Monday, August 19, 2024

ධම්ම පදය - බාල වග්ගය 71 ගාථාව

     






න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති

ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ

පවිටු කෙනා කරනා පව් – මීකිරි මිදෙනා වේගෙන්

සැණෙකින් පල නොදෙන නමුත් – එය අළු යට ගින්නක්මයි

පව මතු වී පල දෙන විට – ගිනි දැල්වල වෙලෙනා විට

පවිටු කෙනා එ් පවින්ම – බොහො දුක් ගිනි විඳවන්නේ


සර්ප පේ‍්‍රතයාගේ කථා වස්තුව

 

“කළ කම් නැත සැණෙකින් පල දෙන්නේ – අළු යට ගිනි ලෙස කලටයි එන්නේ.”


පින්වතුනේ , අකුසල කර්මයන්ගේ විපාක පල දෙන හැටි හරි පුදුමයි. බොහෝ පුද්ගලයන් තමන්ගේ පුද්ගලික අවශ්‍යතාවය ගැන හිතලා එය සපුරා ගන්න කල්පනා කරලා එ් වෙනුවෙන් ඉතා අනුවණ තීරණ ගන්නවා. පව් රැස් කරගන්නවා. තමන් හිතන්නේ තමන්ගෙ පැත්තෙන් හරිදෙයක් කළා කියලයි. මෙය පිනක්ද, මෙය පවක්ද කියලා නුවණින් කල්පනා කරන්නේ නෑ. වැරදුණාට පස්සේ නිවැරදි කිරීමක් කරනවාට වඩා සිදුවන්නේ එ්කෙ විපාකය විඳිමින් දුක් විඳීමයි. මෙනිසා යමක් කරන්නට පළමුව නුවණින් කල්පනා කිරීම කළ යුතුමයි. එ් නිසා තමයි අපේ අත්තලා මුත්තලා ඉස්සර කිව්වෙ ‘පනින්ට පෙර සිතා බලනු!’ කියලා.

මෙයත් එවැනි කථාවක්. නුවණින් නොසලකා අනුවණ ක‍්‍රියාවක් කළ පුද්ගලයෙක් අපායේ දුක් විඳින ආකාරය ගැන මෙහි සඳහන් වෙනවා.

එදා මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේත්, ලක්ඛණ මහරහතන් වහන්සේත් ගිජුකුළු පර්වතයේ සිට පහළට වඩිමින් සිටියා. එතකොට මුගලන් මහරහතන් වහන්සේට සිනහවක් පහළ වුණා. ලක්ඛණ තෙරුන් සිනහ පහළවෙන්න කාරණාව විමසුවා.

“ප‍්‍රිය ආයුෂ්මතුනි, මේ වෙලාවේ ඕක අහන්න එපා! බුදුරජාණන් වහන්සේ ළඟදි ඔය කාරණය අහන්න.”

ඉතින් එ් ස්වාමීන් වහන්සේලා රජගහ නුවර පිණ්ඩපාතේ වැඩම කරලා සවස් වරුවේ බුදුරජාණන් වහන්සේ බැහැදකින්න ගියා. ගිහින් බුදුරජාණන් වහන්සේට වන්දනා කොට එකත්පස්ව වාඩිවුණා. ඊට පස්සේ ලක්ඛණ තෙරුන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා.

“ප‍්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලානයන් වහන්ස, අද උදේ ගිජුකුළු පව්වෙන් පහළට වඩිද්දී ඔබවහන්සේට සිනහා පහළ වුණේ ඇයි?”

එතකොට මුගලන් මහරහතන් වහන්සේ මෙහෙම පිළිතුරු දුන්නා.

“ප‍්‍රිය ආයුෂ්මත් ලක්ඛණ, මං පුදුමාකාර සත්වයෙක්ව දැක්කා. හරිම අද්භූත පේ‍්‍රතයෙක්. සර්ප පේ‍්‍රතයෙක්. ඔහුගේ මුහුණ මිනිහෙකුගේ වගේ. ඔහුගේ ශරීරය යොදුන් විසි පහක් විතර දිග ඇති. සර්පයෙකුගේ ඇඟක් තමයි තියෙන්නේ. ඔහුගේ ඔළුවෙන් ගිනිදැල් මතුවෙනවා. නගුට දක්වා පිච්චි පිච්චී යනවා. නගුටෙන් ගිනිදැල් මතුවෙනවා. ඔළුව දක්වා පිච්චෙනවා. ඇඟ වටේටත් ගිනිදැල් එතෙනවා. එතකොට එ් සර්ප පේ‍්‍රතයා එහාට මෙහාට ඇඹරෙනවා.”

එතකොට බුදුරජාණන් වහන්සේ මේ පේ‍්‍රතයාගේ අතීත ජීවිත කථාව හෙළිදරව් කොට වදළා.

“පින්වත් මොග්ගල්ලාන, ඔය පේ‍්‍රතයා මා කලින් දැක්කා. වෙන කවුරුත් නොදුටු නිසා මා කිව්වේ නෑ. ඔය පේ‍්‍රතයා දුක් විඳින්නේ තමන් විහින් කරගත්තු දෙයක් නිසා.

ඉස්සර බරණැස් නුවර ගංගා නදිය අසබඩ එක්තරා කුටියක පසේබුදුරජාණන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ නගරයට පිඬු සිඟා වඩිනවා. නගරවාසී මිනිස්සු හවසට බණ අසන්නට උන්වහන්සේගේ කුටියට එනවා. එ් එන පාර අයිනේ එක්තරා ගොවියෙකුට අයත් කුඹුරු යායක් තිබුණා. ඔය කුඹුර අස්වද්දලා තියෙද්දී ගොයම් පැහිලා තියෙද්දී දවසක් නගරයේ ඉඳලා පසේබුදුරජුන් බලන්නට ලොකු පිරිසක් ආවා. එ් අයගේ නොසැලකිල්ල නිසා ගොයම් ගස් කීපයක් පොඩිවෙලා ගියා.

පහුවදා කුඹුරට ආපු අර ගොවියාට පොඩි වූ ගොයම් ගස් දකින්නට ලැබුණා. එතකොට ඔහුට පුදුමාකාර කේන්තියක් ඇතිවුණා.

“මේ හැම දෙයක්ම වෙන්නෙ අර කුටියෙ ඉන්න ශ‍්‍රමණයා නිසා. උන්දෑ ගමේ ඉඳන් නගරෙට යනවා. නගරෙ මිනිස්සු මෙහෙ එනවා. මේක මහ මනස්ගාත වැඩක්. අන්තිමේදි මගේ ගොයම තමයි තැලෙන්නෙ. ඕන එකෙක් ඕන තැනක තපස් රැකපුවාවෙ. එ්කට ගැලපෙන තැනක් හොයාගන්න එපායැ. මගේ කුඹුර ළඟ පාරෙන් ගිහින් තපස් රකින්න මං එකෙකුටවත් ඉඩ තියන්නෙ නෑ” කියල පසේබුදුරජාණන් වහන්සේ කෙරෙහි වෛර බැඳගත්තා.

පසුවදා පසේබුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතෙ වැඩියා. අර ගොවියා ද්වේෂයෙන් පුපුර පුපුර පොල්ලක් අරගෙන ඇවිදින් කුටියේ බඩු මුට්ටු පොඩි කළා. සෑම දෙයක්ම ගිනි තිබ්බා. ගෙදර ගියා.

පසේබුදුරජාණන් වහන්සේ පිඬු සිඟා ගොස් ආපසු වඩිද්දී කුටිය ගිනිගන්නා අයුරු දකින්න ලැබුණා. ළං වෙලා බලද්දී බඩු මුට්ටු පොඩිකරලා තිබුණා. විනාශ කරලා තිබුණා. කවුරු හරි තමන් මෙතන ඉන්නවාට විරුද්ධ බව උන්වහන්සේට තේරුණා. උන්වහන්සේ විල අත්හැර යන හංසයෙක් වගේ වෙන ප‍්‍රදේශයකට වැඩියා.

ගොවියාට හරි සතුටුයි. ඔහු හිතුවේ විශාල හිසරදයකින් ගැලවුණා කියලයි. නිදහසේ ගොවිතැන්බත් කරගන්න අවස්ථාව ලැබුණා කියලයි. නමුත් මරණින් මතු ඔහුට වුණේ කුමක්ද? අතිවිශාල සර්ප ශරීරයක් ඇති ගිනි ගෙන දැවෙන පේ‍්‍රතයෙක් බවට පත්වුණා.”

මේ සිද්ධිය අරභයා බුදුරජාණන් වහන්සේ මෙම ගාථාරත්නය වදාළා.

  න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති

ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ


පවිටු කෙනා කරනා පව් – මීකිරි මිදෙනා වේගෙන්

සැණෙකින් පල නොදෙන නමුත් – එය අළු යට ගින්නක්මයි

පව මතු වී පල දෙන විට – ගිනි දැල්වල වෙලෙනා විට

පවිටු කෙනා එ් පවින්ම – බොහො දුක් ගිනි විඳවන්නේ

පින්වතුනේ, පින්වත් දරුවනේ, සමහරු පව් කරනවා. නමුත් එයා හොඳින් ඉන්න බව තමයි පිටට පෙනෙන්නේ. එතකොට සමහරු එයාට මෙහෙම කියනවා.


“අසවල් කෙනා පව් කරනවා. ඔය මොකුත් වෙලා නැහැ නෙව. ඔය අපූරුවට ඉන්නෙ. පව් විපාක දෙනවා නම් කෝ විපාක දුන්නා?” කියල ප‍්‍රශ්න කරනවා. නමුත් මේ බුද්ධ දේශනාවෙන් පව්වල විපාක දෙන ආකාරය ගැන යම් තේරුමක් ඇතිකරගන්න පුළුවනි.

ඇතැම් පව් කිරිමිදෙනවා වගේ ඉක්මනටම විපාක දෙන්නෙ නෑ. අළු යට ගිනි වගේ තැන්පත් වෙලා තියෙනවා. තමන් මරණයට පත්වෙන මොහොතේ අන්න එ් කර්ම විපාකය ඉස්සරහට එනවා. ඇවිදින් එයාව නිරයට ගෙනියනවා. පේ‍්‍රත ලෝකෙට ගෙනියනවා. තිරිසන් අපායට ගෙනියනවා. ගෙනිහින් බොහෝ දුක් උපදවා දෙනවා.

දැන් අර ගොවියා ගැන චුට්ටක් හිතන්න. ගොවියා හිතපු විදිහ බැලූ බැල්මට සාධාරණයි. නමුත් ගොවියාට තිබුණා ඒ මිනිස්සුන්ට කියලා එ්ක විසඳගන්න. එක්කො වැටක් ගහන්න තිබුණා. එක්කො කාරුණික ඉල්ලීමක් කරන්න තිබුණා. එ් එකක්වත් නෙවෙයි මෙයා කළේ. පසේබුදුරජාණන් වහන්සේට වෛර කිරීම.

මෙයින් පෙනෙන්නේ මේ ගොවියා හරි අහංකාර පුද්ගලයෙක්. මාන්නක්කාරයෙක්. හිතට ගත්තු කෙනෙක්. නිහතමානීව මැදිහත්වෙන්න ලැජ්ජයි. මේ පුද්ගලයා හිතුවේ තමන් මහා වීර ක‍්‍රියාවක් කරනවා කියලයි. මැර බලයෙන් කටයුතු කිරීම හරි කියලයි මෙයා හිතුවේ. නමුත් එය අවසන් වුණේ කොතනින්ද? මෙය නුවණින් තොරව කටයුතු කරන කාටත් හොඳ පාඩමක්. මැර බලය යොදවලා සාධාරණ මනුෂ්‍යයින්ට හිංසා පීඩා කිරීම තුළ කෙනෙක් තාවකාලිකව සතුටක් ලැබුවත් ඒවා එයාට විපාක දෙන්නේ අළු යට තියෙන ගිනි වගේ.                                                       

                                                             Na hi papam katam kammam

                                                                   sajju khiramva muccati

dahantam balarnanveti
bhasmacchannova pavako.

  An evil deed does not immediately bear fruit, just as the newly-drawn milk does not curdle at once; but it follows the fool burning him like live coal covered with ashes.


The Story of Ahipeta*

While residing at the Jetavana monastery, the Buddha uttered Verse (71) of this book, with reference to a peta-ghost.

The Chief Disciple Maha Moggallana was on one occasion going on an alms-round with Thera Lakkhana in Rajagaha. On seeing something, he smiled but said nothing. When they were back at the monastery, Thera Maha Moggallana told Thera Lakkhana that he smiled because he saw a peta-ghost with the head of a human being and the body of a snake. The Buddha then said that he himself had seen that very peta-ghost on the day he attained Buddhahood. The Buddha also explained that, a very long time ago, there was a paccekabuddha, who was respected by many. People going to his monastery had to traverse a field. The owner of the field, fearing that his field would be damaged by too many people going to and from the monastery, set fire to it. Consequently, the paccekabuddha had to move to some other place. The disciples of the paccekabuddha, being very angry with the land-owner, beat him and killed him. On his death he was reborn in Avici Niraya. In his present existence, he was serving out the remaining term of the evil consequences (kamma) as a peta-ghost.

In conclusion, the Buddha said, "An evil deed does not bear fruit immediately, but it invariably follows the evil doer. There is no escape from the consequences of an evil deed."

Then the Buddha spoke in verse as follows:

Verse 71: An evil deed does not immediately bear fruit, just as the newly-drawn milk does not curdle at once; but it follows the fool burning him like live coal covered with ashes.

Ahipeta = Ahi + petaahi  = snake + peta  =  peta-ghost, an ever-hungry spirit or ghost. In this instance a ghost with the head of a human being and the body of a snake.

Monday, May 6, 2024

සිත නිවන පියුම් විල: ජම්බුක තෙරුන්ගේ කථා වස්තුව 70

සිත නිවන පියුම් විල: ජම්බුක තෙරුන්ගේ කථා වස්තුව 70:   මාසේ මාසේ කුසග්ගේන – බාලෝ භුඤ්ජේථ භෝජනං න සෝ සංඛාතධම්මානං – කලං අග්ඝති සෝළසිං තණ කොළ අග හොදි තවරා – මසකට එක් වරක් බැගින් දිව මත තබනා අනුවණ...

ජම්බුක තෙරුන්ගේ කථා වස්තුව 70

 මාසේ මාසේ කුසග්ගේන – බාලෝ භුඤ්ජේථ භෝජනං

න සෝ සංඛාතධම්මානං – කලං අග්ඝති සෝළසිං

තණ කොළ අග හොදි තවරා – මසකට එක් වරක් බැගින්
දිව මත තබනා අනුවණ – කෙනා එයට පින් දෙයි නම්
එනමුදු රහතුන් පුදනා – කොතරම් සුලු දෙයක් නමුත්
සොළොස් කලාවෙන් බෙදුවත් – සමකළ නොහැකිමයි එයට


“රහතුන්ට දෙන දේමයි මහානිසංස වන්නේ.”

