මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති
යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති
තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ
පවිටු බාලයා සිතන්නේ – මී පැණි සේ මිහිරි ලෙසයි
එහෙත් අහෝ! යම් දිනෙකදි – පල දෙනවිට ඒ පව්කම්
එවිටයි බාලයා එයින් – බොහෝ දුකට පත්වන්නේ
“කරන කලට පව් මිහිරිය මී සේ – විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ”
පින්වතුනේ, පින්වත් දරුවනේ, රාගය කියන්නේ හරි භයානක දෙයක්. රාගයෙන් හිත ඇවිස්සුණාම හොඳ නරක මොකුත් තේරෙන්නේ නෑ. වැරැද්ද නිවැරැද්ද තේරෙන්නේ නෑ. යහපත අයහපත තේරෙන්නේ නෑ. දුර දිග බලන්නෙ නෑ. කොහොම හරි කල්පනා කරන්නේ තමන් සිතපු දේ ඉෂ්ට කරගන්නයි. අන්තිමේදී රාගයට යට වූ සිතින්, කයින්, වචනයෙන් දුශ්චරිතයේ යෙදිලා මරණින් මත්තේ නිරයේ උපදිනවා. මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ රාගය ප්‍රහාණය කරන්න කියලා වදාළේ.
එවැනි අවාසනාවන්ත ඉරණමක් කරා ගිය පුද්ගලයෙකුගේ පහත් ක්‍රියාවක් ගැන මේ කථාවේ සඳහන් වෙනවා.
බුදුරජාණන් වහන්සේගේ කාලයේ සැවැත් නුවර සිටු පවුලක ඉතාම රූබර දියණියක් හිටියා. නිල් මහනෙල් මලේ පැහැය තමයි ඇයට තිබුණේ. ඒ නිසා ඇයට උප්පලවණ්ණා කියන නම ලැබුණා. ඇගේ දෑස් මහනෙල් පෙති වගෙයි. රන්වන් කේශ කලාපයක් තිබුණා. ඇය ඉතාමත්ම ලස්සනයි. සෝභාසම්පන්නයි. ඇයගේ රූප සෞන්දර්යය ගැන මුළු දඹදිවම ප්‍රසිද්ධ වුණා. එතකොට සිටුවරු ඒ සිටුපවුලට තෑගි සහිතව පඬුරු එව්වා. අපට මේ දියණිය දෙන්න කියලා.
එතකොට සිටුතුමා මෙහෙම කල්පනා කළා.
“මේක හරි ප්‍රශ්නයක් නෙව. එක සිටුවරයෙකුට අපගේ දියණිය දුන්නොත් අනිත් සිටුවරු අමනාප වෙනවා. සියලු දෙනාම සතුටු කරන්න බැහැ…. එතකොට මං මොකක්ද මේකට කරන්නේ? ඔව්…. එකම දෙයයි මට මේකට කරන්න තියෙන්නේ. එකම පිහිට බුද්ධ ශාසනය විතරයි. මං මේ දරුවාව මහණ කරනවා. එතකොට ඒ ප්‍රශ්න මොකවත් නෑ.”
ඉතින් එදා සිටුතුමා දියණිය කැඳෙව්වා.
“පින්වත් දුවේ, ඔයා ගොඩාක් තරුණයි. සිටුවරු පඬුරු එවනවා. තම තමන්ගේ සිටු මාළිගයට ඔයාව එවන්න කියලා. හැබැයි දරුවෝ, මේ සිටු මාළිගාවල ඇති නිසරු ජීවිතවලින් පලක් නෑ. ඇත්තෙන්ම….. මං ….. කැමති ඔයා සිටුමාළිගයක කම් සැප විඳිමින් වාසය කරනවා දකින්න නොවෙයි. ඇත්තෙන්ම …… මං කැමති ඔයා බඹසර රකිනවා දකින්නයි. ඔයා ඔය හිස බාලා, ඔය කනකර ආබරණ ගලවලා, ඇඳුම් ආයිත්තම් ඉවත් කරලා, පඬු පොවාපු කසාවතක් දරාගෙන පිඬු සිඟා යනවා දකින්නයි මං කැමති.
එතකොට දරුවෝ ඔයාට පුළුවනි නිදහසේ ශාක්‍ය දුහිතෘ වූ භික්ෂුණීන් අතරට ගිහින් වීතරාගීව වාසය කරන්න. එතකොට ඔයාට පුළුවනි කාමයන්ගෙන් වෙන්ව, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විවේකයෙන් හටගත් ප්‍රීති සැපයෙන් යුතු සමාධිමත් සිතකින් වාසය කරන්න. මගේ පින්වත් දුවේ, මං කැමති ඔයා සසරේ යනවට නොවෙයි. සසරෙන් එතෙර වෙනවටයි.”
