Monday, February 25, 2013

කිඹුල්වත් පුර අතර මග - දුර්ගා පූජාව




අද ලියන්නේ වෙනස්ම දෙයක් අපි කිඹුල්වත් පුරේ යන අවස්ථාවේ මහ මඟදී දුර්ගා මෑණියන්ට ඉන්දියානුවන් පවත්වන පූජාව පවත්වන දිනයයි. මගතොටදී නොයෙක් ප්‍රමාද වීම් උනේ නම් මේ පූජාව නිසා. පැය ගානක් එකම තැන බලා ඉන්න උනා මේ කට්ටියගෙ නැටුම් ගැයුම් ඉවර වෙනකල්. 












බොහොම භක්තියෙන් පැය ගනන් නටනවා. එකම ගීත හැම තැනම ඇහුනේ. ටිකක් වෙලා බලාගෙන ඉන්නකොට මටනම් හිතුනේ කඳ කපාපු පනුවො නලියනවා වාගේම තමා.  එකම විදිහට එකම තාලෙට පැයගානක් නටමින් යනවා. පාරවල් වල ඉන්න අය හෝන් එකක් වත් ගහන්නෙ නෑ. ඒ අයට ඉඩ දීල ඉන්නවා මේ පූජාව ඉවර වෙන කල්ම.






 අවසානේ දුර්ගා මෑණියන් ව ජලයෙන් නහවා පූජාව ඉවර කරන්නෙ.





මේ වාගේ දේවල් බුද්ධ කාලෙත් තිබුනා. අද වාගේ දවසක අප බොහොම ආදරෙන් සිහිපත් කරන සැරියුත් මුගලන් දෙනම මේ වාගේ නාට්‍ය සංදර්ශනයකට ගිහින් තමයි ඒ ගැන කලකිරී  අස්සජී තෙරුන් හමුවේ දහම් අසා බුද්ධ සාසනයේ පැවිද්ද ලැබූවේ. මේ දෙන්නාටම හිතුනා මේක නෙවෙයි ජීවිතේ, මීට වඩා දෙයක් තියෙනවා කියල. කොච්චර ආශ්චර්‍ය මත් ද? මේ සඳහා මහමගදී හමුවූ අස්සජී තෙරුන්ගෙන් අසනා ලද දහම් පද භාගෙට පවසත්දීම සෝවාන් වුන උපතිස්ස පරිභ්‍රාජකයා තම යහළුවාව සොයාගොස් මේ ධර්මය පවසනවා. ඊට පස්සෙ උපතිස්ස, කෝලිත ත් සමඟින් වේළුවනාරාමයට බුදුන් දකින්න එනවා.  මේ අවස්ථාවේදී බුදුන් වහන්සේ මේ එන්නේ මාගේ සාසනයේ අග්‍ර ශ්‍රාවක දෙනමයි කියා පවසා සිටියා.  

මේ උතුම් රහතන් වහන්සේලා දෙනම බුදු සසුනේ අග්‍ර ශ්‍රාවක දෙනම ලෙස තනතුරු ලබන්නේ අද වැනි උතුම් පොහෝ දිනකයි.



 මේ ටිකේ මදක් අසනීපෙන් ඉන්නෙ. ඒ නිසා අද සිල් සමාදන් උනෙත් ගෙදර ඉඳල. වෙනදා වාගෙ මගෙ සටහන් අද දමන්න වෙන්නෙ නෑ. ඒ ගැන සමාවෙන්ට ඕනෙ. ඉක්මනින්ම ඒවා ටික දමන්නම්. මේක කලින් ලියා තිබූ නිසා අද දමන්න සිදු උනා. සැමට තෙරුවන් සරණයි!

18 comments:

  1. ඔය ගැන අහල නම් තිබුන. දැකල තිබුනේ නෑ.

    අක්කගේ අසනීප තත්ත්වය ඉක්මණින් සුව වෙන්න කියා පතනවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ! මල්ලි. ආයෙත් ඉතින් වෛද්‍ය පරීක්ෂණ. කාලෙ ඉවරයි ඒවට. ශල්‍යකර්මයකට යන්න වෙලා. තාම දිනයක් දුන්නෙ නෑ. මේ ටිකේ සමාවෙලා ඉන්ට. ආයෙ ඉවර ඇතිවිටෙක ලියන්නම්. මද සුවෙන් ඉන්නවා.

      Delete
  2. අක්කගේ අසනීප තත්වය ඉක්මනට සුව වේවා.

    සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා උත්සවයක් බලන්න ගොස් එන ගම්න ඒ ගැන කලකිරීමකින් එන වෙලාවේ බුදු දහම ගැන පැහැදුනු බව කියවලා අහලා දැනගෙන තිබ්බුනට පින්තූරත් එක්ක මේ ලිපිය කියෙව්වට පස්සේ ඒක එහෙම්ම වෙන්න ඇති කියන දේ මේ තරම් දැනුනේ නෑ කවදාවත්ම . . . .

