බුද්ධගයාවේ අසිරිමත් බුදුපිළිම වහන්සේ!

Saturday, March 31, 2018

ධම්මපදය – පුප්ඵ වර්ගය 9 -10


යථාපි පුප්ඵරාසිම්හා – කයිරා මාලාගුණේ බහූ
එ්වං ජාතේන මච්චේන – කත්තබ්බං කුසලං බහුං
සුවඳ සුපිපි මල් අරගෙන – ගොතයි නේක මල් මාලා
එලෙසින් ලොව උපන් කෙනා – කළ යුතුමයි පින් මාලා
සැප හා සැනසුම ලැබෙනා – කුසල් වැඩිය යුතු නිතිනා
නිරතුරු පින් කළ යුතුමයි – මාලා ගොතනා ලෙසිනා

විශාඛා මහෝපාසිකාව ගැන ඔබ කවුරුත් දන්නවා. එතුමිය තමයි මේ බුද්ධ ශාසනයේ ප‍්‍රධානම උපාසිකාව වුනේ. එතුමියට දන් පැන් පූජා කරන උපාසිකාවන් අතර අග‍්‍ර දායිකාව බවට අගතනතුරු ලැබුණා. උපාසකවරුන් අතරේ ඒ අගතනතුර ලැබුණේ අනේපිඬු සිටුතුමාටයි.
මෙම විශාඛා මහෝපාසිකාව සෝතාපන්න බවට පත්වුනේ සත්හැවිරිදි වියෙහිදීයි. එතකොට ඇය සිටියේ අංග ජනපදයේ භද්දිය කියන නගරයේ. සැවැත් නුවර මිගාර සිටාණන්ගේ පුත‍්‍රයා වන පූර්ණවර්ධන සිටුවරයාට විවාහ කරදීම නිසයි ඇය සැවැත් නුවරට පැමිණියේ. මිගාර සිටුපවුල කලින් නිගණ්ඨ නාතපුත‍්‍රගේ ශ‍්‍රාවකයන්. නමුත් විශාඛාව ඉතාමත් බුද්ධිමත්ව නිර්භීතව අභිමානවත්ව කටයුතු කිරීම නිසා එ් මුළු පවුලම තෙරුවන් සරණ ගියා. බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයන් බවට පත්වුණා.
එ් වගේම විශාඛා භික්ෂූන් වහන්සේලාට උපස්ථාන කළේ මවක් දරුවන්ව රැකගන්නා ආකාරයටයි. ඔබ දන්නවා ඇති විශාඛා පංචකල්‍යාණයෙන් යුක්තයි. එ් කියන්නේ ඇයට ඉතාමත්ම සෝභාසම්පන්න කේශ කලාපයක් තිබුණා. එ් කේශ කල්‍යාණයයි. ඇයගේ ශරීරයේ අත් පා ආදිය ඉතා සෝභාසම්පන්නව පිහිටා තිබුණා. එය මාංශ කල්‍යාණයයි. ඇයට ඉතාමත්ම අලංකාර සුදෝසුදු දත් දෙපෙළක් තිබුණා. එය අස්ථි කල්‍යාණයයි. ඇයට රන්වන් පැහැයෙන් දිලෙන සමක් තිබුණා. එය ඡවි කල්‍යාණයයි. ඇය දරුවන් විසි දෙනෙකුගේ මවක් වෙලා සිටියදී පවා ඉතාමත් ආකර්ෂණීය රූපයක් තිබුණා. ඇයගේ වයස කිසිකෙනෙකුට කියන්නට බැහැ. දියණිවරුන් අතරේ, මිණිබිරියන් අතරේ පවා ඇය දිස්වුණේ දියණියක් වගේ. එය වයඃ කල්‍යාණයයි. එ් වගේම ඇයට මහාලතාපසාදනී නමින් ආභරණයකුත් තිබුණා. දඹදිව එවැනි වටිනා ආභරණ තුනක් තිබුණා. එකක් විශාඛා මහෝපාසිකාව සතු වුණා. අනෙක බන්ධුල මල්ලිකාව සතු වුණා. අනෙක බරණැස සිටුතුමාගේ දියණිය සතු වුණා.
දිනක් විශාඛාව මංගලෝත්සවයකට යන්නට මෙම ආභරණය පැළඳගත්තා. විසිහත් කෝටියක් වටිනා එම ආභරණය පැළඳගත් විට ඇයව මුළුමනින්ම බබලනවා. එය පැළැඳ ඇය ගමන් කරන විට ඇයගේ සිරුරින්
රැස් විහිදෙනවා. ඉතින් එදා ඇය මංගලෝත්සවයට යන අතරේ ගිලන් වූ භික්ෂුවක් ගැන දැනගන්නට ලැබුණා. ඇය කෙළින්ම දෙව්රම් විහාරයට යන්නට පිටත් වුණා. එහෙත් ඇය මහාලතාපසාදනී නම් ආභරණය සමඟ වෙහෙරට යන්නට කැමති වුණේ නෑ. ඇය එම ආභරණය සිරුරෙන් ඉවත් කොට දාසියට දුන්නා. ඉන්පසු එ් ගිලන් ස්වාමීන් වහන්සේව බැහැදකින්නට ගොස් ඇපඋපස්ථාන කටයුතු සොයා බැලුවා. ඇය කටයුතු අධික බැවින් ආපසු යන්නට පිටත් වුණා. අතරමගදී ඇයට මහාලතාපසාදනිය මතක් වුණා. එය රැගෙන එන්නට