එතකොට උප්පලවණ්ණා කුමරිය සිටු පියාණන්ගේ දෙපා අල්ලාගෙන වැඳ වැටුණා.
“පියාණන් වහන්ස, ඔබ කිව්වේ ඇත්තක්මයි. ඒකාන්තයෙන්ම එය ඇත්තක්මයි….. පියාණන් වහන්ස, මං මේ කාම ජීවිතයට කැමැති නැහැ. මට කිසි ආසාවක් නැහැ. මං කැමැති හිස බාලා සිවුරු දරාගෙන පාත්‍රයක් අතට අරගෙන භික්ෂුණීන් අතරට යන්න තමයි.”
ඉතින් උප්පලවණ්ණා කුමරිය මව්පියන්ගේ ආශිර්වාදයෙන් භික්ෂුණී ආරාමයකට ගියා. පැවිදි වුණා. පැවිදි වී සුළු කලෙකින් ඉර්ධිබලයෙන් යුතු මහානුභාව සම්පන්න රහත් මෙහෙණින් වහන්සේ නමක් වුණා.
ඉතින් ඕ තොමෝ ජනපද චාරිකාවේ වැඩමකොට ආයෙමත් සැවැත් නුවරට වැඩියා. ඒ කාලෙ අන්ධවනයේ තමයි බොහෝ භික්ෂුණීන් භාවනා කරන්න යන්නේ. ඒ අන්ධවනයේමයි භික්ෂුණීන්ට කුටි තිබුණේ. හුදෙකලාවෙහි ඇලී වාසය කළ උප්පලවණ්ණා භික්ෂුණිය ඈත වනයේ තනියම සිටින්න හරිම ආසයි. ඉතින් ඈ පුංචි පැල්පතක හුදෙකලාව වාසය කළා. වනය මැදින් හුදෙකලාවේ පිණ්ඩපාතේ වැඩියා. ගස් යට හුදෙකලාවේ භාවනා කළා. අහස වගේ නිදහස් සිතින් වාසය කළා.
උප්පලවණ්ණා භික්ෂුණියගේ මාමාගේ පුතෙක් හිටියා. උප්පලවණ්ණාට මස්සිනා වෙනවා. මොහුගේ නම නන්ද. ගිහි කාලෙ මේ නන්ද කියන පුද්ගලයාට උප්පලවණ්ණා කුමරිය විවාහ කරගන්න වුවමනාවක් තිබුණා. ඒ ගැන තමයි මේ නන්ද කියන පුද්ගලයා හිත හිතා හිටියේ. උප්පලවණ්ණා කුමරිය මහණ වුණත් මේ පුද්ගලයාගේ සිතේ ඇති අදහස අත්හැරියේ නෑ. අන්තිමේදී මේ පාපිෂ්ටයා කල්පනා කළේ කොහොමහරි මං ඇයව දූෂණය කරනවා කියලා. ඇය සිවුරු පෙරෙව්වත් නැතත් මට ඒක වැඩක් නෑ කියලා හිතුවා.
දවසක් මොහු අන්ධවනයට රිංගුවා. වන ගොමුවක් අස්සේ හැංගිලා හිටියා. උප්පලවණ්ණා අරහත් භික්ෂුණිය බිමට නැඹුරු වූ ශාන්ත දෙනෙතින් ඉතා සිහි නුවණින් යුතුව කුටියෙන් එළියට වැඩියා. දොර අඩවල් කළා. පාත්‍රය අතට ගෙන පිණ්ඩපාතේ වැඩියා.
එදා ටිකක් ඈතට වැඩියා. දානෙ ස්වල්පයයි ලැබුණේ. එය අරගෙන හෙමින් හෙමින් ආපහු කුටියට වැඩියා. එතුමියට ටිකක් මහන්සියි. කුටියට ඇවිදින් පාත්‍රය බිමින් තිබ්බා. ඇඳේ හාන්සි වුණා. දෑස පියාගත්තා. මහන්සිය නිවෙනකම් චිත්ත සමාධියෙන් සංසුන්ව හිටියා.
එතකොටම දැඩි පුරුෂයෙක් කුටිය ඇතුළට කඩා පැන්නා. දොර වැහුවා. මේ අරහත් භික්ෂුණීන් වහන්සේගේ ඇඟ මතට වැටුණා. යකඩ අඬුවකට අහුවුණා වගේ උප්පලවණ්ණා භික්ෂුණිය අසරණ වුණා.
“අසත්පුරුෂ තැනැත්ත, වැනසෙන්න එපා! අඥාන බාලය, වැනසෙන්න එපා!”
