බුද්ධගයාවේ අසිරිමත් බුදුපිළිම වහන්සේ!

Wednesday, June 25, 2014

බෙස්ට් ලයිෆ් දඹදිව වන්දනා සමඟ - 17 - රජගහ නුවර





ඉතින් නාලන්දාවෙ විස්මිත නිර්මාණ දැක්කනෙ.  නාලන්දාවෙන් අපි ආවෙ විරූඩභ කුමාරයාගෙ ගැල එරුන තැන බලන්න. එතැන තාමත් නොමැකී තියෙන හැටි නම් පුදුමයි. මේ සිද්දියේ විස්තරේ ධම්ම පදයෙ   බලන්න.





ඊළඟට අපි ගියෙ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වැඩ සිටි ලෙනට. එහිදී බොජ්ජංග පිරිත කිව්වෙ සැමටම නිදුක් නීරෝගී සුව පතා. එතනට ගිහාම හරිම සනීපයක් දැනුන. තාමත් රහතන් වහන්සේ නමක් වැඩ ඉන්නවා වාගෙ. මොකද? හාත්පස දැඩි හිරු රශ්මියෙන් දැවෙන කොට ලෙන ඇතුල හරිම සීතලයි. සිසිල් බව කොහෙන් ලැබෙන්නද? 






මේ ගල් ගුහාව අපි සාමාන්‍යයෙන් හදුන්වන්නේ සප්තපර්නී ගුහාව නමින්.  බිම්බිසාර රජතුමාගේ රාජධානියේ සප්තපර්නී ගල් ගුහාව පිහිටා ඇත. පළමු වෙනි ධර්ම සංඝායනාව මෙහිදී මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පවත්වන්නට යෙදී ඇත. මෙම ගුහාව දිග අඩි 30 ක් පමණ වේ.යි. පළල අඩි 15ක් පමණ උස යි. තනිකර කළු ගලෙන් නිමකරන ලද ගුහාවකි. එක් පැත්තක අඩි 3-6 පමණ දොරටුවක් මෙන් වෙන්වූ පිපුරුම් සහිත කොටසක් ඇත. මෙහි නිධන් වස්තු ඇතෑයි බොහෝ දෙනා විශ්වාස කරන අතර නොයෙක් මන්තර කරුවන් පැමිණ එම දොර ඇරීම සදහා යාග හෝම කරනා බව කියැවේ . නමුත් මේ වන තුරුත් ඇර ගැනීමට නොහැකිවී ඇත.



මේ එහි තිබූ ගල් කැටයම්. ඒ කාලෙ මිනිසුන් හරිම දක්ෂ වෙන්න ඕනෙ මේ විදිහට තැන් නිර්මාණය කරන්න. 






සමහර රූප නම් අශෝක රාජ සමයේ කල ඒවා කියා කියවුනා. 

ඊලඟට අපි ගියෙ ගිජුකුළු පව්වට. යන්න ඕනෙ නම් කේබල් කාරයෙ. අම්මේ මම නම් පන ගැහි ගැහි ඒකට නැග ගත්තෙ. හරිම කෙටි වෙලාවකදි ගොඩ උනේ නැත්නම් අනෙක් එකේ හැපිල බිම විසි වෙනව.


බුද්ධ කාලයේ බලවත් රාජ්‍යයක් වූ මගධයේ අගනුවර වූයේ රජගහනුවරයි.  මගධයේ අභිෂේක ලබාසිටියේ බිම්බිසාර රජතුමායි. බිම්බිසාර රජු සොතාපන්න වූ ශ‍්‍රාවකයෙකි.


රජගහ නුවර පිහිටි ගිජුකුළු පව්ව සැදැහැවත් බොදුනුවන්ගේ මුදුන් මල්කඩක් බඳුයි.  ගිජු ළිහිණියකුගේ හැඩය විදහාලන නිසා මෙම පව්ව ගිජුකුළු පව්ව ලෙස හැඳින්වේ. ගිජුකුළු පව්ව තරණය කරන මාවතේ, එදා දස දහස් ගණන් මහ රහතුන් මෙන්ම භාග්‍යවතුන් වහන්සේ ද දස දහස් වාරයක් වැඩම කර ඇතිද?


