බුද්ධගයාවේ අසිරිමත් බුදුපිළිම වහන්සේ!

Saturday, July 12, 2014

සත් සතිය

සත් සතිය

පළමු සතිය - බෝරුක මුල

 දෙවන සතිය - අනිමිසලෝචන පූජාව

තෙවන සතිය - රුවන් සක්මන

සිව්වන සතිය - රැවන් ගෙය

පස්වන සතිය - අජපල් නුග රුක මුල

 හයවන සතිය - මුචලින්ද නාග දරණය තුළ

සත්වන සතිය- රාජායතන නම් කිරිපළු රුක මුල


පළමු වන සතිය




(බෝ රුක අසල)

"මම සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි චතුරාර්ය සත්‍යය (දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග) අවබෝධ කර ගැනීමට ඉමහත් වෙහෙසක් දැරීමි. ඒ වීර්යය තුළින් මම ජයග්‍රහණය කෙළෙමි. මේ වනාහි මා ජයග්‍රහණය කළ වීර්ය පර්යංකයයි. මා සියලු කෙලෙසුන් නසා සිවුසස් අවබෝධ කර ගත්තේ මේ පර්යංකයෙහි (පළඟෙහි) " යයි සිතා බුදුරජාණන් වහන්සේ ඒ ආකාරයෙන් ම එහි වැඩ සිට සිය දහස් ගණන් සමාපත්තිවලට සමවදිමින් පුරා සතියක්ම එහි කල් යැවූ සේක.

දෙවන සතිය


(අනිමිස ලෝචන පූජාව)



















බුදුරජාණන් වහන්සේ බෝරුක මුල වැඩ සිට එයට මඳක් ඊසාන පැත්තේ සිට තමනට බුදු බව ලබා ගැනීමට උපකාර වී සෙවණ ලබා දුන්නේ මෙම බෝ රුක බව සලකා කෘත ගුණ සැලකීම් වශයෙන් සතියක් ඇසි පිය නොසොල්වා ඒ දෙස බලා ගෙන ඇසින් පූජා කළහ.

(පහත  ඈතින් පෙනෙන අනිමිස ලෝචන පූජාව කල ස්ථනයේ දර්ශනය අන්තර්ජාලයෙනි.)


 


තෙවන සතිය - රුවන් සක්මන

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේත් අනිමිසලෝචන චෛත්‍යයත් අතර පියුම් සහිත වේදිකාව රුවන් සක්මන කල ස්ථානය හැටියට සැලකේ. සක්මන්භාවනාව කරමින් මෙම සතිය මෙහි ගතකලහ.





  
සිව්වන සතිය - රුවන් ගෙය

අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉන් පසුව සතිපට්ඨානය  සිහිකරමින් ඊලඟ සතිය ගතකල ස්ථානය රුවන් ගෙය නම්වේ. පුංචි කුටියක ස්වරූපයකින් මෙය අද දකිය හැකිය.

(පහත දර්ශන 2 අන්තර්ජාලයෙනි.)



පස්වන සතිය - අජපල් නුග රුක මුල

පස්වන සතිය ගතකලේ බෝධීන් වහන්සේට තරමක් දුරින් පිහිටි අජපාල නුග රුක මුලයි. මාරදූවරු දෙවනවරටත් පැමිණ පැරදී පලා ගියබව සඳහන් වේ. මේ නුගරුක වෙනුවට දැනට අළුත් නුගරුකක් මහාවිහාරයට වම් පැත්තේ දැකිය හැකිය.





 හයවන සතිය - මුචලින්ද නාග දරණය තුළ

එතැනින් නැගීසිටි බුදුරජුන් මුචලින්ද රුක මුලට වැඩම කොට සතියක් එහි ගතකල සේක. මේ කාලය තුල වැසි සහිත මහා සුළඟක් ඇති වූයෙන් අසල සිටි මහානාග රාජයෙක් උන්වහන්සේට සෙවන දුන්හ. එය සංකේතවත් කිරීමට වම්පසින් විලක් තනවා මූර්තියක් සාදා ඇත. අදටත් මුචලින්ද නමින් ගමක් බුද්ධගයාවේ ඇත.







