බුද්ධගයාවේ අසිරිමත් බුදුපිළිම වහන්සේ!

Thursday, May 28, 2015

අම්බපාලී නම් මහ රහත් තෙරණිය වදාළ ගාථා


ඔබ ඔබ දෙසම බලන්න. ඔබේ වත කෙමෙන් කෙමෙන් දියවී යන හැටි ඔබට පෙනේවි. ඔබ තරුණකල කොතරම් සියුමැලිද? කොතරම් සුන්දරද? පිවිතුරුද? මේ සියල්ලෙහිම අනිත්‍යතාව ඔබ දකීවිද?

ඔබේ සොඳුරිය ඔබ වෙත ආ හැටි ඔබට  මතකද? එදා ඈ ගේ වතකමල ඔබට මතකද? එදා දුටු සොඳුරු බව මතකද? ඇගේ පිවිතුරු බව මතකද? ඈ ගැන ඔබ ආඩම්බර වූ හැටි මතකද? ඒ ගැන ඔබ සෙවූ හැටි මතකද? ඒ හැම දෙයක්ම අවසන ඔබ දනී ද? ඒ අනිත්‍යතාව ඔබ දනී ද?

තමාට තමාවත් නැති කලෙක මේ නිසරු ජීවිතය තුල සංස්කාරයන් අනිත්‍ය වශයෙන්. දුක් වශයෙන්, අනාත්ම වශයෙන් නුවණින් විමසා අවබෝධයෙන් ඇති කරගන්නා ආර්ය‍ය සත්‍යය අවබෝධය තුලින් සසර බැමි වලින් නිදහස් වූ මුණිවරියක ගේ උදාන ගාථායි මේ.

*ඉස්සර නම් මගෙ කොන්ඩෙ කළු පාටයි. බඹරුන් ගෙ පාට වගේ. කැරලි ගැහිල උඩට හැරිල තිබුණ. ඒ උනාට ඒවා දැන් ජරාවට පත්වෙලා ගිහින් හණ වැහරි වගෙයි. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නේ නෑ.

*ඉස්සර මං මගෙ කොණ්ඩෙට සුවඳ මල් ගහනව. එතකොට කොණ්ඩෙ සුවඳ කරඬුවක් වගෙයි. ඒ උනාට දැන් ජරාවෙන් යට වෙලා ගිහින් හා ලොම් වගේ ගඳ ගහනව. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නේ නෑ.

* ලස්සනට පිළිවෙළකට මල් වවපු මිදුලක් වගේ මං පනාවෙන් ලස්සනට කොණ්ඩෙ පීරනව. අවුල් දිග හැරල රත්තරන් කොණ්ඩ කටු ගහල ලස්සනට සකස් කරනව. නමුත් දැන් ජරාව නිසා ඒ කෙස් ගැලවිලා ගිහින් තැනින් තැන ඉතුරු වෙලා තියෙන්නෙ.  සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නේ නෑ.

* කළු කෙස් වැටි ලස්සනට ගොතල, රත්තරන් ආභරණවලින්  සරසපුව ම හරිම ලස්සනයි. නමුත් දැන් ජරාව විසින් ඒ කෙස් ගලවලා දාල තියෙන්නෙ.  සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නේ නෑ.

* ඉස්සර මගේ ඇහි බැම හරිම ලස්සනයි. දක්ෂ චිත්‍ර ශිල්පියෙක් ලස්සනට ඇඳපු රේඛාවක් වගෙයි. දැන් ජරාවට පත් වෙලා රැලි දෙකක් වගේ නලලේ එල්ලා වැටෙනවා. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නේ නෑ.

*ඉස්සර මගෙ ඇස් දෙක ලොකුයි දිගයි. නිල් මැණික් දෙකක් වගේ බැබලුනා. නමුත් දැන් ජරාව විසින් ඒ ඇස් දෙක විරූපී කරල තියෙන්නෙ. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නේ නෑ.

* ඉස්සර මගෙ  නහය සිනිඳුවට ඉස්සිලා තිබුණා. ඒ නහයට මගේ මූණ ගොඩාක් ලස්සන වුණා. නමුත් ජරාව විසින් ඒක හකුළුවල දාල තියෙන්නෙ.  සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නේ නෑ.

