Thursday, March 5, 2015
අභයා තෙරණියගේ ගාථා. දුක නිපාතෝ 9
පින්වත් අභයා, පෘථග්ජන උදවිය ඇලී වාසය කරන මේ ශරීරය බිඳිලා යන එකක්. මම මේ කාරණය අවබෝධ කරගෙන ඉතා හොඳ සිහියෙන් කිසිම බලාපොරොත්තුවක් නැතිව අත් හැරලා දානවා.
බොහෝ දුක් කම්කටලු ඇති මේ ජීවිතය තුළ මං ඇලුණේ ධර්මයේ ප්‍රමාද වීමටයි. තණ්හාව නැති වෙලා ගියා. මම නිවනට පත් වුණා. බුද්ධ ශාසනය සම්පූර්ණ කර ගත්තා.
මේ වනාහී අභයා නම් වූ රහත් තෙරණිය වදාල ගාථාවන්ය.
She, too, having made her resolve under former Buddhas, and heaping up merit of age-enduring efficacy in this and that state of becoming, was, in the time of Sikhi Buddha, reborn in a great noble's family, and became the chief queen of his father Aruṇa. And one day she worshipped the Exalted One with offering of red lotuses given her by the King, when Sikhi Buddha, at alms-time, entered the palace.
Reborn for this among gods and men, she was, in this Buddha-dispensation, born once more at Ujjenī in a respectable family, and became the playmate of Abhaya's mother. And when the latter had left the world, Abhayā, for love of her, also took orders. Dwelling with her at Rājagaha, she went one day to Cool-Grove to contemplate on a basis of some foul thing.
The Master, seated in his Fragrant Chamber, caused her to see before her the kind of object she had been directed to choose. Seeing the vision, dread seized her. Then the Master, sending forth glory, appeared as if seated before her, and said:
"Brittle, O Abhayā, the body is,
Whereto the worldling's happiness is bound.
For me I shall lay down this mortal frame,
Mindful and self-possessed in all I do.
For all my heart was in the work whereby
I struggled free from all that breedeth
Craving have I destroyed, and brought to pass
That which the Buddhas have revealed to men."
And when he had finished speaking she attained Arahantship. Exulting herein, she turned the verses round into an address to herself.
Wednesday, February 18, 2015
බෙස්ට් ලයිෆ් දඹදිව වන්දනා සමඟ - 18 - අසිරිමත් ගයාවේ මහමෙව්නාව.
ඉතින් කාලෙකින් ලියන්න විවේකයක් තිබුනෙ නෑ.
ඒ උනත් මේ ගමනෙ නිමාවක් දකින්න ඕනෙ නේද කියල ලියන්න හිතුනා.
දැන් එන්න එන්නම අපි ගමනෙ නිමාවට සෙන්දු වෙනව. මේ පරිසරයෙන් ඈත්වෙන්න ඇත්තෙන්ම දුකයි. අපි ගයාවේ හෙරිටෙජ් හෝටලයේ නවාතැන් ගත්තෙ. හරිම සුන්දර තැනක්.
ගයාව හරිම සුන්දර ප්‍රදේශයක්. කෙත්වතු වලින් ගහකොල වලින් ගහන ප්‍රදේශයක්. අද පාන්දර අපි කිරිපිඬු පූජාවට ලැහැස්ති වෙනව. ඒ ගැන විස්තර පසුවට ඔබට කියන්නම්. මේ ඒ අතරේ ගිය වටිනාම තැනක් ගැන විස්තරයක්. මම යන්න ගොඩාක් ආසාවෙන් හිටිය තැනක්. කාලයක්ම හිතේ ලොකු ආසාවක් තිබුන තැනක්.
ගයාවේ අපේ ලොකුස්වාමින් වහන්සේ විහාරයක් හදන බව දැනගත්තාම ඇත්තටම ඇති උනේ හරිම සතුටක්. ඒ විහාරය බලන්න මට තිබුන උවමනාව නිසා රැය පහන් කලේත් නොනිදාම.
සුජාතා ගම හරහා අපි විහාරයට ලංවෙන කොට මගේ නෙත් කඳුලින් පිරී ගියා. ඇත්තෙන්ම ඈතට විහාරය දැක්කම ඇතිවෙන සතුට කියල නිම කරන්න බැහැ. විහාරයට ඇතුල් වෙන කොටම කුඩා දරුවන් පිරිසක් මිදුල අමදිනව. ඉක්මනින්ම අපිව පිළිගන්න ආවෙ වැඳ නමස්කාර කරමින්. වෙන දේශයක උපන් ඔවුන් අපේම දරුවන් වූ හැටි!.
වෙල්යායවල් මැදින් බුදු නුවණ අසපුව බලා.
ඉන්දියානු ජාතික ස්වාමින්වහන්සේ අපිව ආදරෙන් පිළිගත්තෙ උන්වහන්සේ ලංකාවෙ හය මසක් ගෙවූ බව කියමින්.
විහාරයට ඇතුල්වූ අපහට දරුවෙන් ගෙන් සිසිල් පැන් සංග්‍රහයක් ලැබුණි.
විහාර මන්දිරයේ ඇතුලත.
නේරංජරා නදිය අසබඩ පිහිටි අසිරිමත් පුණ්‍ය භූමිය...බුදු නුවණ අසපුව - බුද්ධගයාව. බුද්ධගයාව (මහමෙව්නාව) බුදුනුවණ අසපුවේ වැඩසිටින පින්වත් ස්වාමින් වහන්සේලා බොහෝ මිනිසුන්ගේ යහපත පිණිස බුදු රජාණන් වහන්සේගේ පිරිසිඳු ධර්මය ගමින් ගම ගොස් මිනිසුන්ට කියදෙති.
ගම්මාන 20 ක පමණ දැනට දහම් වැඩසටහන් පවත්වාගෙන යන අතර ඒ ගම්වාසින් තථාගත දහමින් ඉමහත් සතුටක් ලබති. නිරන්තරයෙන් පවු වලටම නැබුරු වී සිටි අය පන්සිල් සුරැකීමට දැන් මහන්සි ගනිති. කිව නොහැකි අතිශය දුෂ්කරතාවයකින් මෙම දහම් කටයුතු කරනු ලබන අතර මිනිසුන්ට ඒ යහපත දැක ස්වාමින් වහන්සේලා ඉමහත් සතුටක් ලබති.
ලංකාවේ මෙන් නොව ඉන්දියාවේ මිනිසුන්ට යහමග පෙන්වීම අතිශය දුෂ්කරය.
අද ළමුන් 1400 ක් පමණ දහම් අධ්‍යාපනය ලබන පින්වන්ත දහම් පාසලකි බුද්ධග්‍යාන් දහම් පාසැල. ශ්‍රී ලාංකික පින්වතුන්ගේ නොමද උපකාරයෙන් පවත්වනු ලබන මෙම පාසැල තුල සෑම ආගමකම දූ දරුවන් භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සීල, සමාධි, ප්‍රඥා ගුණ දහම් පුරුදු කරති.
තවද වෙනත් ගම් හරහා ද මෙම ස්වාමින් වහන්සේලා පාද යාත්‍රා කරති.
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බුද්ධගයාවේ උතුම් සම්බුද්ධත්වය ලබා ප්‍රථම දහම් දේශනයට බරණැස ඉසිපතනයට වඩින ගමනේ ගුරුවා නමැති නගරයේ විවේකයෙන් වැඩසිට විවේක ඇත. පසු කාලීනව මෙම පුජනීය ස්ථානය උතුම් රහතන් වහන්සේලාගේ සෙනසුනක් බවට පත්වී ඇත. ඉන් පසු මහායානිකයින් මෙහි වාසය කර ඇත.
