Monday, February 22, 2016

ධම්ම පදය – 04. පුප්ඵ වර්ගය


*සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ගෞතම සසුනෙහි අග්‍රශ්‍රාවක තනතුරු ලැබුවේ අද වගේ නවම් පුන් පොහෝ දිනක ය.

*ප්‍රථම ශ්‍රාවක සන්නිපාතය වූ 1250 ක් භික්ෂූන් වහන්සේලාගේ රැස් වීම සිදුවූයේ ද අද වගේ නවම් පුන් පොහෝ දිනක ය

*බුදුරජාණන් වහන්සේ විසින් මහා සංඝරත්නයට ඕවාද ප්‍රාතිමෝක්ෂය ප්‍රථම වරට දේශනා කොට වදාළේ ද අද වගේ නවම් පුන් පොහෝ දිනක ය.

*බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන්මසකට පෙරාතුව ආයු සංස්කාර අත්හළේ ද අද වගේ නවම් පුන් පොහෝ දිනකදී ය. 


  • 04. පුප්ඵ වර්ගය
    (මල් උපමා කොට වදාළ කොටස)
  • 44.   කෝ ඉමං පඨවිං විජෙස්සති – යමලෝකඤ්ච ඉමං සදේවකං
            කෝ ධම්මපදං සුදේසිතං – කුසලෝ පුප්ඵමිව පචෙස්සති

  • මේ පෘථිවිය ජයගන්නෙ කවුද? අපාය ජයගන්නෙ කවුද? දෙවියන් සහිත වූ මේ ලෝකය ජයගන්නෙ කවුද? දක්ෂ මල්කාරයෙක් ලස්සන මල් තෝරාගෙනම නෙලාගන්නව වගේ මනාකොට දේශනා කරලා තියෙන මේ සදහම් පද අවබෝධ කරගන්නෙ කවුද? 

    (සැවැත් නුවරදී පෘථිවිය ගැන කථා කර කර සිටි පන්සියයක් භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි  
  • 45.  සේඛෝ පඨවිං විජෙස්සති – යමලෝකඤ්ච ඉමං සදේවකං
               සේඛෝ ධම්මපදං සුදේසිතං – කුසලෝ පුප්ඵමිව පචෙස්සති

ඒ අමා නිවන් මගේ ගමන් කරන කෙනා තමයි මේ පෘථිවිය දිනාගන්නෙ. අපාය දිනාගන්නෙත් ඒ තැනැත්තාමයි. දෙවියන් සහිත මේ ලෝකයම දිනාගන්නෙත් ඒ කෙනාම තමයි. දක්ෂ මල්කාරයෙක් ලස්සන මල් තෝරලා, නෙළාගන්නවා වගේ, මනාකොට දේශනා කරලා තියෙන මේ සදහම් පද අවබෝධ කරගන්නෙත් ඒ තැනැත්තාමයි.


එ් දිනවල අපගේ බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනාරාමයේ. ඔයාලා දන්නවා ඇති. බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි තමයි වැඩිම කාලයක් වස් වසා වැඩසිටියේ. උන්වහන්සේ දහනව වතාවක් වස් වැසුවේ එ් දෙව්රම් වෙහෙරේමයි. බොහෝ භික්ෂූන් වහන්සේලා වැඩසිටියේත් එ් දෙව්රම් වෙහෙරේමයි.
එ් කාලෙ දැන් වගේ නොවෙයි. මහණ වුණාට පස්සේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා යටතේ අවුරුදු පහක් පමණ ධර්මය ඉගෙන ගන්නවා. විනය ඉගෙන ගන්නවා. එ් ධර්ම විනයට අනුව ජීවිතය සකස් කරගන්න මහන්සි ගන්නවා. එ් කාලෙ ධර්මය පොත්වල ලියලා තිබුණෙ නෑ. කටපාඩම් කිරීම තමයි තිබුණේ. අනික එ් කාලෙ ජීවත් වුණු පින්වත් ජනතාවට හොඳ ස්මරණ ශක්තියක් තිබුණා. ඉක්මනින් වටහාගන්නට හැකියාවකුත් තිබුණා. අවබෝධ කිරීමේ හැකියාවකුත් තිබුණා. එ් නිසයි බොහෝ දෙනෙක් මාර්ග ඵල ලැබුවේ.
මූලික ධර්ම අධ්‍යාපනයෙන් පස්සේ භික්ෂූන් වහන්සේලා හුදෙකලාවේ බණ භාවනා කිරීම පිණිස කණ්ඩායම් වශයෙන් චාරිකාවේ වඩිනවා. එදා එසේ චාරිකාවේ වැඩිය භික්ෂූන් වහන්සේලා පන්සිය නමක් දෙව්රම් වෙහෙරට වැඩම කළා. ගමන් විඩාව සංසිඳුවා ගත් එ් භික්ෂූන් වහන්සේලා මෙන්න මෙවැනි කතාවක් පටන් ගත්තා.“ආයුෂ්මතුන් වහන්ස, මහ පොළොව පිහිටා තියෙන හැටි හරි පුදුමයි නෙව. සමහර තැන්වල කඳු පන්ති පෝලිමට තියෙනවා. සමහර තැන්වල සමතලයි. එ් වගේම මහ පොළොවට වඩා ජලය කොයිතරම් වැඩිද?”
“නෑ ආයුෂ්මතුනි, ඔයිට වඩා වැඩියි ආකාශය. ආකාශයට සම්බන්ධ වෙලා තියෙන්නෙ වායු තලයක්. එ්කත් පොළොව වගේ තමයි.”
“නෑ ආයුෂ්මතුනි, ඊට වඩා පුදුමයි අපාය. යම රජ්ජුරුවෝ එ් ලෝකය පාලනය කරන්නේ.”
“නෑ ආයුෂ්මතුනි, පුදුම දෙය නම් දිව්‍ය ලෝකයයි. ශක‍්‍ර දෙවියන් තමයි චාතුම්මහාරාජික, තාවතිංස යන දිව්‍ය ලෝක පාලනය කරන්නේ.”
“හා… හා… ඕව වැඩක් නැහැ. දැන් ඔබවහන්සේලා වඩිද්දී කොයි පැත්තෙන්ද වැඩියේ?”
“දකුණු ප‍්‍රදේශයට වෙන්නට නම් පාරේ බොරළු ගතිය වැඩියි. හැබැයි ටිකක් එහාට ගියාම හොඳ කළු පසක් තියෙනවා. පොළොව සරුසාරයි. කලට වැසි වැස්සොත් සරුවට භෝග වැවෙනවා.”
“එ් වුණාට ආයුෂ්මතුනි, අසවල් පැත්තේ නම් කිසිම සරුවක් නැහැ. ගස් කොළන් එච්චර උසට නැහැ. ගමනත් අපහසුයි. දූවිල්ල වැඩියි.”
“නෑ ආයුෂ්මතුනි, ඔබවහන්සේලා අසවල් දිශාවේ වැඩියේ නැද්ද? එ් පැත්ත හරි ලස්සනයි නෙව. හිමිදිරි උදෑසන මීදුම බාලා පින්න වැටිලා තියෙන කොට හරිම අගෙයි. වතුර ටික වුණත් ලස්සනයි.”
“අනේ ආයුෂ්මතුනි, එහෙම නම් අපි ඊළඟ වතාවෙ චාරිකාවෙ වඩිද්දී එ් පැත්තට යමු.”
  එ් ස්වාමීන් වහන්සේලාගේ කතාවට ඔවැනි දේවල් එකතු වෙද්දී ධර්මය අමතක වෙන අවස්ථාව වැඩි වුණා. බුදුරජාණන් වහන්සේට මෙම කතාව දිව්‍ය ශ‍්‍රවණයෙන් අසන්නට ලැබුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ එ් භික්ෂූන් වහන්සේලා මහා රසවත් විදිහට මහ පොළොව ගැන, වෙනත් ලෝක ගැන කතා කර කර ඉන්න තැනට වැඩියා.
“පින්වත් මහණෙනි, ඔබ ඔතරම් ප‍්‍රණීත විදිහට කුමක් ගැනද කතා කරන්නේ?”
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, අපි මේ මහ පොළොව ගැන කතා කළා. යම ලොව ගැන කතා කළා. දිව්‍ය ලෝක ගැන කතා කළා. අපි ඇවිදගෙන යද්දී මුණ ගැසුන විවිධ පරිසර ගැන කතා කළා…” ආදී වශයෙන් එ් භික්ෂූන් වහන්සේලා කිසිවක් සඟවා නොගෙන ඇත්තම කිව්වා. එවේලෙහි මහා කරුණා ගුණැති බුදුරජාණන් වහන්සේ එ් භික්ෂූන් වහන්සේලා කෙරෙහි අනුකම්පාවෙන් මේ ගාථා රත්නයන් දෙක වදාළා.
කෝ ඉමං පඨවිං විජෙස්සති – යමලෝකඤ්ච ඉමං සදේවකං
කෝ ධම්මපදං සුදේසිතං – කුසලෝ පුප්ඵමිව පචෙස්සති
මෙලොව හා පරලොව – එලෙස දෙවියන් ඇති ලොව
එ් අයුරින්ම දැනගෙන – ජය ලබන්නේ කවුරුද?
ලස්සන මල් නෙලන – දක්ෂ මල්කරු විලසින
සුදේසිත සදහම් පද – අත්දකින්නේ කවුරුද?
සේඛෝ පඨවිං විජෙස්සති – යමලෝකඤ්ච ඉමං සදේවකං
සේඛෝ ධම්මපදං සුදේසිතං – කුසලෝ පුප්ඵමිව පචෙස්සති
මෙලොව හා පරලොව – එලෙස දෙවියන් ඇති ලොව
එ් අයුරින්ම දැනගෙන – ජය ලබයි හික්මෙන කෙනා
ලස්සන මල් නෙලන – දක්ෂ මල්කරු විලසින
සුදේසිත සදහම් පද – අත්දකියි හික්මෙන කෙනා


