Tuesday, October 30, 2012

“බෙස්ට් ලයිෆ් වන්දනා” සමඟ බුදුන් වැඩිය මඟ පියමැන්නෙමි.



බස් රථයේ දී සහ ගුවන් යානයේ දී අපි.



ඔක්තෝම්බර් මස 17 වන දින පාන්දර 1.45 ට අපි  “බෙස්ට් ලයිෆ් වන්දනා ආයතනය” ට පැමිණියෙමු. “බෙස්ට් ලයිෆ් ආයතනයේ” නම භාවිතා කිරීම පිළිබඳව මුලින්ම සමාව යදිමි. ඒ උදාර මෙහෙවරක් කරන ආයතනයේ  නම භාවිතා නොකර  මේ ලිපිය කෙසේ නම් ලියන්නද? 
ගමනට සහභාගී වූයේ,මමත්,මගේ ලොකු අම්මාගේ දුව වන වර්ණා අක්කා, එයාගේ පොඩි පුතා සඳරු, මගේ කල්‍යාණ මිතුරිය ඩයස් අක්කා, අදිකාරී මිස් හා ලක්ෂ්මි මිස් යන අපේ කණ්ඩායමයි. ඒ වනවිටත් නඩයේ කිහිප දෙනෙක් පැමිණ සිටිය බව දුටුවෙමු. පැය එකහමාරකට පමණ පසුව අප ලියකියවිලි ආදී කටයුතු ඉවර විය. ඊට පසුව අපව චින්තන මහතා විසින් දැනුවත් කරන ලදී.  ඊට පසුව උදෑසන බිස්කට් හා කෙසෙල් ගෙඩි සමග තේ පානය කලෙමු. පංච ශීලය සමාදන් වීමෙන් පසුව අජිත් මහතා සහ කීර්ති මහතා විසින් වන්දනා ගමන පිළිබදව පූර්ණ දැනුවත් කිරීමක් කරන ලදී. ඔවුන් දෙදෙනා අප නඩයේ කළමණාකර වරුන්ය. ඉතාම නිහතමානීව ඒ දැනුවත් කිරීම කරන ලදී. මෙම වන්දනා ගමණ සාර්ථක කර ගැනීමට අපේ සහාය ඉතාම අවශ්‍යය බවත් ගෙවල් දොරවල් අත්හැර මේ චාරිකාවේදී ඉතාම සිහියෙන් කටයුතුකර පින් රැස්කර ගන්නා ලෙසත් අපව දැනුවත් කලා. ඉතාම දුර්ලබ භාග්‍යයක් ලැබූ මේ අවස්තාවේ එයින් උපරීම ඵල නෙලා ගැනීමට අධිශ්ඨාන කරගන්නා මෙන් අපෙන් ඉල්ලා සිටියා. උදෑසන 4.30ට අප බෙස්ට් ලයිෆ් ආයතනයෙන් ගුවන් තොටුපල බලා පිටත් වුණි. 7.30 පමණ වෙනවිට අපි ගුවන්තොටුපලට පැමිණියෙමු. ගුවන් තොටුපලට පැමිණියේ ධාරානිපාත වර්ශාව මධ්‍යයයේය.


විදෙස් මුදල් ආදිය මාරුකර ගැනීමෙන් පසුව අප පිටත් වීමට සූදානම් වුණි. අප නඩයේ කිහිප දෙනෙක් රත්නපුර ප්‍රදේශයේ ගිලීමලේ සිරිපාගමින් පැමිණි අය බව දැනගත්තෙමි. අප නඩයේ සිටියේ වයසින් වැඩිමහළු අම්මලා තාත්තලා මෙන්ම සම වයසේ කිහිප දෙනෙක් හා දුවක් හා පුතෙකි. මේ අතර තම මහළු මව ඇවිදීමට නොහැකිව රෝද පුටුවේ සිටියදී වන්දනාවේ රැගෙන ගිය උදාර පුතෙකු ද අප සමඟ සිටිනු දැකීම මහත්වූ භාග්‍යක් කොට සලකමි. උදෑසන 10.30 ට අප වරණාසි බලා පිටත් වුනෙමු. මිහින්ලංකා ගුවන් සේවයෙන් වරණාසි ගමනට පැය තුනහමාරක් ගතවුණි.

ලෝකයේ නොයෙක් රටවල ඇවිදගිය මට මේ ලැබූ භාග්‍යය කෙසේ නම් මිල කරන්න ද? මුලින්ම මා හැදූවැඩූ දෙමාපියන්ටත් මාගේ ආදරණිය මහත්තයාටත් ඉත සිතින්ම මේ සියළුම පින් අනුමෝදන් කරමි. ඔවුන්ගේ දිරිගැන්වීම හා ආධාර උපකාර නොවන්නට මා මේ ගමන කිසිදා නො එනු ඇත. අද සිට දිග හැරෙන්නේ ඒ අසිරිමත් ගමනේ විස්තරයයි. ඔබ මේ සටහන් ඉතාම ඕනෑකමින් කියවන්න. ශ්‍රද්ධාවෙන්ම කියවන්න. රස විදින්න.  බුදු පිරිසේ අසිරියේ ආශ්චර්‍යය ඉත සිතින්ම විඳ ගන්න.


අප වරණාසි ලාල් බහදූරි ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණියේ දහවල් 2.05ටය. උශ්ණතවය 33°c. මද සිරිපොද වැස්සේම අපි අපේ බසයට ගොඩවැදුනෙමු. රසවත්  බත්වේලක් අපට බසයේ දීම ලැබුණි. මිශ්‍ර එළවළුවක් , පරිප්පු, කරවිල සම්බලයක් හා වම්බටු මාළුවක් එහි විය. කිලෝ මීටර් 30ක් හෝටලයට යන අතරමග සම්මුඛ චෛත්‍යය හමුවේ.  වරුණ  හා අසී ගංගා දෙකට මැදුවූ නගරය වරණාසි නම් වේ. හෝටලයට එන විට සවස 5.30ට පමණ විය. ශිවම් ගෙස්ට් අපගේ පළමුවන නවාතැනයි. රාත්‍රී යට සාම්බාරු හොද්දක්, ගෝවා මැල්ලුමක් රසවත් ළුනු සම්බලයක් , පපඩම් සමඟින් බත් කා නින්දට වැටුනෙමු.