මෙහි විශේෂත්වය වන්නේ මේ ගම්මානයේ ඉන්නේ ශාක්‍ය වන්ශිකයිනුයි. ඒ ගම්වාසීන් හින්දු වුනාට භාග්‍යවතුන් වහන්සේට වැඩිවශයෙන් ගෞරව සම්මාන දක්වති. බුද්ධගයා අසපුවේ පින්වත් ස්වාමින් වහන්සේලා ඒ ගුරුවා ගමේ ධර්ම දේශනා ආරම්භ කර ඇත. සෑම පහසුකමක්ම මෙම පුණ්‍ය භුමියේ අද ද දක්නට ඇත. මෙහි පැන් පොකුණු අදටත් නියම කාලයටවත් හිදෙන්නේ නැති අතර ඉතා ප්‍රණීත ජල උල්පත් දෙකක් මෙහි පිහිට ඇති අතර මේ උල්පත් කිසිදිනක හිදෙන්නේ නැත.
මේ ගුරුවා ගම්වාසීන්ට තථාගතයන් වහන්සේ ගැන ඉහල විශ්වාසයක් හා ගෞරවයක් ඇත.
ඒ පිරිසිඳු දහම සියලු දෙව් මිනිසුන්ට නිරන්තරයෙන් ලැබේවා!!! ජාති
භේදයකින් තොරව, ආගම් භේදයකින් තොරව, සියලුම දෙනා සුවපත්
වෙත්වා!!!. මහමෙවුනා බුද්ධ ගයා අසපුවේ වැඩ වාසය කරන පින්වත්
ස්වාමීන් වහන්සේලාට මාගේ නම්ස්කාරය වේවා!
අපිත් එක්ක ගිය මුම්ටාස්දේවිය කියා ආදරෙන් ඇමතූ ආන්ටි උස්සාගෙන දුර්ගේශ්වරී නැග්ග හැටි.
දුර්ගේශ්වරී කඳු මුදුණ.
එහි ඇති දුෂ්කර ක්‍රියා කරනා කාලයේ බුදුරුව සහිත පිළිම වහන්සේ.
අමාදම් සිසිල ඔබ සැමට ලැබේවා!
Thursday, November 6, 2014
ධම්ම පදය - චිත්ත වර්ගය 8
කුම්භූපමං කායමිමං විදිත‍්වා
නගරූපමං චිත්තමිදං ඨපෙත‍්වා
යොධෙථ මාරං පඤ්ඤායුධෙන
ජිතං ච රකෙඛ, අනිවෙසනො සියා
(සැවැත්නුවර - විදශකි තෙරුන් ඇරබ)
මේ කය මැටි භාජනයක් වැනි ය යි දැන, මේ සිත (මනාසේ රැකි) නුවරක් මෙන් පිහිටුවා, ප්‍රඥා නැමැති ආයුධයෙන් මාරයා හා යුද්ධ කරව්. (එ සේ යුද්ධ කොට) දිනා ගත් දේ රැකගත යුතු යි.
දැකිය යුතුමය මේ කය – බිඳී යන වළඳක් ලෙස
සුරැකිය යුතුය මේ සිත – හොඳින් රකිනා නගරයක් ලෙස
ප‍්‍රඥාව නැමැති අවි ගෙන – පහරදිය යුතු මාරයා හට
ජයගෙන කෙලෙස් යුධයෙන් - නැවත සසරට නොආ යුතුමය
(සිත එකඟකොට සමාපත්තියකට ඇතුල් වූ පමණින්) සෑහීමට පත් නො විය යුතු යි. (ශරීරය බිඳී යන මැටි බඳුනක් සේ අනිත්‍ය දැන, ඒ භාවනාව නිසා කෙලෙස් සතුරන්ට ළං විය නො හැකි බැවින් තමාගේ සිත සුරැකි නුවරක් මෙන් කොට කෙලෙස් සතුරන් හා යුද්ධ කළ යුතු ය යි දක්වන ලදී.)
මේ ගාථාව දෙවරම් වෙහෙරේදී පන්සියයක් විදශික භික්ෂූන් අරභයා දෙසනාකරන ලදී.
එක්තරා පන්සියයක් භික්ෂූන් වහන්සේලා භාවනා වඩනු වස් වනයට වැඩම කොට බවුන් වඩද්දී ඒ වනයෙහි උන් යම් දෙවිවරු හා අමනුස්සයයින් උන් වහන්සේලා එම වනයෙන් පලවා හැරීම පිණිස නොයෙකුත් වෙස් ගෙන, කෑකෝ ගසමින්,බියජනක රූප මවමින් උන් වහන්සේලා බිය වද්දා පළවා හැරීමට කටයුතු කළහ. ඒ අවස්ථාවේ ආපසු ජේතවනයට ගිය පිරිසට බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රය වදාලා . ඉන්පසුව ආපසු වනයට වැඩි පිරිස නිතර නිතර මෙම සූත්‍රය සඣ්ජායනා කොට මෙත්වඩා දෙවියන් ඇතුළු පිරිස සතුටුකරවා නොබෝ දිනකින් මහරහත් භාවයට පත් වූහ.
Verse 40. Weapons To Defeat Death
Having known this urn-like body,
made firm this mind as fortress town,
with wisdom-weapon one fights Mara
while guarding booty, unattached.
Explanation: It is realistic to think of the body as vulnerable, fragile, frail and easily disintegrated. In fact, one must consider it as a clay vessel. The mind should be thought of as a city. One has to be perpetually mindful to protect the city. Forces of evil have to be fought with the weapons of wisdom. After the battle, once you have achieve victory, live without being attached to the mortal self.
Five hundred bhikkhus from Savatthi, after obtaining a subject of meditation from the Buddha, travelled for a distance of one hundred yojanas* away from Savatthi and came to a large forest grove, a suitable place for meditation practice. The guardian spirits of the trees dwelling in that forest thought that if those bhikkhus were staying in the forest, it would not be proper for them to live with their families in the trees. So they descended from the trees, thinking that the bhikkhus would stop there only for one night. But the bhikkhus were still there at the end of a fortnight; then it occurred to them that the bhikkhus might be staying there till the end of the vassa. In that case, they and their families would have to be living on the ground for a long time. So, they decided to frighten away the bhikkhus, by making ghostly sounds and frightful apparitions. They showed up with bodies without heads, and with heads without bodies, etc. The bhikkhus were very upset and left the place and returned to the Buddha, to whom they related everything. On hearing their account, the Buddha told them that this had happened because previously they went without any weapon and that they should go back there armed with a suitable weapon. So saying, the Buddha taught them the entire Metta Sutta (discourse on Loving-Kindness) beginning with the following stanza:
Karaniyamattha kusalena
Yanta santam padam abhisamecca
Sakko uju ca suhuju ca
Suvaco c'assa mudu anatimani.
Yanta santam padam abhisamecca
Sakko uju ca suhuju ca
Suvaco c'assa mudu anatimani.
The bhikkhus were instructed to recite the sutta from the time they came to the outskirts of the forest grove and to enter the monastery reciting the same. The bhikkhus returned to the forest grove and did as they were told. The guardian spirits of the trees receiving loving-kindness from the bhikkhus reciprocated by readily welcoming and not harming them. There were no more ghostly sounds and ungainly sights. Thus left in peace, the bhikkhus meditated on the body and came to realize its fragile and impermanent nature.
From the Jetavana monastery, the Buddha, by his supernormal power, learned about the progress of the bhikkhus and sent forth his radiance making them feel his presence. To them he said, "Bhikkhus just as you have realized, the body is, indeed, impermanent."
Then the Buddha spoke in verse as follows:
| Knowing that this body is (fragile) like an earthern jar, making one's mind secure like a fortified town, one should fight Mara with the weapon of Knowledge. (After defeating Mara) one should still continue to guard one's mind, and feel no attachment to that which has been gained (i.e., jhana ecstasy and serenity gained through meditation). |
* yozana: a measure of length about twelve miles.