බුදුරජාණන් වහන්සේ මේ ගාථා වලින් ඉතාම අර්ථවත් විස්තරයක් කියා දෙනවා. එ් කියන්නේ පළවෙනි ගාථාවෙන් කරන්නේ ප‍්‍රශ්න කීපයක් ඇසීමයි. මොනවාද එ් ප‍්‍රශ්න? 
මේ පොළොව අවබෝධ කරන්නේ කවුද? එ් වගේම යම ලෝකය හෙවත් අපාය අවබෝධ කරන්නේ කවුද? දිව්‍ය ලෝකය අවබෝධ කරන්නේ කවුද? එ් වගේම ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් සදහම් පද දක්ෂ මල්කාරයෙක් ලස්සන මල් එකතු කරනවා වගේ එක්රැස් කරමින් නුවණින් දකින්නේ කවුද? කියල. බලන්න කොයිතරම් ලස්සන ප‍්‍රශ්න කීපයක්ද මෙතන තියෙන්නේ. වර්තමානයේ ඔය ප‍්‍රශ්න ඇසුවොත් උත්තර දෙන එක ලෙහෙසි නෑ. එ්කට හේතුව දිව්‍ය ලෝක අපාය ආදිය අවබෝධ කරනවා තබා එ් ගැන කිසිවක්ම දන්නෙ නෑ.
එ් වගේම දක්ෂ මල්කාරයෙක් ලස්සන මල් එකතු කරනවා වගේ සුභාෂිත බුදු වදන් එකතු කරගෙන නුවණින් දකින්න දන්නෙත් නෑ. නමුත් එය කරන්නට පුළුවන් කෙනෙක් ලෝකයෙහි ඉන්නවා. එ් කවුද කියන එක දෙවෙනි ගාථාවෙන් විස්තර වෙනවා.
දෙවෙනි ගාථාවේ තිබෙන්නේ පිළිතුරයි. එ් පිළිතුර තුළින් බුදුරජාණන් වහන්සේ එ් සියලු ප‍්‍රශ්න විසඳාගත හැකි කෙනා මෙන්ම, අවබෝධය කරා යා හැකි කෙනාත් කවුදැයි කියා පෙන්වා දෙනවා. මේ ගාථාවේ විශේෂ පදයක් ඔබට හමුවෙනවා ඇති. එනම් ‘සේඛෝ’ යන වචනයයි. සේඛ කියන්නේ හික්මෙන තැනැත්තා කියන එකයි. හික්මෙන්නේ කොයි අයුරින්ද? ඔහු හික්මෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි පෙන්වා දී ඇති ආකාරයටයි.
ආර්ය අෂ්ටාංගික මාර්ගය පටන් ගන්නේ සම්මා දිට්ඨියෙන්. සම්මා දිට්ඨිය කියන්නේ ශ‍්‍රාවකයා තුළ බුදුරජාණන් වහන්සේ වදාළ දුක නම් වූ ආර්ය සත්‍යය ගැන පැහැදිලි අවබෝධයක් තියෙනවා. දුක හටගන්නට හේතු වූ දුක්ඛ සමුදය ආර්ය සත්‍යය ගැන පැහැදිලි අවබෝධයක් තියෙනවා. එ් දුක නිරුද්ධ වීම පිළිබඳව පැහැදිලි අවබෝධයක් තියෙනවා. දුක ඉබේ නිරුද්ධ වෙන්නෙ නෑ. ප‍්‍රාර්ථනා කොට නිරුද්ධ වෙන්නෙත් නෑ. නමුත් එය නිරුද්ධ වෙන ක‍්‍රමයක් තියෙනවා. මාර්ගයක් තියෙනවා. වැඩපිළිවෙලක් තියෙනවා. ප‍්‍රතිපදාවක් තියෙනවා. එය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. 
ඉතින් එ් ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැනත් ශ‍්‍රාවකයා තුළ පැහැදිලි අවබෝධයක් තියෙනවා නම් ඔහු සම්මා දිට්ඨියෙන් යුක්තයි. ඔහුට තමයි සේඛ කියන්නේ. ඉතින් එ් ශ‍්‍රාවකයා එ් තුළින් තමයි සෝවාන් මාර්ගයටත්, ඵලයටත් පත්වන්නේ. දිගින් දිගටම ධර්මයේම හැසිරෙන විට තවදුරටත් එ් ආර්ය සත්‍යය පසක්වෙනවා. එවිට ක‍්‍රම ක‍්‍රමයෙන් සකදාගාමී මාර්ගය ප‍්‍රගුණ කරනවා. සකදාගාමී ඵලයට පත්වෙනවා. අනාගාමී මාර්ගය ප‍්‍රගුණ කරනවා. අනාගාමී ඵලයට පත්වෙනවා. අරහත් මාර්ගය ප‍්‍රගුණ කරනවා. මෙතෙක් දියුණු කරන වැඩපිළිවෙල තුළ ශ‍්‍රාවකයා හික්මෙන නිසා සේඛ කියනවා.
අරහත් ඵලයට පත්වීමත් සමඟ හික්මෙන වැඩපිළිවෙල සම්පූර්ණයි. හික්මිලා ඉවරයි. එතකොට කියන්නේ ‘අසේඛ’ කියලයි. එ් කියන්නේ හික්මෙන වැඩපිළිවෙල සම්පූර්ණ කරගත් කෙනා කියලයි. තවදුරටත් හික්මෙන්නට දෙයක් නැති කෙනා කියලයි. එතෙක් අවස්ථාවන්වලදී හඳුන්වන්නේ සේඛ කියලයි. එතකොට බලන්න සේඛ කියන වචනයට මොනතරම් පුළුල් අර්ථයක් තියෙනවාද?
ඉතින්  අන්න එ් මාර්ග ඵල ලාභී ශ‍්‍රාවකයාට නම් මේ පොළොව ගැන අවබෝධයක් ඇතිකරගන්න පුළුවන්. එතැනදී බුදුරජාණන් වහන්සේ පොළොව කියා වදාළේ පස් ගැන හෝ ජලය ගැන හෝ ගස් වැල් ගැන හෝ පර්යේෂණ කිරීම නොවෙයි. එතනදී උන්වහන්සේ වදාළේ මේ මහා පොළොව මත ජීවත් වෙන අප ගැනයි. සත්වයා ගැනයි. පුද්ගලයා ගැනයි. එ් කියන්නේ තමා ගැනයි. තමා ගැන අවබෝධ කරගත්තොත් ඔහු පොළොව ගැන අවබෝධ කළා වෙනවා.
  ඉතින් කුමක්ද මේ පොළොව? එනම් දුක නම් වූ ආර්ය සත්‍යයයි. කුමක්ද මේ පොළොවට අයිති දේ? එනම් ඉපදීමයි. ජරාවට පත් වීමයි. රෝග පීඩාවන් වැළඳීමයි. අප‍්‍රිය පුද්ගලයින් සහ අප‍්‍රිය දේවල් සමඟ එක්වන්නට සිදුවීමයි. ප‍්‍රිය පුද්ගලයන් ගෙන් හා ප‍්‍රිය දේවල් වලින් වෙන්වන්නට සිදුවීමයි. තමා කැමති දේ නොලැබීමයි. මේ සියල්ලටම පදනම රූප, වේදනා, සඤ්ඤා, සංඛාර සහ විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධයේ පැවැත්මයි. මෙය එ් අයුරින්ම අවබෝධ කළොත් මහ පොළොව අවබෝධ කළා වෙනවා. එ් වගේම කර්මානුරූපව මේ සත්වයා නිරයේ යන ආකාරය අවබෝධ කළොත්, යම ලෝකය අවබෝධ කළා වෙනවා. එ් වගේම කර්මානුරූපව සත්වයා දෙව්ලොව උපදින ආකාරය ගැන අවබෝධ කළොත්, දෙව්ලොව අවබෝධ කළා වෙනවා.
එ් වගේම සතර සතිපට්ඨාන, සතර සම්‍යක් පධාන වීර්යය, සතර ඍද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය යන බෝධි පාක්ෂික ධර්ම තිස් හත පිළිබඳව හොඳින් ඉගෙනගෙන එ් උතුම් ධර්මයන් තමා තුළට පමුණුවා ගන්නට දක්ෂ වුණෝතින් ඔහු ලස්සන මල් එකතු කරන දක්ෂ මල්කාරයෙක් වගේ තමයි. ලෝකයේ තිබෙන ලස්සනම ලස්සන දේ වන, ඉතාමත්ම සුන්දර දේ වන, මුල මැද අග සෑම තැනම සුන්දර දේ වන, ඉතාමත් අර්ථවත් දේ වන, පැහැදිලි වචන වලින් යුක්ත දේ වන එ් උතුම් සුභාෂිත දහම් පද ජීවිතයට රැස් කරගත් කෙනා බවට පත්වෙනවා.
බලන්න කොයිතරම් ලස්සන පිළිතුරක්ද. මේ පුංචි ගාථා දෙක තුළ ඇති පැහැදිලි අර්ථය හඳුනාගන්නට එ් භික්ෂූන් වහන්සේලා සමර්ථ වුණා. උන්වහන්සේලාට හොඳින් වැටහුනා. ඉතින් එ් භික්ෂූන් වහන්සේලා අනවශ්‍ය කතා බහ නැවැත්තුවා. අනවශ්‍ය මාතෘකාවල්වල පැටලි පැටලි ගියේ නැහැ. අනවශ්‍ය වාද විවාද හදාගත්තෙ නැහැ. ඉතාම නිහතමානීව ධර්මයේ හැසිරුණා. ඇත්තෙන්ම උන්වහන්සේලා මේ පොළොව අවබෝධ කළා. යම ලෝකයත් අවබෝධ කළා. දෙව්ලොවත් අවබෝධ කළා. දක්ෂ මල්කාරයෝ බවට පත්වුණා. දක්ෂ මල්කාරයන්ටත් වඩා දක්ෂ වුනා. ලොව තිබෙන ලස්සනම දේ රැස් කළා. එ් රැස් කළේ අතට නොවෙයි, හදවතටයි. එ් නිසා එ් භික්ෂූන් වහන්සේලා චතුරාර්ය සත්‍යය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කළා. නිකෙලෙස් වුණා. රහතන් වහන්සේලා බවට පත්වුනා. එ් කාලේ ජීවත් වුණු ශ‍්‍රාවකයින් මොනතරම් වාසනාවන්තද?
Ko imam pathavim vicessati
yamalokanca imam sadevakam
ko dhammapadam sudesitam

