බුද්ධගයාවේ අසිරිමත් බුදුපිළිම වහන්සේ!

Saturday, August 4, 2012

ථේරි ගාථා 17

 

ධම්මා තෙරණිය ගේ ගාථාව.

මං හිටියෙ ගොඩාක් දුර්වල වෙලා. හැරමිටියෙ එල්ලී ගෙන පිණ්ඩපාතෙ වඩින කොට මගේ අත්පා වෙව්ලනවා. ඉතින් මාව එතැනම බිම වැටුණ. ඒ වෙලාවෙ මේ ශරීරයේ ආදීනව හොඳට ප්‍රකට උනා. මගේ සිත කෙලෙසුන් ගෙන් නිදහස් වුණා.

මේ වනාහී ධම්මා නම් රහත් තෙරණිය වදාල ගාථාවයි.

10 comments:

  1. මේ විදිහෙ අවස්ථා අපේ ජීවිතය තුළත් කීවරක් උදා වෙනවද? ඒත් අපි ඒ ඔස්සේ නිවැරදිව හිත මෙහෙයවන්නෙ නැති හින්දා අපි ප්‍රමාදයි. එහෙම බලද්දි, මේ ථෙරණියන් වහන්සේලා කොයිතරම් උතුම්ද?

    ReplyDelete
    Replies
    1. අනේ ඇත්තමයි නංගි, අපේ මහත්තයා නිතරම කියනවා දොස්තර නෝනලා තමයි මේ කයේ ආදීනව නිතරම දකින්නෙ, එයාලාට තමයි ඉක්මණින්ම රහත් වෙන්න පුලුවන්නෙත් ඒ උනාට මේ බව පසක් වෙන්නෙ කීයෙන් කී දෙනාට ද? කියල.

      Delete
  2. නලිනි කිවුවා වගේ අපි මේ ගැන හිතනවා මදි.. ඒ වගේම ඒ සඳහා සංසාර පුරුද්දත් වැදගත් නොවැ.. තුති චන්දි අක්කා..

    ReplyDelete
    Replies
    1. බොහොම පින්, මෙහෙම ටිකක් හරි හිතනවා නම් ඒ සසර ගමන අපි හැමෝටම පහසු වේවි. කියනවානේ අසුබය මොහොතක් හරි වඩනවා නම් ඒ කෙනාගෙ සසර දිග වෙන්නෙ නෑ කියල. එහෙම නේද චතුර මල්ලි. ඔබ හැමටම මේ ජීවිතයේ දීම සත්‍යාවබෝධය ලැබේවා!

      Delete
  3. ඔබ දහමට ගොඩක් ලැදි බව පේනවා..මගේ මවත් එහෙමයි!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!හිරු, ඔයාගෙ බ්ලොග් හරිම සංවේදී, ඒ නිසාම මම හිතුවා තිසරණ සරන ගිය කෙනෙක් කියා. ඔයාල වගේ දරුවන් රටටම වාසනාවන්. මේ හොඳ ගතිගුණ කිසිවේටෙකත් මකා ගන්නට එපා. ඔයාගෙ අම්මා වගේම මාත් දරුවන්ට හරිම ආදරෙයි. ඒ ආදරය තමයි මේ ලොවට දෙන්නෙ.

      Delete
  4. ජීවිතයෙදි අපිට මේ සංසාරගමන ගැන හිතන්න කොයිතරම් නම් අවස්ථා එනවද.. ඒත් නැවතිල්ලක් නැතිව දුවන ගමනේ එක මොහොතක නැවතිලා ඒ ගැන හිතනවට වඩා තව තවත් ඒ ගමන දිගු කරගන්න කරන උත්සහ වැඩියි..
    ගොඩක් ස්තූතියි ආලෝකයට..!!!

    ReplyDelete
  5. ඇත්ත නන්දු. ඒ ගැන අපි හිතන්නෙම නැති තරම්. ගොඩාක් ස්තූතියි! ආලෝකය දකින්නට ආවට.

    ReplyDelete
  6. නිවී සැනසුන ජීවිත කොයිතරම් උතුම් ද... මේ ගැන කියලා දෙනවට ඔබතුමියට බොහොම පින්!

    ReplyDelete
  7. හිත නිවෙන ඉසව්වකට ගොඩවැදුනා කියන හැඟිමක් ඇතිවුණා චාන්දි.හරිම ලස්නනයි

    ReplyDelete