Friday, May 3, 2013

බෙස්ට් ලයිෆ් දඹදිව වන්දනා සමඟ - 13 - අසිරිමත් කුසිනාරාව ii






චුන්ද කුමාර පුත්‍රයන් ගේ දානයෙන් පසුව බුදුන් වහන්සේ ගේ ධ්‍යාන බලයෙන් යටපත්කරගෙන තිබූ ලෝහිත පක්ඛන්දික නැමති රෝගය උත්සන්න විය. ගමන් මඟ අතර තුර දැඩිව පිපාසය දැනුන හෙයින් ආනන්ද හිමියන් අමතා පැන් ස්වල්පයක් රැගෙන එන ලෙස දැන්වූහ. අසල කිසිම තැනක ජලය නොතිබුන හෙයින් තරමක් ඈතින් ගලා යන කුකුන්තා නදිය වෙත ඉක්මනින් වැඩම කළහ. ඒ මොහොතේ නදියේ ජලය බොර පැහැති විය. ගැල් පන්සීයයක් ඒ මතින් ගමන් කොට තිබුණි.



ආනන්ද හිමියන් ආපසු පැන් රහිතව වැඩම කළහ. දෙවන වරටද පැන් ගෙන ඒම සඳහා ගියද ජලය එම පැහැයෙන්ම යුක්ත විය. බුදු හිමියන්ට පිපාසය තදින්ම දැනුනි. දැඩි පිපාසය බව යළිත් ආනන්ද හිමියන්ට දැන්වූ පසුව තෙවනවරට ද ආනන්ද හිමියන් පැන් ගෙන ඒම සඳහා කුකුන්තා නදියට වැඩම කළහ. පුදුමයකි ජලය පළිඟුවක් මෙන් පෑදී තිබුණි. අප්‍රමාණ සතුටට පත්වූ ආනන්ද තෙරුන් පැන් රැගෙන බුදුන් වහන්සේ වෙත ගොස් මහත් වූ ගෞරවයෙන් පැන් පිළිගැන්වූහ.පැන් පානය කර මද වේලාවකින් බුදුන් වහන්සේ ආපසු කුකුන්තා නදිය වෙත වැඩම කොට පිරිසිදු ජලය ස්නානය කොට පා ගමනින්ම කුසිනාරාව වෙත වැඩම කළහ.



උපවර්තන සල් උයනට නුදුරු ස්ථානයක ට ලඟා වූ අප භාග්‍යවතුන් වහන්සේ දැඩිවූ වෙහෙස නිසා යළිත් ගිමන් හරින්නට වූහ. ලොව ඉපදෙන සියළුම සත්වයින් රෝගාබාධ වලට ගොදුරු වන බව වදාළ සේක. තමන් වහන්සේටද මේ දේ පොදු බවද සිහිකරමින් ධරමය දේශනා කළ සේක. 


මේ ස්ථානය දැනුදු "මාතා කුවර " නමින් හැඳින් වෙයි.





මෙම බුදු පිළිමය  භූමි ස්පර්ෂ මුද්‍රාව පිළිඹිබු කරන එකක් වෙයි. ඒ දෙස සැලකිල්ලෙන් බලා සිටින විට බුදුන් වහන්සේ ගේ අසනීප වූ ආකාරය පැහැදිළිවම දකින්නට හැකි වෙයි.




 කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවර්ථන නම් සල් උයනේ සාල වෘක්ෂ   දෙකක් අතර සැකසූ ආසනය මත වැඩ හිඳිමින් පුරා වසර හතලිස් පහක් මුලු ලොවම ආලෝකවත් කරමින් පැවැත්වූ මහා සිහනාදය මෙම අවසාන බුද්ධ වචනය ලෙස  (  " මහණෙනි, සියළු සංස්කාර ධර්මයන් අනිත්‍යයයි. නොපමාව නිවන් මග අවබෝධ කර ගන්න" ) සනාථ කරමින්  අප තථාගතයන් වහන්සේ පිරිනිවන් පා වදාල සේක. 




බුදුන් වහන්සේ ගේ පරිනිර්වාණය අනුස්මරණය කරනු වස් පස්වෙනි සියවසේදී මහා පරිනිර්වාණ මහා විහාරය ඉඳිකරනු ලැබ ඇත. මේ විහාරයේ ඇති සැතපෙන පිළිමය ගුප්ත යුගයේ සිටි පිළිම නෙලීම පිළිබඳව නම් දරා සිටි "හරිබල" නැමති විස්මිත කලා කරුවා විසින් නිර්මාණය කර ඇත. මාතුරා නුවරින් ගෙන්වන ලැබූ රක්ත වර්ණ පාෂාන වර්ගයකින් පිළිමය නෙලා රන් ආලේප කර ඇත. 




සියළු සංස්කාර ධර්මයන් අනිත්‍ය බව වටහා ගැනීමටත්, ධර්ම සංවේගය ඇතිවන ස්ථානයක් වු මෙම ශෛලමය බුදු පිළිමය දෙස මනා සැලකිල්ලෙන් බලා සිටිනා කෙනෙකුට එම පිළිමය ත්‍රිවිධාකාරයෙන් දිස් වේ.



1. බුද්ධ ප්‍රතිමාවේ මුහුණට කෙලින් බලා සිටින විට බුදුරජාණන් වහන්සේ ඉමහත් ප්‍රීති සුවයෙන් වැඩ සිටිනා ලෙස දිවෙයි.