kusalo pupphamiva pacessati.

Sekho pathavim vicessati
yamalokanca imam sadevakam
sekho dhammapadam sudesitam
kusalo pupphamiva pacessati.


The Garland-Maker


  
Who will comprehend this earth,
the world of Yama, and the gods?
Who will discern the well-taught Dhamma
as one who’s skilled selects a flower.
Explanation:
 An expert in garland making will select, pluck
 and arrange flowers into garlands. 
In the same way who will examine the
 nature of life penetratingly?
 Who will perceive the real nature of life 
in the world, along with the realms of the 
underworld and heavenly beings?
 Who will understand and penetratively perceive
 the well-articulated doctrine, like an expert maker
 of garlands, deftly plucking and arranging flowers.


The Seeker Understands

One Trained will comprehend this earth,
the world of Yama, and the gods,
One Trained discern the well-taught Dhamma
as one who’s skilled selects a flower.





Explanation:
 In the previous stanza the question was raised as to
 who will penetrate the well-articulated doctrine? 
The present stanza provides the answer:
 the student, the learner, the seeker, 
the person who is disciplined. 
He or she will perceive the doctrine, 
like the expert garland-maker who recognizes 
and arranges flowers.
 It is the learner, the seeker, the student who will
 perceive the world of Yama, the realm of 
heavenly beings and existence on earth. 
He will discard and determine the various 
areas of the doctrine, life a deft garland-maker
 who plucks and arranges the flowers into garlands.


[Who shall examine this earth (i.e., this body), the world of Yama (i.e., the four Apayas) and the world of man together with the world of devas? Who shall examine the well-taught Path of Virtue (Dhammapada) as an expert florist picks and chooses flowers?

The Ariya Sekha , shall examine this earth (i.e., the body), the world of Yama (i.e., the four Apayas) and the world of man together with the world of devas. The Ariya Sekha shall examine the well-taught Path of Virtue (Dhammapada) as an expert florist picks and chooses flowers.

 one who is practising the Dhamma, and has entered the Path, but has not yet become an arahat. The term is applied to the first seven ariyapuggalas, the eighth or arahat being asekho. ]

The Story of Five Hundred Bhikkhus

While residing at the Jetavana monastery, the Buddha uttered  with reference to five hundred bhikkhus. 

Five hundred bhikkhus, after accompanying the Buddha to a village, returned to the Jetavana monastery. In the evening, while the bhikkhus were talking about the trip, especially the condition of the land, whether it was level or hilly, or whether the soil was clayey or sandy, red or black, etc., the Buddha came to them. Knowing the subject of their talk, he said to them, :     "Bhikkhus, the earth you are talking about is external to the body; it is better, indeed, to examine your own body and make preparations (for meditation practice)."

The Buddha then spoke in verses as above.

At the end of the discourse those five hundred bhikkhus attained arahatship.

Sekha/Ariya Sekha: one who practises the Dhamma and has entered the Path, but has not yet become an arahat.

ගෞරවණීය නමස්කාරය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ට.

Tuesday, October 27, 2015

ධම්ම පදය චිත්ත වග්ගය.11


න තං මාතා පිතා කයිරා,
අඤ්ඤ වා පි ච ඤාතකා,
සම්මා පණිහිතං චිත්තං
සෙය්‍යසො නං තතො කරෙ


(සැවැත්නුවර - සොරෙය්‍ය තෙරුන් ඇරබ)



මනා සේ පිහිටුවාගත් සිත තමා උසස් බව ට පමුණුවයි. ඒ පැමිණවීම මවුපියන් විසින් හෝ අන්‍ය වූ නෑයන් විසින් නො කළ හැක්කකි. 


(මවුපිය නෑයන් විසින් කළ හැකි යහපත ට වඩා යහපතක් මනා සේ පිහිටවු සිත නිසා සිදු වේ.)


 Well-Trained Mind Excels People

What one’s mother, what one’s father,
whatever other kin may do,
the well directed mind indeed
can do greater good.
Explanation: Well directed thoughts can help a person better than one’s father or one’s mother.

The Story of Soreyya:
While residing at the Jetavana monastery, the Buddha uttered  with reference to Soreyya, the son of a rich man of Soreyya city.
On one occasion, Soreyya accompanied by a friend and some attendants was going out in a luxurious carriage for a bath. At that moment, Thera Mahakaccayana was adjusting his robes outside the city, as he was going into the city of Soreyya for alms-food. The youth Soreyya, seeing the golden complexion of the thera, thought, "How I wish the thera were my wife, or else that the complexion of my wife were like that of his." As the wish arose in him, his sex changed and he became a woman. Very much ashamed, he got down from the carriage and ran away, taking the road to Taxila. His companions missing him, looked for him, but could not find him.

Soreyya, now a woman, offered her signet ring to some people going to Taxila, to allow her to go along with them in their carriage. On arrival at Taxila, her companions told a young rich man of Taxila about the lady who came along with them. The young rich man, finding her to be very beautiful and of a suitable age for him, married her. As a result of this marriage two sons were born; there were also two sons from the previous marriage of Soreyya as a man.

