බුද්ධ ගයාව.
හරිම අසිරිමත් තැනක්. ලෝකෙ සියළුම බුදුවරයන් වහන්සේලා බුද්ධත්වය ලබන ස්ථානය.
බුද්ධගයා හි පිහිටාඇති මහාබෝධි විහාරය (බුද්ධගයා විහාරය ලෙස ශ්‍රී ලංකාවේ භාවිතාවේ) යනු බුදුරජාණන් වහන්සේවූ සිද්ධාර්ථ ගෞතමයන්, බුද්ධත්වයට පත්වූ ස්ථානයවූ බුද්ධගයාවෙහි පිහිටි බෞද්ධ විහාරයකි. බුද්ධ ගයාව පිහිටා ඇත්තේ ඉන්දියාවේ, බිහාර ප්‍රාන්තයේ, පට්නා නගරයේ සිට කිමී 96 (සැතපුම් 60) පමණ ඈතිනි. විහාරය පසෙකින්, එහි බටහිර පසට වන්නට, පූජනීය බෝධි වෘක්ෂය පිහිටා ඇත. පාලි ත්‍රිපිටකයෙහි, මෙම ස්ථානය හැඳින්වෙන්නේ බෝධිමන්ද ලෙසින් වන අතර, එහි ඇති ආරාමය බෝධිමන්ද විහාරය වේ.
බෞද්ධ අටුවා ලියවිලි අනුව, බුද්ධගයාවෙහි බෝධි වෘක්ෂය පිහිටි ස්ථානය සියළු බුදුවරුන් සඳහා පොදු වෙයි . ජාතක කථාවන් අනුව, එය පෘථිවියෙහි නාභිය නිර්මාණය කරන අතර , බුද්ධත්වයට පත්වීමෙහි මහා විශ්මිත බව වෙන කිසියම් ස්ථානයකින් හෝ දරා ගැනුමට නොහැකි බව කියැවේ.
මෙම ස්ථානයෙහි බෝ වෘක්ෂයක් නොවැඩෙන අවස්ථාවකදී, බෝධි වෘක්ෂය අවට රාජකීය ක්‍රොෂ් එකක දුරක් වන තුරු කිසිම පැලෑටියක්, තණ ගසක් හෝ නොවැවෙන බවත්, සුමුදු වැලි වලින් පිරි රිදී තැටියක් වැනිව සුමුදු වනු බවත් පැවසේ. මෙම භූමි භාගය වට කොට තණ, වැල් සහ වෘක්ෂ පමණක් පවතින බවත් පැවසේ. මෙම පෙදෙසට මෑත අහසින් වුවද කිසිවෙකුට ගමන් කල නොහැකි බවද ශක්‍රයාට වුවද එසේ කල නොහැකි බවද කියැවේ
කල්පාන්තයෙහිදී ලෝකය විනාශවන කල්හී, අවසානයට අතුරුදහන් වන ස්ථානය බෝධිමන්ද වේ; ලෝකය නැවත පැවතීමට ආරම්භ වන විට, හටගන්නා පළමු දෙයද එය වේ. එය දර්ශනපථයට ගෙන ඒම සඳහා, එහි නෙළුමක් මතු වන අතර, එවන විට ඇරඹුනු කල්පයෙහි බුදු කෙනෙකු ඉපදීම සිදුවීමට තිබේ නම්, බුදුවරුන් ගණන අනුව, නෙළුම පුෂ්ප දරන බව කියැවේ.
ගෞතම බුදුරජාණන් වහන්සේ විෂයෙහි, එතුමාණන්ගේ බෝධි වෘක්ෂය බුදුරජාණන් වහන්සේ උපත ලද දිනයෙහිදීම පැණ නැග ඇත .
බුද්ධගයා මහා විහාරය වජ්‍රාසනව විහාරය නමින් මුලින්ම ගොඩ නංවන ලද්දේ වීරදේව නම් භික්ෂූන් වහන්සේ විසිනි. පසුව ඉතා ප්‍රසිද්ධ හින්දු බ්‍රාහ්මණයෙකු විසින් විහාරය තරමක් විශාල කරන ලදී. ඉන් කාලයකට පසුව ධර්මාශෝක රජ තුමා විසින් මේ විහාරය අඩි එකසිය හැත්තෑවක් උසට කරවන ලදී. පෙලින් පෙළ කරන ලද කුහරයන් තුල රන් ආලේපිත හා රන් පිළිම වහන්සේලා තැන්පත් කර තිබූ බවට සාක්ෂි ඇත.
