Monday, June 4, 2012

සංයුක්ත නිකාය, සත්ති වර්ගය 7






වේගයෙන් ගලා යාම ගැන වදාළ දෙසුම . (සර සූත්‍රය)



සැවැත් නුවර ජේතවන අසපුවේදීය.


එකත්පස්ව සිට ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.

“මේ වේගයෙන් ගලා යන සංසාරය නවතින්නෙ කොතන ද? ඇවිද ඇවිද යන සසර ගමන නවතින්නෙ කොතන ද? නාමයත්, රූපයත් ඉතිරි නැතිව නිරුද්ධ වෙන්නෙ කොතන ද?”


භාග්‍යවතුන් වහන්සේ: “යම් තැනක ආපෝ ධාතුවත්, තේජෝ ධාතුවත්, වායෝ ධාතුවත් පිහිටන්නෙ නැත්නම්, අන්න එතන තමයි වේගයෙන් ගලා බසින සංසාරය නවතින තැන. එතනම තමයි ඇවිද ඇවිද යන සංසාර ගමන නවතින තැන. එතනම තමයි නාමයත් - රූපයත් ඉතිරි නැතිවම නිරුද්ධ වෙන්නෙ.' ”



සාදූ! සාදූ!! සාදූ!!!

No comments:

Post a Comment

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...