මේ පළමුවටම අප වන්දනා කළ ඒ  සම්මුඛ චෛත්‍යයයේ කතාවයි……..





අප මහ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට එළැඹීමෙන් පසුව සති හතක්ම එම නේරංජරා ගඟ අසබඩ රමණීය වන ලැහැබෙහි ම කල් ගත කළ සේක. බුද්ධත්වය ලැබීමත් සමඟ ම ලද ලොවුතුරු නුවණ පිළිබඳ ව නැවත නැවත සලකා බලමින් මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේ මෙසේ සති හතක් කල් ගෙවූ සේක.

එහි දී භාග්‍යවතුන් වහන්සේ අජපාල නම් වූ නුග රුක් මූලයේ හුදෙකලාව ම වැඩ සිටින විට, තමන් වහන්සේ අවබෝධ කළ ශ්‍රී සද්ධර්මයේ පරම ගම්භීර භාවය හේතු කරගෙන භාග්‍යවතුන් වහන්සේට මෙවැනි සිතුවිල්ලක් පහළ වුණා “මා විසින් අවබෝධ කරන ලද මෙම ධර්මය ගම්භීර යි. දකින්නට දුෂ්කර යි. අවබෝධ කරන්නට දුෂ්කර යි. ශාන්ත යි. ප්‍රණීත යි. තර්කයෙන් දැකිය නො හැකි යි. ඉතා සියුම්. පණ්ඩිතයන් විසින් ම අවබෝධ කළ යුතු යි. මේ මිනිසුන් ආලය ආරාම කරගෙන (නිවෙස කරගෙන) යි වාසය කරන්නේ. ආලයට ම යි ඇලී සිටින්නේ. ආලයෙන් ම යි සතුටු වෙන්නේ. ආලය තුළ වාසය කරන, ආලයට ඇලී සිටින, ආලයෙන් සතුටු වෙන මිනිසුන්ට මේ දෙය දකින්නට දුෂ්කර යි. එනම් යම් මේ ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදයක් තිබෙනවා ද එය යි. එසේ ම මේ දෙයත් දකින්නට ඉතා ම දුෂ්කර යි. එනම් යම් මේ සියලු සංස්කාරයන් ගේ සංසිඳීමක් වේ ද, සියලු උපධීන් අත්හැර දැමීමක් වේ ද, තණ්හාව ක්ෂය කර දැමීමක් වේ ද, විරාගය වූ නිරෝධය වූ ඒ නිවන යි. ඉදින් මම ධර්මය දේශනා කරනවා නම්, එවිට අන් අය මා දේශනා කරන ධර්මය අවබෝධ කර නොගන්නවා නම්, එය මට ක්ලාන්තයක්. එය මට වෙහෙසක්.”
ඒ විදියට කල්පනා කරන භාග්‍යවතුන් වහන්සේට ඉතා ආශ්චර්යවත් වූ පෙර නො ඇසූ විරූ මේ ගාථා ධර්මයන් වැටහුනා..
 “මා විසින් දුක සේ අවබෝධ කළ මේ ධර්මය දැන් ප්‍රකාශ කිරීමෙන් පළක් නැහැ.රාග ද්වේශයන්ට ගැති වූ මිනිසුන්ට මේ ධර්මය හොඳින් අවබෝධ කරන්නට බැහැ.”
 “උඩුගංබලා යන්නා වූ නිපුණ වූ ගම්භීර වූ දකින්නට දුෂ්කර වූ ඉතා සියුම් වූ මේ ධර්මය රාගයෙන් රක්ත වූ මෝහාන්ධකාරයෙන් වැසී සිටින සත්වයෝ දකින්නේ නැහැ.”
ඒ විදියට කල්පනා කරන භාග්‍යවතුන් වහන්සේ ගේ සිත ධර්ම දේශනා කිරීමට නැමුණේ නැහැ. ඉතින් සහම්පති බ්‍රහ්මරාජයා භාග්‍යවතුන් වහන්සේ ගේ සිතිවිල්ල දැනගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ දම් දෙසීම පිණිස ආරාධනා කරනු ලැබුවා. එය ධර්මතාවයක් ලෙස ම සිදු වන දෙයක්. ඒ අවස්ථාවේ දී තමයි අප ගේ භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මරාජයාගේ ආරාධනාව සහ ලෝ වැසියන් කෙරෙහි ඇති මහත්වූ කරුණාව මුල් කොට ගෙන බුදු ඇසින් ලෝකය බලා වදාරනු ලැබුවේ. එවිට භාග්‍යවතුන් වහන්සේ ලෝකය දුටුවේ පියුම් විලක් පරිද්දෙනුයි. සමහර පියුම් මඩ ගොහොරුවේ එරී තුබුනා, සමහර පියුම් යන්තම් හිස ඔසවා නැගී සිටියා, තවත් සමහර පියුම්  පිපී සුවඳ විහිදුවීමට තරම් භාග්‍ය ඇති පියුමන් වැනි මිනිසුන් දුටු භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කිරීමට තිරීණය කොට සහම්පති බ්‍රහ්මරාජයාට මෙසේ සොඳුරු ගාථා ධර්මයක් වදාළා.


 “ඔවුනට අමා දොර විවර කරන ලදි. කණ් ඇත්තෝ සැදැහැ මුදත්වා. බ්‍රහ්මය, වෙහෙසක් ය යන හැඟීමෙන්, ප්‍රගුණ වූ ධර්මය නො කීවෙමි.”