පින්වතුනේ, පින්වත් දරුවනේ, බොහෝ දෙනෙක් දුරදිග බලන්නේ නෑ. හිතෙන හිතෙන පව් කරනවා. ඒ පව් කිරීමෙන් සතුටුවෙනවා. සමහර පව් අවුරුදු දහස් ගණන්, ලක්ෂ ගණන් විපාක දෙනවා. නිවන් දකින තුරු විපාක දෙනවා. මේ කර්ම විපාක කියල කියන්නේ සිතින් සිතලා ඉවර කරන්නට බැරි මහා අද්භූත දෙයක්.

තමන්ගේ වරදින් කරගත්තු දෙයක් නිසා බොහෝ කලක් සසරේ දුක්වින්ද අවාසනාවන්ත චරිතයක් සසරෙන් එතෙර වෙන්න වාසනාව ලැබූ හැටි කියවෙන කථාවක් තමයි දැන් සඳහන් වෙන්නෙ.

රජගහ නුවර එක්තරා ධනවත් පවුලක සැප සම්පත් පිරුණු පවුලක දරුවෙක් උපන්නා. මේ දරුවා කවදාවත් බත් කෑවෙ නෑ. කුඩා අවදියේ ඉඳන්ම තමන්ගේම අසූචි කන්න පටන්ගත්තා. දෙමව්පියන් කොතෙකුත් උත්සාහ කළත් මේ ළමයාගේ අසූචි කෑම නවත්වන්න බැරිවුණා.

කුඩා අවදියේ ඉඳන්ම ඇඳුමක් අන්ඳවගන්න හරි අමාරුයි. අන්ඳවන අන්ඳවන ඇඳුම ගලවලා දානවා. මේ පොඩි දරුවා සෙලුවෙන්මයි ඉන්නේ. ඒ වගේම මේ දරුවාව ඇඳක නිදිකරවන්න බැහැ. ඇවිත් බිමම නිදියනවා. බිම ඇලවුණොත් විතරයි මේ දරුවාට නින්ද යන්නේ. මෙච්චර කෑම බීම තියෙන, ඇඳුම් පැළඳුම් තියෙන, ඇඳ පුටු තියෙන පවුලක ඉපදුණත් මේ ළමයාට තිබුනෙ මහා ආසාමාන්‍ය දුක්ඛිත ගතිගුණ.

මේ දරුවාට දෙමව්පියන් හරි ආදරෙයි. ඒ නිසා මේ සෑම දෙයක්ම සඟවාගෙන සිටියා. නමුත් හැමදාම සඟවන්න බැහැ. හැඬූ කඳුලින් යුතු දෙමව්පියන් මේ ළමයාගේ ඉරණම ගැන සාකච්ඡා කළා.

“සොඳුර…. අපේ පුතාට මොකද කරන්නේ? මේ ගතිගුණ රට්ටු දැනගත්තොත් අපට වහකන්නයි වෙන්නේ. අපි කොහොමද සමාජයට මුහුණ දෙන්නේ? අපි කොහොමද ගමනක් යන්නෙ? අපි කොහොමද මේ ළමයාගේ අනාගතය හදන්නේ? බත් කටක් කන්නෙ නෑ. තමන්ගේම අසුචි කන්නෙ. ඇඳුමක් අඳින්නෙ නෑ. නිරුවතින්මයි ඉන්නෙ. ඇඳක නිදියන්නෙ නෑ. බිමමයි නිදියන්නෙ. අනේ හැබෑට අපිට මේ මොකද වුණේ…?”

එතකොට මේ දරුවාගේ අම්මා කඳුළු වගුරුවමින් හූල්ල හූල්ල ගොතගහන්න පටන්ගත්තා.

“අනේ දෙවියනේ…. මොන විපතක්ද මේ වුනේ…? මේ ළමයාට මොන කලදසාවක් යාවිද? හිමියනි, මට අදහසක් ඇතිවුණා. අපි මේ දරුවාව නිගණ්ඨ ආරාමයකට භාරදෙමු. උන්දැලාටත් ඇඳුම් නැහැ නොවැ. තියෙන දෙයක් කාලා එතකොටවත් ඉඳීවි.”

“ඒ අදහස නම් යසයි! ඉතින් එතකොටවත් අපේ ළමයා හැදෙන්නෙ නැතෑ.”

දෙමව්පියන් මේ ළමයා රැගෙන නිගණ්ඨයින් ළඟට ගියා.

“පින්වත් නිගණ්ඨයන් වහන්ස, අපේ ළමයා හරීම පින්වත්. සංසාරයේ පුරන ලද මහා ගුණයෙන් යුක්තයි. කිසිම දේකට ආසාවක් නෑ. රසවත් ආහාර පානයකට ආසාවක් නෑ. ලස්සන ඇඳුමකට ආසාවක් නෑ. ඇඳ පුටු මේසයකට ආසාවක් නෑ. ඔබවහන්සේලාගේ ගතිගුණවලට මේ දරුවා හොඳටම සෑහෙනවා. පොඩි වුණාට පින්කඳක්!”

නිගණ්ඨයින්ට හරි සතුටුයි. දරුවව ළං කරගත්තා. ඔළුව අතගෑවා. ආදරයෙන් කතා කළා.

“බොහෝම හොඳ පුතෙක් වගෙයි. හැබැයි ඇඟ පත කෙට්ටුවෙලා මාන්දම් ගතියක් තියෙන්නෙ මොකද? කුඩා අවදියේ ඉඳන් රූක්ෂ තපස් පුරන්න පෙරුම් පුරාගෙන ආපු දරුවෙක් වෙන්න ඇති. ඔහොම තමයි…. ඔහොම තමයි…. පින් ඇති උදවිය අපි ළඟට කැරකිලා එනව නොවැ.”

ඉතින් දෙමව්පියන් මේ දරුවාව සතුටින් භාර දුන්නා. නිගණ්ඨයින් මේ දරුවාට තපස් රකින හැටි ඉගැන්නුවා. තනි කකුලෙන් හිටගෙන ඉන්න හැටි ඉගැන්නුවා. තනි කකුලෙන් හිටගෙන අනිත් කකුල නවාගෙන කලවට තද කරගන්නවා. මේ විදිහේ නොයෙක් තපස් ක්‍රම ඉගැන්නුවා. දවස් ගණන් නොනා ඉන්න හැටි ඉගැන්නුවා.

මේ ළමයා හැම දෙයක්ම ඉක්මනින් ඉගෙන ගත්තා. හැබැයි නිගණ්ඨයින් අතරේ කසු කුසුවක් ඇතිවුණා.

“ඒකයැ භවත්නි, මේ ආපු කොලු පැටියා මහා අද්භූත සත්වයෙක් නොවැ. කිසි දෙයක් කන්නෙ නැහැ. කොහොමද මෙයා ජීවත් වෙන්නේ? ඒ වගේම හරිම දක්ෂයි. හැම තපස් ක්‍රමයක්ම කියල දෙන විදිහටම ඉගෙන ගන්නවා. සමහර විට දෙවියන්ගේ ආනුභාවය වෙන්න ඇති. මේ ළමයා කොහොමද මෙහෙම නොකා නොබී ඉන්නේ. කෑවෙ නෑ කියලා කිසි අමුත්තක් නෑ නොවැ.”

“නෑ…. මේකෙ මොකක් හරි රහසක් ඇති. මං මේක හොයාගන්නම්.”

දවසක් එක නිගණ්ඨයෙක් මේ දරුවා ඉන්න තැන සැඟවී හිටියා. රාත්‍රී එකට පමණ මේ ළමයා කරුවලේම නැගිට්ටා. කරුවලේම පිටත් වුණා. අර නිගණ්ඨයා හොරෙන් හොරෙන් පිටිපස්සෙන් ගියා. මේ ළමයා වටපිට බල බල සැකෙන් සැකෙන් අඩි තිය තිය හොර ගමනක් යනවා. ඒ පස්සෙන් නිගණ්ඨයත් ගියා. මෙයා නැවතුණේ ඒ ගම පිටිපස්සේ ඇති වැසිකිළි වල ළඟයි. එතන තමයි මිනිසුන් වැසිකිළි කරන්නේ.

එතනට ගිය මේ ළමයා අර අසුචි කාගෙන කාගෙන ගියා. තොල කට ලෙවකාලා අතපිහදාලා සෝදගෙන ආපහු හැරිලා ආවා. මේ තැනැත්තාගේ අසුචි අනුභවය නිගණ්ඨ ආරාමයේ සියලු දෙනා දැනගත්තා.

දැන් මොකද කරන්නේ? නිගණ්ඨයින් හොඳටම කලබල වුණා.

“හපොයි…! හපොයි…! මේකා හිටියොත් අපිත් විනාසයි. දෙමව්පියො කිව්වෙ මහා පින්වන්තයෙක් කියලයි. අපිත් හිතුවෙ එහෙම නෙව. මේ පුද්ගලයා අසුචි අනුභව කරලයි ජීවත් වෙන්නෙ. මේක දැනගත්තොත් අපට මේ ප්‍රදේශය දාලා යන්න වෙයි” කියල නිගණ්ඨයන් අර පුද්ගලයාව එළෙව්වා.

දැන් මෙයාට යන එන මං නෑ. තනියම කල්පනා කළා.

‘ඔව්… මං දැන් තපස් ක්‍රම දන්නවා. මට අසුචි නොකා ඉන්න බැහැ. බත් දකින කොට අප්පිරියයි. ඉතින් මං කොහොමද බත් කන්නෙ? දැන් මට කරන්න තියෙන්නෙ එක දෙයයි. මං තනියම ජීවත් වෙනවා. මට හොඳට තපස් කරන්න පුළුවන්. මං මිනිස්සුන්ට තපස් කරලා පෙන්නනවා. එතකොට මිනිස්සු දැනගනීවි මං මහා ආනුභාව සම්පන්න කෙනෙක්ය කියලා. එතකොට කාටවත් මාව එළවන්න බැහැ’ කියලා මොහු එක්තරා ගල්තලාවක් මතට නැග්ගා. නැගලා දවසම තනි කකුලෙන් හිටගෙන ඉන්නවා.

කඳු ගැටයකට අත්දෙක තියාගෙන උඩු අත බලාගෙන කට ඇරගෙන ඉන්නවා. අමුතුම විදිහේ තපස් කරන කෙනෙක් මෙහෙ ඉන්නවා කියලා ආරංචි වුණා. ඔහුගේ නම ‘ජම්බුක’ නමින් ප්‍රසිද්ධ වුණා. මිනිස්සු මේ තාපසයාව බලන්න දුර ඉඳල එන්න පටන් ගත්තා. මිනිස්සු අහනවා,

“තමුන්නාන්සේ ඇයි පොළොවට කකුල් දෙකම තියන්නේ නැත්තෙ?”

“නුඹලා මොනවා කියනවද? මං මේ කකුල් දෙකම පොළොවේ තිබ්බොත් මහා පොළොව සෙලවී යාවි. කඳු පර්වත පෙරලේවි. කම්පා වේවි. මහා පොළොවට එහෙම උහුලගන්න පුළුවන්කමක් නෑ.”

එතකොට මිනිස්සු පුදුමයෙන් වගේ බලාගෙන සාදු නාද දුන්නා. මහා බලසම්පන්න උත්තමයෙක් ආවා කියලා වැඳ වැටුණා. මිනිස්සු තවත් ප්‍රශ්න කළා.

“පින්වත් මහා තාපසයන් වහන්ස, තමුන්නාන්සේ මොකද උඩ බලාගෙන කට ඇරගෙන ඉන්නෙ?”

“ඔව්… නුඹලා බොහොම වැදගත් ප්‍රශ්නයක් ඇහුවා. නුඹලාට තේරෙනවාද සුළං හමනවා?”

“එහෙමයි. අපට තේරෙනවා.”

“මං මෙහෙම කට ඇරගෙන ඉන්න කොට අන්න ඒ සුළඟ මගේ කුසට ඇතුල් වෙනවා. ඒක තමයි මගේ ආහාරය. හහ්… හහ්… හා…! සුළං වලින් ජීවත් වෙන වෙන කවුරුවත් නුඹලා දැකලා තියෙනවද?”

එතකොට මිනිස්සු භයෙන් තැතිගත්තා. මේ පුදුමාකාර තාපසයා ඉදිරියේ වැඳවැටුණා. මිනිස්සු කතා වුනා.

“මේ වගේ උතුම් කෙනෙකුට දානෙ ටිකක් දෙන්න ඇත්නම් කොයිතරම් හොඳද?” කියලා අති ප්‍රණීත වූ ආහාර පාන පිළියෙල කරගෙන ගිහින් මේ තාපසයා ඉදිරියේ දණගහගෙන ඒ භාජන ඔසවාගෙන හිටියා.
“අනේ… උතුම් තාපසයන් වහන්ස, අප කෙරෙහි අනුකම්පාව උපදවා මේ දානයෙන් බිඳක්වත් වළඳන සේක්වා!”

එතකොට ජම්බුක ආජීවකයා මෙහෙම කියනවා.

“ආහාරයෙන් මට වැඩක් නැතිබව නුඹලා දන්නවා නෙව. හොඳා! නුඹලා කෙරෙහි අනුකම්පාවෙන් මං යම් උපකාරයක් කරන්නම්. අන්න අර තණ කොළ ගහ ගලවගෙන වරෙන්….. ඕන්න බලාපන්… මේ වෑංජනවල මේ තණකොල ගහ ගෑව්වා…. ඔන්න බලාපන්… මං යාන්තං දිවේ තැවරුවා….. හරි… දැන් හරි…. දැන් අරගෙන පලයල්ලා. නුඹලාට හිතන්න බැරි තරම් පිනක් අයිති වුණා.”

මිනිස්සු සාදුකාර දුන්නා. වැඳ වැටුණා. පින් දිදී පිටත් වුණා.

රාත්‍රියට ජම්බුක ආජීවකයා කකුල් දෙක පොළොව උඩ තියලා කට පියාගන්නවා. හොරෙන් හොරෙන් අඩි තියලා පිටත් වෙනවා. ඒ යන්නේ මිනිසුන්ගේ අසූචි දමන බෑවුමටයි. එතනට ගිහින් අර අසුචි කාගෙන කාගෙන යනවා. හොඳට බඩ පිරෙන්න කනවා. ඊට පස්සේ වගක් නැතුව නොදන්නවා වගේ ආපහු ඇවිත් ඉන්නවා.

මේ විදිහට මොහුගේ ජීවිතය පනස් පස් අවුරුද්දක් ගෙවුණා. දවසක් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් රාත්‍රී වෙලාවක මෙතනට වැඩියා. වැඩලා “පින්වත් ජම්බුක” කියලා ජම්බුක ආජීවකයා ඇමතුවා. එතකොට ජම්බුක තාපසයාට කේන්ති ගියා.