දාසිය පිටත් කළා. එ් වන විට එ් මහාලතාපසාදනිය විහාරයේ පසෙක තිබෙනු දුටු ආනන්ද තෙරුන් වහන්සේ සුරක්ෂාව පිණිස එය වෙන තැනකින් රැගෙන තිබ්බා. මෙය දැනගත් විශාඛාව මෙහෙමයි කල්පනා කළේ. ‘දැන් මේ ආභරණය ආර්යයන් වහන්සේලාගේ අතින් අරගෙන පැත්තකින් තියපු දෙයක්. එ් නිසා මං මෙය පරිහරණය කරන එක හරි නෑ. එ් නිසා මං මෙය විකුණනවා. විකුණලා සංඝයාට කැප වූ විශේෂ දෙයක් කරනවා’ කියලා ඉතාම සතුටින් මෙම ආභරණය ගෙන්වා ගෙන සල්පිලට ගෙනිච්චා.
මෙය විසිහත් කෝටියකට ගන්නට කවුරුත් නෑ. අන්තිමේදී විශාඛාව විසින්ම විසිහත් කෝටියක ධනයදී එ් ධනය ගැලක පටවා ගෙන වෙහෙරට ගියා. බුදුරජාණන් වහන්සේට වන්දනා කොට මෙසේ පැවසුවා.
“ස්වාමීනී, ආනන්දයන් වහන්සේ විසින් මහාලතාපසාදනී අතින් ස්පර්ශ කොට පසෙකින් තිබ්බා. එතැන් පටන් එය මට පරිහරණය කරන්නට සිතෙන්නේ නෑ. මහා ගෞරවයක් ඇතිවෙනවා. ආර්යයන් වහන්සේ නමක් අතින් ස්පර්ශ කරපු දෙයක් ආර්යයන් වහන්සේලා කෙරෙහි මේ සා ආදර ගෞරව දක්වන මා කොහොමද පරිහරණය කරන්නේ? ඉතින් ස්වාමීනී, මං එය විකුණන්නට සල්පිලට ගෙනිච්චා. එය ගන්නට කිසිවෙක් නෑ. එය මම ම මිලට ගත්තා. එ් මුදල් මේ ගැල්වල පටවාගෙන ආවා. ස්වාමීනී, මං මෙයට මොකද කරන්නේ?”
“එහෙම නම් පින්වත් විශාඛා, නැගෙනහිර දොරටුවේ සංඝයාට වාසය කිරීම පිණිස විහාරයක් තනවන්න.”
ඉතින් විශාඛා ඉතාම සතුටින් යුතුව කෝටි නවයක් වියදම් කොට භූමිය මිලට ගත්තා. කෝටි නවයක් වියදම් කොට යට මහලේ කාමර පන්සියයකින් යුතුව, උඩු මහලේ කාමර පන්සියයකින් යුතුව කුටි දහසක විහාරයක් කෙරෙව්වා. නව කෝටියක් වියදම් කොට උත්සවාකාරයෙන් එය බුදුරජාණන් වහන්සේ ප‍්‍රමුඛ සංඝයාට අතපැන් වත්කොට පූජා කළා.
එය පූජා කළ දවසේ ඇය පුදුමාකාර සතුටකට පත්වුණා. සතර මාසයක් මුළුල්ලේ බුදුරජාණන් වහන්සේ ප‍්‍රමුඛ භික්ෂුසංඝයාට දන්පැන් පූජා කළා. අවසාන දවසේ දසදහස් ගණන් භික්ෂූන් වහන්සේලාට තුන්සිවුරු පූජා කළා. මේ ආකාරයට විසිහත් කෝටියක් වියදම් කරවමින් පූර්වාරාම මහා විහාරය බුද්ධශාසනයට පූජා කළා. ඇය එදා මහා සතුටට පත්වෙලා දූ දරුවන්, යහළු යෙහෙළියන් පිරිවරාගෙන මිහිරි ගී ගය ගයා පූර්වාරාමය වටේ ඇවිද ඇවිද ගියා.
ඉතාමත් මිහිරි හඬින් ඇය මෙලෙසින් ගායනා කරමින් පූර්වාරාමය වටේ ඇවිදින විට භික්ෂූන් වහන්සේලා එ් ගැන බුදුරජාණන් වහන්සේට දැනුම් දුන්නා.
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, විශාඛා මහෝපාසිකාව ඉතාම නිශ්ශබ්දව කටයුතු කළ කෙනෙක්. මහ හඬින් කතා කළේ නැහැ. සියලු දෙනාටම ආදර්ශවත් වුණා. එහෙත් ස්වාමීනී, අද ඇයගේ වෙනසක් පේනවා. කිසිම අමුත්තක් නැතුව මහ හඬින් ගීත ගයමින් ප‍්‍රාසාදය වටා ඇවිදිනවා. සාර මාසයක් මුළුල්ලේ වෙහෙස මහන්සි වී දන්දීම නිසා පිත කිපුණා වත්ද? සෑහෙන්න නිදිවැරීම නිසා උමතු වුණා වත්ද?”
“පින්වත් මහණෙනි, විශාඛාව ගී ගයන්නේ ඇයගේ සසරේ පැතුමක් ඉටුවීම නිසයි. ඇය ඔය ගායනා කරන්නේ උදාන ගී” යයි වදාළ බුදුරජාණන් වහන්සේ යළි මේ ගාථා රත්නය මිහිරි හඬින් වදාළා.