* ඉස්සර මගෙ මේ කන් පෙති ඉස්සර හරිම ලස්සනයි. ලස්සනට හදාපු රත්තරන් වළලු වගේ. නමුත් දැන් ජරාවට පත් වෙලා රැලි ගැහිල එල්ලා වැටෙනව. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නේ නෑ.

* ඉස්සර මගේ දත් සුදට සුදේ කොඳ කැකුළු වගේ ලස්සනට තිබුණ. නමුත් දැන් ජරාවට පත් වෙලා කැඩිල ගිහිල්ල, කහ පාට වෙලා තියෙන්නෙ. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නේ නෑ.

* ඉස්සර මගේ  කටහඬ හරිම මිහිරියි. වනන්තරේ රුක් ගොමු අතරින් මිහිරට නාද කරන  කෝකිලාවක් වගෙයිනමුත් දැන් ජරාවට පත් වෙලා දැන් මගේ කටහඬ තැනින් තැන පැකිලෙනව.   සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නේ නෑ.

* ඉස්සර මගේ  බෙල්ල ලස්සනට ඔප දමාපු රත්තරන් බෙල්ලක් වගෙයිනමුත් දැන් ජරාවට පත් වෙලා ඒ ලස්සන නැතිවෙලා , දැන් මගේ බෙල්ල නැමිල ගිහින්  තියෙන්නෙ.  සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නේ නෑ.  

*  ඉස්සර මගේ  අත් දෙක  ලස්සනට රත්ත්‍රන් වලින් නිමකල රත්තරන් අත් දෙකක් වගෙයිනමුත් දැන් ජරාවට පත් වෙලා පළොල් ගහක අතු දෙකක් වගෙයි. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නේ නෑ.  

* ඉස්සර මගේ  අත් වල ඇඟිලි ලස්සනට රත්ත්‍රන් වලින් නිමකල රත්තරන් රූපයක් වගෙයි. රන් වළලු, මුදු දාල ලස්සනට සරසලා  ලස්සන වැඩි කරලයි තිබුණෙනමුත් දැන් ජරාවට පත් වෙලා පේන්නෙ මුල් ගොඩක් වගෙයි. සත්ය වාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නේ නෑ.   

*  ඉස්සර මගේ   පියයුරු දෙක එකට එකතුවෙලා උඩට හැරිල ලස්සනට තිබුණනමුත් දැන් ජරාවට පත් වෙලා වතුර හිඳිච්ච පෙරහන් කඩක් වාගේ එල්ලා වැටෙනවාසත්ය වාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නේ නෑ

ඉස්සර මගේ  ශරීරය හොඳට මැදල ඔප දමාපු රත්තරං රූපයක් වාගෙ ලස්සනට තිබුණ.  නමුත් දැන් ජරාවට පත් වෙලා ඇඟ පුරාම රැළි එල්ලා වැටෙනවා.  සත්ය වාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නේ නෑ. 

*  ඉස්සර මගේ  කළවා දෙක  ලස්සන ඇතෙකුගේ හොඬවැල වගෙයි.  නමුත් දැන් ජරාවට පත් වෙලා වේලිච්ච උණ බට දෙකක් වාගෙයි.   සත්ය වාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නේ නෑ. 

ඉස්සර මගේ  කෙණ්ඩා දෙක  රන් නූපුර වලින් සරසලා හරිම ලස්සනයි.    නමුත් දැන් ජරාවට පත් වෙලා  තල පිති දෙකක් වාගෙයි.   සත්ය වාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නේ නෑ.  

ඉස්සර මගේ  දෙපා තිබුනෙ සිනිඳු පුළුන් පුරවලා තියෙනවා වගේ හරිම ලස්සනටයි.    නමුත් දැන් ජරාවට පත් වෙලා  යටි පතුල් පැලිල, රැළි  ගැහිල  තියෙන්නෙ.   සත්ය වාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නේ නෑ. 

* ඔන්න ඕකයි මේ ශරීරයේ ඇත්ත තත්වය. ජරාවෙන් දෙදරලා යනවා. බොහෝ දුකට වාසස්ථානය වෙනව. මේ ශරීරය පිළිසකර කරගන්න බැරි තරමට කඩා වැටෙන්නට ළං වුන දිරාපු ගෙයක් වගෙයි.   සත්ය වාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නේ නෑ. 



මේ වනාහී අම්බපාලී නම් මහ රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.
සාදූ!  සාදූ !!  සාදූ !!!




