Showing posts with label ථේර ගාථා. Show all posts
Showing posts with label ථේර ගාථා. Show all posts

Wednesday, May 17, 2017

ථේර ගාථා 36

ථේර ගාථා 36  

කුමා පුත්ත තෙරුන් ගේ ගාථාව.

බණ ඇසීම කොයි තරම් හොඳ ද. අහපු බණට අනුව ජීවත් වීම ඊටත් වඩා හොඳයි. හැම තිස්සෙම තණ්හාවෙන් තොරව ජීවත් වෙන එක හරිම හොඳයි. අහන බණ වල ōඅර්ථ නුවණින් විමසීමත් ඒ වගේම හොඳයි.  ඒ බණ ගෞරවයෙන් පිළිගැනීම  ම මොන ,තරම් හොඳ දෙයක්ද, අන්න එයාට තමා කෙලෙස් නැති  පුද්ගලයා ගේ "මහණකම " කියලා කියන්නෙ.  

මේ වනාහී   කුමා පුත්ත රහත් මුණිඳුන් වඳාල  ගාථාවයි. 

Friday, April 3, 2015

ථේර ගාථා 33





සාමඤ්ඤකානි තෙරුන් ගේ ගාථාව.

ඔහු වඩන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ මග තමා අමා නිවනට පමුණුවන සෘජු මාවත. සැප කැමතිව පිළිවෙත් පුරද්දි ලැබෙන්නේ සැපම යි. ඔහුගේ කීර්තියත් පැතෙරෙන්න පටන් ගන්නවා, යසසත් වැඩෙනවා.

මේ වනාහී ආයුශ්මත් සාමඤ්ඤකානි නම් මහ රහත් තෙරුන් වදාළ ගාථාවයි.

Thursday, March 5, 2015

ථේර ගාථා 32



සද්ධර්මය දන්නා භික්ෂුව උතුම් ලෙස සලකන්නේ කාන්තාවන්ගෙන් ඈත් වී සිටීම ම යි.  මං එදා ආරණ්‍යයෙන් ගමට ඇවිත් ගෙදරට ගියා. නමුත් යහනෙන් නැගිට මං පිටත් වෙලා ගියේ කිසිම දෙයක් නො කියාම යි. මගේ නම "පෝසිය" 


මේ වනාහී පෝසිය නම් වූ  රහත් මුණිඳුන් වදාළ ගාථාවයි.

Monday, December 16, 2013

ථේර ගාථා - 31



සෝපාක තෙරුණ් ගේ ගාථාව. 

තමන් ගේ එකම දරුවාට සෙනෙහෙවන්ත වෙන පරිද්දෙන් ම යි සියලු සත්වයන් ගැනම සෙනෙහෙවන්ත විය යුත්තේ.

 මේ වනාහී ආයුශ්මත් සෝපාක නම් රහත් මුණිඳුන් වඳාළ ගාථාවයි. 

Sunday, June 23, 2013

ථේර ගාථා - 30

   


සුප්පිය තෙරුන් ගේ ගාථාව.

"මං නම් මේ දිරා යන නිදහස් වෙලා නොදිරන නිවන කරාම යනවා. තැවි තැවී ඉන්න ජීවීතෙන් නිදහස් වෙලා නිවීම කරාම යනවා. පරම ශාන්තිය වූ අනුත්තර වූ ඒ අමා නිවනම සොයා ගෙන යනවා." 

මේ වනාහී ආයුෂ්මත් සුප්පිය නම් වු රහත් මුණිඳුන් වදාල ගාථාවයි.

Suppiya Thera;


I'll make a trade:

aging for the Ageless,
burning for the Unbound:
the highest peace,
the unexcelled rest
from the yoke.

Wednesday, April 24, 2013

ථේර ගාථා 29





උත්තිය තෙරුන් ගේ ගාථාව. 

මට ලෙඩ වුණ ගමන් සිහිනුවණ ඉපදුනා. " මං දැන් ලෙඩ වෙලා ඉන්නෙ. දැන් ඉතින් පමා නොවී මේ ධර්මයේ හැසිරෙන්නට යි කාලය උදා වුණේ."

මෙය වනාහී උත්තිය නම් රහත් මුණිඳුන් වදාල ගාථාවයි.

***පොහොය දිනට දමන සූත්‍ර ටික එක ලඟ දමන්නෙ. එවා සේරම කියවන්න. සැමට තෙරුවන් සරණයි!
http://piyumvila.blogspot.com/2013/04/3.html
http://piyumvila.blogspot.com/2013/04/6.html

Wednesday, December 26, 2012

ථේර ගාථා - 28



හාරිත තෙරුන් ගේ ගාථාව.


පින්වත් හාරිත,  ඔය සිත කම්මැලිකමින් ගොඩගන්න. හී වඩුවෙක් ඊයක ඇද හැර කෙළින් කරන විදිහට ඔබත් ඔය සිත සෘජු කරගන්න. ඔබටත් පුළුවනි අවිද්‍යාව නැතිකර දමන්නට.