සහම්පති බ්‍රහ්මරාජයාගේ නික්ම යෑමෙන් පසු මුලින් ම දහම් දෙසිය යුත්තේ කවරෙකුට ද කියා භාග්‍යවතුන් වහන්සේ කල්පනා කළා. එවිට භාග්‍යවතුන් වහන්සේට සිහිපත් වූයේ ආළාර කාලාම සහ උද්දකරාම පුත්ත යන තමන් ගේ බෝසත් අවදියේ ගුරුවරුන් ව සිටි අයව යි. නමුත් ධර්මය අවබෝධ කරන්නට තරම් භාග්‍යයක් ඇතිව මනුලොව උපතලැබුව ද ආළාර කාලාම දින හතකට කලිනුත්, උද්දකරාම පුත්ත පෙරදා රාත්‍රියේ ත් කලුරිය කළ බව භාග්‍යවතුන් වහන්සේ දැන ගත්තා.
ඉන් පසුව භාග්‍යවතුන් වහන්සේට සිහිපත් වූයේ බෝසත් අවධියේ දී තමන් වහන්සේට ඉතා උපකාර කළ පඤ්චවග්ගීය භික්ෂූන් වහන්සේලායි. උන්වහන්සේලාට මුලින් ම ධර්මය දේශනා කරන්නට භාග්‍යවතුන් වහන්සේ තීරණය කළා. ඉන්පසු දිවැසින් ඔවුන් සිටින්නේ කොහිද කියා විමසා බැලූ භාග්‍යවතුන් වහන්සේ දුටුවේ පස්වග භික්ෂූන් වහන්සේලා බරණැස් නුවර ඉසිපතන මිගදායේ සිටින බව යි. ඉතින් භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් දනව්වේ කැමති තාක් කාලයක් වැඩ හිද බරණැස් නුවර බලා පා ගමනින් ම පිටත් ව වැඩියා.
ගයාවත් බෝධි මූලයත් අතර වූ දීර්ඝ මාර්ගයේ වඩින භාග්‍යවතුන් වහන්සේව උපක නම් ආජීවකයා දුටුවා. ඉතා පිරිසිදු බබළන ශරීර වර්ණයකින් යුතුව ගමන් කරන භාග්‍යවතුන් වහන්සේව දුටු උපක බුදු රජුන් ගේ ගුරුවරයා කවුද යන වග විමසා සිටියා.

එවිට භාග්‍යවතුන් වහන්සේ ඉතා ම අසිරිමත් මේ ගාථා ධර්මයන් වදාළා.
 “මම සියල්ල අභිභවා සිටින්නෙමි. සියල්ල දන්නෙම් වෙමි. සියලු ධර්මයන් හි නො ඇලුනෙමි. සියල්ල අත් හැර සිටිමි. තණ්හාව ක්ෂය වීම නම් වූ නිවනෙහි විමුක්තියට පත් ව සිටිමි. මා විසින් ම විශේෂ ඤාණයෙන් සියල්ල අවබෝධ කරගත් මම කවරෙක් ආචාර්යවරයා වශයෙන් ගන්නෙම් ද.?”
 “මට ගුරුවරයෙක් නැත. මා හට සම අයෙක් ද විද්‍යාමාන නැත. දෙවියන් සහිත ලෝකයේ මා හට සම පුද්ගලයෙක් නැත්තේ ය.”
 “මම ලෝකයෙහි රහත් වෙමි. මම අනුත්තර වූ ශාස්තෘන් වහන්සේ වෙමි. ලොව එක් ම සම්මා සම්බුද්ධ වෙමි. සිසිල්භාවයට පත්ව නිවුනෙම් වෙමි.”
 “ධර්ම චක්‍රය පැවැත්වීමට කසීරට බරණැස් පුරය බලා යමි. අවිද්‍යාවෙන් අන්ධ වූ ලෝකයෙහි අමාදම් බෙරය වයන්නෙමි.”
එවිට උපක භාග්‍යවතුන් වහන්සේට පවසා සිටියේ, ඔබ වහන්සේ පවසන ආකාරයට ඔබ වහන්සේ අනන්තජින වීමට සුදුසු බව යි.
එවිට භාග්‍යවතුන් වහන්සේ උපක අමතා මෙසේ වදාළා.
 “යමෙක් ආශ්‍රව ක්ෂය කිරීමට පත්වූයේ ද, මා වැනි ඔවුන් ඒකාන්තයෙන්ම ජින නම් වෙති. උපක, මා විසින් පාපයෝ දිනන ලදි. එනිසා මම ‘ජින’නම් වෙමි.”
උපක අමතා එසේ වදාළ භාග්‍යවතුන් වහන්සේ අනුපිළිවෙලින් චාරිකාවේ වඩිමින් බරණැස් නුවර ඉසිපතන මිගදායට වැඩම කොට වදාළා. පස්වග භික්ෂූන් වහන්සේලා දුර දීම තමන් වෙත වඩින භාග්‍යවතුන් වහන්සේව දුටුවා. දැක කතිකා කරගත්තේ, භාග්‍යවතුන් වහන්සේට වන්දනා මාන නොකොට, උපස්ථාන නො කොට, පාත්‍ර සිවුරු පිළි නො ගෙන සිටීමට යි. නමුත් කැමැති නම් හිඳ ගැනීම පිණිස ආසනයක් දිය යුතු බව ද කතිකා කරගත්තා.
කතිකාව එසේ වුවත් භාග්‍යවතුන් වහන්සේ වඩින විට එම කතිකාවතේ පිහිටා සිටින්නට ඔවුන්ට නො හැකි වුණා. පෙරගමන් කොට එක් අයෙක් භාග්‍යවතුන් වහන්සේ ගේ පාත්‍ර සිවුරු පිළිගත්තා. එක් අයෙක් ආසන පැනෙව්වා. එක් අයෙක් පා සෝදන දිය ආදිය පිළිගන්වා තැබුවා. මුලදී පස්වග භික්ෂූන් වහන්සේලා තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධ යැයි පිළිගන්නට කැමති වූයේ නැහැ. නමුත් කරුණු තේරුම් කර දීමෙන් පසු ඒ බව පිළිගන්නට ඔවුන් කැමති වුණා.