Ambapālī.
SHE, too, having made her resolve under former Buddhas, and heaping up good of age-enduring efficacy in this or that rebirth, entered the Order when Sikhi was Buddha.  And one day, while yet a novice, she was walking in procession with Bhikkhunīs, doing homage at a shrine, when an Arahant Therī in front of her hastily spat in the court of the shrine. Coming after her, but not having noticed the Therī's action, she said in reproof: 'What prostitute has been spitting in this place?'
As a Bhikkhunī, observing the Precepts, she felt repugnance for rebirth by parentage, and set her mind intently on spontaneous re-generation. So in her last birth she came into being spontaneously at Vesālī, in the King's gardens, at the foot of a mango-tree. The gardener found her, and brought her to the city. She was known as the Mango-guardian's girl.   And such was her beauty, grace, and charm that many young Princes strove with each other to possess her, till, in order to end their strife, and because the power of karma impelled them, they agreed to appoint her courtezan. Later on, out of faith in the Master, she built a Vihāra  in her own gardens, and handed it over to him and the Order.  And when she had heard her own son, the Elder Vimala-Kondañña,  preach the Norm, she worked for insight, and studying the law of impermanence as illustrated in her own ageing body, she uttered the following verses:

Glossy and black as the down of the bee my curls once clustered.
They with the waste of the years are liker to hempen or bark cloth.
Such and not otherwise runneth the rune, the word of the Soothsayer. 


Fragrant as casket of perfumes, as full of sweet blossoms the hair of me.
All with the waste of the years now rank as the odour of hare's fur.
Such and not otherwise runneth the rune, the word of the Soothsayer.

Dense as a grove well planted, and comely with comb, pin, and parting.
All with the waste of the years dishevelled the fair plaits and fallen.
Such and not otherwise runneth the rune, the word of the Soothsayer.


Glittered the swarthy plaits in head-dresses jewelled and golden.
All with the waste of the years broken, and shorn are the tresses.
Such and not otherwise runneth the rune, the word of the Soothsayer.

Wrought as by sculptor's craft the brows of me shone, finely pencilled.
They with the waste of the years are seamèd with wrinkles, o'erhanging.
Such and not otherwise runneth the rune, the word of the Soothsayer.

Flashing and brilliant as jewels, dark-blue and long-lidded the eyes of me.
They with the waste of the years spoilt utterly, radiant no longer.
Such and not otherwise runneth the rune, the word of the Soothsayer.

Dainty and smooth the curve of the nostrils e'en as in children.
Now with the waste of the years searèd 
the nose is and shrivelled.
Such and not otherwise runneth the rune, the word of the Soothsayer.

Lovely the lines of my ears as the delicate work of the goldsmith. 
They with the waste of the years are seamèd with wrinkles and pendent.
Such and not otherwise runneth the rune, the word of the Soothsayer.

Gleamed as I smiled my teeth like the opening buds of the plantain.
They with the waste of the years are broken and yellow as barley.
So and not otherwise runneth the rune, the word of the Soothsayer.

Sweet was my voice as the bell of the cuckoo 
 through woodlands flitting.
Now with the waste of the years broken the music and halting.
So and not otherwise runneth the rune, the word of the Soothsayer.

Softly glistened of yore as mother-of-pearl the throat of me.
Now with the waste of the years all wilted its beauty and twisted.
So and not otherwise runneth the rune, the word of the Soothsayer.

Beauteous the arms of me once shone like twin pillars cylindrical.
They with the waste of the years hang feeble as withering branches.
So and not otherwise runneth the rune, the word of the Soothsayer.

Beauteous of yore were my soft hands with rings and gewgaws resplendent.
They with the waste of the years like roots are knotted and scabrous.
So and not otherwise runneth the rune, the word of the Soothsayer.

Full and lovely in contour rose of yore the small breasts of me.
They with the waste of the years droop shrunken as skins without water.
So and not otherwise runneth the rune, the word of the Soothsayer.

Shone of yore this body as shield of gold well-polishèd.
Now with the waste of the years all covered with network of wrinkles.
So and not otherwise runneth the rune, the word of the Soothsayer.

Like to the coils of a snake  the full beauty of yore of the thighs of me.
They with the waste of the years are even as stems of the bamboo.
So and not otherwise runneth the rune, the word of the Soothsayer.