One day, a rich man's son from the city of Soreyya came to Taxila with five hundred carts. Lady-Soreyya recognizing him to be an old friend sent for him. The man from Soreyya city was surprised that he was invited, because he did not know the lady who invited him. He told the lady-Soreyya that he did not know her, and asked her whether she knew him. She answered that she knew him and also enquired after the health of her family and other people in Soreyya city. The man from Soreyya city next told her about the rich man's son who disappeared mysteriously while going out for a bath. Then the Lady-Soreyya revealed her identity and related all that had happened, about the wrongful thoughts with regard to Thera Mahakaccayana, about the change of sex, and her marriage to the young rich man of Taxila. The man from the city of Soreyya then advised the lady-Soreyya to ask pardon of the thera. Thera Mahakaccayana was accordingly invited to the home of Soreyya and alms-food was offered to him. After the meal, the lady-Soreyya was brought to the presence of the thera, and the man from Soreyya told the thera that the lady was at one time the son of a rich man from Soreyya city. He then explained to the thera how Soreyya was turned into a female on account of his wrongful thoughts towards the respected thera. Lady-Soreyya then respectfully asked pardon of Thera Mahakaccayana. The thera then said, "Get up, I forgive you." As soon as these words were spoken, the woman was changed back to a man. Soreyya then pondered how within a single existence and with a single body he had undergone change of sex and how sons were born to him, etc. And feeling very weary and repulsive of all these things, he decided to leave the household life and joined the Order under the thera.

After that, he was often asked, "Whom do you love more, the two sons you had as a man or the other two you had as a wife?" To them, he would answer that his love for those born of the womb was greater. This question was put to him so often, he felt very much annoyed and ashamed. So he stayed by himself and with diligence, contemplated the decay and dissolution of the body. He soon attained arahatship together with the Analytical Insight. 

When the old question was next put to him he replied that he had no affection for any one in particular. Other bhikkhus hearing him thought he must be telling a lie. When reported about Soreyya giving a different answer, the Buddha said, "My son is not telling lies, he is speaking the truth. His answer now is different because he has now realized arahatship and so has no more affection for anyone in particular. By his well-directed mind my son has brought about in himself a well-being which neither the father nor the mother can bestow on him."

Saturday, August 29, 2015

බුදු සසුනේ උදාර චරිත - ආනන්ද ස්වාමීන් වහන්සේ

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඔබ දන්නවා ඇති අපේ බුදුරජාණන් වහන්සේට නිරන්තරයෙන් උපස්ථාන කරන පින්වත් ස්වාමීන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ තමයි ආනන්ද නමින් හඳුන්වන්නේ. එ් ආනන්ද ස්වාමීන් වහන්සේ ඉතාමත්ම ශ‍්‍රද්ධාවෙනුයි බුදුරජාණන් වහන්සේට ඇප උපස්ථාන කළේ.
දිනක් ආනන්ද ස්වාමීන් වහන්සේ සවස් වරුවේ භාවනා කරමින් සිටින විට මෙවැනි සිතුවිල්ලක් ඇතිවුණා.
අපගේ ස්වාමී වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සුවඳ වර්ග තුනක් ගැන අපට වදාළා. එ් තමයි මුල් වලින් හමන සුවඳ, අරටුවෙන් හමන සුවඳ, එ් වගේම මල් සුවඳ. ඇත්තෙන්ම මේ සුවඳ හමන්නේ යටි සුළඟේ විතරයි. උඩු සුළඟට හමන්නේ නෑ. ඉතාමත් ඈතට විහිද යන්නෙ නෑ. නමුත් අපි නොදන්නා ඈතට විහිද යන සුවඳ වර්ග ගැන බුදුරජාණන් වහන්සේ දන්නවා ඇති. එ් ගැන මං දැනගන්න කැමතියිකියා කල්පනා කළා.

ඉතින් බුදුරජාණන් වහන්සේ බැහැදැක ආදරයෙන් වන්දනා කළ ආනන්ද ස්වාමීන් වහන්සේ ඈත එපිට දක්වා විහිද යන සුවඳ කුමක්ද?’ කියා අසා සිටියා. එවේලෙහි බුදුරජාණන් වහන්සේ ඈතට විහිද යන්නේ කවර සුවඳක්ද යන වග මේ අයුරින් පහදා දුන්නා.
පින්වත් ආනන්ද, එක්තරා සුවඳක් තියෙනවා. එ් සුවඳ උඩු සුළඟටත් හමනවා. යටි සුළඟටත් හමනවා. හැම දිශාවටත් හමනවා. එය හොඳම හොඳ සුවඳක්.
ස්වාමීනී, එ් සුවඳ කුමක්ද?”
පින්වත් ආනන්ද, යම් ගමක හෝ ප‍්‍රදේශයක කාන්තාවක් හෝ පුරුෂයෙක් හෝ බුදුරජාණන් වහන්සේව සරණ ගියොත්, ධර්මය සරණ ගියොත්, ආර්ය සංඝයා සරණ ගියොත්, එ් වගේම එ් තැනැත්තිය හෝ තැනැත්තා සතුන් මැරීමෙන් වැළකී සිටිනවා නම්, සොරකමින් වැළකී සිටිනවා නම්, වැරදි කාම සේවනයෙන් වැළකී සිටිනවා නම්, බොරු කීමෙන් වැළකී සිටිනවා නම්, මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටිනවා නම්, එ් වගේම සිල්වත් නම්, යහපත් ගුණධර්මයන් ගෙන් යුක්ත නම්, ලෝභ නැත්නම්, නිතර දන්පැන් පුදනවා නම්, අන් අයට උදව්පදව් කරනවා නම් එ් කෙනා ගැන ශ‍්‍රමණ බ‍්‍රාහ්මණවරු මෙහෙම කතා කරනවා. එම්බා පින්වත්නි, දන්නවාද? අසවල් ගමේ, අසවල් ප‍්‍රදේශයේ ස්ත‍්‍රියක් ඉන්නවා. පුරුෂයෙක් ඉන්නවා. මේ විදිහටයි තෙරුවන් සරණ ගිහින් ඉන්නේ. මේ විදිහටයි සිල් රකින්නේ. මේ විදිහටයි දන් දෙන්නේකියල ගුණ කියනවා.


එපමණක් නොවෙයි, දෙවියනුත් ඔවුන්ගේ ගුණ කියනවා. ඉතින් පින්වත් ආනන්ද, උඩු සුළඟටත් හමනා, යටි සුළඟටත් හමනා, හැම දිශාවටත් හමනා, හොඳම හොඳ සුවඳ නම් එයයි.
මෙය වදාළ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නය වදාළා.
න පුප්ඵගන්ධෝ පටිවාතමේති
න චන්දනං තගරමල්ලිකා වා
සතඤ්ච ගන්ධෝ පටිවාතමේති
සබ්බා දිසා සප්පුරිසෝ පවාති

නැත මල් සුවඳ උඩු සුළෙඟහි ගැවසෙන්නේ
තුවරලා සඳුන් හර නැත දුරට විහිදෙන්නේ
තිසරණ සිල් ගුණැති යහපත් මිනිසුන්නේ
ගතිගුණ ලොවෙහි පැතිරෙයි
මිහිරි සුවඳක් විලසින්නේ

චන්දනං තගරං වාපි උප්පලං අථ වස්සිකී
එ්තේසං ගන්ධජාතානං සීලගන්ධෝ අනුත්තරෝ

සඳුන් තුවරල සමන් මහනෙල් – සුවඳ විහිදෙන නමුත් සුළෙඟහි
පරදවා එ් සුවඳ මනකල් – උතුම් සිල් සුවඳ හමයි හැම කල්

