ඉසිපතනේ මිගදායේ.............. මුවපොව්වන් අතරේ ................. දම්සක් සුතුරෙන් සැනහී
පසු දා එනම් ඔක්තෝම්බර් 18 වන දින අප උදෑසන 5.30 ට පෙළ ගැසී බුද්ධ වන්දනා ගාථා කියමින් මූලගන්ධ කුටි විහාරය වෙත පිය මැන්නෙමු. සුදෝ සුදු මහනෙල් මල් ද, රත් පැහැ ඕලු මල් ද අප ට ගන්නට ලැබුණි.
අජිත් මහතා විසින් කියන්නට යෙදුනු බුදුගුණ වන්දනා කවි මාලය ගෙතුවෙමු.
හඬන වැලපෙන සැලෙන - හිතේ දුක නැති වුණා
හදන සසරක ගමන - කෙලෙස් මුල් වැනසුණා
නිවන සැනසුම රැඳුන - ලොවක යලි නොම රැඳුන
අරහංය මගේ බුදු - පියාණන් වහන්සේ .........
සාදූ සාදූ වඳිම් - ඒ බුදුන් වහන්සේ............//
අසා නැති අමා සුව - සිතා ගත හැකි වුණා
පතා ගෙන ආ විලස - ලොවේ තතු වැටහුණා
ලබා සම්බුදු නුවණ - අමා සදහම් දෙසන
සම්බුදුය මගේ බුදු - පියාණන් වහන්සේ .........
සාදූ සාදූ වඳිම් - ඒ බුදුන් වහන්සේ............//
සිතන විට සැනසිලා - නිවන තුළ නැවතිලා
වඬින විට හිඳින විට - සිත සමාහිත වෙලා
හිරු මඬල සේ දිලෙන චරණ විජ්ජා නුවණ
නැණවත්ය මගේ බුදු - පියාණන් වහන්සේ .........
සාදූ සාදූ වඳිම් - ඒ බුදුන් වහන්සේ............//
සොඳුරු ගමණක් වඬින - සුපිපි සියපත් මැවෙන
දකින විට සිත නිවෙන - ලොවට සිලිලස සදන
ඒ නිවන් මඟ වඬින - සුගත බුදු ගුණ දරණ
සුන්දරයි මගේ බුදු - පියාණන් වහන්සේ .........
සාදූ සාදූ වඳිම් - ඒ බුදුන් වහන්සේ............//
නොදැන තම තම ලෝක - විඳින කරදර නේක
සිඳිනු බැරි දුක සෝක - ලෝ සතුන් දුටු සේක
ලෝක දුක හඳුන ගෙන - ලෝකයෙන් එතෙර වුණ
ලෝක විදු මගේ බුදු - පියාණන් වහන්සේ .........
සාදූ සාදූ වඳිම් - ඒ බුදුන් වහන්සේ............//
අකීකරු දෙව් මිනිස් - හා නොයෙක් සැඩ පිරිස්
සමිඳු සෙවනට පැමිණ - සදා දමනය වුණා
අනුත්තර පුරිස දම් - සාරථී ගුණෙන් යුතු
තෙදවත් ය මගේ බුදු - පියාණන් වහන්සේ .........
සාදූ සාදූ වඳිම් - ඒ බුදුන් වහන්සේ............//
ලොවේ භව දුක නිවෙන - විවේකය ඇති කරන
දෙව් මිනිස් සතුන් හට - අමා සුව පතුරුවන
නමින් සත්ථා දේව - මනුස්සානං සේක
කාරුණික මගේ බුදු - පියාණන් වහන්සේ .........
සාදූ සාදූ වඳිම් - ඒ බුදුන් වහන්සේ............//
රකින්නට ගුණ දහම් - කරන්නට සිත පහන්
නිවන්නට භව ගිමන් - දෙසූ සදහම් නිවන්
බුද්ධ යන ගුනෙන් යුතු - මහා නුවණකින් යුතු
නැණවත්ය මගේ බුදු - පියාණන් වහන්සේ .........
සාදූ සාදූ වඳිම් - ඒ බුදුන් වහන්සේ............//
කාරුණික හදින් යුතු - සීල ගුණ කඳින් යුතු
සමාහිත සිතින් යුතු - මහා නුවණකින් යුතු
සියළු බුදුගුණ දරණ - නිවන් සුවයම සදන
භගවත්ය මගේ බුදු - පියාණන් වහන්සේ
සාදූ සාදූ වඳිම් - ඒ බුදුන් වහන්සේ...........
සාදූ සාදූ වඳිම් - ඒ බුදුන් වහන්සේ...........
