Thursday, November 18, 2021

5. පඤ්චක නිපාතෝ 5. පස්වැනි නිපාත​ය

 


අඤ්ඤතරා ථේරීගාථා

5.1. එක්තරා තෙරණියකගේ ගාථා

67. පණ්ණවීසතිවස්සානි යතෝ පබ්බජිතා අහං,
නච්ඡරාසංඝාතමත්තම්පි චිත්තස්සූපසමජ්ඣගං.

67. මං මහණ වෙලා අවුරුදු විසිපහක් ගෙවිල ගියා. මට ඇසුරු ගසන මොහොතක වෙලාවක් වත් සමාධිගත සිතක් ලබා ගන්ට බැරිවුණා.

68. අලද්ධා චේතසෝ සන්තිං කාමරාගේනවස්සුතා,
බාහාපග්ගය්හ කන්දන්තී විහාරං පාවිසිං අහං.

68. චිත්ත සමාධියක් ලබාගන්ට බැරිව, කාම රාගයෙන් තෙමිල ගිය සිතින්, මං හිටියේ. ඉතින් මං දෑත හිසේ බැඳගෙන හඬ හඬා ආරාමය ඇතුළට ගියේ.

69. තං භික්ඛුනිමුපාගඤ්ජිං යා මේ සද්ධායිකා අහු,
සා මේ ධම්මමදේසේසි ඛන්ධායතනධාතුයෝ.

69. මං පැහැදිලා හිටිය එක භික්ෂුණියක් ගැන. අන්තිමේදී මං ඈ ළඟට ගියා. ඉතින් ඒ භික්ෂුණිය මට ස්කන්ධ ධාතු ආයතන ගැන ධර්මය දේශනා කළා.

70. තස්සා ධම්මං සුණිත්වාන ඒකමන්තේ උපාවිසිං,
පුබ්බේනිවාසං ජානාමි දිබ්බචක්ඛු විසෝධිතං.

70. ඒ භික්ෂුණිය කියාපු ධර්මය මං හිතට ගත්තා. එකත්පස්ව වාඩිවුණා. මං පුබ්බේ නිවාස ඤාණය සිහිකරන්ට දන්නවා. දිවැසත් පිරිසිදු කරගත්තා.

71. චේතෝපරියඤාණඤ්ච සෝතධාතු විසෝධිතා,
ඉද්ධිපි මේ සච්ඡිකතා පත්තෝ මේ ආසවක්ඛයෝ,
ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනන්ති.

71. අනුන්ගේ සිත් දකින ඤාණයත් තියෙනවා. දිව්‍ය කනත් පිරිසිදු කරගත්ත. ඉර්ධි ප්‍රාතිහාර්ය පාන්ටත් පුළුවන්. ආශ්‍රවයන් ක්ෂය කරල අරහත්වයටත් පත්වුණා. මං මේ අභිඤ්ඤා ඔක්කොම ලැබුවා. බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා.

ඉත්ථං සුදං අඤ්ඤතරා ථේරී ගාථායෝ අභාසිත්ථා’ති.

මේ වනාහී එක්තරා රහත් තෙරණියක් වදාළ ගාථාවන්ය.

ධම්ම් පදය 66 ගාථාව - බාල වර්ගය

 

චරන්ති බාලා දුම්මේධා – අමිත්තේනේව අත්තනා

කරොන්තා පාපකං කම්මං – යං හෝති කටුකප්ඵලං

අනුවණ බාලයා ලොවේ – කරයි නොයෙක් අකුසලකම්
තමා දුකට ඇද දමනා – පවින් සතුටු වෙයි හැමකල්
සතුරෙක් හැසිරෙන විලසට – පව්ම
රැස් කරයි තමාට


“තමා තමාව හතුරෙක් කරගන්න එපා!”


පින්වත් දරුවනේ, තමන්ගේ අතින් යම්කිසි පාපයක් කෙරුණොත් ඒක පස්සෙන් ඇවිත් ඵලදෙන විදිහ කාටවත් සොයන්න අමාරුයි. සමහර විට මුලු ජීවිත කාලයම විඳවන්න වෙනවා. ඒත් එයා දන්නෙ නෑ ඒක වෙන්නේ කර්ම විපාක නිසා කියලා. බුද්ධ කාලෙත් මෙහෙම දෙයක් වුණා.සුප‍්‍රබුද්ධ කියලා කෙනෙක් රජගහ නුවර වාසය කළා. මෙයා ඉතාමත් දිළිඳුයි. අමාරුවෙන් ජීවත් වුණේ. දුකසේ ජීවත් වුණේ. මෙයාට කුෂ්ඨයක් හැදිලා තිබුණා. බෙහෙත් කළාට හරි ගියේ නෑ. ඇඟ පුරා ම බිබිලි දාලා කහනවා. ලේ සැරව ගලනවා. ශරීරයෙන් ගඳ ගහනවා. ඒ නිසාම මෙයාට සලකන්න කවුරුවත් හිටියේ නෑ. හැමෝම කොන් කළා.