සත්වන සතිය- රාජායතන නම් කිරිපළු රුක මුල

රාජායතන නම්වූ කිරිපළු රුක මුල සමාපත්ති සුවයෙන් වැඩ වසන කලිහි තපස්සු භල්ලුක යන වෙළඳ දෙබෑයන් ඒ අසලින් යත්දී උන්වහන්සේ දැක පැහැදී විළඳ හා මීපැණි කලවම් කර සකසා පිදූහ. බුද්ධ ධම්ම සරණ ගිය මුල්ම උපාසකයෝ මේ දෙදෙනා වෙති. තමන්ට පිදීමට යමක් ඉල්ලූවිට හිස පිරිමැද කේශ ධාතු ස්වල්පයක් ලබා දුන්හ.  එය නිදන්කොට චෛත්‍යයක් තැනවූ බව සඳහන් වේ. ලංකාවේ තිරියායේ හිරිගඩු (ගිරිහඩු) සෑය මෙම සෑරදුන් වේයැයි ද , නො එසේ නම් බුරුම රටේ ස්වේදගොන් චෛත්‍ය වේ යැයි ද මත පවතී.

බුද්ධගයා මහා විහාරය ඉදිරිපිට රාජායතනය තුබූ බවට සටහනක් ඇත.





සියළු දර්ශන මගේ කැමරා කාචයෙනි.

පුන්‍යාණුමෝදනා බැතිසිතින් :- මහා විහාරයේ ස්වාමින්වහන්සේට. 

මගේ ආදරණිය මහත්තයාට හා මග පෙන්වූ අජිත් මහතාට.


ඔබ සැමට පින්බර ඇසල පොහොයක් වේවා!


How the Buddha spent the 'Sath Sathiya'


First week: Under the bodhi tree - During the first week after Enlightenment, the Buddha sat under the bodhi tree, experiencing the happiness of freedom and peace. Throughout the week, He sat in one posture, experiencing the Bliss of Emancipation (Vimukthi Suva).

Second week: Gazing at the bo tree - In gratitude to the tree that had sheltered Him during His struggle for Buddhahood, the Buddha stood without moving His eyes as He meditated on the bodhi tree (Animisalochana Pooja), thus teaching a great moral lesson to the world. Buddhists who follow this example pay their respects not only to the original bo tree, but also other bo trees.

Third week: Golden bridge - The Buddha saw through His mind's eye that the gods were not sure whether He had attained Enlightenment, as the Buddha had not given up His temporary residence at the bo tree. To clear their doubts, He created, by His psychic powers, a golden bridge in the air, and walked up and down it for a whole week.

Fourth week: In the jewelled chamber - The Buddha created a beautiful jewelled chamber (ratanaghara) and sitting inside it, meditated on what was later known as the 'Detailed Teaching' (Abhidhamma).
His mind and body were so purified that rays of six colours came out of His body - blue, yellow, red, white, orange and a mixture of these five. Each colour represented one noble quality of the Buddha: yellow for holiness, white for purity, blue for confidence, red for wisdom and orange for defeat of desire.

The mixed colour represented all these noble qualities. Today these six colours make up the Buddhist flag.

Fifth week: With a Brahmana and three girls - While meditating under the Ajapala banyan tree, the Buddha replied to a Brahmana, who came to see Him, that one becomes a perfect Brahmana by one's deeds and not by birth.
Three charming girls called Tanha, Rati and Raga (the daughters of Mara) came to disturb His meditation. They danced around the Buddha and tried to distract Him, but soon got tired and left Him alone.

