Wednesday, February 16, 2022

ථේරී ගාථා 5.2 විමලා තෙරණියගේ ගාථා

 

5.2. විමලා තෙරණියගේ ගාථා

72. මත්තා වණ්ණේන රූපේන සෝභග්ගේන යසේන ච,
යොබ්බනේන චුපත්ථද්ධා අඤ්ඤාසමතිමඤ්ඤිහං.

72. මං ඉස්සර හරි ලස්සනයි. හරිම හැඩයි. හැම සැප සම්පතක්ම තිබුණා. මං ඒවයින් මුසපත් වුණා. යෞවන මදයෙන් මත්වුණා. හරි ම අහංකාරකමින් හිටියේ. අනිත් කාන්තාවන්ව පහත් කරල හිතුවේ.

73. විභූසිත්වා ඉමං කායං සුචිත්තං බාලලාපනං,
අට්ඨාසිං වේසිද්වාරම්හි ලුද්දෝ පාසමිවොඩ්ඩිය

73. ඉතින් මං ඒ දවස්වල ලස්සනට ඇඳල මේ ශරීරය සරස ගන්නවා. මෝඩ ජනතාවගේ වර්ණනාවන්ට ගැලෙපන විදිහට ඇඳගෙන ‘වේසා ගෙයි’ දොරකඩට වෙලා ඉන්නවා. මුවන් අල්ලන්ට උගුල් අටවන වැද්දෙක් වගේ.

74. පිලන්ධනං විදංසෙන්තී ගුය්හං පකාසිකං බහුං,
අකාසිං විවිධං මායං උජ්ඣග්ඝන්තී බහුං ජනං.

74. මං ඒ කාලෙ ඇඳුම් ඇන්දෙ රහස් තැන් පිටට පෙනෙන විදිහට. මෝඩ ජනතාව මගේ ළඟට නිකම්ම ඇදිල ආවා. මං උස් හඬින් හිනා වෙවී විවිධ මායාවල් කළා.

75. සාජ්ජ පිණ්ඩං චරිත්වාන මුණ්ඩා සංඝාටිපාරුතා,
නිසින්නා රුක්ඛමූලම්හි අවිතක්කස්ස ලාභිනී.

75. එහෙත් අද මං, හිස මුඩු කරගෙන, දෙපට සිවුරු දරාගෙන පිණ්ඩපාතෙ කරගෙන ජීවත් වෙනවා. ගස් යට කල් ගෙවනවා, ධ්‍යාන භාවනා කරනවා. මට සමාධිමත් සිතක් තියෙනවා.

76. සබ්බේ යෝගා සමුච්ඡින්නා යේ දිබ්බා යේ ච මානුසා,
ඛේපෙත්වා ආසවේ සබ්බේ සීතිභූතාම්හි නිබ්බුතාති.

76. දිව්‍ය මානුෂික හැම බන්ධනයක්ම මං නැතිකරල දැම්මා. හැම ආශ්‍රවයන්ම ගෙවල දැම්මා. සිසිල් වුණා. නිවුණා.

ඉත්ථං සුදං විමලාථේරී ගාථායෝ අභාසිත්ථා’ති.

මේ වනාහී විමලා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන්ය.


How was I once puff'd up, incens'd with the bloom of my beauty, 
Vain of my perfect form, my fame and success 'midst the people,
Fill'd with the pride of my youth, unknowing the Truth and unheeding!
Lo! I made my body, bravely arrayed, deftly painted,

Speak for me to the lads, whilst I at the door of the harlot
Stood, like a crafty hunter, weaving his snares, ever watchful. 

Yea, I bared without shame my body and wealth of adorning;
Manifold wiles I wrought, devouring the virtue of many.


To-day with shaven head, wrapt in my robe,
I go forth on my daily round for food;
And 'neath the spreading boughs of forest tree
I sit, and Second-Jhana's rapture win,
Where reas'nings cease, and joy and ease remain. 

Now all the evil bonds that fetter gods
And men are wholly rent and cut away.
Purg'd are the Āsavas that drugg'd my heart,
Calm and content I know Nibbana's Peace. 

No comments:

Post a Comment

ධම්ම පදය - බාල වග්ගය 71 ගාථාව

      න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ පවිටු කෙනා කරනා පව් – මීකිරි මිදෙනා වේගෙන් සැණෙකින...