එදා මේ සුප‍්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා කෑම ටිකක් හොයාගෙන කන්න ඕන කියලා පාරට බැස්සා. ටික දුරක් යද්දී මෙයා දැක්කා ගහක් යට පිරිසක් රැස්වෙලා ඉන්නවා.

‘ම්…. ඔව්. අර පෙනෙන්නෙ. මං හිතන්නෙ කෑම බෙදන තැනක් වගේ…. මටත් යා ගත්තොත් මොනවාහරි කතහැකි’ කියලා මේ තැනැත්තා ටික ටික එතනට කිට්ටු වුණා. ළංවෙද්දී මෙයාගේ අදහස සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.

“අයියෝ….! මෙතන කෑම බීම බෙදන තැනක් නෙවෙයිනෙ! අර…. අර ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේ නේද ඉන්නේ? මිනිස්සු පුදුමයෙන් වගේ වටවෙලා අහගෙන ඉන්නවා. හැමෝටම වෙන දෙයක් ඕන නැහැ වගේ. එහෙමනම් මෙතනට කිට්ටු කරපු එකේ මමත් ඒ අයිනකින් වාඩිවෙන්න ඕන. කනබොන එක නම් කොයිවෙලාවෙ වුණත් කරගන්න බැරියැ. මං අහන්න ඕන ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේ කියන්නේ කුමක්ද කියලා.”

පින්වතුනේ, පින්වත් දරුවනේ, සුප‍්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා අවාසනාවන්තයෙක් වුණත් ඔහුගේ ජීවිතය තුළ අතිවිශිෂ්ට වූ වාසනාවක් සැඟවී තිබුණා. සුප‍්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා පැත්තකින් වාඩිවෙන හැටි බුදුරජාණන් වහන්සේ දැක්කා. ඒත් එක්කම බුදුරජාණන් වහන්සේට වැටහුණා මෙයා තමයි අද ධර්මය අවබෝධ කරන්නේ කියලා.

ඉතින් බුදුරජාණන් වහන්සේ දන් දීමේ ආනිශංස ගැන ඉස්සෙල්ලාම බණ කිව්වා. ඊට පස්සේ සිල් රැකීමේ ආනිශංස ගැන, ඊට පස්සේ දෙව් මිනිස් සුගතියේ ඉපිද සැප විඳීම ගැන, ඊට පස්සේ කාමයන් පස්සේ ගිහින් මිනිස්සු පව් කරලා අපායේ වැටි වැටී සසරේ යන එක ගැන, ඊට පස්සේ කෙලෙස් නිසා ජීවිත විනාශ වෙන එක ගැන, ඊට පස්සේ කෙලෙසුන්ගෙන් නිදහස් වීමේ ආනිශංස ගැන දහම් කරුණු කියාගෙන යද්දී සුප‍්‍රබුද්ධ කුෂ්ඨ රෝගියාගේ සිත මේ ධර්මයට පුදුම විදිහට ඇදිලා ගියා. හැම දෙයක්ම අමතක වුණා. බඩගින්න කොහේ ගියාද නෑ. සිත තැන්පත් වුණා. එකඟ වුණා. සමාධිමත් වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලි ලෙස චතුරාර්ය සත්‍යය විස්තර කළා.

ඒ චතුරාර්ය සත්‍යය අහද්දී පිරිසිදු වස්ත‍්‍රයක් ඩයි කරද්දී පාට වර්ණය ඒ වස්ත‍්‍රයට සම්පූර්ණයෙන්ම අල්ලනවා වගේ මේ සුප‍්‍රබුද්ධ කුෂ්ඨ රෝගියාගේ සිතට ධර්මය කාවැදුණා. චතුරාර්ය සත්‍යය අවබෝධ වුණා. සෝවාන් වුණා.

සුප‍්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා දොහොත් මුදුන් දීගෙන සාදු නාද දුන්නා. සතුටු කඳුළු වැගිරුවා. ප‍්‍රීතියෙන් හඬන්න පටන්ගත්තා. කෑ ගහලා කියන්න ගත්තා.