මේ වනාහී අයුෂ්මත් හාරිත නම් රහත් මුණිඳුන් වදාළ ගාථාවයි.

Monday, November 26, 2012

ථේර ගාථා 27

අද  ඉල් පොහෝ දවසයි.  

 වස්සාන ඍතුවේ අවසාන පොහොය ඉල් පුර පසළොස්වක් පොහොයයි.

 මෛති‍්‍රය බෝසතුන් වහන්සේ විවරණ ලැබීම, ප‍්‍රථම ධර්ම දූත පිරිස වන රහතන්වහන්සේලා හැටනම ධර්ම ර්‍ප්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම, චීවර මාසයේ අවසාන පොහොය වීම, සැරියුත් මහ රහතන්වහන්සේගේ මව ධර්මය  අසා සෝවාන් වීම, සැරියුත් මහ රහතන්වහන්සේ පිරිනිවන් පෑම, ඉල් පොහොය දා සිදු වූ සුවිශේෂ සිදුවීම්ය. මෙම සිදුවීම් නිසා ඉල් පොහොය බෞද්ධයන්ට වැදගත් වේ.


සැරියුත් මහ රහතන්වහන්සේ පිරිනිවන් පෑම ට අවසර ඉල්ලීම.


මේ නිසා මේ ටිකේ පොස්ට් ටිකක් ලඟ ලඟ වැටුනා. එවා හැම දෙයක්ම කියවන්න සුපින්වත් ඔබට හැකිනම් එයයි මා ලද සතුට!


ජම්බුගාමික පුත්ත තෙරුන්ගේ ගාථාව.

 ඔබ සිවුරු වලට රෙදි සොය සොයා කල් ගෙවන්නේ නෑ නේද? ඇඟපත සරසන්නට කැමති කෙනෙක් නොවේ නේද? ඔබෙන් ඔය හමන්නෙ සිල් සුවඳ නේ? අනෙක් උදවිය ගෙන් නම් එවැනි සුවඳක් හමන්නේ නෑ.

මේ වනාහී ජම්බුගාමික පුත්ත නම් රහත් මුණිඳුන් වදාල ගාථාවයි.

Wednesday, October 10, 2012

ථේර ගාථා 26









ලෝමසකංගිය තෙරුන් ගේ ගාථාව.

ඊ තණ, කුස තණ, වැලුක්,  සැවැන්දරා, මෘදු තණ, බබුස් තණ වලින් මට වැඩක් නෑ.  මා ඒවා වීසි කරල දානවා. මං විවේකයම සොයා ගෙන යනවා. 

මේ වනාහී ආයුශ්මත් ලෝමසකංගිය රහත් මුණිඳුන් වදාළ ගාථාවයි.

Saturday, September 29, 2012

ථේර ගාථා 25



උභය තෙරුන් ගේ ගාථාව.

සූරිය වංශයේ උපන් බුදු සමිඳාණන් සුන්දර ලෙස වදාරන ලද දහම් පදයි මා අසාගත්තෙ.   මටත් ඒ සියුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධකර ගන්ට පුළුවන් වුණා.   ඒක හරියට ම දක්ෂ දුනුවායෙක් ඉලක්කයට ම ඊයෙන් විදින්නාක් වැනි වැඩක්.

මෙය වනාහී ආයුශ්මත් උභය නම් රහත් මුණිඳුන් වදාළ ගාථාව යි.

Wednesday, August 1, 2012

ථේර ගාථා 24

stock photo : Autumn Leaves over wooden background.With copy space


නන්දිය තෙරුන්ගේ ගාථාව.

මේ භික්ෂුව ඉන්නෙ ප්‍රඥාවෙන් ආලෝකවත්වූ සිතින්. අරහත්වය නම් වූ අග්‍රඵලයට පැමිණි සිතින්.  ඒයි මාරය, ඔබ ඔය හදන්නෙ එවැනි භික්ෂුවකට හිරිහැර කොට දුකට පත්වෙන්නට ද?

මේ වනාහී ආයුශ්මත් නන්දිය නම් රහත් මුණිඳුන් වදාල ගාථාවයි.

Tuesday, July 3, 2012

ථේර ගාථා 23

සුගන්ධ තෙරුන්ගේ ගාථාව. 

මං පැවිදි බව ලබාගෙන තවම අවුරුද්දයි. මේ සද්ධර්මයේ ආශ්චර්ය‍ය බලන්න මටත් පුළුවන් වුණා. ත්‍රිවිද්‍යාව ලබා ගන්නට මා මේ සම්පූර්ණ කර ගත්තේ බුද්ධ ශාසනයයි. 

මේ වනාහී ආයුෂ්මත් සුගන්ධ නම් රහත් මුණිඳුන් වදාල ගාථාවයි.
                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                








        


ධම්ම පදය - බාල වග්ගය 71 ගාථාව

      න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ පවිටු කෙනා කරනා පව් – මීකිරි මිදෙනා වේගෙන් සැණෙකින...