Beauteous to see were my ankles of yore, bedecked with gold bangles.
They with the waste of the years are shrunken as faggots of sesamum.
So and not otherwise runneth the rune, the word of the Soothsayer.

Soft and lovely of yore as though filled out with down were the feet of me.
They with the waste of the years are cracked open and wizened with wrinkles.
So and not otherwise runneth the rune, the word of the Soothsayer.

Such hath this body been. Now age-weary and weak and unsightly,
Home of manifold ills; old house whence the mortar is dropping.
So and not otherwise runneth the rune, the word of the Soothsayer.



And inasmuch as the Therī, by the visible signs of impermanence in her own person, discerned impermanence in all phenomena of the three planes, and bearing that in mind, brought into relief the signs of Ill and of No-soul, she, making clear her insight in her Path-progress, attained Arahantship. 
Saadhuu! Saadhuu!! Saadhuu!!!


Sunday, May 3, 2015

ධම්ම පදය චිත්ත වග්ගය 09



අචිරං වතයං කායෝ – පඨවිං අධිසෙස්සති
ඡුද්ධෝ අපේතවිඤ්ඤාණෝ – නිරත්ථං’ව කලිංගරං

ඇත්තෙන්ම මේ ශරීරය එච්චර කාලයක් තියෙන එකක් නොවෙයි. විඤ්ඤාණය පහ වුණාට පස්සෙ වැඩකට ගන්ට බැරි දරකඩක් වගේ, මහ පොළොවෙ වැතිරෙනවා.

(සැවැත් නුවරදී පූතිගත්තතිස්ස තෙරුන් අරභයා වදාළ ගාථාවකි.


තිගත්ත තිස්ස තෙරණුවෝ බුදු සසුනේ පැවිදි වී ගුණ දහම් වැඩූ තැනැත්තෙකි. උන්වහන්සේ වයසට යාමත් සමඟ අසනීප විය. ඇඟ පුරා ගෙඩි දැමීමේ රෝගයකි. එක එක ප්‍රමාණයේ ගෙඩි ඇඟ පුරා විය. නිරෝගී හාමුදුරුවරු බෙහෙත් කරමින් උවැටන් කරත් සුවපත් වූයේ නැත. අවසානයේ මරණය ඉදිරියේ තබාගෙන වැතිරිණ. මේ තත්ත්වය දුටු බුදු හාමුදුරුවෝ තමන්ම වතුර උණු කර සකස් කර, තෙල් බෙහෙත් ද ගෙන භික්‍ෂූන් ලවා ඇඳ පිටින්ම ලෙඩා ගෙන්වාගෙන පළමුව උණු දියෙන් ඇඟ සෝදා, තෙල් ගල්වා, හැඳ පෙරව සිටි සිවුරු හෝදා රෝගියාට පළමුව කයට සහනයක් දුන්හ. බුදුහාමුදුරුවන් ගැල්වූ තෙල් වලට වඩා බුදු හිමියන්ගේ අත්ගුණය ලෙඩාට පිහිට විය. ඒ පිළියම් කළේ මහා කරුණාවෙනි. මෛත්‍රියෙනි. දයාවෙනි. ඒ අපිරිමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් ප්‍රතිකාර කිරීමේ අත්ගුණය රෝගියාගේ රෝගය සුව වන්නට හේතු විය. පළමුව කය සැනසූ බුදුහිමි සුදුසු පරිසරය තුළ පූතිගත්ත තිස්ස තෙරුන්ට දහම් දෙසීය. ඒ මගින් රෝගියාගේ සිතට සැනසුම උදා විය. සිත සැනසීම රෝගය මුළුමනින්ම සුව වීමට හේතු විය.


Without The Mind, Body Is Worthless

Not long alas, and it will lie
this body, here upon the earth.
Discarded, void of consciousness,
useless as a rotten log.


Explanation: Soon, this body, without consciousness, discarded like a decayed worthless log, will lie on the earth.


