බුද්ධගයාවේ අසිරිමත් බුදුපිළිම වහන්සේ!

Saturday, May 11, 2013

බෙස්ට් ලයිෆ් දඹදිව වන්දනා සමඟ - 14 - අසිරිමත් කුසිනාරාව iii

කුසිනාරාවේ සැතපෙන පිළිම වහන්සේ නිර්මාණය කරල තියෙන්නෙ හරිබල කියන භික්ෂූන් වහන්සේ විසින්. ඒ කාලයේ හිටිය පිළිම නෙළීම සදහා නම් දරාපු භික්ෂූන් වහන්සේ නමක්.

කුසිනාරාවට යන ඔබට ජපන් ශ්‍රී ලංකා විහාරයේ නවාතැන් ගන්න පුළුවනි. එහි වැඩ වාසය කරන භික්ෂූන් වහන්සෙලා විසින් ඔබට අවශ්‍යය වන්දනා කටයුතුත්, පහසුකමුත් සලසනු ඇත. ඉතාම පිරිසිදු පන්සලක් බව මතක් කරමි. පහසුකම් අතින් ද  , අනූනයි. මෙහි වැඩ වාසය කරන අස්සජි ස්වාමීන් වහන්සේ අපට අනුසාසනා කලේ මෙත් සිතින්.

බුදුන් උපන් දේශයේ  උපන්නත් කල කම් පල දෙන හැටි. මේ මනුස්සයා දෙස බලන කල මේ තරම් පින් බිමක ඉපදිලාත් උපන් හැටි කියල හිතුනෙ. තවමත් මිත්‍යාවෙන් බර වෙච්ච ඉන්දියානුවන් බහුතරයක් අවලස්සනයි, විරූපියි. මේ දනක් පිනක් කර නොගෙන මිත්යා විශ්වාස වල එල්ලී ඉන්නා නිසාමයි නේද කියල යි මට හිතෙන්නෙ. 




මේ වේදිකාව මත තමා බුදු හිමියන්ගේ ශ්‍රී දේහය තබා තිබුනා කියා කියන්නෙ. දෙවියන් විසින් මදාරා, පරසතු ආදී කුසුම් තබා සුවඳ පැනින් නහවා දේහයට ගෞරව දැක්වූ බව පොත පතෙහි සඳහන් වේ.




අපගේ කල්‍යාණමිත්‍ර ඇල්ලේ කුසලඤාණ ස්වාමීන් වහන්සේ නොසිතූ ලෙස කුසිනාරාවේදී හමු වුණා. කලින්දා රාත්‍රියේ අජිත් මහතා සමඟින් මම ඒ ස්වාමීන් වහන්සේ,  අපගේ ව්‍යාපාර කඩාකප්පල් වී අප මනසින් බොහෝ ඇදවැටී ඉන්නා අවස්ථාවක ධර්ම මාර්ගයෙන් ම අපට එයින් මිදෙන්නට දුන් වටිනා අවවාද සිහිකරමින් කතා බස් කලා. හරිම  පුදුමයි, මට පසුදා උදෑසන ස්වාමීන් වහන්සේ ජර්මනියේ සිට කුසිනාරාවට වැඩම කොට තිබුනා. කාලෙකින් දැක්කත් මහත්තයා හා මාගේ දරු තිදෙනාම ගැන තොරතුරු විමසීමට තරම් ඒ ස්වාමීන් වහන්සේ කාරුණික වුණා.
ඒ ස්වාමීන්වහන්සේ දුන් අවවාද අපට නොලැබුනා නම් අප අපේ ආයතනය වසා දමා බොහෝ කල්. අදටත් කොපමණ ප්‍රශ්ණ තිබුනත් අප ඒවාට මුහුණ දෙන්නේ උන්වහන්සේ ලබා දුන් චිත්ත  ධෛර්යයෙන්. අපි නිතරම පින් පෙත් දෙනවා ස්වාමීන් වහන්සේට අපහට මඟ පෙන්වා දීම පිළිබඳව.  ස්වාමීන් වහන්සේ දැකීම මට මහත් සතුටක් ගෙන දුන්නා.


මල්ල රජ දරුවන් විසින් තනවන ලද මේ ස්ථූපය  බු. වර්ෂ 5 - 6 වර්ෂ වල මුල්ම චෛත්‍ය සාදන ලදී.