පහත මාලයෙහි මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ භූමි ස්පර්ශ මුද්‍රා පිළිම වහන්සේ තැන්පත්කර ඇති අතර ඉහල මාලයෙහි මෛත්‍රිය හා අවලෝකිතෙශ්වර යන බෝසතුන්ගේ අඩි දහයක් උසැති රිදී රූප දෙකක් තැන්පත් කර ඇත. මුළු මහා විහාර බිත්ති පුරාම බුදු පිළිම වහන්සේලා මෙන්ම තාරා දේවි වැනි පිළිම දැකිය හැක.
විහාරය දෙවනවරට කරවූ බ්‍රාහ්මණයා විසින් ජීවමාන බුදු රදුන් ආකාරයට පිළිමයක් නෙලන්නට සමත් අයෙක් ඇත්නම් ඉදිරිපත් වන ලෙස දන්වා සිටියහ. නමුත් මේ සඳහා කිසිවෙකුත් ඉදිරිපත් උනේ නැත. හේතුව බුදුරදුන් වැනි මහා බලසම්පන්න කෙනෙකුගේ රූපයක් සෑදීම ඉතාම අපහසු කාර්යයක් වූ නිසාය.
එක් දිනක් බ්‍රාහ්මණයෙක් පැමිණ, බුදුරජුන් ගේ මහා පුරිස ලක්ෂණ සහිත පිළිම වහන්සේ නමක් මම ඉදිකර දෙන්නෙමියි කියා ඉදිරිපත්විය. ඒ සඳහා සුවඳ කැවූ මැටි ගොඩක් හා දැල්වූ පහනක් ඉල්ලා සිටියා. මේ සියල්ල සපයා දී තමා ඇතුලට දමා දොරවල් වසා, මාස හයකට පසුව දොරවල් අරිනු මැනවයි ඉල්ලා සිටියහ. නමුත් නියමිත කාලයට පෙර බමුණා ගේ කුතුහලය නිසාම දොර ඇර බැලූහ.
විහාරය තුල ජීවමාන බුදුරුවක් දැකීමට තිබුණි. මේ දුටු පිරිස ආශ්චර්යයට පත්වූහ. නැගෙනහිර දෙසට මුහුණ ලා නෙලා තිබුණ මෙකී පිළිම වහන්සේ ගේ වම් ශ්‍රී හස්තය උකුල මතද දකුණ ශ්‍රී හස්තය භූමි ස්පර්ශයෙන් ද දැකීමට තිබුණි. පිළිම වහන්සේ සම්පූර්ණයෙන්ම අඩි එකොළහයි අඟල් පහක් උසට සාදා තිබුණි. මහා පුරුෂ ලක්ෂණ ඉතාම අලංකාරව පැහැදිළිව දැකීමට තිබුණි. මුහුණ ඉතාම සෞම්‍ය අතිශයින් ශෝභාවත්ව දැකීමට තිබුණි.
නමුත් පය පත්තේ සම්පූර්ණයෙන් මට්ටම් කොට නොතිබුණි.
ඊට හේතුව -
ශිල්පියා දකීමට නොසිටි නිසා මේ සිද්ධිය මහා ආශ්චර්යයක් සේම ප්‍රාතිහාර්යයක් ලෙස කවුරුත් සිතූහ. පිළිම ගෙය සෑදූ දින පටන් එක් භික්ෂුවක් එහි ආවතේව සඳහා නිතරම වැඩ සිටියහ. එකී භික්ෂුවට බ්‍රාහ්මණ ශිල්පියා සිහිනෙන් පෙණී සිට " මම මෙතේ බෝසත් වෙමි. සාමාන්‍ය මිනිසෙකුට බුදුරජුන්ගේ සම්පූර්න අංග ලක්ෂණ යොදා මෙවෙන්නක් නෙළීමට බැරි හෙයින් මම ඉදිරිපත් වුනෙමි" කියා සිටිහය. තවද පිළිමයේ දකුණත බිමට දිගුකොට ඇත්තේ වසවර්ති මාරයා සමඟ වජ්‍රාසනයට අයිතිය කියා පෑමේදී තමන් ගේ සාක්ෂියට මිහිකත පමණයි කියා දකුණත බිමට දික් කිරීමෙන් භූමි ස්පර්ශ මුද්‍රාව දක්වීමෙන් ඔබට මේ කාරනය තේරුම් ගත හැකියයි කීහ.
කාරණය තේරුම් ගත් භික්ෂුන් වහන්සේ ඉතා සතුටට පතව වැඩ නොනිමවා තිබූණ තැන වැසෙනසේ වටිනා මැණික් මාලයක් එල්ලා, හිසට මැණික් එබ්බවූ ඔටුන්නක් පැළද වූහ.