The Story of Tissa, the Thera with a Stinking Body
While residing at the Jetavana monastery, the Buddha uttered  of this , with reference to Thera Tissa.
After taking a subject of meditation from the Buddha, Thera Tissa was diligently practising meditation when he was afflicted with a disease. Small boils appeared all over his body and these developed into big sores. When these sores burst, his upper and lower robes became sticky and stained with pus and blood, and his whole body was stinking. For this reason, he was known as Putigattatissa, Tissa the thera with stinking body.
As the Buddha surveyed the universe with the light of his own intellect, the thera appeared in his vision. He saw the sorrowful state of the thera, who had been abandoned by his resident pupils on account of his stinking body. At the same time, he also knew that Tissa would soon attain arahatship. So, the Buddha proceeded to the fire-shed, close to the place where the thera was staying. There, he boiled some water, and then going, to where the thera was lying down, took hold of the edge of the couch. It was then only that the resident pupils gathered round the thera, and as instructed by the Buddha, they carried the thera to the fire-shed, where he was washed and bathed. While he was being bathed, his upper and lower robes were washed and dried. After the bath, the thera became fresh in body and mind and soon developed one-pointedness of concentration. Standing at the head of the couch, the Buddha said to him that this body when devoid of life would be as useless as a log and would be laid on the earth.

At the end of the discourse Thera Tissa attained arahatship together with Analytical Insight, and soon passed away.

නමෝ බුද්ධාය!

