Saturday, March 31, 2018

ධම්මපදය – පුප්ඵ වර්ගය 9 -10


යථාපි පුප්ඵරාසිම්හා – කයිරා මාලාගුණේ බහූ
එ්වං ජාතේන මච්චේන – කත්තබ්බං කුසලං බහුං
සුවඳ සුපිපි මල් අරගෙන – ගොතයි නේක මල් මාලා
එලෙසින් ලොව උපන් කෙනා – කළ යුතුමයි පින් මාලා
සැප හා සැනසුම ලැබෙනා – කුසල් වැඩිය යුතු නිතිනා
නිරතුරු පින් කළ යුතුමයි – මාලා ගොතනා ලෙසිනා

විශාඛා මහෝපාසිකාව ගැන ඔබ කවුරුත් දන්නවා. එතුමිය තමයි මේ බුද්ධ ශාසනයේ ප‍්‍රධානම උපාසිකාව වුනේ. එතුමියට දන් පැන් පූජා කරන උපාසිකාවන් අතර අග‍්‍ර දායිකාව බවට අගතනතුරු ලැබුණා. උපාසකවරුන් අතරේ ඒ අගතනතුර ලැබුණේ අනේපිඬු සිටුතුමාටයි.
මෙම විශාඛා මහෝපාසිකාව සෝතාපන්න බවට පත්වුනේ සත්හැවිරිදි වියෙහිදීයි. එතකොට ඇය සිටියේ අංග ජනපදයේ භද්දිය කියන නගරයේ. සැවැත් නුවර මිගාර සිටාණන්ගේ පුත‍්‍රයා වන පූර්ණවර්ධන සිටුවරයාට විවාහ කරදීම නිසයි ඇය සැවැත් නුවරට පැමිණියේ. මිගාර සිටුපවුල කලින් නිගණ්ඨ නාතපුත‍්‍රගේ ශ‍්‍රාවකයන්. නමුත් විශාඛාව ඉතාමත් බුද්ධිමත්ව නිර්භීතව අභිමානවත්ව කටයුතු කිරීම නිසා එ් මුළු පවුලම තෙරුවන් සරණ ගියා. බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයන් බවට පත්වුණා.
එ් වගේම විශාඛා භික්ෂූන් වහන්සේලාට උපස්ථාන කළේ මවක් දරුවන්ව රැකගන්නා ආකාරයටයි. ඔබ දන්නවා ඇති විශාඛා පංචකල්‍යාණයෙන් යුක්තයි. එ් කියන්නේ ඇයට ඉතාමත්ම සෝභාසම්පන්න කේශ කලාපයක් තිබුණා. එ් කේශ කල්‍යාණයයි. ඇයගේ ශරීරයේ අත් පා ආදිය ඉතා සෝභාසම්පන්නව පිහිටා තිබුණා. එය මාංශ කල්‍යාණයයි. ඇයට ඉතාමත්ම අලංකාර සුදෝසුදු දත් දෙපෙළක් තිබුණා. එය අස්ථි කල්‍යාණයයි. ඇයට රන්වන් පැහැයෙන් දිලෙන සමක් තිබුණා. එය ඡවි කල්‍යාණයයි. ඇය දරුවන් විසි දෙනෙකුගේ මවක් වෙලා සිටියදී පවා ඉතාමත් ආකර්ෂණීය රූපයක් තිබුණා. ඇයගේ වයස කිසිකෙනෙකුට කියන්නට බැහැ. දියණිවරුන් අතරේ, මිණිබිරියන් අතරේ පවා ඇය දිස්වුණේ දියණියක් වගේ. එය වයඃ කල්‍යාණයයි. එ් වගේම ඇයට මහාලතාපසාදනී නමින් ආභරණයකුත් තිබුණා. දඹදිව එවැනි වටිනා ආභරණ තුනක් තිබුණා. එකක් විශාඛා මහෝපාසිකාව සතු වුණා. අනෙක බන්ධුල මල්ලිකාව සතු වුණා. අනෙක බරණැස සිටුතුමාගේ දියණිය සතු වුණා.
දිනක් විශාඛාව මංගලෝත්සවයකට යන්නට මෙම ආභරණය පැළඳගත්තා. විසිහත් කෝටියක් වටිනා එම ආභරණය පැළඳගත් විට ඇයව මුළුමනින්ම බබලනවා. එය පැළැඳ ඇය ගමන් කරන විට ඇයගේ සිරුරින්
රැස් විහිදෙනවා. ඉතින් එදා ඇය මංගලෝත්සවයට යන අතරේ ගිලන් වූ භික්ෂුවක් ගැන දැනගන්නට ලැබුණා. ඇය කෙළින්ම දෙව්රම් විහාරයට යන්නට පිටත් වුණා. එහෙත් ඇය මහාලතාපසාදනී නම් ආභරණය සමඟ වෙහෙරට යන්නට කැමති වුණේ නෑ. ඇය එම ආභරණය සිරුරෙන් ඉවත් කොට දාසියට දුන්නා. ඉන්පසු එ් ගිලන් ස්වාමීන් වහන්සේව බැහැදකින්නට ගොස් ඇපඋපස්ථාන කටයුතු සොයා බැලුවා. ඇය කටයුතු අධික බැවින් ආපසු යන්නට පිටත් වුණා. අතරමගදී ඇයට මහාලතාපසාදනිය මතක් වුණා. එය රැගෙන එන්නට දාසිය පිටත් කළා. එ් වන විට එ් මහාලතාපසාදනිය විහාරයේ පසෙක තිබෙනු දුටු ආනන්ද තෙරුන් වහන්සේ සුරක්ෂාව පිණිස එය වෙන තැනකින් රැගෙන තිබ්බා. මෙය දැනගත් විශාඛාව මෙහෙමයි කල්පනා කළේ. ‘දැන් මේ ආභරණය ආර්යයන් වහන්සේලාගේ අතින් අරගෙන පැත්තකින් තියපු දෙයක්. එ් නිසා මං මෙය පරිහරණය කරන එක හරි නෑ. එ් නිසා මං මෙය විකුණනවා. විකුණලා සංඝයාට කැප වූ විශේෂ දෙයක් කරනවා’ කියලා ඉතාම සතුටින් මෙම ආභරණය ගෙන්වා ගෙන සල්පිලට ගෙනිච්චා.
මෙය විසිහත් කෝටියකට ගන්නට කවුරුත් නෑ. අන්තිමේදී විශාඛාව විසින්ම විසිහත් කෝටියක ධනයදී එ් ධනය ගැලක පටවා ගෙන වෙහෙරට ගියා. බුදුරජාණන් වහන්සේට වන්දනා කොට මෙසේ පැවසුවා.
“ස්වාමීනී, ආනන්දයන් වහන්සේ විසින් මහාලතාපසාදනී අතින් ස්පර්ශ කොට පසෙකින් තිබ්බා. එතැන් පටන් එය මට පරිහරණය කරන්නට සිතෙන්නේ නෑ. මහා ගෞරවයක් ඇතිවෙනවා. ආර්යයන් වහන්සේ නමක් අතින් ස්පර්ශ කරපු දෙයක් ආර්යයන් වහන්සේලා කෙරෙහි මේ සා ආදර ගෞරව දක්වන මා කොහොමද පරිහරණය කරන්නේ? ඉතින් ස්වාමීනී, මං එය විකුණන්නට සල්පිලට ගෙනිච්චා. එය ගන්නට කිසිවෙක් නෑ. එය මම ම මිලට ගත්තා. එ් මුදල් මේ ගැල්වල පටවාගෙන ආවා. ස්වාමීනී, මං මෙයට මොකද කරන්නේ?”
“එහෙම නම් පින්වත් විශාඛා, නැගෙනහිර දොරටුවේ සංඝයාට වාසය කිරීම පිණිස විහාරයක් තනවන්න.”
ඉතින් විශාඛා ඉතාම සතුටින් යුතුව කෝටි නවයක් වියදම් කොට භූමිය මිලට ගත්තා. කෝටි නවයක් වියදම් කොට යට මහලේ කාමර පන්සියයකින් යුතුව, උඩු මහලේ කාමර පන්සියයකින් යුතුව කුටි දහසක විහාරයක් කෙරෙව්වා. නව කෝටියක් වියදම් කොට උත්සවාකාරයෙන් එය බුදුරජාණන් වහන්සේ ප‍්‍රමුඛ සංඝයාට අතපැන් වත්කොට පූජා කළා.
එය පූජා කළ දවසේ ඇය පුදුමාකාර සතුටකට පත්වුණා. සතර මාසයක් මුළුල්ලේ බුදුරජාණන් වහන්සේ ප‍්‍රමුඛ භික්ෂුසංඝයාට දන්පැන් පූජා කළා. අවසාන දවසේ දසදහස් ගණන් භික්ෂූන් වහන්සේලාට තුන්සිවුරු පූජා කළා. මේ ආකාරයට විසිහත් කෝටියක් වියදම් කරවමින් පූර්වාරාම මහා විහාරය බුද්ධශාසනයට පූජා කළා. ඇය එදා මහා සතුටට පත්වෙලා දූ දරුවන්, යහළු යෙහෙළියන් පිරිවරාගෙන මිහිරි ගී ගය ගයා පූර්වාරාමය වටේ ඇවිද ඇවිද ගියා.
ඉතාමත් මිහිරි හඬින් ඇය මෙලෙසින් ගායනා කරමින් පූර්වාරාමය වටේ ඇවිදින විට භික්ෂූන් වහන්සේලා එ් ගැන බුදුරජාණන් වහන්සේට දැනුම් දුන්නා.
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, විශාඛා මහෝපාසිකාව ඉතාම නිශ්ශබ්දව කටයුතු කළ කෙනෙක්. මහ හඬින් කතා කළේ නැහැ. සියලු දෙනාටම ආදර්ශවත් වුණා. එහෙත් ස්වාමීනී, අද ඇයගේ වෙනසක් පේනවා. කිසිම අමුත්තක් නැතුව මහ හඬින් ගීත ගයමින් ප‍්‍රාසාදය වටා ඇවිදිනවා. සාර මාසයක් මුළුල්ලේ වෙහෙස මහන්සි වී දන්දීම නිසා පිත කිපුණා වත්ද? සෑහෙන්න නිදිවැරීම නිසා උමතු වුණා වත්ද?”
“පින්වත් මහණෙනි, විශාඛාව ගී ගයන්නේ ඇයගේ සසරේ පැතුමක් ඉටුවීම නිසයි. ඇය ඔය ගායනා කරන්නේ උදාන ගී” යයි වදාළ බුදුරජාණන් වහන්සේ යළි මේ ගාථා රත්නය මිහිරි හඬින් වදාළා.