Sixth week: Under the muchalinda tree - The Buddha started meditating under a muchalinda tree. It began to rain heavily and the huge Muchalinda Nagaraja (cobra king) came out and coiled his body seven times around the Buddha to keep Him warm and placed his hood over the Buddha's head to protect Him from the rain.

After seven days, the rain stopped and the snake changed into a young man who paid his respects to the Buddha.

Seventh week: Under the Rajayatana tree - The Buddha meditated under the Rajayatana banyan tree. Two merchants, Tapassu and Bhalluka, came into His presence and offered the Buddha rice cakes and honey.
The Buddha told them some of what He had found in His Enlightenment. These two merchants, by taking refuge in the Buddha and His Dhamma, became the first lay followers in the Buddhist world. There was no Sangha (order of monks and nuns) then.

They asked the Buddha for something sacred and the Buddha wiped His head with His right hand and pulled out some hair to give them. These hair relics (Kesa Datu) were brought home and enshrined by the merchants.


Wednesday, July 2, 2014

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා


රණැස ඉසිපතනයේදී පස්වග තවුසන් අරබයා බුදුරදුන් සිදුකළ ප‍්‍රථම ධර්ම දේශනයත් සමග ම ප‍්‍රථම බුද්ධ ශ‍්‍රාවකයා බිහිවිය. ඒ අඤ්ඤාකොණ්ඩඤ්ඤ හිමියන් ය. එතැන් පටන් ගිහි පැවිදි ස්තී‍්‍ර පුරුෂ බුද්ධ ශ‍්‍රාවක පිරිස ශීඝ‍්‍රලෙස ඉහළ ගිය අතර මුළු මහත් භාරතය පුරා ම විසිරී ගියහ.

භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස අතුරෙන්ම මෙලෙස මහා ශ‍්‍රාවකයන් තෝරාගෙන ඇති ආකාරය ති‍්‍රපිටක මූලාශ‍්‍රයන්ගෙන් දැකගත හැකි ය. අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ දහහතරවන ඒතදග්ග වග්ගය පුරා කුඩා ප‍්‍රමාණයේ සූත‍්‍ර අසූවකින් මෙම මහා ශ‍්‍රාවකයන් සහ ඔවුන්ගේ සුවිශේෂතා මහ පිරිස්මැද හඳුන්වා දෙමින් ඇගයීමට ලක්කරන අයුරු දැකගත හැකි ය. මෙලෙස ඇගයෙන මහා ශ‍්‍රාවකයන් වහන්සේලා අසූ මහා ශ‍්‍රාවකයන් ලෙසින් බෞද්ධ සමාජය තුළ ගෞරවාදර බහුමානයන්ට පාත‍්‍ර වූහ.

රහතන් වහන්සේලා ගැන ඇසීම පවා ඉතා දුර්ලභ කරුණකි.මේ උතුම් රහතන් වහන්සේලා පහල වන්නේ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයෙහි පමණි.

බුදුරජාණන්වහන්සේට ඉතා විශාල ශ්‍රාවක පිරිසක් වූහ.මේ ශ්‍රාවක පිරිස අතුරෙන් එක් එක් ක්ෂේත්‍රයන්හි අති විශිෂ්ටත්වයට පත්වූ ප්‍රධාන

ශ්‍රාවක පිරිසක්ද වුහ.එම ශ්‍රාවක පිරිස සංඛ්‍යාවෙන් අසූවකි. අසූ මහා ශ්‍රාවකයන් වශයෙන් හැදින්වෙන්නේ එම සුවිශේෂ ශ්‍රාවකයෝය. 


1. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ

බුද්ධ ශ්‍රාවක භික්ෂු පිරිසේ වැඩිහිටිම (චිරරාත්‍රඥ) භික්ෂූන් වහන්සේ ලෙස අග්‍රස්ථානය ලැබූහ.