“මට නම කියලා කතා කරන්න පුළුවන් ජගතෙක් තුන් ලෝකයේම නෑ. ඔබ කවුද?” කියලා ඇහුවා.

“මම ශ්‍රමණයෙක්. මට අද රාත්‍රියේ මෙහෙ නවතින්න ඕන.”

එතකොට ජම්බුක ආජීවකයා නවාතැන් දෙන්න කිසිසේත්ම කැමැති වුණේ නෑ. නැවත නැවත කරුණු කියලා කැමැත්ත ගත්තා. ඒ පර්වතයට පහළින් නවතින්න අවසර දුන්නා.

රාත්‍රී ප්‍රථම යාමයෙහි සතර වරම් දෙව් මහරජ දරුවන් මුළු මහත් පර්වතය බබුළුවාගෙන බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්නට පැමිණියා. මධ්‍යම යාමයෙහි සක්දෙව් රජු පැමිණියා. පශ්චිම යාමයෙහි දස දහසක් සක්වල එළිය කරගෙන මහා බ්‍රහ්ම රාජයා පැමිණුනා.

මෙය දුටු ජම්බුක ආජීවකයාගේ මාන්නය දුරුවුණා. දමනය වුණා. නැමුණු සිතින් යුතුව බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ වන්දනා කළා. වන්දනා කොට වාඩිවුණා. එවේලෙහි බුදුරජාණන් වහන්සේ ජම්බුක ආජීවකයාගේ අතීත ජීවිතය හෙළිදරව් කළා.

“පින්වත් ජම්බුක, ඔබ අවුරුදු පනස් පහක් තිස්සේ ජීවත් වුණේ ආහාරයක් නැතුව කියල නේද මිනිස්සු හිතාගෙන ඉන්නෙ? ඔබ මිනිස්සුන්ට කියන්නෙත් ඔහොම නේද? පින්වත් ජම්බුක, ඔබ ඔය අසූචි කන්න පටන්ගත්තේ ඔබේම වරදක් නිසයි. ඒ වරද ඔබ කළේ අද ඊයෙ නොවෙයි.

පින්වත් ජම්බුක, කාශ්‍යප නමින් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වුණා. ඒ කාලෙ ඔබ ඒ කාශ්‍යප බුද්ධ ශාසනයේ පැවිදි වූ භික්ෂුවක්. අවුරුදු විසිදාහක් ආයුෂ තිබුණු ඔබ හොඳට සිල් රැක්කා. නමුත් කෙලෙස් දුරුකරන්න මහන්සි ගත්තෙ නෑ. ඔබ තුළ තිබුණු ඊර්ෂ්‍යාව නිසයි ඔබට මේ විපත වුණේ.

ඉතින් ඔබ ගමක පන්සලක වාසය කළා. සැදැහැවතුන් ඔබට ආදර ගෞරවයෙන් උපස්ථාන කළා. දවසක් ඒ පන්සලට තව භික්ෂුවක් වැඩියා. ඒ භික්ෂුව රහතන් වහන්සේ නමක්. ඔබ එය හිතුවේ නෑ. ඒ භික්ෂුව කෙරෙහි පැහැදුණෙත් නෑ. ඔබ පැහැදිලා හිටියේ ඔබට ලැබෙන සත්කාර සම්මාන ගැන විතරයි.

ඉතින් එක් දායකයෙක් අර භික්ෂුවගේ ගුණ ඔබ ඉදිරියේ කියන්න ගත්තා. ඔබට ඒ ගැන ඊර්ෂ්‍යාව ඇතිවුණා. දවසක් ඒ දායකයා අර භික්ෂුවට සිවුරක් පූජා කළා. ඔබට ඒ ගැනත් ඊර්ෂ්‍යාවක් ඇතිවුණා. දවසක් ඒ දායකයා කැමැත්තෙන්ම ඇවිත් කරණවෑමියෙක් ලවා ඒ භික්ෂුවගේ හිස බෑවා. ඔබට තවත් ඊර්ෂ්‍යාව ඇතිවුණා. ඔබ ඒ භික්ෂුවට නින්දා කරන්න පටන් ගත්තා.

“හහ්! ඔහේ කවුද මෙහෙට රිංගගෙන මගේ දායකයො අල්ලගන්න? මේ දායකයින්ටත් පිටස්තර භික්ෂුවක් දැක්ක ගමන් ඒකවමයි ලොකු වෙන්නෙ. ඔහේ මගේ දායකයින්ගේ දානෙ වළඳනවට වඩා හොඳයි අසූචි කෑව නම්. ඔහේ ඔය සිවුරු පොරෝනවට වඩා හොඳයි සෙළුවෙන් හිටිය නම්. මහ ලොකුවට කරණවෑමියන් ලවා හිස බාවගත්තා. ඔයිට වඩා හොඳයි තල් ඇට දෙකකින් තද කොට ඔය කෙස් උදුරගත්තා නම්.”

ඊට පස්සේ පින්වත් ජම්බුක, ඒ අරහත් භික්ෂුව ඔබ කෙරෙහි අනුකම්පාවෙන් ඒ පන්සල දාලා ගියා. ඔබ මරණින් මතු නිරයේ උපන්නා. බොහෝ වර්ෂ ගණනක්, වර්ෂ දහස් ගණනක්, ලක්ෂ ගණනක් නිරයේ දුක්වින්ඳා. දැන් ඔබ ඒ කර්මයේ ඉතිරි විපාකත් විඳිනවා. ඔබ තවමත් අසූචි කනවා. තවමත් සෙළුවෙන් ඉන්නවා. තවමත් කෙස් උදුරනවා. පින්වත් ජම්බුක, දැන් ඉතින් දුක් වින්ඳා ඇති.”

එතකොට ජම්බුක ආජීවකයා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳ වැටුණා. තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙක් බවට පත්වුණා. බුදුරජාණන් වහන්සේ ජම්බුකට චතුරාර්ය සත්‍යය දේශනා කළා. ජම්බුක සෝතාපන්න ශ්‍රාවකයෙක් බවට පත්වුණා.

බුදුරජාණන් වහන්සේ වැඩම කළ බව දැනගත් පොදු ජනයා පසුදින උදේ වැල නොකැඩී එන්න පටන් ගත්තා. ජම්බුක ආජීවකයාට පැහැදුණු බොහෝ දෙනෙක් හිතුවේ බුදුරජාණන් වහන්සේ ජම්බුකගේ ගෝලයෙක් වූ බවයි. ඒ පිරිස ඇවිදින් බුදුරජාණන් වහන්සේ දෙස බලනවා, ජම්බුක දෙස බලනවා. එවේලෙහි ජම්බුක ආජීවකයා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් ළඟ වැඳ වැටුණා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මාගේ ශාස්තෘන් වහන්සේ ඔබවහන්සේ ය. මං වනාහී ශ්‍රාවකයා වෙමි” කියලා. එවේලෙහි බුදුරජාණන් වහන්සේ දකුණු ශ්‍රී හස්තය දිගුකොට ජම්බුක ආජීවක ඇමතුවා.

“පින්වත් භික්ෂුව, එන්න. මේ ශාසනයේ තුළ මනාකොට දේශනා කළ ධර්මයක් තියෙන්නෙ. දුක් කෙළවර කිරීම පිණිස දහමේ හැසිරෙන්න” කියල වදාළා.

එතකොට ජම්බුකගෙන් හිස කෙස් රැවුල් නොපෙනී ගියා. සෙළුවත් නොපෙනී ගියා. මනා කොට සිවුරු හැඳ පොරවා ගත් පාත්‍රය අතට ගත් උපශාන්ත භික්ෂුවක් පෙනී සිටියා. මිනිසුන් සියලු දෙනා සාදුකාර දුන්නා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. ඒ දේශනාව අවසානයේ ජම්බුක භික්ෂුව අරහත්වයට පත්වුණා. ඔහුගේ තපස් ජීවිතය ගැන පිරිස අතරේ කතාබහක් ඇතිවුණා.

ඒ කතාව අරභයා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නය වදාළා.

පින්වත් දරුවනේ, මෙයින් පෙනෙන්නේ අපි යමක් පූජා කරද්දී එය අවබෝධයෙන් කළ යුතු බවයි. කෙනෙක් ප්‍රසිද්ධ වූ පමණින් රූක්ෂ තපස් පිරූ පමණින් ඔහුට පිදූ දෙය මහත්ඵල මහානිශංස වෙන්නේ නෑ. ඒ වගේම කෙනෙක් භික්ෂුවකගේ වේශයෙන් සිටි පමණින් ඔහුට පිදූ දෙයත් මහත්ඵල මහානිශංස වෙන්නේ නෑ. මෙතන පෙන්වා දෙන්නේ රහතුන්ට පුදන දෙය මහත්ඵල මහානිශංස වන බවයි.
සාමාන්‍යයෙන් රහතන් වහන්සේ හඳුනාගන්න එක ලේසි නෑ. ඒ නිසා අප කළ යුත්තේ භික්ෂූන් වහන්සේලාට දෙනවා නම් පුද්ගලික හිතවත්කම් මුල්කර නොගෙන ආර්ය සංඝයා උදෙසා දන්දීමයි. එතකොට දානයෙන් ලැබෙන සැබෑම පින අපට ලැබෙනවා.

Mase mase kusaggena
balo bhunjeyya bhojanam
na so sankhatadhammanam
kalam agghati solasim.

Verse 70: Even though, month after month, the fool (living in austerity) takes his food sparingly with the tip of a grass blade, he is not worth even one-sixteenth part of those who have comprehended the Truth (i.e., the ariyas).


The Story of Thera Jambuka

While residing at the Jetavana monastery, the Buddha uttered Verse (70) of this book, with reference to Thera Jambuka.

Jambuka was the son of a rich man in Savatthi. Due to his past evil deeds he was born with very peculiar habits. As a child, he wanted to sleep on the floor with no proper bed, and to take his own excreta for food instead of rice. When he grew older, his parents sent him to the Ajivakas, the naked ascetics. When those ascetics found out about his peculiar food habits they drove him away. At nights he ate human excreta and in the day time stood still on one leg and kept his mouth open. He used to say that he kept his mouth open because he only lived on air and that he stood on one leg because it would otherwise be too heavy for the earth to bear him. "I never sit down, I never go to sleep," he boasted and on account of this, he was known as Jambuka, a 'jackal'.

Many people believed him and some would come to him with offerings of choice food. Then Jambuka would refuse and say, "I do not take any food except air." When pressed, he would take just a little of the food with the tip of a blade of grass and say, "Now go, this little will give you enough merit." In this way, Jambuka lived for fifty-five years, naked and taking only excreta.

One day, the Buddha saw in his vision that Jambuka was due to attain arahatship within a short time. So, in the evening, the Buddha went to where Jambuka was staying and asked for some place to spend the night. Jambuka pointed out to him a mountain-cave not far from the stone slab on which he himself was staying. During the first, second and third watches of the night, the Catumaharajika devas, Sakka and Mahabrahma came to pay homage to the Buddha in turn. On all the three occasions, the forest was lit up and Jambuka saw the light three times. In the morning, he walked over to the Buddha and enquired about the lights.

When told about the devas, Sakka and Mahabrahma coming to pay homage to the Buddha, Jambuka was very much impressed, and said to the Buddha, "You must, indeed, be a wonderfully great person for the devas, Sakka and Mahabrahma to come and pay homage to you. As for me, even though I have practised austerely for fifty-five years, living only on air and standing only on one leg, none of the devas, nor Sakka, nor Mahabrahma has ever came to me" To him, the Buddha replied, "O Jambuka! You have been deceiving other people, but you cannot deceive me. I know that for fifty-five years you have been eating excreta and sleeping on the ground."

Furthermore, the Buddha explained to him how in one of his past existences during the time of Kassapa Buddha, Jambuka had prevented a thera from going with him to the house of a lay-disciple where alms-food was being offered and how he had also thrown away the food that was sent along with him for that thera. It was for those evil deeds that Jambuka had to be eating excreta and sleeping on the ground. Hearing that account, Jambuka was horrified and terror-stricken, and repented for having done evil and for having deceived other people. He went down on his knees and the Buddha gave him a piece of cloth to put on. The Buddha then proceeded to deliver a discourse; at the end of the discourse Jambuka attained arahatship and joined the Buddhist Order on the spot.

Soon after this, Jambuka's pupils from Anga and Magadha arrived and they were surprised to see their teacher with the Buddha. Thera Jambuka then explained to his pupils that he had joined the Buddhist Order and that he was now only a disciple of the Buddha. To them, the Buddha said that although their teacher had lived austerely by taking food very sparingly, it was not worth even one-sixteenth part of his present practice and achievement.

Then the Buddha spoke in verse as follows:

Verse 70: Even though, month after month, the fool (living in austerity) takes his food sparingly with the tip of a grass blade, he is not worth even one-sixteenth part of those who have comprehended the Truth (i.e., the ariyas).


Wednesday, February 16, 2022

ධම්ම පදය බාල වර්ගය 69

 මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති

යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති

තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ
පවිටු බාලයා සිතන්නේ – මී පැණි සේ මිහිරි ලෙසයි
එහෙත් අහෝ! යම් දිනෙකදි – පල දෙනවිට ඒ පව්කම්
එවිටයි බාලයා එයින් – බොහෝ දුකට පත්වන්නේ


“කරන කලට පව් මිහිරිය මී සේ – විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ”

පින්වතුනේ, පින්වත් දරුවනේ, රාගය කියන්නේ හරි භයානක දෙයක්. රාගයෙන් හිත ඇවිස්සුණාම හොඳ නරක මොකුත් තේරෙන්නේ නෑ. වැරැද්ද නිවැරැද්ද තේරෙන්නේ නෑ. යහපත අයහපත තේරෙන්නේ නෑ. දුර දිග බලන්නෙ නෑ. කොහොම හරි කල්පනා කරන්නේ තමන් සිතපු දේ ඉෂ්ට කරගන්නයි. අන්තිමේදී රාගයට යට වූ සිතින්, කයින්, වචනයෙන් දුශ්චරිතයේ යෙදිලා මරණින් මත්තේ නිරයේ උපදිනවා. මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ රාගය ප්‍රහාණය කරන්න කියලා වදාළේ.

එවැනි අවාසනාවන්ත ඉරණමක් කරා ගිය පුද්ගලයෙකුගේ පහත් ක්‍රියාවක් ගැන මේ කථාවේ සඳහන් වෙනවා.

