ශ්‍රද්ධාවන්ත පුද්ගලයෙක් දැකිය යුතු ස්ථාන හතරක් ඇති බව බුදුරදුන් ආනන්ද හිමිට පෙන්වා දෙයි. සිදුහත් කුමරු උපන් ස්ථානය, බෝසතාණන් වහන්සේ බුදු වූ ස්ථානය, මංගල ධර්ම දේශනය පැවැත්වූ ස්ථානය හා පිරිනිවන් පෑ ස්ථානය එම ස්ථාන හතරයි. බුදු සිරුර ආදාහනය කරනවිට සක්විති රජ කෙනෙකුගේ ආදාහනයක් මෙන් සිදුකළ යුතු බවත් අලුත් සළුවලින් වෙලා ඉන්පසු පුළුන් වලින්ද නැවත්ත සළුවලින් හා පුළුන්වලින් ආදී වශයෙන් බුදු සිරුර වෙළිය යුතු ආකාරය උන්වහන්සේ ආනන්ද හිමිට පැහැදිලි කර දුන්නේය. පුද්ගලයන් හතර දෙනෙකුගේ ධාතු නිදන් කර චෛත්‍ය ඉදිකිරීම සුදුසු බවත් එම පුද්ගලයන් ථූපර්හ පුද්ගලයන් බවත් බුදුරදුන් පසේ බුදුරදුන් රහතන් වහන්සේ සහ සක්විති රජතුමා එම පුද්ගලයන් හතර දෙනා බව උන්වහන්සේ පෙන්වා දුන්නේය.
මේ අවස්ථාව වනවිටත් තමාට රහත් වීමට නොහැකි වීම පිළිබඳව ආනන්ද හිමි කම්පා වූ අතර එසේ කම්පා නොවන ලෙසට උන්වහන්සේ ආනන්ද හිමිට පැවසීය. එම ස්ථානයේ සිටි භික්ෂුන් වහන්සේලාට ආනන්ද හිමිගේ ගුණ පවසන ලදී. මේ අවස්ථාවේදී ආනන්ද හිමි කුසිනාරා වැනි කුඩා නගරයක පිරිනිවන් නොපා විශාලා නගරයකට යෑමට යෝජනා කළත් බුදුරදුන් එම අදහස පිළිගත්තේ නැත. මේ අවස්ථාවේදී සුභද්ද නැමති පරිබ්‍රාජකයෙක් බුදුරදුන් හමුවට පැමිණ පැවිදි වීමට ආශා කළ අතර බුදුරදුන්ගේ නියමයෙන් ආනන්ද හිමි එම කටයුත්ත කළේය. බුදුරදුන් ගැන හෝ ධර්මය ගැන හෝ සංඝයා ගැන හෝ යම්කිසි සැකයක් අවිශ්වාසයක් ඇත්නම් ඒ ගැන අසන ලෙසටත් මට ඇති ගෞරවය නිසා මාගෙන් ඇසිය නොහැකි නම් වෙනත් භික්ෂුවකගේ මාර්ගයෙන් අසන ලෙසටත් උන්වහන්සේ භික්ෂූන්ට දැන්වීය. භික්ෂුන් වහන්සේලා නිශ්ශබ්ද විය.
අවසානයේදී උන්වහන්සේ එක් එක් ධ්‍යාන වලට සමවැදී පිරිනිවන් පා වදාළේය. ආනන්ද හිමි බුදුරදුන් පිරිනිවන් පෑ බව කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ට දැන්වීය. බුදුරදුන් මුලින් දුන් උපදෙස් අනුව පිරිසිදු වස්ත්‍රවලින් හා කපුවලින් වෙලා දවස් හතක් සුවඳ දුමින් හා සුවඳ පැන්වලින් නාවා ශ්‍රී දේහය චිතකයේ තැන්පත් කළේය. මල්ල රජවරු හතර දෙනෙක් හිස් සෝදා නා පිරිසිදු වී පිරිසිදු වස්ත්‍ර ඇඳගෙන චිතකයට ගිනි දැල්වීය. එහෙත් මහා කාශ්‍යප හිමි පාවා නුවර සිට කුසිනාරාවට වැඩම කොට චිතකයට වැද නමස්කාර කරන තුරු චිතකයට ගිනිගත්තේ නැත.