2. සාරිපුත්ත මහරහතන් වහන්සේ

බුදුන්වහන්සේගේ දක්ෂිණ ශ්‍රාවක වූ අතර ප්‍රඥාවන්ත භික්ෂුන්ගෙන් අග්‍ර වූහ.  නුවණින් දෙවැනි වුයේ බුදුන්වහන්සේට පමණි.

3. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ

බුදුන්වහන්සේගේ වාම ශ්‍රාවක වූ අතර ඍද්ධිමතුන්ගෙන් (පෙළ හර පෑ හැකි) ප්‍රධාන තනතුර ලැබිණි.

4. මහා කාශ්‍යප මහ රහතන් වහනසේ මහා කාශ්‍යප මහ රහතන්වහන්සේ සෑම අතින්ම බුදුරජාණන් වහන්සේට සමාන නිසා නිතරම මිනිසුන් රැවටුන බව කියැවේ.

 ධූතාංගධාරී භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

5. අනුරුද්ධ මහරහතන් වහන්සේ

දිවැස් ඇති භික්ෂූන් අතරින් අග්‍ර වූහ.

6. භද්දිය මහරහතන් වහන්සේ

උසස් කුලයක උපන් භික්ෂූන් අතර ප්‍රධාන තනතුරු හිමිවිය.

7. ලකුණ්ටක භද්දිය මහරහතන් වහන්සේ

මිහිරි කටහඩ ඇති භික්ෂූන් අතර අග්‍ර ස්ථානය ලැබූහ.

8. පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ

අභීත සීහ නාද (භය නැතිව කතා කරන) භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබූහ.

9. මන්තානි පුත්ත පුණ්න මහරහතන් වහන්සේ

විචිත්‍ර ධර්ම කථික භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබූහ.

10. මහා කච්චායන මහරහතන් වහන්සේ

බුදුහිමියන් කෙටියෙන් වදාල ධර්මය විස්තරාත්මකව ප්‍රකාශ කිරීමේ හැකියාව ඇති භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ගත්තේය.

11. මහාපන්ථක මහරහතන් වහන්සේ

අරූප ධ්‍යානලාභී භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබූහ.

12. චුල්ලපන්ථක මහරහතන් වහන්සේ

මනෝමය කාය නිර්මාණය කරන භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

13. සුභූති මහරහතන් වහන්සේ

නොකිලිටි විහරණ ඇත්තන්ගෙන්ද,දක්ෂිණාර්භ භික්ෂූන් අතරින්ද අග්‍රස්ථානය ලැබුහ.

14. රේවත මහරහතන් වහන්සේ

ආරණ්‍යවාසී භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

15. කංඛාරේවත මහරහතන් වහන්සේ

ධ්‍යානයෙහි ඇලුණු සිත් ඇති භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබූහ.

16. සෝණ (කෝලිවිස) මහරහතන් වහන්සේ

පරිපූර්ණ (ආරබ්ධ)වීර්ය ඇති භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

17. සෝණ (කුට්කණ්න) මහරහතන් වහන්සේ

යහපත් වචන කථා කරන භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබූහ.

18. සීවලී මහරහතන් වහන්සේ

ප්‍රත්‍යලාභී භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

19. වක්කලී මහරහතන් වහන්සේ

ශ්‍රද්ධා අධික භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

20. රාහුල මහරහතන් වහන්සේ

ශාසනයේ ශික්ෂාකාමී අවවාද කැමති භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබූහ.

21. රට්ඨපාල මහරහතන් වහන්සේ

ශ්‍රද්ධාවෙන් පැවිදිවූවන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

22. කුණ්ඩධාන මහරහතන් වහන්සේ

පළමුවෙන් සලාකගන්නවුන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

23. වංගීස මහරහතන් වහන්සේ

වහා වැටහෙන නුවණැති භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

24. උපසේන මහරහතන් වහන්සේ

ප්‍රසාද එලවුණු සුලු තැනැත්තන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