බුදුරජාණන් වහන්සේගේ කාලයේ සැවැත් නුවර සිටු පවුලක ඉතාම රූබර දියණියක් හිටියා. නිල් මහනෙල් මලේ පැහැය තමයි ඇයට තිබුණේ. ඒ නිසා ඇයට උප්පලවණ්ණා කියන නම ලැබුණා. ඇගේ දෑස් මහනෙල් පෙති වගෙයි. රන්වන් කේශ කලාපයක් තිබුණා. ඇය ඉතාමත්ම ලස්සනයි. සෝභාසම්පන්නයි. ඇයගේ රූප සෞන්දර්යය ගැන මුළු දඹදිවම ප්‍රසිද්ධ වුණා. එතකොට සිටුවරු ඒ සිටුපවුලට තෑගි සහිතව පඬුරු එව්වා. අපට මේ දියණිය දෙන්න කියලා.

එතකොට සිටුතුමා මෙහෙම කල්පනා කළා.

“මේක හරි ප්‍රශ්නයක් නෙව. එක සිටුවරයෙකුට අපගේ දියණිය දුන්නොත් අනිත් සිටුවරු අමනාප වෙනවා. සියලු දෙනාම සතුටු කරන්න බැහැ…. එතකොට මං මොකක්ද මේකට කරන්නේ? ඔව්…. එකම දෙයයි මට මේකට කරන්න තියෙන්නේ. එකම පිහිට බුද්ධ ශාසනය විතරයි. මං මේ දරුවාව මහණ කරනවා. එතකොට ඒ ප්‍රශ්න මොකවත් නෑ.”

ඉතින් එදා සිටුතුමා දියණිය කැඳෙව්වා.

“පින්වත් දුවේ, ඔයා ගොඩාක් තරුණයි. සිටුවරු පඬුරු එවනවා. තම තමන්ගේ සිටු මාළිගයට ඔයාව එවන්න කියලා. හැබැයි දරුවෝ, මේ සිටු මාළිගාවල ඇති නිසරු ජීවිතවලින් පලක් නෑ. ඇත්තෙන්ම….. මං ….. කැමති ඔයා සිටුමාළිගයක කම් සැප විඳිමින් වාසය කරනවා දකින්න නොවෙයි. ඇත්තෙන්ම …… මං කැමති ඔයා බඹසර රකිනවා දකින්නයි. ඔයා ඔය හිස බාලා, ඔය කනකර ආබරණ ගලවලා, ඇඳුම් ආයිත්තම් ඉවත් කරලා, පඬු පොවාපු කසාවතක් දරාගෙන පිඬු සිඟා යනවා දකින්නයි මං කැමති.

එතකොට දරුවෝ ඔයාට පුළුවනි නිදහසේ ශාක්‍ය දුහිතෘ වූ භික්ෂුණීන් අතරට ගිහින් වීතරාගීව වාසය කරන්න. එතකොට ඔයාට පුළුවනි කාමයන්ගෙන් වෙන්ව, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විවේකයෙන් හටගත් ප්‍රීති සැපයෙන් යුතු සමාධිමත් සිතකින් වාසය කරන්න. මගේ පින්වත් දුවේ, මං කැමති ඔයා සසරේ යනවට නොවෙයි. සසරෙන් එතෙර වෙනවටයි.”

එතකොට උප්පලවණ්ණා කුමරිය සිටු පියාණන්ගේ දෙපා අල්ලාගෙන වැඳ වැටුණා.

“පියාණන් වහන්ස, ඔබ කිව්වේ ඇත්තක්මයි. ඒකාන්තයෙන්ම එය ඇත්තක්මයි….. පියාණන් වහන්ස, මං මේ කාම ජීවිතයට කැමැති නැහැ. මට කිසි ආසාවක් නැහැ. මං කැමැති හිස බාලා සිවුරු දරාගෙන පාත්‍රයක් අතට අරගෙන භික්ෂුණීන් අතරට යන්න තමයි.”

ඉතින් උප්පලවණ්ණා කුමරිය මව්පියන්ගේ ආශිර්වාදයෙන් භික්ෂුණී ආරාමයකට ගියා. පැවිදි වුණා. පැවිදි වී සුළු කලෙකින් ඉර්ධිබලයෙන් යුතු මහානුභාව සම්පන්න රහත් මෙහෙණින් වහන්සේ නමක් වුණා.
ඉතින් ඕ තොමෝ ජනපද චාරිකාවේ වැඩමකොට ආයෙමත් සැවැත් නුවරට වැඩියා. ඒ කාලෙ අන්ධවනයේ තමයි බොහෝ භික්ෂුණීන් භාවනා කරන්න යන්නේ. ඒ අන්ධවනයේමයි භික්ෂුණීන්ට කුටි තිබුණේ. හුදෙකලාවෙහි ඇලී වාසය කළ උප්පලවණ්ණා භික්ෂුණිය ඈත වනයේ තනියම සිටින්න හරිම ආසයි. ඉතින් ඈ පුංචි පැල්පතක හුදෙකලාව වාසය කළා. වනය මැදින් හුදෙකලාවේ පිණ්ඩපාතේ වැඩියා. ගස් යට හුදෙකලාවේ භාවනා කළා. අහස වගේ නිදහස් සිතින් වාසය කළා.

උප්පලවණ්ණා භික්ෂුණියගේ මාමාගේ පුතෙක් හිටියා. උප්පලවණ්ණාට මස්සිනා වෙනවා. මොහුගේ නම නන්ද. ගිහි කාලෙ මේ නන්ද කියන පුද්ගලයාට උප්පලවණ්ණා කුමරිය විවාහ කරගන්න වුවමනාවක් තිබුණා. ඒ ගැන තමයි මේ නන්ද කියන පුද්ගලයා හිත හිතා හිටියේ. උප්පලවණ්ණා කුමරිය මහණ වුණත් මේ පුද්ගලයාගේ සිතේ ඇති අදහස අත්හැරියේ නෑ. අන්තිමේදී මේ පාපිෂ්ටයා කල්පනා කළේ කොහොමහරි මං ඇයව දූෂණය කරනවා කියලා. ඇය සිවුරු පෙරෙව්වත් නැතත් මට ඒක වැඩක් නෑ කියලා හිතුවා.

දවසක් මොහු අන්ධවනයට රිංගුවා. වන ගොමුවක් අස්සේ හැංගිලා හිටියා. උප්පලවණ්ණා අරහත් භික්ෂුණිය බිමට නැඹුරු වූ ශාන්ත දෙනෙතින් ඉතා සිහි නුවණින් යුතුව කුටියෙන් එළියට වැඩියා. දොර අඩවල් කළා. පාත්‍රය අතට ගෙන පිණ්ඩපාතේ වැඩියා.

එදා ටිකක් ඈතට වැඩියා. දානෙ ස්වල්පයයි ලැබුණේ. එය අරගෙන හෙමින් හෙමින් ආපහු කුටියට වැඩියා. එතුමියට ටිකක් මහන්සියි. කුටියට ඇවිදින් පාත්‍රය බිමින් තිබ්බා. ඇඳේ හාන්සි වුණා. දෑස පියාගත්තා. මහන්සිය නිවෙනකම් චිත්ත සමාධියෙන් සංසුන්ව හිටියා.

එතකොටම දැඩි පුරුෂයෙක් කුටිය ඇතුළට කඩා පැන්නා. දොර වැහුවා. මේ අරහත් භික්ෂුණීන් වහන්සේගේ ඇඟ මතට වැටුණා. යකඩ අඬුවකට අහුවුණා වගේ උප්පලවණ්ණා භික්ෂුණිය අසරණ වුණා.
“අසත්පුරුෂ තැනැත්ත, වැනසෙන්න එපා! අඥාන බාලය, වැනසෙන්න එපා!”

කියල නැගිටින්න වෑයම් කරද්දි මේ පවිටු අසත්පුරුෂයා තමන් හිතාගෙන පැමිණි කාරණය ඉෂ්ට කරගත්තා. මහා ජයග්‍රාහී ලීලාවෙන් හිනාවෙන්න පටන්ගත්තා.

“උප්පලවණ්ණා, නුඹට මතකද ඒ කාලෙ මං උඹට ආදරෙන් හිටිය වග” කියලා හයියෙන් හිනා වුණා. එළියට පිටත් වුණා. එළිපත්තෙන් පිටට අඩිය තිබ්බා විතරයි මහ පොළොව දෙබෑ වුණා. ගිනිදැල් මතුවුණා. පණපිටින්ම ගිලා බැස්සා. අවීචි මහා නිරයේ උපන්නා.

උප්පලවණ්ණා රහත් මෙහෙණින් වහන්සේ බුදුරජාණන් වහන්සේ සොයාගෙන වැඩියා. වැඩම කොට මේ කාරණය සැළකළා. එවෙලේ භික්ෂු භික්ෂුණී පිරිස මැද බුදුරජාණන් වහන්සේ උප්පලවණ්ණා භික්ෂුණිය ගෙන් මෙහෙම ඇහුවා.

“පින්වත් උප්පලවණ්ණා, අර පවිටු පුද්ගලයා අනතුරු කරද්දී ඔබට සිතුණේ කුමක්ද?”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මං සතර සතිපට්ඨානය තුළ හිටියේ. මගේ සිත මේ ඇසටවත්, කනටවත්, නාසයටවත්, දිවටවත්, කයටවත්, සිතටවත් සම්බන්ධ වෙලා තිබ්බේ නෑ. කපා දැමූ කෙහෙල් කඳක් වගෙයි මං හිටියේ. මට කිසිම හැඟීමක් නෑ. මං අහසට පොළොව වගේ ඈත් වෙලා හිටියේ. මගේ සිත මේ කිසි දේකට සම්බන්ධ නෑ. රාගය කියන්නේ කුමක්ද කියලා මට තේරෙන්නේ නෑ. එය මගේ සිතෙන් බැහැර වූ දෙයක්”

එවේලෙහි බුදුරජාණන් වහන්සේ මෙම ගාථාව වදාළා


 ඒ නිසා සතුට ප්‍රීතිය සොම්නස ඇතිවුණාය කියලා පව් කරන්න යන්න එපා. පවිටු පුද්ගලයා පව් කරද්දී සිතන්නේ තමන් මහා උදාර දෙයක් කරනවා කියලයි. ඒක එයාට මී පැණි වගේ රසවත්. ඒ රසය තියෙන්නේ ඒ පව් විපාක නොදී තියෙනකම් විතරයි. යම් වෙලාවකදී ඒ පව් විපාක දෙන්නට පටන්ගත් විට බාලයාට තේරේවි පව් කොතරම් භයානකද කියලා. කෙළවරක් නැති දුකකට පත්වෙලයි ඉවර වෙන්නේ.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The Story of Theri Uppalavanna

While residing at the Jetavana monastery, the Buddha uttered Verse (69) of this book, with reference to Theri Uppalavanna.

Once there was a young daughter of a rich man in Savatthi. Because she was so beautiful, with looks so tender and sweet, like a blue lotus flower, she was called "Uppalavanna", the blue lotus. The fame of her beauty spread far and wide and there were many suitors: princes, rich men and many others. But she decided that it would be better for her to become a bhikkhuni, a female member of the Buddhist Order. One day, after lighting a lamp, she kept her mind fixed on the flame and meditating on the fire kasina (object of concentration) she soon achieved Magga Insight and finally attained arahatship.

Some time later, she moved to the 'Dark Forest' (Andhavana) and lived in solitude. While Theri Uppalavanna was out on her alms-round, Nanda, the son of her uncle, came to her monastery and hid himself underneath her couch. Nanda had fallen in love with Uppalavanna before she became a bhikkhuni; his intention obviously was to take her by force. When Uppalavanna returned she saw Nanda and said, "You fool! Do no harm, do not molest." But he would not be stopped. After satisfying himself, he left her. As soon as he stepped on the ground, the earth opened wide and he was swallowed up.

Hearing about this, the Buddha spoke in verse as follows:

Verse 69: As long as the evil deed does not bear fruit, the fool thinks it is sweet like honey; but when his evil deed does bear fruit, the fool suffers for it.

At the end of the discourse, many attained Sotapatti Fruition.

The Buddha next sent for King Pasenadi of Kosala and told him about the dangers that bhikkhunis living in forests had to face from irresponsible persons obsessed with sex. The king then promised to build monasteries for bhikkhunis only in towns or close to the towns.



ථේරී ගාථා 5.2 විමලා තෙරණියගේ ගාථා

 

5.2. විමලා තෙරණියගේ ගාථා

72. මත්තා වණ්ණේන රූපේන සෝභග්ගේන යසේන ච,
යොබ්බනේන චුපත්ථද්ධා අඤ්ඤාසමතිමඤ්ඤිහං.

72. මං ඉස්සර හරි ලස්සනයි. හරිම හැඩයි. හැම සැප සම්පතක්ම තිබුණා. මං ඒවයින් මුසපත් වුණා. යෞවන මදයෙන් මත්වුණා. හරි ම අහංකාරකමින් හිටියේ. අනිත් කාන්තාවන්ව පහත් කරල හිතුවේ.

73. විභූසිත්වා ඉමං කායං සුචිත්තං බාලලාපනං,
අට්ඨාසිං වේසිද්වාරම්හි ලුද්දෝ පාසමිවොඩ්ඩිය

73. ඉතින් මං ඒ දවස්වල ලස්සනට ඇඳල මේ ශරීරය සරස ගන්නවා. මෝඩ ජනතාවගේ වර්ණනාවන්ට ගැලෙපන විදිහට ඇඳගෙන ‘වේසා ගෙයි’ දොරකඩට වෙලා ඉන්නවා. මුවන් අල්ලන්ට උගුල් අටවන වැද්දෙක් වගේ.

74. පිලන්ධනං විදංසෙන්තී ගුය්හං පකාසිකං බහුං,
අකාසිං විවිධං මායං උජ්ඣග්ඝන්තී බහුං ජනං.

74. මං ඒ කාලෙ ඇඳුම් ඇන්දෙ රහස් තැන් පිටට පෙනෙන විදිහට. මෝඩ ජනතාව මගේ ළඟට නිකම්ම ඇදිල ආවා. මං උස් හඬින් හිනා වෙවී විවිධ මායාවල් කළා.

75. සාජ්ජ පිණ්ඩං චරිත්වාන මුණ්ඩා සංඝාටිපාරුතා,
නිසින්නා රුක්ඛමූලම්හි අවිතක්කස්ස ලාභිනී.

75. එහෙත් අද මං, හිස මුඩු කරගෙන, දෙපට සිවුරු දරාගෙන පිණ්ඩපාතෙ කරගෙන ජීවත් වෙනවා. ගස් යට කල් ගෙවනවා, ධ්‍යාන භාවනා කරනවා. මට සමාධිමත් සිතක් තියෙනවා.

76. සබ්බේ යෝගා සමුච්ඡින්නා යේ දිබ්බා යේ ච මානුසා,
ඛේපෙත්වා ආසවේ සබ්බේ සීතිභූතාම්හි නිබ්බුතාති.

76. දිව්‍ය මානුෂික හැම බන්ධනයක්ම මං නැතිකරල දැම්මා. හැම ආශ්‍රවයන්ම ගෙවල දැම්මා. සිසිල් වුණා. නිවුණා.

