මිහින්තලාවේ ලොව්තුරු දහම් අමාවේ
සිසිල් සුලං ගතේ වැදී නිවයි විඩාවේ
හෙමින් හෙමින් පය තබලා නගින මේ නඩේ
නිවන් පතා පින් පුරවා ගමන නිමාවේ
සසර මගේ හමුවී ඇති සෑම දෙනා මේ ලෙසේ
උපන් බිමේ පිනටම අපි පැමිණි විලාසේ
නවතන මේ සසර ගමන එකම එක ලෙසේ
බවුන් වඩා සිල් පුරවා නිවන් පතමු මේ ලෙසේ
දහම් අමාවේ සිසිලස ලොවට බෙදාදී
තිස්ස නිරිඳු පෑ මහිමය තවම සුවඳ දී
මහ රහතුන් වැඩිය මගම යමුද පේ වෙවී
සසර ගමන නිමා කරමු නිතර පින් දිදී
Subscribe to:
Post Comments (Atom)
ධම්ම පදය - බාල වග්ගය 71 ගාථාව
න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ පවිටු කෙනා කරනා පව් – මීකිරි මිදෙනා වේගෙන් සැණෙකින...
-
සත් සතිය පළමු සතිය - බෝරුක මුල දෙවන සතිය - අනිමිසලෝචන පූජාව තෙවන සතිය - රුවන් සක්මන සිව්වන සතිය - රැවන් ගෙය පස්වන සතිය - අජපල් න...
-
බෝසතාණන් වහන්සේ උපත ලබන අවස්ථාවේදී තවත් පස් දෙනෙක් උපන්නා . ශ්රී මහා බෝධීන් වහන්සේ , කන්තක අශ්වයා , ඡන්න ඇමැතිවරයා , කාලු...
මේ සඳ දැක ඇත අනන්ත
ReplyDeleteමුනිවරු දෙසනා බණවර
අනුබුදු හිමියන් පිරිවර
මිහින්තලාවේ සිට එන
මේ සඳමයි ඒ අසිරිය දුටුවේ
ඒ මහ පිරිසම මගපළ ලැබුවේ..
පොසොන් සෙඳේ..මිහින්තලේ...
මේ සඳ දැක ඇත අනන්ත
ReplyDeleteමුනිවරු දෙසනා බණවර
අනුබුදු හිමියන් පිරිවර
මිහින්තලාවේ සිට එන
මේ සඳමයි ඒ අසිරිය දුටුවේ
ඒ මහ පිරිසම මගපළ ලැබුවේ..
පොසොන් සෙඳේ..මිහින්තලේ...