Tuesday, March 26, 2013

කිඹුල්වතේ විසිතුරු.

අද මැදින් පොහෝ දිනයයි. අද වාගේ දවසක තමයි අපගේ සම්මා සම්බුදු පියාණන් තම උපන් ගම් පියසට විසි දහසක් මහ රහතන්වහන්සේලා පිරිවරාගෙන සැට දහසක් යොදුන් මග ගෙවා රජගහ නුවර සිට කිඹුල්වතට වැඩම කලේ. ශාක්‍යයන් ගේ මානය දුරුකිරීමට යමා මහ පෙළහර පෑවේත්, යශොදරාවට සඳකිදුරු දාව දේශනා කලේත්, නන්ද කුමරුට ධර්ම දායාදය ලබා දුන්නේත්, සුදොවුන් රජ තුමා ඇතුළු තම ඤාතී වර්ගයාට ධර්ම දායාදය ලබාදී සතර වර්ගයාම සසර කතරින් එතෙර කරන්නට කටයුතු කලේත් මේ උතුම් පොහෝ දිනයේ දීය. 





රජ මාළිඟවේ ළිඳ.





මාළිඟාවේ අද දකින්නට ඇති නටබුන්.




නේපාල ජාතික අපට මඟ පෙන්වූ භික්ෂූන් වහන්සේ වැඩ වාසය කරන මහින්ද විහාරයයි මේ. මේ විඅහාරයේ දෙමහල් විශ්‍රාම ශාලාවක් ඇත. ඒ වාගේම පැන් පහසුව හා අනෙකුත් කෘත්යන් ඉටුකරගැනීමට පහසුව සලසා ඇත. ඉතාම දුෂ්කර ප්‍රදේශයක තුබුනත් ඔබේ පහසුව සඳහා අවශ්‍යය  සියල්ලම මේ විහාරයේ දක්නට තිබේ. පිරිසිදු තාවය ඉතා ඉහල මට්ටමක තිබුනා. තායි බුද්ධ ප්‍රතිමාවකින් විහාරය අලංකාර වී තිබුනා. එහි වැඩ වාසය කරනා ජිනරතන හිමියන් මේ ප්‍රදේශය ගැන වැඩි විස්තර ඔබට කාරුණිකව සපයනු ඇත. 


17 comments:

  1. අර ළිදෙන් තාම වතුර ගන්නවද?

    වෙනදා වගේම වටිනා ලිපියක් නැන්දේ. ඔබට පිං!

    ReplyDelete
    Replies
    1. ඔව් සමනළී තාම වතුර ගන්නවා. එතන බාල්දියක් තියෙනව කඹයක් එක්ක. අවශ්‍ය කෙනෙක්ට වතුර ගන්න. වතුර හරිම පිරිසිදුයි වගේ පෙනුනෙ. ස්තූතියි! මේ පැත්තෙ ආවට.

      Delete
  2. කොහේද අක්කා ගිහිං හිටියේ.පාළුවට ගිහින් තිබුණේ මේ පැත්ත. තෙරුවන් සරණයි!

    ReplyDelete
    Replies
    1. ගයනි, මම පෙර කල කර්මයක් පළදෙන්නද මන්දා, මේ ටිකේ අසනීප. එකක් ඉවර වෙනකොට එකක්. පහුගිය මාසෙම එක එක ටෙස්ට්. දැන් අවදානම යාන්තම් ඉවරයි. පිළිකාවක් කියන සැකයට මාව හැම තැනම ඇවිද්දෙව්වා. මොනවා කරන්නද? එන විදිහට මුහුන දෙනවා. ධර්මයම තමා රැකවරණය.

      Delete
  3. අර ළිඳනම් පොළොන්නරුවෙ පුරාවස්තු අතර හමුවෙන ළිං වගේමයි චාන්දි අක්කා. ඔන්න ගොඩ කාලෙකින් නිවාඩුවෙ ගමනක් යන්න බැරුව ඉන්න මට සේරම අතෑරලා දමල ගමනක් යන්න හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ගමනක් යන්න ඔයාලට ඒ තරම් අපහසුවක් නෑ මා හිතන්නෙ. තාම එහෙම යන්න පුළුවන්නෙ නංගි. පොළොන්නරුවෙ ළිං වාගේම තමා. ස්තුතියි මේ පැත්තෙ ආවට. මට පිළිතුරු ලියන්න පමා උනාට සමාවෙන්ට කට්ටියම.

      Delete
  4. ඇත්තෙන්ම මහා භාරතයේ කපිලවස්තු පුරය මේ තැනිතලා බිම් කොයිතරම් දිග ඉතිහාසයක් සගවා තබාගෙන තනිවම විඳිනවා ඇත්දැයි සිතෙනවා මේ පිංතූර ටික දැක්කාම.

    මැදින් පුර පොහෝ දිනයේ මේ උතුම් සටහනම පිනක්.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත දයානන්ද මල්ලී. අදටත් කපිලවස්තුවේ සමහර තැන් සොයා ගෙන නෑ. කාලයේ වැලිතලාවෙන් වැහිලා ඒවා මේ තැනිතලාවේ සැඟවී ඇති. ඉතාම කුඩා
      විහාරයක සිට මේ දේවල් ආරක්ෂා කරන්නෙ ලාංකීය ස්වාමීන්වහන්සේලායි. හරිම දුශ්කර ජීවිතයක් ගෙවමින්. ඒ ස්වාමීන්වහන්සේලාට අපි නය ගැතිවිය යුතුයි.