“අනේ ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ආශ්චර්යයි…! අනේ ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මේ ධර්මය පුදුමාකාර ධර්මයක්…! ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, යටට හරවලා තිබිච්ච දෙයක් උඩට හරවලා පෙන්නුවා වගෙයි. වැහිච්ච දෙයක් විවෘත කළා වගෙයි. මං මුලා වූ කෙනෙකුට යන්න ඕන පාර පැහැදිලිව පෙන්නුවා වගෙයි. කරුවලේ හිටපු ඇස් ඇති කෙනෙකුට ලෝකය දකින්නට තෙල් පහන් දැල්වුවා වගෙයි. අනේ ස්වාමීනී, අප කෙරෙහි අනුකම්පාවෙන් නොයෙක් අයුරින් ධර්ම දේශනාව විස්තර කොට වදාළා. ස්වාමීනී, මං අද පටන් පණ තියෙන තුරු බුදුරජාණන් වහන්සේව සරණ යනවා. ධර්මය සරණ යනවා. ශ‍්‍රාවක සංඝයා සරණ යනවා. අනේ ස්වාමීනී, මාවත් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු වශයෙන් පිළිගන්නා සේක්වා!”

ඉතින් ඔය විදිහට සතුටු වූ සුප‍්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා බුදුරජාණන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට පිටත් වුණා. එතකොට ශක‍්‍ර දෙවියන්ට මෙහෙම හිතුණා.

‘මේ සුප‍්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා දැන් සෝතාපන්න වූ ශ‍්‍රාවකයෙක්. මෙයාට ඉස්සර කවුරුත් සැළකුවේ නෑ. මෙයා ලද ගුණවත්කම ගැන මං සමාජයට පෙන්නන්න ඕන. එතකොට මෙයාට මිනිස්සු සළකාවි.’

ඉතින් ශක‍්‍ර දෙවියන් සුප‍්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා ඉදිරියේ අහසේ පෙනී හිටියා.

“එම්බා සුප‍්‍රබුද්ධ, බලන්න ඔයා හරිම දුප්පත්. යන එන මං නෑ. අන්ත දුකේ වැටිලයි ඉන්නේ. අතේ තුට්ටු දෙකක් නෑ. මං ඔයාට සීමාවක් නැති විදිහේ මහා ධනයක් දෙන්නම්. ඔයා මේක කියන්න ඕන. ‘බුදුරාජාණන් වහන්සේ කියන්නේ බුදුකෙනෙක් නොවෙයි. ධර්මය ධර්මය නොවෙයි. සංඝයා සංඝයා නොවෙයි. බුදුරජුන්ගෙන් මට ඇති පලක් නෑ. ධර්මයෙන් මට ඇති පලක් නෑ. සංඝයාගෙන් මට ඇති පලක් නෑ’ කියලා.

 

එතකොට සුප‍්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා ගැස්සිලා ගියා. ඇස් ලොකු කරලා බැලුවා. නළල රැළි නැංවුවා. ඇඟිල්ල දික්කරලා ඇහුවා.

“ආකහේ හිටියට කමක් නෑ. කවුද නුඹ?”

“මම තමයි ශක‍්‍ර දෙවිඳු”

“හා… හා…. එතකොට නුඹද ශක‍්‍රයා. අනේ අවාසනාවන්ත ශක‍්‍රයෝ…. නුඹට ලැජ්ජා නැද්ද? මං වගේ කෙනෙක් සමඟ ඔය විදිහේ ගණුදෙනුවක් කතා කරන්න. නුඹ හිතාන ඉන්නේ මගෙ අතේ තඹ දොයිතුවක් නැතිවුණු පළියට මං දිළින්දෙක් කියලද? ඒයි ශක‍්‍රයා නුඹ දන්නෙ නෑ මට තියෙනවා ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප‍්‍රසාදයක්. ඒ වගේම මට තියෙනවා ඒ අමා නිවන ලබා දෙන ශ‍්‍රී සද්ධර්මය කෙරෙහි නොසෙල්වෙන ප‍්‍රසාදයක්. ඒ වගේම මට තියෙනවා ආර්ය ශ‍්‍රාවක සංඝරත්නය කෙරෙහි නොසෙල්වෙන ප‍්‍රසාදයක්. ඒ වගේම මට තියෙනවා ආර්යකාන්ත සීලයක්. නුඹට අතේ තියෙන සල්ලි ධනයක් වගේ පෙනුනට මගේ ධනය දැක්කෙ නෑ නේද? එහෙනම් දැනගනින් එම්බා ශක‍්‍රය, මම දිළින්දෙක් නොවෙයි. මම ධනවතෙක්. මම පරම දුර්ලභ වූ උත්තරීතර ධනයට හිමිකරුවෙක්. ඒ ධනය ලෝකෙ කිසිකෙනෙකුට සොරකම් කරන්න බැරි ධනයක්. මම ඒ ධනය තුළ සුවපත් වෙලයි ඉන්නේ.”