අඳුරු අහස් ගැබ පහන් කරවමින් සොළොස් කළාවෙන් ම පිරිපුන් සඳමඬල මෝදු වී, සඳකැන් දහරින් ලොව ම සිසිල් කරවනා සොඳුරු වෙසක් පුන් පොහෝ දිනයයි අද….
සාරා සැකි කප් සුවහසකට පෙර – නියත විවරණ ලැබූ දා……
එදිනත් වෙසක් පුන් පොහෝ දිනයකි. පංච අභිඤ්ඤා ලාභී සුමේධ තාපසයාණෝ දීපංකර සර්වඥයන් වහන්සේ ගේ දෙපාමුල වැතිර සිටී. ඒ මඩ මතුයෙන් තම සිරුරට පා තබා බුද්ධ ප‍්‍රමුඛ මහා සංඝයා වහන්සේට වඩිනු පිණිසය. මේ පින්බර තවුසා මුල්කොට තුන්කල් දක්නා දීපංකර සම්බුදු සමිඳාණෝ මෙසේ පැවසූ සේක.
“පස්සථ ඉමං තාපසං – ජටිලං උග්ගතාපනං
අපරිමෙය්‍ය ඉතෝ කප්පේ – අයං බුද්ධෝ භවිස්සති”
“මේ උග‍්‍ර තපස් ඇති තාපසයා දෙස බලව්! මින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ඇවෑමෙන් මෙතෙමේ සම්බුදු වන්නේය” දීපංකර සර්වඥයාණන් වහන්සේ ගෙන් නියත විවරණ සිරි ලැබූ අප සිද්ධාර්ථ මහා බෝසතාණෝ ඒ වෙසක් පුන් පොහෝ දිනේ දීපංකර බුදුරජුන්ගෙන් සමන් මල් අට මිටකින් පූජාවන් ද ලැබුවෝය.
තුසිත ලොවේ වැඩසිටි මහ බෝසත් –
සම්බුදු වන්නට කාලය දකිමින්….
සාරාසංඛ්‍යය කල්ප ලක්ෂයක කාලයක් පාරමී ධර්මයන් පූරණය කරමින් පැමිණ මහා බෝසතාණෝ සන්තුසිත නමින් තුසිතයේ ඉපිද සිටියේය. කල්යල් මැනවින් බලනා දෙවිවරු ඒ සන්තුසිත දෙව්රජුට මෙසේ ආරාධනා කළෝය.
“කාලෝයං තේ මහාවීර – උප්පජ්ජ මාතු කුච්ඡියං
සදේවකං තාරයන්තෝ – බුජ්ඣස්සු අමතං පදං
“මහාවීරයන් වහන්ස, ඔබට දැන් කල් පැමිණ තිබේ. දෙවියන් සහිත ලෝකයාව සසර කතරින් එතෙර කරවනු වස්, අමෘත පදය වූ නිවන අවබෝධ කිරීම පිණිස මිනිස් මව්කුසක පිළිසිඳ ගන්නා සේක්වා!”
දෙවියන්ගේ ඇරයුමෙන් මහබෝසතාණෝ පංච මහා විලෝකනයන් කොට තුසිත දෙව්ලොවින් නික්මුණු සේක. මනුලොව එකසිය විස්සක් ආයුෂ ඇති කාලයේ, දඹදිව මධ්‍ය ප‍්‍රදේශයේ, කපිලවස්තු නුවර ක්ෂත‍්‍රිය කුලයේ සුද්ධෝදන රජුට දාව සිල්වත් මහාමායා බිසොවගේ කුස පිළිසිඳ ගත් සේක.
වෙසක් සඳක් නැගෙනා විට අහසේ –
ඒ බෝසත් පුතු සිහිවෙන්නේ…..
දසමසක් පිරුනු ගැබ ඇති මහාමායා බිසවුන් මලින් බරවී ගිය ලුම්බිණී සල් වනයේ සිරි නරඹමින් සිටියේය. මව්බිසව සිටගෙන ම සිටියදී අප මහා බෝසතාණෝ මව්තුමියට සුළු වේදනාවක් වත් නොදෙමින් බිහි වූ සේක. මහා බ‍්‍රහ්මයා බෝසතාණන් පිළිගත් සේක. සතරවරම් දෙවිවරු රැකවල් සැලසුවෝය. දස දහසක් ලෝ ධාතුව කම්පා විය. දේවානුභාවය ඉක්මවා පැතිර ගිය ආලෝකයෙන් ලෝකාන්තරික නරකය පවා එළිය වී ගියේය.
ඒ සිඟිති බෝසත් කුමරාණෝ උපන් විගසම ලුම්බිණි සල් වනයේ ඇවිද සත් පියවරක් ගමන් කළ සේක. ඒ පියවර පිළිගැනුමට පියුම් සතක් පොළොවෙන් පැන නැග්ගේය. ඒ පියුමන් මත වැඩහිඳ අප මහා බෝසතාණෝ සිංහනාද කළෝය.
“අග්ගෝ හමස්මි ලෝකස්ස
ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස
සෙට්ඨෝ හමස්මි ලෝකස්ස
අයමන්තිමා ජාති නත්ථිදානි පුනබ්භවෝ’
“මම ලොවට අග‍්‍ර කෙනා වෙමි. මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි. මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මේ මාගේ අවසන් උපතයි. යළි පුනර්භවයක් නැත”