Saturday, August 9, 2014
ධම්ම පදය - චිත්ත වර්ගය 7
7. අනවස්සුතචිත්තස්ස – අනන්වාහතචේතසෝ
පුඤ්ඤපාපපහීනස්ස – නත්ථි ජාගරතෝ භයං
කෙනෙකුගේ සිත තුළ – නොවැගිරෙයි නම් රාගය
ද්වේෂයෙන් කිසි කලක – පහර කන සිත් නැති විට
පින් පව් හැමදෙයම – දුරු කළ සිතින් සිටිනා
නිදිවරන ඒ රහතුන් – කිසිදිනක තැති නොගනිති
මම මේ වැඬේ කරනවා කියලා තමා කරන කටයුත්ත ගැන ස්ථිරව සිත පිහිටුවා ගන්නෙ නැත්නම්. කිසි දෙයක් සාර්ථක කරගන්නට බැහැ. පොඩි දරුවන්ට පොත පත පාඩම් කිරීමට වුනත් එහෙම තමයි. තමන් තුළ ලොකු අධිෂ්ඨානයක් තිබෙන්නට ඕන. එතකොට බාහිර දේවල් වලට සිත යොමුවෙන්නෙ නැහැ. ටීවී බල බල ඉන්න සිත යොමු වෙන්නෙ නැහැ. සෙල්ලමටම සිත යොමු වෙන්නෙ නැහැ. විකාර දේවල්වලට යොමු නොවී පොත පතේ වැඩ වුනත් හොඳින් කරගන්නට පුළුවන්.
නමුත් සිත රැකගන්නවා නම් ඒ කෙනා බේරෙනවා. සිත රැක ගන්නට තියෙන්නේ සතර සතිපට්ඨානය තුළමයි. සතර සතිපට්ඨානය තුළ හොඳින් සිත රැකගන්නා කෙනා තම සිත රාග අරමුණු වලින් තෙමෙන්නට දෙන්නෙ නෑ. ඒ වගේම ද්වේෂය ඇතිවෙන අරමුණු වලින් බැට කන්නට දෙන්නෙ නෑ. හැම තිස්සේම සිත රැකගන්නවා. භාවනාව දියුණු කරනවා. සීලයත්, සමාධියත්, ප‍්‍රඥාවත් හොඳින් ප‍්‍රගුණ කරනවා. ඒ තුළින්ම පින් පව් ප‍්‍රහාණය කරලා නිවන ස්පර්ශ කරනවා. නිදි වරමින් බණ භාවනා කරන ඒ වීරියවන්ත රහතන් වහන්සේ හට භයක් ඇතිවන්නට කිසි කරුණක් නැහැ.
Verse 39. The Wide-Awake Is Unfrightened
One of unflooded mind,
a mind that is not battered,
abandoning evil, merit too,
no fear for One Awake.
Explanation: For the person who’s mind is not dampened by passion, unaffected by ill-will and who has risen above both good and evil, there is no fear because he is wide-awake.
Once, there lived in Savatthi, a senior bhikkhu by the name of Samgharakkhita. When his sister gave birth to a son, she named the child after the thera and he came to be known as Samgharakkhita Bhagineyya. The nephew Samgharakkhita, in due course, was admitted into the Order. While the young bhikkhu was staying in a village monastery he was offered two sets of robes, and he intended to offer one to his uncle, the thera.
At the end of the vassa he went to his uncle to pay respect to him and offered the robe to the thera. But, the uncle declined to accept the robe, saying that he had enough. Although he repeated his request, the thera would not accept. The young bhikkhu felt disheartened and thought that since his uncle was so unwilling to share the requisites with him, it would be better for him to leave the Order and live the life of a layman.
From that point, his mind wandered and a train of thoughts followed. He thought that after leaving the Order he would sell the robe and buy a she-goat; that she-goat would breed quickly and soon he would make enough money to enable him to marry; his wife would give birth to a son. He would take his wife and child in a small cart to visit his uncle at the monastery. On the way, he would say that he would carry the child; she would tell him to drive the cart and not to bother about the child. He would insist and grab the child from her; between them the child would drop on the cart-track and the wheel would pass over the child. He would get so furious with his wife that he would strike her with the goading-stick.
At that time he was fanning the thera with a palmyra fan and he absentmindedly struck the head of the thera with the fan. The thera, knowing the thoughts of the young bhikkhu, said, "You were unable to beat your wife; why have you beaten an old bhikkhu?" Young Samgharakkhita was very much surprised and embarrassed at the words of the old bhikkhu; he also became extremely frightened. So he fled. Young bhikkhus and novices of the monastery chased him and finally took him to the presence of the Buddha.
When told about the whole episode, the Buddha said that the mind has the ability to think of an object even though it might be far away, and that one should strive hard for liberation from the bondage of passion, ill will and ignorance.
Friday, August 1, 2014
විශාඛා කුමරිකාවෝ - 2
පලමු කොටසට මෙතැනින් http://piyumvila.blogspot.com/2013/06/blog-post_11.html
ගෞතම බුදුරජාණන් වහන්සේ මාගධ රාජ්‍යයේ අඟුරට, භද්දිය නගරයට වැඩම කළ දා...
ගෞතම බුදුරජාණන් වහන්සේ සම පන්තිස් වියෙහි දී, වෙසක් මස පුර පසොලොස්වක් පොහෝ දින සම්බෝධිඥානය ලබාගෙන සත් සතියක්ම නේරංජනා ගං ඉවුරේ ගතකොට පස්වග මහණුන්ට දම්දෙසා ඒ අය හා අනතුරුව යස කුල පුත් ඇතුළු පිරිසට ද දම් දෙසා ලොව පළමු රහත් හැට නමට මේ උතුම් දහම ලොවට කියා දෙනු පිණිස එක් එක් දිසාවන්ට පිටත් කොට තමන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කල සේක. භද්‍ර වර්ගික කුමාර වරුන් ද, උරුවෙල් කාශ්‍යප ගයා කාශ්‍යප හා නදී කාශ්‍යපයන්ද රහතුන් බවට පත්කොට රජගහ නුවරට වැඩම කලහ. එහිදී බිම්බිසාර මහ රජතුමා ඇතුළු බොහෝ පිරිසක් ආර්‍ය ශ්‍රාවකයන් බවට පත් විය. මේ සමයෙහි කෝලිත හා උපතිස්ස කුමාරවරුන්ද මහරහත් බව ලැබූහ.
බිම්බිසාර මහරජුගේ මාගධ රජ්‍යයට ම අයත්වූ භද්දිය නම්වූ නගරයක් විය. මෙය මෙණ්ඩක මහ සිටුවරයා ගේ වාස භූමිය විය.
ධනඤ්ජය සිටුවරයා ඔහුගේ පුත්‍රයා විය. මේ ධනඤ්ජය සිටුවරයා හා සුමනා කුමරියගේ දියණිය විශාඛා කුමරිය වූවාය. මේ වනවිට ඕතොමෝ සත් හැවිරිදි වූවාය. දිනක් ගෞතම බුදුරජාණන් වහන්සේ භද්දිය නගරයට වැඩම කරනා බව ඇසූ මෙණ්ඩක මහ සිටුතුමා තම සිඟිති මිණිබිරිය වූ විශාඛාවන් අමතා මෙසේ පැවසුවේය.
"දුව මේ මහ පොළවෙහි මෙතෙක් පහළවූ සියලු මුනිවරුනට ම අග්‍ර වූ ,එසේම මහා පුරිස ලකුණෙන් හා අසූවක් පමණවූ අවශේෂ ශාරීරික මංගල ලක්ෂණයන්ගෙන ද විරාජමාන වූ පිදිය යුත්තන් අතර අග්‍ර වූ , සියලුම කෙලෙස් ගති සම්පූර්ණයෙන් ම නැසුවා වූ , ශාක්‍ය රාජ කුලයෙන් නික්ම පැවිදි වූ අපගේ ගෞතම ශාක්‍ය මහා මුනීන්ද්‍රයාණන් වහන්සේ දහස් ගණනක් වූ තම ශ්‍රාවක මහ රහතුන් වහන්සේලා ද පිරිවරා ගෙන අද උදය වරුවේ මේ නුවරට, වඩිනා සේක.
