Saturday, August 4, 2012

ථේරි ගාථා 17

 

ධම්මා තෙරණිය ගේ ගාථාව.

මං හිටියෙ ගොඩාක් දුර්වල වෙලා. හැරමිටියෙ එල්ලී ගෙන පිණ්ඩපාතෙ වඩින කොට මගේ අත්පා වෙව්ලනවා. ඉතින් මාව එතැනම බිම වැටුණ. ඒ වෙලාවෙ මේ ශරීරයේ ආදීනව හොඳට ප්‍රකට උනා. මගේ සිත කෙලෙසුන් ගෙන් නිදහස් වුණා.

මේ වනාහී ධම්මා නම් රහත් තෙරණිය වදාල ගාථාවයි.

Wednesday, August 1, 2012

ථේර ගාථා 24

stock photo : Autumn Leaves over wooden background.With copy space


නන්දිය තෙරුන්ගේ ගාථාව.

මේ භික්ෂුව ඉන්නෙ ප්‍රඥාවෙන් ආලෝකවත්වූ සිතින්. අරහත්වය නම් වූ අග්‍රඵලයට පැමිණි සිතින්.  ඒයි මාරය, ඔබ ඔය හදන්නෙ එවැනි භික්ෂුවකට හිරිහැර කොට දුකට පත්වෙන්නට ද?

මේ වනාහී ආයුශ්මත් නන්දිය නම් රහත් මුණිඳුන් වදාල ගාථාවයි.

ධම්ම පදය 18










Virtuous Deeds Make One Rejoice.

Idha nandati pecca nandati, katapuñño ubhayattha
nandati
“Puññaṃ me katan”ti nandati, bhiyyo
nandati suggatiṃ gato.


Here one's glad, one's glad hereafter,
in both ways is the merit-maker glad;
'Merit I've made', serenely one is glad,
and more one's glad passed to blissful states.

Explanation: The person who has done good and
virtuous deeds rejoices in this world. Gone to a
pleasant state of existence after death, he rejoices exceedingly. This way he rejoices here and
in the next world. In both worlds he rejoices
realizing that he has done virtuous deeds.


Sumanā, the Daughter of Anāthapiṇḍika

Before she passed away, Sumanā, the youngest

daughter of Anāthapiṇḍika,

addressed her father as “younger brother.” He was

upset to think that his daughter was speaking

incoherently at the time of her death.

He told the Buddha, who explained that she

had attained the stage of a Once-returner while

Anāthapiṇḍika was only a Stream-winner.



ඉධ නන්දති පෙච්ච නන්දති - කතපුඤ්ඤෝ උභයත්ථ නන්දති,

පුඤ්ඤං මේ කතන්ති නන්දති - භී‍යෙ‍යා නන්දති සුග්ගතිං ගතෝ.


හොඳ පින් දහම් කරන කෙනා තමයි මෙලොවදී සතුටු වෙන්නෙ. පරලොව දී සතුටු වෙන්නෙත් ඔහුමයි. දෙලොවදීම

ඔහු සතුටු වෙනව.

"මං පින් කරගත්තා " කියල කියලා සතුටු වෙනව. සුගතියේ

ඉපදුනාට පස්සේ ගොඩාක් සතුටු වෙනවා.




( ජේතවනාරාමයේ දී සුමනා සිටු කුමරිය

අරභයා වදාළ ගාථාවකි.)

ධම්ම පදය - බාල වග්ගය 71 ගාථාව

      න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ පවිටු කෙනා කරනා පව් – මීකිරි මිදෙනා වේගෙන් සැණෙකින...