කියල නැගිටින්න වෑයම් කරද්දි මේ පවිටු අසත්පුරුෂයා තමන් හිතාගෙන පැමිණි කාරණය ඉෂ්ට කරගත්තා. මහා ජයග්‍රාහී ලීලාවෙන් හිනාවෙන්න පටන්ගත්තා.
“උප්පලවණ්ණා, නුඹට මතකද ඒ කාලෙ මං උඹට ආදරෙන් හිටිය වග” කියලා හයියෙන් හිනා වුණා. එළියට පිටත් වුණා. එළිපත්තෙන් පිටට අඩිය තිබ්බා විතරයි මහ පොළොව දෙබෑ වුණා. ගිනිදැල් මතුවුණා. පණපිටින්ම ගිලා බැස්සා. අවීචි මහා නිරයේ උපන්නා.
උප්පලවණ්ණා රහත් මෙහෙණින් වහන්සේ බුදුරජාණන් වහන්සේ සොයාගෙන වැඩියා. වැඩම කොට මේ කාරණය සැළකළා. එවෙලේ භික්ෂු භික්ෂුණී පිරිස මැද බුදුරජාණන් වහන්සේ උප්පලවණ්ණා භික්ෂුණිය ගෙන් මෙහෙම ඇහුවා.
“පින්වත් උප්පලවණ්ණා, අර පවිටු පුද්ගලයා අනතුරු කරද්දී ඔබට සිතුණේ කුමක්ද?”
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මං සතර සතිපට්ඨානය තුළ හිටියේ. මගේ සිත මේ ඇසටවත්, කනටවත්, නාසයටවත්, දිවටවත්, කයටවත්, සිතටවත් සම්බන්ධ වෙලා තිබ්බේ නෑ. කපා දැමූ කෙහෙල් කඳක් වගෙයි මං හිටියේ. මට කිසිම හැඟීමක් නෑ. මං අහසට පොළොව වගේ ඈත් වෙලා හිටියේ. මගේ සිත මේ කිසි දේකට සම්බන්ධ නෑ. රාගය කියන්නේ කුමක්ද කියලා මට තේරෙන්නේ නෑ. එය මගේ සිතෙන් බැහැර වූ දෙයක්”
එවේලෙහි බුදුරජාණන් වහන්සේ මෙම ගාථාව වදාළා
ඒ නිසා සතුට ප්‍රීතිය සොම්නස ඇතිවුණාය කියලා පව් කරන්න යන්න එපා. පවිටු පුද්ගලයා පව් කරද්දී සිතන්නේ තමන් මහා උදාර දෙයක් කරනවා කියලයි. ඒක එයාට මී පැණි වගේ රසවත්. ඒ රසය තියෙන්නේ ඒ පව් විපාක නොදී තියෙනකම් විතරයි. යම් වෙලාවකදී ඒ පව් විපාක දෙන්නට පටන්ගත් විට බාලයාට තේරේවි පව් කොතරම් භයානකද කියලා. කෙළවරක් නැති දුකකට පත්වෙලයි ඉවර වෙන්නේ.
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
The Story of Theri Uppalavanna
While residing at the Jetavana monastery, the Buddha uttered Verse (69) of this book, with reference to Theri Uppalavanna.
Once there was a young daughter of a rich man in Savatthi. Because she was so beautiful, with looks so tender and sweet, like a blue lotus flower, she was called "Uppalavanna", the blue lotus. The fame of her beauty spread far and wide and there were many suitors: princes, rich men and many others. But she decided that it would be better for her to become a bhikkhuni, a female member of the Buddhist Order. One day, after lighting a lamp, she kept her mind fixed on the flame and meditating on the fire kasina (object of concentration) she soon achieved Magga Insight and finally attained arahatship.
Some time later, she moved to the 'Dark Forest' (Andhavana) and lived in solitude. While Theri Uppalavanna was out on her alms-round, Nanda, the son of her uncle, came to her monastery and hid himself underneath her couch. Nanda had fallen in love with Uppalavanna before she became a bhikkhuni; his intention obviously was to take her by force. When Uppalavanna returned she saw Nanda and said, "You fool! Do no harm, do not molest." But he would not be stopped. After satisfying himself, he left her. As soon as he stepped on the ground, the earth opened wide and he was swallowed up.
Hearing about this, the Buddha spoke in verse as follows:
Verse 69: As long as the evil deed does not bear fruit, the fool thinks it is sweet like honey; but when his evil deed does bear fruit, the fool suffers for it. |
At the end of the discourse, many attained Sotapatti Fruition.
The Buddha next sent for King Pasenadi of Kosala and told him about the dangers that bhikkhunis living in forests had to face from irresponsible persons obsessed with sex. The king then promised to build monasteries for bhikkhunis only in towns or close to the towns.
No comments:
Post a Comment