එදා ඒ පස්වග තවුසන් වහන්සේලා පෙරගමන් කොට භාග්‍යවතුන් වහන්සේව මුණ ගැසුනු ස්ථානයේ ධර්මාශෝක රජු ස්ථූපයක් ඉදි කරනු ලැබුවා. එම ස්ථූපය හැදින්වෙන්නේ සම්මුඛ චෛත්‍යය යන නමිනුයි. එය පසුකාලීනව මෝගල් වරුන් ගේ ආක්‍රමණ නිසා විනාශ වී ගොස් ආකෘතිය පවා වෙනස් වී තිබෙන නමුත්, අදටත් භාග්‍යවතුන් වහන්සේට පස්වග භික්ෂූන් මුණ ගැසුනු ඒ උතුම් ස්ථානය හදුනා ගැනීම පිණිස මෙම සෑය උපකාර වනවා.  වරණාසි උත්තර ප්‍රදේශයේ පිහිටා ඇති නගරයකි.  බුද්ධගයාවේ (බිහාර ප්‍රාන්තයේ)  සිට වරණාසි දක්වා කිලෝ මීටර් 247ක් දුර බුදුන් වහන්සේ පාගමණින් පස්වග මහණුන් හමුවීම සඳහා  වැඩම කර ඇත.





  
සම්මුඛ චෛත්‍යය -  බරණැස් නුවර සම්මුඛ චෛත්‍යය හෙවත් චෞකණ්ඩි චෛත්‍යය නම් මෙය ඉන්දියාවේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ බරණැස පුරවරයේ පිහිටා ඇත. මෙම චෛත්‍යය ‘චෞකණ්ඩි’නම් රජකු විසින් කරවන ලදැයි ද සැලකෙයි. බුදුරජාණන් වහන්සේට පස්වග තවුසන් මුණගැසුණ ස්ථානයේ මෙය ඉදිකළ නිසා මෙය ‘සම්මුඛ  චෛත්‍යය’ යැයි නම් කර ඇත. මෙම චෛත්‍යය මුදුන, අටපට්ටම් හැඩයෙන් යුක්ත ය. එම කොටස කරවන ලද්දේ ගුප්ත වංශික රජකු වූ චන්ද්‍ර ගුප්ත විසින් යැයි මතයක් ඇත. එහි මුදුනේ විශාල වලක් ඇති අතර එය දැලකින් ආවරණය කර ඇත. මෝගල් ආක්‍රමණිකයන් විසින් මෙම වලේ තිබුණු නිදන් වස්තු පැහැරගත් බව කියැවෙයි. මෙහි මුදුනට නැගීමට පියගැට පෙළක් ද තනවා ඇත.







අන්‍ය ආගමිකයන් මෙන්ම සමහර ලාංකික වන්දනා නඩ මෙහෙයවන්නන්ගේ මෙහෙයවීම අනුව මෙම චෛත්‍යයට සමහර අය නගින බව කියවුනා. සම්මා සම්බුදු පහස ලැබූ මෙවන් පුද බිම් වැදීමේදී ඔබ නුවනින් කල්පනා කර බලා කටයුතු කරන්න. ධාතූ නිදන්කල ස්ථාන පෑගීම බෞද්ධ අපිට සුදුසු නොවේ. ඔබ කිසි දිනෙක එය නොකරන්නට වග බලා ගන්න.

http://chandigesithuviliuyana.wordpress.com/2012/10/31 





Saturday, October 13, 2012

ශ්‍රද්ධාවන්ත පුද්ගලයෙක් දැකිය යුතු ස්ථාන හතරක් !






ශ්‍රද්ධාවන්ත පුද්ගලයෙක් දැකිය යුතු ස්ථාන හතරක් ඇති බව බුදුරදුන් ආනන්ද හිමිට පෙන්වා දෙයි. සිදුහත් කුමරු උපන් ස්ථානය, බෝසතාණන් වහන්සේ බුදු වූ ස්ථානය, මංගල ධර්ම දේශනය පැවැත්වූ ස්ථානය හා පිරිනිවන් පෑ ස්ථානය එම ස්ථාන හතරයි. බුදු සිරුර ආදාහනය කරනවිට සක්විති රජ කෙනෙකුගේ ආදාහනයක් මෙන් සිදුකළ යුතු බවත් අලුත් සළුවලින් වෙලා ඉන්පසු පුළුන් වලින්ද නැවත්ත සළුවලින් හා පුළුන්වලින් ආදී වශයෙන් බුදු සිරුර වෙළිය යුතු ආකාරය උන්වහන්සේ ආනන්ද හිමිට පැහැදිලි කර දුන්නේය. පුද්ගලයන් හතර දෙනෙකුගේ ධාතු නිදන් කර චෛත්‍ය ඉදිකිරීම සුදුසු බවත් එම පුද්ගලයන් ථූපර්හ පුද්ගලයන් බවත් බුදුරදුන් පසේ බුදුරදුන් රහතන් වහන්සේ සහ සක්විති රජතුමා එම පුද්ගලයන් හතර දෙනා බව උන්වහන්සේ පෙන්වා දුන්නේය.

මේ අවස්ථාව වනවිටත් තමාට රහත් වීමට නොහැකි වීම පිළිබඳව ආනන්ද හිමි කම්පා වූ අතර එසේ කම්පා නොවන ලෙසට උන්වහන්සේ ආනන්ද හිමිට පැවසීය. එම ස්ථානයේ සිටි භික්ෂුන් වහන්සේලාට ආනන්ද හිමිගේ ගුණ පවසන ලදී. මේ අවස්ථාවේදී ආනන්ද හිමි කුසිනාරා වැනි කුඩා නගරයක පිරිනිවන් නොපා විශාලා නගරයකට යෑමට යෝජනා කළත් බුදුරදුන් එම අදහස පිළිගත්තේ නැත. මේ අවස්ථාවේදී සුභද්ද නැමති පරිබ්‍රාජකයෙක් බුදුරදුන් හමුවට පැමිණ පැවිදි වීමට ආශා කළ අතර බුදුරදුන්ගේ නියමයෙන් ආනන්ද හිමි එම කටයුත්ත කළේය. බුදුරදුන් ගැන හෝ ධර්මය ගැන හෝ සංඝයා ගැන හෝ යම්කිසි සැකයක් අවිශ්වාසයක් ඇත්නම් ඒ ගැන අසන ලෙසටත් මට ඇති ගෞරවය නිසා මාගෙන් ඇසිය නොහැකි නම් වෙනත් භික්ෂුවකගේ මාර්ගයෙන් අසන ලෙසටත් උන්වහන්සේ භික්ෂූන්ට දැන්වීය. භික්ෂුන් වහන්සේලා නිශ්ශබ්ද විය.