සාදූ සාදූ වඳිම් - ඒ බුදුන් වහන්සේ...........
බුදුගුණ ගයමින් මල්, කොඩි ගෙන පෙරහැරින් මූලගන්ධ කුටි විහාරයට ආවෙමු.
බුදුගුණ ගයමින් මල්, කොඩි ගෙන පෙරහැරින් මූලගන්ධ කුටි විහාරයට ආවෙමු.
ඉසිපතනේ මිගදායේ සිල් සමාදන් වීමට ලැබීම කෙතරම් භාග්යයක් ද? මේ මොහොත කෙතරම් අසිරිමත් ද? නව මූලගන්ධකුටි විහාරයට පැමිණි වහාම නෙත් කඳුලින් පිරුණි. මේ මා දකින්නේ සිහිනයක් ද? මා සිටින්නේ ඒ අසිරිමත් දම්සක කැරකැවූ භූමියෙහිම නොවේද? විහාරයේ මනරම් බුදු පිළිමයත් දර්ශණීය චිත්ර කර්මත් ඔබ නෙත් සිත් පැහැර ගනීවී. ජපන් ජාතික කොට්සුනෝසු නම් ලෝක ප්රසිද්ධ චිත්ර ශිල්පියා විසින් ස්වභාවික ගල්කුඩු, මල් , කොළ, පොතු ආදියෙහි වර්ණ සංකලනයෙන් ඉතාම සෞම්ය වර්ණ භාවිතයෙන් බුද්ධ චරිතයේ වැදගත් සිද්ධි නිරූපණය වෙන ලෙස අඳිනා ලද සිතුවම් දෙස ඔබ මොහොතක් බලා සිටින්න. ඒවා මෙනෙහි කරන්න.
ඉන්දීය මහා බෝධි සමාගමේ වැඩ වාසය කරන ශ්රී ලංකික භික්ෂූන් වහන්සේ නමක් වන විමලරතන ස්වාමීන් වහන්සේ විසින් අප අශ්ඨාංග ශීලයෙහි පිහිටුවන ලදී.
උදෑසන දානය සඳහා මහා බෝධිය වෙත ගියෙමු.
මෙම පියාණන්ට අෂ්ඨපරික්කාර පූජාවක් ලබා දුනිමි. |
සසර
කතරෙන් මිදෙන මඟ පාදා දුන් බුදු දහමේ අමා ගඟ ලොවට
ගලා ගියේ බරණැස ඉසිපතනයේ මිගදායෙනි. අද ඒ පෙදෙස සාරානාත් නමින් හැඳින්වේ. දඹදිව කසී ජනපදය මැදින් ගලා බස්නා ‘වරුණ’ සහ ‘අසී’
ගංගා දෙක අතර පිහිටි බාරාණාසී බෞද්ධ සාහිත්යයේ දී ‘බරණැස’නම් වේ. හිමාලයේ
සිටිනා සෘෂිවරුන් දැඩි ශීතල කාලයේදී එය ඉවසා
ගත නොහැකිව යලි පොළවට පතිතවන ස්ථානය
යන අදහසින් මේ පෙදෙසට “ඉසිපතනය” යන නම ලැබිණ. බුදුරජාණන් වහන්සේ සිය ප්රථම ධර්ම දේශනය වන ධම්මචක්ක පවත්වන සූත්රය දේශනා කළේ ද, භික්ෂූන්වහන්සේ හැට නමකගෙන් සමන්විත ප්රථම ධර්මදූත සේවාව ආරම්භ වුයේ ද බරණැස ඉසිපතන භූමියේ දී ය.
'මිග ' යනු මුවන්ට කියන නමකි. 'දාය' යනු අභය දානය දීමයි. එමනිසා මුවන්ට අභය දානය දුන් ස්ථානය "මිගදාය"යි.
දම්සක් දෙසුම පැවත්වූ ස්ථානය - ධම්ම රාජික ස්තූපයේ නටඹුන්
බුරුම රජයෙන් ඉඳිකල දම්සක් දෙසනා අනුරුව.
දම්සක් දෙසුම
එදා
ඇසළ පුර පසළොස්වක පොහෝ දා ය. ඉසිපතනයේ මිගදායෙහි දී එදින සවස් කාලයේ බුදුරජාණන් වහන්සේ පස්වග තවුසන්ට දම්සක් පැවතුම් සූත්රසය දේශනා කළ සේක. ඒ උන්වහන්සේ ගේ පළමු ධර්ම දේශනාවයි. දම්සක් පැවතුම් සූත්රස දේශනාව අවසානයේ දී කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් විය.
