Thursday, May 12, 2011

සංයුක්ත නිකාය


නන්දති සූත‍්‍රය

සතුටුවීම ගැන වදාළ දෙසුම.

දෙවියන් –- “දරුවො ඉන්න කෙනා සතුටු වෙන්නේ දරුවන් නිසාමයි . ඒ වගෙම ගව පට්ට් හිමියා සතුටු වෙන්නේ ගවයන් නිසාමයි . මේ කෙලෙස් තියෙන නිසයි මිනිසුන්ට සතුටක් තියෙන්නෙ, යම් කෙනෙක්ට කෙලෙස් නැති නම් එයාට ජීවිතයේ සතුටක් නෑ.”

භාග්‍යවතුන් වහන්සේ - “ නෑ , දරුවො ඉන්න කෙනා අන්තිමේදී දරුවො නිසාම ශෝක වෙනවා. ඒ වගෙම ගව පට්ටි හිමියා ඒ ගවයන් නිසාම ශෝක වෙනවා. මේ කෙලෙස් නිසා මිනිසුන්ට තියෙන්නේ ශෝකයමයි .

යම් කෙනෙකුට කෙලෙස් නැති නම් එයාට ශෝකයන් උපදින්නේ නෑ .” කියල පිළිතුරු දුන්නා .



No comments:

Post a Comment

ධම්ම පදය - බාල වග්ගය 71 ගාථාව

      න හි පාපං කතං කම්මං – සජ්ජු ඛීරං’ ව මුච්චති ඩහන්තං බාලමන්වේති – භස්මච්ඡන්නෝ’ව පාවකෝ පවිටු කෙනා කරනා පව් – මීකිරි මිදෙනා වේගෙන් සැණෙකින...