ඉත්ථං සුදං විමලාථේරී ගාථායෝ අභාසිත්ථා’ති.

මේ වනාහී විමලා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන්ය.


How was I once puff'd up, incens'd with the bloom of my beauty, 
Vain of my perfect form, my fame and success 'midst the people,
Fill'd with the pride of my youth, unknowing the Truth and unheeding!
Lo! I made my body, bravely arrayed, deftly painted,

Speak for me to the lads, whilst I at the door of the harlot
Stood, like a crafty hunter, weaving his snares, ever watchful. 

Yea, I bared without shame my body and wealth of adorning;
Manifold wiles I wrought, devouring the virtue of many.


To-day with shaven head, wrapt in my robe,
I go forth on my daily round for food;
And 'neath the spreading boughs of forest tree
I sit, and Second-Jhana's rapture win,
Where reas'nings cease, and joy and ease remain. 

Now all the evil bonds that fetter gods
And men are wholly rent and cut away.
Purg'd are the Āsavas that drugg'd my heart,
Calm and content I know Nibbana's Peace. 

Monday, January 17, 2022

ථේරී ගාථා 5. පස්වැනි නිපාත​ය

 



ථේරී ගාථා

5.1. අඤ්ඤතරා ථේරීගාථා

. එක්තරා තෙරණියකගේ ගාථා

67. පණ්ණවීසතිවස්සානි යතෝ පබ්බජිතා අහං,

නච්ඡරාසංඝාතමත්තම්පි චිත්තස්සූපසමජ්ඣගං.

67. මං මහණ වෙලා අවුරුදු විසිපහක් ගෙවිල ගියා. මට ඇසුරු ගසන මොහොතක වෙලාවක් වත් සමාධිගත සිතක් ලබා ගන්ට බැරිවුණා.


68. අලද්ධා චේතසෝ සන්තිං කාමරාගේනවස්සුතා,

බාහාපග්ගය්හ කන්දන්තී විහාරං පාවිසිං අහං.

68. චිත්ත සමාධියක් ලබාගන්ට බැරිව, කාම රාගයෙන් තෙමිල ගිය සිතින්, මං හිටියේ. ඉතින් මං දෑත හිසේ බැඳගෙන හඬ හඬා ආරාමය ඇතුළට ගියේ.


69. තං භික්ඛුනිමුපාගඤ්ජිං යා මේ සද්ධායිකා අහු,

සා මේ ධම්මමදේසේසි ඛන්ධායතනධාතුයෝ.

69. මං පැහැදිලා හිටිය එක භික්ෂුණියක් ගැන. අන්තිමේදී මං ඈ ළඟට ගියා. ඉතින් ඒ භික්ෂුණිය මට ස්කන්ධ ධාතු ආයතන ගැන ධර්මය දේශනා කළා.


70. තස්සා ධම්මං සුණිත්වාන ඒකමන්තේ උපාවිසිං,

පුබ්බේනිවාසං ජානාමි දිබ්බචක්ඛු විසෝධිතං.

70. ඒ භික්ෂුණිය කියාපු ධර්මය මං හිතට ගත්තා. එකත්පස්ව වාඩිවුණා. මං පුබ්බේ නිවාස ඤාණය සිහිකරන්ට දන්නවා. දිවැසත් පිරිසිදු කරගත්තා.


71. චේතෝපරියඤාණඤ්ච සෝතධාතු විසෝධිතා,

ඉද්ධිපි මේ සච්ඡිකතා පත්තෝ මේ ආසවක්ඛයෝ,

ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනන්ති.

71. අනුන්ගේ සිත් දකින ඤාණයත් තියෙනවා. දිව්‍ය කනත් පිරිසිදු කරගත්ත. ඉර්ධි ප්‍රාතිහාර්ය පාන්ටත් පුළුවන්. ආශ්‍රවයන් ක්ෂය කරල අරහත්වයටත් පත්වුණා. මං මේ අභිඤ්ඤා ඔක්කොම ලැබුවා. බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා.

ඉත්ථං සුදං අඤ්ඤතරා ථේරී ගාථායෝ අභාසිත්ථා’ති.

මේ වනාහී එක්තරා රහත් තෙරණියක් වදාළ ගාථාවන්ය.

For five-and-twenty years since I came forth,
Not for one moment could my heart attain
The blessedness of calm serenity. (67)

No peace of mind I found. My every thought
Was soaked in the fell drug of sense-desire. 
191
With outstretched arms and shedding futile tears
I gat me, wretched woman, to my cell. (68)

Then She to this poor Bhikkhunī drew near,
Who was my foster-mother in the faith.
She taught to me the Norm, wherein I learnt
The factors, organs, bases of this self,
Impermanent compound. 
192 Hearing her words, (69)
Beside her I sat down to meditate.

And now I know the days of the long past,
And clearly shines the Eye Celestial, (70)

I know the thoughts of other minds, and hear
With sublimated sense the sound of things
Ineffable. 
193 The mystic potencies
I exercise; and all the deadly Drugs
That poisoned every thought are purged away.
A living truth for me this Sixfold Lore,
And the commandment of the Lord is done. (71)

ධම්ම පදය බාල වර්ගය - 68 ගාථාව

 


තඤ්ච කම්මං කතං සාධු – යං කත්වා නානුතප්පති

යස්ස පතීතෝ සුමනෝ – විපාකං පටිසේවති

කළ විට යම් පිනක් කෙනෙක් – පින පල දෙයි නම් ඒකෙන්

එවිට සිනාසී සතුටින් – සැපම විඳියි නම් එපිනෙන්

හැම තිස්සෙම එබඳුම පින් – කිරීම හොඳ දෙයක් ම වෙයි

“පසු නොතැවෙන පින් කරන්න.”


පින්වතුනේ, පින්වත් දරුවනේ, පින් දහම් කිරීමේ දී සමහරුන්ට ඒකට අවස්ථාව ලැබෙන්නේ නෑ. ඇතැම් විට ලොකු වීරියක් ගන්න ඕන. ගොඩාක් කැපවෙන්න ඕන. හැබැයි එහෙම කරන්නත් එයාට පින ගැන පැහැදීම තියෙන්න ඕන නේද?

මේ කථාවෙන් කියවෙන්නේ අන්න ඒ විදිහට ජීවිත පරිත්‍යාගයෙන් පින් කරපු කෙනෙක් ගැනයි. මේ තැනැත්තා හිටියේ රජගහ නුවර. මෙයාගෙ නම සුමන. මෙයා රැකියාවට කරන්නේ බිම්බිසාර රජතුමාට සමන් පිච්ච මල් සපයන එක. ඉතින් දිනපතා සමන් පිච්ච මල් අට නැළියක් රාජ මාළිගාවට ගෙනියනවා. මෙයාට ඒ වෙනුවෙන් කහවණු අටක් ලැබෙනවා. එදා මේ සුමන මල්කරුවා සමන් පිච්ච අට නැළිය වට්ටියක දමාගෙන හිස මත තියාගෙන මාළිගාවට ගෙනියමින් සිටියා.

එවේලෙහි බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වීදියෙහි වඩිනවා. හැබැයි එදා යම්කිසි වෙනසක් තිබුණා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් රැස් විහිදෙමින් තිබුණු එක. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ වඩින්නේ කිසි කෙනෙකුට විශේෂයක් සොයාගන්නට බැරි විදිහටයි. ඇතැම් දවස්වලදී තමයි ප්‍රාතිහාර්යය දක්වමින් වඩින්නෙ. එදාට යම්කිසි විශේෂයක් සිදුවෙනවාමයි. ඒ තුළින් අතිවිශාල ප්‍රබෝධයකුත් ඇතිවෙනවාමයි. බොහෝ දෙනෙක් ධර්මයත් අවබෝධ කරනවාමයි.

එදා බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් නිල්, කහ, රතු, සුදු, මදටිය පැහැයෙන් යුතු ෂඩ් වර්ණ බුද්ධ රශ්මිය විහිදුණා. උන්වහන්සේ වඩිද්දී මිනිසුන් සාදුකාර දෙමින් සිත පහදවා ගත්තා. සුමන මල්කරු මල් වට්ටිය බිමින් තිබ්බා. දණ ගහගත්තා. ඇස් දල්වාගත්තා. එක හුස්මට බලාගෙන හිටියා. මෙයාගෙ හිතේ ශ්‍රද්ධාව ඉහවහා ගියා. ඇඟ මවිල් කෙළින් වුණා. හිරිගඬු පිපුණා. හිතේ ප්‍රීතිය කොතෙක්ද කියන්නේ සතුටු කඳුළු කඩාහැලුණා.


“අනේ, මාගේ ශාස්තෘන් වහන්සේ ආශ්චර්යය වූ ඤාණයෙන් විතරක් නෙමෙයි, ආශ්චර්යය වූ බුද්ධ රශ්මි මාලාවෙනුත් සමන්විතයි. අසමයි. අසමසමයි. තුන්ලෝකාග්‍රයි. දෙවියන් බඹුන්ගේ පුද පූජාවට උතුම්මයි. අනේ…… අර … අර … ෂඩ් වර්ණ බුද්ධ රශ්මිය විහිදෙන අපූරුව…. අනේ…. මට මොනවා හරි පූජා කරගන්නට ඇත්නම්.

ඒත්…. මං කොහොමද කරන්නේ? මේ පිච්ච මල් මං අරගෙන යන්නේ රජ්ජුරුවන්ට නෙව. රජ්ජුරුවන්ට මෙය නොගෙනිච්චොත් මට අච්චු කරාවි. දඬුවම් දේවි. හිරේ විලංගුවෙ දමාවි. අහෝ….! මං මොකද කරන්නේ? කොහොමහරි මේ අවස්ථාවේ මං මොනවා හරි පූජා නොකරගත්තොත් මගේ ජීවිතයෙන් ඇති ඵලේ කුමක්ද?

නෑ… නෑ… මට ඒ එකක් වත් වැඩක් නෑ. රජ්ජුරුවෝ මාව හිරේ දානවා නම් දමාපුවාවේ. රටින් නෙරපනවා නම් නෙරපුවාවෙ. හිස ගසා දමනවා නම් දමාපුවාවෙ. මට ඒ එකක් වත් වැඩක් නෑ. මං මේ මල් ටික බුදුරජාණන් වහන්සේට පූජා කරනවා පූජා කරනවාමයි. ඒ විතරක් නෙවෙයි මං මගේ ජීවිතයත් පූජා කරනවා.”

ඉතින් පින්වතුනේ, පින්වත් දරුවනේ, ටික වෙලාවකින් බුදුරජාණන් වහන්සේ සුමන මල්කරුවා ඉදිරියෙන් වඩින්න පිටත් වුණා. එතකොට සුමන මල්කරුවා දෝතට පිච්ච මල් නැළි දෙකක් ගත්තා. අරගෙන මෙහෙම කියලා අහසට වීසි කළා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ප්‍රාතිහාර්යය දක්වමින් ෂඩ් වර්ණ බුද්ධ රශ්මියෙන් බැබලි බැබලී, තුන් ලොව සනහමින් වඩින්නා වූ, දෙවි මිනිසුන්ගේ ශාස්තෘ වූ මාගේ ශාස්තෘ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මේ පිච්ච මල් පූජා කරමි…. පූජා වේවා! මාගේ ජීවිතය ද පූජා කරමි…. පූජා වේවා! මෙය සියලු සතුන්ට හිත සුව පිණිස වේවා!” කියලා මහ හඬින් කෑ ගසමින් අහසට දැමූ ඒ පිච්ච මල් දෙනැළියක ප්‍රමාණය බිම වැටුණෙ නෑ. අහසේ වියනක් වගේ හිටියා. මිනිසුන් මහ හඬින් සාදු නාද දුන්නා.

මෙයාට තවත් සතුටුයි. මෙයා ආයෙමත් දෝතට පිච්ච මල් නැළි දෙකක් ගත්තා. බුදුරජාණන් වහන්සේගේ දකුණු පැත්තට වීසි කළා. එය පිච්ච මලින් කළ තිරයක් වගේ ලස්සනට පිහිටියා. ආයෙමත් දෝතට නැළි දෙකක පිච්ච මල් ගෙන වම් පසට වීසි කළා. එයත් ලස්සන මල් තිරයක් වගේ දිස්වුණා. ඊට පස්සේ පිටිපස්සටත් වීසි කළා. ඒ පිච්ච මල් නැළි දෙකත් ලස්සනට තිරයක් වගේ වැක්කෙරුණා. සියලු දෙනාටම පුදුමයි.

මේකේ තවත් විශේෂත්වයක් තිබුණා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වඩිද්දී මේ පිච්ච මලුත් ගමන් කරනවා. බුදුරජාණන් වහන්සේ නවතිද්දී මේ පිච්ච මලුත් නවතිනවා. රජගහ නුවර පුරාවට මිහිරි සුගන්ධයක් වගේ මේ පිච්ච මල් ප්‍රාතිහාර්යය ගැන පැතිරිලා ගියා.

රජමාළිගයටත් මේ පිච්ච මල් ප්‍රාතිහාර්යය පැතිරිලා ගියා. රජතුමාත් එය බලන්න දුවගෙන ආවා. හැමෝටම හරිම පුදුමයක්. නමුත් රජතුමා දන්නෙ නැහැ මේ පිච්ච මල් තමන්ට ලැබෙන්න තිබුණු මල් බව. එදා රජතුමාට පිච්ච මල් ලැබුණෙ නෑ. සුමන මල්කාරයා සතුටු සිතින් ගෙදර ගියා. බිරිඳ ඇහුවා,

“මොකද මේ වුණේ? අද ඔයා මල් ගෙනිච්චේ නැද්ද?”

“නෑ. මං අද ඒ මල් මාගේ ශාස්තෘන් වහන්සේට පූජා කළා. මට දැන් මළත් කමක් නෑ. මොනවා වුණත් කමක් නෑ. මං සිත පහදවා ගෙන ඉවරයි. මං පින් රැස් කරගෙන ඉවරයි.”


එතකොට බිරිඳ හොඳටම බය වුණා. ඇස් ලොකු කරගත්තා. හිත කලබල කරගත්තා. හඬන්න පටන් ගත්තා. රණ්ඩු අල්ලන්න පටන්ගත්තා.

“නුඹ හරි මිනිහෙක් නෙව. නුඹට මොළයක් නැද්ද? දැන් අපි රජ්ජුරුවන්ට මොකක්ද කියන්නේ? ආයෙ දෙකක් නෑ, රාජ උදහසට ලක්වේවි! අපි ඔක්කොම විනාසයි! මට කරන්න දෙයක් නෑ. මං රජ්ජුරුවන්ට සැළකරනවා.”