ගිජුකුළු පිවිසුම මහ ගල් පඩි පෙළින් යුතුව තනා ඇත්තේ බිම්බිසාර රජතුමාය.  


මෙම ගල් පඩි පෙළ නවීකරණය කර ඇතත්, අද ද මෙම මාවත හැඳින්වෙන්නේ "බිම්බිසාර පාත්”  නමිනි.



එදා සශ්‍රීක ඉසුරුමත් රාජ්‍යයක් වූ මගධයට අද උදාවී ඇති කලක්? උග‍්‍ර වියළි කාලගුණයක් සහිත නිසරු කටු පදුරින් හෙඹි හුදකලා පෙදෙසක් වූ රජගහනුවර ගිජුකුළු පව්වේ පාමුල සිට කඳුමුදුනත දක්වාම යාචක යන් ගෙන් පිරී පවතී. 

ගිනියම් හිරුකිරණින් මෙන්ම, රක්ත  වර්ණ  වූ මහ පොළොවේ උණුසුමින් දැවි දැවී සිඟමන් යදින බොහෝ යාචකයන්ගේ දෙනුවන් අන්ධය. ගත වැරහැළිය. රූප  සෝබාව අඳුරු ය.

ගිජුකුළු පාමුල සිට කඳු මුදුනත දක්වා  ගමන් කලේ අජිත් මහතා විසින් ගායනා කරන ලද කිරිබත්ගොඩ ඤාණානන්ද   ස්වාමීන් වහන්සේ විසින් රචිත "ගිජුකුළු වන්දනා” පැදි  වලට සවන් දෙමින් ම ගිජුකුළු මුදුනතට පැමිණියෙමු. 






භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි ගිජුකුළු මුදුනත වන සුවඳ කුටිය තුළ අද ද උන්වහන්සේ ජීවමානව වැඩ සිටින් බැව් දැනේ.  අප ගෙන ගිය මල් අදිය ජීවමාන භාග්‍යවතුන් වහන්සේ උදෙසාම සිතා පූජා කළෙමු.


ගිජුකුළු පව්ව හා බැඳි ඓතිහාසික සිදුවීම් රැසකි. වක්කලි හිමියන්, භාගවතුන් වහන්සේ බැහැදැකීමට පැමිණියේ ගිජුකුළු පව්වටය. ගිජුකුළු පාමුල සක්මනේ නිරතව හුන් බුදුන් වහන්සේගේ සිරසට දෙව්දතුන් ගල්කුළක් පෙරළුවේ ගිජුකුළු මුදුනත සිටය.


භාග්‍යවතුන් වහන්සේගේ සිව්වනක් පිරිස ආරක්ෂා කරවනු පිණිස, සතරවරම් දෙව් රජුන් පැමිණ ආටානාටිය සූත‍්‍රය දේශනා කරන ලදදේ ගිජුකුළු මුදුනත දීය. එම ඓතිහාසික සිදුවීම පුනරාවර්තන කරමින්, අදද  භික්ෂූ, භික්ෂුණී, උපාසක උපාසිකා සිව්වනක් බුදු පිරිස ගිජුකුළු මුදුනතදී, ආටානාටිය සූත‍්‍රය සජ්ජායනා කරති .


ගිජුකුළු මුදුනත ආසන්නයේම ආනන්ද මහ රහතන් වහන්සේ වැඩසිටි කුටියද වෙයි.  ඊට අමතරව ගිජුකුළු පව්ව  වටා පසේ බුදුන් දහස් ගණන් වැඩසිටි ඉසිගිලි, පාණ්ඩව, වේපුල්ල හා වේහාර පව්වන්ද වෙයි.








