බෞද්ධ මධ්‍යස්තානයෙන්. තව බුදුන් වදාල ධර්මය වල්පොල රාහුල හාමුදුරුවන්ගේ , නාඋයනේ අරියධම්ම හිමියන්ගේ, පිටිගල ගුනරතන හිමියන්ගේ පොත් හරිම හොදයි. කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් මුළු ත්‍රිපිටකයම පෙරලා තියෙනවා සරල සිංහලට. මම බොහෝ වෙලාවට ඒවා කියවනවා. සරල නිසා තේරුම් ගන්න පහසුයි. විවිධ අය විවිධ මත දරනවා මේ පොත් ගැන. මම හිතන්නෙ අපිට ධර්මය වැටහෙන ලෙස කියවා තේරුම් ගන්න පුළුවන් නම් ඒ දේවල් පිළිගන්න පුළුවන්නම් , පිළිපදින්න පුළුවන්නම් ඒ ගැනැ ප්‍රශ්ණයක් නෑ කියලයි. තේර ථෙරී ගාතා පොත හරිම ලස්සනයි. නිකෙලෙස් රහතන් වහන්සේලාගේ හිතට දැනෙන සුවය ,සැනසීම මේ වායේ අපූරුවට පෙනෙනවා. රහතුන්ගේ ධම්ම සාකච්චා පොතේ මේ වාගේම ලියවිලා තියෙන්නෙ, හරිම අසිරිමත් මේ ධර්මය. ඔයාට මේ තරුණ වයසේදී මේ ලැබුන ක්ෂණසම්පත්තියෙන් ප්‍රයෝජන ගන්න දුව. තෙරුවන් සරණයි!

    ReplyDelete
  3. අප්‍රමාදීව කුශලයේ යෙදෙමු!
    නැන්දට බොහෝ ම , බොහෝ ම පිං!

    මම නිමාෂා..

    ReplyDelete