12. තම දිවි දකිනා – එකම ඇසක් සේ – හිමිසඳු රැුකගත් යසෝදරා… යසෝදරා…
පණ නළ රකිනා – හදමඬලක් සේ – හිමි තනියට සිටි යසෝදරා… යසෝදරා…
හැම දුක විඳිනා – සුසුම් පොදක් සේ – දැවටී සිටි ඔබ යසෝදරා… යසෝදරා…
සයුරට වදිනා – නෞකාවක් සේ – එතෙර බලා ගිය යසෝදරා… යසෝදරා…

13. සිදුහත් කුමරුන් – අතිනත ගත් දා – සොඳුරු සිහින මැවු යසෝදරා… යසෝදරා…
සිඟිති පුතෙකු මව් – කුසින් දරා ගෙන – සෙනෙහස වැඩුවා යසෝදරා… යසෝදරා…
බෝසත් හිමි හට – පෙරුම් පුරා ආ – ප‍්‍රිය බිරිඳයි ඔබ යසෝදරා… යසෝදරා…
ගෙවනා සසරේ – අවසන් භවයට – ආ වග නොදුටුව යසෝදරා… යසෝදරා…

15. රාහුල පුතු ඔබ – තුරුලේ රඳවා – සැතපී සිටි විට යසෝදරා… යසෝදරා…
තම හිමිසඳ දොර – කවුළුව අසලින් – ඔබ දකිනා විට යසෝදරා… යසෝදරා…
සිහිනෙන් වත් හිමි – යන බව නුදුටුවෙ – කිසි වරදක් නැති යසෝදරා… යසෝදරා…
ඇයි ද කියන් මට – යසෝදරාවෙනි – අවදි නොවුනෙ ඇයි යසෝදරා… යසෝදරා…

16. හිමිදිරියේ ඔබ – සිඟිති දරු ද ගෙන – හිමිසඳ සෙව්වා යසෝදරා… යසෝදරා…
මෙතුවක් කල් ගිය – සසර පුරා ආ – කොහිද ගියේ හිමි යසෝදරා… යසෝදරා…
පෙරුම් පුරාගෙන – ආ භව ගමනේ – එකට ම ගිය ඔබ යසෝදරා… යසෝදරා…
සිහිසන් නැති වී – හඬා වැටුණු ඔබ – තනිවුණා ද දැන් යසෝදරා… යසෝදරා…

17. වැළපෙන විට ඔබ – පෙම තුරුළට ගෙන – හිමිසඳ නොමැතිව යසෝදරා… යසෝදරා…
සිහින ලොවක ඇති – සිතුවම් විලසට – බොඳ වුණා ද ඔබ යසෝදරා… යසෝදරා…
සිඟිති රහල් පුතු – දකිනා විට ඔබ – කුමක්ද සිතුණේ යසෝදරා… යසෝදරා…
සකල සතට නිති – සෙත සළසන්නට – ගිය වග නොදැනුණි යසෝදරා… යසෝදරා…

18. වනයේ වල් වැද – තාපස වෙස් ගෙන – බවුන් වඩයි හිමි යසෝදරා… යසෝදරා…
සළු පිළි අබරණ – ඉවත දැමූ ඔබ – කහවත් හැන්ඳා යසෝදරා… යසෝදරා…
එක වේලක් හිමි – වළඳන බව දැන – එක් වේලක් ගත් යසෝදරා… යසෝදරා…
රුක් සෙවණේ හිමි – සැතැපුණු බව දැන – බිම සැතැපී සිටි යසෝදරා… යසෝදරා…

19. පෑව සෙනේ ලොව – සිහින කුමාරිය – ඔබ මිස වෙන නැති යසෝදරා… යසෝදරා…
රෑක දවාලක – හිමි නොමැතිව සිටි – සෙවණැල්ලයි ඔබ යසෝදරා… යසෝදරා…
නේක දරා දුක – සෝක සිතින් ගෙන – ආල වැඩූ ඔබ යසෝදරා… යසෝදරා…
ආදරයේ රන් – පුදසුන අභියස – පුදන කිරුළ ඔබ යසෝදරා… යසෝදරා…