මේ තමා වාලසංඝාටය. මේ කියන කාලයේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ කුසිනරාවේ දී ධතු බෙදාදීම කල ද්‍රෝණ බ්‍රාහ්මණයා විසින් රජගහ නුවර රජවූ අජාසත්ත රජු වෙත රාම ග්‍රාමයේ ධාතුන් වහන්සේලා හැර අනෙකුත් සියලුම ධාතූන් වහන්සේලා එක්තැන් කොට ලබා දෙන ලදී. ඒ ධාතූන් වහන්සේලා නිදන් කොට කරවූ ස්තූපය වාල සංඝාට යන්ත්‍රය ලෙස  හඳුන්වනු ලැබේ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගේ අදහස වූයේ අනාගතයේ පහලවන ධර්මාශෝක මහ රජාණන් විසින් ධර්ම ප්‍රචාරය සඳහා අසූහාරදහසක් වෙහෙර විහාර තනවන බවත් ඒ සඳහා ඒවා ආරක්ශා සහිතව තැන්පත් කල යුතු බවය. මේ සෙල්ලිපිය සටහන් කොට වාල සංඝාට යන්ත්‍රය කිසිවෙකුටවත් ගත නොහැකි පරිද්දෙන් සාදා නිම කලහ.  ඒ අනුව සෙල් ලිපිය කියවූ ධර්මාශෝක මහ රජාණන් එය විවුර්‍ත කොට එහි තිබූ ධාතූන් නිදන් කොට මුළු දඹදිව් තලය පුරා අසූහාරදහසක් වෙහෙර විහාර කරවීය.





ඔබ මේ දකින්නේ බිම්බිසාර රජ සිර කුටියේ නටඹුන්ය. මෙහි සිට ඈතින් (ඉහත පින්තූරයේ)පෙනෙන ගිජුකුළු පව්වේ සක්මන් කරනා බුදුහිමියන් දෙස බලමින් වන්දනා කරමින් රජතුමා අවසන් හුස්ම පොද වා තලයට මුසු කොට ඇත. සුදු පැහැති චෛත්‍යය සාම චෛත්‍යයයි.
ජපන් ජාතික සුප්‍රසිද්ධ හිමි නමක් වූ   ෆියුජි ගුරුජී විසින් මෙම ශාන්ති ස්තූපය නිමවා ඇත.


සාම චෛත්‍යය.

එන්න වෙන්නෙ නම් මෙහෙම තමයි. ඇඟ කිලිපොලා යනව මේ කේබල් කාරයෙ නඟින විදිහ දැක්කම. ඇත්තම කිව්වොත් මාත් බයෙන් නැග්ගෙ.








 මෙහෙම තමා පහලට බැහැගෙන එන්න තියෙන්නෙ.


රජගහ නුවර සුන්දර චාරිකාවේ නිමාව මෙලෙස සනිටුහන් කරමි. 

Wednesday, June 18, 2014

"චුල්ලහත්ථිපදෝපම සූත්‍රය"



අසිරිමත් පොසොන් පොහෝ දවස ලාංකික බෞද්ධයාට වෙසක් පොහෝ දවස වගේම අති පාරිශුද්ධ දවසක්. ලංකා ඉතිහාසය සම්පූර්ණයෙන් විප්ලවයකට පාත්‍ර වුනේ මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කරවා බුදුදහම හඳුන්වා දීම සිදු කරපු පින්බර දවස වූ පොසොන් දවස නිසයි. 

බුදු දහම මෙරට වැසියන්ට අදත් තිබෙන උත්තම සම්පතයි. අද වුවද සීල – භාවනා, දන්සැල් වැනි දේ නිසා ආධ්යාත්මික සුවයක් ගෙනෙන මේ දිනය වූ පොසොන් දවසේ සුව හදවතට දන්වන්නක්. බෞද්ධ වූ අප සිත් පහන් කර සැනසෙන ඒ දිනය මුළු මහත් ශ්‍රී ලංකාවාසීන්ට ද සෙත සලසන කාලයක්.

අපට කලාව, සාහිත්යය, කෘෂිකර්ම ,වැව් පොකුණු වැනි මේ සියලු දායාදයන් මෙන් අදීන, අතීත පෞරුෂයකින් හෙබි ජාතියක් රටක් ලෙස අදටත් ලොවේ ගෞරවයට පාත්‍ර වන්නේ බුදුදහම නිසයි.