ඒ මහාවීර වූ අපගේ බෝසතාණන් වහන්සේ ගේ උපත සිදු වූයේ අද වැනිම වෙසක් පොහෝ දිනයකයි.
බෝසතුන් බුදු වුනේ – මේ වෙසක් පොහො දිනේ….
රාජශ‍්‍රීයෙන් වැඩුනු අප සිද්ධාර්ථ මහ බෝසතාණෝ සතර පෙර නිමිති දැක විසිනම හැවිරිදි වියේදී මහාභිනිෂ්ක‍්‍රමණය කොට වදාළෝය. සය වසරක් වෙසෙසින් කයට පීඩා දෙමින් නිවන් මගක් සොයන්නට විය. ඒ සය වසර ඇවෑමෙන් වෙසක් පොහොයක් උදාවිය.
සුජාතාවගේ කිරිපිඬු දානය වළඳා, පාත‍්‍රය නේරංජාවේ උඩුගං බලා හසුරුවා ඇසතු රුක දෙසට පැමිණෙමින් සිටි අප මහා බෝසතාණන් හට සොත්ථිය බමුණා කුසතණ අට මිටක් පුද කළේය. එය ද රැගෙන නේරංජරා ගංතෙර බෝරුක් සෙවණේ වජ‍්‍රාසනය මත කුසතණ අතුරා සංඝාටිය මත වැඩ සිටි සේක. චතුරංග සමන්නාගත පුරුෂ වීර්යයෙන් වැඩසිටි අප මහා බෝසතාණන් වහන්සේ ඒ සොඳුරු වෙසක් පෝ දිනේ දස මර සෙන් පරදා, ති‍්‍රවිද්‍යාව ලබා ගෞතම නමින් උතුම් සම්බුද්ධත්වය ලැබූ සේක.
පෙළහර පෑ අප බුදු සමිඳාණෝ…..
උතුම් සම්බුද්ධත්වයෙන් පසු සුදොවුන් රජුගේ ඇරයුම හේතුවෙන් අපගේ සම්බුදු රජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කළ සේක. එහිදී මානයෙන් ඉදිමී සිටි තම ඥාතීන්ගේ දමනය වීම පිණිස ‘යමක මහා පෙළහර’ පෑමට අපගේ සම්බුදු සමිඳාණන් හට සිදු විය. ඒ අසිරිමත් පෙළහර පෑම ද වෙසක් පුන් පොහෝ දිනයක ම සිදු විය.
අපගේ සම්බුදු සමිඳුන් – සිරිලකට වඩින්නේ….
සම්බුද්ධත්වය ලබා අටවැනි වර්ෂයේදී අපගේ ශාස්තෘන් වහන්සේ ගේ තෙවැනි ලංකාගමනය සිදු විය. මණිඅක්ඛික නා රජුගේ ඇරයුම පරිදි උන්වහන්සේ වැඩම කළේ කැළණිය පුදබිමටයි. පන්සියයක් මහ රහතුන් පිරිවරාගෙන මේ ධර්මද්වීපයට සම්බුදු රජුන්ගේ ඒ තෙවැනි වැඩම කිරීම සිදුවූයේද පින්බර වෙසක් පුන් පොහෝ දිනයකයි.
වෙසක් සඳක් නැගෙනා විට අහසේ – කුසිනාරාව ද සිහි වන්නේ…
ලෝ සතුන් කෙරෙහි පතල මහා කරුණාවෙන් පන්සාලිස් වසක් අමාදම් දෙසාලූ අපගේ සම්බුදු සමිඳාණෝ අසූවැනි වියේදී පිරිනිවීම පිණිස කුසිනාරාවට වැඩම කළ සේක. එහි උපවර්තන සල් වනයේ සල්රුක් දෙකක් අතර පැනවූ යහනේ තිලෝගුරු අපගේ ශාස්තෘන් වහන්සේ සැතැපුණු සේක. දෙව් මිනිසුන්ගේ අපමණ පූජාවන් මධ්‍යයේ, සැදැහැවතුන් හඬා වැටෙද්දී, මහ රහතුන් නිහඬව ම බලා සිටිද්දී අවසන් සම්බුදු ඔවදන මෙසේ පැවසු සේක.
‘වයධම්මා සංඛාරා – අප්පමාදේන සම්පාදේථ’
‘හටගත් සියලු සංස්කාරයෝ නැසෙන්නේමය. එනිසා නොපමාව දහමේ හැසිරෙව්!’
තුන්ලොවම කම්පාවට පත් කරමින් ඒ උතුම් වූ සම්බුදු රජාණන් වහන්සේ ගේ පිරිනිවන් පෑම ද වෙසක් පුන් පොහෝ දිනයක සිදුවිය.
රකිනු මැන මේ සිහල දීපය….
ඒ අපගේ සම්බුදු රජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ හිඳිමින් සක් දෙවිඳුන්ට මෙසේ පැවසූ සේක.
‘පතිට්ඨිස්සති දේවින්ද ලංකායං මම සාසනං – තස්මා සපරිවාරන්තං රක්ඛ ලංකඤ්ච සාධුකං’
‘දේවේන්ද්‍රය, මාගේ සසුන ලංකාද්වීපයෙහි පිහිටන්නේය. එනිසා පිරිවර ද සමගින් ඒ ලක්දිව මනාව රැකිය යුත්තාහ. (මහාවංශය)
ඒ උතුම් සිදුවීම ද වෙසක් පෝ දිනෙකම සිදු විය.
අනඳ මාහිමි පිරිනිවුනු දිනයයි……
