මේ සටහන දහම් පාසැල් දරුවන් උදෙසායි.
දැනට ලංකාවේ දක්නට ලැබෙන චෛත්‍ය වර්ග-
අද වන විට බෞද්ධ ස්තූපය ක්‍රමක්‍රමයෙන් විකාශනයවී විවිධ හැඩ සහ ආකෘති වලින් ස්තූප ගොඩනැගෙන්නට විය. ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති ක්‍රි:ව:07 වන සියවසට අයත් මංජු ශ්‍රී වාස්තු විද්‍යා ශ්‍රාස්ත්‍රයට අනුව ස්තූප වර්ග ප්‍රධාන වශයෙන් පහක් දක්නට ලැබේ. එහෙත් ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාව තුළ පහත ස්තූප වර්ග දක්නට ලැබේ.
01.ධාන්‍යාකාර
අභයගිරිය ස්තූපය.
වී ගොඩක හැඩයට තනන ලද ස්තූප මේ නමින් හඳුන්වනු ලැබේ.
උදා:- කැලණි ස්තූපය.
අභයගිරිය ස්තූපය. ජේතවනාරාම ස්තූපය.
පොළොන්නරුව දෙමළ මහා සෑය
02.පද්මාකාර
නෙළුම් මලක හැඩයට තනන ලද ස්තූප මේ නමින් හඳුන්වනු ලැබේ.
උදා:-කොට වෙහෙර ධාතු ගර්භයෙන් හමුවූ චෛත්‍යය.
පොළොන්නරුව දෙමළ මහා සෑය.
03.ඝණ්ටාකාර
ථූපාරාමය
ඝණ්ටාරයක හැඩයට තනන ලද ස්තූප මේ නමින්හඳුන්වනු ලැබේ. ආසියාව තුළ මේ හැඩයට තනන ස්තූප බෙහෙව්න් ජනප්‍රියතත්‍වයට පත්ව ඇත.
උදා:-11 සියවසට අයත් මහියංගණය ස්තූපය. අනුරාධපුර ථූපාරාම ස්තූපය.
04.බුබ්බුලාකාර
රුවන්මැලි මහාසෑය
දිය බුබුළක හැඩයට තනන ලද ස්තූප මේ නමින් හඳුන්වනු ලැබේ.
උදා:-ක්‍රි:පූ:2වන සියවසට අයත්රුවන්මැලි මහාසෑය. පොලොන්නරුව කිරිවෙහෙර ස්තූපය. රන්කොත් වෙහෙර.
05.ඝඨාකාර
කළයක හැඩයට තනන ලද ස්තූප මේ නමින් හඳුන්වනු ලැබේ.මේ ආකාරයේ චෛත්‍ය හැඩය තිබ්බතයේ බෙහෙවින් ජනප්‍රිය ය.
උදා:-තිස්සමහාරාමයෙන් මේ ආකාරයේ ධාතු කරඬුවක් හමුවී ඇත. සිතුල්පව්ව ස්තූපය. සෝමාවතිය ස්තූපය. මඟුල්මහාවිහාරය.
06.ආම්ලාකාර
නෙල්ලි ගෙඩියක හැඩය ගන්නා ස්තූප මේ ඝණයට අයත් වේ.
උදා:-දැදිගම කොට වෙහෙරින් හමුවූ ස්තූපය.
මීට අමතරව ශ්‍රී ලංකාව තුළ පහත ස්තූප වර්ගද දක්නට ලැබේ.
07.අණ්ඩාකාර:-
බිත්තරයක හැඩයට තනන ලද ස්තූප මේ නමින් හඳුන්වනු ලැබේ.
උදා:-රුවන්මැලි සෑයෙන් මෙවැනි ස්තූපයක් හමුවී ඇත.
08.පලාජස්ඩවාකාර :-
ළූණු ගෙඩියක හැඩයට තනන ලද ස්තූප මේ නමින් හඳුන්වනු ලැබේ.
උදා:- නැදිගමපල ස්තූපය.
09.චතුරස්‍රාකාර
සමස්ථ ඉදිකිරීම චතුරස්‍රාකාරව/හතරැස්ව ගොඩනැගීම මෙම චෛත්‍ය වල විශේෂතත්‍වයයි.
උදා:-බුරුමය ස්වේදගොන් පැගෝඩා.(බෞද්ධ රටවල මෙම ස්තූප පැගෝඩා නමින් හඳුන්වයි.) අනුරාධපුර නකා වෙහෙර.
10.සිලින්ඩරාකාර:-
සිලින්ඩරයක හැඩයට සමස්ථ ස්තූපයම ගොඩනැගීම මෙම චෛත්‍ය වල විශේෂතත්‍වයයි.
උදා:- අම්පාර දිස්ත්‍රික්කයේ කුඩුම්බිගලින් මේ ආකාරයේ ස්තූපයක් හමුවූ බව විමල් ජයරත්න මහතාගේ මතයයි. ඉන්දියාවේ කුසිනාරා නුවර සම්බුද්ධපරිනිර්වාණය සිදුවූ ස්ථානයේමේ ආකාරයේ චෛත්‍යයක් දක්නටලැබේ.
11.අෂ්ඨාකාර
බෞද්ධ ස්තූපයක කොටස් --
- චූඩා මාණික්‍යය
- කොත
- කොත් කැරැල්ල
- හතරැස් කොටුව සහ ඊට ඉහළින් දේවතා කොටුව
- ගර්භය
- වාහල්කඩ
- පේසා වළලු
- සලපතල මළුව
- වැලි මළුව
- සඳකඩ පහන

අපි ආදි දම්සල් දරුවන්
ReplyDeleteඇත්තටම ගොඩාක් වැදගත් ලිපියක්.චිත්‍ර විෂය හදාරන දරුවන්ටත් මේවා වැදගත්. මුල් පාඩම් වලට එනවා.
ReplyDelete