Tuesday, February 7, 2012

ධම්ම පදය 9 - 10

Those Who Do Not Deserve the Stained Robe

(The Impure Are Not Worthy of the Robe)

අනික්කසාවෝ කාසාවං - යො වතථං පරිදහෙස්සති

අපෙතෝ දමසච්චෙන - න සො කාසාවමරහති.

කෙලෙස් කහට සහිත වූ, ඉන්්‍රිය දමනයෙන් හා ඇත්ත කීමෙන් තොරවූ යමෙක්

සිවුරක් දරන්නේ නම් ඔහු කිසිසේත් සිවුරට (කසාවතට) සුදුසු නැත.

9. Anikkasāvo kāsāva, yo vattha paridahissati

Apeto damasaccena, na so kāsāvam arahati.

One who wears the stainless robe
who's yet not free from stain,
without restraint and truthfulness
for the stainless robe's unfit.


The Wicked Monk Devadaththa

A group of people voted to present a costly robe to Devadatta, in preference

to the Elder Sāriputta. Some devout followers, seeing him wearing it, remarked

that he was not worthy of it. The Buddha explained that Devadatta had done

likewise in a previous life and explained who was worthy of wearing the robe of the Buddhas.

Explanation: A monk may be stained by defilements, bereft of self-control and awareness of reality. Such a monk, though he may wear the 'stained cloth' ( the monk's robe which has been specially coloured with dye obtained from wild plants), he is not worthy of such a saintly garb.


යො ච වන්ත කසාවස්ස - සී‍ලෙසු සුසමාහිතො

උපෙතො දම සච්චෙන - ස වෙ කාසාව මරහති.

කෙලෙස් කහට රහිත වූ, මනාකොට සීලයෙහි පිහිටි , ඉන්්‍රිය දමනයෙන් හා ඇත්ත කීමෙන් යුක්ත වූ යමෙක් සිවුරක් දරන්නේ නම් ඔහු ඒකාන්තයෙන් ම සිවුරට (කසාවතට) සුදුසුය.

Yo ca vantakasāv’assa, sīlesu susamāhito

Upeto damasaccena, sa ve kāsāvam arahati.

He who is purged of all stain, is well-established in morals

and endowed with self-control and truthfulness,

is worthy of the yellow robe.

Explanation: Whoever dons the 'stained cloth', being free of defilements, who is well conducted and tranquil within, having emotions under control and aware of reality, such a person is worthy of the sacred 'stained cloth'.

ථේරි ගාථා 11

මුත්තා තෙරණිය ගේ ගාථාව.






මං හැම දෙයකින් ම මිදිච්ච එකමයි හොඳ.

මං තුන් කුදෙනුත් මිදුනා. ඒ කියන්නෙ වංගෙඩියෙනුත් මිදුනා, මෝල් ගහෙනුත් මිදුනා, ස්වාමියා ගෙනුත් මිදුනා, ඉපදෙන මැරෙන ලෝකයෙනුත් මිදුනා. මේ භව රැහැන වූ තෘෂ්ණාවෙනු ත් මිදුනා.


මේ වනාහී මුත්තා නම් රහත් තෙරණිය වඳාළ ගාථාවයි.

Tuesday, January 10, 2012

ථේර ගාථා 20

නිග්‍රෝධ තෙරුන් ගේ ගාථාව.

සසංසාර දුකට මගේ කිසිම බියක් නෑ. අපගේ ශාස්තෘන් වහන්සේ අමා මහ නිවන් ලබාදෙන්නට අතිශයින්ම දක්ෂයි. සසර දුක් නැති තැන වන ඒ අමා නිවන වෙත භික්ෂුන් වහන්සේලා ගමන් කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්.

මෙය වනාහී ආයුශ්මත් නිග්‍රෝධ නම් රහත් මුණිදුන් වදාළ ගාථාව යි.

Sunday, January 8, 2012

ථේරි ගාථා 10

උපසමා තෙරණිය ගේ ගාථාව .