මිහිඳු මා හිමියන් ලක්දිවට වැඩම කොට දේවානම්පියතිස්ස මහ රජ තුමාට දෙසූ මේ දහම් පණිවිඩය ඔබට තිළිණ කරන්නේ හද පිරි බැතියෙන්.

දිනක් මහ දහවල “ජාණුස්සොණි” නම් වූ බ්‍රාහ්මණයා සුදුම සුදු වෙළෙදුන් යෙදූ රියකින් සැවැත්නුවර වටා ඇවිදිමින් සිටියා.  ඉර මුදුන් වු මහා දහවල "තිලෝතික"නම් පරිබ්‍රාජකයෙක් “ජාණුස්සෝණි” බමුණාට මුණගැසුණා.
ඔබ මේ මහා දහවල කොහේ සිට එන්නේ දැයි බමුණා පිලෝතිකගෙන් ඇසූවිට ඔහු කීවෙ ගෞතම බුදුරදුන් ළඟ සිට එන බවයි. 

කොහොමද? ගෞතමයන් වහන්සේ ඤාණවන්තද? වියත්ද? පණ්ඩිතද? උගත්ද?  යනුවෙන් බමුණා ඇසූවිට ඔහුට ලැබුණ පිළිතුරු වූයේ ගෞතම බුදුරදුන් ශ්රේෂ්ඨයන්ගෙනුත් ශ්රේෂ්ඨය යන්නයි. උන්වහන්සේ හරියට හඳුන්වා දීමට මම අසමත්ය යන්නය. ඇත්තෙන්ම බුදුවරයෙක්ම තමයි උන්වහන්සේ හඳුන්වා දීමට සමත් වන්නේ යනුවෙන් කීය.

ඔබ ඔයතරම් වර්ණනා කරන බුදුරදුන් ගැන පැහැදීමට හේතු දක්වන්න හැකිදැයි ඇසූ විට ඇතුන් ගැන සොයන අයෙක් දිගින් පළලින් මහත් වූ ඇතෙකුගේ පා සටහනක් දැක මහා ඇතෙකු බව හඳුනා ගන්නාක් මෙන් මටද බුදුරදුන්ගේ ඤාණවන්ත කරුණු හතරක් දැක බුදුරදුන්ද ධර්මයද, ශ්රාවක සංඝයාද අති උතුම් බව හඳුනා ගතිමි'යි කීය.

පළමුවන කරුණ නම්, ක්ෂත්රියයන් අතර සියුම් නුවණ ඇති විශාරද ඤාණයකින් පිරිපුන් කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන මහා බුද්ධිමතුන් බුදුරදුන් හා විවාද කිරීමට මුලින්ම කරුණු ගොනුකර සංවිධානය වී ආවද, ඔවුහු බුදුරදුන් හමුවී කරන පළමු සාකච්ඡාවේදීම දමනය වී පැහැදී බුද්ධාශ්රාවක යෝ වෙති. තමන් ආ විවාද අමතක කරති. විවාදයක් කිරීමට අසමත් වෙති.

දෙවෙනි කරුණ නම් විශාරද බමුණූ පණ්ඩිතයන්ද වාද විවාද කිරීමට පැමිණියද, අවසානයේදි බමුණු උගතුන්ද බුද්ධශ්රාවක වී තෙරුවන් සරණ ගිය සැදැහැති උපාසකයෝ වෙති.

තුන්වැනි කරුණ නම් විවිධ සමාජයීය උගත්තුද වාද කිරීමට ආවත් බුදුරදුන් හා කළ ප්‍රථම සාකච්ඡාවෙදීම බුද්ධ ශ්‍රාවක වී තෙරුවන් සරණ ගිය උපාසකයෝ වෙති.

හතරවැන්න නම් විවිධ ආගමික ශ්‍රමණ පිරිස් වාද විවාද කිරීමට පැමිණ ඒවා අමතක කර බුද්ධ ශ්‍රාවක වී පරණ ආගමික මතවාද අත්හැර දැනුයි අපි නියම ශ්‍රමණයන් වූයේ. දැනුයි නියම ධර්මය, සත්යය අවබෝධ කරන්නේ යයි උදම් අනති.