අවුරුදු අට සියයක් අයිතිකාරයෙක් නැතිව තිබූ දඹදිව බුදුසසුනේදිත් නිරුපද්‍රිතව අදත් බුද්ධගයා පිළිම වහන්සේ විරාජමානව වැඩ වාසය කරයි.
ඔබ කෙදිනක හෝ මේ පිළිම වහන්සේ වන්දනා කලේ ද, එවිට ඔබට මේ පිළිම වහන්සේ ගේ ආශ්චර්යය දැක ගැනීමට හැකිවෙනු ඇත.
බුද්ධගයා ශුද්ධ භූමිය හින්දුන් විසින් අත්පත් කොට බුදු රූ ඇතුළු බෞද්ධ වස්තූන්ට කළ හානිය, නිග්රහය ධර්මපාලතුමා තුළ සංවේගය උපදවන්නක් විය.
1891 මාර්තු 18 දින කල්කටාවට පැමිණි බුරුම බෞද්ධයන් බුද්ධගයාව බේරා ගැනීමට පොළඹවා ගනු පිණිස එතුමා බුරුමය බලා පිටත් විය. 1891 මැයි 31 විද්යෝදය පිරිවෙණේ බුද්ධ ගයා මහා බෝධි සමාගම ඇරඹුයේ බුද්ධගයාව බේරා ගැනීමේ ජාත්යන්තර උත්ඝෝෂණයක් ඇරැඹීමට ය. 1891 ජූලි 17 බුද්ධගයා ධර්මදූත සේවයේ නායකයා ලෙස ඉන්දියාවට ගොස් එහි බුද්ධගයා ජාත්යන්තර බෞද්ධ සාකච්ඡාවක් කැඳවීය. කල්කටා මහා බෝධි සමාගම ඇරැඹූ එතුමා 1891 මැයි මස මහාබෝධි සඟරාව, ඇරැඹීය. ලොව තවත් රටවල මහා බෝධි සමාගම් ද පිහිටුවීය. 1893 සැප්තැම්බර් මස චිකාගෝ නුවර ජගත් දෘෂ්ටි සම්මේලනයට සහභාගිව කළ දේශනය අපරදිග බුද්ධිමතුන්ගේ සිත් සතන් බුදුසමය වෙත නැඹුරු කරවීය. නොයෙක් රටවල සංචාරය කළ එතුමා ජපානයේ දී මහත් හරසරින් පිළිගන්නා ලද්දේ පස්වසරක්ම එහි ධර්ම ප්රචාරයේ නියැලුණේ ය. ලක්දිව පුරා සංචාරය කරමින් සිංහල බෞද්ධයන් පුබුදු කළ එතුමා නිදා සිටි සිංහලයාගේ, බෞද්ධයාගේ ආත්ම ශක්ති අවදි කිරීම අතිශය වැදගත් කරුණක් විය. 1915 සිංහල මුස්ලිම් අරගලය නිසා වූ නොසන්සුන් වාතාවරණය ධර්මපාලතුමාගේ ධර්ම ප්රචාරක කටයුතු වලට බාධාවක් විය.
1906 ඇරැඹුණු “සිංහල බෞද්ධයා” පත්රය ද මෙකල නතර විය. 1915 ජූනි මාසයේ දී එතුමා කල්කටාවේ දී සිරභාරයට ගන්නා ලදී. 1922 දී යළි සිංහල බෞද්ධයා ඇරැඹුණු අතර, ලංකාවේ බෞද්ධයන් නගා සිටුවමින් ජාතික, ආගමික, සාමාජික, සංස්කෘතික ප්රබෝධයට ඇප කැපවෙමින් පුරෝගාමී වූයේ ය. 1931 දී අවසන් වරට ලංකාවෙන් පිටවී ගිය එතුමා 1931 ජූලි 13 දින බරණැස ඉසිපතනාරාමයේ දී බෝරුක්හමුවේ සිරිරේවත හිමියන් වෙතින් සිරිදේවමිත්ත ධම්මපාල යන නමින් පැවිදි බිමට පත්ව 1932 දී උපසම්පදාව ද ලැබීය. 1933 වන විට ශරීර ශක්තිය දුර්වල නමුත් බුද්ධගයාව බේරා ගැනීමේ කටයුතු පිළිබඳව කි්රයා කළේ ය. 1933 අපේර්ල් 29 දා මේ ශ්රේෂ්ඨ පුද්ගලයා මෙලොවින් තුරන්වූයේ තථාගත ධර්මය ලොව ප්රචලිත ඛ්ලම සඳහා මතු යළි උපදින්නෙමිය යන උත්තරීතර අදහස ද ඇතිව ය.