 මල් මාලා ගොතන කෙනෙක් හැම තිස්සේම කල්පනා කරන්නේ ලස්සන මල් එකතු කිරීම ගැනයි. එයා යන යන තැන සොයා බලන්නේ ලස්සන මල් තියෙන්නේ කොහේද කියලයි. එ් එ් තැනට ගිහින් මල් නෙලා ගන්නවා. හොඳින් පරිස්සම් කරගන්නවා. ඉතාම අලංකාර ලෙස මල් මාලයට අමුණා ගන්නවා.
බුදුරජාණන් වහන්සේ වදාළේ එ් විදිහට අපිත් කටයුතු කළ යුතු බවයි. පින ළඟට එනකම් බලාගෙන සිටීම නුවණක්කාර වැඩක් නොවෙයි. පිනට ආසා කෙනා පින සොයාගෙන යන්නට ඕන. විශාඛාව පූර්වාරාමය පූජා කරන දවසේ විශාඛාවගේ යෙහෙළියකට සංඝයා උදෙසා ලක්ෂයක් අගනා වස්ත‍්‍රයක් පූජා කරන්නට ඕන වුණා. ඇය එය එළන්නට සුදුසු තැනක් මුළු පූර්වාරාමයේම ඇවිද ඇවිද සෙව්වත් සොයන්නට බැරිව ගියා. ඇයට ලොකු දුකක් ඇති වුණා. අන්තිමේදී පසෙකට වී හඬ හඬා සිටියා. ඇයගේ හැඬුම අසා ආනන්ද ස්වාමීන් වහන්සේ එතනට වැඩියා.
“පින්වත් දියණිය, හඬන්නේ ඇයි?”
“අනේ ස්වාමීනී, මට මේ පිනට සහභාගී වෙන්නට ලොකු ආසාවක් තිබුණා. එ් නිසයි මේ ලක්ෂයක් අගනා වස්ත‍්‍රය අරගෙන ආවේ. මෙය අතුරන්නට තැනක් සොයනවා සොයනවා. සොයා ගන්නට නැහැ.”
ආනන්ද ස්වාමීන් වහන්සේ ටිකක් වෙලා කල්පනා කළා. එයට සුදුසු තැනක් මතක් වුණා.
“පින්වත් දියණිය, දුක් වෙන්න එපා. මං ඔබට තැනක් කියන්නම්. අර පඩිපෙළ මුල පේනවාද? අන්න එතන තියෙනවා සංඝයා පා දෝවනය කරන තැන. සංඝයා පා දොවා අවසන් වූ ගමන් පා පිස්නාවක් හැටියට ඔබ එතන මෙය එළන්න. එය ඔබට මහත්ඵල ලබා දේවි.”
ඉතින් ඇය ලක්ෂයක් අගනා ඇතිරිල්ල සංඝයා හට පා පිස්නාවක් කොට පූජා කළා.
මේ අයුරින් පින් කරනා කෙනා කවුරු මොනවා කිව්වත් තමන්ගේ පුණ්‍ය කටයුතු කඩාකප්පල් කරගන්නේ නෑ. දිගටම කරගෙන යනවා. ඔබත් දක්ෂ මල්කාරයෙක් මල් රාශියක් නෙලා ගෙන ලස්සන මල් මාලා ගොතනවා වගේ සෑම විටම පින් කිරීමට මහන්සි වෙන්න.


Those Born Into This World Must Acquire Much Merit

As from a mass of flowers
many a garland may be made,
so by one born mortal
should many good deeds be done.
Explanation: The deft maker of garlands takes a variety of flowers. Out of these he creates garlands of different strands and variegated arrangements. In the same way, those who are born into this world should, out of their lives, create good, wholesome, meritorious actions of a vast variety.




The Story of Visakha
While residing at the Pubbarama monastery in Savatthi, the Buddha uttered Verse (53) of this book, with reference to Visakha, the famous donor of the Pubbarama monastery.
Visakha was the daughter of a rich man of Bhaddiya, named Danancaya, and his wife Sumanadevi, and the granddaughter of Mendaka, one of the five extremely wealthy men of King Bimbisara's dominions. When Visakha was seven years old, the Buddha came on a tour to Bhaddiya. On that occasion, the rich man Mendaka took Visakha and her five hundred companions with him to pay homage to the Buddha. After hearing the discourse given by the Buddha, Visakha, her grandfather and all her five hundred companions attained Sotapatti Fruition.
When Visakha came of age, she married Punnavadahana, son of Migara, a fairly rich man from Savatthi. One day, while Migara was having his meal, a bhikkhu stopped for alms at his house; but Migara completely ignored the bhikkhu. Visakha, seeing this, said to the bhikkhu, "I am sorry, your reverence, my father-in-law only eats leftovers." On hearing this, Migara flew into a rage and told her to leave his house. But Visakha said she was not going away, and that she would send for the eight elderly rich men who were sent by her father to accompany her and to advise her. It was for them to decide whether she was guilty or not. When the elders came, Migara said to them, "While I was having my rice-with-milk in a golden bowl, Visakha said that I was taking only dirt and filth. For this offence, I'm sending her away." Thereupon, Visakha explained as follows: "When I saw my father-in-law completely ignoring the bhikkhu standing for alms-food, I thought to myself that my father-in-law was not doing any meritorious deed in this existence. he was only eating the fruits of his past good deeds. So, I said, 'My father-in-law only eats leftovers.' Now Sirs, what do you think, am I guilty?" The elders decided that Visakha was not guilty. Visakha then said that she was one who had absolute and unshakable faith in the Teaching of the Buddha and so could not stay where the bhikkhus were not welcome; and also, that if she was not given permission to invite the bhikkhus to the house to offer alms-food and make other offerings, she would leave the house. So permission was granted to her to invite the Buddha and his bhikkhus to the house.
The next day, the Buddha and his disciples were invited to the house of Visakha. When alms-food was about to be offered, she sent word to her father-in-law to join her in offering food; but he did not come. When the meal was over, again she sent a message, this time requesting her father-in-law to join her in hearing the discourse that would soon be given by the Buddha. Her father-in-law felt that he should not refuse for a second time. But his ascetic teachers, the Niganthas, would not let him go; however, they conceded that he could listen from behind a curtain. After hearing the Buddha's discourse Migara attained Sotapatti Fruition. He felt very thankful to the Buddha and also to his daughter-in-law. Being so thankful, he declared that henceforth Visakha would be like a mother to him, and Visakha came to be known as Migaramata.
Visakha gave birth to ten sons and ten daughters, and ten sons and ten daughters each were born to everyone of her children and grand-children. Visakha possessed an immensely valuable gem-encrusted cloak given by her father as a wedding present. One day, Visakha went to the Jetavana monastery with her entourage. On arrival at the monastery, she found that her bejeweled cloak was too heavy. So, she took it off, wrapped it up in her shawl, and gave it to the maid to hold it and take care of it. The maid absentmindedly left it at the monastery. It was the custom for the Venerable Ananda to look after the things left by any one of the lay disciples. Visakha sent the maid back to the monastery saying, "Go and look for the bejeweled cloak, but if the Venerable Ananda had already found it and kept it in a place do not bring it back; I donate the bejeweled cloak to the Venerable Ananda." But the Venerable Ananda did not accept her donation. So Visakha decided to sell the bejeweled cloak and donate the sale proceeds. But there was no one who could afford to buy that bejeweled cloak. So Visakha bought it back for nine crores and one lakh. With this money, she built a monastery on the eastern side of the city; this monastery came to be known as Pubbarama.
After the libation ceremony she called all her family to her and on that night she told them that all her wishes had been fulfilled and that she had nothing more to desire. Then reciting five verses of exultation she went round and round the monastery. Some bhikkhus hearing her, thought she was singing and reported to the Buddha that Visakha was not like before, and that she was going round and round the monastery, singing. "Could it be that she had gone off her head?" they asked the Buddha. To this question, the Buddha replied, "Today, Visakha had all her wishes of the past and present existences fulfilled and on account of that sense of achievement, she was feeling elated and contented; Visakha was just reciting some verses of exultation; she certainly had not gone off her head. Visakha, throughout her previous existences, had always been a generous donor and an ardent promoter of the Doctrine of successive Buddhas. She was most strongly inclined to do good deeds and had done much good in her previous existences, just as an expert florist makes many garlands from a collection of flowers."  






ඔබ දන්නවා ඇති අපේ බුදුරජාණන් වහන්සේට නිරන්තරයෙන් උපස්ථාන කරන පින්වත් ස්වාමීන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ තමයි ආනන්ද නමින් හඳුන්වන්නේ. එ් ආනන්ද ස්වාමීන් වහන්සේ ඉතාමත්ම ශ‍්‍රද්ධාවෙනුයි බුදුරජාණන් වහන්සේට ඇප උපස්ථාන කළේ.
දිනක් ආනන්ද ස්වාමීන් වහන්සේ සවස් වරුවේ භාවනා කරමින් සිටින විට මෙවැනි සිතුවිල්ලක් ඇතිවුණා.
‘අපගේ ස්වාමී වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සුවඳ වර්ග තුනක් ගැන අපට වදාළා. එ් තමයි මුල් වලින් හමන සුවඳ, අරටුවෙන් හමන සුවඳ, එ් වගේම මල් සුවඳ. ඇත්තෙන්ම මේ සුවඳ හමන්නේ යටි සුළඟේ විතරයි. උඩු සුළඟට හමන්නේ නෑ. ඉතාමත් ඈතට විහිද යන්නෙ නෑ. නමුත් අපි නොදන්නා ඈතට විහිද යන සුවඳ වර්ග ගැන බුදුරජාණන් වහන්සේ දන්නවා ඇති. එ් ගැන මං දැනගන්න කැමතියි’ කියා කල්පනා කළා.

ඉතින් බුදුරජාණන් වහන්සේ බැහැදැක ආදරයෙන් වන්දනා කළ
 ආනන්ද ස්වාමීන් වහන්සේ ‘ඈත එපිට දක්වා විහිද යන සුවඳ කුමක්ද?’ 
කියා අසා සිටියා. එවේලෙහි බුදුරජාණන් වහන්සේ ඈතට විහිද යන්නේ
 කවර සුවඳක්ද යන වග මේ අයුරින් පහදා දුන්නා.
“පින්වත් ආනන්ද, එක්තරා සුවඳක් තියෙනවා. එ් සුවඳ උඩු සුළඟටත්
 හමනවා. යටි සුළඟටත් හමනවා. හැම දිශාවටත් හමනවා. එය හොඳම 
හොඳ සුවඳක්.”
“ස්වාමීනී, එ් සුවඳ කුමක්ද?”
“පින්වත් ආනන්ද, යම් ගමක හෝ ප‍්‍රදේශයක කාන්තාවක් හෝ 
පුරුෂයෙක් හෝ බුදුරජාණන් වහන්සේව සරණ ගියොත්, ධර්මය සරණ 
ගියොත්, ආර්ය සංඝයා සරණ ගියොත්, එ් වගේම එ් තැනැත්තිය හෝ
තැනැත්තා සතුන්මැරීමෙන් වැළකී සිටිනවා නම්, සොරකමින් වැළකී 
සිටිනවා නම්, වැරදි කාම සේවනයෙන් වැළකී සිටිනවා නම්,
බොරු කීමෙන් වැළකී සිටිනවා නම්, මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් 
වැළකී සිටිනවා නම්, එ් වගේම සිල්වත් නම්, යහපත් ගුණධර්මයන් 
ගෙන් යුක්ත නම්, ලෝභ නැත්නම්, නිතර දන්පැන් පුදනවා නම්, 
අන් අයට උදව්පදව් කරනවා නම් එ් කෙනා ගැන ශ‍්‍රමණ බ‍්‍රාහ්මණවරු
 මෙහෙම කතා කරනවා. 
‘එම්බා පින්වත්නි, දන්නවාද? අසවල් ගමේ, අසවල් ප‍්‍රදේශයේ ස්ත‍්‍රියක්
 ඉන්නවා. පුරුෂයෙක් ඉන්නවා. මේ විදිහටයි තෙරුවන් සරණ ගිහින්
 ඉන්නේ. මේ විදිහටයි සිල් රකින්නේ. මේ විදිහටයි දන් දෙන්නේ’ 
කියල ගුණ කියනවා.
එපමණක් නොවෙයි, දෙවියනුත් ඔවුන්ගේ ගුණ කියනවා. ඉතින් 
පින්වත් ආනන්ද, උඩු සුළඟටත් හමනා, යටි සුළඟටත් හමනා, 
හැම දිශාවටත් හමනා, හොඳම හොඳ සුවඳ නම් එයයි.”
මෙය වදාළ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නය වදාළා.
න පුප්ඵගන්ධෝ පටිවාතමේති
න චන්දනං තගරමල්ලිකා වා
සතඤ්ච ගන්ධෝ පටිවාතමේති
සබ්බා දිසා සප්පුරිසෝ පවාති
නැත මල් සුවඳ උඩු සුළෙඟහි ගැවසෙන්නේ
තුවරලා සඳුන් හර නැත දුරට විහිදෙන්නේ
තිසරණ සිල් ගුණැති යහපත් මිනිසුන්නේ
ගතිගුණ ලොවෙහි පැතිරෙයි
මිහිරි සුවඳක් විලසින්නේ
චන්දනං තගරං වාපි – උප්පලං අථ වස්සිකී
එ්තේසං ගන්ධජාතානං – සීලගන්ධෝ අනුත්තරෝ
සඳුන් තුවරල සමන් මහනෙල් – සුවඳ විහිදෙන නමුත් සුළෙඟහි
පරදවා එ් සුවඳ මනකල් – උතුම් සිල් සුවඳ හමයි හැම කල්

Fragrance of Virtue Spreads Everywhere

The fragrance of flowers drifts with the wind
as sandalwood, jasmine of lavender.
The fragrance of virtue o’ersweeps the wind,
all pervasive is virtue of the good.
Explanation: The world knows, many a sweet smelling flower and fragrant object. But, the fragrance of these moves only leeward. None of these, however strong their fragrance may be, spread their sweet smell against the wind. But, in contrast, the sweet smell of virtue of a spiritually evolved individual spreads in all directions and is universally experienced.