පින්වතුනේ, පින්වත් දරුවනේ, ලෝකයෙහි විවිධාකාර සුවඳ වර්ග තියෙනවා තමයි. විශාල මල් වතු යායවල් තියෙන්න පුළුවනි. නමුත් එ් සෑම සුවඳක්ම හමන්නේ යටි සුළඟේ විතරයි. උඩු සුළඟේ හමාගෙන යන්නේ නෑ. යම් කෙනෙක් තිසරණ සිල් රකිනවා නම්, උඩු සුළඟට එ් සුවඳ හමාගෙන යනවා.
පින්වතුනේ, පින්වත් දරුවනේ, දවසක් හරි අපූරු දෙයක් වුණා. සක්දෙව් රජතුමා දිව්‍ය මාළිගාවෙන් එළියට බැස හැම දිශාවටම වන්දනා කළා. එතකොට මාතලී රථාචාර්යයා සක් දෙවිඳුගෙන් මෙහෙම ඇහුවා.
පින්වත් ශක‍්‍ර දේවේන්ද්‍රය, ඔබවහන්සේට සියලු බ‍්‍රාහ්මණයන්, රජවරුන්, සතරවරම් දෙවි මහරජදරුවන්, තව්තිසා දෙවියන් ආදී සියලු දෙනාම වඳිනවා. එ් විදිහට වැඳුම් ලබන ඔබ ඔය වන්දනා කළේ කාටද?”
මාතලී, බ‍්‍රාහ්මණයන්, රජවරුන්, පොළොවවැසි සියල්ලන්, සතරවරම් දෙවි මහරජදරුවන්, තව්තිසා දෙවියන් ආදී සියල්ලන්ම මට වන්දනා කරන බව හැබෑව. මමත් මේ වන්දනා කරන්නේ සීලයෙන් යුක්ත, භාවනාව තුළින් චිත්ත සමාධිය ලබාගෙන බොහෝ කල් වාසය කරන, පිරිසිදු බ‍්‍රහ්මචාරී ජීවිත ගෙවන ශ‍්‍රමණයන් වහන්සේලාටයි. එ් වගේම මම මේ වන්දනා කරන්නේ තෙරුවන් සරණ ගිය සිල්වත්ව ගිහි ජීවිතය ගත කරමින්, පින්දහම් කරමින් ධාර්මිකව අඹුදරුවන් පෝෂණය කරන ගිහි පින්වතුන්ටයි.
පින්වතුනේ, පින්වත් දරුවනේ, අපි අහලා තියෙනවා හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳීකියල කියමනක්. එහෙමනම් අපිත් මුළු හදවතින්ම තෙරුවන් සරණ යමු. සමාදන් වන පන්සිල් හොඳින් ආරක්ෂා කරගනිමු. ලෝභ රහිත සිතින් දන්පැන් පූජා කරමු. එ් වගේම ධාර්මිකව මිල මුදල් උපයාගෙන සියලු දෙනාට සලකමින් සතුටින් කල් ගෙවමු. එ්ක ගිහි ජීවිතය ගතකරන කෙනෙකුට කොයිතරම් වාසනාවක්ද!

අපගේ ලොකු ස්වාමීන් වහන්සේ වන පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

Tuesday, August 4, 2015

හිත නිවූ හද නැලවූ සැදැහැ ගී සරණිය - වේරහැර බෝධිරාජපුර ශ්‍රි පුණ්‍යසාර දහම් පාසැලේ ගුරු මණ්ඩලයෙන් තිස්සමහාරාම වීරහෙල ශ්‍රී සාම විජය දහම් පාසලට සැදහැ ගී තිළිණයක්. 2 කොටස

කුරුළු හඬ මැද්දෙ, මොණරුන්ගෙ කෑ ගැසීම මැද්දෙ අවදි උනේ. ඒ අතරෙ ඇසෙන්නෙ  පන්සලේ පිරිත් හඬ. හිමිහිට මුහුණ කට සෝදා ගෙන තේ වත්කරන්න ගියා. ඒ යනකොටත් සන්ධ්‍යා මිස් එතන. තේ බීව කිව්ව. අනෙක් අයටත් එක්ක තේ හැදුව

ඒ ඉවර වෙලා ඉක්මනින්ම පන්සල් භූමියට උදෑසන බෝධී වන්දනාව සඳහා. අපේ හාමුදුරුවන් හැමදාකම කරන ශ්‍රී මහා බෝධි වන්දනාව. බුදු හිමියන් බුදුවන අවස්ථාවේ පිට දුන් ශ්‍රී මහා බෝධින් වහන්සේ ගේ අංකුර ශාඛාවකටත් කරන්නාවූ සත්කාරයට අපිත් සහභාගි වෙන්නේ බොහොම බැතිබරවඅපි හැමෝම බොධි මළුවට එකතු උනා. වන්දනාව සඳහා හැමෝම ලැහැස්තියි








අපේ හාමුදුරුවන් වහන්සේ වන බොරලැස්ගමුවේ විජිතසිරි ස්වාමීන් වහන්සේ සමඟ පොඩි ස්වාමින්වහන්සේලා දෙපළම බෝධි මළුවට වැඩම කලා.

ඉතින් අපේ ශ්‍රී මහා බෝධි වන්දනාව හරිම ශ්‍රද්ධාවෙන් කලේ. ඒ පූජාව දකින්න ලැබෙන එකත් හරිම පිනක්. මම දැක්ක දහනායක මිස්ගෙ ඇස් වල කඳුළු. පස්සෙ කීප වතාවක් කිව්ව, ඒ පූජාවට ගොඩාක් සතුටෙන් භක්තියෙන් සම්බන්ධ වුනු බව.  ඊට පස්සෙ හැමෝම බුදු මැදුරට ගිහින් වන්දනාමාන කල්‍රා

අපි උදෑසන ආහාරය ගත්තෙ ඊළඟට. ඒ කටයුතු ඉවර වෙලා හරිම කලබලෙන් ආයෙත් පන්සල් භූමියට එකතු උනා. අපේ මහත්තයාට නම් ඉවරයක් නෑ, ඒ හැම කටයුත්තක්ම සොයා බලන්නෙ එයා. රෝහිත සර් හා ඩිලාන් පුතා සමඟ වෙනුර පුතාත් එයාට සහය වෙනව.


මේ අපේ නවාතැනෙදි. රත්නාවලී විශ්‍රාම ශාලාව වීරහෙළ තිස්සමහාරාමය.

පෙර සූදානම. 



අපිත් එක්ක මේ ගමනට දහම් පාසැලේ ගුරු මණ්ඩලයට අමතරව තව සංගීත ගුරුවරයෙකුත් සිය පවුලම සමග සහභාගි උනා. ඒ ගුරුතුමා ගැන පහුගිය සටහනේ කිසිවක් නොලීවෙ හරියටම විස්තර නොදැන ලියන එක හරි නැති නිසා.



 ( පුංචි දරුවන් ඉගෙනීමට ලැහැස්තිව අපේ උදාරි දුව සමඟ සතුටින්.)









රෝහිත ගුරුතුමා සමඟ අපේ මහත්තයා
රෝහිත සර් අපිත් එක්ක එකතු වෙච්ච එක අපිට ලොකු ශක්තියක් උනා. ඒ ශක්තියෙන් අපිට මිල කල නොහැකි විශාල මෙහෙයක් ඉටු කරන්න අපි කාටත් හැකි උන බව කියන්නම ඕනෙ.  

රෝහිත සර් සංගීත විශාරද වරයෙක් වගේම ගුරුවරයෙක්. කලකට ඉහත දී නිර්මාණය කල බොරලැස්ගමුව නගරසභා ගීතයට ආසියාවේ හොඳම ගීතයට සම්මානයක් ලැබුණ බව කීවෙ ලොකු පුතාබිරිඳ නම් රැකියාවක් කරන්නෙ නෑ. ඇය ඉතාම සුහද ශීලි කරුණාවන්ත කෙනෙක්



ලොකු පුතා සංගීතයට බොහොම දක්ශ දරුවෙක්. පන්නිපිටියෙ ක්‍රිස්තුරාජ විද්‍යාලයේ ඉගෙනුම ලබල දැන් රැකියාවක් කරන අතරෙ ගෘහණිර්මාණ ශිල්පය හදාරනවා. තව ගීත නිර්මාණයේ යෙදනව.  

අප කාගෙත් හුරතලා වූ චූටි පුතා තාම හත වසරෙ ඉගෙන ගන්නෙ, බොරලැස්ගමුව මහා විද්‍යාලයෙ.  එයත් හරිම දක්ශයි සංගීතයට.  ලොකු පුතාගෙ නම ගීතක ධනංජයචූටි පුතා විමුක්ති ස්වරකල්පන. ලස්සන නම් දෙකක්. සංගීතයටම උචිත නම්. මේ අය අපි වාගෙ බෞද්ධ ආගමේ නෙවෙයි. කතෝලික ආගමේ. නමුත් අපිත් එක්ක හැම දෙයකටම සහභාගි උනේ හරිම ලෙන්ගතුව. වෙනසක් දැනුනෙම නෑ අපට. මම ගිය සටහනේ දමාපු කිරිවෙහෙර පින්තූර සර්ගෙ කැමරාවෙන්. 