දුවගේ යෙහෙලියන් පිරිවරාගෙනැ ඒ බුදුරදුන් වඩිනා පෙර මගට මහ පෙරහරින් ගොස් ඒ උතුමන් පිළිගෙන අපේ නගරයට වැඩම කරවාගෙනැ ආ යුතුයි. අපිත් ඔබ පිරිසට පසු පසින් එන්නෙමු. මෙය ඔබ සැමටත්, එසේම අප සැමටත් මහත්වූ මංගල්‍යයෙකි"
ඉක්බිති විශාඛාවෝ පන්සියයක් පමණ වූ තම යෙහෙළියන් ද සුදුවතින් හා සියලු අබරණින් සරසවා තුමූ ද සැරසී මලින් සරසූ රන් පුන් කළස් දෙ අත්මතැ තබා ගෙනැ බුදුරදුන් වඬිනා පෙර මගට ගොස් සුවඳ මලින් හා රන් පුන් කළසින් බුදුරදුන් පුදා, දෙපා මුල වැඳ වැටී නමස්කාර කලාහුය. අනතුරුව මෙණ්ඩක සිටුවරයා හා ප්‍රධාන නගර වාසීහූ ද සුවඳ මලින් හා රන් පුන් කළසින් බුදුරදුන් හා මහ රහතුන් පුදමින් නමස්කාර කළාහු ය. ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ එ තැනට රැස්වූ භද්දිය නුවර වාසීන් හා විශඛා ඇතුලු පන්සියයක් කුමරියනට විශේෂ ධර්ම දේශනාවක් පැවත්වූ හ. සත් හැවිරිදි වියෙහි වූ විශාඛාවන් ප්‍රමුඛ කුමරියන් සියලුම දෙනාම එම දම් දෙසුම අවසානයෙහි සෝතාපත්ති මහ ඵල නුවණ ලබමින් ආර්ය ශ්‍රාවිකාවන් බවට පත්වූ හ.
මේ සමයෙහි බිම්බිසාර මහ රජතුමාගේ මාගධ රාජ්‍යය බොහෝ ධනවතුන් ගෙන් පිරි වාස භූමියක් විය. මහා ධන සිටුවරු පස්දෙනෙක්ම මෙහි වාසය කලහ. එහෙත් සැවත් නුවර අගනුවර කොටගත් කෝසල දේශයෙහි එකම එක් සිටුවරයෙක් වත් නොවූහ. මේ අඩුව සපුරා ගනු පිණිස ප්‍රසේනජිත් කෝසල මහ රජතුමා වරක් රාජගහ නගරයට පැමිණ තම ඥාතිවරයාණන් වූ බිම්බිසාර මහ රජතුමා ගෙන් තම රාජ්‍යයටද මහධන සිටුවරයෙක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කලේය. මේ නිසා බිම්බිසාර රජතුමා මෙණඩක සිටුවරයා කැඳවා සියලු පුවත් සැලකොට එකල මහ පිනැතියෙකු ලෙස ප්‍රකටව සිටි ඔහුගේ පුත් ධනඤ්ජය මහ සිටුතුමා සාවස්ථියට පිටත් කර යවන්නට කටයුතු කලේය. නගරයට වඩා පිටත වාසයට කැමතිවූ ධනඤ්ජය සිටුතුමා "සාකේත" නමින් නව නගරයක් නිමවා තම මාලිගය එහි නිම කොට දඹදිව මහ නගර සයෙන් එකක් බවටද මෙම නගරය පත් කලේය. කාලාරාම , කණ්ටකී වන හා අංජන වන නම්වූ ප්‍රසිද්ධ ආරාම තුණක් ම පසු කාලයෙහි මේ අවට ඉදිකරවන ලදී.
Saturday, July 12, 2014
සත් සතිය
සත් සතිය
පළමු සතිය - බෝරුක මුල
දෙවන සතිය - අනිමිසලෝචන පූජාව
තෙවන සතිය - රුවන් සක්මන
සිව්වන සතිය - රැවන් ගෙය
පස්වන සතිය - අජපල් නුග රුක මුල
හයවන සතිය - මුචලින්ද නාග දරණය තුළ
සත්වන සතිය- රාජායතන නම් කිරිපළු රුක මුල
පළමු වන සතිය
(බෝ රුක අසල)
"මම සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි චතුරාර්ය සත්‍යය (දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග) අවබෝධ කර ගැනීමට ඉමහත් වෙහෙසක් දැරීමි. ඒ වීර්යය තුළින් මම ජයග්‍රහණය කෙළෙමි. මේ වනාහි මා ජයග්‍රහණය කළ වීර්ය පර්යංකයයි. මා සියලු කෙලෙසුන් නසා සිවුසස් අවබෝධ කර ගත්තේ මේ පර්යංකයෙහි (පළඟෙහි) " යයි සිතා බුදුරජාණන් වහන්සේ ඒ ආකාරයෙන් ම එහි වැඩ සිට සිය දහස් ගණන් සමාපත්තිවලට සමවදිමින් පුරා සතියක්ම එහි කල් යැවූ සේක.
දෙවන සතිය
(අනිමිස ලෝචන පූජාව)

බුදුරජාණන් වහන්සේ බෝරුක මුල වැඩ සිට එයට මඳක් ඊසාන පැත්තේ සිට තමනට බුදු බව ලබා ගැනීමට උපකාර වී සෙවණ ලබා දුන්නේ මෙම බෝ රුක බව සලකා කෘත ගුණ සැලකීම් වශයෙන් සතියක් ඇසි පිය නොසොල්වා ඒ දෙස බලා ගෙන ඇසින් පූජා කළහ.
(පහත ඈතින් පෙනෙන අනිමිස ලෝචන පූජාව කල ස්ථනයේ දර්ශනය අන්තර්ජාලයෙනි.)
තෙවන සතිය - රුවන් සක්මන
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේත් අනිමිසලෝචන චෛත්‍යයත් අතර පියුම් සහිත වේදිකාව රුවන් සක්මන කල ස්ථානය හැටියට සැලකේ. සක්මන්භාවනාව කරමින් මෙම සතිය මෙහි ගතකලහ.
සිව්වන සතිය - රුවන් ගෙය
අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉන් පසුව සතිපට්ඨානය සිහිකරමින් ඊලඟ සතිය ගතකල ස්ථානය රුවන් ගෙය නම්වේ. පුංචි කුටියක ස්වරූපයකින් මෙය අද දකිය හැකිය.
(පහත දර්ශන 2 අන්තර්ජාලයෙනි.)
සියළු දර්ශන මගේ කැමරා කාචයෙනි.
පුන්‍යාණුමෝදනා බැතිසිතින් :- මහා විහාරයේ ස්වාමින්වහන්සේට.
මගේ ආදරණිය මහත්තයාට හා මග පෙන්වූ අජිත් මහතාට.
ඔබ සැමට පින්බර ඇසල පොහොයක් වේවා!