පින්වත් උපසමා, මේ මාරයාගේ රාජධානියෙන් මිදෙන්ට අතිශයින්ම දුෂ්කරයි. කොහොම හරි සසර සැඩ පහරින් එතෙර වෙන්න. සේනා සහිත මාරයාව පරදවා දාන්න. අවසන් සිරුරක් දරන කෙනෙක් වෙන්න.


මේ වනාහී උපසමා නම් රහත් මෙහෙණිය වදාල ගාථාවයි.


ථේර ගාථා! 19


අජිත තෙරුන්ගේ ගාථාව .


මට නම් මරණය ගැන කිසිම බියක් නෑ. ජීවත් වීම ගැන අමුතු ආශාවකුත් නෑ. ඉතා හොඳින් සිහියත් නුවණත් පිහිටුවා ගෙන ම යි මේ ශරීරය මං අත්හැර දමන්නේ.


මෙය වනාහී ආයුශ්මත් අජිත නම්වූ රහත් මුණිුන් වÞල ගාථාවයි.


මේ එක ගාථාව බැගින් වඳාල කොටසේ දෙවන භාගයයි.

සංයුක්ත නිකාය සත්ති වර්ගය 4



මනස වැළැක්වීම ගැන වදාල දෙසුම. (මනෝ නිවාරණ සූත්‍රය )


සැවැත් නුවර ජේතවන අසපුවේදීය.


එකත්පස්ව සිට ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.


“ යම් යම් අරමුණකින් මනස වලක්වා ගත්තොත් , ඒ ඒ අරමුණෙන් ඇතිවන දුක් ඇති වෙන්නේ නෑ. ඉතින් ඔහු සිය¿ අරමුණින් ම මනස වළක්වා ගත්තොත් " එතකොට ඔහු සිය¿ දුකින් නිදහස් වෙනවාZZ


භාග්‍යවතුන් වහන්සේ: “ නෑ. හැම අරමුණින්ම මනස වළක්වන්ට ඕනෙ නෑ. කොටින්ම සංවර වෙච්ච මනසේ වළක්වන්ට දෙයක් නෑ. යම් යම් අරමුණක් නිසා අකුසල් සිදුවෙනව නම් , ඒ ඒ අරමුණිනුයි මනස වැළැක්විය යුත්තෙ.”


සාදූ! සාදූ! සාදූ!

Saturday, January 7, 2012

ධම්ම පදය 8

Spiritual Strength is Undefeatable

8. Asubhānupassi viharanta, indriyesu susavuta

Bhojanamhi ca mattaññu, saddha āraddhavīriya

Ta ve nappasahati māro, vāto selava pabbata.



අසුභානුස්සිං විහරන්තං - ඉන්ද්‍රියේසු සුසංවුතං,

භෝජනම්හි ව මත්තඤ්ඤුං - සද්ධං ආරද්ධ වීරියං,

තං වෙ නප්පසහති මාරො - වාතො සෙලං ව පබ්බතං




රූපාදී අරමුණු අශූභ වශයෙන් සලකමින් , ඉන්ද්‍රිය සංවරයෙන් යුතුව , කෑමෙහි පමණ දැන , සදැහැතිව , සම්පූර්ණ වීර්ය ඇතිව වසන පුද්ගලයා, වාතයට ගල් පර්වතයක් නොසෙල්විය හැක්කා සේ කෙලෙස් මාරයාට ද සෙලවිය නො හැක.


One who foulness contemplates,
whose faculties are well-restrained,
in food does moderation know,
is full of faith, who's diligent:
that one no Mara overthrows,
as wind does not a rocky mountain.


Explanation: Those who dwell on the unattractiveness of sensual enjoyment, and live with the senses well guarded, and are moderate in eating, they are devoted to the Teaching and to persistent methodical practice.

Such persons are not overpowered by emotions just as a rocky mountain is not shaken by the wind.

ධම්ම පදය - බාල වග්ගය 71 ගාථාව

      න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ පවිටු කෙනා කරනා පව් – මීකිරි මිදෙනා වේගෙන් සැණෙකින...