2. පිළිමයේ මැද කොටස දෙස කෙලින් බලා සිටින විට උන්වහන්සේ රෝගාතුරව වැඩ සිටිනා බව පෙනේ.



3.ශ්‍රී පතුල දෙසින් බලනා කල දිස්වන්නේ උන්වහන්සේ කිසිම අපහසු තත්වයකට මුහුණ නොදී මහත් සුවයෙන් පිරිනිවන් පා ඇති බවයි.











ඉහත දැක්වූ ආකාරයෙන් නිමවූ ලෝකයේ එකම ප්‍රතිමාව මෙය බව පුරා විද්‍යාඥයන්ගේ මතයයි. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් අනූනව නිර්මාණය කෙරුණු මේ අසිරිමත් බුදුරුවේ දිග අඩි 21 කි.


දෙපා වෙහෙසීම නිසා මදක් ඉදිමී තිබුන බැවින් ආනන්ද ස්වාමීන් වහන්සේ සිනිදු කොට්ටයක් ඒ අතර තැබූ බවත් ඒ වෙනුවට මේ විස්මිත කලා කරුවා විසින් බුදුරජාණන් වහන්සේට උපහාර පිණිස නෙළුම් මලක් තබා ඇත. මෙම පිලිම වහන්සේට පහළින් ආනන්ද හිමියන්ගේ පිළිරුවත්, අවසාන ශ්‍රාවක වූ සුබද්‍ර තෙරුන්වහන්සේ  හා ශීර්ෂය පෙදෙසින් බුදුහිමි වියොවින් වැලපෙන දබ්බ මල්ලිකාවන්ගේ පිළිමයත් දැකිය හැකියි. 



සර්වඥ ධාතු තැන්පත් කල චෛත්‍යය :- 







 මෙය ප්‍රධාන මැදුරට පිටුපසින් පිහිටා ඇත.  මල්ලව රජ දරුවන් විසින් නිර්මාණය කරන ලද මෙම චෛත්‍යය පසු කාලෙකදී අශෝක මහ රජ තුමා විසින් වැලි බදාම යොදා ශක්තිමත්ව තන











න ලදී. 






හැමෝම වඳින්නෙ මෙහෙම හිස තබාගෙන තමයි. ඒ වෙලාවට ඇතිවෙන්නෙ පුදුම හැඟීමක්. බොහොම සංවේදී හැඟීමක්. නෙත කඳුලෙන් පිරුන අවස්ථා එමටයි. අනේ අපි කොහේ හිටියාද? මේ සසර ගමනේ. ඇයි? මාරයා ආනන්ද ස්වාමීන් වහන්සේව ආවරණය කලේ ආයු සංස්කාර කරත්දි?  ඒ වාගෙ දේවල්  ම

ක්  වෙන කොට හරිම සංවේදී වෙනවා.





මේ පිරිනිවන් පා වදාල ස්ථනයයි. මල්ල රජ දරුවන් විසින් තනවා පසු කාලෙකදී ගඩොලින් බඳවා විශාල චෛත්‍යයක් කරවා අශෝක රජතුමා සංරක්ශනය කර ඇත. පසු කාලෙකදී මෝගල් පාලන සමයේදී විනාශ වී ඇත.

මේ ටිකේ හරිම අවිවේකියි. ඒ උනත් ලියාගෙන ආව ටික ඉවර කරන්නට ඕනෙ නේ.

ඉදිරියේ දී සල් උයනේ තවත් විස්තර ඔබට දැකගත හැකිවේවි. සැමට තෙරුවන් සරණයි!.

6 comments:

  1. සාදු සාදු. වැදගත් විස්තර කීපයක්ම දැනගන්න ලැබුණා :)

    ReplyDelete
    Replies
    1. ගොඩාක් පිං හසිත ඔබටත්. ස්තූතියි ! මේ සටහන් කියවනවාට.

      Delete
  2. අපේ අම්මත් කිව්වා මෙතැනදී හරිම සංවේදී හැගීමක් ඇති වෙනවලු. නොදැනුවත්වම දෑස් කදුළින් තෙත් වුනාලු....

    නොදන්නා දේවල් කීපයක්ම දැන ගත්තා.... බොහොම පිං නැන්දට....

    ReplyDelete
    Replies
    1. ඔබටත් බොහෝ පිං අත් වේවි දුව. මට හරිම සතුටක් ඔයා වාගේ කෙනෙක් දැන්ම ඉදලා ධර්මයේ හැසිරෙන එක. යශෝදරාවක් වන්නට තිබුනා ..... හරිම සුන්දර පැතුමක්. හැම යුවතියකගේම පැතුම විය යුත්තේ එයයි. අවාසනාවට දැන් එහෙම අය බොහොම අඩුයි.

      Delete
  3. අසා නොතිබුණු කරුණු හුඟක් දැන ගන්න ලැබුනා. අක්කට පින්..

    ReplyDelete
    Replies
    1. ඔබටත් බොහෝ පිං! අත් වේවි චන්දන. අර කතාපෙල ලස්සනයි. හැම තැනම කුතුහලයෙන් පිරිල නිසා රූපවාහිනී කතා මාලාවකට නම් මරු. හිතල බලන්න ඒ ගැන.

      Delete

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...