සෝවාන්
වූ
කොණ්ඩඤ්ඤ තවුසා බුදුරජාණන් වහන්සේ වෙත
පැවිදි වීමට අවසර ඉල්ලුවේ
ය. ඒ ඉල්ලීම ඉටු විය. අනතුරුව දෙසූ දහම් අසා වප්ප, භද්දිය,මහානාම,අස්සජී යන අනෙකුත් තවුසෝ ද සෝවාන් ව බුදු
සසුනෙහි පැවිදි බව ලැබූ හ. ඉක්බිති ව බුදුරජාණන්
වහන්සේ ඒ තවුසන්ට අනාත්ම ලක්ෂණ සූත්රුය දේශනා කළ සේක. ඒ ධර්මය අසා තවුසෝ පස් දෙනාම රහත් වූ හ.
ධම්මික ස්ථූපය.
යස කුල පුතුගේ දෙමාපියන්ට දම් දෙසූ ස්ථානය - ධම්මාසනය.
යස කුල
පුතු
මහණ
වීම
බරණැස් සිටාණන් ගේත් එම දේවිය ගේත් පුතා ගේ නම යස ය. යස කුල පුත්රඒයා ගිහි ගෙයි කළකිරිණි. ඔහු ගෙදර කිසි අයකුට නො දන්වා රහසින් ම ගෙදරින් නික්ම බුදුරජාණන් වහන්සේ වෙත ගියේ ය. උන්වහන්සේ ගෙන් බණ අසා සෝවාන් ඵලයට පැමිණියේ ය.
ඔහු
ගේ පියා වූ බරණැස්
සිටු තෙමේ පුතා සොයමින් යන අතර ඉසිපතනයට පැමිණියේ ය. බුදුරජාණන් වහන්සේ ඒ සිටාණන් හට ද ධර්මය දේශනා කළ සේක. ධර්මය අසා සෝවාන් වූ සිටු තෙමේ බුදුන්, දහම්, සඟුන්, යන තෙරුවන් සරණ ගියේ ය. ඔහු තෙරුවන් සරණ ගිය පළමු වැන්නා යි. පසු ව යස කුල පුත්රෙයා ගේ මවත්, බිරිඳත් තෙරුවන් සරණ ගිය හ. ඔවුහු තෙරුවන් සරණ ගිය පළමු උපාසිකාවෝ ය. පියාට දේශනා කළ ධර්මය අසා සිටි යස කුල පුත්ර්යා රහත් විය. අනතුරුව හෙතෙම බුදුරජාණන්
වහන්සේ වෙත පැවිදි විය.
යස කුල
පුතු
ගේ
යාළුවන්
මහණ
වීම
යස
කුල පුත්රයා මහණ වූ බව දැන ගත් ඔහුගේ යාළුවන් වන විමල, සුබාහු, පුණ්ණජී, ගවම්පති යන සතර දෙනා බුදුරජාණන්
වහන්සේ වෙත
පැමිණ පැවිදි වූ හ. ඒ ආරංචිය ඇසූ ඔවුන් ගේ තවත් යාළුවන් පනස් දෙනෙක් ද පැමිණ පැවිදි වූ හ. ඔවුහු ද බණ අසා රහත් වූ හ.
දහම් පැතිර වීම
මේ වන
විට
බුදුසසුනෙහි
පැවිදි
වී
රහත්
වූවෝ
හැට
නමක්
වූහ.
එනම්
පස්වග
මහණුන්,
යස
කුල
පුත්රතයා,
ඔහු
ගේ
යාළුවන්
හතර
දෙනා
සහ
අනිකුත්
යාළුවන්
පනස්
දෙනාත්
ය.
බුදුරජාණන් වහන්සේ ඒ රහතන් හැට නම අමතා ලෝක වාසීන්ට හිත සුව පිණිස ගමින් ගමට, නගරයෙන් නගරයට වැඩම කොට දහම් දෙසන ලෙස වදාළ සේක. බුදුරජාණන් වහන්සේත්, ඒරහතුන් හැට නමත් හැට එක් පෙදෙසකට ගමන් කරමින් ලෝක සත්වයාට යහපත පිණිස දහම් පැතිර වූහ.මේ බුදුරජාණන් වහන්සේ ගේ ප්රරතම ධර්මදූත කණ්ඩායමයි.
විදේශීය
ආක්රමණිකයන් යටතට දඹදිව යටත් වූ අවස්ථා බොහෝය. ඉන් සමහර සංස්කෘතීන් විනාශ වූ අතර සමහර සංස්කෘතීන් අලුතෙන්ම බිහි විය.