එතකොට ශක‍්‍ර දෙවියන් නොපෙනී ගියා. සුප‍්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා නැවත බුදුරජාණන් වහන්සේව බැහැදකින්න ගියා. ගිහින් මේ සිද්ධිය සැළකලා. එවේලෙහි සියලු දෙනාටම සුප‍්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා කෙරෙහි මහත් ගෞරවයක් ඇතිවුණා. ඔහුට සියලු දෙනාම පින් දුන්නා. ඔහුගේ අභිමානවත් එඩිතරකම ගැනත් නොසෙල්විය හැකි ශ‍්‍රද්ධාව ගැනත් ප‍්‍රශංසා කළා.

ඊට පස්සේ ඒ සුප‍්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා නම් වූ මහා පින්වතා පිටත් වුණා. අතරමගදී පැටියෙක් සිටින ගවදෙනක් කලබලෙන් ඇවිත් මොහුට ඇන්නා. ඒ හේතුවෙන් මොහු මියගියා. මියගිහින් තව්තිසා දෙව්ලොව සියලු යසසින් වර්ණයෙන් බබලන මනස්කාන්ත රූ ඇති දිව්‍ය පුත‍්‍රයෙක් වෙලා උපන්නා.

ඉතින් භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ගෙන් ඇවිදින් ඇහුවා,

“ස්වාමීනී, අර සුප‍්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා මරණයට පත්වුණා. ස්වාමීනී, එයා කොහෙද උපන්නේ?”

“පින්වත් මහණෙනි, සුප‍්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා ඉතාම ඤාණවන්තයි. ධර්මය උදෙසා මාව මහන්සි කළේ නෑ. පින්වත් මහණෙනි, ඔහු ධර්මය අවබෝධ කළා. සෝවාන් වුණා. කිසි දවසක සතර අපායේ වැටෙන්නේ නෑ. නියත වශයෙන්ම නිවන් අවබෝධ කරනවා.”

එවිට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එවේලෙහි මේ උදානය පහළ කළා.

“චක්ඛුමා විසමානි ච – විජ්ජමානේ පරක්කමේ
පණ්ඩිතෝ ජීවලෝකස්මිං – පාපානි පරිවජ්ජයේ

ඇස් ඇති කෙනා සමාජයේ සිටින චණ්ඩ වන සතුන් දරුණු මෘගයින් ආදී අනතුරු ඇති තැන් මගහැරලා වීරියෙන් යුක්තව කටයුතු කරන්න ඕන. අන්න ඒ වගෙයි නුවණැත්තා පව් දුරු කිරීමට මේ ලෝකය තුළ වීරියෙන් යුක්තව කටයුතු කරන්න ඕන.”

ඊට පස්සේ ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගෙන් මේ ප‍්‍රශ්නය ඇහුවා.

“එතකොට ස්වාමීනී, ඔය කුෂ්ඨ රෝගියා අන්ත දිළින්දෙක් වෙලා, අන්ත දුගියෙක් වෙලා, පාරක් පාරක් ගානේ ගිහින් මොනවහරි හොයාගෙන කාලා, ඇඟ කස කස ජීවත් වූ අසරණයෙක් නෙව. ඒකට හේතුව මොකක්ද?”

“පින්වත් මහණෙනි, ඒක ඉස්සර වෙච්ච දෙයක්. තමන් කරගත්තු දෙයක් තමයි ඔය විඳෙව්වේ. ඒ කියන්නේ සුප‍්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා එක්තරා කාලයක මේ රජගහ නුවරම සිටු පුත‍්‍රයෙක් වෙලා හිටියා. ධන ධාන්‍ය සම්පත් පිරිලා තිබුණා. ලස්සන රූපයකුත් තිබුණා.

දවසක් මොහු උයන් කෙළියට අශ්වයා පිටේ නැගලා යනවා. එ් වෙලාවෙ තගරසිඛී නමින් පසේබුදුරජාණන් වහන්සේ නමක් රජගහ නුවර පිඬුසිඟා වඩිනවා. එතකොට මේ සිටුවරයා හයියෙන් කෑ ගහලා මෙහෙම කිව්වා.