විසිපස් වසරක් පුරාවට ම අප සම්බුදු සමිඳාණන් හට ආදරයෙන් උපස්ථාන කළේ ආනන්ද තෙරුන් වහන්සේය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු උන්වහන්සේ අරහත්වයට පත්වූ සේක. ප‍්‍රථම ධර්ම සංගායනාවෙන් පසු තවත් හතළිස් වසරක් ම ආනන්ද මහ රහතන් වහන්සේ වැඩ සිටි සේක. උපතින් වයස එකසිය විස්සක් ගෙවුනු තැන ආනන්ද මහ රහතන් වහන්සේ රෝහිණී නදිය ඉහළ අහසේ වැඩහිඳ පෙළහර පා දහම් දෙසා සිරුරේ ධාතු දෙකොටසකට සමව බෙදේවා යි අදිටන් කොට තේජෝ සමාපත්තියෙන් පිරිනිවන් පෑ සේක. ඒ වෙසක් පුන් පොහෝ දිනයකයි.
එමෙන්ම විජය කුමරුගේ ලංකාවට ගොඩබැසීම ද සිදුවූයේ අපගේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාළ වෙසක් පුන් පොහෝ දිනයේදී මය. එනම් ශ්‍රී ලංකාද්වීපය තුල සිංහල ජාතියේ ආරම්භය සිදුවූයේද වෙසක් පුන් පොහෝ දිනයකයි.
එමෙන්ම සම්බුදු සසුනට මහත් මෙහෙයක් කළ රජෙකු වන දේවානම්පියතිස්ස රජු පංච කකුධ භාණ්ඩ සහිතව අභිෂේක ලැබුවේද වෙසක් පෝ දිනයකයි.
දුටුගැමුණු මහා නරේන්ද්‍රයා විසින් ස්වර්ණමාලි මහාසෑ කර්මාන්තයට වැඩ ඇරඹීම ද වෙසක් පෝ දිනයක ම සිදුවිය.
මෙලෙසින් මේ උතුම් වෙසක් පෝ දිනය ශාසනික වශයෙනුත්, ජාතික වශයෙනුත් අනුස්මරණීය සිදුවීම් රැසකට මුල් වූ දිනයෙකි. එහෙයින් තෙරුවන් සරණ ගිය අප හට උතුම් තෙමඟුල සිහි කරන වෙසක් පොහොය දිනය අරුත්බර කරගැනුමට දහම් ඔවදනක් සිහිපත් කරන්නෙමු. ඒ අප මුනිරජුන්ගේ පිිරිනිවීම සිදුවූ මොහොතේ සම්බුදු මුව මඬලින්ම පැවසූවකි.
මහණෙනී මෙයයි මට කියන්නට තිබෙන්නේ –
හැම දුකින් මිදෙන්නට දැන් පමා නොවන්නේ…..
පිරිනිවනට සැරසී යහනේ සැතැපි සිටිනා ඒ සම්බුදු වීරයාණන් වහන්සේගේ සිරුර මත දිව්‍ය පරසතු මදාරා මල් පතිත වන්නට විය. අකලට පිපුණු සල් මල් ද සම්බුදු සිරුර සුවඳවත් කරමින් ඇදවැටෙන්නට විය. දිව්‍ය සුගන්ධයෝ පැතිර යයි. දිව්‍ය තූර්ය නාදය ද දුක්මුසුව ඇසේ. ආනන්ද තෙරුන් මෙසේ පැවසීය.
“ස්වාමීනී, අසිරිය‍ෙකි! මේ සියල්ල තථාගතයන් වහන්සේට උපහාර දක්වන්නේය. දෙවිවරු දිව්‍ය මලින් සුවඳින් නාදයෙන් උපහාර දක්වති. මිනිස්සුද එසේය. සිත් පිත් නැති වෘක්ෂයෝ පවා සම්බුදු සිරුරට උපහාර දක්වන්නේය”
අපගේ බුදුරජාණන් වහන්සේ මෙසේ පැවසූ සේක.”ආනන්දය, මේ තථාගතයන් හට කරන සැබෑ පූජාව නොවෙයි. “යෝ ඛෝ ආනන්ද භික්ඛු වා භික්ඛුනී වා උපාසකෝ වා උපාසිකා වා ධම්මානුධම්මපටිපන්නෝ විහරතිි සාමීචිපටිපන්නෝ අනුධම්මචාරී. සෝ තථාගතං සක්කරෝති ගරුකරෝති. මානේති පූජේති. පරමාය පූජාය පටිපත්ති පුජාය”
“ආනන්දය, යම් භික්ෂුවක් වේවා, භික්ෂුණියක් වේවා, උපාසකයෙකු වේවා, උපාසිකාවක් වේවා ධම්මානුධම්ම පටිපන්නව වාසය කරත්ද, ධර්මයට අනුකූලව යහපත් පැවැත්මෙන් යුතු වෙත්ද, ඔවුන් තථාගතයන් වහන්සේට සත්කාර කරන්නෝය. ගරු කරන්නෝය. මානන කරන්නෝය. පූජාවන් කරන්නෝය. සැබෑම පූජාව වූ ප‍්‍රතිපත්ති පූජාවෙන් පුදන්නෝය

ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා!

ගෞරවණීය නමස්කාරය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ට.