 මල් මාලා ගොතන කෙනෙක් හැම තිස්සේම කල්පනා කරන්නේ ලස්සන මල් එකතු කිරීම ගැනයි. එයා යන යන තැන සොයා බලන්නේ ලස්සන මල් තියෙන්නේ කොහේද කියලයි. එ් එ් තැනට ගිහින් මල් නෙලා ගන්නවා. හොඳින් පරිස්සම් කරගන්නවා. ඉතාම අලංකාර ලෙස මල් මාලයට අමුණා ගන්නවා.
බුදුරජාණන් වහන්සේ වදාළේ එ් විදිහට අපිත් කටයුතු කළ යුතු බවයි. පින ළඟට එනකම් බලාගෙන සිටීම නුවණක්කාර වැඩක් නොවෙයි. පිනට ආසා කෙනා පින සොයාගෙන යන්නට ඕන. විශාඛාව පූර්වාරාමය පූජා කරන දවසේ විශාඛාවගේ යෙහෙළියකට සංඝයා උදෙසා ලක්ෂයක් අගනා වස්ත‍්‍රයක් පූජා කරන්නට ඕන වුණා. ඇය එය එළන්නට සුදුසු තැනක් මුළු පූර්වාරාමයේම ඇවිද ඇවිද සෙව්වත් සොයන්නට බැරිව ගියා. ඇයට ලොකු දුකක් ඇති වුණා. අන්තිමේදී පසෙකට වී හඬ හඬා සිටියා. ඇයගේ හැඬුම අසා ආනන්ද ස්වාමීන් වහන්සේ එතනට වැඩියා.
“පින්වත් දියණිය, හඬන්නේ ඇයි?”
“අනේ ස්වාමීනී, මට මේ පිනට සහභාගී වෙන්නට ලොකු ආසාවක් තිබුණා. එ් නිසයි මේ ලක්ෂයක් අගනා වස්ත‍්‍රය අරගෙන ආවේ. මෙය අතුරන්නට තැනක් සොයනවා සොයනවා. සොයා ගන්නට නැහැ.”
ආනන්ද ස්වාමීන් වහන්සේ ටිකක් වෙලා කල්පනා කළා. එයට සුදුසු තැනක් මතක් වුණා.
“පින්වත් දියණිය, දුක් වෙන්න එපා. මං ඔබට තැනක් කියන්නම්. අර පඩිපෙළ මුල පේනවාද? අන්න එතන තියෙනවා සංඝයා පා දෝවනය කරන තැන. සංඝයා පා දොවා අවසන් වූ ගමන් පා පිස්නාවක් හැටියට ඔබ එතන මෙය එළන්න. එය ඔබට මහත්ඵල ලබා දේවි.”
ඉතින් ඇය ලක්ෂයක් අගනා ඇතිරිල්ල සංඝයා හට පා පිස්නාවක් කොට පූජා කළා.
මේ අයුරින් පින් කරනා කෙනා කවුරු මොනවා කිව්වත් තමන්ගේ පුණ්‍ය කටයුතු කඩාකප්පල් කරගන්නේ නෑ. දිගටම කරගෙන යනවා. ඔබත් දක්ෂ මල්කාරයෙක් මල් රාශියක් නෙලා ගෙන ලස්සන මල් මාලා ගොතනවා වගේ සෑම විටම පින් කිරීමට මහන්සි වෙන්න.


