රහතන් වහන්සේ ගැන වදාල දෙසුම. (අරහන්ත සූත්‍රය )
සැවැත් නුවර ජේතවන අසපුවේදීය.
එකත්පස්ව සිට ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.
“ යම් භික්ෂුවක් අරහත් කෙනෙක් වුනත් නිවන් මග සම්පූර්ණ කරන කෙනෙක් වුනත් , ආස්‍රවයන් ක්ෂය කරපු කෙනෙක් වුනත් , අන්තිම සිරුරු දරන කෙනෙක් වුනත් , ඒ උනාට ඒ භික්ෂුව “මම පවසමි ” කියල කියනවනෙ. “මට කියනව ” කියලත් කියනව නෙ? ( ඒ මොකද ?) 'ZZ
භාග්‍යවතුන් වහන්සේ: “යම් භික්ෂුවක් අරහත් කෙනෙක් වෙලත් , නිවන් මග සම්පූර්ණ කරලත් , ආස්‍රවයන් ක්ෂය කරලත්, අන්තිම සිරුරු දරාගෙන ඉදලත් , “මම කියමි ” කියල කියනව තමයි . “මට කියනව ”කියලත් කියනව තමයි. ඔහු දක්ෂයි . ලෝකෙ ව්‍යවහාරෙ හොදට දන්නවා. ඒක ඔහුගේ ව්‍යවහාර මාත්‍රයක් විතරයි.”
දෙවියා - යම් භික්ෂුවක් අරහත් කෙනෙක් වුනත් නිවන් මග සම්පූර්ණ කරන කෙනෙක් වුනත් , ආස්‍රවයන් ක්ෂය කරපු කෙනෙක් වුනත් , අන්තිම සිරුරු දරන කෙනෙක් වුනත් , ඉතින් ඔහු “මම කියමි ” කියල ත් කියනව නම් “මට කියනව ” කියලත් කියනව නම් , එතකොට . ඒ භික්ෂුව යම්කිසි මාන්නයකට ඇවිල්ල නේද ඉන්නෙ? ''.
භාග්‍යවතුන් වහන්සේ: “ නෑ, මාන්නය ප්‍රහාණය කල කෙනෙකුට කෙලෙස් ගැට නෑ. ඒ මාන ගැට ඔක්කොම ඔහු නැති කරලයි තියෙන්නෙ. ඔහු ප්‍රඥාවන්තයෙක් . මාන්නය ඇතිකරන හැගීම් ඉක්මවා ගිහිල්ලයි ඉන්නෙ. “මම කියමි ” කියල ඔහු කිව්වත් “මට කියනව ”කියල ඔහු කිව්වත් , ඇත්තෙන්ම ඔහු දක්ෂයි. ලෝකෙ ව්‍යවහාරය හොදට දන්නවා. ඒක ඔහුගේ ව්‍යවහාර මාත්‍රයක් විතරයි.”
සාදූ! සාදූ! සාදූ!