මෙසේ විශාරද ක්ෂත්රිය , බ්‍රාහ්මණ, ගෘහපති , ශ්‍රමණ, කොටස් බුදුරදුන් කෙරෙහි දමනය වී කටූයුතු කරන අයුරු සියැසින් දැකීමෙන්ම උන්වහන්සේ කෙරෙහි මාගේ අචල ප්‍රසාදයක්,ගෞරවයක් ඇතැයි පිලෝතික පිරිවැජියා ජාණුස්සෝණි බමුණාට පහදා දුනි.

මෙය ඇසූ බමුණා වාහනයෙන් බැස තම සළුව සකස්කොට භාග්යවතුන් වහන්සේ සිටින දිසාවට නමස්කාර පාඨය තුන් විටක් කියා බැතිබරව වන්දනා කෙරිණි.

මමත් බුදුරදුන් දැකීමට යායුතු යයි සිතා දෙව්රම් වෙහෙරට ගොස් භාග්යවතුන් වහන්සේට පිලෝතික පිරිවැජියා හා තම සිදුකළ සංවාදයද මතක් කෙළේය. එහිදි ඇතුන් සොයන්නෙකු ඇත් පා සටහනින් ඇතුන් හඳුනා ගන්නා අයුරු දැක්වූ පුවත කීමෙන් පසු බුදුරූදුන් එම උපමාව සම්පූර්ණ නැති බවත් එය සම්පූර්ණ වන්නේ මෙසේයි බමුණාට කරුණු පහදා දුන්හ.


"බමුණ, වනයෙහි මහත් පියවර සටහන් ඇති "වාමනි" නම් ඇතින්නියො වර්ගයක් ඇත. උන් ශරීරයෙන් කුඩාය. එම නිසා එතනැනින් නො නැවැතී තවත් සෙවිය යුතුය. එසේ විමසන ඔහුට තවත් විශාල ඇත් පියවරවල් හා ගස්වල ඉහළින් අතු කැඩූ ලකුණූ දකින්නට ලැබේ. එයද වහා ඇති යයි නිගමනය කිරීමට කරුණු නොවේ. "උච්චා කාළාරිකා " යන ඇතින්නියො වර්ගයක් ඇති බැවිනි. තව තවත් සොයන විට වාමූනිකා උච්චා කාළාරිකා යන ඇත්නිනියටත් වඩා පියවරින් ඇග පතින් විශාල “උච්චා කණෙරුකා” නම් ඇතින්නියන්ගේ පියවර දකින්නට ලැබේ. එයින් සෑහීමකට පත් නොවී තවත් සොයන විට ඉතා ඉහළින් ගස්වල අතු කැඩු ඉතා ඉහළින් ගස්වල, පිට ඉලූ මහා විශාල ඇත් පියවරවල් ඇති හස්ති රාජයෙකුගේ ලක්ෂණ දකින්නට ලැබේ. මේ අනුව ඇතුන් සොයන පුද්ගලයාට මහා කැලයේ තනිව වෙසෙන මහා දල ඇති තේජාන්විත ශරීරයකින් හෙබි මහා පියවරවල් වලින් යුතු එළිමහනේ ඇවිදින හෝ සිටින හෝ නිදාගෙන සිටින හෝ මහා හස්ති රාජයෙකු දකින්නට ලැබේ.මේ තමයි මහා ඇතා යයි නිගමනය කිරීම දැන් සුදුසුය. 