25. දබ්බ මල්ලපුත්ත මහරහතන් වහන්සේ

මනාකොට සෙනසුක් පනවන භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

26. පිළින්දිවච්ච මහරහතන් වහන්සේ

දෙවියන්ට ප්‍රිය වූ භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

27. මහා බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේ

මොහොතකින් ලබන ලද රහත් බව (ඛිප්පාභිඤ්ඤා) ඇති භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

28. කුමා රකස්සප මහරහතන් වහන්සේ

විචිත්‍ර ධර්ම කථිකයන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

29. මහා කොට්ඨිත මහරහතන් වහන්සේ

චතු පටිසම්බිදාවෙහි (අර්ථ-ධර්ම-නිරුක්ති-පටිභාන)දක්ෂ භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

30. ආනන්ද මහරහතන් වහන්සේ

උපස්ථායකින් අතරින්ද, ධාරණ-සමෘතීන්ගෙන්ද,බුදුන් වදාල තාක් එසේම දරන්නන්ගෙන් අතරින්ද,වීර්යවතුන්ගෙන්ද අග්‍රස්ථානය ලැබූහ.

31. උරුවේල කාශ්‍යප මහරහතන් වහන්සේ

මහා පිරිස් ඇති භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

32. කාඵදායි මහරහතන් වහන්සේ

කුලයන් සසුනේ පහදන්නන්ගෙන් අග්‍රස්ථානය ලැබූහ.

33. බක්කුල මහරහතන් වහන්සේ

නීරෝගී භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

34. සෝභිත මහරහතන් වහන්සේ

පෙර විසූ ආත්ම භව සිහි කිරීමේ හැකියාව ඇත්තවුන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

35. උපාලි මහරහතන් වහන්සේ

විනය දරන්නවුන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

36. නන්දක මහරහතන් වහන්සේ

මෙහෙණින්ට අවවාද කරන භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

37. නන්ද මහරහතන් වහන්සේ

ඉන්ද්‍රීය සංවර ඇති භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබූහ.

38. මහාකප්පින මහරහතන් වහන්සේ

භික්ෂූන්ට ඔවදන් දෙන්නන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

39. සාගත මහරහතන් වහන්සේ

තේජෝ ධාතුවට සමවදින්නන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

40. මෝඝරාජ මහරහතන් වහන්සේ

රඵ සිවුරු පරිහරණය කරන භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

41. රාධ මහරහතන් වහන්සේ

මනා වැටහීම් ඇති භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

42. නාලක මහරහතන් වහන්සේ

නිශ්ශබ්ද පිළිවෙත පුරන ලද්දන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.

තනතුරු නොලැබූ (එහෙත් අසූමහා ශ්‍රාවකයන් අතර සිටින) මහරහතන් වහන්සේලා


43. භද්දිය මහරහතන් වහන්සේ

පස්වග තවුසන්ගෙන් කෙනෙකි.ධම්ම චක්කප්පවත්තන දේශනාවෙන් දෙවනි දින සෝවාන් විය.අනන්ත ලක්ඛන සූත්‍රය අසා රහත් විය.

44. වප්ප මහරහතන් වහන්සේ

පස්වග තවුසන්ගෙන් කෙනෙකි.ධම්ම චක්කප්පවත්තන දේශනාවෙන් තෙවැනි දින සෝවාන් විය.අනන්ත ලක්ඛන සූත්‍රය අසා රහත් විය.

45. මහානාම මහරහතන් වහන්සේ

පස්වග තවුසන්ගෙන් කෙනෙකි.ධම්ම චක්කප්පවත්තන දේශනාවෙන් සිව්වැනි දින සෝවාන් විය.අනන්ත ලක්ඛන සූත්‍රය අසා රහත් විය.

46. අස්සජි මහරහතන් වහන්සේ

පස්වග තවුසන්ගෙන් කෙනෙකි.ධම්ම චක්කප්පවත්තන දේශනාවෙන් පස්වැනි දින සෝවාන් විය.අනන්ත ලක්ඛන සූත්‍රය අසා රහත් විය.