කල්කටාවේ අග්රවිනිශ්චකාර ශ්රීමත් මහ්මථනාථ මුඛර්ජි මහතා ධර්මපාල තුමාගේ ධර්ම ප්රචාර සේවාව ධර්මාශෝක රජුගේ ධර්ම ප්රචාර සේවයට පමණක් දෙවැනි යැයි සඳහන් කරයි.
සියලු කෙලෙස් මරුන් පරදා බුද්ධගයා බෝධි මණ්ඩලයේදී දුක්ඛ, සමුදය, නිරෝධ මාර්ග යන චතුරාර්ය සත්‍ය ධර්මයන් ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන්, මැදුම් පිළිවෙතින් අවබෝධකර උතුම් වූ
නිර්වාණ ධාතුවට පැමිණි උත්තමයින් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වන සේක.
බෝධි වෘක්‍ෂ මූලයේදී චක්ඛුං උදපාදි, ඤාණංඋදපාදි, පඤ්ඤාඋදපාදි, විජ්ජාඋදපාදි, ආලෝකෝඋදපාදි යන පංච ධර්මයන්
ලැබීමෙන් අත්ථ, ධම්ම, නිරුත්ති, පටිභාන, යන චතුපටිසම්භිදා ඤාණලාභිව පෙර
නොඇසූ විරූ සිවුසස් දහම් තමන් වහන්සේ විසින්ම අවබෝධ කළ බැවින් ඒ භාග්‍යවතුන්වහන්සේ
සම්මා සම්බුද්ධ නම් වන සේක.චතුරාර්ය සත්‍යය නම් වූ ලෝකයේ උතුම්ම ආර්ය සත්‍යයන් හතර සත්‍ය ඤාණ ,කෘත ඤාණ,කෘත ඤාණ නම් පරිවර්ත තුනකින් යුතුවද
ආකාර දොලසකින් යුතුවද අවබෝධ කර වදාළ නිසා සම්මා සම්බුද්ධ නම් වන සේක.
ඨානා ඨානා ඥානය (ස්ථාන අස්ථාන දන්නා නුවණ) කම්ම විපාක
ඥානය, සබ්බත්ත ගාමිණී පටිපදා ඥානය, නානා ධාතු ලෝකධාතු ඥානය, නානාධිමුත්ති ඥානය, ඉන්ද්‍රිය පරෝපරිය ඥානය, ධ්‍යාන සංඛක්ලේශාදී ඥානය, පුබ්බේනිවාසානුස්සති ඥානය, දිබ්බචක්ඛු ඥානය, ආසවක්ෂය ඥානය යන දසබල ඥාන තමන්
වහන්සේ විසින්ම අවබෝධ කළ හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක.
දීපංකර බුදු පියාණන් වහන්සේගේ පාදමූලයේ විවරණ ලබා “ඒකාන්තයෙන්ම මම බුද්ධ රාජ්‍යයට
පැමිණ දුක් විඳින, සියලු
සත්ත්වයා දුකින් එතෙර කරමි” යි
යන දැඩි ආධිෂ්ඨානයෙන් යුතුව දස පාරමි, දස උප පාරමි, දස පරමත්ථපාරමී යන පාරමී තිහක් පුරා සත්තිස් බෝධිපාක්‍ෂික
ධර්මයන්ගෙන්ද, තෙසැත්තෑ ඤාණයන්ගෙන්ද
අෂ්ඨ විද්‍යාවන්ගෙන්ද, සමන්නාගත
සියලු සතුනට අනන්තවූ කරුණා මෛත්‍රිය පෑ නිදුකාණන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වන
සේක.
යස්මිං නිසජ්ජ වජිරාසන බන්ධනේන
ජෙත්වා ස්වාසන කිලේස බලං මුනින්දෝ
සම්බෝධි ඤාණමවගම්ම විහාසි සම්මා
තං බෝධිචේතිය මහා සිරසා නමාමි.
වාඩි වී වජිරාසනේ මත
— වීරියෙන් දිනු බුදු රජාණෙනි
නේක දොස් ඇති සියළු කෙලෙසුන්
— නසා ජය ගත් මුනි රජාණෙනි
ඤාණබලයෙන් යුතුව සම්බුදු
— බවට පත් වූ සිහරජාණෙනි
බෝධිචේතිය වඳිමි සිරසින්
— සිතා සම්බුදු ගුණ සුවාමිනි
උදෑසන කිරි ආහාර පූජා කල දර්ශන.
බුද්ධගයා විහාරයේ වැඩ වාසය කරනා ගරුතර ස්වාමීන් වහන්සේලාට, මගේ ආදරණීය මහත්තයා සහ දරුවන්ට. දෙමාපියන්ට, අජිත් මහතා අතුළු සැමට.