මහා කාශ්‍යප හිමි පාවා නුවර සිට භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන කුසිනාරා නුවර බලා පැමිනෙද්දී බුදුරදුන් පිරිනිවන් පෑ බව ඇසූ පෘතජ්ජන භික්ෂුන් හඬන්නට පටන් ගත්හ. ඒ අවස්ථාවේදී මහළු වී පැවිදි වූ සුභද්ද නැමති භික්ෂුව මෙසේ කීහ. “අඬන්න එපා සෝක කරන්න එපා අපි ඒ ශ්‍රමණයා නැති නිසා අපිට කැමති දේ කරමු අකමැති දේ නොකරමු” මෙම කථාව ඇසීමෙන් මහා කාශ්‍යප හිමි සංවේගයට පත්විය.
ආදාහනයෙන් පසුව බුදුරදුන්ගේ ධාතු බෙදා ගැනීම සඳහා රජවරුන් අතර අසමගියක් ඇතිවිය. මමත් බලවත් රජෙක් යැයි සිතු අජාසත් රජුද ධාතු ගැනීමට ආවේය. අවසානයේදී දෝණ නමැති බමුණා සියලුම රජවරුන් සංසුන් කොට සියලුදෙනාටම ධාතු බෙදා දුන්නේය.
අපගේ සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ
කුශිනාරා නුවර උපවර්තන සාලවනෝද්‍යානයේ යමා සල් රුක් අතර පිරිනිවන්
පෑම පිණිස සිංහ සෙය්‍යාවෙන් සැතපී සිටිමින්, පින්වත්
ආනන්ද ස්වාමීන් වහන්සේ අමතා මෙසේ වදාළ සේක.
‘‘චත්‌තාරොමෙ, ආනන්‌ද, ථූපාරහා.
කතමෙ චත්‌තාරො?
තථාගතො අරහං සම්‌මාසම්‌බුද්‌ධො
ථූපාරහො, පච්‌චෙකසම්‌බුද්‌ධො ථූපාරහො, තථාගතස්‌ස සාවකො ථූපාරහො, රාජා චක්‌කවත්‌තී ථූපාරහොති”
“පින්වත් ආනන්ද, ස්ථූප
තනවා පුදපූජා දැක්වීමට සුදුසු පුද්ගලයෝ සතර දෙනෙකි. ඒ කවර සතර දෙනෙක් ද..? තථාගත අරහත් සම්මා
සම්බුදු රජාණන් වහන්සේ ස්ථූප තනවා පුදපූජා
දැක්වීමට සුදුසු ය. පසේ බුදු රජාණන් වහන්සේ ස්ථූප තනවා පුදපූජා දැක්වීමට සුදුසු ය. තථාගත ශ්‍රාවකයන් වහන්සේ ස්ථූප තනවා
පුදපූජා දැක්වීමට සුදුසු ය. චක්‍රවර්තී රජු
ස්ථූප තනවා පුදපූජා දැක්වීමට සුදුසු ය.”
‘‘කිඤ්‌චානන්‌ද, අත්‌ථවසං පටිච්‌ච තථාගතො අරහං සම්‌මාසම්‌බුද්‌ධො ථූපාරහො? ‘අයං තස්‌ස භගවතො
අරහතො සම්‌මාසම්‌බුද්‌ධස්‌ස ථූපො’ති, ආනන්ද, බහුජනා
චිත්‌තං පසාදෙන්‌ති. තෙ තත්‌ථ
චිත්‌තං පසාදෙත්‌වා කායස්‌ස භෙදා පරං මරණා සුගතිං සග්‌ගං ලොකං උපපජ්‌ජන්‌ති. ඉදං ඛො, ආනන්‌ද, අත්‌ථවසං
පටිච්‌ච තථාගතො අරහං සම්‌මාසම්‌බුද්‌ධො
ථූපාරහො.”
“පින්වත් ආනන්ද, තථාගත
අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ස්ථූප තනවා පුදපූජා දැක්වීමට සුදුසු වන්නේ කවර අර්ථයක් නිසා ද..? මේ
ඒ තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ
ස්ථූපය යි කියා බොහෝ පිරිසක් සිත පහදවා ගනිති. එසේ තථාගත ස්ථූපයේ සිත පහදවා ගෙන කය බිඳී මරණින් මතු සුගතිය
නම් වූ ස්වර්ග ලෝකයේ උපත ලබති. පින්වත්
ආනන්ද මේ අර්ථය හේතු කොට ගෙන තථාගත අරහත් සම්මා සම්බුදු
රජාණන් වහන්සේ ස්ථූප තනවා පුදපූජා දැක්වීමට සුදුසු වෙයි.”