පළමු සතිය - බෝරුක මුල
දෙවන සතිය - අනිමිසලෝචන පූජාව
තෙවන සතිය - රුවන් සක්මන
සිව්වන සතිය - රැවන් ගෙය
පස්වන සතිය - අජපල් නුග රුක මුල
හයවන සතිය - මුචලින්ද නාග දරණය තුළ
සත්වන සතිය- රාජායතන නම් කිරිපළු රුක මුල
පළමු වන සතිය
(බෝ රුක අසල)
"මම සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි චතුරාර්ය සත්‍යය (දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග) අවබෝධ කර ගැනීමට ඉමහත් වෙහෙසක් දැරීමි. ඒ වීර්යය තුළින් මම ජයග්‍රහණය කෙළෙමි. මේ වනාහි මා ජයග්‍රහණය කළ වීර්ය පර්යංකයයි. මා සියලු කෙලෙසුන් නසා සිවුසස් අවබෝධ කර ගත්තේ මේ පර්යංකයෙහි (පළඟෙහි) " යයි සිතා බුදුරජාණන් වහන්සේ ඒ ආකාරයෙන් ම එහි වැඩ සිට සිය දහස් ගණන් සමාපත්තිවලට සමවදිමින් පුරා සතියක්ම එහි කල් යැවූ සේක.
දෙවන සතිය
(අනිමිස ලෝචන පූජාව)

බුදුරජාණන් වහන්සේ බෝරුක මුල වැඩ සිට එයට මඳක් ඊසාන පැත්තේ සිට තමනට බුදු බව ලබා ගැනීමට උපකාර වී සෙවණ ලබා දුන්නේ මෙම බෝ රුක බව සලකා කෘත ගුණ සැලකීම් වශයෙන් සතියක් ඇසි පිය නොසොල්වා ඒ දෙස බලා ගෙන ඇසින් පූජා කළහ.
(පහත ඈතින් පෙනෙන අනිමිස ලෝචන පූජාව කල ස්ථනයේ දර්ශනය අන්තර්ජාලයෙනි.)
තෙවන සතිය - රුවන් සක්මන
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේත් අනිමිසලෝචන චෛත්‍යයත් අතර පියුම් සහිත වේදිකාව රුවන් සක්මන කල ස්ථානය හැටියට සැලකේ. සක්මන්භාවනාව කරමින් මෙම සතිය මෙහි ගතකලහ.
සිව්වන සතිය - රුවන් ගෙය
අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉන් පසුව සතිපට්ඨානය සිහිකරමින් ඊලඟ සතිය ගතකල ස්ථානය රුවන් ගෙය නම්වේ. පුංචි කුටියක ස්වරූපයකින් මෙය අද දකිය හැකිය.
(පහත දර්ශන 2 අන්තර්ජාලයෙනි.)
පස්වන සතිය - අජපල් නුග රුක මුල
පස්වන සතිය ගතකලේ බෝධීන් වහන්සේට තරමක් දුරින් පිහිටි අජපාල නුග රුක මුලයි. මාරදූවරු දෙවනවරටත් පැමිණ පැරදී පලා ගියබව සඳහන් වේ. මේ නුගරුක වෙනුවට දැනට අළුත් නුගරුකක් මහාවිහාරයට වම් පැත්තේ දැකිය හැකිය.
හයවන සතිය - මුචලින්ද නාග දරණය තුළ
එතැනින් නැගීසිටි බුදුරජුන් මුචලින්ද රුක මුලට වැඩම කොට සතියක් එහි ගතකල සේක. මේ කාලය තුල වැසි සහිත මහා සුළඟක් ඇති වූයෙන් අසල සිටි මහානාග රාජයෙක් උන්වහන්සේට සෙවන දුන්හ. එය සංකේතවත් කිරීමට වම්පසින් විලක් තනවා මූර්තියක් සාදා ඇත. අදටත් මුචලින්ද නමින් ගමක් බුද්ධගයාවේ ඇත.
සත්වන සතිය- රාජායතන නම් කිරිපළු රුක මුල
රාජායතන නම්වූ කිරිපළු රුක මුල සමාපත්ති සුවයෙන් වැඩ වසන කලිහි තපස්සු භල්ලුක යන වෙළඳ දෙබෑයන් ඒ අසලින් යත්දී උන්වහන්සේ දැක පැහැදී විළඳ හා මීපැණි කලවම් කර සකසා පිදූහ. බුද්ධ ධම්ම සරණ ගිය මුල්ම උපාසකයෝ මේ දෙදෙනා වෙති. තමන්ට පිදීමට යමක් ඉල්ලූවිට හිස පිරිමැද කේශ ධාතු ස්වල්පයක් ලබා දුන්හ. එය නිදන්කොට චෛත්‍යයක් තැනවූ බව සඳහන් වේ. ලංකාවේ තිරියායේ හිරිගඩු (ගිරිහඩු) සෑය මෙම සෑරදුන් වේයැයි ද , නො එසේ නම් බුරුම රටේ ස්වේදගොන් චෛත්‍ය වේ යැයි ද මත පවතී.
බුද්ධගයා මහා විහාරය ඉදිරිපිට රාජායතනය තුබූ බවට සටහනක් ඇත.
සියළු දර්ශන මගේ කැමරා කාචයෙනි.
පුන්‍යාණුමෝදනා බැතිසිතින් :- මහා විහාරයේ ස්වාමින්වහන්සේට.
මගේ ආදරණිය මහත්තයාට හා මග පෙන්වූ අජිත් මහතාට.
ඔබ සැමට පින්බර ඇසල පොහොයක් වේවා!
How the Buddha spent the
'Sath Sathiya'
First week: Under the bodhi tree - During the first
week after Enlightenment, the Buddha sat under the bodhi tree, experiencing the
happiness of freedom and peace. Throughout the week, He sat in one posture,
experiencing the Bliss of Emancipation (Vimukthi Suva).
Second week: Gazing at the bo tree - In gratitude to the
tree that had sheltered Him during His struggle for Buddhahood, the Buddha
stood without moving His eyes as He meditated on the bodhi tree (Animisalochana
Pooja), thus teaching a great moral lesson to the world. Buddhists who follow
this example pay their respects not only to the original bo tree, but also
other bo trees.
Third week: Golden bridge - The Buddha saw through His
mind's eye that the gods were not sure whether He had attained Enlightenment,
as the Buddha had not given up His temporary residence at the bo tree. To clear
their doubts, He created, by His psychic powers, a golden bridge in the air,
and walked up and down it for a whole week.
Fourth week: In
the jewelled chamber - The Buddha created a beautiful jewelled chamber
(ratanaghara) and sitting inside it, meditated on what was later known as the
'Detailed Teaching' (Abhidhamma).
His mind and body were so
purified that rays of six colours came out of His body - blue, yellow, red,
white, orange and a mixture of these five. Each colour represented one noble
quality of the Buddha: yellow for holiness, white for purity, blue for
confidence, red for wisdom and orange for defeat of desire.
The mixed colour represented
all these noble qualities. Today these six colours make up the Buddhist flag.
Fifth week: With a Brahmana and three girls - While
meditating under the Ajapala banyan tree, the Buddha replied to a Brahmana, who
came to see Him, that one becomes a perfect Brahmana by one's deeds and not by
birth.
Three charming girls called
Tanha, Rati and Raga (the daughters of Mara) came to disturb His meditation.
They danced around the Buddha and tried to distract Him, but soon got tired and
left Him alone.
Sixth week: Under the muchalinda tree - The Buddha
started meditating under a muchalinda tree. It began to rain heavily and the
huge Muchalinda Nagaraja (cobra king) came out and coiled his body seven times
around the Buddha to keep Him warm and placed his hood over the Buddha's head
to protect Him from the rain.
After seven days, the rain
stopped and the snake changed into a young man who paid his respects to the
Buddha.
Seventh week: Under the Rajayatana tree - The Buddha
meditated under the Rajayatana banyan tree. Two merchants, Tapassu and
Bhalluka, came into His presence and offered the Buddha rice cakes and honey.
The Buddha told them some of
what He had found in His Enlightenment. These two merchants, by taking refuge
in the Buddha and His Dhamma, became the first lay followers in the Buddhist
world. There was no Sangha (order of monks and nuns) then.
They asked the Buddha for something
sacred and the Buddha wiped His head with His right hand and pulled out some
hair to give them. These hair relics (Kesa Datu) were brought home and
enshrined by the merchants.
