Tuesday, December 29, 2020

උඳුවප් පොහොය අදයි.



උඳුවප් පුර පසළොස්‌වක පොහොය අදට යෙදී ඇත. ව්‍යවහාර වර්ෂයෙන් අවසාන පසළොස්‌වක පොහෝ දිනය ශ්‍රී ලාංකික අපට විශේෂයෙන් වැදගත් වන්නේ අප රටේ භික්‌ෂුණී ශාසනයේ ආරම්භය සහ අසදෘෂ බෝධිරාජයාණන් වහන්සේගේ ආගමනය නිසයි. 

ධර්මාශෝක අධිරාජයාගේ මෙහෙයවීමෙන් මිහිඳු මහරහතන් වහන්සේ ලක්‌දිව සම්බුද්ධ ශාසනය පොසොන් පොහෝ දින පිහිටු වූ සේක. ඒ අවස්‌ථාවේදී දහම් ඇසීමට පැමිණි අනුලා දේවිය ප්‍රධාන කාන්තාවන් 500 ක්‌ දෙනා පැවිදිවීමට අවසර ඉල්ලා තිබේ. එම ඉල්ලීම ගැන මිහිඳු මාහිමියන් දෙවන පෑතිස්‌ රජතුමාට අවවාද කරනු ලැබුවේ තමන්ට කාන්තාවන් පැවිදි කළ නොහැකි බවයි. 

තම සොහොයුරිය වූ සංඝමිත්තා මහරහත් මෙහෙණිය දඹදිව සිට වැඩමවාගැනීම වඩාත්ම උචිත බවද උන්වහන්සේ පෙන්වා දුන්හ. ඒ සමගම ජීවමාන බුදුන් හා සමානව සැළකෙන, වන්දනාමානයට පාත්‍රව තිබූ ජයශ්‍රී මහා බෝධි ශාඛාවක්‌ද වැඩමවාගෙන එන ලෙසද රජතුමාට උපදෙස්‌ දී ඇත. 

ඒ අනුව රාජදූතයන් අත දෙවන පෑතිස්‌ රජතුමා විසින් හසුනක්‌ පිළියෙල කොට තෑගි බෝගද සමග දඹදිව ධර්මාශෝක මහ රජතුමා වෙත යවා මේ ඉල්ලීම ඉදිරිපත් කරනු ලැබීය. ධර්මාශෝක රජුද මොග්ගලීපුත්ත මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදි සංඝමිත්තා තෙරණියට, ජයශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාවක්‌ සහ බෝධීන් වහන්සේගේ ආරක්‌ෂාවට ආරක්‌ෂක පිරිසකුත් සමග දඹදිව සිට ශ්‍රී ලංකාවට එවන ලදී. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක්‌ ලංකාවට එවීම සඳහා බුදුරජාණන් වහන්සේගේද අධිෂ්ඨානයක්‌ තිබූ බව බෝධි වංශ කතා ප්‍රවෘත්තියේ සඳහන්ව ඇත. 

අද ලෝකයේ තිබෙන ඓතිහාසික වශයෙන් වැදගත් ඉතාමත් පැරැණිතම වෘක්‌ෂය හැටියටත්, ලක්‌ෂ සංඛ්‍යාත බෞද්ධයන්ගේ අප්‍රමාණ ගෞරවයටත් පාත්‍ර වී ඇති ජය ශ්‍රී මහ බෝ රජුන් ජීවමාන බුදුන් හා සමානකොට බෞද්ධයන් විසින් සලකනු ලැබේ. මේ බෝධීන් වහන්සේගේ මව් බෝධිය අද ඉන්දියාවේ දක්‌නට නැත. 

ඒ නිසා අපගේ ජයශ්‍රී මහා බෝධියේ වැදගත්කම අතිශයින් වැඩිය. මේ පුවත් දෙක නිසාම උඳුවප් පුර පසළොස්‌වක පොහොය ශ්‍රී ලාංකික බෞද්ධයන්ට අතිශයින් වැදගත්ය. එපමණක්‌ නොව උඳුවප් පොහොයේ සිට වෙසක්‌ පුර පසළොස්‌වක පොහොය දක්‌වා උදාවන බුදුරජාණනන් වහන්සේගේ ශ්‍රී පාදය සලකුණු කොට ඇති ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වන්නේද අද සිටය. ශ්‍රී ලාංකික කාන්තාවන්ට පැවිදි බව ලැබුණු නිසා උඳුවප් පොහොය අපගේ කාන්තා පක්‌ෂයට ද බෙහෙවින් වැදගත්ය. 

Thursday, October 1, 2020

ථේරි ගාථා

ගාථා හතර බැගින් වදාළ කොටස.
(චතුක්ක නිපාතෝ)

භද්දාකාපිලානි තෙරණිය ගේ ගාථා

63.මහාකාශ්‍යප  ශ්‍රාවකයන් වහන්සේ බුදු සමිඳුන් ගේ දායාදයක්. බුදු සමිඳුන් ගේ පුත්‍ර රත්නයක්. සමාහිත සිත් ඇති උන්වහන්සේ පෙර ගතකල ජීවිත ගැනත් ,ස්වර්ගය ගැනත්, අපාය ගැනත් දිවැසින් දකිනවා.