The Story of the Question Raised by the Venerable Ananda
While residing at the Jetavana monastery, the Buddha uttered Verses (54) and (55) of this book, with reference to a question raised by the Venerable Ananda.
While the Venerable Ananda was sitting by himself one evening, the problem relating to scents and perfumes came to his mind and he pondered: "The scent of wood, the scent of flowers, and the scent of roots all spread with the current of wind but not against it. Is there no scent which would spread with the current of wind as well as against it? Is there no scent which would pervade every part of the world?" Without answering the question himself, the Venerable Ananda approached the Buddha and solicited an answer from him. The Buddha said, "Ananda, supposing, there is one who takes refuge in the Three Gems (the Buddha, the Dhamma, the Samgha), who observes the five moral precepts, who is generous and not avaricious; such a man is truly virtuous and truly worthy of praise. The reputation of that virtuous one would spread far and wide, and bhikkhus, brahmins and laymen all alike would speak in praise of him, wherever he lives."



Friday, January 26, 2018

මේ සටහන දහම් පාසැල් දරුවන් උදෙසායි.

බෞද්ධ ස්තූපයක කොටස් --

බෞද්ධ ස්තූපයක කොටස්.JPG

  1. චූඩා මාණික්‍යය
  2. කොත
  3. කොත් කැරැල්ල
  4. හතරැස් කොටුව සහ ඊට ඉහළින් දේවතා කොටුව
  5. ගර්භය
  6. වාහල්කඩ
  7. පේසා වළලු
  8. සලපතල මළුව
  9. වැලි මළුව
  10. සඳකඩ පහන



දැනට ලංකාවේ දක්නට ලැබෙන චෛත්‍ය වර්ග-
   
අද වන විට බෞද්ධ ස්තූපය ක්‍රමක්‍රමයෙන් විකාශනයවී විවිධ හැඩ සහ ආකෘති වලින් ස්තූප ගොඩනැගෙන්නට විය. ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති ක්‍රි:ව:07 වන සියවසට අයත් මංජු ශ්‍රී වාස්තු විද්‍යා ශ්‍රාස්ත්‍රය‍ට අනුව ස්තූප වර්ග ප්‍රධාන වශයෙන් පහක් දක්නට ලැබේ. එහෙත් ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාව තුළ පහත ස්තූප වර්ග දක්නට ලැබේ.

01.ධාන්‍යාකාර


 


 අභයගිරිය ස්තූපය.
වී ගොඩක හැඩයට තනන ලද ස්තූප මේ නමින් හඳුන්වනු ලැබේ.

උදා:- කැලණි ස්තූපය.
අභයගිරිය ස්තූපය. ජේතවනාරාම ස්තූපය.
පොළොන්නරුව දෙමළ මහා සෑය



02.පද්මාකාර



නෙළුම් මලක හැඩයට තනන ලද ස්තූප මේ නමින් හඳුන්වනු ලැබේ.
උදා:-කොට වෙහෙර ධාතු ගර්භයෙන් හමුවූ චෛත්‍යය.
පොළොන්නරුව දෙමළ මහා සෑය.

03.ඝණ්ටාකාර



 


 ථූපාරාමය
ඝණ්ටාරයක හැඩයට තනන ලද ස්තූප මේ නමින්හඳුන්වනු ලැබේ. ආසියාව තුළ මේ හැඩයට තනන ස්තූප බෙහෙව්න් ජනප්‍රියතත්‍වයට පත්ව ඇත.

උදා:-11 සියවසට අයත් මහියංගණය ස්තූපය. අනුරාධපුර ථූපාරාම ස්තූපය.


04.බුබ්බුලාකාර






 රුවන්මැලි මහාසෑය
දිය බුබුළක හැඩයට තනන ලද ස්තූප මේ නමින් හඳුන්වනු ලැබේ.

උදා:-ක්‍රි:පූ:2වන සියවසට අයත්රුවන්මැලි මහාසෑය. පොලොන්නරුව කිරිවෙහෙර ස්තූපය. රන්කොත් වෙහෙර.



05.ඝඨාකාර





කළයක හැඩයට තනන ලද ස්තූප මේ නමින් හඳුන්වනු ලැබේ.මේ ආකාරයේ චෛත්‍ය හැඩය තිබ්බතයේ බෙහෙවින් ජනප්‍රිය ය.
උදා:-තිස්සමහාරාමයෙන් මේ ආකාරයේ ධාතු කරඬුවක් හමුවී ඇත. සිතුල්පව්ව ස්තූපය. සෝමාවතිය ස්තූපය. මඟුල්මහාවිහාරය.



06.ආම්ලාකාර






නෙල්ලි ගෙඩියක හැඩය ගන්නා ස්තූප මේ ඝණයට අයත් වේ.
උදා:-දැදිගම කොට වෙහෙරින් හමුවූ ස්තූපය.


මීට අමතරව ශ්‍රී ලංකාව තුළ පහත ස්තූප වර්ගද දක්නට ලැබේ.



07.අණ්ඩාකාර:-


බිත්තරයක හැඩයට තනන ලද ස්තූප මේ නමින් හඳුන්වනු ලැබේ.
උදා:-රුවන්මැලි සෑයෙන් මෙවැනි ස්තූපයක් හමුවී ඇත.




08.පලාජස්ඩවාකාර :-





ළූණු ගෙඩියක හැඩයට තනන ලද ස්තූප මේ නමින් හඳුන්වනු ලැබේ.
උදා:- නැදිගමපල ස්තූපය.



09.චතුරස්‍රාකාර





සමස්ථ ඉදිකිරීම චතුරස්‍රාකාරව/හතරැස්ව ගොඩනැගීම මෙ‍ම චෛත්‍ය වල විශේෂතත්‍වයයි.
උදා:-බුරුමය ස්වේදගොන් පැගෝඩා.(බෞද්ධ රටවල මෙම ස්තූප පැගෝඩා නමින් හඳුන්වයි.) අනුරාධපුර නකා වෙහෙර.




10.සිලින්ඩරාකාර:-



සිලින්ඩරයක හැඩයට සමස්ථ ස්තූපයම ගොඩනැගීම මෙ‍ම චෛත්‍ය වල විශේෂතත්‍වයයි.
උදා:- අම්පාර දිස්ත්‍රික්කයේ කුඩුම්බිගලින් මේ ආකාරයේ ස්තූපයක් හමුවූ බව විමල් ජයරත්න මහතාගේ මතයයි. ඉන්දියාවේ කුසිනාරා නුවර සම්බුද්ධපරිනිර්වාණය සිදුවූ ස්ථාන‍යේමේ ආකාරයේ චෛත්‍යයක් දක්නටලැබේ.

11.අෂ්ඨාකාර



Monday, January 1, 2018

ථේරි ගාථා 49





උබ්බිරී තෙරණිය ගේ ගාථා.

උබ්බිරී දැන් ඔයා හඬ හඬා ඉන්නව මේ වනයට ඇවිදින් "මගෙ දුවේ ජීව" කිය කියා. ඔයා දන්නවද ? අසූහාර දාහක් ජනතාව මේ සොහොනේ පුච්චලා තියෙනවා. ඒ ඔක්කෝටම තිබුනේ "ජීව" කියන නම තමයි. ඉතින් ඔයා හඬන්නේ ඒ ගොල්ලන් ගෙන් කවුරු ගැන ද? 

එතකොටම මගේ හදවතේ වේදනා ගෙනත් දීපු කාටවත් නොපෙනෙන දරු දුක නම් වූ යම් ශෝක හුලක් තිබුණ ද ඒ ශෝක හුල මං ඉවත් කර ගත්ත. 
අද මං ඉන්නෙ ඒ ශෝක හුල උදුරල දාල. තෘෂ්ණාව නැති කරල දාල නිවිල ගිහින්. බුදු සමිඳුන් වත්, සද්ධර්මයත්, ආර්ය සඟරුවනත් මං සරණ කර ගත්ත.

මේ වනාහී උබ්බිරී නම් රහත් තෙරණිය වදාළ ගාථාවන්ය.

ධම්මපදය – පුප්ඵ වර්ගය 8 - 9

 Siddhartha Gautama Buddha visited Sri Lanka thrice, first to Mahiyangana in the 9th month of His Enlightenment, the second to Nagadipa in the North, the third and last visit to Kelaniya in the eighth year of His Enlightenment.
The important significance of Duruthu Pura Paslosvaka Poya Day, marks Buddhas first visit to Sri Lanka. 
The Buddhist believed after the passing away of Buddha, Arahat Sarabhu Maha Thera, brought the collar bone relic of Gautama Buddha and deposited in the Mahiyangana stupa. This event also took place on a Duruthu Full Moon Poya Day. Therefore, on the Duruthu Purapaslosvaka Poya day, thousands and thousands flock to the Buddhist Temples to pay their gratitude and homage to the Triple Gem. As this is the first Purapaslosvaka Poya Day of the year 2018, the temples of Sri Lanka, will be filled to the rafters.
The Sri Lankan Buddhists consider 16 (sixteen) important places of worship. Many devotees recite a popular stanza. It starts with Mahiyangana Chetiya. It shows the importance of Mahiyangana Chetiya.







51 යථාපි රුචිරං පුප්ඵං – වණ්ණවන්තං අගන්ධකං
එ්වං සුභාසිතා වාචා – අඵලා හෝති අකුබ්බතෝ
සිත්කළු ලස්සන මලක් තිබෙන්නේ – එහෙත් සුවඳ මල් පැණි නොතිබෙන්නේ
එලෙසින් බුදුබණ ගැන පවසන්නේ – නොහැසිරෙනා විට ඵලක් නොවන්නේ


52 යථාපි රුචිරං පුප්ඵං – වණ්ණවන්තං සගන්ධකං
එ්වං සුභාසිතා වාචා – සඵලා හෝති පකුබ්බතෝ
සිත්කළු ලස්සන මලක් තිබෙන්නේ – මල් පැණි බර වී සුවඳ හමන්නේ
එලෙසින් බුදුබණ ගැන පවසන්නේ – හැසිරෙන විටමයි ඵල ලැබදෙන්නේ්