අවසානයේදී උන්වහන්සේ එක් එක් ධ්‍යාන වලට සමවැදී පිරිනිවන් පා වදාළේය. ආනන්ද හිමි බුදුරදුන් පිරිනිවන් පෑ බව කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ට දැන්වීය. බුදුරදුන් මුලින් දුන් උපදෙස් අනුව පිරිසිදු වස්ත්‍රවලින් හා කපුවලින් වෙලා දවස් හතක් සුවඳ දුමින් හා සුවඳ පැන්වලින් නාවා ශ්‍රී දේහය චිතකයේ තැන්පත් කළේය. මල්ල රජවරු හතර දෙනෙක් හිස් සෝදා නා පිරිසිදු වී පිරිසිදු වස්ත්‍ර ඇඳගෙන චිතකයට ගිනි දැල්වීය. එහෙත් මහා කාශ්‍යප හිමි පාවා නුවර සිට කුසිනාරාවට වැඩම කොට චිතකයට වැද නමස්කාර කරන තුරු චිතකයට ගිනිගත්තේ නැත.

මහා කාශ්‍යප හිමි පාවා නුවර සිට භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන කුසිනාරා නුවර බලා පැමිනෙද්දී බුදුරදුන් පිරිනිවන් පෑ බව ඇසූ පෘතජ්ජන භික්ෂුන් හඬන්නට පටන් ගත්හ. ඒ අවස්ථාවේදී මහළු වී පැවිදි වූ සුභද්ද නැමති භික්ෂුව මෙසේ කීහ. “අඬන්න එපා සෝක කරන්න එපා අපි ඒ ශ්‍රමණයා නැති නිසා අපිට කැමති දේ කරමු අකමැති දේ නොකරමු” මෙම කථාව ඇසීමෙන් මහා කාශ්‍යප හිමි සංවේගයට පත්විය.
ආදාහනයෙන් පසුව බුදුරදුන්ගේ ධාතු බෙදා ගැනීම සඳහා රජවරුන් අතර අසමගියක් ඇතිවිය. මමත් බලවත් රජෙක් යැයි සිතු අජාසත් රජුද ධාතු ගැනීමට ආවේය. අවසානයේදී දෝණ නමැති බමුණා සියලුම රජවරුන් සංසුන් කොට සියලුදෙනාටම ධාතු බෙදා දුන්නේය.

අපගේ සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ කුශිනාරා නුවර උපවර්තන සාලවනෝද්‍යානයේ යමා සල් රුක් අතර පිරිනිවන් පෑම පිණිස සිංහ සෙය්‍යාවෙන් සැතපී සිටිමින්, පින්වත් ආනන්ද ස්වාමීන් වහන්සේ අමතා මෙසේ වදාළ සේක.

‘‘චත්‌තාරොමෙ, ආනන්‌ද, ථූපාරහා. කතමෙ චත්‌තාරො? තථාගතො අරහං සම්‌මාසම්‌බුද්‌ධො ථූපාරහො, පච්‌චෙකසම්‌බුද්‌ධො ථූපාරහො, තථාගතස්‌ස සාවකො ථූපාරහො, රාජා චක්‌කවත්‌තී ථූපාරහොති” 

“පින්වත් ආනන්ද, ස්ථූප තනවා පුදපූජා දැක්වීමට සුදුසු පුද්ගලයෝ සතර දෙනෙකි. ඒ කවර සතර දෙනෙක් ද..? තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ස්ථූප තනවා පුදපූජා දැක්වීමට සුදුසු ය. පසේ බුදු රජාණන් වහන්සේ ස්ථූප තනවා පුදපූජා දැක්වීමට සුදුසු ය. තථාගත ශ්‍රාවකයන් වහන්සේ ස්ථූප තනවා පුදපූජා දැක්වීමට සුදුසු ය. චක්‍රවර්තී රජු ස්ථූප තනවා පුදපූජා දැක්වීමට සුදුසු ය.”

‘‘කිඤ්‌චානන්‌ද, අත්‌ථවසං පටිච්‌ච තථාගතො අරහං සම්‌මාසම්‌බුද්‌ධො ථූපාරහො? ‘අයං තස්‌ස භගවතො අරහතො සම්‌මාසම්‌බුද්‌ධස්‌ස ථූපො’ති, ආනන්‌ද, බහුජනා චිත්‌තං පසාදෙන්‌ති. තෙ තත්‌ථ චිත්‌තං පසාදෙත්‌වා කායස්‌ස භෙදා පරං මරණා සුගතිං සග්‌ගං ලොකං උපපජ්‌ජන්‌ති. ඉදං ඛො, ආනන්‌ද, අත්‌ථවසං පටිච්‌ච තථාගතො අරහං සම්‌මාසම්‌බුද්‌ධො ථූපාරහො.”
“පින්වත් ආනන්ද, තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ස්ථූප තනවා පුදපූජා දැක්වීමට සුදුසු වන්නේ කවර අර්ථයක් නිසා ද..? මේ ඒ තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ස්ථූපය යි කියා බොහෝ පිරිසක් සිත පහදවා ගනිති. එසේ තථාගත ස්ථූපයේ සිත පහදවා ගෙන කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ ස්වර්ග ලෝකයේ උපත ලබති. පින්වත් ආනන්ද මේ අර්ථය හේතු කොට ගෙන තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ස්ථූප තනවා පුදපූජා දැක්වීමට සුදුසු වෙයි.”
මහා පරිනිබ්බාන සූත්‍රය – දීඝ නිකාය
Ananda's Concern

 "Formerly, Lord, on leaving their quarters after the rains, the bhikkhus would set forth to see the Tathagata, and to us there was the gain and benefit of receiving and associating with those very revered bhikkhus who came to have audience with the Blessed One and to wait upon him. But, Lord, after the Blessed One has gone, we shall no longer have that gain and benefit."




