Wednesday, May 17, 2017

ථෙරි ගාථා තික නිපාතෝ 3.2 42- 44




ථෙරි ගාථා තික නිපාතෝ 3.2   42 - 44


උත්තමා තෙරණිය ගේ ගාථා. 

මටත් චිත්ත සමාධියක් ලබා ගන්ට බැරි වුණා. සිත දමනය කර ගන්ට බැරි වුණා. එතකොට  මං දවසට හතර පස් වතාවක් ආරාමයෙන් පිටත් වෙලා ගියා.


මං ශ්‍රද්ධාව  පිහිටුවා ගෙන හිටිය එක්තරා භික්ෂුණියක් ගැන. මං ඒ භික්ෂුණිය ළඟට ගියා.  ඇය  මට ස්කන්ධ,  ධාතු ආයතන ගැන ධර්මය දේශණා කළා. 

ඇය මට  අණුසාසනා කරපු විදිහටම  ඇගේ ධර්මාණුශාසනාව  හොඳට අසාගෙන ඉන්න කොට  මගේ හිතට සැපයක් ඇති වුණා. මං එක පළඟින් දවස්  හතක්ම හිටිය.  මේ අවිද්යා අන්ධකාර  කෙලෙස් කඳ  පළල දාල , අට වෙනි දවසෙ තමයි කකුල් දිග හැරියෙ. 

මේ වනාහී උත්තමා නම් රහත් තෙරණිය වඳාළ ගාථාවන්.

No comments:

Post a Comment

ධම්ම පදය - බාල වග්ගය 71 ගාථාව

      න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ පවිටු කෙනා කරනා පව් – මීකිරි මිදෙනා වේගෙන් සැණෙකින...