ගුරු මණ්ඩලය




මම පන්සල් මළුවට එනකොට කටිටියම පෙළ ගැහිල ඒ දහම් පාසැලේ ගුරුවරුන්ගෙ පිළිගැනීමට. ඒ අයට බුලත් හුරුළු දීල පිළිගත්තෙ ඒ පාලාතෙ ග්‍රාම නිළධාරී තුමාගෙ බිරිඳ. අපි කාලයක් තිස්සෙ ආශ්‍රය කරන ගුරුමෑණි කෙනෙක්. බොහොම  ලෙන්ගතුව ස්තූති පූර්වකව ඒ පිළිගැනීමෙන් පස්සෙ අපි හැමෝම දරුවන් විසින් දෙපා නැමද පිළිගත්තෙ බොහොම ආදරෙන්. මට නම් හරිම සංවේදී උනා ඒ පිළිගැනීම



ඒ අය බුලත් හුරුළු අරන් පේළියට සංවරව හිඳිමින් අපිට නමස්කාර කලේ. ඒ ගැන ඒ ගුරුබවතුන්ට වගේම දරුවන්ටත් මග පෙන්වූ අපේ ස්වාමින්වහන්සේටත් ස්තූතිපූර්වක ගෞරවය





අපේ දහම් පාසැලේ ඒ කියන්නෙ වේරහැර ශ්‍රී පුන්‍යසාර දහම් පාසැලේ ගෞරවණීය ස්වාමින්වහන්සේ වන කටුවන චන්ද්‍රරතන ස්වාමින්වහන්සේගේ කාරුණික මග පෙන්වීම නොවන්නට මේ සත්කාරය මේ අයුරින් සාර්ථක කරගන්නට අපිට ලැබෙන්නෙ නෑ.  
ඒ ස්වාමින්වහස්සේටත් ස්තූතිපූර්වක   ගෞරවණීය නමස්කාරය. හදිසියේ යෙදුන කටයුත්තක් නිසා ස්වාමින්වහන්සේට මේ සත්කාරයට සහභාගි වෙන්න ලැබුනෙ නෑ.



අපේ ස්වාමින්වහසේ වන බොරලැස්ගමුවේ විජිතසිරි ස්වාමීන් වහන්සේ සමඟ පුංචි හාමුදුරුවරු දෙපලත් අසුන්ගත්තා. ඒ අනුව අපිත් නියමිත තැන්වල ධර්ම ශාලාවෙ අසුන් ගත්තා.

ඉතින් පැමිණ සිටි දෙමාපියන් හා දරුවන් සමඟ ගුරුවරුන් හැමෝම පිළිගෙන පන්සිල් හි පිහිටුවීම අපේ හාමුදුරුවන් අතින් සිදුවුනා


ඊළඟට අප දහම් පාසැල ගැන පොඩි හැඳින්වීමක්.  ඒ සමඟම අරමුණ පැහැදිළි කලා වෙනුර පුතා විසින්.

සැදැහැ ගී සරණියේ ආරම්භය. මේ නම දැම්මෙ අපේ වේරහැර කටුවන චන්ද්‍රරතන ස්වාමින්වහන්සේ . බැති ගී සරණිය වෙනුවට සැදැහැ ගී සරණිය.  ඒ නමට මමත් හරිම කැමතියි.




කට්ටිය අළුත් ඔසරි ඇදල හරිම ලස්සනයි බලන්න. ඇහැට බොහොම ප්‍රිය වර්ණයක්. ගුරුවරුන් ජාතික ඇඳුමින්. මේ ඇඳුම් සියල්ල පිළියෙල වුනේ සන්ධ්‍යා මිස් අතින් . අනෙක් අයත් ඇයට උදව් කල බව ඈ කීවා. ඒවට ලස්සන මල් අලවලා බොහොම හිත් ඇදගන්න විදිහට කල නිර්මාණය හැමෝම අගය කලා. ඒ සඳහා සෑහෙන මහන්සියක් වෙන්න ඇති. ස්තූතිය ! ඇයට.


        මේ අපේ නවාතැනේදි. සන්ධ්‍යා මිස් වමේ සිට තුන් වෙනියා


අපේ මේ ගමනට අසින්තා මිස්, ලක්ෂ්මි මිස්, ඩේසිකා මිස්, රසිකා මිස්, සන්ධ්‍යා මිස්, අයෝමි මිස්, සුභාශිණී මිස්, දහනායක මිස්, පද්මලතා මිස්, කුමුදුණී මිස්, උදාරි මිස්, වෙනුර පුතා, ඩිලාන් පුතා, අපේ මහත්තයා, රෝහිත සර්, සර් ගෙ පුතාල දෙන්නා සහ බිරිඳ හා මම ඇතුළුව 19 දෙනෙක් සහභාගි උනා.










සැදැහැ ගී සරණිය ආරම්භ උනේ මොනවද අම්මේ අකුරු ජාතියක් මල් පෙතිවල කවුදෝ ලියලා   කියන ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහතා ලියූ මියුරු ගීයෙන්. පුංචි කාලෙ ඒ නිවසට යන එන හැටිත් දිලී ඇන්ටිගෙ අම්මා ඒ විස්තර කියන විට බොහොම ආසාවෙන් අසා ඉන්නා හැටිත් අදටත් සිහි කරන්නේ සොම්නසින්. ඒ කාලෙ මේ සොඳුරු කලාකරුවා ගැන බොහෝ දේ  නොදැන හිටියත් පසුකාලෙක පොත් පත් කියවීමෙන් මේ මහා කලා කරුවා ගැන බොහෝ දේ ඉගෙන ගත්තේ හරිම ආසාවෙන් .


 ශී‍්‍ර චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ මලක මිහිරකව්පෙළ මින් අඩ සිය වසකටත් වඩා කලින් ලියූවක් වුනත් අදත් මල් දකින විට ඒ කව්පෙළෙන් වෑහණු මිහිර අපට එකසේ දැනෙනවානෙ.  මල් පිපෙන කාලෙට කුරුලූ නාදයෙන් හා පිපුණු මලින් විහිදෙන සුවඳින් අවට පරිසරයම  පිරී යනවා. වෙසක් කාලෙට  හැමදෙනාගෙම සිත් පුබුදු කරමින් වසන්තය උදාකරමින් මලින් පිරී යන පරිසරයේ සුන්දරත්වය අප කුඩා කාලයේ අප ගම් පියසේ මිහිරි මතකයන්. කිංස්ලි ජයසේකර මහතා හා   පි‍්‍රසිලා  ඕපාත මැතිණිය මේ ගීතය මියුරු හඬින් ගැයූ බව මට මතකයි.




සැදැහැ ගී සරණියට අපි ගීත අටක් ගැයූවා. ඒ අතර තුර අපේ ඩිලාන් පුතා ඒ දරුවන් ළඟට ගිහින් ඒ අයගේ විස්තරත්, ඒ අයට ද ගීත ගයන්නට ඇරයුම් කලා. බොහොම සුහද ශීලීව ඒ කටයුත්ත ලස්සනට ඉටුවුණා. අතරින් පතර අපේ මහත්තයාත් , රෝහිත සර් හා අපේ හාමුදුරුවනුත් කරුණු කීවා.

දහම් පාසැලෙත් හරිම දක්ශ දරුවන් හිටිය. ඉතින් අපි  අයටත්  ආරාධනා කලා ගීත ගයන්න. අතරෙ කන්ඩායම් හා තනි තනිව ගීත ගැයුනා. සිත් ගත්ත ගීත කීපයක්ම අතර තිබුන. තාත්තා ගැන කියන ගීයට හරිම කැමතියි

" හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ.. කසාය පරාදයි වරදෙදි සැර ඔබේ.. ඇහැ ගහගෙන සිටී - සමාජෙ ගැන කියයි.... හොද මිනිහෙක් වෙයන් නිතරම මට කියූ.. ආදර මගෙ තාත්තේ   ........."

ආසාවෙන් අහන් හිටියා. හැමෝම කැමති උනා මේ ගීත වලට. කවුරුවත් නැඟිටලා ගියේ නෑ අතර මඟඒ දහම් පාසැලෙ දරුවො හරිම සංවරව අහන් හිටියා. අපිටත් ගැන සතුටුයි. මේ පලාත්වලට වඩා සංවරව දරුවො හිටිය එක ගැන අපි ස්තූති කලාම, ගුරු මැණියන් කිව්වෙ මුල ඉදලම දහම් පාසැලේ ගුරු හාමුදුරුවන් ගේ   මග පෙන්වීමෙන් ටික පුරුදු කරන වගයි. 




දහම් පාසැලේ ආදි ශිෂ්යාවක් වූ බුද්ධිකා ජයමාලි මෙනෙවිය මියුරු ගී කීපයක්ම ගැයුවා. කලින් කිහිප විටක් මට මුණගැහිල තිබුනත් මේ තරම් දක්ෂ දැරියක් කියල මා දැනන් හිටියෙ නෑ. සෞන්දර්යය විශ්ව විද්යාලයේ අවසන් වසර නිමාකරල මේ දිනවල ඉන්නෙ. ජයම පතනවා! දුවට සෙනෙහසින්ම







අතරට ශ්‍රි සාම විජය දහම් පාසැලෙ ගුරු මෑණිවරුන් ගෙන් ගීත කීපයක් තිළින උනා.



මේ අතර වාරෙ අපි දරුවන්ටත් ,දෙමාපියන්ටත්, ගුරුවරුන්ටත් කේක් තැටි හදාගෙන ගියා, ඒව  දරුවන්ට දීල පන්සලෙන් තේ පැන් සංග්‍රහයක් තිබුණ.