මේ 'මකුඨ බන්ධන ස්තූපය' හෙවත් ආදාහන චෛත්‍යයයි. මල්ලව රජ දරුවන් අභිෂේක කල මෙම ස්ථානය පසුව බුදු හිමියන්ගේ ආදාහන පූජෝත්සවය සඳහා වෙන් කොට පූජා කරන ලදී.  අද මේ දක්නට ලැබෙන ස්තූපය බුදු හිමියන්ගේ ආදාහන පූජෝත්සවයෙන් බු.ව. පහකට හයකට පසුව ඉඳිකරන්නට ඇතැයි විශ්වාස කෙර්. අශෝක රාජ සමයේ පිළිසකර කර ඊටත් පසු කාලෙක කුමාර ගුප්ත රාජ සමයේ  හුනු වැලි ගඩොල් යොදා ශක්තිමත් කල බව බෞද්ධ ඉතිහාස කථාවල සඳහන් වේ.  බුදු හිමියන්ගේ  ආදාහන  ස්ථානයේ අඟුරු ආදිය තැන්පත් කර සෑදූ නිසා අංගාර හෙවත් අඟුරු සෑය නම් වේ. මකුඨ බන්ධන නම් ස්ථානයේ සෑදූ නිසා මකුඨ බන්ධන නම්වේ.  නමුත් ප්‍රදේශ වාසීන් "රාම්භාඩා" නමින් ව්‍යවහාර කරයි.





 මේ ස්ථනයේ කුඩා ස්ථූප අටක් දකින්ට ලැබේ.මෙම ස්ථුප අටෙන් පැහැදිළි වන්නේ දෝණ බමුණා විසින් ධාතූන් වහන්සේලා  අට කොටසකට වෙන් කොට බෙදා දුන් ස්ථානය අනුස්මරණය කිරීම උදෙසා නිර්මාණය වූ වගයි. මෙම ස්ථානය හිරන්‍යවතී නදිය අසල මනරම් දර්ශනීය ස්ථානයක පිහිටා ඇත.







අජිත් මහත්තයා බුදුන් වහන්සේ ගේ පිරිනිවීම ගැන විස්තර කරත්දි කඳුලක් නොහෙළු කෙනෙක් නැති තරම්.  හරිම සංවේගයක් ඇති උනා ඒ වෙලාවෙ. අවාසානයට පැන් වැළඳූ ස්ථානයට ත් ඒ කියන්නෙ කුකුන්තා නදියටත් අපි ගියා.  ඒ ස්ථානයේ තමයි මාතා කුවෙර පිළිමය තියෙන්නෙ. 
මගේ කැමරාවට, හා සඳරු පුතාට  පින් සිද්ධ වෙන්න ඔයාලට මේ දර්ශන මට ගේන්න පුළුවන් උනා. දැන් ගමනේ අතර මඟ විස්තර වැඩිය ලියන්නෙ නෑ. මේ විස්තර වඩා වැදගත් කියල හිතෙන නිසා.

කුසිනාරාව හරිම සුන්දර උද්‍යානයක්. විශාල භූමි ප්‍රදේශයක්  මේ උද්‍යානයට අයත් වෙනවා. ඉන්දීය රජය මේ ස්ථානය නම් ලස්සනට තියාගෙන ඉන්නවා. ඇත්තටම මන්ස්කාන්තයි, පිරිසිදුයි.



අපි කුසිනාරාවෙන් පිටත් උනේ විශාලා මහ නුවරට.  ලබන සැරේ වෛශාලියේ විසිතුරු. 

11 comments:

  1. හිත පිරෙන්න වැඳගත්ත එක කොච්චර දෙයක්ද?
    නැන්දේ ඔයා ගොඩක් පින්වන්තයි..
    ඔබ මේ කරගන්න කුශල කර්මයෙන් ඔබ පතනා ආකාරයෙන් නිර්වාන සම්පත්තිය අවබෝධ වේවා!
    අනේ මට දඹදිව ගිහින් එක දවසක් හරි දස සිල් ගන්න පුලුවන්නම්...