බමුණ, මෙසේම ලොවට අසහාය දෙවි මිනිසුන්ට ගුරුවූ භාග්යවතුන් වහන්සේ නමක් ලොව උපදියි. බුදුරදුන් ලොවට පිරිසුදු ධර්මය දේශනා කරයි. එය ඇසු ගිහියෙක් ගිහිගෙදර ඇති කරදර සිහිකොට පැවිද්දේද ඇති නිදහස දැක සසරින් එතරවීමට සිතා සියල්ල අත හැර මහණවෙයි. භාවනාවකට සුදුසු තැනක හුදකලා වෙයි. අපිස් ජීවිතයකට හුරුවෙයි. ඉඳුරන් සංවර කර ගනී. දවස පුරා භාවනාවේ නිරත වේ. ඔහුට ඉහළ මානසික තත්ත්වයක් වූ ප්‍රථම ධ්‍යානයක ඇත්දැකීම ලැබේ. මෙම මානසික සුවය බුදුරූදුන් අත් දුටු දෙයක් බව ඔහු දැන ගනී. බුදුරදුන්, ධර්මය සංඝයා ගැන ප්‍රසාදය තවත් දියුණුවෙයි.

දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන තත්ත්වයන්ද ලබා ඒවා අත්හදා බලයි. මේ සියලු අවස්ථා බුදුරදුන් අත් විඳි මානසික ස්වභාවයන් බව ඔහු හඳුනා ගනී. තෙරුවන් ගැන අචල ප්‍රසාදය ශ්‍රද්ධාව දැන් තවත් දියුණුය.

ඉන්පසු  පූර්වේනිවාසානුස්මෘති ඤාණය ,ආස්වක්‍ය ඤාණය චුතූපපාත ඤාණය ආදි විශිෂ්ට ඤාණ ලබා ගනී. මේ ඤාණ ශක්තින්ද  බුදූරදුන් අත්විඳි මානසික සුවයන් බව දැන තවත් ශ්‍රද්ධාවෙන් සමන්විත වෙයි.

තවත් දිරිමත්ව කැපවෙන ඔහුට චතුරාර්ය සත්යය අවබෝධ වෙයි. කාම, භව, අවිද්යා ආදි ආශ්‍රවයන්ගෙන් සිත මිදෙයි. ඉපදීම අවසන් වුනා. බ්‍රහ්මචරියාව සම්පූර්ණ වුනා. දැන් භවයෙන් මිදෙන්නට තවත් කළ යුතු දෙයක් නැතැයි වැටහෙයි.

 නිවන ලැබුණූ ඔහු අතින්  අපේ බුදුපියාණන්  වහන්සේත් මෙ ශාන්ත සුවය අත්විඳින,  බුදුසිත රැඳුන, එහි සුවය අත්හදා බැලු තත්ත්වයක්ම නේ දැයි නුවණින් දැක තෙරුවන් ගැන අසීමිත අචල ප්‍රසාදයක් භුක්ති විඳියි.


බමුණ අන්න එහෙමයි මේ  ඇත් උපමාව සම්පූර්ණ වන්නේ යයි බුදු සමිඳාණෝ කරුණු පහදා දීම අවසන් කළහ.


බුදුපියාණෙනි, හරිම හොඳයි, හරිම හොඳයි. යටිකුරු දෙයක් උඩුකුරු කළාක් මෙන් වැහුනු දෙයක් විවෘත කළාක් මෙන්, වැහුනු දෙයක් විවෘත කළාක් මෙන් මං මුළා වූවෙකුට මග පෙන්වා දුන්නා මෙන්, ඇස් ඇති අයෙකුට රූප පෙනෙන්නාක් මෙන් අන්ධකාරයේ දී පහනක් දැල්වූවාක් මෙන් ඔබ වහන්සේ දහම් දෙසුවා. අද සිට මාගේ ජීවිත අවසානය දක්වා තෙරුවන් සරණ ගිය උපාසකයෙකු ලෙස පිළිගන්න යැයි ජාණුස්සෝණි බමුණා අවසන් වශයෙන් ඉල්ලා සිටියේ ය.

මිහිඳු මාහිමියන් දේවානම්පියතිස්ස මහ රජුට තෙරුවන් පිළිබඳවත් බෞද්ධ චින්තනය පිළිබඳවත් හඳුන්වාදීමට "චුල්ලහත්ථිපදෝපම සූත්‍රය" මේ අයුරින්  දේශනා කළේය. දේශනාවසානයෙහි රජු ප්‍රමුඛ සතළිස් දහසක් පිරිස තෙරුවන් සරණ ගියහ. 