බුදුරජාණන් වහන්සේගේ කාලයේදීත් ශ‍්‍රද්ධාවෙන් බණ අහපු අය හිටියා. ශ‍්‍රද්ධාවෙන්ම එ් ධර්මය පාඩම් කරගත්තු අයත් හිටියා. එහි අර්ථ මෙනෙහි කළ අයත් හිටියා. එ් වගේම සමහර උදවිය බණ ඇහුවා විතරයි. පාඩම් කරගත්තෙත් නැහැ. අර්ථ මෙනෙහි කළෙත් නැහැ. ඇත්තෙන්ම ධර්මය කියන්නේ අපේ ජීවිතයට සැප ලබාගන්න, මග පෙන්වන දෙයයි. එ් ධර්මය අපි ඉතා ශ‍්‍රද්ධාවෙන්මයි ඇසිය යුත්තේ. ශ‍්‍රද්ධාවෙන්මයි පාඩම් කරගත යුත්තේ. ශ‍්‍රද්ධාවෙන්මයි අර්ථ දැනගත යුත්තේ.
එ් ගැන විස්තර වෙන ලස්සන කතාවක් දැන් ඔබට අසන්නට ලැබෙනවා. සැවැත් නුවර බුදුරජාණන් වහන්සේ වැඩසිටින කාලයේ ඡත්තපාණී නම් පින්වත් උපාසක මහත්මයෙක් සිටියා. මෙතුමා අනාගාමී තත්වයට සිත දියුණු කළ ගිහි ශ‍්‍රාවකයෙක්.
පින්වතුනේ, පින්වත් දරුවනේ, ධර්මය අවබෝධ වීමේ පියවර සතරක් තියෙනවා. පළමුවෙනි පියවරට කියන්නේ සෝතාපන්න වෙනවා කියලයි. දෙවන පියවරට කියන්නේ සකදාගාමී වෙනවා කියලයි. තුන්වන පියවරට කියන්නේ අනාගාමී වෙනවා කියලයි. සතරවෙනි පියවරට කියන්නේ අරහත් වෙනවා කියලයි. එතනින් ධර්ම මාර්ගය සම්පූර්ණයි. අරහත්වයෙන් එහාට කළ යුතු දෙයක් නැහැ.
ගිහි ජීවිතය ගත කරන සැදැහැවත් ශ‍්‍රාවක ශ‍්‍රාවිකාවන් අතරින් සෝතාපන්න වූ බොහෝ දෙනෙක් සිටියා. සෝතාපන්න කියන්නේ කුමක්ද? පින්වතුනේ, පින්වත් දරුවනේ, ‘සෝත’ කියන්නේ සැඩ පහරට කියන නමක්. බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයටත් සෝත කියලා ප‍්‍රකාශ කළා. සැඩපහරක් ඍජුවම මහා සාගරය බලා ගමන් කරනවා වගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයත් ඍජුවම නිවන කරා යොමු වෙනවා. ඉතින් යමෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීම පිණිස පළමුවෙනි මාර්ග අංගය වන සම්මා දිට්ඨිය ඇතිකර ගන්නවාද, එයාට සෝතාපන්න කියලා කියනවා. එ් කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුන කෙනා කියන අර්ථයයි.
සකදාගාමී කියන්නේ එ් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුන කෙනා, එ් කියන්නේ සෝතාපන්න කෙනා තවදුරටත් ධර්මය ප‍්‍රගුණ කිරීමේදී කාම ලෝකයේ එක වතාවක් පමණක් ඉපදී නිවන් දැකීමට සුදුස්සෙක් වෙනවා. සකදාගාමී කියන වචනයේ තේරුම එකවරක් පමණක් කාම ලෝකයට පැමිණෙන තැනැත්තා යන්නයි.
අනාගාමී කියන්නේ කාම ලෝකයට නොඑන තැනැත්තා යන්නයි. අනාගාමී කෙනෙක් උපදින්නේ බ‍්‍රහ්ම ලෝකවලයි. අනාගාමී උතුමන් උපදින බ‍්‍රහ්ම ලෝකවලට කියන්නේ සුද්ධාවාස බ‍්‍රහ්ම ලෝක කියලයි. එ් උතුමන් නැවත වෙන ලෝකයක උපදින්නේ නැහැ. සුද්ධාවාස බඹ ලොවදීම පිරිනිවන් පානවා. අරහත් කියන්නේ කිසිම ලෝකයක උපදින්නේ නැහැ. මේ ජීවිතයේදීම පිරිනිවන් පානවා.
මේ ඡත්තපාණී උපාසකතුමා අනාගාමී තත්වයට පත්වෙලයි හිටියේ. මෙතුමා ඉතා හොඳින් ධර්මය ඉගෙන ගත් කෙනෙක්. බණ භාවනා කළ කෙනෙක්. එ් වගේම සැදැහැවතුන් අතර ආදර ගෞරවයට පාත‍්‍ර වූ කෙනෙක්.
එදා පොහොය දවසක්. ඡත්තපාණී උපාසකතුමා උපෝසථ සිල් සමාදන් වෙලා බුදුරජාණන් වහන්සේ බැහැදකින්නට ගියා. ගිහින් බුදුරජාණන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුණා. එවේලෙහි බුදුරජාණන් වහන්සේ එ් ඡත්තපාණී උපාසකතුමා සමඟ දහම් කථාවෙහි යෙදුණා. එ් අතර වාරයේදී කොසොල් රජතුමාත් එතනට පැමිණුනා. එතකොට ඡත්තපාණී උපාසකතුමාට මෙහෙම හිතුණා.
‘දැන් කොසොල් රජතුමා පැමිණුනා. සාමාන්‍යයෙන් අපගේ රජ්ජුරුවන් වහන්සේ පැමිණෙද්දී අප සියලු දෙනාම නැගිට්ට යුතුයි. නමුත් මා දැන් වාඩි වී සිටින්නේ තුන් ලෝකයට අග‍්‍ර රාජ වූ, දෙවි මිනිසුන්ගේ ශාස්තෘ වූ, ධර්ම රාජයන් වහන්සේ ඉදිරියේයි. ඉතින් මං දැන් නැගිට්ටොත් එ් ධර්මරාජයන් වහන්සේට අගෞරවයක් කළා වෙනවා. රජතුමා මං ගැන කිපී මට මොනවා කළත් කමක් නැහැ. මං මේ විදිහටම ඉන්නවා’ කියල කල්පනා කොට එ් විදිහටම සිටියා. තමන් පැමිණෙද්දී නොනැගිටින මේ අහංකාර පුද්ගලයා කවුද? මොහු තමන් ගැන සිතාගෙන සිටින්නේ කොයි ආකාරයෙන්ද? මගේ යටත්විජිතයේ යටත්වැසියෙක් නොවෙයිද? ආදී සිතුවිලි සිතමින් කොසොල් රජතුමා මොහු දෙස බලනවා. බුදුරජාණන් වහන්සේ දෙස බලනවා. හැබැයි කටින් කිසිවක් කිව්වේ නැහැ. නමුත් ඡත්තපාණී උපාසකතුමාගේ හැසිරීම ගැන රජතුමා කිපුණු බව බුදුරජාණන් වහන්සේ දිවැසින් දැක වදාළා.

“පින්වත් මහරජ, ඔබතුමා සමහර විට මේ උපාසකතුමා ගැන නොදන්නවා ඇති. මේ උපාසක උදේ වරුවේ පමණක් දන් වළඳන කෙනෙක්. මිල මුදල් පරිහරණයෙන් වැළකුණු කෙනෙක්. බ‍්‍රහ්මචාරී කෙනෙක්. සමාහිත සිත් ඇති කෙනෙක්. ඉතාම සිල්වත් කෙනෙක්. මේ උපාසකතුමා ඉතා වටිනා ගුණධර්මයන්ගෙන් සමන්විතයි. මෙවැනි උපාසක කෙනෙක් හඳුනාගෙන සිටීමත් ප‍්‍රයෝජනයි.”
බුදුරජාණන් වහන්සේගේ මෙම ප‍්‍රකාශය සමඟ කොසොල් රජතුමාගේ සිත මෘදු වුණා. තරහ ගතිය නැතිවුණා. කොසොල් රජතුමාත්, ඡත්තපාණී උපාසක සමඟ සතුටින් කතාබස් කළා.
දිනක් ඡත්තපාණී උපාසකතුමා රජමාළිගයේ මිදුලේ ගමන් කරමින් සිටියා. එවේලෙහි ඔහු සෙරෙප්පු දෙකක් දාගෙන සිටියා. කුඩයක් ඉහලාගෙන සිටියා. කොසොල් රජතුමා සඳළුතලයට ඇවිදින් පහළ බලද්දී ඡත්තපාණී උපාසකතුමා රජමිදුල හරහට ගමන් කරමින් සිටියා. ඡත්තපාණී උපාසකතුමාත් රජතුමාව දැක්කා. දැකලා කුඩය හැකිළුවා. සෙරෙප්පු දෙක ගැලෙව්වා. රජතුමාට වන්දනා කළා. ස්වල්ප වෙලාවකින් රාජපුරුෂයෙක් ඡත්තපාණී උපාසකතුමා ළඟට පැමිණුනා. රජතුමා තමන්ව මාළිගයට කැඳවන බව දැනුම් දුන්නා. මාළිගයට පිවිසුණු ඡත්තපාණී උපාසකතුමා රජතුමාට වන්දනා කොට එකත්පස් ව සිටගත්තා.
“එම්බා උපාසකය, එදා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මා එන බව දැන දැනත් නොනැගිට සිටියේ මක් නිසාද?”
“පින්වත් දේවයන් වහන්ස, කමා කරන සේක්වා! එදා මා ඔබවහන්සේ සැපත් වෙද්දී නොනැගිට සිටියේ අර්ථයක් ඇතුවයි. ඔබවහන්සේ අධිපතිබව දරන්නේ මේ කෝසල රාජ්‍යයට පමණයි. නමුත් අපගේ බුදුරජාණන් වහන්සේ සමස්ත පෘථිවියටත්, සියලු කාම, රූප, අරූප යන ලෝකයන්ටත් අධිපතිබව දරනවා. දෙවියන්ට හා මිනිසුන්ට ශාස්තෘත්වය දරනවා. උන්වහන්සේ ධර්මරාජයන් වහන්සේ. උන්වහන්සේගේ ධර්ම රාජ්‍යය දෙවි මිනිස් ලෝකය පුරා පැතිරගොස් තිබෙනවා. ඉතින් මා සිතුවේ ඔබවහන්සේ සැපත් වෙද්දී මා නැගිට සිටියොත් එය ධර්මරාජයන් වහන්සේට මදිපුංචි කමක් වේය කියලයි. එසේ නැතුව ඔබවහන්සේට අගෞරව කිරීමේ අදහසක් මට කිසිසේත්ම තිබුණේ නෑ. එ් හේතුවෙන් ඔබවහන්සේගේ සිතට යම් අපහසුවක් ඇතිවුණේ නම් මට කමා කළ මැනව.”
මේ ප‍්‍රකාශයෙන් රජතුමා බොහොම පැහැදුණා. පැහැදිලා මෙහෙම කියනවා.
“එම්බා උපාසක, බොහොම හොඳයි. කල්පනා කරපු විදිහ හරි. එහෙම නම් මං දැන් තමුන්ට වැඩක් පවරනවා. මාගේ අන්තඃපුරයේ සිටින බිසවුන් වහන්සේලාට බණ කියන්නට කෙනෙක් සොය සොයා මං හිටියේ. දැන් සුදුස්සා මුණ ගැසුනා. එහෙම නම් ඔබ එ් අන්තඃපුර බිසවුන්ට බණ කියන්නට ඕන.”
“අනේ දේවයන් වහන්ස, මට කමා කළ මැනව. අන්තඃපුරය යනු ගිහි උදවිය හැසිරිය යුතු තැනක් නොවෙයි. එ් නිසා බොහෝ අරමුණු ඇති අන්තඃපුරය වැනි තැනකට, වඩාත්ම සුදුසු වන්නේ ඉන්ද්‍රිය දමනය බලවත්ව පවත්නා ස්වාමීන් වහන්සේ නමක් වැඩමවාගෙන ධර්ම දේශනා කරවීමයි. එ් අදහස ඔබවහන්සේ සලකා බලත්වා!”
“එ්කත් බොහොම හොඳයි” කියා පිළිතුරු දුන් කොසොල් රජතුමා එම කාරණය බුදුරජාණන් වහන්සේට දැනුම් දුන්නා. බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට එම වගකීම බාර දුන්නා. 
දිනක් බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් අමතා වදාළා.
”පින්වත් ආනන්දය, උපාසිකාවන් හොඳින් ධර්මය ඉගෙන ගන්නවාද?”
“ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මල්ලිකා දේවිය ඉතාමත් හොඳින් ධර්මය ඉගෙන ගන්නවා. ඉතාමත් හොඳින් සජ්ඣායනා කරනවා. ඉතාමත් හොඳින් ධර්මයේ අර්ථ කියනවා. නමුත් ඔබවහන්සේගේ ඤාති දියණියක් වන වාසභඛත්තියා බිසවුන් වහන්සේ ධර්මය ඉගෙන ගන්නට කිසි උනන්දුවක් නැහැ. ඇය උත්සාහයකින් සජ්ඣායනා කරන්නේ නැහැ. ධර්මයෙහි අර්ථ කියන්නෙත් නැහැ.”
“පින්වත් ආනන්දය, මා විසින් පවසන ලද්දා වූ ධර්මය ශ‍්‍රද්ධාවෙන් ශ‍්‍රවණය කරන්නේ නැත්නම්, ශ‍්‍රද්ධාවෙන් ග‍්‍රහණය කරගන්නේ නැත්නම්, ශ‍්‍රද්ධාවෙන් සජ්ඣායනා කරන්නෙත් නැත්නම්, ශ‍්‍රද්ධාවෙන් දේශනා කරන්නෙත් නැත්නම්, ඉතාමත් ලස්සන මලක් සුවඳ රහිතව තියෙනවා වගෙයි. එ්කෙන් ප‍්‍රයෝජනයක් නැහැ. නමුත් ශ‍්‍රද්ධාව මුල් කරගෙන ධර්මශ‍්‍රවණය, ධර්මධාරණය, සජ්ඣායනය, අර්ථ මෙනෙහි කිරීම, දේශනය සහ හැසිරීම කරනවා නම් ලස්සන වගේම සුවඳිනුත් යුක්ත මලක් වගෙයි.”
මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ ඉතා මිහිරි ස්වරය විහිදුවමින් මෙම ගාථාරත්නයන් වදාළා.