  "There are four places, Ananda, that a pious person should visit and look upon with feelings of reverence. What are the four?
  "'Here the Tathagata was born!'  This, Ananda, is a place that a pious person should visit and look upon with feelings of reverence.

  "'Here the Tathagata became fully enlightened in unsurpassed, supreme Enlightenment!'  This, Ananda, is a place that a pious person should visit and look upon with feelings of reverence.

 "'Here the Tathagata set rolling the unexcelled Wheel of the Dhamma!'  This, Ananda, is a place that a pious person should visit and look upon with feelings of reverence.

"'Here the Tathagata passed away into the state of Nibbana in which no element of clinging remains!' This, Ananda, is a place that a pious person should visit and look upon with feelings of reverence.
"These, Ananda, are the four places that a pious person should visit and look upon with feelings of reverence. And truly there will come to these places, Ananda, pious bhikkhus and bhikkhunis, laymen and laywomen, reflecting: 'Here the Tathagata was born! Here the Tathagata became fully enlightened in unsurpassed, supreme Enlightenment! Here the Tathagata set rolling the unexcelled Wheel of the Dhamma! Here the Tathagata passed away into the state of Nibbana in which no element of clinging remains!'
  "And whoever, Ananda, should die on such a pilgrimage with his heart established in faith, at the breaking up of the body, after death, will be reborn in a realm of heavenly happiness."

  Then the Venerable Ananda said to the Blessed One: "How, Lord, should we conduct ourselves towards women?"
"Do not see them, Ananda."
"But, Lord, if we do see them?"
"Do not speak, Ananda."
"But, Lord, if they should speak to us?"
"Then, Ananda, you should establish mindfulness."
 Then the Venerable Ananda said: "How should we act, Lord, respecting the body of the Tathagata?"
"Do not hinder yourselves, Ananda, to honor the body of the Tathagata. Rather you should strive, Ananda, and be zealous on your own behalf, for your own good. Unflinchingly, ardently, and resolutely you should apply yourselves to your own good. For there are, Ananda, wise nobles, wise brahmans, and wise householders who are devoted to the Tathagata, and it is they who will render the honor to the body of the Tathagata."


 Then the Venerable Ananda said: "But how, Lord, should they act respecting the body of the Tathagata?"

"After the same manner, Ananda, as towards the body of a universal monarch."
"But how, Lord, do they act respecting the body of a universal monarch?"

"The body of a universal monarch, Ananda, is first wrapped round with new linen, and then with teased cotton wool, and so it is done up to five hundred layers of linen and five hundred of cotton wool. When that is done, the body of the universal monarch is placed in an iron oil vessel, which is enclosed in another iron vessel, a funeral pyre is built of all kinds of perfumed woods, and so the body of the universal monarch is burned; and at a crossroads a stupa is raised for the universal monarch. So it is done, Ananda, with the body of a universal monarch. And even, Ananda, as with the body of a universal monarch, so should it be done with the body of the Tathagata; and at a crossroads also a stupa should be raised for the Tathagata. And whosoever shall bring to that place garlands or incense or sandalpaste, or pay reverence, and whose mind becomes calm there — it will be to his well being and happiness for a long time.


"There are four persons, Ananda, who are worthy of a stupa. Who are those four? A Tathagata, an Arahant, a Fully Enlightened One is worthy of a stupa; so also is a Paccekabuddha, and a disciple of a Tathagata, and a universal monarch. 


  "And why, Ananda, is a Tathagata, an Arahant, a Fully Enlightened One worthy of a stupa? Because, Ananda, at the thought: 'This is the stupa of that Blessed One, Arahant, Fully Enlightened One!' the hearts of many people will be calmed and made happy; and so calmed and with their minds established in faith therein, at the breaking up of the body, after death, they will be reborn in a realm of heavenly happiness. 

And so also at the thought: 'This is the stupa of that Paccekabuddha!' or 'This is the stupa of a disciple of that Tathagata, Arahant, Fully Enlightened One!' or 'This is the stupa of that righteous monarch who ruled according to Dhamma!' — the hearts of many people are calmed and made happy; and so calmed and with their minds established in faith therein, at the breaking up of the body, after death, they will be reborn in a realm of heavenly happiness.

 And it is because of this, Ananda, that these four persons are worthy of a stupa."

Wednesday, October 10, 2012

ථේර ගාථා 26









ලෝමසකංගිය තෙරුන් ගේ ගාථාව.

ඊ තණ, කුස තණ, වැලුක්,  සැවැන්දරා, මෘදු තණ, බබුස් තණ වලින් මට වැඩක් නෑ.  මා ඒවා වීසි කරල දානවා. මං විවේකයම සොයා ගෙන යනවා. 

මේ වනාහී ආයුශ්මත් ලෝමසකංගිය රහත් මුණිඳුන් වදාළ ගාථාවයි.

Tuesday, October 9, 2012

ථේරි ගාථා -- දුක නිපාතෝ 2





ජෙන්තා තෙරණියගේ ගාථා.

බුදු සමිඳාණන් තමයි අමා නිවනට පමුණුවන මාර්ගය වන මේ බොජ්ඣංග ධර්ම හත වදාළේ.  ඉතින් මාත් ඒ ධර්ම ඔක්කොම දියුණු කර ගත්තා.

මාත් ධර්මය  තුළින් ඒ භාග්‍යවතුන් වහන්සේව දැක ගත්තා. මේක තමයි මගේ අන්තිම ශරීරය. ඉපදෙන සංසාරෙ ගෙවිල ගියා.  දැන් ඉතින් ආයෙත් භවයක් නෑ. 

මේ වනාහී ජෙන්තා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.

Sunday, October 7, 2012

සංයුක්ත නිකාය - භික්ඛුනී සංයුක්තය. 2



භික්ඛුනී සංයුක්තය.