    ReplyDelete
    Replies
    1. මේ අතරෙ නාට්‍ය සංදර්ශනත් දැක්කා මග දිගට. ඒ වාගේ නාට්‍යයක් ගිරජ්ජ සමග්ග කියල තමයි මතක හැටියට බලන්න මේ අගසව් දෙනම ගිහින් තියෙන්නෙ. මේ අයට මේ කාලෙ උත්සව සමයක්. බොහොම වර්ණවත් සාරි ඇදලා කට්ටිය නටමින් ගයමින් ඉන්නෙ. ස්තූතියි දුකා මල්ලි සුව පැතුමට. මද සුවෙන් ඉන්නෙ මේ ටිකේ.

      Delete
  3. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි! දුකා කිව්ව වගේ හඳවතට දැනෙන විදියට ලියලා තියෙනවා.ඔබටත් පවුලේ සියළුම දෙනාටත් තෙරුවන් සරණයි!

    ReplyDelete
    Replies
    1. පින් ගයනි. ඒ තිසරනේ සරණම තමයි මට තියෙන්නෙ.

      Delete
  4. නැන්දට ඉක්මන් සුවය පතනවා මෙවැනි විස්තරයකින් අපිව දැනුවත් කිරීම පිළිබඳව ස්තූති කරනවා

    ReplyDelete
    Replies
    1. කොරලේ පුතාටත් පිං. ස්තූතියි! සුව පැතුමට. බලපිටිය අපේ මහත්තයාගෙ මුල් ගම. කාලෙකින් යන්න බැරි උනා. බනියා එහේ ද?

      Delete
  5. ඔබගේ අසනීප තත්වය ඉක්මනි දුරු වේවා!
    ඔබ කරන ධර්ම දානයේ කුසල බලයෙන් ඔබ හුස්ම ඉහලට ගන්න වාරයක් වාරයක් පාසා ආයුශය , වර්ණය, සැපය, බලය, ප්‍රඥාව තීව්‍ර වෙමින් ලැබේවා!
    මම නිමාශා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! දුව. මේ පැතුම්! ජීවිතේ බලාපොරොත්තු ඇති කරවනවා. ආදරණීය අය අතරේ ඉන්නා විට සුවයක් දැනෙන්නෙ ඒ නිසා නේද?

      Delete
  6. තෙරුවන් සරනින් අක්කාගේ අසනීප තත්වය ඉක්මනි දුරු වේවා! යැයි ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! මල්ලි ආදරණීය පැතුමට. මද සුවෙන් ඉන්නවා. ආයෙත් ශල්‍යකර්මයකට යන්න වෙලා. තාම දිනයක් ගත්තේ නෑ.

      Delete
  7. මාත් දුර්ගා මාතා වන්දනාව ගැන අහල තියෙනවා හුගක් විස්තර. ඒක ඇත්තටම බලන්න ආස හිතෙන දෙයක්.. අසනීප තත්වය දැන් මග හැරී ඇතැයි සිතමි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! දේශක තුමාගේ සටහනට. මේ නැටුම් ලස්සනයි. රිදමයකට නටන්නෙ. මේ දුර්ගා කියන්නෙ ඒ අය ගේ දේවතාවියක්. අසුරයන් ගෙන් පැවත එන්නියක්. ඈ තුන් ලොවටම අධිපතිනියක් ලෙසයි සැලකෙන්නෙ. විශාල භූමිකම්පාවක් මවා ලොව සොලවා ඇගේ ශක්තිය පෙන්වා මවිත කල බව සදහන් වෙනවා. සිංහ යෙක් හා අත් කිහිපයක් ඈගේ රුව තිබෙන තැන්වල දැක්කා. සමහර ගම්මාන වල ඇගේ රූ ස්ටේජ් වල හදලා ගීත දමා කට්ටිය නටමින් හිටියා.

      Delete
  8. නැන්දට ඉක්මනින්ම සුව වෙන්න කියල පතනවා!

    දුර්ගා පුජාව ගැන ටිකක් අහල තියෙනවා. හැබැයි වැඩි විස්තරයක් නම් දන්නේ නැහැ...

    ReplyDelete
  9. අහලා තිබුණත් මේ ගැන වැඩි විස්තරයක් මමත් දැන ගත්තෙ අද.. ස්තූතියි ගොඩක් මේ වටින සටහනට... බලාගෙන ඉන්නවා ඉතිරි ලිපි ගැනත්..

    නැන්දට ඉක්මන් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා..!

    ReplyDelete

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...