රහතන් වහන්සේ ගැන වදාල දෙසුම. (අරහන්ත සූත්‍රය )
සැවැත් නුවර ජේතවන අසපුවේදීය.
එකත්පස්ව සිට ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.
“ යම් භික්ෂුවක් අරහත් කෙනෙක් වුනත් නිවන් මග සම්පූර්ණ කරන කෙනෙක් වුනත් , ආස්‍රවයන් ක්ෂය කරපු කෙනෙක් වුනත් , අන්තිම සිරුරු දරන කෙනෙක් වුනත් , ඒ උනාට ඒ භික්ෂුව “මම පවසමි ” කියල කියනවනෙ. “මට කියනව ” කියලත් කියනව නෙ? ( ඒ මොකද ?) 'ZZ
භාග්‍යවතුන් වහන්සේ: “යම් භික්ෂුවක් අරහත් කෙනෙක් වෙලත් , නිවන් මග සම්පූර්ණ කරලත් , ආස්‍රවයන් ක්ෂය කරලත්, අන්තිම සිරුරු දරාගෙන ඉදලත් , “මම කියමි ” කියල කියනව තමයි . “මට කියනව ”කියලත් කියනව තමයි. ඔහු දක්ෂයි . ලෝකෙ ව්‍යවහාරෙ හොදට දන්නවා. ඒක ඔහුගේ ව්‍යවහාර මාත්‍රයක් විතරයි.”
දෙවියා - යම් භික්ෂුවක් අරහත් කෙනෙක් වුනත් නිවන් මග සම්පූර්ණ කරන කෙනෙක් වුනත් , ආස්‍රවයන් ක්ෂය කරපු කෙනෙක් වුනත් , අන්තිම සිරුරු දරන කෙනෙක් වුනත් , ඉතින් ඔහු “මම කියමි ” කියල ත් කියනව නම් “මට කියනව ” කියලත් කියනව නම් , එතකොට . ඒ භික්ෂුව යම්කිසි මාන්නයකට ඇවිල්ල නේද ඉන්නෙ? ''.
භාග්‍යවතුන් වහන්සේ: “ නෑ, මාන්නය ප්‍රහාණය කල කෙනෙකුට කෙලෙස් ගැට නෑ. ඒ මාන ගැට ඔක්කොම ඔහු නැති කරලයි තියෙන්නෙ. ඔහු ප්‍රඥාවන්තයෙක් . මාන්නය ඇතිකරන හැගීම් ඉක්මවා ගිහිල්ලයි ඉන්නෙ. “මම කියමි ” කියල ඔහු කිව්වත් “මට කියනව ”කියල ඔහු කිව්වත් , ඇත්තෙන්ම ඔහු දක්ෂයි. ලෝකෙ ව්‍යවහාරය හොදට දන්නවා. ඒක ඔහුගේ ව්‍යවහාර මාත්‍රයක් විතරයි.”
සාදූ! සාදූ! සාදූ!
මේ ගැන මොනවා කියනවද කියලා හිතාගන්න බෑ මොනවා උනත් මේ බ්ලොග් එක අතිවිශිෂ්ටයි,විශේෂයෙන්ම ථේරි ගාථා, ථේර ගාථා කොටස්.ඔබට බ්ලොග් එක පවත්වාගෙන යාමට ශක්තිය ධෛර්ය ලැබේවා..!
ReplyDelete@ මම සුදා;
ReplyDeleteඔයාට බොහොම පින් මේ බ්ලොග් එක කියවනවට. අපි හැමෝම සසර ගමනේ එකට ඉන්න ඇති. ඒ නිසාම තමයි අපි මෙහෙම එකට ඉන්නෙ.