47. කිම්බිල මහරහතන් වහන්සේ

ශාක්‍ය වංශික කුමාරයෙකි.කෙතරම් සැප සම්පත් තිපුණද තමා ජරා ජීර්ණ වන බව සිතා අනුරුද්ධ ආදී කුමාරවරුන් සමග පැවිදිව රහත් වූහ.

48. භගු මහරහතන් වහන්සේ

අනුරුද්ධ ආදී කුමාරවරුන් සමග පැවිදිව රහත් වූහ.

49. චුන්ද මහරහතන් වහන්සේ

සැරියුත් තෙරුන්ගේ බාල සොහොයුරා වූහ.කලක් බුදුරදුන්ට උපස්ථාන කළ භික්ෂුවකි.

50. සේලුදායි (සේල) මහරහතන් වහන්සේ

බ්‍රාහ්මණ වංශිකයෙක් වන මෙතුමා තම ශිෂ්‍යයන් සමග බුදුරදුන් හමුවු විටකදී බුදුරසුන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දැක ඒකාන්තයෙන් බුදු කෙනෙකු යැයි හැදින පැවිදිව රහත් වූහ.

51. නාගිත මහරහතන් වහන්සේ

කපිලවස්තු නුවර ශාක්‍යවංශිකයෙකුව උපත ලබා මධුපිණ්ඩික සූත්‍රය
අසා ශ්‍රද්ධාවෙන් පැවිදි වී රහත් බව ලැබූහ.

52. තෝදෙය්‍ය මහරහතන් වහන්සේ

බාවාරි තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර බුදුන් වහන්සේ හමුවීමෙන් පසු දහසක් ශිෂ්‍යන් සමග පැවිදි වී රහත් බව ලැබූහ.

53. කප්ප මහරහතන් වහන්සේ

බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර බුදුන් වහන්සේ හමුවීමෙන් පසු පැවිදි වී රහත් බව ලැබූහ.

54. ජතුකණ්ණි මහරහතන් වහන්සේ

බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර බුදුන් වහන්සේ හමුවීමෙන් ජාති ජරා මරණාදියෙන් මිදිමට ධර්මයක් දේශනා කරනමෙන් ඉල්ලා පැවිදිව රහත් වූහ.

55. පෝසාල මහරහතන් වහන්සේ

බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර ආකිඤ්චඤ්ඤායතන ධ්‍යාන ලාභියෙකි.පසුව බුදුරදුන් හමුවී පැවදිව රහත් වූහ.

56. පුණ්ණක මහරහතන් වහන්සේ

බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර පැවිදිව රහත් බව ලැබූහ.

57. ධෝතක මහරහතන් වහන්සේ

බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර බුදුන්වහන්සේ සම්මුඛ වී තෘෂ්ණා දෘෂ්ටි ආශ්‍රවයන්ගෙන් මිදෙන්නේ කෙසේදැයි අසා පැවිදිව රහත් වූහ.

58. නන්ද (දුතීය) මහරහතන් වහන්සේ

බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර බුදුන් වහන්සේ හමුවී මුනිවරයෙකු වන්නේ කෙසේදැයි අසා පැවිදිව රහත් වූහ.

59. අජිත මහරහතන් වහන්සේ

බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර පසුව පැවිදිව රහත් බව ලැබූහ.

60. තිස්ස මෙත්ත්‍යෙය මහරහතන් වහන්සේ

බාවාරි තවුසාගේ ප්‍රධාන ශිෂ්‍යයෙකි. තම ආචාරිවරයාගේ අනුදැනුම මත බුදුන්වහන්සේ වෙත පැමිණ ධර්ම සාකච්ඡාවකින් පසු පැහැදී තම ශිෂ්‍ය පිරිසද සමග පැවදිව රහත් වූහ.

