Friday, June 15, 2012

මගෙන් ඔබට.



අද මගේ "සිත නිවන පියුම් විල " හා  "චාන්දිගේ සිතුවිලි උයන " බ්ලොග් දෙකේම බලන්න ආව අය 5000ක්  කියල සටහන් වෙලා. මට හරිම සතුටුයි.  වෙලාවත් එක්ක සටනක් කරමින් ලැබෙන අවසරෙන් ලියන මගෙ සටහන් කියවන්න ලෝකෙ හැම පැත්තෙන්ම කෙනෙක් ඉන්නවනෙ කියල හිතනකොට හැමදේම අමතක වෙනව. මාත් එක්ක මේ ගමන ආව හැමෝටම ගොඩාක් ස්තූතිවන්ත වෙනව.  ගොඩාක් අයට වචනයක් ලියන්න වත් මේ අවිවේකී ජීවිත සටනේදි ලැබෙන්නෙ නැහැ කියල මම දන්නවා.   එහෙම උනත් හරි ඇවිත් මේ නිවහනට ගොඩවැදිල  ලිපියක්  කියවල යන එකත් කොච්චර වටිනවද?
 
මුලින්ම ගමන පටන් ගත්තෙ එළකිරියෙන්. ඊළඟට සීගිරියෙ. ඊට පස්සෙ තමයි මේකට ආවෙ. මට මේ අතර හමුවෙච්ච යාළුවො හුඟක් ඉන්නවා. මට වඩා ගොඩාක් වයසින්  අඩු උනත් මාව අක්කේ කියල ඒ අය පිලිගත්ත එකම මට ලොකු දෙයක්. ඒ හැමටම ගොඩාක් සෙනෙහසින් ස්තූතියි! කියල කියන්න ඕනෙ. නම් ලියන්න ගියොත් කෙනෙක් තරහ වෙන්නත් පුලුවන්. ඒ හින්දා ඒක කරන්නේ නෑ. 

මුලින්ම ඩීන් මල්ලි තමයි මේ බ්ලොග් දෙකම හදල, ගුරුහරුකම් දුන්නෙ. ඒ ගැන විශේෂ ස්තූතියක් නොකලොත් ගුණමකුකමක් වෙයි. අදටත් මොනවහරි වරදිනකොට ඒක හදල දෙන්න කොයි තරම් වැඩ තිබුනත් සූදානම්. 

ඉතින් කියන්න වචන නෑ ,ඇත්තටම ස්තූති කරන්න. කොටින්ම කිව්වොත් මේක බලන්න ආපු හැමෝටම ගොඩාක් ස්තූතියි!!!!!!!!!!,  වගේම දහම් පදයක් බලපු හැමෝටමත් පිං!!!!!!!.

3 comments:

  1. බොහෝමත්ම වටිනා සත්‍යය වූ ශ්‍රී සත් දහම් කරුණු ඉදිරිපත් කරන ඔබ දෙවි මිනිසුනට සැබෑම කලන මිතුරියක්. දීර්ඝායුෂ වේවා.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. @ Nadun dharmawickrama;
    ඔබගේ සටහනට ස්තූතියි, වගේම කියවා බැලීම සම්බන්ධවත් බොහෝ පින්.
    සොයුර , ඔබෙත් ඉදිරි අනාගතය යහපත් නිරෝගිමත් සැපවත් එකක්ම වේවා!

    ReplyDelete

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...