20. සත් වසරක් තෙර – නොපෙනෙන අහසේ – ඈත බලා සිටි යසෝදරා… යසෝදරා…
හිමිසඳ යළි එහි – වඩිනා විට ඔබ – ඇයි දෝ නාවේ යසෝදරා… යසෝදරා…
වාවාගන්නට – බැරි තරමේ දුක – තිබුණ නිසාවෙද යසෝදරා… යසෝදරා…
භවයෙන් භවයට – සෙනෙහේ කඳුළු මැද – තෙමී ගියාවෙද යසෝදරා… යසෝදරා…

21. දොර කවුළුව අසළින් – ආයෙත් සැරයක් – නම ඇසෙනා විට යසෝදරා… යසෝදරා…
සත් වසර පුරාවට – නෑසුන එ් හඬ – යළි ඇසෙනා විට යසෝදරා… යසෝදරා…

දෑස විවර කොට – අවදිව සැණෙකින් – බැලූවේ කොහොමද යසෝදරා… යසෝදරා…
හිමිසඳුගේ සිරි – පතුල් වැළඳ ගෙන – වැඳ වැටුණා ඔබ යසෝදරා… යසෝදරා…

22. රාහුල පුතු හට – දායාද ගෙනෙන්නට – පිය හිමි වෙත යැවු යසෝදරා… යසෝදරා…
ශ‍්‍රමණ පුතෙකු වී – එහි නැවතුණ විට – ආයෙත් හැඬුව ද යසෝදරා… යසෝදරා…
සත් වසර පුරාවට – නොලැබුණු සෙනෙහස – දුන් රාහුල පුතු යසෝදරා… යසෝදරා…
වෙන් වී යනවිට – සසරේ තිබෙනා – දුක දුටුවද ඔබ යසෝදරා… යසෝදරා…

23. තම හිමිසඳ වැඩි – නිවනට යන මග – යන්නට සිතුණ ද යසෝදරා… යසෝදරා…
කිඹුල්වතේ සිට – සුළුමව් සමඟින් – පැවිදි වෙසින් ගිය යසෝදරා… යසෝදරා…
පා ගමනින් එ් – විසල් පුරට ඔබ – යන විට වෙහෙසී යසෝදරා… යසෝදරා…
සියුමැලි පා යුග – පුපුරා ගිය විට – හැඬුවෙ නැත්තෙ ඇයි යසෝදරා… යසෝදරා…

24. භික්ෂුණියන් වෙන්නට – අවසර ඉල්ලා – නොලැබී ගිය විට යසෝදරා… යසෝදරා…
වෙහෙරේ දොරටුව – අසලට විත් ඔබ – ආයෙත් හැඬුවා යසෝදරා… යසෝදරා…
තවදුරටත් මේ – සසරේ එක් වී – යන්නට බැරි වග යසෝදරා… යසෝදරා…
තේරුණ විට ඔබ – හෙලූ සුසුම් කඳ – සුළඟට ඇදුණා යසෝදරා… යසෝදරා…

25. ළබැඳි සෙනෙහෙ මත – වැඩුණු ආල සිත – පිනට ම යොමු කළ යසෝදරා… යසෝදරා…
එක් වෙන දේ හැම – වෙන් වී යන වග – තේරුම් ගිය විට යසෝදරා… යසෝදරා…
අසනා විට එ් – සම්බුදු බණ පද – භවයෙන් මිදුණා යසෝදරා… යසෝදරා…
කඳුලින් පිරි මේ – සසරෙන් එතෙරට – වැඩියේ පින් ඇති යසෝදරා… යසෝදරා…

26. ආදරයේ රන් – කිරුළ දරාගෙන – පෙරුම් පුරා ආ යසෝදරා… යසෝදරා…
හිමිසඳ බුදු වී – දහම් දෙසන විට – කඳුළු පිස දැමූ යසෝදරා… යසෝදරා…
දරා කසා වත – භික්ෂුණියක ලෙස – නිවන් මගේ වැඩි යසෝදරා… යසෝදරා…
ආදරයෙන් අපි – වඳිනෙමු සැමදා – ඔබ ම යි අපගේ යසෝදරා… යසෝදරා…

සසර පුරා මහබෝසතාණන් වහන්සේ ගේ සෙවනැල්ල සේ පෙරුම් දම් පුරා පැමිණි යසෝදරාවන්ට උපහාර පිණිස පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත කාව්‍ය පංතියකි.
ඔන්න නලින් මල්ලි දැන් හරි නේද? වරද නිවරදි කලා. ස්තූතියි!
ReplyDeleteනැන්දට පින් !!!
ReplyDeleteමම නිමාෂා...