    මම නිමාශා

    ReplyDelete
    Replies
    1. නිමාශා දුව ඔයාට යන්න පුළුවන් වෙයි නුදුරු අනාගතයේදී. ඒකට දැන්ම ඉඳලා සකසුරුවමින් එකතු කරන්න. දඹදිව සිල්සමාදන් වෙන්න මගෙත් හීනයක් තිබුනා. හැබැයි අපි ගිය විදිහ හරි නෑ. නඩයක් එක්ක යනකොට ඒකට අනුගත වෙන්න වෙනවා. අපි ඉදිරියේ දී නිදහසේ යන්න බලාපොරොත්තු වෙනවා. එහෙම ගිහාම අපිට ඕනෙ විදිහකට සිල්සමාදන් වෙන්න පුළුවන්. අපි සිල් සමාදන් වෙලත් ඇවිද්දා. මම ඒකට කැමති නෑ. ශීලය හරියට ආරක්ශා වෙන්නෙ නෑ එතකොට.

      Delete
  2. චන්දි අක්කේ බොහොම පිං මෙවැනි බොදු තොරතුරු ගෙන එනවට. දැන් නම් දඹදිව යනවා කියන එකත් සල්ලිකාරයන්ටම ගිහින් ඉවරයි. මොකද චෙන්නායි පැත්තෙන් යන්න කරදරයි නේ. දිල්ලි හිහින් යනවා කියන්නේ වියදම තුන්ගුණයක් විතර වෙනවා.. මගේ පෙර පිණකට මට මේ ඉසව්වල සැරි සරන්න අවස්ථාව ලැබුණා

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත පමණට වඩා මුදලක් ඒ අය ගන්නවා කියල තමයි හිතන්නෙ. හැම පහසුකමක්ම දෙනවා කියලා බොහෝ අය වංචා කරනවා. අපි ගිය ආයතනය කියන්න ඒ තරම්ම වරදක් නෑ. පොඩි පොඩි අඩුපාඩු හදාගත්තානම් ඒ අය හොඳටම හොඳයි.

      Delete
  3. වෙනදා වගේම බොහොම පිං චාන්දි නැන්දේ මේ වටිනා විස්තරයට....

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ගොඩාක් පිං දුව. මම හරිම ආසාවෙන් අර යශෝදරා ගැන කියෙව්වෙ. ඔයාගේ හැඟීම් සුන්දරයි.

      Delete
  4. ඔය තියන දාගැබ් වල එකක වත් හතරැස් කොටුවෙන් ඉහල කොටස් දකින්න නැති වෙන්න හේතුව මොකක් ද ? මුල් කාලයේ දී හදල තියන්නේ එහෙම ද.. නැත්නම් තිබිල විනාශ වෙලා ද.. ? ඒ ගැන නැද්ද මොකුත් විස්තර වල සඳහන් වෙන්නේ.. ?

    ඇත්තට ම මේ පින්තූර දැක්කමත් පේනවා මේ ප්‍රදේශයේ සුන්දර බව.

    මේ කරුණු බෙදා දෙනවා ට අක්කට පින් සිදු වේවා...!

    ReplyDelete
    Replies
    1. ඒක ගැන හරියටම කියන්න දන්නේ නෑ චන්දන මල්ලී. බොහෝ විට පොත් වල විස්තර වෙන්නෙ ඒවා මෝගල් අධිරාජ්‍ය කාලේ කඩා බිඳ දැමූ බවයි. විස්තර දැන ගත්තොත් කියන්නම්. එක එක රටවල චෛත්‍යය සාදා තිබෙන හැටිත් වෙනස් කියල මම කියවලා තියෙන්නෙ. ඒ එක එක සම්ප්‍රදායන් වෙනස් නිසා. ප්‍රදේශය හරිම සුන්දරයි.

      Delete
  5. චාන්දිගේ පියුම් විලෙන් මුළු දඹදිව්තලයම මෙනෙහි කරමින් සිතින් වැඳ පුදාගන්නවා වගේ පහන් හැඟීමක් තමයි හිතට එබෙන්නේ

    ReplyDelete
    Replies
    1. දයා මල්ලි, අපමන සතුටක් මෙහෙම අහන්න ලැබෙන එක මට. ස්තූතියි!

      Delete
  6. adath visala pinak akka ras kara gaththa.keneku watunu wita manasa sanasana wadanak keneku wisin kiyanawa nam mahath uthum karyak eka.

    ReplyDelete