Those Born Into This World Must Acquire Much Merit

As from a mass of flowers
many a garland may be made,
so by one born mortal
should many good deeds be done.
Explanation: The deft maker of garlands takes a variety of flowers. Out of these he creates garlands of different strands and variegated arrangements. In the same way, those who are born into this world should, out of their lives, create good, wholesome, meritorious actions of a vast variety.




The Story of Visakha
While residing at the Pubbarama monastery in Savatthi, the Buddha uttered Verse (53) of this book, with reference to Visakha, the famous donor of the Pubbarama monastery.
Visakha was the daughter of a rich man of Bhaddiya, named Danancaya, and his wife Sumanadevi, and the granddaughter of Mendaka, one of the five extremely wealthy men of King Bimbisara's dominions. When Visakha was seven years old, the Buddha came on a tour to Bhaddiya. On that occasion, the rich man Mendaka took Visakha and her five hundred companions with him to pay homage to the Buddha. After hearing the discourse given by the Buddha, Visakha, her grandfather and all her five hundred companions attained Sotapatti Fruition.
When Visakha came of age, she married Punnavadahana, son of Migara, a fairly rich man from Savatthi. One day, while Migara was having his meal, a bhikkhu stopped for alms at his house; but Migara completely ignored the bhikkhu. Visakha, seeing this, said to the bhikkhu, "I am sorry, your reverence, my father-in-law only eats leftovers." On hearing this, Migara flew into a rage and told her to leave his house. But Visakha said she was not going away, and that she would send for the eight elderly rich men who were sent by her father to accompany her and to advise her. It was for them to decide whether she was guilty or not. When the elders came, Migara said to them, "While I was having my rice-with-milk in a golden bowl, Visakha said that I was taking only dirt and filth. For this offence, I'm sending her away." Thereupon, Visakha explained as follows: "When I saw my father-in-law completely ignoring the bhikkhu standing for alms-food, I thought to myself that my father-in-law was not doing any meritorious deed in this existence. he was only eating the fruits of his past good deeds. So, I said, 'My father-in-law only eats leftovers.' Now Sirs, what do you think, am I guilty?" The elders decided that Visakha was not guilty. Visakha then said that she was one who had absolute and unshakable faith in the Teaching of the Buddha and so could not stay where the bhikkhus were not welcome; and also, that if she was not given permission to invite the bhikkhus to the house to offer alms-food and make other offerings, she would leave the house. So permission was granted to her to invite the Buddha and his bhikkhus to the house.
The next day, the Buddha and his disciples were invited to the house of Visakha. When alms-food was about to be offered, she sent word to her father-in-law to join her in offering food; but he did not come. When the meal was over, again she sent a message, this time requesting her father-in-law to join her in hearing the discourse that would soon be given by the Buddha. Her father-in-law felt that he should not refuse for a second time. But his ascetic teachers, the Niganthas, would not let him go; however, they conceded that he could listen from behind a curtain. After hearing the Buddha's discourse Migara attained Sotapatti Fruition. He felt very thankful to the Buddha and also to his daughter-in-law. Being so thankful, he declared that henceforth Visakha would be like a mother to him, and Visakha came to be known as Migaramata.
Visakha gave birth to ten sons and ten daughters, and ten sons and ten daughters each were born to everyone of her children and grand-children. Visakha possessed an immensely valuable gem-encrusted cloak given by her father as a wedding present. One day, Visakha went to the Jetavana monastery with her entourage. On arrival at the monastery, she found that her bejeweled cloak was too heavy. So, she took it off, wrapped it up in her shawl, and gave it to the maid to hold it and take care of it. The maid absentmindedly left it at the monastery. It was the custom for the Venerable Ananda to look after the things left by any one of the lay disciples. Visakha sent the maid back to the monastery saying, "Go and look for the bejeweled cloak, but if the Venerable Ananda had already found it and kept it in a place do not bring it back; I donate the bejeweled cloak to the Venerable Ananda." But the Venerable Ananda did not accept her donation. So Visakha decided to sell the bejeweled cloak and donate the sale proceeds. But there was no one who could afford to buy that bejeweled cloak. So Visakha bought it back for nine crores and one lakh. With this money, she built a monastery on the eastern side of the city; this monastery came to be known as Pubbarama.
After the libation ceremony she called all her family to her and on that night she told them that all her wishes had been fulfilled and that she had nothing more to desire. Then reciting five verses of exultation she went round and round the monastery. Some bhikkhus hearing her, thought she was singing and reported to the Buddha that Visakha was not like before, and that she was going round and round the monastery, singing. "Could it be that she had gone off her head?" they asked the Buddha. To this question, the Buddha replied, "Today, Visakha had all her wishes of the past and present existences fulfilled and on account of that sense of achievement, she was feeling elated and contented; Visakha was just reciting some verses of exultation; she certainly had not gone off her head. Visakha, throughout her previous existences, had always been a generous donor and an ardent promoter of the Doctrine of successive Buddhas. She was most strongly inclined to do good deeds and had done much good in her previous existences, just as an expert florist makes many garlands from a collection of flowers."  






