Saturday, August 9, 2014

ධම්ම පදය - චිත්ත වර්ගය 7








7. අනවස්සුතචිත්තස්ස – අනන්වාහතචේතසෝ
පුඤ්ඤපාපපහීනස්ස – නත්ථි ජාගරතෝ භයං


කෙනෙකුගේ සිත තුළ – නොවැගිරෙයි නම් රාගය
ද්වේෂයෙන් කිසි කලක – පහර කන සිත් නැති විට
පින් පව් හැමදෙයම – දුරු කළ සිතින් සිටිනා
නිදිවරන ඒ රහතුන් – කිසිදිනක තැති නොගනිති

මම මේ වැඬේ කරනවා කියලා තමා කරන කටයුත්ත ගැන ස්ථිරව සිත පිහිටුවා ගන්නෙ නැත්නම්. කිසි දෙයක් සාර්ථක කරගන්නට බැහැ. පොඩි දරුවන්ට පොත පත පාඩම් කිරීමට වුනත් එහෙම තමයි. තමන් තුළ ලොකු අධිෂ්ඨානයක් තිබෙන්නට ඕන. එතකොට බාහිර දේවල් වලට සිත යොමුවෙන්නෙ නැහැ. ටීවී බල බල ඉන්න සිත යොමු වෙන්නෙ නැහැ. සෙල්ලමටම සිත යොමු වෙන්නෙ නැහැ. විකාර දේවල්වලට යොමු නොවී පොත පතේ වැඩ වුනත් හොඳින් කරගන්නට පුළුවන්. 

පැවිදි කෙනෙකුට  මෙය විශේෂයෙන්ම බලපානවා. එහෙම නැතිවුනොත් තමන් පැවිදි වූ අරමුණ කලක් යන විට මුළුමනින්ම වෙනස් වෙලා යනවා. එහෙම වෙනස් වුනොත් ධර්මය අවබෝධ කරනවා තියා චතුරාර්ය සත්‍යය යන නම ඇහෙන කොටත් කේන්ති යනවා. මාර්ග ඵල ලබනවා යන නම ඇහෙන කොටත් තරහා එනවා. නිවන කියන වචනයටත් විහිළු කරනවා. මේකට හේතුව සිත තුළ පැවිදි ජීවිතය නිවන් මඟට යෙදවීමේ අධිෂ්ඨානය නැතිකමයි. එතකොට හිත පහදින්නෙ නැහැ. ශ‍්‍රද්ධාව පිහිටන්නෙ නැහැ. එක එක දේවල්වලට පහදිනවා. එහෙම කෙනෙකුට ප‍්‍රඥාව වැඩෙන්නෙ කොහොමද?

නමුත් සිත රැකගන්නවා නම් ඒ කෙනා බේරෙනවා. සිත රැක ගන්නට තියෙන්නේ සතර සතිපට්ඨානය තුළමයි. සතර සතිපට්ඨානය තුළ හොඳින් සිත රැකගන්නා කෙනා තම සිත රාග අරමුණු වලින් තෙමෙන්නට දෙන්නෙ නෑ. ඒ වගේම ද්වේෂය ඇතිවෙන අරමුණු වලින් බැට කන්නට දෙන්නෙ නෑ. හැම තිස්සේම සිත රැකගන්නවා. භාවනාව දියුණු කරනවා. සීලයත්, සමාධියත්, ප‍්‍රඥාවත් හොඳින් ප‍්‍රගුණ කරනවා. ඒ තුළින්ම පින් පව් ප‍්‍රහාණය කරලා නිවන ස්පර්ශ කරනවා. නිදි වරමින් බණ භාවනා කරන ඒ වීරියවන්ත රහතන් වහන්සේ හට භයක් ඇතිවන්නට කිසි කරුණක් නැහැ.



Verse 39. The Wide-Awake Is Unfrightened

One of unflooded mind,
a mind that is not battered,
abandoning evil, merit too,
no fear for One Awake.
Explanation: For the person who’s mind is not dampened by passion, unaffected by ill-will and who has risen above both good and evil, there is no fear because he is wide-awake.

Once, there lived in Savatthi, a senior bhikkhu by the name of Samgharakkhita. When his sister gave birth to a son, she named the child after the thera and he came to be known as Samgharakkhita Bhagineyya. The nephew Samgharakkhita, in due course, was admitted into the Order. While the young bhikkhu was staying in a village monastery he was offered two sets of robes, and he intended to offer one to his uncle, the thera.

At the end of the vassa he went to his uncle to pay respect to him and offered the robe to the thera. But, the uncle declined to accept the robe, saying that he had enough. Although he repeated his request, the thera would not accept. The young bhikkhu felt disheartened and thought that since his uncle was so unwilling to share the requisites with him, it would be better for him to leave the Order and live the life of a layman.