ඉතින් ඒ බිරිඳ අතදරුවත් වඩාගෙන අනිත් දරුවා ඇඟිල්ලේ දවටගෙන හඬ හඬා මාළිගයට ගියා. රජතුමා ඉස්සරහා වැඳ වැටුණා.

“අනේ පින්වත් රජ්ජුරුවන් වහන්ස, ගැත්තීට අනුකම්පා කරන සේක්වා! මගේ මිනිහා ඔබවහන්සේට නියම වෙලා තිබුණු පිච්ච මල් අට නැළිය ශාස්තෘන් වහන්සේට පූජා කරලා හිස් අතින්ම ගෙදර ඇවිත් ඉන්නවා. අනේ ස්වාමීනී, අපි හිතාමතා කරපු වරදක් නොවෙයි. මේ මනුස්සයා කළ වැඩෙන් අපේ පවුලම විනාස වෙනවා. අනේ පින්වත් රජ්ජුරුවන් වහන්ස, මේ මෝඩ වැඩේ ගැන අනුකම්පා කරන සේක්වා!”

එතකොට බිම්බිසාර රජතුමා මෙහෙම කිව්වා.

“මෑණියනි, ඈ…. මොකක්? මට ගෙනාපු පිච්ච මල්වලින් ශාස්තෘන් වහන්සේට පූජා කළා කිව්වා නේද? පින්වත් මෑණියනි, මමයි ඒ පූජාව ශාස්තෘන් වහන්සේට කරන්න තිබුණේ. මම කළ යුතු දෙයක් තමයි ඒ කරලා තියෙන්නේ. ඒකාන්තයෙන් සුමන මල්කරුවා පිනක්මයි කළේ. සාදු! සාදු! මං ඒ පින අනුමෝදන් වෙනවා. පින්වත් මෑණියනි, නිකම්ම නිකම් මෝඩ ගැහැණියක් වෙන්න එපා! දැන්වත් ස්වාමියා කළ පින අනුමෝදන් වෙයන්.”

රජතුමා බුදුරජාණන් වහන්සේ මුණගැහිලා මේ කාරණය සැළකළා. එදා ඒ මල් වියන් වේළුවනාරාමයේ දොරටුව තෙක් පැමිණුනා. මේ පින්කම ගැන රජතුමා අනුමෝදන් වුණා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඇත්තටම මේ පුද්ගලයා ඔය පින්කම කරලා තියෙන්නේ ජීවිත පරිත්‍යාගයෙන්. ඒ නිසා ඔහුට ගෞරවයක් වශයෙන් මං සියලු සැප සම්පත් සමඟ අසූ හාර දාහක් කහවණු ධනයත් සමඟ, මාළිගයක් සමඟ ගම්වරයක් සහිතව සිටු තනතුර දෙනවා.”


ඉතින් සුමන මල්කරුවා සුමන සිටුවරයා වුණා. ඒ සුමන මල්කරුගේ අසිරිමත් පින්කම ගැන හැමෝම සතුටු වුනා.


ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගෙන් විමසුවා

“ස්වාමීනී, සුමන මල්කාරයා අද පටන් සිටුවරයෙක්. මේ අර පින්කමේ විපාක නේද?”

“පින්වත් ආනන්ද, ඔය තවම සුළු විපාකයයි. මා කෙරෙහි ඔහු සිත පහදවාගත්තු ආකාරය විශේෂ ජීවිතයක් කරා ඔහු යනවා” කියලා මෙහෙමත් වදාළා.

ඔහුගේ පිනේ විපාක හැටියට කල්ප ලක්ෂ වාරයක් සුගතියේ උපදිනවා. දෙවි මිනිසුන් අතරේ සැප විඳිනවා. අන්තිම ආත්මභාවයේ සුමන කියන නමින් පසේබුදු කෙනෙක් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ “යමෙක් කරනවා නම් කළ යුත්තේ පසුතැවෙන්නේ නැති සතුටු සිතින් විපාක විඳින දෙයක්මයි” කියලා මේ ගාථාව වදාළා.

පින්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේ පින ගැන කළ මේ දේශනාව හැමෝටම ප්‍රයෝජනවත් වුණා. එතකොට සුමන මල්කරුවා පසේබුදුබව පත පත හිටපු කෙනෙක් නෙවෙයි. එයා කළේ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවාගත්තු එකමයි. බුදුරජාණන් වහන්සේ තමයි ඒ අනාවැකිය කිව්වේ. මේ වගේ ආශ්චර්යවත් මනුස්සයන් කලින් කලට මිනිස් ලොවට එනවා. සුමන මල්කරුත් එහෙම කෙනෙක්.

එතකොට එදා ප්‍රාතිහාර්ය දක්වමින් රජගහ නුවර වැඩියේ සුමන මල්කරුවා උදෙසාමයි. ඔහු අරභයා බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මය නිසා එදා අසූ හාරදාහක් සෙනඟ සෝවාන් ඵලයට පත් වුණා.

අපටත් මේවා ඉගෙන ගෙන පින් දහම් දියුණු කරගෙන සැපය කරා යන්න ඇත්නම් කොයිතරම් අගේද!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

Tanca kammam katam sadhu
yam katva nanutappati
yassa patito sumano
vipikam patisevati.

That deed is well done if one has not to repent for having done it, and if one is delightful and happy with the result of that deed.


The Story of Sumana, the Florist

While residing at the Jetavana monastery, the Buddha uttered Verse (68) of this book, with reference to Sumana the florist.

A florist, named Sumana, had to supply King Bimbisara of Rajagaha with jasmin flowers every morning. One day, as he was going to the king's palace he saw the Buddha, with a halo of light-rays radiating from him, coming into town for alms-food accompanied by many bhikkhus. Seeing the Buddha in his resplendent glory, the florist Sumana felt a strong desire to offer his flowers to the Buddha. Then and there, he decided that even if the king were to drive him out of the country or to kill him, he would not offer the flowers to the king for that day. Thus, he threw up the flowers to the sides, to the back and over and above the head of the Buddha. The flowers remained hanging in the air; those over the head formed a canopy of flowers and those at the back and the sides formed walls of flowers. These flowers followed the Buddha in this position as he moved on, and stopped when the Buddha stopped. As the Buddha proceeded, surrounded by walls of flowers, and a canopy of flowers, with the six-coloured rays radiating from his body, followed by a large entourage, thousands of people inside and outside of Rajagaha came out of their houses to pay obeisance to the Buddha. As for Sumana, his entire body was suffused with delightful satisfaction (Piti).

The wife of the florist Sumana then went to the king and said that she had nothing to do with her husband failing to supply the king with flowers for that day. The king, being a Sotapanna himself, felt quite happy about the flowers. He came out to see the wonderful sight and paid obeisance to the Buddha. The king also took the opportunity to offer alms-food to the Buddha and his disciples. After the meal, the Buddha returned in the Jetavana monastery and the king followed him for some distance. On arrival back at the palace King Bimbisara sent for Sumana and offered him a reward of eight elephants, eight horses, eight male slaves, eight female slaves, eight maidens and eight thousand in cash.

At the Jetavana monastery, the Venerable Ananda asked the Buddha what benefits Sumana would gain by his good deed done on that day. The Buddha answered that Sumana, having given to the Buddha without any consideration for his life, would not be born in any of the four lower worlds (Apaya) for the next one hundred thousand worlds and that eventually he would become a paccekabuddha. After that, as the Buddha entered the Perfumed Hall (Gandhakuti) the flowers dropped off of their own accord.

That night, at the end of the usual discourse, the Buddha spoke in verse as follows:

That deed is well done if one has not to repent for having done it, and if one is delightful and happy with the result of that deed.  
saadhu saadhu saadhu. 

Saturday, December 18, 2021

ධම්ම පදය බාල වර්ගය - 67 ගාථාව

 



න තං කම්මං කතං සාධු – යං කත්වා අනුතප්පති

යස්ස අස්සුමුඛෝ රෝදං – විපාකං පටිසේවති

කළ විට යම් පවක් යමෙක් – පව් පල දෙයි නම් එ්කෙන්

එවිට හඬා කඳුළු මැදින් – දුකට වැටෙයි නම් එපවින්

කිසි දිනකදි එබඳු පවක් – කිරීම හොඳ දෙයක් නොවෙයිි

“පසුතැවෙන දේ කරන්න එපා!”

පිවතුනේ, පින්වත් දරුවනේ, ජීවිතයට කරදර ඇතිවෙන්නේ සිහිනෙකින්වත් හිතපු නැති විදිහටයි. එතකොට බොහෝ දෙනෙක් අන්ත අසරණ බවට පත්වෙනවා. එ් හේතුවෙන්ම අනන්ත අප‍්‍රමාණ දුකට පත්වෙනවා. තමන් නිර්දෝෂීව සිටිද්දී නොකළ වරදට හසුවෙලා නින්දා විඳින අය කොච්චර ඉන්නවාද? දඬුවම් විඳින අය කොච්චර ඉන්නවාද? දුකට වැටෙන අය කොච්චර ඉන්නවාද?

මේ කථාවත් එහෙම එකක්. නොකළ වරදකට හසු වූ අසරණ ගොවියෙක් ගැනයි මේ කථාව.

සැවැත් නුවරට නුදුරින් කුඹුරු යායක් තිබුණා. දවසක් සොරු රංචුවක් එක්තරා සිටුවරයෙකුගේ ගෙයක් බින්ඳා. රන් රිදී ආභරණ සොරකම් කළා. කුඹුරට වතුර බෙදන සොරොව්ව පැත්තෙන් ඇවිදින් කුඹුරට ආවා. එකිනෙකාට භාණ්ඩ බෙදා ගත්තා. එතකොට එක හොරෙක් එ් හොරුන්ටත් වංචා කරලා කහවණු දහසක් වටිනා තැල්ලක් තමන්ගේ ගොඩට දාගත්තා. එකිනෙකා විසිරිලා යද්දී අර තැල්ල මේ හොරාගෙ මල්ලෙන් වැටුණා. හොරා එ්ක දැක්කෙ නෑ. පිටත් වෙලා ගියා.

පසුවදා බුදුරජාණන් වහන්සේ මහා කාරුණික බුදුනෙතින් ලොව බලද්දී අසරණ අහිංසක ගොවියෙක් නිස්කාරණේ විශාල විපතක වැටෙනවා කියලා දැක්කා. දැකලා ආනන්ද ස්වාමීන් වහන්සේට මෙය වදාළා.

“පින්වත් ආනන්ද, සැවැත් නුවර අසවල් කුඹුරු යාය පැත්තට අපි අද යන්න ඕන. අසරණයෙකුට පිහිට වෙන්න තියෙනවා.”

ඉතින් බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ සමඟ කුඹුරු යාය දිගේ වඩින්න පිටත්වුණා. එතකොට එක්තරා ගොවියෙක් පාන්දරින් උදැල්ලත් අරගෙන තමන්ගේ කුඹුරට ආවා. ඇවිදින් කුඹුර කොටන්න පටන්ගත්තා. එ් කිට්ටුව තමයි අර කහවණු දහසක් වටිනා තැල්ල තිබුණේ. නමුත් අර ගොවියා එ් තැල්ල දැක්කේ නෑ. බුදුරජාණන් වහන්සේ නියර දිගේ වඩිනවා දැකලා එ් ගොවියා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. ආයෙමත් කුඹුරට බැහැලා කොටන්න පටන්ගත්තා. බුදුරජාණන් වහන්සේ එ් තැල්ල ළඟ නැවතුණා.

“පින්වත් ආනන්ද, පේනවා නේද අර භයානක සර්පයාගේ හැටි?”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, හැබෑමයි ඌ නම් මහා භයානක සර්පයෙක්මයි” කියලා පිළිතුරු දුන්නා.

එතකොට අර ගොවියාට මේ කතාබහ ඇහුණා. “හප්පේ….. අර ශ‍්‍රමණයන් වහන්සේලා කතාවුණේ මහා භයානක සර්පයෙක් ඉන්නවා කියලා. කෝටුවකින් අරගෙන ඈතට වීසි කරන්න ඕන.”

ගොවියා එතනට එනකොට දැක්කෙ භයානක සර්පයෙක්ව නොවෙයි. කහවණු දහසක් වටිනා තනි රත්තරන් තැල්ලක්. මෙයා පුදුම වුණා. නෙත් විදහා බලාසිටියා. එ් තැල්ල අතට ගත්තා. අතේ තියාගෙන පුදුමයෙන් කල්පනා කළා.

‘හරි පුදුමයි…! එතකොට ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේ භයානක සර්පයා කිව්වෙ මේකට නේද? මේ ආභරණය ලොකු ප‍්‍රශ්නයකට සම්බන්ධ දෙයක් වෙන්න ඇති. නැත්නම් එවැනි කතාවක් ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේගේ මුවින් පිටවෙන්නේ නෑ’

එහෙමනම් මේකෙන් මට යහපතක් වෙන එකක් නෑ කියලා එතනම දාලා පස්වලින් වැහුවා. වහලා කුඹුර කොටන්න පටන්ගත්තා.

රාජපුරුෂයින්ට සිටු මාළිගයක සිදු වූ සොරකම ගැන සැළවුණා. සොරකම කළ සොරුන්ගේ පියවර ඔස්සේ සොය සොයා එන්නට පටන්ගත්තා. සොරොව්ව ළඟට ආවා. සොරොව්වෙන් ගොඩ වුණා. කුඹුරට ආවා. සොරු රැස්වුණු ලකුණු තියෙනවා. තව සොයන්න පටන්ගත්තා. එතකොට රාජපුරුෂයෙක් කෑ ගැහුවා.

“එ්යි වරෙල්ලා…. මෙන්න බඩු තියෙනවා. මේ තියෙන්නේ කහවණු දහසක් වටිනා තැල්ලක්!”

රාජපුරුෂයන් ගොවියා දිහා රවලා බලාගෙන හිටියා.

“එ්යි හොරා…. මෙහෙ වරෙන්” කියල කතා කළා. කුඹුරෙන් ගොඩට ඇදලා අරගෙන එතනම ඇදගෙන වැටෙන්න ගැහුවා.

“උඹ ගෙවල් බිඳලා හිට කුඹුර කොටනවා වගේ ඉන්නවා නේද? උඹේ කෙරුවාවල් අදින් ඉවරයි.”

රාජපුරුෂයන් අර ගොවියාගේ දෑත් පිටුපසට කොට බැන්දා. කසෙන් තල තලා ඇදගෙන ගියා. රජ්ජුරුවන්ට අර ගොවියාව පෙන්නුවා. රාජ පුරුෂයෝ දැනුම් දුන්නේ හොරාව අල්ලගත්තා කියලයි. හොරාට දඬුවම් නියම වුණා. කසයෙන් තල තල හිස ගසන තැනට අරගෙන ගියා. පාර දෙපැත්තේ සෙනඟ හොරා බලන්න රැස්වුණා. එතකොට මේ අහිංසක ගොවියාට කරකියාගන්න දෙයක් නෑ. ගොවියා කෑ ගගහ කිය කිය ගියා.

