උට්ඨානවතෝ සතිමතෝ - සුචිකම්මස්ස නිසම්මකාරිනෝ
සඤ්ඤතස්ස ච ධම්මජීවිනෝ - අප්පමත්තස්ස යසෝභිවඩ්ඪති.
නැගී - සිටින වීරියෙන් යුක්ත නම්, හොඳින් සිහිය පවත්වනවා නම්, පිරිසිදු ක්‍රියාවෙන් යුක්ත නම්, නුවණින් විමසා බලා කටයුතු කරනවා නම්, සංවර නම්, ධාර්මික ජීවිතයක් ගෙවනවා නම්, අන්න ඒ අප්‍රමාදී පුද්ගලයාගේ කීර්ති රාවය ඉහළින්ම පැතිරෙනව.
(වේළුවනාරාමයේ දී කුම්භඝෝෂක අරභයා වදාල ගාථාවකි.)
Glory Of The Mindful Increase
Uṭṭhānavato satīmato,
sucikammassa nisammakārino
Saññatassa ca dhammajīvino,
appamattassa yaso’bhivaḍḍhati.
Explanation: If a person is persevering, attention focused within, if his physical and spiritual actions are unblemished, if he is restrained and if he is living in accordance with the Teaching and is sane, his glory will grow.Assiduous and mindful,
pure kamma making, considerate,
restrained, by Dhamma heedful living,
for one such spread renown.
The Millionaire Kumbhaghosaka
For fear of having his great wealth confiscated, a young man pretended to be very poor, living like a labourer. The king realised he was not from a poor family from his voice. When the truth came out, the young man was appointed as the king’s treasurer. The king introduced him to the Buddha, who then described the characteristics of the prosperous.
අක්කා ද කරන්නා වු සමාජ සත්කාරයට බොහෝ පිං.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
බොහොම පිං ! ගයනි නංගි ඔයාටත් මේ පැත්තෙ එනවට. ඔයාගෙ බ්ලොග් එක ඇරෙන්න ගොඩාක් වෙලා යනවා. මට කමෙන්ටුවක් දමාගන්න සෑහෙන වෙලාවක් යනවා නංගි. ඊයෙත් ඇරුනෙම නෑ.
Deleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්.. ඒත් අද කාලෙ ලංකාවට ඕක කොච්චර දුරට වලංඟුද මංදා
ReplyDeleteඅදටත් බොහොම හොඳින්ම ගැලපෙනවා යසිත් මල්ලි. අපි එකිනෙකා හැදුනාම ඉබේම රට හැදේවි. අපි එකිනෙකා හැදෙනවා වෙනුවට අපි කරන්නෙ අපි අනෙකා දිහවට ඇඟිලි දිගු කරමින් වැරදි සොයන එක නෙ. D;
Deleteමේ වගේ වටිනා දහම් කරුණු කියා දෙනවට චාන්දි නැන්දට බොහොම පිං.....
ReplyDeleteහැමදාම වගේ ඇවිත් යනවාට ඔයාටත් බොහොම පිං! දුවේ.
Deleteද්වි භාෂාවෙන් ඔබ කරනා මෙහෙය අනුපමේයයි.අද අපටම ගැලපෙන් ඝාතාවක් ඔබට පිං.
ReplyDeleteඑක ඇත්තමයි නලීන් අදටත් බොහොම හොඳින් ගැලපෙනවා. මේ විදිහට අප්‍රමාදී වන කෙනා මෙලොවටත් පරලොවටත් දෙලොවටම වැඩ සාදා ගන්න ගමන් එයාගේ යසස වර්ධනය කර ගන්නවා නේ මල්ලි.
Deleteධර්මය බෙදා දීම උතුම් ක්‍රියාවක්.. ඔබට පින්..!!
ReplyDeleteචන්දන , මල්ලී ඔයා වගේ කෙනෙක් මේ අඩවිය ට හැමදාම එන එක ලොකු සතුටක්. ඔය වයසට ධර්මය අහන බලන අය බොහොම අතලොස්සයි. ඔයාගෙ ඉදිරි ජීවිතය බොහොම යහපත්ව ගෙවන්නට මේ පිනම හේතු වාසනා වේවා!
Deleteඔබ මේ කරන කුසල කර්මය ඔය ආත්මභාවයෙන් ම නිර්වානය සාක්ශාත් කරගන්න ලැබෙන්න ඔබට හේතු වෙන්න ඕන !
Deleteපංච ශීලය එලෙසම රකින කෙනෙක් මේ වගේ දෙයක් දක්කාම ,අනේ තමනුත් මේ වගේම ධාර්මිකයි කියලා ඒත්තු ගියාම පුදුමාකාර චිත්ත ප්‍රීතියක් ඇති වෙනවා..
ඔබට බොහෝ පින්!
නිමාශා..
නිමාෂා;
Deleteඔබටත් සසර බොහෝ දුර නොවේ. ලබන්නාවූ අළුත් අවුරුද්ද ධර්මය තව තවත් අවභෝධ වෙන සිත නිවීමෙන් සැනසෙන වාසනාවන්ත නව වසරක්ම වේවා! කියා සෙනෙහසින්ම පතනවා.