භික්ඛුනී වර්ගය

සෝමා භික්ෂුණිය මාරයාට පැවසූ දෙසුම.

*** බලන්න, මේ සෝමා භික්ෂුණියගේ වදන් කොතරම් අපූරුද කියල. ධර්මය අවබෝධ කරගන්න ගැහැණු, පිරිමි භේදයක් ඇත්තේම නෑ. 

 සෝමා සූත්‍රය.
භාග්‍යවතුන් වහන්සේ ගෙන් මාහට අසන්නට ලැබුනේ මේ විදිහටයි.

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවන අසපුවේ.

එදා සෝමා භික්ෂුණිය උදේ වරුවේ සිවුරු පොරවාගෙන , පාත්‍ර - සිවුරු අරගෙන  සැවැත් නුවර ට පිඬු සිඟා වඩියා.  සැවැත් නුවර  පිණ්ඩපාතෙ වැඩල , දන් වළඳල ,දවල් කාලෙ චිත්ත විවේකය ඇතිව ගත කරන්න කැමතිව අන්ධ වනයට පිටත් වුනා. අන්ධ වනයෙ ඇතුලටම ගිහින් එක්තරා රුක් සෙවනක දවල් කාලෙ වාඩි වෙලා හිටිය.

එතකොට පවිටු මාරයාට මේ විදිහට කැමැත්තක් ඇතිවුනා.

 " සෝමා  භික්ෂුණියව බය කරවන්නට ඕනෙ. තැති ගන්වන්නට ඕනෙ , මවිල් කෙලින් කරවන්ට ඕනෙ. සමාධියෙන් දුරු කරවන්ට ඕනෙ" කියල. ඊට පස්සෙ මාරයා සෝමා  භික්ෂුණිය ළඟට ගියා. ගිහින් සෝමා භික්ෂුණියට  ගාථාවක් කිව්ව.

" අවබොධයට ඉතා දුෂ්කර වූ තත්වයක් වන ඔය දේ ලැබන්නෙ ඉසිවරුන් විසින් නෙව. ඇඟිලි දෙකේ නුවණ තියෙන ගෑණුන්ට ඔවැනි තත්වයකට පත්වෙන්ට පුළුවන් කමක් නෑ."
එතකොට සෝමා  භික්ෂුණියට මෙහෙම හිතුණා.

 " කවුද මෙයා ?  මනුෂ්‍යයෙක් ද? අමනුෂ්‍යයෙක්ද?"  මේ ගාථා කියන්නෙ. 

ඉතින් සෝමා  භික්ෂුණියට මෙහෙම හිතුණා.

" මේ තමයි පාපී මාරයා , මාව භය කරවන්ට , තැති ගන්වන්ට , ඇඟේ මවිල් කෙලින් කරවන්ට, සමාධියෙන්  දුරු කරවන්ට තමයි ඔය ගාථා කියන්නෙ"

ඉතින්  සෝමා භික්ෂුණිය මේ පවිටු මාරයා බව දැනගෙන, මේ ගාථාවලින් පවිටු මාරයාට පිළිතුරු දුන්නා.

" හිත තියෙන්නෙ සමාධිමත් වෙලා නම් , ගෑණු කමෙන් මොකක් කරන්න ද? හොඳට යථා ස්වභාවය විදර්ශනා කරන්නට පුළුවන් එකේ , අවබොධ ඥානයත් ඇතිවෙන එකේ ගෑණු කම  මොකට ද?".

"යම්කිසි  කෙනෙකුට මමත් ගැහැණියෙක් , මමත් පිරිමියෙක්, මම කවුරු හරි කෙනෙක් කියල හිතනව නම් , මාරයෙක් විසින් ඔය කතාව කිව යුත්තෙ අන්න ඒ වගේ කෙනෙකුට."



එතකොට පවිටු මාරයා, " මේ සෝමා  භික්ෂුණිය   මාව දැනගත්තා නෙව"  කියල දුක් වුනා. නො සතුටු වුනා. එතනම නොපෙනී ගියා.


සාදූ!   සාදූ!!   සාදූ!!!



ධම්ම පදය - අප්පමාද වර්ගය 1




අප්පමාදෝ අමතපදං - පමාදෝ මච්චුනෝ පදං
අප්පමත්තා න මීයන්ති - යේ පමත්තා යථා මතා


තේරුම:-

අප්‍රමාදීව සීල, සමාධි, ප්‍රඥා වඩන තැනැත්තා ඒ අමා නිවන කරා යනව.
කාම සැපයට වසඟ වෙලා ප්‍රමාද වෙන තැනැත්තාට ලැබෙන්නෙ ආයෙ ආයෙම ත් මරණය විතර යි.  අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන උදවිය අමරණීය වෙනව.  ප්‍රමාද වෙච්ච උදවිය ජීවත් වුණත් මළ කඳන් වගේ තමයි.



Freedom Is Difficult

 Appamādo amatapadaṃ, pamādo maccuno padaṃ
Appamattā na mīyanti, ye pamattā yathā matā.


Heed fulness is the Deathless path,
heedlessness, the path to death.
Those who are heedful do not die,
heedless are like the dead.
Explanation: The path to the Deathless is the perpetual awareness of experience. The deathless does not imply a physical state where the body does not die. When an individual becomes totally aware of the process of experiencing, he is freed from the continuity of existence. Those who do not have that awareness are like the dead, even if they are physically alive.

Sāmāvatī and Māgaṇḍiyā
The Buddha rejected Māgaṇḍiyā when her parents offered her hand in
marriage, so she hated him. Sāmāvatī was a devout Buddhist. Both were married
to the same king. Māgaṇḍiyā conspired with her relatives to burn Sāmāvatī alive
with her attendants. After an investigation, the king had Māgaṇḍiyā and all her
relatives cruelly executed. The monks discussed which of the two queens was alive
and which was dead. The Buddha explained that the heedless should be regarded
as dead even if they live a hundred years, while the heedful should be regarded as
alive even though they are dead.

Saturday, October 6, 2012

භික්ඛුනී සංයුක්තය - ආළවිකා සූත්‍රය.