“පින්වත් ආනන්ද, පේනවා නේද අර භයානක සර්පයාගේ හැටි?”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, හැබෑමයි ඌ නම් මහා භයානක සර්පයෙක්මයි” කියලා.


දිගටම ගොවියා කිව්වේ ඕකමයි. එතකොට රාජපුරුෂයෝ ඇහුවා

“ඈ… හොරෝ…? නුඹ මොකද ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේගේ නමත්, ආනන්ද තෙරුන්ගේ නමත් කියවන්නේ….? නුඹ මේකෙන් මගහරින්නද හදන්නේ?”

“නෑ…. මං සොරකමක් කළේ නෑ. එ්ක ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේ දන්නවා.”

එතකොට රාජපුරුෂයන් කල්පනා කළා ‘මේ පුද්ගලයා ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේ ගේ නම ඉදිරියට අරගෙන කතාකරන්නේ මේකේ තව මොනවා හරි ඇති.’ ආපහු රජතුමා ළඟට මොහු අරගෙන ගියා.

එතකොට කොසොල් රජ්ජුරුවෝ මෙහෙම කිව්වා.

“රාජපුරුෂය, ලෝකයෙහි අග‍්‍ර වූ උත්තමයා වන අපගේ ශාස්තෘන් වහන්සේ සාක්කියට තබාගෙන මේ පුද්ගලයා කියන දේ අහක දැමිය යුතු නෑ. මම ම මේ කාරණය දැනගන්නම්. දැනට ඔය පුද්ගලයාව හිරකරන්න. සවසට මෙයාවත් අරගෙනම යමු.”

සවස රජතුමා බුදුරජාණන් වහන්සේ බැහැදකින්න ගියා. ගොවියා දෑත් පිටුපසට බැඳගෙන ඇඟ පුරා කස තැලුමෙන් ලේ පෙරාගෙන බුදුරජාණන් වහන්සේ ළඟ අසරණව වාඩිවෙලා ඉන්නවා. එතකොට රජතුමා මෙහෙම අහනවා.

“ස්වාමීනී, මේ පුද්ගලයා හොරෙක්. නමුත් මොහු අමුතු කතාවක් කියනවා. භයානක සර්පයෙක් ගැන ඔබ වහන්සේ කිව්වාය කියලා මොකක්දෝ දෙයක් කියනවා.”

“පින්වත් මහරජ, එ්ක ඇත්ත. එ් භයානක සර්පයා පණ තියෙන සතෙකුටත් වඩා භයානකයි. එ් භයානක සර්පයා නිසා අසරණ අහිංසකයොත් අමාරුවේ වැටෙනවා. බොහෝ අය පව් රැස්කරගන්නවා.

එ් භයානක සර්පයා වෙන අමුතු සතෙක් නොවෙයි. කහවණු දහසක් වටිනා රන් තැල්ලක්. මං ඕක ආනන්දයන්ට පෙන්නුවා. ‘පින්වත් ආනන්ද, පේනවා නේද අර භයානක සර්පයාගේ හැටි?’ කියලා.

ආනන්දයන් වහන්සේත් මට උත්තර දුන්නා

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, හැබෑමයි ඌ නම් මහා භයානක සර්පයෙක්මයි” කියලා.

එ් කථාව නිසයි අද මේ අසරණ ගොවියා බේරුණේ. මහරජතුමනි, මෙයා හොරෙක් නොවෙයි. මම කියල ගියේ එච්චරයි. නුවණැති කෙනාට එ්ක තේරුම් ගන්න අවස්ථාව ලැබෙනවා. දැන් බලන්න මේ පින්වත් ගොවියා නුවණින් තේරුම් ගත්තනේ මං කියපු කාරණාව මොකක්ද කියලා. අන්න එහෙම තමයි වැඩකරන්නට ඕන. තමන් දුකට පත්වෙන දේවල් කරගන්න හොඳ නෑ” කියලා බුදුරජාණන් වහන්සේ මෙම ගාථා රත්නය වදාළා.

පින්වතුනේ, පින්වත් දරුවනේ, යමක් කළාට පස්සේ එ් කළ දේ ගැන නුවණින් සලකද්දී පසුතැවෙන්නට වෙනවා නම්, එ් වගේ ම එ් පාපයේ විපාක වශයෙන් නිරයේ ඉපදිලා දුක් විඳින්නට වෙනවා නම් එවැනි දෙයක් කවදාවත් කරන්න එපා. හඬ හඬා කඳුළු පෙරමින් විඳවන්නට වැඩ කිරීමේ තේරුම මොකක්ද?

බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කොට ධර්ම දේශනා කළා. එතකොට ගොවියා එ් ධර්මය අවබෝධ කළා. සෝතාපන්න ශ‍්‍රාවකයෙක් බවට පත්වුණා. බුදුරජාණන් වහන්සේ ගොවියාව මරණින් බේරගත්තා. සතර අපායෙනුත් බේරාගත්තා. නිවනටත් යොමු කළා. බුදු කරුණාව ලොවට සැපයක්මයි.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

Dhammapada Verse 67

Na tam kammam katam sadhu
yam katva anutappati
yassa assumukho rodam
vipakam patisevati.

 That deed is not well done, if one has to repent for having done it, and if, with a tearful face, one has to weep as a result of that deed.


The Story of a Farmer

While residing at the Jetavana monastery, the Buddha uttered Verse (67) of this book, with reference to a farmer who handled poison.

One day, some thieves having stolen some valuables and cash from the house of a rich man came to a field. There, they divided the stolen property among themselves and dispersed; but a packet containing one thousand in cash, having dropped from one of the thieves, was left behind unnoticed.

Early in the morning on that day, the Buddha, on surveying the world with his supernormal power, perceived that a farmer, cultivating near that field, would attain Sotapatti Fruition on that very day. So, the Buddha went there, accompinied by the Venerable Ananda. The farmer on seeing the Buddha paid obeisance to him and continued to plough the field. The Buddha seeing the packet of money said to the Venerable Ananda, "Ananda, look at that very poisonous snake," and Ananda replied, "Venerable Sir, yes, it is, indeed, a very poisonous snake!" Then, both the Buddha and the Venerable Ananda continued their way.

The farmer, hearing them, went to find out if there really was a snake and found the packet of money. He took the picket and hid it in a place. The owners of the property coming after the thieves came to the field, and tracing the footprints of the farmer, found the packet of money. They beat the farmer and took him to the king, who ordered his men to kill the farmer. On being taken to the cemetery, where he was to be killed, the farmer kept on repeating, "Ananda, look at that very poisonous snake. Venerable Sir, I see the snake; it is, indeed, a very poisonous snake!" When the king's men heard the above dialogue between the Buddha and the Venerable Ananda being repeated all the way, they were puzzled and took him to the king. The king surmised that the farmer was calling upon the Buddha as a witness; he was therefore taken to the presence of the Buddha. After hearing from the Buddha everything that had happened in the morning, the king remarked, "If he had not been able to call upon the Buddha as a witness of his innocence, this man would have been killed." To him, the Buddha replied, "A wise man should not do anything that he would repent after doing it."

Then the Buddha spoke in verse as follows:

That deed is not well done, if one has to repent for having done it, and if, with a tearful face, one has to weep as a result of that deed.

At the end of the discourse, the farmer attained Sotapatti Fruition.

Thursday, November 18, 2021

5. පඤ්චක නිපාතෝ 5. පස්වැනි නිපාත​ය

 


අඤ්ඤතරා ථේරීගාථා

5.1. එක්තරා තෙරණියකගේ ගාථා

67. පණ්ණවීසතිවස්සානි යතෝ පබ්බජිතා අහං,
නච්ඡරාසංඝාතමත්තම්පි චිත්තස්සූපසමජ්ඣගං.

67. මං මහණ වෙලා අවුරුදු විසිපහක් ගෙවිල ගියා. මට ඇසුරු ගසන මොහොතක වෙලාවක් වත් සමාධිගත සිතක් ලබා ගන්ට බැරිවුණා.

68. අලද්ධා චේතසෝ සන්තිං කාමරාගේනවස්සුතා,
බාහාපග්ගය්හ කන්දන්තී විහාරං පාවිසිං අහං.

68. චිත්ත සමාධියක් ලබාගන්ට බැරිව, කාම රාගයෙන් තෙමිල ගිය සිතින්, මං හිටියේ. ඉතින් මං දෑත හිසේ බැඳගෙන හඬ හඬා ආරාමය ඇතුළට ගියේ.

69. තං භික්ඛුනිමුපාගඤ්ජිං යා මේ සද්ධායිකා අහු,
සා මේ ධම්මමදේසේසි ඛන්ධායතනධාතුයෝ.

69. මං පැහැදිලා හිටිය එක භික්ෂුණියක් ගැන. අන්තිමේදී මං ඈ ළඟට ගියා. ඉතින් ඒ භික්ෂුණිය මට ස්කන්ධ ධාතු ආයතන ගැන ධර්මය දේශනා කළා.

70. තස්සා ධම්මං සුණිත්වාන ඒකමන්තේ උපාවිසිං,
පුබ්බේනිවාසං ජානාමි දිබ්බචක්ඛු විසෝධිතං.

70. ඒ භික්ෂුණිය කියාපු ධර්මය මං හිතට ගත්තා. එකත්පස්ව වාඩිවුණා. මං පුබ්බේ නිවාස ඤාණය සිහිකරන්ට දන්නවා. දිවැසත් පිරිසිදු කරගත්තා.

71. චේතෝපරියඤාණඤ්ච සෝතධාතු විසෝධිතා,
ඉද්ධිපි මේ සච්ඡිකතා පත්තෝ මේ ආසවක්ඛයෝ,
ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනන්ති.

71. අනුන්ගේ සිත් දකින ඤාණයත් තියෙනවා. දිව්‍ය කනත් පිරිසිදු කරගත්ත. ඉර්ධි ප්‍රාතිහාර්ය පාන්ටත් පුළුවන්. ආශ්‍රවයන් ක්ෂය කරල අරහත්වයටත් පත්වුණා. මං මේ අභිඤ්ඤා ඔක්කොම ලැබුවා. බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා.

ඉත්ථං සුදං අඤ්ඤතරා ථේරී ගාථායෝ අභාසිත්ථා’ති.

මේ වනාහී එක්තරා රහත් තෙරණියක් වදාළ ගාථාවන්ය.

ධම්ම් පදය 66 ගාථාව - බාල වර්ගය

 

චරන්ති බාලා දුම්මේධා – අමිත්තේනේව අත්තනා

කරොන්තා පාපකං කම්මං – යං හෝති කටුකප්ඵලං

අනුවණ බාලයා ලොවේ – කරයි නොයෙක් අකුසලකම්
තමා දුකට ඇද දමනා – පවින් සතුටු වෙයි හැමකල්
සතුරෙක් හැසිරෙන විලසට – පව්ම
රැස් කරයි තමාට


“තමා තමාව හතුරෙක් කරගන්න එපා!”


පින්වත් දරුවනේ, තමන්ගේ අතින් යම්කිසි පාපයක් කෙරුණොත් ඒක පස්සෙන් ඇවිත් ඵලදෙන විදිහ කාටවත් සොයන්න අමාරුයි. සමහර විට මුලු ජීවිත කාලයම විඳවන්න වෙනවා. ඒත් එයා දන්නෙ නෑ ඒක වෙන්නේ කර්ම විපාක නිසා කියලා. බුද්ධ කාලෙත් මෙහෙම දෙයක් වුණා.සුප‍්‍රබුද්ධ කියලා කෙනෙක් රජගහ නුවර වාසය කළා. මෙයා ඉතාමත් දිළිඳුයි. අමාරුවෙන් ජීවත් වුණේ. දුකසේ ජීවත් වුණේ. මෙයාට කුෂ්ඨයක් හැදිලා තිබුණා. බෙහෙත් කළාට හරි ගියේ නෑ. ඇඟ පුරා ම බිබිලි දාලා කහනවා. ලේ සැරව ගලනවා. ශරීරයෙන් ගඳ ගහනවා. ඒ නිසාම මෙයාට සලකන්න කවුරුවත් හිටියේ නෑ. හැමෝම කොන් කළා.

එදා මේ සුප‍්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා කෑම ටිකක් හොයාගෙන කන්න ඕන කියලා පාරට බැස්සා. ටික දුරක් යද්දී මෙයා දැක්කා ගහක් යට පිරිසක් රැස්වෙලා ඉන්නවා.

‘ම්…. ඔව්. අර පෙනෙන්නෙ. මං හිතන්නෙ කෑම බෙදන තැනක් වගේ…. මටත් යා ගත්තොත් මොනවාහරි කතහැකි’ කියලා මේ තැනැත්තා ටික ටික එතනට කිට්ටු වුණා. ළංවෙද්දී මෙයාගේ අදහස සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.

“අයියෝ….! මෙතන කෑම බීම බෙදන තැනක් නෙවෙයිනෙ! අර…. අර ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේ නේද ඉන්නේ? මිනිස්සු පුදුමයෙන් වගේ වටවෙලා අහගෙන ඉන්නවා. හැමෝටම වෙන දෙයක් ඕන නැහැ වගේ. එහෙමනම් මෙතනට කිට්ටු කරපු එකේ මමත් ඒ අයිනකින් වාඩිවෙන්න ඕන. කනබොන එක නම් කොයිවෙලාවෙ වුණත් කරගන්න බැරියැ. මං අහන්න ඕන ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේ කියන්නේ කුමක්ද කියලා.”

පින්වතුනේ, පින්වත් දරුවනේ, සුප‍්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා අවාසනාවන්තයෙක් වුණත් ඔහුගේ ජීවිතය තුළ අතිවිශිෂ්ට වූ වාසනාවක් සැඟවී තිබුණා. සුප‍්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා පැත්තකින් වාඩිවෙන හැටි බුදුරජාණන් වහන්සේ දැක්කා. ඒත් එක්කම බුදුරජාණන් වහන්සේට වැටහුණා මෙයා තමයි අද ධර්මය අවබෝධ කරන්නේ කියලා.

ඉතින් බුදුරජාණන් වහන්සේ දන් දීමේ ආනිශංස ගැන ඉස්සෙල්ලාම බණ කිව්වා. ඊට පස්සේ සිල් රැකීමේ ආනිශංස ගැන, ඊට පස්සේ දෙව් මිනිස් සුගතියේ ඉපිද සැප විඳීම ගැන, ඊට පස්සේ කාමයන් පස්සේ ගිහින් මිනිස්සු පව් කරලා අපායේ වැටි වැටී සසරේ යන එක ගැන, ඊට පස්සේ කෙලෙස් නිසා ජීවිත විනාශ වෙන එක ගැන, ඊට පස්සේ කෙලෙසුන්ගෙන් නිදහස් වීමේ ආනිශංස ගැන දහම් කරුණු කියාගෙන යද්දී සුප‍්‍රබුද්ධ කුෂ්ඨ රෝගියාගේ සිත මේ ධර්මයට පුදුම විදිහට ඇදිලා ගියා. හැම දෙයක්ම අමතක වුණා. බඩගින්න කොහේ ගියාද නෑ. සිත තැන්පත් වුණා. එකඟ වුණා. සමාධිමත් වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලි ලෙස චතුරාර්ය සත්‍යය විස්තර කළා.

