Friday, September 13, 2019

ථේරී ගාථා


අද වගේ පුන් පෝදාක මේ ගාථාවන් ලියන්න ලැබීමම වාසනාවක් . ප්‍රජාපතී ගෝතමී තෙරණිය ඇතුළු පන්සියයක් පිරිසට ධර්ම දායාදය ලබා දුන් දිනය අදයි. කියවන ඔබටත් බොහෝ පින්.🙏🙏🙏


මහා ප්‍රජාපතී ගෝතමී තෙරණිය ගේ ගාථා.

157. සියලු සත්වයන්ට වඩා උතුම් වූ බුද්ධ වීරයන් වහන්ස, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාවත් මේ අනෙක් බොහෝ ජනතාවත් සංසාරෙන්  එතෙර කොට වදාලේ ඔබ වහන්සේ ම යි.

158. මං මේ දුක පිරිසිඳ දැක ගත්ත . දුක හදන හේතුව වන තණ්හාව නැති කරල දැම්ම. ආර්‍ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කර ගත්ත .දුක නැති වීම කියන නිවනත් සාක්ෂාත් කළා.

159.  ජීවිතයේ යථාර්ථය නො දැක, පිහිටක් නැතිව සංසාරේ ඇවිද ගෙන යත්දි , මං අම්මා වුණා . තව වරෙක මං පුතා වුණා . තව වරෙක මං තාත්තා වුණා . තව වාරෙක මං සහෝදරයා වුණා . තව වාරෙක මං ආච්චි වුණා .

160.  මං ධර්මය තුලින් භාග්‍යවතුන් වහන්සේ ව දැක ගත්ත . මං මේ දරාගෙන ඉන්නෙ අන්තිම සිරුරයි. ඉපදෙන සංසාරේ ගෙවිල ගියා. ආයෙ නම් මට පනර්භවයක් නෑ.

161. පටන් ගත්ත වීර්‍ය්යෙන් ම සිටින, දිවි දෙවැනි කොට ධර්මයේ  හැසිරුන, නිතරම දැඩි වීර්ය පරාක්‍රමයෙන් යුක්ත ,සමගි සම්පන්න ශ්‍රාවක සංඝයා ව දැක ගන්න . බුද්ධ වන්දනාව කියන්නෙ ඒක .

162.  මහාමායා බිසොවුන් වහන්සේ ගෞතම බුදු  සමිඳුන්ව මේ ලෝකෙට බිහි කෙරුවේ බොහෝ දෙනාගේ යහපත පිණිසය . ඒ නිසාමයි රෝග මරණ වලින් පෙළෙන මේ සත්වයන් ගේ දුක් දුරු වෙලා ගියේ .

මේ වනාහී මහා ප්‍රජාපතී ගෝතමී නම් රහත් තෙරණිය වඳාල ගාථාවන්‍ ය.  

No comments:

Post a Comment

ධම්ම පදය බාල වර්ගය 69

  මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා ස...