ඔබ දන්නවා ඇති අපේ බුදුරජාණන් වහන්සේට නිරන්තරයෙන් උපස්ථාන කරන පින්වත් ස්වාමීන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ තමයි ආනන්ද නමින් හඳුන්වන්නේ. එ් ආනන්ද ස්වාමීන් වහන්සේ ඉතාමත්ම ශ‍්‍රද්ධාවෙනුයි බුදුරජාණන් වහන්සේට ඇප උපස්ථාන කළේ.
දිනක් ආනන්ද ස්වාමීන් වහන්සේ සවස් වරුවේ භාවනා කරමින් සිටින විට මෙවැනි සිතුවිල්ලක් ඇතිවුණා.
‘අපගේ ස්වාමී වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සුවඳ වර්ග තුනක් ගැන අපට වදාළා. එ් තමයි මුල් වලින් හමන සුවඳ, අරටුවෙන් හමන සුවඳ, එ් වගේම මල් සුවඳ. ඇත්තෙන්ම මේ සුවඳ හමන්නේ යටි සුළඟේ විතරයි. උඩු සුළඟට හමන්නේ නෑ. ඉතාමත් ඈතට විහිද යන්නෙ නෑ. නමුත් අපි නොදන්නා ඈතට විහිද යන සුවඳ වර්ග ගැන බුදුරජාණන් වහන්සේ දන්නවා ඇති. එ් ගැන මං දැනගන්න කැමතියි’ කියා කල්පනා කළා.