මහා පරිනිබ්බාන සූත්‍රය – දීඝ නිකාය
Ananda's
Concern
"Formerly, Lord, on leaving their quarters after the rains, the bhikkhus
would set forth to see the Tathagata, and to us there was the gain and benefit
of receiving and associating with those very revered bhikkhus who came to have audience
with the Blessed One and to wait upon him. But, Lord, after the Blessed One has
gone, we shall no longer have that gain and benefit."
"There are four places, Ananda, that a pious person should visit and look
upon with feelings of reverence. What are the four?
"'Here the Tathagata was born!'
This, Ananda, is a place that a pious person should visit and look upon with
feelings of reverence.
"'Here the Tathagata became fully enlightened in unsurpassed, supreme
Enlightenment!'
This, Ananda, is a place that a pious person should visit and look upon with
feelings of reverence.
"'Here the Tathagata set rolling the unexcelled Wheel of the Dhamma!'
This, Ananda, is a place that a pious person should visit and look upon with
feelings of reverence.
"'Here the Tathagata passed away into the state of Nibbana in which no
element of clinging remains!' This, Ananda, is a place that a pious person
should visit and look upon with feelings of reverence.
"These, Ananda, are the four places that a pious person should visit and
look upon with feelings of reverence. And truly there will come to these
places, Ananda, pious bhikkhus and bhikkhunis, laymen and laywomen, reflecting:
'Here the Tathagata was born! Here the Tathagata became fully enlightened in
unsurpassed, supreme Enlightenment! Here the Tathagata set rolling the
unexcelled Wheel of the Dhamma! Here the Tathagata passed away into the state
of Nibbana in which no element of clinging remains!'
"And
whoever, Ananda, should die on such a pilgrimage with his heart established in
faith, at the breaking up of the body, after death, will be reborn in a realm
of heavenly happiness."
Then the
Venerable Ananda said to the Blessed One: "How, Lord, should we conduct
ourselves towards women?"
"Do
not see them, Ananda."
"But,
Lord, if we do see them?"
"Do
not speak, Ananda."
"But,
Lord, if they should speak to us?"
"Then,
Ananda, you should establish mindfulness."
Then the
Venerable Ananda said: "How should we act, Lord, respecting the body of
the Tathagata?"
"Do
not hinder yourselves, Ananda, to honor the body of the Tathagata. Rather you
should strive, Ananda, and be zealous on your own behalf, for your own good. Unflinchingly, ardently, and resolutely you should apply
yourselves to your own good. For there are, Ananda, wise nobles, wise brahmans,
and wise householders who are devoted to the Tathagata, and it is they who will
render the honor to the body of the Tathagata."
Then the
Venerable Ananda said: "But how, Lord, should they act respecting the body
of the Tathagata?"
"But
how, Lord, do they act respecting the body of a universal monarch?"
"The
body of a universal monarch, Ananda, is first wrapped round with new linen, and
then with teased cotton wool, and so it is done up to five hundred layers of linen
and five hundred of cotton wool. When that is done, the body of the universal
monarch is placed in an iron
oil vessel, which is enclosed in another iron vessel, a funeral pyre is built
of all kinds of perfumed woods, and so the body of the universal monarch is
burned; and at a crossroads a stupa is raised for the universal monarch. So it
is done, Ananda, with the body of a universal monarch. And even, Ananda, as
with the body of a universal monarch, so should it be done with the body of the
Tathagata; and at a crossroads also a stupa should be raised for the Tathagata.
And whosoever shall bring to that place garlands or incense or sandalpaste, or
pay reverence, and whose mind becomes calm there — it will be to his well being
and happiness for a long time.
"There are four persons, Ananda, who are worthy of a
stupa. Who are those four? A Tathagata, an Arahant, a Fully Enlightened One is
worthy of a stupa; so also is a Paccekabuddha,
and a disciple of a Tathagata, and a universal monarch.