Yathapi ruciram puppham
vannavantam agandhakam
evam subhasita vaca
aphala hoti akubbato.


Just as a beautiful flower, lacking in scent, cannot give the wearer the benefit of its scent, so also, the well-preached words of the Buddha cannot benefit one who does not practise the Dhamma.

Yathapi ruciram puppham
vannavantam sagandhakam
evam subhasita vaca
saphala hoti kubbato.


Just as a flower, beautiful as well as fragrant, will give the wearer the benefit of its scent, so also, the well-preached words of the Buddha will benefit one who practises the Dhamma.

The Story of Chattapani, a Lay Disciple
While residing at the Jetavana monastery, the Buddha uttered Verses (51) and (52) of this book, with reference to the lay disciple Chattapani and the two queens of King Pasenadi of Kosala.
A lay disciple named Chattapani who was an anagami* lived in Savatthi. On one occasion, Chattapani was with the Buddha at the Jetavana monastery respectfully and attentively listening to a religious discourse, when King Pasenadi also came to the Buddha. Chattapani did not stand up because he thought that by standing up, it might mean that he was paying respect to the king, but not paying due respect to the Buddha. The king took that as an insult and was very much offended. The Buddha knew exactly how the king was feeling; so he spoke in praise of Chattapani, who was well-versed in the Dhamma and had also attained the Anagami Fruition. On hearing this, the king was impressed and favourably inclined towards Chattapani.
When the king next met Chattapani he said, "You are so learned; could you please come to the palace and give lessons of the Dhamma to my two queens?" Chattapani declined but he suggested that the king should request the Buddha to assign a bhikkhu for this purpose. So, the king approached the Buddha in connection with this, and the Buddha directed the Venerable Ananda to go regularly to the palace and teach the Dhamma to Queen Mallika and Queen Vasabhakhattiya. After some time, the Buddha asked the Venerable Ananda about the progress of the two queens. The Venerable Ananda answered that although Mallika was learning the Dhamma seriously, Vasabhakhattiya was not paying proper attention. On hearing this the Buddha said that the Dhamma could be of benefit only to those who learn it seriously with due respect and proper attention and then practise diligently what was taught.

Sunday, December 3, 2017

ධම්ම පදය - ඵුප්ප වග්ගය 7

ධම්ම පදය  - ඵුප්ප වග්ගය 7 

න පරේසං විලෝමානි – න පරේසං කතාකතං
අත්තනෝ’ව අවෙක්ඛෙය්‍ය – කතානි අකතානි ච
අනුන්ගෙ නින්දා ගැරහිලි – අනුන් කරපු නොකරපු දේ
සිතමින් අපගේ සිතුවිලි – අවුල් නොකර ගත යුත්තේ
තමන්ගෙ දියුණුව සිතමින් – තමන් කරපු නොකරපු දේ
සිතමින් අපගේ දියුණුව – නිති සලසා ගත යුත්තේ



බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කාලයේ ඉතා අහිංසක පවුලක් වාසය කළා. එ් නිවසේ ඉතාමත් කාරුණික අම්මා කෙනෙක් හිටියා. ඇයට දරුවන් කිහිප දෙනෙක් හිටියා. ඇය දරුවන්ට වගේම එක්තරා මිථ්‍යා දෘෂ්ටික පැවිද්දෙකුට උපස්ථාන කළා. පාවෙය්‍යක ආජීවක නමිනුයි එ් මිථ්‍යා දෘෂ්ටික පැවිද්දාව හඳුන්වන්නේ. මේ අහිංසක අම්මාත්, දරුවනුත් මේ හිස් පුද්ගලයාට උදව් කළේ ශ‍්‍රද්ධාවෙන්මයි. පවුලෙ කෙනෙකුට වගේ සැලකුවා. ආදරයෙන් ඇප උපස්ථාන කළා. පවුලේ හැම කටයුත්තක්ම කිරීමට මොහුගේ ආශිර්වාද ගත්තා. අන්තිමේදී මොහුගෙන් නොඅසා කිසි දෙයක් නොකරන මට්ටමට මේ පවුල පත්වුණා.
මිථ්‍යා දෘෂ්ටික පැවිද්දෙකුගේ ග‍්‍රහණයට හසු වූ මේ පවුලට වටිනා දේවල් කරා යන්නට ලැබුණේ නැහැ. එ් සැවැත් නුවර බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරමින් වැඩසිටි කාලයයි. එ් බණ අසන්නට යන මිනිසුන් සවසට සුවඳ මල්ගෙන සැවැත් නුවර දෙසට යද්දී අර අම්මා පුදුමයෙන් වගේ බලා සිටියා. නමුත් මේ අම්මාට ජේතවනාරාමයට යාමට අර පාවෙය්‍යක නම් වූ ආජීවකයා තහනම් කරලයි තිබුණේ. හැමතිස්සේම බුදුරජාණන් වහන්සේ ගැනත්, ශ‍්‍රාවකයන් ගැනත් මොහු ඉතා අසාධාරණ විදිහට විවේචනය කරමින් සිටියා.
බුදුබණ අසා පැහැදෙන මිනිසුන් ඉතාම සතුටෙන් බුදුගුණ කිය කියා, බුදුරජාණන් වහන්සේගේ අසිරිය කිය කියා එන අයුරු මේ අම්මා ආශාවෙන් බලා සිටියා. ඇයටත් දෙව්රම් වෙහෙරට යන්නට ආශාවක් ඇතිවුණා. ඉතින් ඇය උපස්ථාන කරන ආජීවකයා ළඟට ගියා.
“පින්වත් ආර්යයන් වහන්ස, දෙව්රම් වෙහෙරට යන අය බුදුගුණ කිය කියා ආපසු යන හැටි අසන විට අනේ…. මටත් දෙව්රම් වෙහෙරට යන්නට ආශාවක් ඇති වුණා. ඉතින් මං කල්පනා කළේ බණ අසන්නට යන්නයි. ඔබවහන්සේ එ් ගැන මොකක්ද කියන්නේ?”
“අහෝ…! රත්තරන් මෑණියනි, දෙව්රම පැත්ත පළාතෙ යන්න එපා! එතන ගුරුකම් කරනවා. යන යන අය මුලා කොට රවටා ගන්නවා. තරුණ පිරිස මහණ වෙනවා. එතකොට ජාතිය වඳවෙලා යනවා. එ් නිසා ඔය පැත්ත පළාතට යන්න එපා! භාවනා කරන්න ගිහින් පවුල් අවුල් වෙලා තියෙන්නෙ. එ් නිසා ශ‍්‍රමණ ගෞතමයන්ගේ උපදෙස් ගන්න යන්න එපා!” කියල මේ අසත්පුරුෂයා අර අම්මාගේ ධර්මශ‍්‍රවණයට බාධා කළා. තමන් මේ සා භක්තිමත්, ආජීවක තැන විසින් දෙන උපදෙස් වලට පිටුපාන්නට අම්මා බිය වුණා. එ් නිසා එ් ගමන නැවතුණා.
සැදැහැවතුන්ගේ ජීවිත වලට පින් රැස්වන අයුරු දකිනා විට එ් අම්මාට නැවත නැවතත් ආශාව ඇතිවුණේ දෙව්රම් විහාරයට යන්නටයි. එ් සෑම අවස්ථාවේදීම අම්මා කළේ අර මිථ්‍යා දෘෂ්ටික පැවිද්දාගෙන් අවසර ඉල්ලීමයි. එ් පුද්ගලයා කිසිසේත්ම අවසර දුන්නේ නැහැ. අන්තිමේදී අම්මාට මෙහෙම හිතුණා.
“අනේ පුතේ, අපේ ආර්යයන් වහන්සේ අපි දෙව්රම් විහාරයට යනවාට කැමැති නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් බණ අසනවාට කැමැති නැහැ. මිනිසුන්ට නිවනක් වුවමනා නැහැලු. අනේ පුතේ, මට නම් වුවමනා බුදුබණ අසන්නමයි. මේ නිසා පුතා ගිහින් බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්න අපගේ නිවසට වඩින්න කියලා. මං දානෙ ටිකකුත් සූදානම් කරන්නම්.”
අම්මාගේ වචනය පිළිගත් පුතා කෙළින්ම ගියේ අර මිථ්‍යා දෘෂ්ටික පැවිද්දා ළඟටයි. ගිහින් කාරණාව කියා හිටියා. එ් පැවිද්දාට හොඳටම කේන්ති ගියා.
“එ්යි රත්තරන් දරුවා, නුඹට පිස්සුද? නුඹලාගේ අම්මාට මනස්ගාතයක් වැදිලා. ඔය අලුත් විලාසිතාවට අහුවෙලා ඉන්නෙ. ආපහු ගෙදර පලයන්.”
“අනේ ආර්යයන් වහන්ස, එහෙම කරන්න බැහැ. අම්මා මට බනීවි.”
“නෑ… නෑ… අම්මා බනින්නේ නැහැ. දානෙ හදාපුවාවෙ. මං දානෙට වඩින්නම්. වෙන කවුරුවත් ඕන නැහැ. නුඹ හැරිලා පලයන්.”
“අනේ ආර්යයන් වහන්ස, මට නම් එහෙම කරන්න බැහැ. අම්මා මට කුමක් කරාවිද දන්නෙ නැහැ.”
“රත්තරන් දරුවෝ, එහෙනම් නුඹ මෙහෙම කරපන්. දෙව්රම් වෙහෙරට ගිහින් ශ‍්‍රමණ ගෞතමයන්ට දුර පාරක් කියාපන්. එතකොට දානෙට වඩිද්දී රවුම ගහගෙන එනවිට වෙලාව ගිහින් ඉවරයි. ඊට පස්සේ දානෙ අපට තමයි. හික්…. හික්….”
රත්තරන් දරුවෝ කියපු නිසා මේ දරුවා මේ මිථ්‍යා දෘෂ්ටික පැවිද්දාට හසුවුණා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් ඉතාමත්ම දුර පාරක් කිව්වා. කියල නැවත අර මිථ්‍යා දෘෂ්ටික පැවිද්දා මුණගැසුණා.
“පින්වත් ආර්යයන් වහන්ස, නුඹ වහන්සේ කියූ පරිද්දෙන්ම මං පාර වරදින විදිහට ආරාධනා කළා.”
“මගේ රත්තරන් පුතේ, යසයි! ශ‍්‍රමණ ගෞතමයන්ට පාර වරද්දවන්නමයි තියෙන්නෙ.”
අර පින්වත් අම්මා ඉතාමත් සතුටට පත්වුණා. ගොම ගා ගෙය පිරිසිදු කළා. මල් විසිරෙව්වා. බුදුරජාණන් වහන්සේට වැඩසිටින්නට ගරු සරු ඇතිව ආසනයක් පැණෙව්වා. එදා කාටත් හොරා අර පාවෙය්‍යක ආජීවකයා කුස්සිය පැත්තෙන් ගෙට රිංගුවා. කාමරයට වැදිලා නිශ්ශබ්දව හිටියා. උන්දෑ බලාපොරොත්තු වුණේ කාල වේලා ඉක්මගිය පසු පිසින ලද දානය අනුභව කිරීමටයි.
මහා කාරුණික බුදුරජාණන් වහන්සේව නොමග යවන්නට දෙවියන්, මරුන්, බඹුන් සහිත ලෝකයේ කිසිවෙකුටවත් බැරි බව අර මිථ්‍යා දෘෂ්ටික පැවිද්දා දන්නෙ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ මහත් කරුණාවෙන් යුතුව එ් නිවසට වැඩම කළා. අම්මාට පුදුමාකාර සතුටක්. එ් අම්මා ඉතාමත්ම ශ‍්‍රද්ධාවෙන් දන්පැන් පූජා කළා. දන් වළඳා අවසානයේ බුදුරජාණන් වහන්සේ එ් අම්මාට චතුරාර්ය සත්‍යය ධර්මය දේශනා කරන්නට පටන් ගත්තා. සතුට ඉවසුම් නැති අම්මා, ඉතාම ප‍්‍රීතියෙන් යුක්තව තුන් යලක් “සාදු! සාදු! සාදු!” කියා සාදුකාර දුන්නා. එතකොට කාමරයේ සිටි පාවෙය්‍යක ආජීවකයාට මේ සාදුනාදය ඇසුනා. ඔහුට ඊර්ෂ්‍යාව ඉහිලුම් නැතුව ගියා. “තට… තට…” ගාමින් වෙව්ලන්න පටන් ගත්තා. මැද්දට කඩා පැන්නා.
“එ්යි කාලකණ්ණි ගැහැණිය, තී විනාශ වෙලා පල! තිට දැන්ද සත්කාර කරන්න පැවිද්දන් ඕන වුණේ? තිට සාදුකාර කියවෙන්නේ දැන්ද? නීච ගැහැණිය, තී මගේ බසට පිටුපා මේ ශ‍්‍රමණයාගේ බණ අසා චතුරාර්ය සත්‍යය අවබෝධ කරන්නටද තී හදන්නේ…?” කියා නින්දා අපහාස කොට පලා ගියා.
එ් අම්මාගේ හදවත කඩාගෙන වැටුණා වගෙයි. විශාල කම්පනයක් ඇතිවුණා. අම්මා දෑස වසාගෙන හඬන්න පටන්ගත්තා. අම්මාගේ සිත නොසන්සුන් වුණා. ධර්ම දේශනාවට එකඟ වෙලා තිබුණු සිත වේදනාවෙන් භරිත වුණා. සිහිය යොමුකරගන්නට බැරි වුණා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ අම්මා දිහා ආදරයෙන් බැලුවා.
“පින්වත් උපාසිකාව, ලෝකයේ පවතින ඔය විෂම කතාබහට අපි පැටලෙන්න ඕන නැහැ. අන් අයගේ නින්දා අපහාස ගණන් ගත යුතු නැහැ. එ්වා ගැන අපි සිතන්නට ඕනත් නැහැ. එ්වා නොසලකා හැර අපි තම තමා කළ නොකළ දේ ගැන පමණක් කල්පනා කරමු. දැන් කළ යුතු දේ ධර්මශ‍්‍රවණයයි. එ් ගැන විතරක් දැන් හිතන්න. මේ ධර්ම දේශනාවටම සවන් දෙන්න. මේ ගැනම හිතන්න” කියා බුදුරජාණන් වහන්සේ මිහිරි ස්වරයෙන් මෙම ගාථාරත්නය වදාළා.
මෙය ඉතාම වැදගත් උපදේශයක්. අපි ඉතාම ශ‍්‍රද්ධාවෙන් හඬ නගා බුදුන් වැන්දොත් සමහර විට තව කෙනෙක් එ්කට දොස් කියාවි. “ඔයාගෙ පාඩුවෙ ඔයා වඳින්න. ඔච්චර හයියෙන් ගාථා කියන්නේ මොකද? ඔයා ශ‍්‍රද්ධාවන්ත කෙනෙක් කියල ලෝකෙට පෙන්නන්න ඕනද?” මෙවැනි දේ කියල අනුන්ට ගරහන අය හැමතැනම ඉන්නවා. එ් නිසා අනුන්ගේ නින්දා අපහාස අපට වැඩක් නැහැ.
අපි තව එකක් මතක තබාගන්න ඕන. අනුන්ට නින්දා අපහාස කරන, අනුන්ට ගරහන සියලු දෙනාම එය කරන්නේ පිරිසිදු සිතකින් නොව, පිරිහුණු සිතකිනුයි. එ් නිසා ඔවුන් හානිකරගන්නේ තමන්ටමයි. තමන්මයි පිරිහිලා යන්නේ. අනුන්ට ගරහලා නින්දා අපහාස කරලා අභූත චෝදනා කරලා එ් හේතුවෙන් සැපයට පත්වුණු කෙනෙක් ලෝකයේ නැහැ. එ් නිසා ඕන කෙනෙක් ඕන දෙයක් කියපුවාවෙ. අපි කරන හොඳ වැඩ දිගටම කරමු. අපිත් රකින සිල් තව තවත් හොඳින් රකිමු. අපි තව තවත් හොඳින් බණ භාවනා කරමු. ධර්මය ඉගෙන ගනිමු. චතුරාර්ය සත්‍යය අවබෝධ කරගනිමු. එ් නිසා අපි ධර්මයේ හැසිරෙන අය වෙමු.
පුන්‍යාණුමෝදනා : පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේට.