From that point, his mind wandered and a train of thoughts followed. He thought that after leaving the Order he would sell the robe and buy a she-goat; that she-goat would breed quickly and soon he would make enough money to enable him to marry; his wife would give birth to a son. He would take his wife and child in a small cart to visit his uncle at the monastery. On the way, he would say that he would carry the child; she would tell him to drive the cart and not to bother about the child. He would insist and grab the child from her; between them the child would drop on the cart-track and the wheel would pass over the child. He would get so furious with his wife that he would strike her with the goading-stick.
At that time he was fanning the thera with a palmyra fan and he absentmindedly struck the head of the thera with the fan. The thera, knowing the thoughts of the young bhikkhu, said, "You were unable to beat your wife; why have you beaten an old bhikkhu?" Young Samgharakkhita was very much surprised and embarrassed at the words of the old bhikkhu; he also became extremely frightened. So he fled. Young bhikkhus and novices of the monastery chased him and finally took him to the presence of the Buddha.

When told about the whole episode, the Buddha said that the mind has the ability to think of an object even though it might be far away, and that one should strive hard for liberation from the bondage of passion, ill will and ignorance.

Friday, August 1, 2014

විශාඛා කුමරිකාවෝ - 2

පලමු කොටසට මෙතැනින්      http://piyumvila.blogspot.com/2013/06/blog-post_11.html




ගෞතම බුදුරජාණන් වහන්සේ මාගධ රාජ්‍යයේ අඟුරට, භද්දිය නගරයට වැඩම කළ දා...
ගෞතම බුදුරජාණන් වහන්සේ සම පන්තිස් වියෙහි දී, වෙසක් මස පුර පසොලොස්වක් පොහෝ දින සම්බෝධිඥානය ලබාගෙන සත් සතියක්ම නේරංජනා ගං ඉවුරේ ගතකොට පස්වග මහණුන්ට දම්දෙසා ඒ අය හා අනතුරුව යස කුල පුත් ඇතුළු පිරිසට ද දම් දෙසා ලොව පළමු රහත් හැට නමට මේ උතුම් දහම ලොවට කියා දෙනු පිණිස එක් එක් දිසාවන්ට පිටත් කොට තමන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කල සේක. භද්‍ර වර්ගික කුමාර වරුන් ද, උරුවෙල් කාශ්‍යප ගයා කාශ්‍යප හා නදී කාශ්‍යපයන්ද රහතුන් බවට පත්කොට රජගහ නුවරට වැඩම කලහ. එහිදී බිම්බිසාර මහ රජතුමා ඇතුළු බොහෝ පිරිසක් ආර්‍ය ශ්‍රාවකයන් බවට පත් විය. මේ සමයෙහි කෝලිත හා උපතිස්ස කුමාරවරුන්ද මහරහත් බව ලැබූහ. 

බිම්බිසාර මහරජුගේ මාගධ රජ්‍යයට ම අයත්වූ භද්දිය නම්වූ නගරයක් විය.  මෙය මෙණ්ඩක මහ සිටුවරයා ගේ වාස භූමිය විය.
ධනඤ්ජය සිටුවරයා ඔහුගේ පුත්‍රයා විය. මේ ධනඤ්ජය සිටුවරයා හා සුමනා කුමරියගේ දියණිය විශාඛා කුමරිය වූවාය. මේ වනවිට ඕතොමෝ සත් හැවිරිදි වූවාය. දිනක් ගෞතම බුදුරජාණන් වහන්සේ  භද්දිය නගරයට වැඩම කරනා බව ඇසූ මෙණ්ඩක මහ සිටුතුමා තම සිඟිති මිණිබිරිය වූ විශාඛාවන් අමතා මෙසේ පැවසුවේය. 

"දුව මේ මහ පොළවෙහි මෙතෙක් පහළවූ සියලු මුනිවරුනට ම අග්‍ර වූ ,එසේම මහා පුරිස ලකුණෙන් හා අසූවක් පමණවූ අවශේෂ ශාරීරික මංගල ලක්ෂණයන්ගෙන ද විරාජමාන වූ පිදිය යුත්තන් අතර අග්‍ර වූ , සියලුම කෙලෙස් ගති සම්පූර්ණයෙන් ම නැසුවා වූ , ශාක්‍ය රාජ කුලයෙන් නික්ම පැවිදි වූ අපගේ ගෞතම ශාක්‍ය මහා මුනීන්ද්‍රයාණන් වහන්සේ දහස් ගණනක් වූ තම ශ්‍රාවක මහ රහතුන් වහන්සේලා ද පිරිවරා ගෙන අද උදය වරුවේ මේ නුවරට, වඩිනා සේක.