ඒ චතුරාර්ය සත්‍යය අහද්දී පිරිසිදු වස්ත‍්‍රයක් ඩයි කරද්දී පාට වර්ණය ඒ වස්ත‍්‍රයට සම්පූර්ණයෙන්ම අල්ලනවා වගේ මේ සුප‍්‍රබුද්ධ කුෂ්ඨ රෝගියාගේ සිතට ධර්මය කාවැදුණා. චතුරාර්ය සත්‍යය අවබෝධ වුණා. සෝවාන් වුණා.

සුප‍්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා දොහොත් මුදුන් දීගෙන සාදු නාද දුන්නා. සතුටු කඳුළු වැගිරුවා. ප‍්‍රීතියෙන් හඬන්න පටන්ගත්තා. කෑ ගහලා කියන්න ගත්තා.

“අනේ ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ආශ්චර්යයි…! අනේ ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මේ ධර්මය පුදුමාකාර ධර්මයක්…! ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, යටට හරවලා තිබිච්ච දෙයක් උඩට හරවලා පෙන්නුවා වගෙයි. වැහිච්ච දෙයක් විවෘත කළා වගෙයි. මං මුලා වූ කෙනෙකුට යන්න ඕන පාර පැහැදිලිව පෙන්නුවා වගෙයි. කරුවලේ හිටපු ඇස් ඇති කෙනෙකුට ලෝකය දකින්නට තෙල් පහන් දැල්වුවා වගෙයි. අනේ ස්වාමීනී, අප කෙරෙහි අනුකම්පාවෙන් නොයෙක් අයුරින් ධර්ම දේශනාව විස්තර කොට වදාළා. ස්වාමීනී, මං අද පටන් පණ තියෙන තුරු බුදුරජාණන් වහන්සේව සරණ යනවා. ධර්මය සරණ යනවා. ශ‍්‍රාවක සංඝයා සරණ යනවා. අනේ ස්වාමීනී, මාවත් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු වශයෙන් පිළිගන්නා සේක්වා!”

ඉතින් ඔය විදිහට සතුටු වූ සුප‍්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා බුදුරජාණන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට පිටත් වුණා. එතකොට ශක‍්‍ර දෙවියන්ට මෙහෙම හිතුණා.

‘මේ සුප‍්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා දැන් සෝතාපන්න වූ ශ‍්‍රාවකයෙක්. මෙයාට ඉස්සර කවුරුත් සැළකුවේ නෑ. මෙයා ලද ගුණවත්කම ගැන මං සමාජයට පෙන්නන්න ඕන. එතකොට මෙයාට මිනිස්සු සළකාවි.’

ඉතින් ශක‍්‍ර දෙවියන් සුප‍්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා ඉදිරියේ අහසේ පෙනී හිටියා.

“එම්බා සුප‍්‍රබුද්ධ, බලන්න ඔයා හරිම දුප්පත්. යන එන මං නෑ. අන්ත දුකේ වැටිලයි ඉන්නේ. අතේ තුට්ටු දෙකක් නෑ. මං ඔයාට සීමාවක් නැති විදිහේ මහා ධනයක් දෙන්නම්. ඔයා මේක කියන්න ඕන. ‘බුදුරාජාණන් වහන්සේ කියන්නේ බුදුකෙනෙක් නොවෙයි. ධර්මය ධර්මය නොවෙයි. සංඝයා සංඝයා නොවෙයි. බුදුරජුන්ගෙන් මට ඇති පලක් නෑ. ධර්මයෙන් මට ඇති පලක් නෑ. සංඝයාගෙන් මට ඇති පලක් නෑ’ කියලා.

 

එතකොට සුප‍්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා ගැස්සිලා ගියා. ඇස් ලොකු කරලා බැලුවා. නළල රැළි නැංවුවා. ඇඟිල්ල දික්කරලා ඇහුවා.

“ආකහේ හිටියට කමක් නෑ. කවුද නුඹ?”

“මම තමයි ශක‍්‍ර දෙවිඳු”

“හා… හා…. එතකොට නුඹද ශක‍්‍රයා. අනේ අවාසනාවන්ත ශක‍්‍රයෝ…. නුඹට ලැජ්ජා නැද්ද? මං වගේ කෙනෙක් සමඟ ඔය විදිහේ ගණුදෙනුවක් කතා කරන්න. නුඹ හිතාන ඉන්නේ මගෙ අතේ තඹ දොයිතුවක් නැතිවුණු පළියට මං දිළින්දෙක් කියලද? ඒයි ශක‍්‍රයා නුඹ දන්නෙ නෑ මට තියෙනවා ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප‍්‍රසාදයක්. ඒ වගේම මට තියෙනවා ඒ අමා නිවන ලබා දෙන ශ‍්‍රී සද්ධර්මය කෙරෙහි නොසෙල්වෙන ප‍්‍රසාදයක්. ඒ වගේම මට තියෙනවා ආර්ය ශ‍්‍රාවක සංඝරත්නය කෙරෙහි නොසෙල්වෙන ප‍්‍රසාදයක්. ඒ වගේම මට තියෙනවා ආර්යකාන්ත සීලයක්. නුඹට අතේ තියෙන සල්ලි ධනයක් වගේ පෙනුනට මගේ ධනය දැක්කෙ නෑ නේද? එහෙනම් දැනගනින් එම්බා ශක‍්‍රය, මම දිළින්දෙක් නොවෙයි. මම ධනවතෙක්. මම පරම දුර්ලභ වූ උත්තරීතර ධනයට හිමිකරුවෙක්. ඒ ධනය ලෝකෙ කිසිකෙනෙකුට සොරකම් කරන්න බැරි ධනයක්. මම ඒ ධනය තුළ සුවපත් වෙලයි ඉන්නේ.”

එතකොට ශක‍්‍ර දෙවියන් නොපෙනී ගියා. සුප‍්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා නැවත බුදුරජාණන් වහන්සේව බැහැදකින්න ගියා. ගිහින් මේ සිද්ධිය සැළකලා. එවේලෙහි සියලු දෙනාටම සුප‍්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා කෙරෙහි මහත් ගෞරවයක් ඇතිවුණා. ඔහුට සියලු දෙනාම පින් දුන්නා. ඔහුගේ අභිමානවත් එඩිතරකම ගැනත් නොසෙල්විය හැකි ශ‍්‍රද්ධාව ගැනත් ප‍්‍රශංසා කළා.

ඊට පස්සේ ඒ සුප‍්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා නම් වූ මහා පින්වතා පිටත් වුණා. අතරමගදී පැටියෙක් සිටින ගවදෙනක් කලබලෙන් ඇවිත් මොහුට ඇන්නා. ඒ හේතුවෙන් මොහු මියගියා. මියගිහින් තව්තිසා දෙව්ලොව සියලු යසසින් වර්ණයෙන් බබලන මනස්කාන්ත රූ ඇති දිව්‍ය පුත‍්‍රයෙක් වෙලා උපන්නා.

ඉතින් භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ගෙන් ඇවිදින් ඇහුවා,

“ස්වාමීනී, අර සුප‍්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා මරණයට පත්වුණා. ස්වාමීනී, එයා කොහෙද උපන්නේ?”

“පින්වත් මහණෙනි, සුප‍්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා ඉතාම ඤාණවන්තයි. ධර්මය උදෙසා මාව මහන්සි කළේ නෑ. පින්වත් මහණෙනි, ඔහු ධර්මය අවබෝධ කළා. සෝවාන් වුණා. කිසි දවසක සතර අපායේ වැටෙන්නේ නෑ. නියත වශයෙන්ම නිවන් අවබෝධ කරනවා.”

එවිට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එවේලෙහි මේ උදානය පහළ කළා.

“චක්ඛුමා විසමානි ච – විජ්ජමානේ පරක්කමේ
පණ්ඩිතෝ ජීවලෝකස්මිං – පාපානි පරිවජ්ජයේ

ඇස් ඇති කෙනා සමාජයේ සිටින චණ්ඩ වන සතුන් දරුණු මෘගයින් ආදී අනතුරු ඇති තැන් මගහැරලා වීරියෙන් යුක්තව කටයුතු කරන්න ඕන. අන්න ඒ වගෙයි නුවණැත්තා පව් දුරු කිරීමට මේ ලෝකය තුළ වීරියෙන් යුක්තව කටයුතු කරන්න ඕන.”

ඊට පස්සේ ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගෙන් මේ ප‍්‍රශ්නය ඇහුවා.

“එතකොට ස්වාමීනී, ඔය කුෂ්ඨ රෝගියා අන්ත දිළින්දෙක් වෙලා, අන්ත දුගියෙක් වෙලා, පාරක් පාරක් ගානේ ගිහින් මොනවහරි හොයාගෙන කාලා, ඇඟ කස කස ජීවත් වූ අසරණයෙක් නෙව. ඒකට හේතුව මොකක්ද?”

“පින්වත් මහණෙනි, ඒක ඉස්සර වෙච්ච දෙයක්. තමන් කරගත්තු දෙයක් තමයි ඔය විඳෙව්වේ. ඒ කියන්නේ සුප‍්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා එක්තරා කාලයක මේ රජගහ නුවරම සිටු පුත‍්‍රයෙක් වෙලා හිටියා. ධන ධාන්‍ය සම්පත් පිරිලා තිබුණා. ලස්සන රූපයකුත් තිබුණා.

දවසක් මොහු උයන් කෙළියට අශ්වයා පිටේ නැගලා යනවා. එ් වෙලාවෙ තගරසිඛී නමින් පසේබුදුරජාණන් වහන්සේ නමක් රජගහ නුවර පිඬුසිඟා වඩිනවා. එතකොට මේ සිටුවරයා හයියෙන් කෑ ගහලා මෙහෙම කිව්වා.

“ඒයි… කුෂ්ඨයා…. ඔය කුෂ්ඨ සිවුර පොරවාගෙන කොහෙද ඔය ඇවිදින්නේ?” කියල කාරල කෙල ගැහුවා. ගරහලා හිනහ වෙවී පිටත් වුණා.

මෙයාට මේක අමතක වුණා. නමුත් විපාක දෙන කර්මයට ඒක අමතක වෙන්නෙ නෑ. එයා මරණින් මත්තේ ගිහින් ඉපදුණේ නිරයේ. අවුරුදු දහස් ගණනක්, ලක්ෂ ගණනක් නිරයේ පැහුණා. ඊට පස්සේ තමයි රජගහ නුවර කුෂ්ඨ රෝගියෙක් වෙලා, අන්ත දිළින්දෙක් වෙලා ඉපදුණේ.”

එවේලෙහි බුදුරජාණන් වහන්සේ මෙම ගාථා රත්නය වදාළා.

 පින්වත් දරුවනේ, තමාට තමන්ම හතුරෙක් වෙන එක ඒ හැටි අමාරු වැඩක් නොවෙයි. ඒක හරිම ලෙහෙසි වැඩක්. ඕන තරම් පාප මිත‍්‍රයන් ඉන්නවා. පව්වලට අනුබල දෙන ඕන තරම් පිරිස ඉන්නවා. පව් කරන්නට අවස්ථාවත් ඕන තරම් තියෙනවා. ඒක නිසා තමාට තමන්ගේම හතුරා වෙන එක සුළුදෙයක්. හැබැයි ඒකෙ විපාක විඳින්න වෙන්නෙත් තමාටමයි. දුකට පත්වෙන්නෙත් තමාමයි. ඒ නිසා තමන්ගේ සැප කැමැති කෙනා තමාව හතුරෙක් කරගන්න හොඳ නෑ. තමාව කළණ මිතුරෙක් කරගන්න ඕන.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේට මාගේ ප්‍රණාමය 

☺☺

 Dhammapada Verse 66

Suppabuddhakutthi Vatthu

Caranti bala dummedha
amitteneva attana
karonta papakam kammam
yam hoti katukapphalam.

Verse 66: With themselves as their own enemies, fools lacking in intelligence, move about doing evil deeds, which bear bitter fruits.


The Story of Suppabuddha, the Leper

While residing at the Jetavana monastery, the Buddha uttered Verse (66) of this book, with reference to Suppabuddha, a leper.

Suppabuddha, the leper, while sitting at the back of the crowd and listening attentively to the discourse given by the Buddha, attained Sotapatti Fruition. When the crowd had dispersed, he followed the Buddha to the monastery as he wished to tell the Buddha about his attainment of Sotapatti Fruition. Sakka, king of the devas, wishing to test the leper's faith in the Buddha, the Dhamma and the Samgha, appeared to him and said, "You are only a poor man, living on what you get by begging, with no one to fall back on. I can give you immense wealth if you deny the Buddha, the Dhamma and the Samgha and say that you have no use for them." To this, Suppabuddha replied. "I am certainly not a poor man, with no one to rely on. I am a rich man; I possess the seven attributes which the ariyas possess; I have faith (saddha), morality (sila), sense of shame to do evil (hiri), sense of fear to do evil (ottappa), learning (sula), generosity (caga) and knowledge (panna).

Then, Sakka went to the Buddha ahead of Suppabuddha and related the conversation between himself and Suppabuddha. To him the Buddha replied that it would not be easy even for a hundred or a thousand Sakkas to coax Suppabuddha away from the Buddha, the Dhamma and the Samgha. Soon after this, Suppabuddha arrived at the monastery and reported to the Buddha about his attainment of Sotapatti Fruition. On his way back from the Jetavana monastery, Suppabuddha was gored to death by an infuriated cow, who, in fact, was an ogress assuming the form of a cow. This ogress was none other than the prostitute who was killed by Suppabuddha in one of his previous existences and who had vowed to have her revenge on him.

When the news of Suppabuddha's death reached the Jetavana monastery, the bhikkhus asked the Buddha where Suppabuddha was reborn and the Buddha replied to them that Suppabuddha was reborn in Tavatimsa deva realm. The Buddha also explained to them that Suppabuddha was born a leper because, in one of his previous existences, he had spat upon a paccekabuddha.

Then the Buddha spoke in verse as follows:

Verse 66: With themselves as their own enemies, fools lacking in intelligence, move about doing evil deeds, which bear bitter fruits.

ධම්ම පදය - බාල වග්ගය 71 ගාථාව

      න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ පවිටු කෙනා කරනා පව් – මීකිරි මිදෙනා වේගෙන් සැණෙකින...