Wednesday, July 2, 2014
අසූ මහා ශ්රාවකයන් වහන්සේලා
බරණැස ඉසිපතනයේදී පස්වග තවුසන් අරබයා බුදුරදුන් සිදුකළ ප‍්‍රථම ධර්ම දේශනයත් සමග ම ප‍්‍රථම බුද්ධ ශ‍්‍රාවකයා බිහිවිය. ඒ අඤ්ඤාකොණ්ඩඤ්ඤ හිමියන් ය. එතැන් පටන් ගිහි පැවිදි ස්තී‍්‍ර පුරුෂ බුද්ධ ශ‍්‍රාවක පිරිස ශීඝ‍්‍රලෙස ඉහළ ගිය අතර මුළු මහත් භාරතය පුරා ම විසිරී ගියහ.
භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස අතුරෙන්ම මෙලෙස මහා ශ‍්‍රාවකයන් තෝරාගෙන ඇති ආකාරය ති‍්‍රපිටක මූලාශ‍්‍රයන්ගෙන් දැකගත හැකි ය. අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ දහහතරවන ඒතදග්ග වග්ගය පුරා කුඩා ප‍්‍රමාණයේ සූත‍්‍ර අසූවකින් මෙම මහා ශ‍්‍රාවකයන් සහ ඔවුන්ගේ සුවිශේෂතා මහ පිරිස්මැද හඳුන්වා දෙමින් ඇගයීමට ලක්කරන අයුරු දැකගත හැකි ය. මෙලෙස ඇගයෙන මහා ශ්රාවකයන් වහන්සේලා අසූ මහා ශ‍්‍රාවකයන් ලෙසින් බෞද්ධ සමාජය තුළ ගෞරවාදර බහුමානයන්ට පාත‍්‍ර වූහ.
රහතන් වහන්සේලා ගැන ඇසීම පවා ඉතා දුර්ලභ කරුණකි.මේ උතුම් රහතන් වහන්සේලා පහල වන්නේ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයෙහි පමණි.
බුදුරජාණන්වහන්සේට ඉතා විශාල ශ්‍රාවක පිරිසක් වූහ.මේ ශ්‍රාවක පිරිස අතුරෙන් එක් එක් ක්ෂේත්‍රයන්හි අති විශිෂ්ටත්වයට පත්වූ ප්‍රධාන
ශ්‍රාවක පිරිසක්ද වුහ.එම ශ්‍රාවක පිරිස සංඛ්‍යාවෙන් අසූවකි. අසූ මහා ශ්‍රාවකයන් වශයෙන් හැදින්වෙන්නේ එම සුවිශේෂ ශ්‍රාවකයෝය.
1. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ
බුද්ධ ශ්‍රාවක භික්ෂු පිරිසේ වැඩිහිටිම (චිරරාත්‍රඥ) භික්ෂූන් වහන්සේ ලෙස අග්‍රස්ථානය ලැබූහ.
2. සාරිපුත්ත මහරහතන් වහන්සේ
බුදුන්වහන්සේගේ දක්ෂිණ ශ්‍රාවක වූ අතර ප්‍රඥාවන්ත භික්ෂුන්ගෙන් අග්‍ර වූහ. නුවණින් දෙවැනි වුයේ බුදුන්වහන්සේට පමණි.
3. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ
බුදුන්වහන්සේගේ වාම ශ්‍රාවක වූ අතර ඍද්ධිමතුන්ගෙන් (පෙළ හර පෑ හැකි) ප්‍රධාන තනතුර ලැබිණි.
4. මහා කාශ්‍යප මහ රහතන් වහනසේ මහා කාශ්‍යප මහ රහතන්වහන්සේ සෑම අතින්ම බුදුරජාණන් වහන්සේට සමාන නිසා නිතරම මිනිසුන් රැවටුන බව කියැවේ.
ධූතාංගධාරී භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
5. අනුරුද්ධ මහරහතන් වහන්සේ
දිවැස් ඇති භික්ෂූන් අතරින් අග්‍ර වූහ.
6. භද්දිය මහරහතන් වහන්සේ
උසස් කුලයක උපන් භික්ෂූන් අතර ප්‍රධාන තනතුරු හිමිවිය.
7. ලකුණ්ටක භද්දිය මහරහතන් වහන්සේ
මිහිරි කටහඩ ඇති භික්ෂූන් අතර අග්‍ර ස්ථානය ලැබූහ.
8. පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ
අභීත සීහ නාද (භය නැතිව කතා කරන) භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබූහ.
9. මන්තානි පුත්ත පුණ්න මහරහතන් වහන්සේ
විචිත්‍ර ධර්ම කථික භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබූහ.
10. මහා කච්චායන මහරහතන් වහන්සේ
බුදුහිමියන් කෙටියෙන් වදාල ධර්මය විස්තරාත්මකව ප්‍රකාශ කිරීමේ හැකියාව ඇති භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ගත්තේය.
11. මහාපන්ථක මහරහතන් වහන්සේ
අරූප ධ්‍යානලාභී භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබූහ.
12. චුල්ලපන්ථක මහරහතන් වහන්සේ
මනෝමය කාය නිර්මාණය කරන භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
13. සුභූති මහරහතන් වහන්සේ
නොකිලිටි විහරණ ඇත්තන්ගෙන්ද,දක්ෂිණාර්භ භික්ෂූන් අතරින්ද අග්‍රස්ථානය ලැබුහ.
14. රේවත මහරහතන් වහන්සේ
ආරණ්‍යවාසී භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
15. කංඛාරේවත මහරහතන් වහන්සේ
ධ්‍යානයෙහි ඇලුණු සිත් ඇති භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබූහ.
16. සෝණ (කෝලිවිස) මහරහතන් වහන්සේ
පරිපූර්ණ (ආරබ්ධ)වීර්ය ඇති භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
17. සෝණ (කුට්කණ්න) මහරහතන් වහන්සේ
යහපත් වචන කථා කරන භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබූහ.
18. සීවලී මහරහතන් වහන්සේ
ප්‍රත්‍යලාභී භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
19. වක්කලී මහරහතන් වහන්සේ
ශ්‍රද්ධා අධික භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
20. රාහුල මහරහතන් වහන්සේ
ශාසනයේ ශික්ෂාකාමී අවවාද කැමති භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබූහ.
21. රට්ඨපාල මහරහතන් වහන්සේ
ශ්‍රද්ධාවෙන් පැවිදිවූවන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
22. කුණ්ඩධාන මහරහතන් වහන්සේ
පළමුවෙන් සලාකගන්නවුන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
23. වංගීස මහරහතන් වහන්සේ
වහා වැටහෙන නුවණැති භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
24. උපසේන මහරහතන් වහන්සේ
ප්‍රසාද එලවුණු සුලු තැනැත්තන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
25. දබ්බ මල්ලපුත්ත මහරහතන් වහන්සේ
මනාකොට සෙනසුක් පනවන භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
26. පිළින්දිවච්ච මහරහතන් වහන්සේ
දෙවියන්ට ප්‍රිය වූ භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
27. මහා බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේ
මොහොතකින් ලබන ලද රහත් බව (ඛිප්පාභිඤ්ඤා) ඇති භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
28. කුමා රකස්සප මහරහතන් වහන්සේ
විචිත්‍ර ධර්ම කථිකයන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
29. මහා කොට්ඨිත මහරහතන් වහන්සේ
චතු පටිසම්බිදාවෙහි (අර්ථ-ධර්ම-නිරුක්ති-පටිභාන)දක්ෂ භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
30. ආනන්ද මහරහතන් වහන්සේ
උපස්ථායකින් අතරින්ද, ධාරණ-සමෘතීන්ගෙන්ද,බුදුන් වදාල තාක් එසේම දරන්නන්ගෙන් අතරින්ද,වීර්යවතුන්ගෙන්ද අග්‍රස්ථානය ලැබූහ.