බුදු
දහම බෞද්ධ සමාජයේ දියුණුම තත්ත්වයට පත් වූයේ මෞර්ය සහ ගුප්ත කාල වකවානුවලය. විශේෂයෙන් ධර්මාශෝක මහාරාජයාගේ කාලයේ සංගායනාවක් සිදුකර අසූහාරදහසක් ධර්මස්කන්ධය වෙනුවෙන් අසූහාරදහසක් වෙහෙර විහාර කර වූ බවත් විවිධ රටවල ධර්මප්රචාරය සඳහා ධර්මදූතයන් පිටත්කර යෑවීමක් සිදුව ඇති බවත් කියෑවේ. සිංහල දීපයට බුදු දහම ලැබුණේ ද ධර්මාශෝක මහරජතුමා නිසාය.
කෙසේ
නමුත් මුස්ලිම් ආක්රමණයන්ට දඹදිව මුළුමනින්ම යටවී ගිය සමයක සියලුම හින්දු හා බෞද්ධ කෝවිල්, පන්සල් විනාශ කළ බව ඉතිහාසය සාක්ෂි දරයි.
මෙසේ
ක්රමයෙන් වසර අටසියයක් දඹදිව බුදුදහමට වගකිව යුතු අයිතිකාරයකු නැතිව සිටින විට දඹදිව ලුම්බිණි, බුද්ධගයා, බරණැස ඉසිපතනය, කුසිනාරාව ආදී සියලුම සිද්ධස්ථාන වල් බිහි වී වනාන්තර බවට පත් විය. සමහර බෞද්ධ සිද්ධස්ථාන හින්දු භක්තිකයන් හා මුස්ලිම් භක්තිකයන් අතට පත් වූහ.
අදත් මේ මුව පොව්වන් ඉන්නවා.
ඉසිපතනාරාමයේ මූලගන්ධකුටි විහාරය අවට බොහොමයක් පුරා වස්තූ ඇත. සංඝාරාම , පැන්පහසු වූ ලිං, පොකුණු, සක්මන් මලු, කුඩා චෛත්‍යයන් වගේම ගබඩා ගෙවල්, ධාතූ නිදන් කල චෛත්‍යයන් දක්නට ඇත. මේ ප්‍රදේශය ඉන්දීය පුරා විද්‍යා දෙපාර්ථමේන්තුවෙන් පාලනය වේ.
මීලඟට.................... ප්‍රථම වස් කාලය ගෙවූ මූලගන්ධ කුටිය.
මේ ඡායාරූප දැක කිනම් හෝ කෙනෙකු ගේ තුන් සිත පහැදුනේ නම් මේ ලිපිය ලියූ ඔබට ඒ පින් බලයෙන් ඔබ ප්‍රාර්ථනා කරන උතුම් බෝධියකින් අමා මහා නිවනින් සැනසීමට හැකිවේවා!
ReplyDeleteනිමාෂා..
බොහොම පින්! නිමාෂා දුවේ. ඔයාවත් ඉතාම ආදරෙන් මේ පින්බර අඩවියට පිළිගන්නවා. එන්න යන්න එහෙම නම් මේ දඹදිව අසිරිය බලන්න.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅද තමයි අක්කේ කියවන්න ලැබුනේ . කොතරම් සිත පහන් ව ගියාදැයි පෙනෙනවා ලිපිය පුරාම . මාත් යන්න ඕන වැඩිය වයස යන්න කලින්
ReplyDeleteඇත්තෙන්ම නංගී ඒ දින කීපය මම නම් ගෙව්වේ නිරාමිස සතුටකින්. මහත්තයාටයි, අම්මාටයි, තාත්තාටයි ඒ සියළුම පින් අත් වෙන්නට ඕනෙ. එයාලා නිසා ගමන නිදහසේම කර ගත්තා. ලෝකෙ කොහේ ඇවිද්දත් මට ඒ සතුට සැනසුම ලැබුනේ නැහැ. ඔයාටත් ලඟදීම යන්න ලැබේවා! කියල සෙනෙහසින්ම පතනවා නංගි. සමහර විට ලබන වසරේ ආයෙත් යන්න හිතා ඉන්නවා අයියත් එක්කම . බලමු එක්තුවෙලා යන්න කට්ටියම. නලිනි එහෙමත් යන්න ආසාවෙන් ඉන්නවා.
Deleteමේ පින්තූර දැක්කත් ඕනම කෙනෙකුගේ සිත පහන් වෙනවා...ඒ පින ඔබටයි. කවදාහරි මේවා හැබැහින්ම දකින්න ආසයි. ඒකට තව හුඟා...ක් කල් යාවි මම හිතන්නේ..
