Thursday, November 18, 2021

5. පඤ්චක නිපාතෝ 5. පස්වැනි නිපාත​ය

 


අඤ්ඤතරා ථේරීගාථා

5.1. එක්තරා තෙරණියකගේ ගාථා

67. පණ්ණවීසතිවස්සානි යතෝ පබ්බජිතා අහං,
නච්ඡරාසංඝාතමත්තම්පි චිත්තස්සූපසමජ්ඣගං.

67. මං මහණ වෙලා අවුරුදු විසිපහක් ගෙවිල ගියා. මට ඇසුරු ගසන මොහොතක වෙලාවක් වත් සමාධිගත සිතක් ලබා ගන්ට බැරිවුණා.

68. අලද්ධා චේතසෝ සන්තිං කාමරාගේනවස්සුතා,
බාහාපග්ගය්හ කන්දන්තී විහාරං පාවිසිං අහං.

68. චිත්ත සමාධියක් ලබාගන්ට බැරිව, කාම රාගයෙන් තෙමිල ගිය සිතින්, මං හිටියේ. ඉතින් මං දෑත හිසේ බැඳගෙන හඬ හඬා ආරාමය ඇතුළට ගියේ.

69. තං භික්ඛුනිමුපාගඤ්ජිං යා මේ සද්ධායිකා අහු,
සා මේ ධම්මමදේසේසි ඛන්ධායතනධාතුයෝ.

69. මං පැහැදිලා හිටිය එක භික්ෂුණියක් ගැන. අන්තිමේදී මං ඈ ළඟට ගියා. ඉතින් ඒ භික්ෂුණිය මට ස්කන්ධ ධාතු ආයතන ගැන ධර්මය දේශනා කළා.

70. තස්සා ධම්මං සුණිත්වාන ඒකමන්තේ උපාවිසිං,
පුබ්බේනිවාසං ජානාමි දිබ්බචක්ඛු විසෝධිතං.

70. ඒ භික්ෂුණිය කියාපු ධර්මය මං හිතට ගත්තා. එකත්පස්ව වාඩිවුණා. මං පුබ්බේ නිවාස ඤාණය සිහිකරන්ට දන්නවා. දිවැසත් පිරිසිදු කරගත්තා.

71. චේතෝපරියඤාණඤ්ච සෝතධාතු විසෝධිතා,
ඉද්ධිපි මේ සච්ඡිකතා පත්තෝ මේ ආසවක්ඛයෝ,
ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනන්ති.

71. අනුන්ගේ සිත් දකින ඤාණයත් තියෙනවා. දිව්‍ය කනත් පිරිසිදු කරගත්ත. ඉර්ධි ප්‍රාතිහාර්ය පාන්ටත් පුළුවන්. ආශ්‍රවයන් ක්ෂය කරල අරහත්වයටත් පත්වුණා. මං මේ අභිඤ්ඤා ඔක්කොම ලැබුවා. බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා.

ඉත්ථං සුදං අඤ්ඤතරා ථේරී ගාථායෝ අභාසිත්ථා’ති.

මේ වනාහී එක්තරා රහත් තෙරණියක් වදාළ ගාථාවන්ය.

2 comments:

  1. ඔබගේ බ්ලොගය මේ වන විට; බ්ලොග් අඩවි 930 කට පිවිසීමට හැකි අපගේ සිඩියට එක් කරගෙන ඇති බව සතුටින් දැනුම් දෙන්නෙමු! අපගේ සින්ඩිය පිළිබඳ ඔබගේ ප්‍රචාරය අපට ඉමහත් ශක්තියකි!

    ReplyDelete
  2. මෙරට තුල බ්ලොග් යළි ජනප්‍රිය කිරීමේ අරමුණින් අප කණ්ඩායම සැකසූ මෙම සින්ඩිය; දැනට අවකාශයේ පවතින වඩාත්ම පුළුල් සින්ඩිය බවට පත්ව ඇති බව පවසන්නේ නිහතමාණී ආඩම්බරයෙන් යුතුවය!
    දැනට බ්ලොග් දහසකට අධික සංඛ්‍යාවකට පිවිසිය හැකි එකම සින්ඩි දොරටුව වන්නේ අපගේ සින්ඩියයි.
    ඔබගේ බ්ලොගයද එහි පලකොට ඇති බව අප සතුටින් ඔනට දැනුම් දෙන්නෙමු.
    සිංහල පාඨකයින් අතර බ්ලොග් ප්‍රචලිත කිරීම සඳහා සින්ඩියකින් කලහැකි, කලයුතු කාර්‍යභාරය පිළිබඳව ඔබගේ අදහස් අප ගෞරවයෙන් අපේක්ෂා කරණ්නෙමු!
    එසේම අපගේ සින්ඩියේ සිදුවිය යුතු කිසියම් වෙනසක් නවතාවයක් වෙතොත් ඒ පිළිබඳව අපව දැනුවත් කරණ්නේනම් ඒ පිළිබඳවාප ඔබට අනේක වාරයක් ස්තූති වන්ත වන්නෙමු.

    ReplyDelete

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...