ගෞරවණීය නමස්කාරය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේට.

සියලු දෙනාට තෙරුවන් සරණයි!


Tuesday, June 10, 2014

බුදු සසුනේ උදාර චරිත - යසෝදරා cont..



12. තම දිවි දකිනාඑකම ඇසක් සේහිමිසඳු රැුකගත් යසෝදරායසෝදරා
පණ නළ රකිනාහදමඬලක් සේහිමි තනියට සිටි යසෝදරායසෝදරා
හැම දුක විඳිනාසුසුම් පොදක් සේදැවටී සිටි ඔබ යසෝදරායසෝදරා
සයුරට වදිනානෞකාවක් සේඑතෙර බලා ගිය යසෝදරායසෝදරා

13. සිදුහත් කුමරුන්අතිනත ගත් දාසොඳුරු සිහින මැවු යසෝදරායසෝදරා
සිඟිති පුතෙකු මව්කුසින් දරා ගෙනසෙනෙහස වැඩුවා යසෝදරායසෝදරා
බෝසත් හිමි හටපෙරුම් පුරා රිය බිරිඳයි ඔබ යසෝදරායසෝදරා
ගෙවනා සසරේඅවසන් භවයට වග නොදුටුව යසෝදරායසෝදරා

15. රාහුල පුතු ඔබතුරුලේ රඳවාසැතපී සිටි විට යසෝදරායසෝදරා
තම හිමිසඳ දොරකවුළුව අසලින්ඔබ දකිනා විට යසෝදරායසෝදරා
සිහිනෙන් වත් හිමියන බව නුදුටුවෙකිසි වරදක් නැති යසෝදරායසෝදරා
ඇයි කියන් මටයසෝදරාවෙනිඅවදි නොවුනෙ ඇයි යසෝදරායසෝදරා

16. හිමිදිරියේ ඔබසිඟිති දරු ගෙනහිමිසඳ සෙව්වා යසෝදරායසෝදරා
මෙතුවක් කල් ගියසසර පුරා කොහිද ගියේ හිමි යසෝදරායසෝදරා
පෙරුම් පුරාගෙන භව ගමනේඑකට ගිය ඔබ යසෝදරායසෝදරා
සිහිසන් නැති වීහඬා වැටුණු ඔබතනිවුණා දැන් යසෝදරායසෝදරා

17. වැළපෙන විට ඔබපෙම තුරුළට ගෙනහිමිසඳ නොමැතිව යසෝදරායසෝදරා
සිහින ලොවක ඇතිසිතුවම් විලසටබොඳ වුණා ඔබ යසෝදරායසෝදරා
සිඟිති රහල් පුතුදකිනා විට ඔබකුමක්ද සිතුණේ යසෝදරායසෝදරා
සකල සතට නිතිසෙත සළසන්නටගිය වග නොදැනුණි යසෝදරායසෝදරා

18. වනයේ වල් වැදතාපස වෙස් ගෙනබවුන් වඩයි හිමි යසෝදරායසෝදරා
සළු පිළි අබරණඉවත දැමූ ඔබකහවත් හැන්ඳා යසෝදරායසෝදරා
එක වේලක් හිමිවළඳන බව දැනඑක් වේලක් ගත් යසෝදරායසෝදරා
රුක් සෙවණේ හිමිසැතැපුණු බව දැනබිම සැතැපී සිටි යසෝදරායසෝදරා

19. පෑව සෙනේ ලොවසිහින කුමාරියඔබ මිස වෙන නැති යසෝදරායසෝදරා
රෑක දවාලකහිමි නොමැතිව සිටිසෙවණැල්ලයි ඔබ යසෝදරායසෝදරා
නේක දරා දුකසෝක සිතින් ගෙනආල වැඩූ ඔබ යසෝදරායසෝදරා
ආදරයේ රන්පුදසුන අභියසපුදන කිරුළ ඔබ යසෝදරායසෝදරා

