Friday, September 28, 2012

සංයුක්ත නිකාය - saththi vaggaya.



රෝද හතර  මුල්කොට වදාළ දෙසුම.
(චතු චක්ක සූත්‍රය )

සැවැත් නුවර ජේතවන අසපුවේ දී ය...

( දෙවියා )


"මහා වීර වූ මුනිඳාණනි, මේ වාහනේ ට රෝද හතරක් තියෙනව. දොරටු නවයක් තියෙනව. ඇතුලත පිරිල තියෙන්නෙ අසූචි වලින්. ආසාවත් එක්ක එකතුවෙලා තියෙන්නෙ. ( මව් කුස නැමති ) මඩ වගුරේ ඉපදිලා තියෙන්නෙ. මේ වාහනෙන් නිදහස් වෙන්නෙ කොහොමද? ''

 (භාග්‍යවතුන් වහන්සේ )

" රැහැනයි, වරපටයි සිඳින්නට ඕන. පාපී ආසාව යි ලෝභය යි සිඳින්නට ඕන. තණ්හාව මුලුමනින්ම උදුරල වීසිකරන්නට ඕන. අන්න එතකොට මේ වාහනෙන් නිදහස් වෙන්ට පුළුවනි."

සාදූ ! සාදූ !! සාදූ !!!

4 comments:

  1. චාන්දිගේ සිත නිවුන පියුම්විලට මුල්වතාවට අදමයි ආවේ. හිත නිවන තැනක් කව්වොත් නිවැරදියි.

    බෞද්ධ සාහිතයයේ තියෙන් මේවගේ පුංචි පුංචි කරුණු ජිවිතේට කොයිතරම් ආලෝකයක්ද කියල හිතෙන්නේ මේවායේ අරුත් ගැඹුනි විමසා බැලීමෙනුයි.

    මේ ශරීර කූඩුව නම් වාහනෙන් මිදෙන්න නම් ඒ දහම් මග යා යුතුයි.

    සිත් නිවී පහන්වේවා..

    ReplyDelete
    Replies
    1. දහම විතර හිත සනසන දෙයක් තව තියෙනවද මල්ලි. ගොඩක් පින්! ඔබට මෙහි ඇවිත් වචනයක් ලියනකොට මට ලැබෙන දිරිය කියන්න මට වචන නෑ.

      Delete
  2. මේ ලිපි කියවන වාරයක් වාරයක් පාසා ඔබව දිනක හෝ මට මුණගැසේවා කියල මම හිතන්නේ මගේ අම්මාව මට මේ බ්ලොග් ඒකට ආවම මතක් වෙන නිසා ගොඩක් වෙලාවට..

    ජය ආන්ටි.

    ReplyDelete
    Replies
    1. ඔබටත් බෙහෙවින්ම පින් දුවේ. මාත් ආසාවෙන් ඉන්නවා, කවදාහරි අපි මුන ගැසේවි. මට දුවල නැති නිසා මාත් හරිම ආදරෙයි දුවලට. දැන් නම් දුවල ඉන්නවනෙ මට. එයාලව තේරුම් ගන්න පුලුවන් හදවතක් මට ලැබුනෙත් මේ අසිරිමත් දහමින්මයි.

      Delete

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...