31. උරුවේල කාශ්‍යප මහරහතන් වහන්සේ
මහා පිරිස් ඇති භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
32. කාඵදායි මහරහතන් වහන්සේ
කුලයන් සසුනේ පහදන්නන්ගෙන් අග්‍රස්ථානය ලැබූහ.
33. බක්කුල මහරහතන් වහන්සේ
නීරෝගී භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
34. සෝභිත මහරහතන් වහන්සේ
පෙර විසූ ආත්ම භව සිහි කිරීමේ හැකියාව ඇත්තවුන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
35. උපාලි මහරහතන් වහන්සේ
විනය දරන්නවුන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
36. නන්දක මහරහතන් වහන්සේ
මෙහෙණින්ට අවවාද කරන භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
37. නන්ද මහරහතන් වහන්සේ
ඉන්ද්‍රීය සංවර ඇති භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබූහ.
38. මහාකප්පින මහරහතන් වහන්සේ
භික්ෂූන්ට ඔවදන් දෙන්නන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
39. සාගත මහරහතන් වහන්සේ
තේජෝ ධාතුවට සමවදින්නන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
40. මෝඝරාජ මහරහතන් වහන්සේ
රඵ සිවුරු පරිහරණය කරන භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
41. රාධ මහරහතන් වහන්සේ
මනා වැටහීම් ඇති භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
42. නාලක මහරහතන් වහන්සේ
නිශ්ශබ්ද පිළිවෙත පුරන ලද්දන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
තනතුරු නොලැබූ (එහෙත් අසූමහා ශ්‍රාවකයන් අතර සිටින) මහරහතන් වහන්සේලා
43. භද්දිය මහරහතන් වහන්සේ
පස්වග තවුසන්ගෙන් කෙනෙකි.ධම්ම චක්කප්පවත්තන දේශනාවෙන් දෙවනි දින සෝවාන් විය.අනන්ත ලක්ඛන සූත්‍රය අසා රහත් විය.
44. වප්ප මහරහතන් වහන්සේ
පස්වග තවුසන්ගෙන් කෙනෙකි.ධම්ම චක්කප්පවත්තන දේශනාවෙන් තෙවැනි දින සෝවාන් විය.අනන්ත ලක්ඛන සූත්‍රය අසා රහත් විය.
45. මහානාම මහරහතන් වහන්සේ
පස්වග තවුසන්ගෙන් කෙනෙකි.ධම්ම චක්කප්පවත්තන දේශනාවෙන් සිව්වැනි දින සෝවාන් විය.අනන්ත ලක්ඛන සූත්‍රය අසා රහත් විය.
46. අස්සජි මහරහතන් වහන්සේ
පස්වග තවුසන්ගෙන් කෙනෙකි.ධම්ම චක්කප්පවත්තන දේශනාවෙන් පස්වැනි දින සෝවාන් විය.අනන්ත ලක්ඛන සූත්‍රය අසා රහත් විය.
47. කිම්බිල මහරහතන් වහන්සේ
ශාක්‍ය වංශික කුමාරයෙකි.කෙතරම් සැප සම්පත් තිපුණද තමා ජරා ජීර්ණ වන බව සිතා අනුරුද්ධ ආදී කුමාරවරුන් සමග පැවිදිව රහත් වූහ.
48. භගු මහරහතන් වහන්සේ
අනුරුද්ධ ආදී කුමාරවරුන් සමග පැවිදිව රහත් වූහ.
49. චුන්ද මහරහතන් වහන්සේ
සැරියුත් තෙරුන්ගේ බාල සොහොයුරා වූහ.කලක් බුදුරදුන්ට උපස්ථාන කළ භික්ෂුවකි.
50. සේලුදායි (සේල) මහරහතන් වහන්සේ
බ්‍රාහ්මණ වංශිකයෙක් වන මෙතුමා තම ශිෂ්‍යයන් සමග බුදුරදුන් හමුවු විටකදී බුදුරසුන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දැක ඒකාන්තයෙන් බුදු කෙනෙකු යැයි හැදින පැවිදිව රහත් වූහ.
51. නාගිත මහරහතන් වහන්සේ
කපිලවස්තු නුවර ශාක්‍යවංශිකයෙකුව උපත ලබා මධුපිණ්ඩික සූත්‍රය
අසා ශ්‍රද්ධාවෙන් පැවිදි වී රහත් බව ලැබූහ.
52. තෝදෙය්‍ය මහරහතන් වහන්සේ
බාවාරි තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර බුදුන් වහන්සේ හමුවීමෙන් පසු දහසක් ශිෂ්‍යන් සමග පැවිදි වී රහත් බව ලැබූහ.
53. කප්ප මහරහතන් වහන්සේ
බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර බුදුන් වහන්සේ හමුවීමෙන් පසු පැවිදි වී රහත් බව ලැබූහ.
54. ජතුකණ්ණි මහරහතන් වහන්සේ
බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර බුදුන් වහන්සේ හමුවීමෙන් ජාති ජරා මරණාදියෙන් මිදිමට ධර්මයක් දේශනා කරනමෙන් ඉල්ලා පැවිදිව රහත් වූහ.
55. පෝසාල මහරහතන් වහන්සේ
බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර ආකිඤ්චඤ්ඤායතන ධ්‍යාන ලාභියෙකි.පසුව බුදුරදුන් හමුවී පැවදිව රහත් වූහ.
56. පුණ්ණක මහරහතන් වහන්සේ
බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර පැවිදිව රහත් බව ලැබූහ.
57. ධෝතක මහරහතන් වහන්සේ
බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර බුදුන්වහන්සේ සම්මුඛ වී තෘෂ්ණා දෘෂ්ටි ආශ්‍රවයන්ගෙන් මිදෙන්නේ කෙසේදැයි අසා පැවිදිව රහත් වූහ.
58. නන්ද (දුතීය) මහරහතන් වහන්සේ
බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර බුදුන් වහන්සේ හමුවී මුනිවරයෙකු වන්නේ කෙසේදැයි අසා පැවිදිව රහත් වූහ.
59. අජිත මහරහතන් වහන්සේ
බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර පසුව පැවිදිව රහත් බව ලැබූහ.
60. තිස්ස මෙත්ත්‍යෙය මහරහතන් වහන්සේ
බාවාරි තවුසාගේ ප්‍රධාන ශිෂ්‍යයෙකි. තම ආචාරිවරයාගේ අනුදැනුම මත බුදුන්වහන්සේ වෙත පැමිණ ධර්ම සාකච්ඡාවකින් පසු පැහැදී තම ශිෂ්‍ය පිරිසද සමග පැවදිව රහත් වූහ.
61. මෙත්තගු මහරහතන් වහන්සේ
බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර බුදුන් වහන්සේ හමුවී තෘෂ්ණාව ආදිය විමසිමෙන් පැවිදිව රහත් වූහ.
62. උපසීව මහරහතන් වහන්සේ
බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර එතුමාගේ උපදෙස් ඇතිව බුදුන්වහන්සේ හමුවී පැවිදිව රහත් වූහ.
63. හේමක මහරහතන් වහන්සේ
බාවාරි තවුසාගේ මගපෙන්වීම යටතේ බුදුරජාණන් වහන්සේ හමුවී තෘෂ්ණාව නැති කරන ආකාරය පිලිබද විමසා පැවිදිව රහත් වූහ.
64. භද්‍රාවුධ මහරහතන් වහන්සේ
බාවාරි තවුසාගේ අතවැසියෙකි.පසුව ගුරුතුමාගේ අවසරය ඇතිව බුදුන්වහන්සේ වෙත පැමිණ කෙලෙසුන්ගෙන් මිදීම පිලිබද විමසා සිසු පිරිස සමග පැවිදිව රහත් බව ලැබූහ.