20. සත් වසරක් තෙරනොපෙනෙන අහසේඈත බලා සිටි යසෝදරායසෝදරා
හිමිසඳ යළි එහිවඩිනා විට ඔබඇයි දෝ නාවේ යසෝදරායසෝදරා
වාවාගන්නටබැරි තරමේ දුකතිබුණ නිසාවෙද යසෝදරායසෝදරා
භවයෙන් භවයටසෙනෙහේ කඳුළු මැදතෙමී ගියාවෙද යසෝදරායසෝදරා
21. දොර කවුළුව අසළින්ආයෙත් සැරයක්නම ඇසෙනා විට යසෝදරායසෝදරා
සත් වසර පුරාවටනෑසුන එ් හඬයළි ඇසෙනා විට යසෝදරායසෝදරා
දෑස විවර කොටඅවදිව සැණෙකින්බැලූවේ කොහොමද යසෝදරායසෝදරා
හිමිසඳුගේ සිරිපතුල් වැළඳ ගෙනවැඳ වැටුණා ඔබ යසෝදරායසෝදරා

22. රාහුල පුතු හටදායාද ගෙනෙන්නටපිය හිමි වෙත යැවු යසෝදරායසෝදරා
රමණ පුතෙකු වීඑහි නැවතුණ විටආයෙත් හැඬුව යසෝදරායසෝදරා
සත් වසර පුරාවටනොලැබුණු සෙනෙහසදුන් රාහුල පුතු යසෝදරායසෝදරා
වෙන් වී යනවිටසසරේ තිබෙනාදුක දුටුවද ඔබ යසෝදරායසෝදරා

23. තම හිමිසඳ වැඩිනිවනට යන මගයන්නට සිතුණ යසෝදරායසෝදරා
කිඹුල්වතේ සිටසුළුමව් සමඟින්පැවිදි වෙසින් ගිය යසෝදරායසෝදරා
පා ගමනින් එ්විසල් පුරට ඔබයන විට වෙහෙසී යසෝදරායසෝදරා
සියුමැලි පා යුගපුපුරා ගිය විටහැඬුවෙ නැත්තෙ ඇයි යසෝදරායසෝදරා

24. භික්ෂුණියන් වෙන්නටඅවසර ඉල්ලානොලැබී ගිය විට යසෝදරායසෝදරා
වෙහෙරේ දොරටුවඅසලට විත් ඔබආයෙත් හැඬුවා යසෝදරායසෝදරා
තවදුරටත් මේසසරේ එක් වීයන්නට බැරි වග යසෝදරායසෝදරා
තේරුණ විට ඔබහෙලූ සුසුම් කඳසුළඟට ඇදුණා යසෝදරායසෝදරා

25. ළබැඳි සෙනෙහෙ මතවැඩුණු ආල සිතපිනට යොමු කළ යසෝදරායසෝදරා
එක් වෙන දේ හැමවෙන් වී යන වගතේරුම් ගිය විට යසෝදරායසෝදරා
අසනා විට එ්සම්බුදු බණ පදභවයෙන් මිදුණා යසෝදරායසෝදරා
කඳුලින් පිරි මේසසරෙන් එතෙරටවැඩියේ පින් ඇති යසෝදරායසෝදරා

26. ආදරයේ රන්කිරුළ දරාගෙනපෙරුම් පුරා යසෝදරායසෝදරා
හිමිසඳ බුදු වීදහම් දෙසන විටකඳුළු පිස දැමූ යසෝදරායසෝදරා
දරා කසා වතභික්ෂුණියක ලෙසනිවන් මගේ වැඩි යසෝදරායසෝදරා
ආදරයෙන් අපිවඳිනෙමු සැමදාඔබ යි අපගේ යසෝදරායසෝදරා
ආදරයෙන් අපිවඳිනෙමු සැමදාඔබ යි අපගේ යසෝදරායසෝදරා
ආදරයෙන් අපිවඳිනෙමු සැමදාඔබ යි අපගේ යසෝදරායසෝදරා

සසර පුරා මහබෝසතාණන් වහන්සේ ගේ සෙවනැල්ල සේ පෙරුම් දම් පුරා පැමිණි යසෝදරාවන්ට උපහාර පිණිස පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත කාව්‍ය පංතියකි.