අද අලුත් සංයුක්තයක් පටන් ගන්නෙ. හරිම අසිරිමත්!  මේ භික්ෂුණින් වහන්සේලාගේ වදන්. 


භික්ඛුනී සංයුක්තය.

භික්ඛුනී වර්ගය 

ආළවිකා භික්ෂුණිය මාරයාට පැවසූ දෙසුම.

ආළවිකා සූත්‍රය.

භාග්‍යවතුන් වහන්සේ ගෙන් මාහට අසන්නට ලැබුනේ මේ විදිහටයි.

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවන අසපුවේ.

එදා ආළවිකා භික්ෂුණිය උදේ වරුවේ සිවුරු පොරවාගෙන , පාත්‍ර - සිවුරු අරගෙන  සැවැත් නුවර ට පිඬු
සිඟා වඩියා.  සැවැත් නුවර  පිණ්ඩපාතෙ වැඩල දන් වළඳල . චිත්ත විවේකය කැමතිව අන්ධ වනයට පිටත් වුනා.

එතකොට පවිටු මාරයාට මේ විදිහට කැමැත්තක් ඇතිවුනා. " ආළවිකා භික්ෂුණියව බය කරවන්නට ඕනෙ. මවිල් කෙලින් කරවන්ට ඕනෙ. චිත්ත විවේකය නති කරවන්ට ඕනෙ" කියල , ඊට පස්සෙ මාරයා ආළවිකා භික්ෂුණිය ළඟට ගියා. ගිහින් ආළවිකා භික්ෂුණියට  ගාථාවක් කිව්ව. 

"මේ ලෝකෙ නිවන කියල දෙයක් නෑ. ඔය චිත්ත විවේකයෙන්  කුමක් කරන්ට ද? කාම සැප විඳල ඉන්ට. ඔන්න පස්සෙ දුක් වෙන්ට එපා".

එතකොට ආළවිකා භික්ෂුණියට මෙහෙම හිතුණා.
 " කවුද මෙයා ?  මනුෂ්‍යයෙක් ද? අමනුෂ්‍යයෙක්ද?"  මේ ගාථා කියන්නෙ.  

ඉතින් ආළවිකා භික්ෂුණියට මෙහෙම හිතුණා.

" මේ තමයි පාපී මාරයා , මාව භය කරවන්ට , තැති ගන්වන්ට , ඇඟේ මවිල් කෙලින් කරවන්ට, චිත්ත විවේකයෙන් දුරු කරවන්ට යි ඔය ගාථා කියන්නෙ" 
ඉතින්  ආළවිකා භික්ෂුණිය මේ පවිටු මාරයා බව දැනගෙන, මේ ගාථාවලින් පවිටු මාරයාට පිළිතුරු දුන්නා.

 '' ලෝකයේ නිවන කියල දෙයක් තියෙනවා. මට ඒක ප්‍රඥාවෙන් අවබෝධ වුනා. පමාවූ ජනයාගේ  ඤාතියා වන මාරය, ඔබ ඒ අමා නිවන ගැන දන්නෙ නැති කෙනෙක්."

" කාමයෝ කියන්නෙ දරුණු ආයුධ වගේ දේවල්. මේ රූපස්කන්ධය  ඒ කාමයන්ට මස් වැදලි වගේ. ඔබ කාම සැපයක්ය කියල යම් දේකට කියනවා නම්, මට ඒක අරතියක්ම යි".

එතකොට පවිටු මාරයා, " මේ ආළවිකා භික්ෂුණිය මාව දැනගත්තා නෙව"  කියල දුක් වුනා. නො සතුටු වුනා. එතනම අතුරුදහන් වුනා. 


සාදූ!   සාදූ!!   සාදූ!!!

සංයුක්ත නිකාය - සත්ති වර්ගය






ඒණිජංඝ සූත්‍රය. 


ඒණි මුවාගේ කෙණ්ඩා මුල් කොට වදාළ දෙසුම.

 සැවත් නුවර ජේතවන අසපුවේදීය. 

(දෙවියා ) 

"ආහාර චුට්ටක් වළඳන , කෙසිවකට ආසා නැති, ඒණි මුවෙකුගේ බඳු කෙණ්ඩා ඇති , සිහින් සිරුරැති වීරයාණනි, සිංහ රාජයාණෙනි, හුදෙකලාවේ ඇවිද යන ඇත් රජාණෙනි, කාමයන් ගැන අපේක්ෂා නැති මුනිඳාණනි,  ඔබ වහන්සේ ළඟට පැමිණි අපි මේ ගැන අසන්නට කැමතියි.   දුකින් නිදහස් වෙන්නෙ කොහොම ද? "


(භාග්‍යවතුන් වහන්සේ ) 


" මනස හයවෙනි කොට තිබෙන මේ පංච කාමගුණ ලෝකය ගැන කියල දීලයි තියෙන්නෙ. ඔය දේවල් කෙරෙහි තියෙන තණ්හාව  දුරුකළා ම , දුකෙන් නිදහස් වෙලා යනව."

සාදූ!    සාදූ!!     සාදූ!!!

තුන්වැනි සත්ති වර්ගය නිමා විය. 

***මේ මාසෙ මැද මම දඹදිව වන්දනාවෙ  යන්නට හිතා ඉන්නෙ. ඉතින්, මෙතෙක් මෙහි පැමිණි ඔබ සැමටම පින්පෙත් අනුමෝදන් කරනවා. ඔබට දෙන දහම් වදනකින් මමත් ලබන්නෙ අසීමිත සතුටක්.  මේ වෑයම යන්ට කලින් පොහෝ දිනට මගෙන් කෙරෙන කාර්යය නිමකරල යන්ටයි. ඉවර ඇති විටෙක අනෙක් දේවල් කියවන්ට. ඔබ සැමට තෙරුවන් සරණයි! 

ධම්ම පදය - බාල වග්ගය 71 ගාථාව

      න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ පවිටු කෙනා කරනා පව් – මීකිරි මිදෙනා වේගෙන් සැණෙකින...