ඉතින් බුදුරජාණන් වහන්සේ බැහැදැක ආදරයෙන් වන්දනා කළ
 ආනන්ද ස්වාමීන් වහන්සේ ‘ඈත එපිට දක්වා විහිද යන සුවඳ කුමක්ද?’ 
කියා අසා සිටියා. එවේලෙහි බුදුරජාණන් වහන්සේ ඈතට විහිද යන්නේ
 කවර සුවඳක්ද යන වග මේ අයුරින් පහදා දුන්නා.
“පින්වත් ආනන්ද, එක්තරා සුවඳක් තියෙනවා. එ් සුවඳ උඩු සුළඟටත්
 හමනවා. යටි සුළඟටත් හමනවා. හැම දිශාවටත් හමනවා. එය හොඳම 
හොඳ සුවඳක්.”
“ස්වාමීනී, එ් සුවඳ කුමක්ද?”
“පින්වත් ආනන්ද, යම් ගමක හෝ ප‍්‍රදේශයක කාන්තාවක් හෝ 
පුරුෂයෙක් හෝ බුදුරජාණන් වහන්සේව සරණ ගියොත්, ධර්මය සරණ 
ගියොත්, ආර්ය සංඝයා සරණ ගියොත්, එ් වගේම එ් තැනැත්තිය හෝ
තැනැත්තා සතුන්මැරීමෙන් වැළකී සිටිනවා නම්, සොරකමින් වැළකී 
සිටිනවා නම්, වැරදි කාම සේවනයෙන් වැළකී සිටිනවා නම්,
බොරු කීමෙන් වැළකී සිටිනවා නම්, මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් 
වැළකී සිටිනවා නම්, එ් වගේම සිල්වත් නම්, යහපත් ගුණධර්මයන් 
ගෙන් යුක්ත නම්, ලෝභ නැත්නම්, නිතර දන්පැන් පුදනවා නම්, 
අන් අයට උදව්පදව් කරනවා නම් එ් කෙනා ගැන ශ‍්‍රමණ බ‍්‍රාහ්මණවරු
 මෙහෙම කතා කරනවා. 
‘එම්බා පින්වත්නි, දන්නවාද? අසවල් ගමේ, අසවල් ප‍්‍රදේශයේ ස්ත‍්‍රියක්
 ඉන්නවා. පුරුෂයෙක් ඉන්නවා. මේ විදිහටයි තෙරුවන් සරණ ගිහින්
 ඉන්නේ. මේ විදිහටයි සිල් රකින්නේ. මේ විදිහටයි දන් දෙන්නේ’ 
කියල ගුණ කියනවා.
එපමණක් නොවෙයි, දෙවියනුත් ඔවුන්ගේ ගුණ කියනවා. ඉතින් 
පින්වත් ආනන්ද, උඩු සුළඟටත් හමනා, යටි සුළඟටත් හමනා, 
හැම දිශාවටත් හමනා, හොඳම හොඳ සුවඳ නම් එයයි.”
මෙය වදාළ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නය වදාළා.
න පුප්ඵගන්ධෝ පටිවාතමේති
න චන්දනං තගරමල්ලිකා වා
සතඤ්ච ගන්ධෝ පටිවාතමේති
සබ්බා දිසා සප්පුරිසෝ පවාති
නැත මල් සුවඳ උඩු සුළෙඟහි ගැවසෙන්නේ
තුවරලා සඳුන් හර නැත දුරට විහිදෙන්නේ
තිසරණ සිල් ගුණැති යහපත් මිනිසුන්නේ
ගතිගුණ ලොවෙහි පැතිරෙයි
මිහිරි සුවඳක් විලසින්නේ
චන්දනං තගරං වාපි – උප්පලං අථ වස්සිකී
එ්තේසං ගන්ධජාතානං – සීලගන්ධෝ අනුත්තරෝ
සඳුන් තුවරල සමන් මහනෙල් – සුවඳ විහිදෙන නමුත් සුළෙඟහි
පරදවා එ් සුවඳ මනකල් – උතුම් සිල් සුවඳ හමයි හැම කල්

Fragrance of Virtue Spreads Everywhere

The fragrance of flowers drifts with the wind
as sandalwood, jasmine of lavender.
The fragrance of virtue o’ersweeps the wind,
all pervasive is virtue of the good.
Explanation: The world knows, many a sweet smelling flower and fragrant object. But, the fragrance of these moves only leeward. None of these, however strong their fragrance may be, spread their sweet smell against the wind. But, in contrast, the sweet smell of virtue of a spiritually evolved individual spreads in all directions and is universally experienced.



The Story of the Question Raised by the Venerable Ananda
While residing at the Jetavana monastery, the Buddha uttered Verses (54) and (55) of this book, with reference to a question raised by the Venerable Ananda.
While the Venerable Ananda was sitting by himself one evening, the problem relating to scents and perfumes came to his mind and he pondered: "The scent of wood, the scent of flowers, and the scent of roots all spread with the current of wind but not against it. Is there no scent which would spread with the current of wind as well as against it? Is there no scent which would pervade every part of the world?" Without answering the question himself, the Venerable Ananda approached the Buddha and solicited an answer from him. The Buddha said, "Ananda, supposing, there is one who takes refuge in the Three Gems (the Buddha, the Dhamma, the Samgha), who observes the five moral precepts, who is generous and not avaricious; such a man is truly virtuous and truly worthy of praise. The reputation of that virtuous one would spread far and wide, and bhikkhus, brahmins and laymen all alike would speak in praise of him, wherever he lives."



No comments:

Post a Comment