බුද්ධගයාවේ අසිරිමත් බුදුපිළිම වහන්සේ!

Saturday, September 29, 2012

ථේර ගාථා 25



උභය තෙරුන් ගේ ගාථාව.

සූරිය වංශයේ උපන් බුදු සමිඳාණන් සුන්දර ලෙස වදාරන ලද දහම් පදයි මා අසාගත්තෙ.   මටත් ඒ සියුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධකර ගන්ට පුළුවන් වුණා.   ඒක හරියට ම දක්ෂ දුනුවායෙක් ඉලක්කයට ම ඊයෙන් විදින්නාක් වැනි වැඩක්.

මෙය වනාහී ආයුශ්මත් උභය නම් රහත් මුණිඳුන් වදාළ ගාථාව යි.

Friday, September 28, 2012

ධම්ම පදය 20



අප්පම්'පි චේ සහිතං භාසමානෝ
ධම්මස්ස හෝති අනුධම්මචාරි
රාගං ච දෝසං ච පහාය මෝහං
සම්මප්පජානෝ සුවිමුත්ත චිත්තෝ
අනුපාදියානෝ ඉධ වා හුරං වා
ස භාගවා සාමඤ්ඤස්ස හෝති.


තේරුම:-


ධර්මයේ හැසිරෙන පුද්ගලයා ධර්ම දේශණා කරන්නේ ටිකක් වෙන්ට පුළුවනි.  නමුත් ඔහු ඒ ධර්මයේ පිහිටලා රාග, දෙවේෂ, මෝහ දුරුකරනව. ධර්මාවබොධය තුළින් දුකෙන් නිදහස් වෙච්ච සිතක් ඇතිකර ගන්නව.  මෙලොව පරලොව කිසි දේකට ඔහු බැඳෙන්නෙ නෑ.  තමන් ගේ ශ්‍රමණ ජීවිතයෙන් උතුම් මග-ඵල ලබා ගැනීමේ හිමිකාරයා වන්නෙ අන්න ඒ භික්ෂුව තමයි.

( ජේතවනාරාමයේ දී යහළු තෙරුන් දෙ නමක්  අරභයා වදාල ගාථාවකි. )



Practice Ensures Fulfilment

 Appam pi ce saṃhita1 bhāsamāno,
dhammassa hoti anudhammacārī
Rāgañca dosañca pahāya mohaṃ,
sammappajāno suvimuttacitto
Anupādiyāno idha vā huraṃ vā,
sa bhāgavā sāmaññassa hoti.

Though few of the sacred texts he chant
in Dhamma does his practice run,
clear of delusion, lust and hate,
wisdom perfected, with heart well-freed.
Explanation: A true seeker of truth through he may speak only little of the Buddha's word. He may not be able to recite extensively from religious texts. But, if he belongs to the teaching of the Buddha assiduously, lives in accordance with the teaching of the Buddha, if he has got rid of passion, ill-will and delusion, he has well penetrated experience and is free from clinging to worldly things, he is a partaker of the life of a renunciate.

( Though little he recites the sacred texts, but acts in accordance with the eaching, forsaking lust, hatred and ignorance, truly knowing, with mind well freed, clinging to nothing here and hereafter, he shares the fruits of the holy life.)

Two Companion Monks

 
Of the two companions, one was a world-ling, but learned, the other was an Arahant though he knew only a little about the teachings. The learned monk did not practice meditation, but his companion realized nibbāna. Being conceited, the learned monk intended to embarrass the other by asking some questions in the presence of the Buddha. Knowing his ulterior motive, the Buddha asked some
practical questions about the Dhamma. The Arahant answered them all from his personal experience, but the learned monk could not, as he had not attained anything. The Buddha praised the Arahant who had practiced and understood the Dhamma well.

ථේරි ගාථා - දුක නිපාතෝ






ගාථා දෙක බැගින් වදාළ කොටස
( දුක නිපාතෝ )

ඇභිරූපී නන්දා තෙරණියගේ ගාථා.

පින්වත් නන්දා, නිතර ලෙඩ දුකින් පෙළෙන් , කුණු වෙලා යන මේ පිළිකුල් ශරීරය දෙස නුවණින්ම බලන්න. සිත හොඳට එකඟ කරගෙන අසුභ භාවනාව වඩන්න.

කෙලෙස් සටහන් නැති විදර්ශනාව වඩන්න. හිතේ තියෙන මානය මුලින් ම උදුරලා දාන්න. අවබෝධයෙන් ම මානය නැති කරල, උපශාන්තව ජීවත් වෙන්න.