ශ්‍රි සාම විජය දහම් පාසැලේ දරුවන් නොමද සතුටක් වින්ද බව අපි හැමෝම දැක්ක. ඒ ගැන නිරාමිස සතුටක් මම ලැබුවෙ.    අපේ රෝහිත සර් ගේ පුංචි පුතාටත් ගීයකට අරාධනා. ඉපිද මැරේ   ………..යලි ඉපිදේ………නොතිර සසර සාගරේ……….අතර තුරේ ………නොමැරී මැරේ……දස දහස් වරේ.....   හරිම ලස්සන ගැබුරු කටහඬක් තියෙන්නෙ විමුක්ති පුතාට.



රෝහිත සර් හා ගීතක ධනංජය ලොකු පුතාත්, විමුක්ති ස්වරකල්පන චූටි පුතාත් අපේ අසින්තා මිස් හා අපේ මහත්තයාත් තමයි වාදන වෘන්දයට සහායට හිටියෙ.



මොනවද? මේ රහස් කතා.


  අවසන් වෙන වෙලාව ආවහම අපේ ස්වාමින්වහන්සේ ගෙන් ආරාධනාවක් පුංචි දුවකට ස්තූති කථාවට. ඈ ඒ කථාව බොහොම ලස්සනටත් දක්ශ ලෙසත් කලා. ඒ පුංචි දුවට හොද අනාගතයක් තියෙන බව නම් පැහැදිළියි.



ඉතින් අවසානයේ අපි ඔක්කොම රජවරු ගීය ගයා ජාතික ගීය ගැයීමෙන් වැඩ සටහන නිමා උනා.

වැඩ සටහන නිමාවට කලින් අපි අරන් ගිය පොඩි පොඩි තිළිණ වගයක් දරුවන්ට බෙදා දුන්නා. ඒවා දරුවන් මහත් ආසාවෙන් අරගත්තෙ ස්තූති පූර්වකව.    




   එතනින් ගෙනියන බඩුමුට්ටු ලැහැස්ති කරල අපි හැමෝම ආයෙත් විශ්‍රාම ශාලාවට ආවෙ දහවල් ආහාරය සඳහා. වෙලාව දෙකත් පහුවෙලා කට්ටියටම බඩගිනියි. අපේ ස්වාමින් වහන්සෙ හැම දේම අපට ලැහැස්ති කරල තිබුන.


 දහම් පාසැලේ ගුරුමෑණි වරුත් අපිත් එක්කම ආහාර ගන්න අයට උපකාර කලේ බොහොම ලෙන්ගතුව.

 ආහාර ගන්නා අතරෙ අපේ හාමුදුරුවන් කිරි හට්ටි කීපයක් අරන් ආව අපිට කන්න. ඒකට වෙච්ච දේ නම් කියන්නෙ කොහොමද?

හැමෝම කිරි නෑව. සමහරු බත් කෑවෙත් කිරි හට්ටි දිහා බලාගෙන, ඒව ඉවර වෙයි කියල. අපේ ගෙදරක කෑව නම් එක හට්ටිය අට දෙනෙක් නවදෙනෙක් කනව නෙ. එතන එකක් හතර දෙනෙක් වත් කෑවෙ නෑ ඔන්න
අපිට ඒ දහම් පාසැලෙන් තිළිණයන් වගයකුත් ලැබුනා. ඒවා බොහොම ආදරෙන් අපේ කට්ටිය පිළිගත්තා. වීරහෙළ ශ්‍රී සාම විජය දහම් පාසැලේ ගුරු මණ්ඩලයට , පොඩි හාමුදුරුවන් දෙපළට හා ගෞරවණීය ලොකු හාමුදුරුවන් වහන්සේට බොහෝම ස්තූතියි! වගේම පින්.

භාජන එහෙම අස්පස් කරල ඒ ගුරුමැණි වරුන් පිටත් උනේ අපි හැමටම ආචාර කරල සමුදීලයි.  ඔය අතර වාරෙ මම එක්තරා කාරණාවකට එක කාමරයකට ගියා, එක්කෙනෙක් කිරි හට්ටියක බැහැ ගෙන කනව. නම දාන එක හොඳ නෑනෙ. මට ඔළුවෙ අත ගැහුන. හිනාව නවත්තා ගන්න බැහැ. දන්නවා නම් තව හට්ටි ටිකක් ගෙන්න ගන්නවානෙ. "අන්දරේ කිරි කෑවටත් හපන්!!.

ඉක්මණින්ම කාමර එහෙම අස්පස් කරල යන්න පිටත් වුනා. ආයෙත් අපි සංඝාවාසෙට ඇවිත් හාමුදුරුවන්ට පොත් පාර්සලයක් දුන්නා පුස්තකාලෙට. ඒවා ලබා දීල අපිට පිරිත් නූල් ගැට ගහල ලස්සන ශ්‍රී මහා බෝ පත්‍රය බැගින් ආශීර්වාදකව ලබා දුන්නෙ ලොකු හාමුදුරුවො විසින්.




අපි ආයෙත් කොළඹට එන්න පිටත් වෙනකොට හවස හතර විතර වෙලා මයෙ හිතේමම හැමටම තැගි ගත්තත් අපේ රෝහිත සර්ගෙ පුතාල දෙන්නාටත් පුංචිම හරි තෑග්ගක් දෙන්න ඕනෙ කියල හිතල අපි එන්න කලින් දවසෙ හන්දියෙන් පොඩි ටී ෂර්ට් එකකුයි කමිසයකුයි අරගත්තා. ඒ දරුවො දෙන්නා අපිත් එක්ක පුහුණු වීම් වලට ආව. හරියට කැපවීම් කලා එයාලගෙ වැඩ පාඩු කරගෙන මේ වැඩ සටහන උදෙසා. අනෙක දෙන්නම කිසිම පැකිලීමකින් තොරව උදව් උනා හැම දෙයටම. ජනප්‍රියත්වය හඹාගෙන යන්නැතිව නිහඬව සේවයක් කරන දරුවො දෙන්නෙක්. ඒ සඳහා අපෙන් සුළු තිළිණයක්. ඒ පුතාල දෙන්නාම ඉතාම සතුටින් ඒ තිළිණය බාර ගත්තෙ ස්තූති පූර්වකව.

මඟ දිඟටම නාන්න තැන් හොයනවා. අතරමග ගීත ගායනා, විහිළු තහළු කෙලවරක් නෑමාතරට එනකොට යාන්තමට ඇඳිරි වැටිල. ඒ වෙලාවෙ මුහුද සැරයි, වගේම කොහෙ ගියත් අපේ රටේ මත්වතුර තොල ගාගෙන ඉන්න තරුන කට්ටිය ගැවසෙන තැන් බොහොමයක් තිබුනෙ. අපි ඒව මඟ හැරල හොඳ තැනක් බලාගෙන ආවත් හත විතර වෙනකල් ලැබුනෙ නෑ. අපි තැනක නැවත්තුව රාත්‍රියට ආප්ප කන්න. මුහුද අයිනෙ ලස්සන තැනක්. කෑම ගේන කල් හොඳ සීතල සුලං. එක පාරටම වහින්න ගත්ත තද සුළඟක් එක්ක . ආප්ප හුළගෙ පාවෙනවා. හිරිකඩ හැමෝගෙම ඇගේ. කරන්න දෙයක් නෑ . සැම දෙනාම ඒව ඉවසා හිටිය වැස්ස අඩුවෙනකල්. හොඳ ඉඟුරු තේ කෝප්පයක් හා කෝපි ලැබුන කැමති අයට.


අපි රාත්‍රියට ගත්ත ආහාරය සුළු උනත් හැමෝම විහිළුවෙන් තහළුවෙන් එය පිළිගත්ත බව පෙනුන. හැමටම මහන්සිය දැනෙන වෙලාව. නාන අදහස දැන් අත්හැරියා. අපි එන අතරෙ එක එක ගුරුමෑණියන් ගැන විස්තරයක් අපේ මහත්තයා අතින්. 


මුළින්ම පිටි පස්සෙම වාඩිවෙලා හිටිය අය ගැන. පිළිවෙල නම් මේ වෙනකොට මට අමතකයි.  

අපේ සුභාෂිණී මිස්, ලඟකදී දහම් පාසැලට ආවත් කැපවෙලා වැඩ කරන ගුණගරුක හැමෝම එක්ක සහයෝගෙන්  විහිළුවෙන් හිටිය     මිස් කෙනෙක්.