64. උන්වහන්සේ ඉපදීම ක්ෂය වෙල අරහත්වයට පත්වෙලා ඉන්නෙ. ත්‍රිවිද්‍යාව ලබාගෙන ඉන්නෙ. උන්වහන්සේ සැබෑවටම භ්‍රාහ්මණයෙක්.

65. භද්දාකාපිලානි ත් ඒ වගේමයි. ත්‍රිවිද්‍යාව ලබාගෙන ඉන්නෙ. සේනා සහිතව මාරයාව පරදා ඉන්නෙ.  දැන් ඈ දරාගෙන ඉන්නෙ අන්තිම සිරුරයි.

66. අපි දෙන්නම මහණ වුණේ සන්සාරේ ආදීනව දැකලයි. අපි දෙන්නම දමනයට පත් වුණා. අරහත්වයට පත්වුණා. සිසිල් වුණා. නිවුනා.

මේ වනාහී භද්දාකාපිලානි නම් මහරහත් මෙහෙණිය වදාළ  ගාථාවන්ය.


Son of the Buddha and his heir is he, Great Kassapa — his mind serene, collected. Vision of previous lives is his, Heaven and hell he penetrates. The ceasing of rebirth he has obtained, And supernormal knowledge he has mastered. With these three knowledges possessed by him He is a brahman true, of threefold knowledge. So has she, too, Bhadda the Kapilani, gained for herself The threefold knowledge and has vanquished death. Having bravely vanquished Mara and his host, It is the last formation of a body that she bears. Seeing the world's deep misery, we both went forth And are now both free of cankers, with well-tamed minds. Cooled of passions, we have found deliverance; Cooled of passions, we have found our freedom.


Friday, June 5, 2020

ථේරි ගාථා.




සෝමා තෙරණිය ගේ ගාථා .

60. (මාරයා) ඔය "අරහත්වය " කියන්නෙ අවබෝධයට ඉතා දුෂ්කර දෙයක්. බුදුවරුන්, ඍෂිවරුන් වගේ උදවියයි ඒක අවබෝධ කරන්නෙ. මේ ඇඟිලි දෙකේ නුවණ තියෙන ගැහැණියකට පුළුවන් ද එවැනි දෙයක් අවබෝධ කරගන්ට?

61. (ඒයි,මාරය ) සිත සමාධිමත් නම් අපේ ගෑණුකම ගැන මො
කක් කරන්ට ද? මේ ධර්මයත්  හොඳට විදර්ශනා කරල නුවණ දියුණු කරගත්තාම ඔය ගැහැණුකම මොකක් කරන ද?

62. හැම දෙයක් ගැන ම ආශාව නැති කරල දැම්ම. අවිද්‍යා අඳුරු කෙලෙස් කඳ පළා දැම්ම.  මාරය,  ඔන්න ඔය විදිහට යි ඔබ මේ ගැන දැනගන්න  ඕනෙ . මාරය ඔය කරුණෙන් නැසී ගියේ ඔබයි.

මේ වනාහී සේලා නම් රහත් තෙරණිය වඳාල ගාථාවන් ය.

ගාථා තුන බැගින් වඳාල කොටස නිමා විය. සාදූ! සාදූ! සාදූ!

Thursday, May 7, 2020

ථේරි ගථා

ථේරි ගථා.


සේලා තෙරණිය ගේ ගාථා .

57. (මාරයා) මේ ලෝකේ "නිවන" කියල දෙයක් නෑ . ඒ නිසා ඔයා මොකද මේ හුදෙකලාවේ විවේකයෙන් ඉන්නෙ? ගිහින් කාම සම්පත් අනුභව කකරන්න . පස්සෙ ඒ ගැන ඔයා දුක් වන්න එපා.

58. (ඒයි, මාරය ) මේ කාමයන් කියන්නෙ විස පොවාපු ආයුධ වගේ දෙයක් . පංච උපාදානස්කන්ධ කියන්නෙ , මස් වැදලි වගේ දෙයක් .ඔබ ඒ කැමතියි කියල කියපු දේ මට නම් අරතියක් ම යි.

59. ඒ හැම දෙයක් ගැන ම තිබුණ  ආශාව නැති කරල දැම්ම. අවිද්යා අන්ධකාර කෙලෙස් කඳ පලා දැම්මා. මාරය, එහෙනම් මං ගැන දැනගන්න. මාරය ඔය කාරණයෙන් නැසී ගියේ ඔබයි.

මේ වනාහී සේලා නම් මහ රහත් තෙරණිය වඳාල ගාථාවන්‍ ය. 

Tuesday, April 7, 2020

ථේර ගාථා. 37

කුමාපුත්ත තෙරුන්ගේ යහළු තෙරුන්ගේ ගාථාව.

37. අසංවර උදවියට තියෙන්නේ පළාත් ගානේ ඇවිද ඇවිද කල් ගෙවන එක විතරයි .ඔවුන්ට සමාධියක් නම් ඇති කර ගන්නට ලැබෙන්නේ නෑ. රට රටවල් වල රවුම් ගැසීමෙන් ඇති වන යහපතකුමක්ද? ඔය එකටෙක  කිරීම පැත්තකින් තියන්න. තණ්හාව මුලට ගන්න එපා. ධ්‍යාන වඩන්න .

මෙය වනාහී ආයුෂ්මත් කුමාපුත්ත තෙරුන්ගේ යහළු තෙරුන් නම් රහත් මුණිදුන් වඳළ ගාථාවයි.

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...