61. මෙත්තගු මහරහතන් වහන්සේ

බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර බුදුන් වහන්සේ හමුවී තෘෂ්ණාව ආදිය විමසිමෙන් පැවිදිව රහත් වූහ.

62. උපසීව මහරහතන් වහන්සේ

බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර එතුමාගේ උපදෙස් ඇතිව බුදුන්වහන්සේ හමුවී පැවිදිව රහත් වූහ.

63. හේමක මහරහතන් වහන්සේ

බාවාරි තවුසාගේ මගපෙන්වීම යටතේ බුදුරජාණන් වහන්සේ හමුවී තෘෂ්ණාව නැති කරන ආකාරය පිලිබද විමසා පැවිදිව රහත් වූහ.

64. භද්‍රාවුධ මහරහතන් වහන්සේ

බාවාරි තවුසාගේ අතවැසියෙකි.පසුව ගුරුතුමාගේ අවසරය ඇතිව බුදුන්වහන්සේ වෙත පැමිණ කෙලෙසුන්ගෙන් මිදීම පිලිබද විමසා සිසු පිරිස සමග පැවිදිව රහත් බව ලැබූහ.

65. උදය මහරහතන් වහන්සේ

සැවැත් නුවර උපන් මෙතුමාද බාවාරි තවුසාගේ උපදෙස් පිරිදි බුදුන් වහන්සේ හමුවී අවිද්‍යාව දුරු කිරීම පිලිබද අසා පිරිවර සමග පැවිදිව රහත් වූහ.

66. පිංගිය මහරහතන් වහන්සේ

මහලු වියේදී බාවාරි තවුසා වෙත ගොස් තවුස් ජීවිතයක් ගත කර ගුරු‍න්ගේ අනුදැනුම මත බුදුන්වහන්සේ හමුවීමට ගියත් ගුරුතුමා ගැන සිතමින් ධර්මශ්‍රවණය කල නිසා අනාගාමී තත්වයට පත්විය. පසුව බාවාරි ගුරුතුමාට දේශනා කල ධර්ය අසා රහත් බව ලැබූහ.

67. මේඝිය මහරහතන් වහන්සේ

කිඹුල්වත් පුර ශාක්‍ය වංශයෙහි උපන් මෙතුමා පසුව බුදුරදුන් වෙත පැවිදි වී උපස්ථායක කටුයුතු කළේය.
බුදුරදුන්ගේ උපදෙස් පිරිදි යෝනිසෝමනසිකාරයෙන් භාවනා කර රහත් බව ලැබූහ.

68. පුණ්ණ (සුනාපරන්න) මහරහතන් වහන්සේ

සැවැත් නුවරදී පැවිදිව බුදුරජාණන් වහන්සේගේ උපදෙස් ලබාගෙන තම ගමටම (සුප්පාරක) ගොස් භාවනා කර රහත් වූහ.

69. උපවාන මහරහතන් වහන්සේ

ජේතවනාරාම පූජාවේදී පැහැදී පැවිදි වූ උපවාන තෙරුන් දිවා රෑ යෝනිසෝමනසිකාරයෙන් භාවනා කොට විදර්ශනා වඩා රහත් වූහ.

70. යස මහරහතන් වහන්සේ

පළමුව ධර්මය අසා සෝවාන් වී මව් පියන්ට දේශනා කළ ධර්මය අසා රහත් වූහ.බුදු සසුනේ ප්‍රථම තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාව වන්නේ මේ මව්පිය දෙදෙනාය.

71. විමල මහරහතන් වහන්සේ

බරණැස් සිටු පවුලක කුමාරයෙක් වන අතර යස තෙරුන්ගේ යහලුවෙකි.

72. සුභාහු මහරහතන් වහන්සේ

ධනවත් සිටු පවුලකට අයත් වූ අතර යස තෙරුන් පැවදි වූ පසු එහි ගොස් දැක පැහැදී මහණ වී රහත් වූහ.