මේ වනාහී භාග්‍යවතුන් වහන්සේ විසින් නන්දා නම් භික්ඛ්මානාවට නිරතුරුව අවවාද වශයෙන් වදාළ ගාථාවන්ය.

සංයුක්ත නිකාය - saththi vaggaya.



රෝද හතර  මුල්කොට වදාළ දෙසුම.
(චතු චක්ක සූත්‍රය )

සැවැත් නුවර ජේතවන අසපුවේ දී ය...

( දෙවියා )


"මහා වීර වූ මුනිඳාණනි, මේ වාහනේ ට රෝද හතරක් තියෙනව. දොරටු නවයක් තියෙනව. ඇතුලත පිරිල තියෙන්නෙ අසූචි වලින්. ආසාවත් එක්ක එකතුවෙලා තියෙන්නෙ. ( මව් කුස නැමති ) මඩ වගුරේ ඉපදිලා තියෙන්නෙ. මේ වාහනෙන් නිදහස් වෙන්නෙ කොහොමද? ''

 (භාග්‍යවතුන් වහන්සේ )

" රැහැනයි, වරපටයි සිඳින්නට ඕන. පාපී ආසාව යි ලෝභය යි සිඳින්නට ඕන. තණ්හාව මුලුමනින්ම උදුරල වීසිකරන්නට ඕන. අන්න එතකොට මේ වාහනෙන් නිදහස් වෙන්ට පුළුවනි."

සාදූ ! සාදූ !! සාදූ !!!

Sunday, September 23, 2012

ධම්ම පදය 19





බහුම්'පි චේ සහිතං භාසමානෝ -
න තක්කරෝ හෝති නරෝ පමත්තෝ
ගෝපෝ'ව ගාවෝ ගණයං පරේසං - 
න භාගවා සාමඤ්ඤස්ස හෝති.

තේරුම:-
ප්‍රමාදී පුද්ගලයා අනෙක් උදවියට කෙතරම් ධර්ම දේශනා කලත්, තමන් ඒ ධර්මය අනුගමනය කරන්නෙ නෑ. ඔහු අනුන්ගේ ගව පට්ටියක් පෝෂණය කරන ගොපල්ලෙක් වගෙයි. තමන්ගෙ ශ්‍රමණ ජීවිතයෙන් මාර්ග ඵල අවබෝධයකට හිමිකාරයෙක් වෙන්නෙ නෑ.

ජේතවනාරමයේදී යහළු තෙරුන් දෙදෙනෙක් අරභයා වදාළ ගාථාවකි.


Bahum pi ce saṃhita  bhāsamāno,
na takkaro hoti naro pamatto
Gopo’va gāvo gaṇayaṃ paresaṃ,
na bhāgavā sāmaññassa hoti.


Though much he recites the sacred texts, but acts not accordingly, that heedless man is like a cowherd who counts others’ kine. He has no share in the fruits of the holy life.

 Explanation: Some persons may know the words of the Buddha extensively and can repeat it all. But through utter neglect they do not live up to it. In consequence they do not reach any religions attainments. They do not enjoy the fruit of the recluse life. This is exactly like the way of life of a cowherd who looks after another's cattle. The cowherd takes the cattle to the pastures in the morning, and in the evening he takes them back to the owner's house. He gets only the wages.


Two Companion Monks
Of the two companions, one was a world ling, but learned, the other was an Arahant though he knew only a little about the teachings. The learned monk did not practice meditation, but his companion realized nibbāna. Being conceited, the learned monk intended to embarrass the other by asking some questions in the presence of the Buddha. Knowing his ulterior motive, the Buddha asked some practical questions about the Dhamma. The Arahant answered them all from his personal experience, but the learned monk could not, as he had not attained anything. The Buddha praised the Arahant who had practiced and understood the Dhamma well.

ථේරි ගාථා 18



සංඝා තෙරණියගේ ගාථාව.

මං ප්‍රියමනාප දූ දරුවන් අත් හැරිය. හරක බාන අත් හැරිය. මහණ වුණා. අන්තිමේ දී රාග ද්වේෂ ත් අත් හැරිය. අවිද්‍යාවත් නැති කළා. තෘෂ්ණාව මුලින්ම උදුරලා දැම්ම. උපශාන්ත වුණා. නිවුන කෙනෙක් වුණා.

මේ වනාහී සංඝා නම් රහත් තෙරණිය වදාළ ගාථාවයි.


එක ගාථාව බැගින් වදාළ කොටස නිමා විය.