ReplyDeleteබොහොම පින්! සයුරි නංගී. බොහෝ කල් නොයවාම ඉක්මනින්ම මේ වන්දනාව කරගන්නට උවමනාව ඇති කරගන්න නංගී. මම අද ඉතාම සතුටු වෙනවා තව කල් නොයවාම මේ ගමන යන්නට ලැබුන එකට. බොහොම දෙනෙක් හිතන්නේ ව්යසට ගිහාම තමයි මේ ගමණ යන්න ඕනෙ කියලා. නමුත් අපිට කවදාවත් හෙට අපි ඉඳීවී කියලා සහතිකයක් දෙන්න පුළුවනිද? ටිකක් හිතන්න. ධර්මයේ ඉන්න කෙනා නිතරම ඒක දකිනවා. ඔබටත් ඉතා ඉක්මනින්ම බුදුන් වැඩි මඟ දැකීමට ලැබේවා! දිගටම කියවන්න ඉස්සරහට සංකස්සෙ අසිරිමත් වූ විස්තර තියේවි.
Deleteම්ම් මට හිතෙන්නේ තව අවු. 40 ක් වත් යාවි කියලා :)
Deleteඇත්තෙන් ම සයුරි අක්කා කියලා තියෙනවා වගේ ම පින්තූර දැක්ක පමණින් ම හිතට ලොකු සැනසීමක් ලැබෙනවා. යන්න තියෙනවා නම් කියලා හිතෙනවා. බොහෝම පින් ඔබට මේ විස්තර අපිත් එක්ක බෙදාගත්තට!
ReplyDeleteබොහොම පින්! ලහිරු පුතේ ඔයාටත්. අද ඔයාලා වගේ දරුවන් ධර්මයේ හැසිරෙනවා දකින විට අපිට තියෙන්නෙ ලොකු සතුටක්. අපි ලොකු ස්වාමීන් වහන්සේ දඹදිව් තලයේ ඉඳිකල බුද්ධගයා අසපුවටත් ගියා. හැම විස්තරයක්ම ලියන්නම් ඔයාලට කියවන්න. දිගටම බලන්න පුතේ. ඔයාටත් ඉක්මනින්ම මේ වගේ චාරිකාවක් යන්නට ලැබේවා! කියල සෙනෙහසින්ම පතනවා.
Deleteඅම්ම ලව්ව වන්දනා කෙරෙව්වා... ඔයාට පින් සිදුවේවා අක්කා!!! ගොඩක් කලකට ඉහතදි සීඩී එකක් තිබබා මං ගාව හොඳට විස්තර තියෙන.. දැන් ඒක දුන්න කෙනෙක් නැ..
ReplyDeleteඔයා හොඳට විස්තර කරලා... තමා කරපු හොඳ වැඩ අනිත් අයට ඉදිරිපත් කිරීම පත්තිදාන... ඕන් අක්කා මම පත්තානුමෝදනා කළා... ඔයා කරපු දස පුණ්‍ය ක්‍රියා කීපය ගැන මම පැහැදුනා...
ස්තූතියි! නංගී. ඔයාගෙ පත්තිදානෙන් හිත පැහැදිලා හිටිය මගෙ හිත තවත් පැහැදුනා අම්මාව වන්දනා කල බව අසා. මේ දිගටම මම විස්තර ලියනවා. ඒවා බලන්ට අම්මාට දෙන්න. අම්මාට නිදුක් නීරෝගී දීර්ඝායුශ සෙනෙහසින්ම පතනවා.
Deleteසාදු සාදු ඔන්න අපිත් දැක බලාගෙන සතුටු වුණා
ReplyDeleteබොහොම පින්! හසිත පුතා. බුදුන් උපන් දේශයේ අසිරිය කියා නිම කරන්න බැහැ. හැබැයි අවාසනාව, ඒ අයට දහම දැක ගන්නට බැහැ නෙ. මිත්‍යා ඇදහිලි නිසා රටම අගාධයේ.
Deleteඔන්න අපි දැකබලා ගත්තා ඔයාට පින් මවා පලේ කරාට ඔයාට ගොඩක් පින් නොදැක් ඇය කොච්චර ඉන්නවද බලන්න ඔයාට තුනුරුවන් සරණයි...
ReplyDeleteවයසට යන්න කලින් යන්නම ඕන අක්කේ . . හිත පැහැදුනා මේ වා දැක්කාම ඇත්තමයි . .
ReplyDelete