"And
why, Ananda, is a Tathagata, an Arahant, a Fully Enlightened One worthy of a
stupa? Because, Ananda, at the thought: 'This is the stupa of that Blessed One,
Arahant, Fully Enlightened One!' the hearts of many people will be calmed and
made happy; and so calmed and with their minds established in faith therein, at
the breaking up of the body, after death, they will be reborn in a realm of
heavenly happiness.
And so also at the thought: 'This is the stupa of that Paccekabuddha!' or 'This is the stupa of a disciple of that Tathagata, Arahant, Fully Enlightened One!' or 'This is the stupa of that righteous monarch who ruled according to Dhamma!' — the hearts of many people are calmed and made happy; and so calmed and with their minds established in faith therein, at the breaking up of the body, after death, they will be reborn in a realm of heavenly happiness.
And it is because of this, Ananda, that these four persons are worthy of a stupa."
And so also at the thought: 'This is the stupa of that Paccekabuddha!' or 'This is the stupa of a disciple of that Tathagata, Arahant, Fully Enlightened One!' or 'This is the stupa of that righteous monarch who ruled according to Dhamma!' — the hearts of many people are calmed and made happy; and so calmed and with their minds established in faith therein, at the breaking up of the body, after death, they will be reborn in a realm of heavenly happiness.
And it is because of this, Ananda, that these four persons are worthy of a stupa."
පෙර සේමයි අදත් හදවතින්ම සතුටුවෙමින් මේ ලිපිය ආසාවෙන් කියෙව්වා.
ReplyDeleteබොහොම පින් නලින්. වන්දනාවෙ යන්ට දින හරි. ඊට කලින් මේ ගැන ලිව්වා. ඇවිත් ඉතිරි විස්තර. තෙරුවන් සරණින් සැමට යහපතක්ම වේවා!
ReplyDeleteහොඳ ලිපියක්! ජයම වේවා ආන්ටි!
ReplyDeleteගොඩක් පින්! දුවේ
Deleteඔබට පිං පළමුව.දෙවනුව ඔබේ දෙමාපියන්ට!ඒ ඔබව මෙලොවට බිහි කිරිම පිළිබඳව.සමාජ මෙහෙවරකි.
ReplyDeleteබොහොම පින්! මේ අඩවියට සාදරෙන් පිළිගන්නවා ගයනි. තෙරුවන් සරණයි! ආයෙ හමුවෙන්නෙ සති දෙක තුනකින්.
Deleteමගේ අතෙත් නිතර ගැවසෙන පොත තමයි මහාවාර්ය බඹරැන්දේ සිරි සීවලී හිමියන් ලියූ මහා පිරිනිවන් මංගල්‍යය හෙවත් මහා පරිනිබ්බාන සූත්‍රය.
ReplyDeleteමම වඩාත් කැමති උන්වහන්සේගේ අවසන් තුන් මාසය ගැන සදහන් වන කොටසට
චාන්දිගේ මේ සත් කාර්යය කොහොම අගය කලත් මදි.
මෙයින් කුසලයක්ම අත්වේවා..
ස්තූතියි! දයානන්ද මල්ලි. මට මේ මුලු සටහනම දමන්න උවමනා උනත් කාලය හරස් උනා. මේක ලියන්න ගියොත් ඇස්වල කඳුළු නවතන්න බැරි වේවි. ඒ තරම් පිරිනිවන් මංගල්‍යය හරිම සංවේදියි. සමහර තැන් වල මාරයා ආනන්ද හාමුදුරුවන් ව වලක්වන හැටි හරිම පුදුමයි. මට උවමනා උනේ යන්න කලින් මේ වන්දනා කලයුතු තැන් ගැන සටහන තබන්නටයි. හෙට සිට මට ලියන්න වෙන්නෙ නෑ. අපේ ලොකු ස්වාමීන්වහන්සේ ගෙ පහන් සිල නිවෙන ලෙස පිරිනිවී වැඩි සේක ! හරිම රසවත් තවත් කෘතියක්.
ReplyDeleteමෙතෙක් ආ ගමනට ඔබේ අඩවියට මා යන්නට කලින් සුබ පතන්නට ලැබීමත් සතුටක්.
ඔබ සැමට තෙරුවන් සරණයි!
සාධු සාධු සාධු....
ReplyDeleteසාධු සාධු සාධු...
ReplyDelete