දුවගේ යෙහෙලියන් පිරිවරාගෙනැ ඒ බුදුරදුන් වඩිනා පෙර මගට මහ පෙරහරින් ගොස් ඒ උතුමන් පිළිගෙන අපේ නගරයට වැඩම කරවාගෙනැ ආ යුතුයි.  අපිත් ඔබ පිරිසට පසු පසින් එන්නෙමු. මෙය ඔබ සැමටත්, එසේම අප සැමටත් මහත්වූ මංගල්‍යයෙකි"





ඉක්බිති විශාඛාවෝ පන්සියයක් පමණ වූ තම යෙහෙළියන් ද සුදුවතින් හා සියලු අබරණින් සරසවා තුමූ ද සැරසී මලින් සරසූ රන් පුන් කළස් දෙ අත්මතැ තබා ගෙනැ බුදුරදුන් වඬිනා පෙර මගට ගොස් සුවඳ මලින් හා රන් පුන් කළසින් බුදුරදුන් පුදා, දෙපා මුල වැඳ වැටී නමස්කාර කලාහුය.  අනතුරුව මෙණ්ඩක සිටුවරයා හා ප්‍රධාන නගර වාසීහූ ද සුවඳ මලින් හා රන් පුන් කළසින් බුදුරදුන් හා මහ රහතුන් පුදමින් නමස්කාර කළාහු ය. ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ  එ තැනට රැස්වූ භද්දිය නුවර වාසීන් හා විශඛා ඇතුලු පන්සියයක් කුමරියනට විශේෂ ධර්ම දේශනාවක් පැවත්වූ හ. සත් හැවිරිදි වියෙහි වූ විශාඛාවන් ප්‍රමුඛ කුමරියන්  සියලුම දෙනාම එම දම් දෙසුම අවසානයෙහි සෝතාපත්ති මහ ඵල නුවණ ලබමින් ආර්ය ශ්‍රාවිකාවන් බවට පත්වූ හ.



මෙණ්ඩක මහ සිටුතුමා ආදී නගර වාසීහු ද බුදුරජාණන් වහන්සේ ගෙන් බණ අසා සෝතාපත්ති මග ඵල නුවණ ලබමින් ආර්‍ය් ශ්‍රාවකවරු වූහ. මෙණ්ඩක මහ සිටුතුමා තම මාලිගයට බුදුන් ඇතුලු මහ සඟරුවන වඩමවා දෙසතියක් පුරා මහ දන් දෙමින් මහත් වූ පුද සත්කාර කලේය.

මේ සමයෙහි බිම්බිසාර මහ රජතුමාගේ මාගධ රාජ්‍යය බොහෝ ධනවතුන් ගෙන් පිරි වාස භූමියක් විය. මහා ධන සිටුවරු පස්දෙනෙක්ම මෙහි වාසය කලහ. එහෙත් සැවත් නුවර අගනුවර කොටගත් කෝසල දේශයෙහි එකම එක් සිටුවරයෙක් වත් නොවූහ. මේ අඩුව සපුරා ගනු පිණිස ප්‍රසේනජිත් කෝසල මහ රජතුමා වරක් රාජගහ නගරයට පැමිණ තම ඥාතිවරයාණන් වූ බිම්බිසාර මහ රජතුමා ගෙන් තම රාජ්‍යයටද මහධන සිටුවරයෙක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කලේය.  මේ නිසා බිම්බිසාර  රජතුමා මෙණඩක සිටුවරයා කැඳවා සියලු පුවත් සැලකොට එකල මහ පිනැතියෙකු ලෙස ප්‍රකටව සිටි ඔහුගේ පුත් ධනඤ්ජය මහ සිටුතුමා සාවස්ථියට පිටත් කර යවන්නට කටයුතු කලේය. නගරයට වඩා පිටත වාසයට කැමතිවූ ධනඤ්ජය සිටුතුමා "සාකේත" නමින් නව නගරයක් නිමවා තම මාලිගය එහි නිම කොට දඹදිව මහ නගර සයෙන් එකක් බවටද මෙම නගරය පත් කලේය. කාලාරාම , කණ්ටකී වන හා අංජන වන නම්වූ ප්‍රසිද්ධ ආරාම තුණක් ම පසු කාලයෙහි මේ අවට ඉදිකරවන ලදී. 

ධම්ම පදය - බාල වග්ගය 71 ගාථාව

      න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ පවිටු කෙනා කරනා පව් – මීකිරි මිදෙනා වේගෙන් සැණෙකින...