Na paresam vilomani
na paresam katakatam
attanova avekkheyya
katani akatani ca.
Verse 50: One should not consider the faults of others, nor their doing or not doing good or bad deeds. One should consider only whether one has done or not done good or bad deeds.

The Story of the Ascetic Paveyya

While residing at the Jetavana monastery, the Buddha uttered Verse (50) of this book, with reference to the ascetic Paveyya and a rich lady.
A rich lady of Savatthi had adopted Paveyya, an ascetic, as a son and was looking after his needs. When she heard her neighbours talking in praise of the Buddha, she wished very much to invite him to her house to offer him alms-food. So, the Buddha was invited and choice food was offered. As the Buddha was expressing appreciation (anumodana), Paveyya, who was in the next room, fumed with rage. He blamed and cursed the lady for venerating the Buddha. The lady heard him cursing and shouting and felt so ashamed that she could not concentrate on what the Buddha was saying. The Buddha told her not to be concerned about those curses and threats, but to concentrate only on her own good and bad deeds.
Then the Buddha spoke in verse as follows:

At the end of the discourse the rich lady attained Sotapatti Fruition.

Friday, November 3, 2017

ධම්ම පදය - පුප්ඵ වග්ග 6

  ධම්ම පදය - පුප්ඵ වග්ග 6



යථා'පි  භමරෝ පුප්ඵං  - වණ්ණගන්ධං අහේඨයං 
පලේති රසමාදාය - ඒවං ගාමේ මුනී චරේ.

බඹරා මල් පැණි අරගෙන පියඹා යන්නේ, ඒ මලේ සුන්දරත්වයත්, සුවඳත් වනසන්නේ නැතුවයි. මුණිවරයාත් ගමේ පිඬුසිඟා වඩින්නේ අන්න ඒ විදිහට ම යි.


(සැවැත් නුවරදී මච්ඡරිය කෝසිය සිටුවරයා අරභයා වඳාළ ගාථාවකි.)