“ඒයි… කුෂ්ඨයා…. ඔය කුෂ්ඨ සිවුර පොරවාගෙන කොහෙද ඔය ඇවිදින්නේ?” කියල කාරල කෙල ගැහුවා. ගරහලා හිනහ වෙවී පිටත් වුණා.

මෙයාට මේක අමතක වුණා. නමුත් විපාක දෙන කර්මයට ඒක අමතක වෙන්නෙ නෑ. එයා මරණින් මත්තේ ගිහින් ඉපදුණේ නිරයේ. අවුරුදු දහස් ගණනක්, ලක්ෂ ගණනක් නිරයේ පැහුණා. ඊට පස්සේ තමයි රජගහ නුවර කුෂ්ඨ රෝගියෙක් වෙලා, අන්ත දිළින්දෙක් වෙලා ඉපදුණේ.”

එවේලෙහි බුදුරජාණන් වහන්සේ මෙම ගාථා රත්නය වදාළා.

 පින්වත් දරුවනේ, තමාට තමන්ම හතුරෙක් වෙන එක ඒ හැටි අමාරු වැඩක් නොවෙයි. ඒක හරිම ලෙහෙසි වැඩක්. ඕන තරම් පාප මිත‍්‍රයන් ඉන්නවා. පව්වලට අනුබල දෙන ඕන තරම් පිරිස ඉන්නවා. පව් කරන්නට අවස්ථාවත් ඕන තරම් තියෙනවා. ඒක නිසා තමාට තමන්ගේම හතුරා වෙන එක සුළුදෙයක්. හැබැයි ඒකෙ විපාක විඳින්න වෙන්නෙත් තමාටමයි. දුකට පත්වෙන්නෙත් තමාමයි. ඒ නිසා තමන්ගේ සැප කැමැති කෙනා තමාව හතුරෙක් කරගන්න හොඳ නෑ. තමාව කළණ මිතුරෙක් කරගන්න ඕන.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේට මාගේ ප්‍රණාමය 

☺☺

 Dhammapada Verse 66

Suppabuddhakutthi Vatthu

Caranti bala dummedha
amitteneva attana
karonta papakam kammam
yam hoti katukapphalam.

Verse 66: With themselves as their own enemies, fools lacking in intelligence, move about doing evil deeds, which bear bitter fruits.


The Story of Suppabuddha, the Leper

While residing at the Jetavana monastery, the Buddha uttered Verse (66) of this book, with reference to Suppabuddha, a leper.

Suppabuddha, the leper, while sitting at the back of the crowd and listening attentively to the discourse given by the Buddha, attained Sotapatti Fruition. When the crowd had dispersed, he followed the Buddha to the monastery as he wished to tell the Buddha about his attainment of Sotapatti Fruition. Sakka, king of the devas, wishing to test the leper's faith in the Buddha, the Dhamma and the Samgha, appeared to him and said, "You are only a poor man, living on what you get by begging, with no one to fall back on. I can give you immense wealth if you deny the Buddha, the Dhamma and the Samgha and say that you have no use for them." To this, Suppabuddha replied. "I am certainly not a poor man, with no one to rely on. I am a rich man; I possess the seven attributes which the ariyas possess; I have faith (saddha), morality (sila), sense of shame to do evil (hiri), sense of fear to do evil (ottappa), learning (sula), generosity (caga) and knowledge (panna).

Then, Sakka went to the Buddha ahead of Suppabuddha and related the conversation between himself and Suppabuddha. To him the Buddha replied that it would not be easy even for a hundred or a thousand Sakkas to coax Suppabuddha away from the Buddha, the Dhamma and the Samgha. Soon after this, Suppabuddha arrived at the monastery and reported to the Buddha about his attainment of Sotapatti Fruition. On his way back from the Jetavana monastery, Suppabuddha was gored to death by an infuriated cow, who, in fact, was an ogress assuming the form of a cow. This ogress was none other than the prostitute who was killed by Suppabuddha in one of his previous existences and who had vowed to have her revenge on him.

When the news of Suppabuddha's death reached the Jetavana monastery, the bhikkhus asked the Buddha where Suppabuddha was reborn and the Buddha replied to them that Suppabuddha was reborn in Tavatimsa deva realm. The Buddha also explained to them that Suppabuddha was born a leper because, in one of his previous existences, he had spat upon a paccekabuddha.

Then the Buddha spoke in verse as follows:

Verse 66: With themselves as their own enemies, fools lacking in intelligence, move about doing evil deeds, which bear bitter fruits.

ධම්ම පදය - බාල වග්ගය 71 ගාථාව

      න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ පවිටු කෙනා කරනා පව් – මීකිරි මිදෙනා වේගෙන් සැණෙකින...