 ඊලඟට සන්ධ‍යා මිස්, දරුවොන්ගෙ වැඩ අස්සෙත් අපේ දහම් පාසැලේ දරුවන් උදෙසා කැපවෙලා වැඩ කරන දක්ෂ ගුරුතුමියක්.
ඩිලාන් පුතා, මහත් කැපවීමෙන් ක්‍රියාකරන අපිට මේ ගමනට බස් රථය හා සමහර දේවල් සපයා දීල උනන්දුවෙන් උපකාර කල ගුරුතුමෙක්.

අපේ අසින්තා මිස්. මේ ගමනට අවශ්‍ය බෙහෙත් හේත් සැපයූවත් ඒවා තමන් පාවිච්චි නොකල, මග දිගට වමනෙ දැම්ම ඒ උනාට දක්ශලෙස බෙර වාදනය කරන ගීත ගයන ගුරුතුමියක්.

වෙනුර පුතා, පුතාගෙ ගෙදර බොහොම ප්‍රශ්න තිබුනත් අපිත් එක්ක හැකි හැම වෙලාවෙම මේ වැඩ කටයුතුවලට බොහොම කැමැත්තෙන් ඉදිරිපත් වෙන නිතරම නපුරිත් එක්ක පැටලෙන දහම් පාසැල් වැඩ වලට  සහාය දෙන ගුරුතුමෙක්.

සර්ගෙ ලොකු පුතා. හැම වෙලාවෙම සර්ත් එක්ක ඇවිත් රාත්‍රිය වෙනකල් සමහරදාට පුහුණුවීම් වලට උදව් උන, ගිටාර් වාදනයෙන් අපිට සහායවුනු පුතෙක්.

සර්ගෙ පොඩි පුතා අපි කාගෙත් හුරතලා. දක්ශ ලෙස ගීත ගයන,  වාදනයෙන් උදව්වෙන හැම වෙලාවෙම නාන්නම බලාගෙනම හිටිය, නිතරම අක්කලා සමඟම ගැවසුන හුරතල් කතා කියමින් දබර කර ගත්ත පුතෙක්.

අපේ රසිකා මිස්, පෞදගලික අවශ්ය‍යතාවයක් පසුවට කල් දාගෙන බොහොම කැපවීමෙන් මේ ගමනට සහභාගිවෙලා දක්ශ ලෙස ගීත ගායනාකල ගුරුතුමියක්. එතුමියගේ අනාගත ජීවිතය සරවප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! කියා ප්‍රාර්ථනා කරනවා සෙනෙහසින්ම.

ඊළගට අපේ නපුරී, නෑ….. නෑ…….. අපේ සුදු දුව!  ඒ තමයි අපේ අයෝමි මිස්. නිතරම කටකාර වචන කියන රණ්ඩුවට බර ඒ උනාට හොඳ හදවතක් තියෙන සින්දු කියන්න බෑ කිව්වට බස් එකේදි ලස්සනට, නොනවත්වාම සින්දු කිව්ව දඟකාර, කටකාර, ගුණගරුක , දහම්පාසලට හිතැති ගුරුතුමියක්.

ඊලඟට පද්මලතා මිස්. ගොඩාක් කරදර මැද්දෙ දරුවන් ලොකුමහත් කරගෙන ඉන්න දිරිය කාන්තාවක් වගේම දහම් පාසැලේ හැම වැඩකටම නොපැකිලවම සහාය දෙන ගුරුමෑණි කෙනෙක්.

ඊගාවට ලක්ෂ්මි මිස්. ඒ මිස් මේ වැඩසටහනෙදි පුළුවන් විදිහට හැම දෙයකටම සහභාගි වෙමින් උපකාර කල දක්ශ ගුරුවරියක්.

ඊළඟට කුමුදුණි මිස්. දරුවන් දෙන්නෙක් ගෙ විභාග වැඩ කටයුතු මැද්දෙ, දහම් පාසැලේ හැම කාර්ය්‍යකටම සහභාගීවෙන නිතරම ගුරුහරුකම් දෙමින් හැමෝම එක්ක සුහදව කටයුතුකරන, මේ ගුරුවරියන් දරුවන් සේ බලා ගත්ත ආරක්ශා කල ගුරුමෑණි කෙනෙක්.

ඊළඟට හිටියෙ අපේ දහනායක මිස්. මිස් තමයි ඉන්න වැඩිහිටිම මිස්. බොහොම ආසාවෙන් අසනිප තත්වයන් මැද උනත් දහම් පාසැලේ වැඩ වලට සම්බන්ධ වෙන්නෙ. අපේ මහත්තයා දෙන කැඳවේල හදන්නෙත් ඒ මිස්. ඒ හැම දේම කරගෙන මේ ගමනට සහභාගි උනේ. නම වතාවක් කතරගම ආවත් සිතුල්පව්වට ඒ එකපාරක් වත් ගිහින් නැති උනත්, අද මේ ගමනෙදි හැමෝගෙම උදව්වෙන් උඩටම ගිහින් සිතුල්පව්ව රාජ මහා විහාරය බොහොම භක්තියෙන් වැඳපුදා ගත්ත ගුරුතුමියක්.

ඊළඟට හිටියෙ මම. මම ගැන කිව්වෙ, "මගෙ වැඩ කටයුතු වලට ඉස්සරහිනුත් පිටිපස්සෙනුත් ඉන්න මගෙ යෙහෙලියක් වගේ කටයුතු කරන. " ළමයින්ට බනින කොට , දොස් කියන කොට මාව කොනිත්තන, නිතරම මට සහාය වෙන, හැම දේම සොයා බලන මගෙ බිරිඳ. ………….. ඉතිරිය අමතකයි.

ඊළඟට රෝහිත සර් ගැන. අපේ වාසනාවට අපිත් එක්ක එකතු වෙච්ච හොඳ හදවතක් තියෙන දක්ශ ගුරුවරයෙක්. ගීත ගායනා කරන්න අපිට ඉතා ඉවසීමෙන් ඉගැන්වූ දක්ෂ ගුරුතුමෙක්. ගයන්නට බැරිව හිටිය අය ගායක ගායිකාවන් බවට පත් කල , මේ වැඩ සටහන ඉතාමත් හොඳින් සාර්‍ථකව නිමා කරන්න උදව් කල ඉතා නිහතමානී ගුරුතුමෙක්.



සර් ගෙ බිරිඳ, හැම වෙලාවෙම අපේ කරදර ඉවසා සර්ට මේ කටයුත්ත කරගෙන යන්න උදව් කල, අපිත් එක්ක බොහොම සුහදව ගමනට සහභාගි උන ප්‍රියමනාප සුහද ශීලී මිස් කෙනෙක්.

ඊළඟට අපේ ඩිලාන්ගෙ මල්ලි. අපිත් එක්ක ගමනට සහභාගි වෙලා නොයෙක් අයුරින් උදව් උපකාර කල බස් එකේ හැමදෙයක්ම බලා ගෙන පිරිසිදුකල  චාමර පුතා.

ඊගාවට අපේ බස් රථයේ රියදුරු මහතා වන ඩිලාන් පුතාගෙ මාමා. අපිව කරදරයක් නැතුව සුව පහසුව මේ තාක් කල් ගෙනාව, නපුරී   අංකල් කියල දොස් අහපු, වන්දනා නඩයට ඕනෙ ඕනෙ තැන්වල  අරන් ගිය මාමා හෙවත්  අංකල් උනාට තාම තරුණ තුෂාර පුතා.










ඔන්න ඉතින් කට්ටියම ගැන අපේ මහත්තයා කියපුවා. ඒ විදිහටම මට දැන් මතක නෑ. එයාලගෙ පින්තූර ටික දාන්න ඉල්ලුවම , මට ලැබුනෙ සති ගානක් පරක්කුවෙලා. ඉතින් අර කියාපු කරපුවා මතක තියේවි ද? කවුරුත් මට දොස් කියන එකක් නැතිවෙයි කියල හිතනවා. ඉතින් සැමටම ස්තූතියි! කියල කතාව නතර කලා.

දහනායක මිස් අපේ මහත්තයා ඇතුළු සියලුම දෙනාට අනේක වාරයක් පින් දෙමින්, ස්තූතිය පුදකරමින් ස්තූති කතාව සිදුකලේ කදුළු පිරි දෙනෙතින්.

අදට හරියටම අපි ගමන ගිහින් මාසයක් ගතවෙලා.


ඒ සොඳුරු මතකය අදටත් හරිම සුන්දරයි. සැමටම ස්තූතියි! වගේම බොහොම පින්!




ධම්ම පදය - බාල වග්ගය 71 ගාථාව

      න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ පවිටු කෙනා කරනා පව් – මීකිරි මිදෙනා වේගෙන් සැණෙකින...