මෙයත් හරි අපූරු කථාවක්. ලෝභ මිනිසුන් තමන්ගේ ලෝභකම නිසාම දුක් විඳිනවා. නමුත් ඔවුන් දුක් විඳින බව ඔවුන්ට තේරෙන්නෙ නෑ. එ් තරම්ම ලෝභකම විසින් ඔවුන්ගේ ජීවිත යටකරගෙන තියෙනවා. අද විතරක් නොවෙයි, බුද්ධ කාලයේත් ලෝභ මිනිස්සු ඕන තරම් හිටියා. දැන් අපි මේ කතා කරන්නෙ එවැනි ලෝභ කෙනෙක් ගැනයි.
රජගහ නුවර ආසන්නයේ සක්කාර නමින් සෑහෙන ලොකු ගමක් තිබුණා. මේ ගමෙහි අසූ කෝටියක ධන සම්පත් පිරුණු සිටුවරයෙක් හිටියා. මොහුගේ නම කෝසිය. අධික මසුරුකම නිසා මොහුට කිව්වේ ‘මච්ඡරිය කෝසිය’ කියලයි. එ් කියන්නේ ‘මසුරු කෝසිය’ කියලයි. මේ පුද්ගලයා සතු ධනයෙන් ස්වල්පයක් වත් අනුන්ට දෙන්නෙ නෑ. කොටින්ම තණ කොළයක අග තැවරුණ තෙල් බින්දුවක ප‍්‍රමාණයක් වත් අනුන්ට දෙන්නේ නෑ. තමන් කන්නෙ බොන්නෙත් නෑ. අඹු දරුවන්ට වියදම් කිරීමකුත් නෑ. සිල්වතුන්, ගුණවතුන්ට දීමකුත් නෑ. ඔහුගේ සම්පත් රකුසෙක් අරක් ගත්තු විලක් වගෙයි.
දිනක් බුදුරජාණන් වහන්සේ හිමිදිරි උදෑසන මහා කරුණා සමාපත්තියට සමවැදී ලෝක සත්වයා දෙස බැලුවා. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා බුදු නෙතට මේ මසුරු කෝසිය සිටාණන්ව පෙනුණා. මොහු මසුරු බව හැබෑව. මහ ලෝබ කුණා බව හැබෑව. නමුත් සෝවාන් ඵලයට පත්වෙන්නට තරම් උදාර පිනකුත් මොහුට තියෙනවා. එ් නිසා සතර අපායේ වැටෙන සසරින් මේ තැනැත්තාව ගොඩ දමන්නට ඕන කියා මහා කරුණා අදහසක් එ් බුදු සිතේ පැන නැංගා. ඔහුට ධර්මාවබෝධයට සුදුසු අවස්ථාව බුදුරජාණන් වහන්සේ දුටුවා.
එදා උදේ වරුවේ මසුරු කෝසිය බිම්බිසාර රජතුමාගේ රාජ සේවයට ගියා. ගිහින් ආපසු එන අතරේ ඉතාමත් බඩගින්නේ පෙළෙන දුගී මිනිසෙකු දුටුවා. ඔහු මහා ගිජුකමින් කැවුමක් කකා හිටියා. මසුරු කෝසිය සිටාණන් නැවතුණා. හොඳට බැලුවා. අර දුගියා කැවුම කද්දී සිටුතුමාගේ කටට කෙළ ඉනුවා. කැවුම් කන්නට පුදුමාකාර ආසාවක් ඇතිවුණා.
‘අනේ… එ්ත් මං කොහොමද කැවුම් කන්නේ..? මං කැවුම් කන්ට ගියොත් බොහෝ දෙනෙක් කැවුම් කන්නට වටවේවි. එතකොට හාල්, ගිතෙල්, පැණි, තෙල් සෑහෙන වියදම් වේවි. හපොයි…! හපොයි…! එහෙම කරන්න බැහැ’ කියල හිත ඇතුලේ කැවුම් කෑමේ ආසාව තියාගෙන කෙළ ගිල ගිල සිටු මාළිගාවට ගියා.
අලු යට ගින්නක් වගේ මෙයාගෙ හිතේ මතු වෙවී එන්නේ කැවුම් කෑමේ ආසාවමයි. අර දුගී මනුස්සයා රස කර කර කැවුම් කාපු හැටි මතක් වෙනවා. මේ ගැනම සිතමින් සිටිද්දී මොහු මැලවිලා ගියා. මුහුණ විරූපී වුණා. ඇඟපත අප‍්‍රාණික වුනා. හුස්ම ගන්නත් අමාරු වුණා. කෙලින්ම ඇඳට ගිහින් ඇද වැටුණා. කවුරුන් සමඟ වත් කතා බස් කළේ නැහැ.
සිටුතුමාගේ බිරිඳට විශාල දුකක් ඇතිවුණා. තමන්ගේ ස්වාමියාට වුණේ මොකක්ද කියා ඇයට තේරුම් ගන්නට බැහැ. ඇය සිටුතුමා ළඟට ගිහින් පිට අතගාමින් ආදරයෙන් කතා කළා.
“අනේ ස්වාමීනී, මොකක්ද මේ ඔයාට වුණේ?”
“නෑ…. මට මොකුත් වුණේ නෑ.”
“ඇයි එහෙම කියන්නේ..? ඔයා හරි අමුතුයි. මහා දුකෙන් වගෙයි ඉන්නෙ. මූණ කට වේලිලා ගිහින්. රජ්ජුරුවන් වහන්සේ කිපුණා වත්ද?”
“නෑ… එහෙම දෙයක් වුණේ නෑ.”
“එහෙම දෙයක් වුනේ නැත්නම්, දූදරුවන් ගෙන්, දැසි දස්සන් ගෙන් ඔයාට යම්කිසි වරදක් වුණාද?”
“නෑ… එහෙම දෙයක් වුණෙත් නෑ.”
“එහෙනම්…? ඔයාට යම් කිසි ආසාවක් ඇතිවුණා ද?”
එතකොට සිටුතුමා නිශ්ශබ්ද වුණා. උත්තරයක් දුන්නෙ නෑ. සිටු බිරිඳ මෙහෙම කිව්වා.
“අනේ ස්වාමීනී, ආසාවක් තියෙනවා නම් කියන්න. මං හැකි සෑම ආකාරයකින් ම එ් ආසාව ඉෂ්ට කරන්නම්.”
එතකොට සිටුතුමා මළානික ඇස් දෙකෙන් බිරිඳ දෙස බැලුවා. නිශ්ශබ්දව ටිකක් වෙලා හිටියා. කෙඳිරි ගගා කිව්වා,
“ඔව්…. මට…. මට…. එක්තරා …. ඉතාමත්…. ඉතාමත්….. ආසාවක්…. තියෙනවා…..”
“ඉතින් ස්වාමීනී, කියන්න මොකක්ද එ් ආසාව?”
“ම්…. ම්…. මං කොහොමද එ්ක කියන්නේ…..?”
“අනේ ස්වාමීනී, කියන්න….”
එතකොට සිටුතුමා අමාරුවෙන් වගේ මෙහෙම කිව්වා.
“මට හිතේ තියෙනවා ලොකූ ආසාවක්…. මං ආසයි…. ඔව්…. මං ආසයි…. කැවුමක් කන්න.”
සිටු බිරිඳ හයියෙන් හිනාවෙන්න පටන් ගත්තා.
“අනේ ස්වාමීනී, ඕක ඉතින් සුළු දෙයක් නෙ. ඔබතුමා දිළින්දෙක්ද? අපි මේ මුළු ගම්මානයටම සෑහෙන්න කැවුම් හදමු.”
“ඈ…. මොකක්….? ගම්මානෙටම….? එවුන්ට ඕන නම් කැවුම් හදාගෙන කාපුවාවෙ.”
“එහෙමනම් ස්වාමීනී, අපි මේ වීදියේ සිටින සියලු දෙනාට සෑහෙන්න කැවුම් හදමු.”
“ඇති…. ඇති…. මං දන්නවා ඔහේට බොහොම සල්ලි තියෙනවා කියල.”
“එහෙම නම් ස්වාමීනී, අපේ අවට ගෙවල්වලට සෑහෙන්න කැවුම් හදමු.”
“හා…. හා…. එ් තරම්ම වියදම් කරන්න ලෑස්තිද ඔහේ…?”
“එහෙනම් ස්වාමීනී, අපේ දරුවන්ට සෑහෙන්න කැවුම් හදමු.”
“මේ කැවුමකට දරුවන්ව පටලවාගන්නෙ අසවල් දේකටද?”
“එහෙම නම් ස්වාමීනී, අපි දෙන්නට කැවුම් හදමු.”
“ඔහේට කැවුම් වලින් වැඩක් නැහැ. ඔහේට මොකටද?”
“එහෙනම් ස්වාමීනී, ඔබතුමාට විතරක් කැවුමක් හදන්නම්.”
“අන්න හොඳයි. බොහොම අගෙයි. හැබැයි සොඳුරී, වැඩේ ලේසි නෑ. මෙහිදිම කැවුම් හැදුවොත් බොහෝ දෙනෙක් වටවේවි!”
ඉතින් සිටුතුමා අහස පොළොව ගැටලන්න වගේ කල්පනා කරන්න පටන් ගත්තා. එකපාරටම උඩ පැනල හිනහ වෙලා අත්පුඩියක් ගහලා මෙහෙම කිව්වා.
“හරි… මට ක‍්‍රමයක් අහුවුණා. කැවුමට වුවමනා කරන ජාති ටික ලෑස්ති කරන්න. සුණු සහල් තිබුණාම ඇති. පැන් ටිකත්, ගිතෙල් ටිකත්, තෙල් ටිකත් අරගෙන උඩතට්ටුවට යං. එහිදි නිවිහැනහිල්ලේ කැවුම් කන්න පුළුවන්.”
සිටුතුමාත්, සිටු දේවියත් කැවුම්වලට වුවමනා ද්‍රව්‍ය පිළියෙල කරගෙන උඩ තට්ටුවට නගින්න පිටත් වුනා. යට මහලේ ඉඳලාම දොරවල් වසමින් සිටුතුමා උඩු මහලට ඇවිදින් සැනසුම් සුසුම් හෙලුවා.
“හප්පේ…. යන්තම් ඇති. නිදහසේ කැවුමක් කන්න දැනුයි පිළිවෙලක් වුණේ.”
බුදුරජාණන් වහන්සේ එදා වැඩසිටියේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරේ. ඉතින් උන්වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ අමතා මෙය වදාළා.
“පින්වත් මොග්ගල්ලාන, අද රජගහ නුවර සක්කාර කියන ගමේ මච්ඡරිය කෝසිය සිටුතුමා කැවුම් කන්නට ආසාවෙන් සත්වෙනි උඩුමහල් තලයේ ඉන්නවා. අනිත් අයට කැවුම් දෙන්නට වෙයි කියන භයෙන් තමයි උඩු මහලට නැග්ගේ. ඔබ ගිහින් ඔහුව දමනය කරන්න. ඍද්ධි බලයෙන් එ් දෙදෙනාව සැවැත් නුවරට කැඳවාගෙන එන්න. අද මමත්, මේ පන්සීයක් භික්ෂූන් වහන්සේලාත්, එ් දෙදෙනා පූජා කරන කැවුම් වලින් තමයි දානය පිරිමසා ගන්නේ.”
මච්ඡරිය කෝසිය සිටුතුමා තම බිරිඳ කැවුමට පිටි සූදානම් කරන හැටි මහා ආසාවෙන් බලා සිටියා. තාච්චිය ලිප තබා තෙල් රත්වන විට එ් ආසන්නයේ ඇති ජනේලයෙන් අමුත්තෙක් පෙනුණා. සිටුතුමාගේ දෑස් උඩ ගියා. පපුව ගැහෙන්න ගත්තා. ඇඟ වෙව්ලුවා.
“හපොයි…. මේ වගේ උදවියගේ දැක්මට භයෙන්මයි මං මෙතනට ආවෙ. මේ භික්ෂූන් වහන්සේලාගෙන් බේරෙන්නට බැහැ නෙව. අහසෙන්ම ඇවිල්ලා ඉන්නවා.”
අහස් තලයේ වැඩසිටි මුගලන් මහරහතන් වහන්සේ දුටු සිටුතුමා තොල කට වෙව්ල වෙව්ල මෙහෙම කිව්වා.
“එම්බා ශ‍්‍රමණය, අහසේ වැඩහිඳ ඔය මොකද කරන්නේ? ඔහොම නොවෙයි, අහසේ පියවර තබ තබා සක්මන් කළත්, කැවුම් ලැබෙයි කියලද හිතන්නේ?”
එතකොට මුගලන් මහරහතන් වහන්සේ අහසේ සක්මන් කළා.
“ආහා…. සක්මන් කළේ මොකුත් ලැබෙයි කියලද? මේ ඇහුණද? ඔහොම නොවෙයි පළඟක් බැඳගෙන වාඩි වුනත් කැවුම් ලැබෙන්නෙ නෑ ඕං…”
එතකොට මුගලන් මහරහතන් වහන්සේ පළඟක් බැඳගෙන වාඩිවුණා.
“එහෙමද? එතකොට පළඟකුත් බැඳගත්තා නෙව. තමුන්නාන්සෙට වැරදීමක්. ඔහොම නෙවෙයි ජනෙල් කවුළුව ගාවට ඇවිදින් සිටගත්තත් කැවුම් නෑ ඔන්න….”
එතකොට මුගලන් මහරහතන් වහන්සේ ජනෙල් කවුළුව ළඟ සිටගත්තා.
“සිටගත්තට වැඩක් නෑ. මුළු ශරීරයෙන් දුම් පිටකළත් කැවුම් නෑ ඕං….”
එතකොට මුගලන් මහරහතන් වහන්සේ සිරුරින් දුම් පිටකළා. එ් දුමින් උඩුමහල් තලය වැසී ගියා. සිටුතුමාගේ ඇස්වලට හරි අමාරුයි. ඇස් කුඩා කරගෙන කේන්තියෙන් බලා සිටියා. ‘ඔහොම නෙවෙයි, ගිනි ඇවිලිලා ගියත් කැවුම් නෑ ඔන්න…’ කියල කියන්න හිතුනත් මාළිගයට අනතුරක් වෙයි කියල හිතල එහෙම කිව්වෙ නෑ.
‘මේ ශ‍්‍රමණයා මහා කෑදරයෙක්. කැවුම් ලබාගෙන මිසක් යන පාටක් නෑ. ඉක්මනට කැවුමක් දීලා පිටත් කරන්නට ඕන’ කියා සිතා බිරිඳට මෙහෙම කිව්වා.
“සොඳුරියේ, චූටියට කැවුමක් හදාපන්. මේ ශ‍්‍රමණයාව ඉක්මනට පිටත් කරපන්.”
ඉතින් බිරිඳ පිටි ස්වල්පයක් තෙලට දැම්මා. හරි පුදුමයි! තාච්චිය පුරාවට ලොකු කැවුමක් හැදුණා. සිටුතුමාට හරි කේන්තියි.
“ඔහේට තේරෙන්නෙ නැද්ද? ඔහොම පිටි දාන සිරිතක් තියෙනවාද? ඔය කැවුම අයින් කරපන්. හැන්ද මට දීපන්.”
ඉතින් සිටුතුමා තමන්ගේ අතින්ම ඉතාම ස්වල්පයක් පිටි ගෙන තාච්චියට දැම්මා. කලින් කැවුමටත් වඩා විශාල කැවුමක් හැදුණා. එ් කැවුමත් අයින් කරලා තව පිටි ස්වල්පයක් දැම්මා. හදන හදන කැවුම විශාලයි. අන්තිමේදී සිටුතුමා බිරිඳට මෙහෙම කිව්වා.
“කරන්න දෙයක් නැහැ. ඔය කැවුම් වලින් එකක් දීලා පිටත් කරන්න.”
ඇය කැවුමක් ගනිද්දී සියලුම කැවුම් එකට ඇලුණා.
“ස්වාමීනී, හරි වැඩේ… ඔක්කොම කැවුම් එකට ඇලුණා නෙව. අයින් කරන්න බැහැනෙ.”
“බැරි වෙන්නෙ කොහොමද? මෙහෙ දීපන්. මං ඕක අයින් කරන්නම්”