73. පුණ්ණජි මහරහතන් වහන්සේ

පුණ්ණජි මානවකද,යස,විමල,සුභාහු යන මිතුරන් ගිය මගම ගොස් පැවිදිව රහත් වූහ.

74. ගවම්පති මහරහතන් වහන්සේ

යස තෙරුන්ගේ යහලුවෙකු වූ මෙතුමාද අනික් යහලුවන් මෙන් ගොස් පැවිදිව රහත් වූහ. ඍද්ධි ප්‍රාතිහාර්ය පෑමෙහි දක්ෂ වූහ.

75. නදී කාශ්‍යප මහරහතන් වහන්සේ

උරුවේල කාශ්‍යප ජටිල තවුසාගේ දෙවනි සහෝදරයාය. උරුවේල කාශ්‍යපගේ පැවිදි වීමත් සමග මොහුද පිරිසත් සමග පැවිදිව රහත් වූහ.

76. ගයා කාශ්‍යප මහරහතන් වහන්සේ

උරුවේල කාශ්‍යප ජටිල තවුසාගේ බාලම සොහොයුරාය.සහෝදරයන් දෙදෙන බුදු සසුනට ඇතුලු වූ පසු තම පිරිසද සමග පැවිදී වී රහත් වූහ.

77. මහා උදායි මහරහතන් වහන්සේ

කිඹුල්වත්පුර බමුණු පවුලක උපත ලබා බුදුරදුන් නෑයන්ට ධර්ම දේශනා කළ අවස්ථාවේ පැහැදී බුදු සසුනට ඇතුලු වී රහත් වූහ.

78. අංගුලිමාල මහරහතන් වහන්සේ

ඇසුරු කලවුන් නිසා නොමග ගොස් ප්‍රචණ්ඩ තැනැත්තෙකු බවට පත්වී අංගුලිමාල මානවකයා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව නිසා මහණ වී රහත් බවට පත්විය.
(අංගුලිමාල පිරිත දේශනා කරන ලද්දේ මෙම රහතන්වහන්සේ විසිනි)

79. යසෝජ මහරහතන් වහන්සේ

ශ්‍රාවස්ථි නගරය අසල ධීවර ගම්මානයක උපත ලදහ. පසුව කලකිරී පැවිදි විය. විදර්ශනා වඩා රහත්වූහ.

80. සභිය මහරහතන් වහන්සේ

මෙතුමාගේ මව ක්ෂත්‍රීය කුමරියකි.තරුණ වයසේදී පරිභ්‍රාජකයෙක් වූ අතර ඒහි භික්ෂු භාවයෙන් පසම්පදාව ලබා කෙලෙස් තවන වීර්ය ඇතිව සියලු කෙලෙසුන් නසා රහත් වූහ.

ශ‍්‍රාවක සංඝ කියලා කියන්නේ ගිහි ජීවිතය අත්හැරපු, උදාර ශික්ෂා පද සමූහයක් ආරක්ෂා කරගෙන ඉන්න, ශාසනයේ අරටු. මාර්ගඵලලාභී භික්ෂු සංඝයා. එතකොට අපි සරණ ගියේ අන්න ඒ ශ‍්‍රාවක සංඝරත්නයයි.  

අතිශයින්ම සුන්දරයි බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝරත්නය. ඒ ශ‍්‍රාවක සංඝයාගේ ගුණ අපි හිතන්නේ නැත්නම්  අපිට අවබෝධ වෙන්නෙ නැත්නම්, අපේ හිත පහදින්නේ නෑ. ‘සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ’….

ඒ නිසා අපටත් ඒ ශ්‍රාවක සංඝරත්නය ගුණ වශයෙන් හඳුනාගෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය කෙරෙහි නොසෙල්වෙන ආකාරයේ පැහැදීමක් ඇතිකර ගන්න වාසනාව උදාවේවා!
සැමට තෙරුවන් සරණයි!