65. උදය මහරහතන් වහන්සේ
සැවැත් නුවර උපන් මෙතුමාද බාවාරි තවුසාගේ උපදෙස් පිරිදි බුදුන් වහන්සේ හමුවී අවිද්‍යාව දුරු කිරීම පිලිබද අසා පිරිවර සමග පැවිදිව රහත් වූහ.
66. පිංගිය මහරහතන් වහන්සේ
මහලු වියේදී බාවාරි තවුසා වෙත ගොස් තවුස් ජීවිතයක් ගත කර ගුරුන්ගේ අනුදැනුම මත බුදුන්වහන්සේ හමුවීමට ගියත් ගුරුතුමා ගැන සිතමින් ධර්මශ්‍රවණය කල නිසා අනාගාමී තත්වයට පත්විය. පසුව බාවාරි ගුරුතුමාට දේශනා කල ධර්මය අසා රහත් බව ලැබූහ.
67. මේඝිය මහරහතන් වහන්සේ
කිඹුල්වත් පුර ශාක්‍ය වංශයෙහි උපන් මෙතුමා පසුව බුදුරදුන් වෙත පැවිදි වී උපස්ථායක කටුයුතු කළේය.
බුදුරදුන්ගේ උපදෙස් පිරිදි යෝනිසෝමනසිකාරයෙන් භාවනා කර රහත් බව ලැබූහ.
68. පුණ්ණ (සුනාපරන්න) මහරහතන් වහන්සේ
සැවැත් නුවරදී පැවිදිව බුදුරජාණන් වහන්සේගේ උපදෙස් ලබාගෙන තම ගමටම (සුප්පාරක) ගොස් භාවනා කර රහත් වූහ.
69. උපවාන මහරහතන් වහන්සේ
ජේතවනාරාම පූජාවේදී පැහැදී පැවිදි වූ උපවාන තෙරුන් දිවා රෑ යෝනිසෝමනසිකාරයෙන් භාවනා කොට විදර්ශනා වඩා රහත් වූහ.
70. යස මහරහතන් වහන්සේ
පළමුව ධර්මය අසා සෝවාන් වී මව් පියන්ට දේශනා කළ ධර්මය අසා රහත් වූහ.බුදු සසුනේ ප්‍රථම තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාව වන්නේ මේ මව්පිය දෙදෙනාය.
71. විමල මහරහතන් වහන්සේ
බරණැස් සිටු පවුලක කුමාරයෙක් වන අතර යස තෙරුන්ගේ යහලුවෙකි.
72. සුභාහු මහරහතන් වහන්සේ
ධනවත් සිටු පවුලකට අයත් වූ අතර යස තෙරුන් පැවදි වූ පසු එහි ගොස් දැක පැහැදී මහණ වී රහත් වූහ.
73. පුණ්ණජි මහරහතන් වහන්සේ
පුණ්ණජි මානවකද,යස,විමල,සුභාහු යන මිතුරන් ගිය මගම ගොස් පැවිදිව රහත් වූහ.
74. ගවම්පති මහරහතන් වහන්සේ
යස තෙරුන්ගේ යහලුවෙකු වූ මෙතුමාද අනික් යහලුවන් මෙන් ගොස් පැවිදිව රහත් වූහ. ඍද්ධි ප්‍රාතිහාර්ය පෑමෙහි දක්ෂ වූහ.
75. නදී කාශ්‍යප මහරහතන් වහන්සේ
උරුවේල කාශ්‍යප ජටිල තවුසාගේ දෙවනි සහෝදරයාය. උරුවේල කාශ්‍යපගේ පැවිදි වීමත් සමග මොහුද පිරිසත් සමග පැවිදිව රහත් වූහ.
76. ගයා කාශ්‍යප මහරහතන් වහන්සේ
උරුවේල කාශ්‍යප ජටිල තවුසාගේ බාලම සොහොයුරාය.සහෝදරයන් දෙදෙන බුදු සසුනට ඇතුලු වූ පසු තම පිරිසද සමග පැවිදී වී රහත් වූහ.
77. මහා උදායි මහරහතන් වහන්සේ
කිඹුල්වත්පුර බමුණු පවුලක උපත ලබා බුදුරදුන් නෑයන්ට ධර්ම දේශනා කළ අවස්ථාවේ පැහැදී බුදු සසුනට ඇතුලු වී රහත් වූහ.
78. අංගුලිමාල මහරහතන් වහන්සේ
ඇසුරු කලවුන් නිසා නොමග ගොස් ප්‍රචණ්ඩ තැනැත්තෙකු බවට පත්වී අංගුලිමාල මානවකයා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව නිසා මහණ වී රහත් බවට පත්විය.
(අංගුලිමාල පිරිත දේශනා කරන ලද්දේ මෙම රහතන්වහන්සේ විසිනි)
79. යසෝජ මහරහතන් වහන්සේ
ශ්‍රාවස්ථි නගරය අසල ධීවර ගම්මානයක උපත ලදහ. පසුව කලකිරී පැවිදි විය. විදර්ශනා වඩා රහත්වූහ.
80. සභිය මහරහතන් වහන්සේ
මෙතුමාගේ මව ක්ෂත්‍රීය කුමරියකි.තරුණ වයසේදී පරිභ්‍රාජකයෙක් වූ අතර ඒහි භික්ෂු භාවයෙන් උපසම්පදාව ලබා කෙලෙස් තවන වීර්ය ඇතිව සියලු කෙලෙසුන් නසා රහත් වූහ.
ශ‍්‍රාවක සංඝ කියලා කියන්නේ ගිහි ජීවිතය අත්හැරපු, උදාර ශික්ෂා පද සමූහයක් ආරක්ෂා කරගෙන ඉන්න, ශාසනයේ අරටු. මාර්ගඵලලාභී භික්ෂු සංඝයා. එතකොට අපි සරණ ගියේ අන්න ඒ ශ‍්‍රාවක සංඝරත්නයයි.
අතිශයින්ම සුන්දරයි බුදුරජාණන් වහන්සේගේ ශ්රාවක සංඝරත්නය. ඒ ශ‍්‍රාවක සංඝයාගේ ගුණ අපි හිතන්නේ නැත්නම් අපිට අවබෝධ වෙන්නෙ නැත්නම්, අපේ හිත පහදින්නේ නෑ. ‘සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ’….
ඒ නිසා අපටත් ඒ ශ්‍රාවක සංඝරත්නය ගුණ වශයෙන් හඳුනාගෙන බුදුරජාණන් වහන්සේගේ ශ්රාවක සංඝරත්නය කෙරෙහි නොසෙල්වෙන ආකාරයේ පැහැදීමක් ඇතිකර ගන්න වාසනාව උදාවේවා!
සැමට තෙරුවන් සරණයි!
Subscribe to:
Posts (Atom)
ධම්ම පදය - බාල වග්ගය 71 ගාථාව
න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ පවිටු කෙනා කරනා පව් – මීකිරි මිදෙනා වේගෙන් සැණෙකින...
-
සත් සතිය පළමු සතිය - බෝරුක මුල දෙවන සතිය - අනිමිසලෝචන පූජාව තෙවන සතිය - රුවන් සක්මන සිව්වන සතිය - රැවන් ගෙය පස්වන සතිය - අජපල් න...
-
බෝසතාණන් වහන්සේ උපත ලබන අවස්ථාවේදී තවත් පස් දෙනෙක් උපන්නා . ශ්‍රී මහා බෝධීන් වහන්සේ , කන්තක අශ්වයා , ඡන්න ඇමැතිවරයා , කාලු...
.jpg)
.jpg)














.jpg)
.jpg)











.jpg)