ඔහුටත් කැවුම් වෙන් කරන්නට බැරුව ගියා. දෙන්න දෙපැත්තට කැවුම් ඇද්දා. සිටුතුමාට හොඳටම මහන්සියි. ඇඟෙන් දහඩිය දැම්මා. පිපාසය ඇතිවුණා. බිරිඳට මෙහෙම කිව්වා.
“අනේ…. බිරින්ඳේ, මට කැවුම් වලින් කම් නැතේ….! මේ ඔක්කොම කැවුම් පූජා කරපන්.”
ඇය සියලුම කැවුම් මුගලන් මහරහතන් වහන්සේට පූජා කළා. උන්වහන්සේ මේ දෙදෙනාට ධර්මය දේශනා කළා. පින් පව්වල විපාක පෙන්වා දුන්නා. දන් දීමේ අනුසස් පෙන්වා දුන්නා. දෙදෙනාගේම සිත පැහැදුණා. සිටුතුමාට හරි සතුටුයි. සිටුතුමා සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.
“අනේ ස්වාමීනී, දීමේ අනුසස් මං කළින් දැනගෙන හිටියේ නැහැ. මං සතුටු වුණේ ලෝභකමින් විතරයි. නමුත් දැන් මට දීමේ වටිනාකම තේරෙනවා. ස්වාමීනී, මේ ආසනයේ වැඩහිඳ දන් වළඳන සේක්වා!”
“සිටුතුමනි, අපගේ ශාස්තෘන් වහන්සේ පන්සීයයක් රහතන් වහන්සේලා පිරිවරා කැවුම් වළඳින්නට සූදානමින් සිටිනවා. එ් නිසා මේ කැවුම් මා ඔබ අතට දෙන්නම්. ඔබේ අතින්ම බුදුරජාණන් වහන්සේ ප‍්‍රමුඛ භික්ෂුසංඝයාට පූජා කරන්න.”
“ස්වාමීනී, එ්ක හරි පුදුම කතාවක් නෙ. අපි මේ ඉන්නෙ හත්වෙනි තට්ටුවේනෙ. මෙතන කොහේද බුදුරජාණන් වහන්සේ?”
“සිටුතුමනි, මෙයින් යොදුන් හතළිස් පහක් ඈතින් පිහිටි ජේතවනාරාමයේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩඉන්නේ. අපි එතනට යමු.”
“ස්වාමීනී, එච්චර දුරක් අපි කොහොමද යන්නේ?”
“සිටුතුමනි, එ් ගැන හිතන්න එපා! ඔබට තියෙන්නේ පහත මාලයට බැස එළියට පිය නැගීම විතරයි. එතන දෙව්රම් වෙහෙර තියෙනවා.”
මුගලන් මහරහතන් වහන්සේ ඍද්ධි බලයෙන් එම මාළිගා දොරටුව දෙව්රම් වෙහෙරට රැගෙන ගියා. සිටු යුවළ පහළ මහලට බැස දොර විවර කළ විට දෙව්රම් වෙහෙර දුටුවා.
එ් දෙදෙනාම බුදුරජාණන් වහන්සේ ප‍්‍රමුඛ භික්ෂු සංඝයාට කැවුම් පූජා කළා. ඍද්ධි බලය නිසා කැවුම් අවසන් වූයේ නැහැ. සංඝයා වැළඳූ පසු එ් දෙදෙනාත් බඩ කට පුරා කැවුම් අනුභව කළා. සියලු දෙනාටම කැවුම් බෙදුවා. එ්ත් අවසන් වෙන්නෙ නැහැ.
“ස්වාමීනී, කැවුම් ඉවර වෙන්නේ නැහැ නෙව.”
එතකොට බුදුරජාණන් වහන්සේ මෙය වදාළා.
“එහෙම නම් සිටුතුමනි, ජේතවන දොරටුව අසළ ඇති වළට දමන්න.”
සිටුතුමා ජේතවන දොරටුව අසළ බෑවුම් වළට ඒ කැවුම් දැම්මා. එතන කැවුම් දැමූවල නමින් කවුරුත් දැන් හඳුන්වනවා. ඉතින් එ් දෙදෙනා බුදුරජාණන් වහන්සේ ගෙන් ධර්මය ඇසුවා. දෙදෙනාම සෝවාන් ඵලයට පත්වුණා. බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ‍්‍රාවකත්වය ලබාගත් මේ දෙදෙනා ශාස්තෘන් වහන්සේගේ පා කමල් වැඳ යළි තම මාළිගය ඇතුළට පිවිසුණා. රජගහ නුවර සක්කාර ගමේ සිටි තැනටම යළි පැමිණුනා.
එදා සිට මේ සිටුතුමා කිසි ලෝභකමක් නැතුව හැමෝටම උදව් කළා. වැව් පොකුණු තැනුවා. ආරාම හැදුවා. භික්ෂුසංඝයා උදෙසා වෙහෙර විහාරත් හැදුවා. එක දවසක් දම්සභා මණ්ඩපයේ රැස් වූ භික්ෂූන් වහන්සේලා මේ ගැන කතාබස් කරමින් සිටියා.
“ප‍්‍රිය ආයුෂ්මත්නි, බලන්න. මුගලන් මහතෙරුන් වහන්සේගේ ආනුභාවය හරි පුදුමයි. සිටුතුමාගේ ශ‍්‍රද්ධාවටත් හානි නොකොට, ධනයටත් හානි නොකොට මොහොතකින් දමනය කළා නෙව. ජේතවනයටත් රැගෙන ආවා නෙව. ශාස්තෘන් වහන්සේටත් මුණගස්සවලා මාර්ග ඵල අවබෝධයටත් අවස්ථාව සැලැස්සුවා නෙව. මුගලන් මහතෙරුන් වහන්සේගේ ආනුභාවය හරි පුදුමයි.”
මේ විදිහට මුගලන් මහරහතන් වහන්සේගේ ගුණවත්කම කතා කරමින් සිටිද්දී බුදුරජාණන් වහන්සේට මෙය දිව්‍ය ශ‍්‍රවණයෙන් ඇසුණා. එ් නිසා එය අරභයා බුදුරජාණන් වහන්සේ මෙය වදාළා.
“පින්වත් මහණෙනි, භික්ෂුවක් කටයුතු කරන්නට ඕන ඔය විදිහටයි. දායකයින්ගේ ශ‍්‍රද්ධාවට හානි කරන්නේ නැතුව ඔවුන්ගේ භෝග සම්පත්වලටත් හානි කරන්නේ නැතුව ඔවුන්ගේ පවුල් පීඩාවට පත්කරන්නෙත් නැතුව කරුණාවෙන් කටයුතු කරන්නට ඕන. මලකින් රොන් ගන්නා බඹරෙක් වගෙයි කටයුතු කළ යුත්තේ. මොග්ගල්ලානයන් කටයුතු කරන්නේ එ් විදිහටයි.”

මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ එහි අර්ථය ගාථාවකට කැටිකොට ඉතාම මිහිරි ස්වරයෙන් වදාළා.
බඹරා මල් පැණි වලට හරි ආසයි. ඉතින් ඌ ලස්සන මල් සොයා ගෙන යනවා. ගිහින් එ් කිසි මලකට හානි නොකොට, මල නොතලා මල් පැණි ගෙන යනවා. එයින් එ් මලේ සුන්දරත්වයට හානියක් සිදුවෙන්නේ නෑ. බඹරාට පැණිත් ලැබෙනවා. ඉතින් එ් බඹරා මල් පැණි බිඳ බිඳ එකතු කරලයි මී වදයක් හදන්නේ. මුනිවරයාත් ගමේ හැසිරිය යුත්තේ ඒ විදිහටයි. කාටවත් පීඩාවක් නොකොට, කපටිකමකින්, වංචාවකින් තොරව, බලපෑමකින් තොරව තමයි සිව්පසය ලබාගන්නේ. එතකොට ඒ මුනිවරයාගේ හැසිරීම නිසා ගම්වැසියාගේ ශ‍්‍රද්ධාවට හානියක් සිදුවන්නේ නැහැ. භෝග සම්පත්වලට හානියක් සිදුවන්නෙත් නැහැ. ධර්මයේ හැසිරෙන මුනිවරයා තුවාලයකට බෙහෙතක් දමනවා වගේ, කාන්තාරයෙන් එතෙර වෙන කෙනෙකුට ලැබෙන ආහාරයක් වගේ, සිහි නුවණින් යුතුව සිව්පසය පරිහරණය කරලා තම තමන්ගේ බණ භාවනා කටයුතුවල යෙදෙනවා. මාර්ග ඵල උපදවා ගන්නට අවස්ථාව ලබාගන්නවා. රහතන් වහන්සේලා කරන්නේ දන් වළඳා අරහත් ඵල සුවයෙන් වැඩසිටීමයි. 
බුදුරජාණන් වහන්සේගේ සදහම් පදය ඇසූ බොහෝ දෙනෙකුට විශාල යහපතක් සිදුවුණා.

The Monk In The Village

Just as a bee in a flower
harming neither hue nor scent
gathers nectar, flies away,
so in towns a Wise One fares.

Explanation:  The bee extracts honey from flowers without damaging either the colour or the fragrance of the flower and in so doing helps the tree bear much fruit. Similarly, the silent sage goes about the village collecting alms without harming anyone even minutely, and in so doing helps people gain much merit and happiness.

The Story of Kosiya, the Miserly Rich Man
While residing at the Jetavana monastery, the Buddha uttered Verse  of this book, with reference to the Chief Disciple Maha Moggallana and the miserly rich man, Kosiya.
In the village of Sakkara, near Rajagaha, there lived a miserly rich man by the name of Kosiya, who was very reluctant to give away even the tiniest part of anything belonging to him. One day, to avoid sharing with others, the rich man and his wife were making some pancakes in the uppermost storey of their house, where no one would see them.
Early in the morning, on that day, the Buddha through his supernormal power, saw the rich man and his wife in his vision, and knew that both of them would soon attain Sotapatti Fruition. So he sent his Chief Disciple Maha Moggallana to the house of the rich man, with instructions to bring the couple to the Jetavana monastery in time for the midday meal. The Chief Disciple, by supernormal power, reached Kosiya's house in an instant and stood at the window. The rich man saw him and asked him to leave; the Venerable Maha Moggallana just stood there without saying anything. In the end, Kosiya said to his wife, "Make a very small pancake and give it to the bhikkhu." So she took just a little amount of dough and put it in the pan, and the cake filled up the whole pan. Kosiya thought his wife must have put in too much, so he took just a pinch of dough and put it into the pan; his pancake also swelled into a big one. It so happened that however little dough they might put in, they were unable to make small pancakes. At last, Kosiya asked his wife to offer one from the basket to the bhikkhu. When she tried to take out one from the basket it would not come off because all the pancakes were sticking together and could not be separated. By this time Kosiya has lost all appetite for pancakes and offered the whole basket of pancakes to Maha Moggallana. The Chief Disciple then delivered a discourse on charity to the rich man and his wife. He also told the couple about how the Buddha was waiting with five hundred bhikkhus at the Jetavana monastery in Savatthi, forty-five yojanas away from Rajagaha. Maha Moggallana, by his supernormal power, then took both Kosiya and his wife together with their basket of pancakes, to the presence of the Buddha. There, they offered the pancakes to the Buddha and the five hundred bhikkhus. At the end of the meal, the Buddha delivered a discourse on charity, and both Kosiya and his wife attained Sotapatti Fruition.
Next evening, while the bhikkhus were talking in praise of Maha Moggallana, the Buddha came to them and said, "Bhikkhus, you should also dwell and act in the village like Maha Moggallana, receiving the offerings of the villagers without affecting their faith and generosity, or their wealth."


Then the Buddha spoke in verse as follows:

 As the bee collects nectar and flies away without damaging the flower or its colour or its scent, so also, let the bhikkhu dwell and act in the village (without affecting the faith and generosity or the wealth of the villagers).

ධම්ම පදය - බාල වග්ගය 71 ගාථාව

      න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ පවිටු කෙනා කරනා පව් – මීකිරි මිදෙනා වේගෙන් සැණෙකින...