      Delete
  5. අක්කට බොහෝම පිං මේ විස්තර අප හට දැනගන්න සලස්වනවාට.

    අක්කාගේ සුව-දුක් විමසා මේලයක් එවීමට සිතාසිටියත් නොදැනුවත්වම එය අත පසුවෙලා. මා සිතනවා දලදා සමිදු පිහිටෙන් ශල්‍ය කර්මය සාර්ථකව, සියලු අසනීප තත්ත්වයන් සුවවී ඇතැයි කියා.

    ReplyDelete
    Replies
    1. අනේ මල්ලී ඒකට කමක් නෑ. මාත් හරිම අවිවේකී කාලයක් ගෙව්වා. ජීවිතේ හැම දෙයටම මුහුන දෙන්න එපායැ. මට ගර්භාශයේ පිළිකාවක් කියා අනුමාන කරමින් හැම තැනම පහුගිය මාසයම විවිධ පරීක්ෂන කලා. ඒවා යේ ප්‍රතිඵල නෙගටිව්. ඉතින් බිය යුතු නෑ කියල කියනවා. තාම ඔපරේෂන් එක කලේ නෑ. එයාලා දිනයක් දෙනකල් බලා ඉන්නවා. කොහොම උනත් ධරමයේම පිහිට ආරක්ෂාව මට ලැබුන බව මම විශ්වාස කරනවා. හැම කෙනෙක්ම එහෙම කියත්දි නොසැලී ඉන්න මට හැකි උනේ ඒ ආනුභාවයෙන්ම තමයි. එහෙම උනත් මා සැලෙන්නේ නෑ. මගේ ජීවිතේදී ගොඩක් පින් කරගත්තා, කුසල් රැස්කලා, දරුවන්ගෙන් අපමන සෙනෙහස ලැබුවා, බිරිඳකට ලබන්නට පුළුවන් ඉතාම විරල ගනයේ හොඳ ස්වාමියෙකු ලැබුනා , යහපත් දෙමාපියන් දෙපාර්ශවයෙන්ම ලැබුනා. ආදරණීය සහෝදර සහෝදරියන් ලැබුනා. ආශ්‍රය කරන්නට කල්‍යාන මිත්‍රයන් ලැබුනා. බොහෝ සැප වින්දා. තව මොනවද මට ලබන්න තියෙන්නෙ? බොහොම ස්තූතියි ! මා ගැන සොයාබැලුවාට මල්ලී. ඔබට ජයම පතනවා.

      Delete
    2. බොහෝම සතුටට කාරණයක් අක්කා ටෙස්ට් එක නෙගෙටිව් වීම. අක්කා වගේ පිං කරන කෙනෙකුට එය එසේම වියයුතුයි. ධරමයේම පිහිට ආරක්ෂාව අක්කාට අනිවාර්යයෙන්ම ලැබෙනවා අක්කා!.
      අක්කාට සියලු දෙවි පිහිටෙන් ඉක්මන් සුව ප්‍රාර්ථනය කරනවා.

      Delete
  6. කියල වැඩක් නැහැ මේ වගේ විස්තර අපිට කියල දෙනවට නැන්දට පින්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, කෝරලේ මහත්තයෝ.

      Delete
  7. අක්කා ටික කාලෙකට පස්සේ..? මේ විස්තර වල බෙදා දෙනවට පින් සිදු වේවා..!

    ReplyDelete
    Replies
    1. ආ අර උඩින්ම තියන පොකුණ මොකක් ද..? මේ පින්තූර හැම එකක්ම වගේ බලද්දී මං දැකපු දෙයක් තමයි මේ ප්‍රදේශය විශාල තැනි තලාවක් විදිහට පෙනෙන එක. කඳු එහෙම අඩුයි ද ඒ පැත්තේ..?

      Delete
    2. උඩ කමෙන්ටු වලින් බලාගන්නකො මල්ලී මගේ ප්‍රමාදය. පොකුණ ඒ අසල තිබුන නෙළුම් පොකුනක්. කඳු නම් වැඩිය තිබුනේ නෑ , රජගහ නුවර තමා කඳු තිබුනේ. මෙහේ යත්දි නම් කිව්වා ඈතින් හිමාලය පෙනේවි කියලා, ඒ උනාට අපි නම් දැක්කෙ නෑ. පැහැදිලි දිනවල දී පෙනෙන බවයි කීවෙ. චන්දන මේ හරියේ තාම හරියට කැනීම් කරලා නෑ. හුඟක් දේවල් තාම අභිරහස්. සිදුහත් කුමාරයා මාළිගාවෙන් පිට උන දොරටුව දැන් හඳුනා ගෙන තියෙනවා. විශාල ප්‍රදේශයක මේ මාළිගා පැතිර තියෙනවා.

      Delete
    3. ප්‍රමාදයට හේතුව දැක්කා. නිරෝගී සුවය පතනවා..!

      Delete

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...