බුද්ධගයාවේ අසිරිමත් බුදුපිළිම වහන්සේ!

Monday, May 19, 2014

ධම්ම පදය - චිත්ත වර්ගය 6

6. අනවට්ඨිතචිත්තස්සසද්ධම්මං අවිජානතෝ
පරිප්ලවපසාදස්සපඤ්ඤා පරිපූරති

සසරෙන් එතෙර වීමටනොපිහිටන විට මේ සිත
උතුම් සිරි සදහම්තේරුම් නොගෙන සිටි විට
කිසි අරුතක් නොමැතිව –  මහා පැහැදෙන සිතක් ඇති විට
ඔහු තුළ කිසි දිනකනැත නුවණ දියුණු වන්නේ


 

Wisdom Does Not Grow If the Mind Wavers

One of unsteady mind,
who doesn’t know True Dhamma,
who is of wavering confidence
wisdom fails to win.
Explanation: If the mind of a person keeps on wavering, and if a person does not know the doctrine, if one’s enthusiasm keeps on fluctuating or flagging,, the wisdom of such a person does not grow.

මෝඩ පැහැදීම තුළ %ඥාව නොවැඬේ

අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසන්නට ලැබෙන විට ධර්මය ගැන නුවණින් මෙනෙහි කරන්නට ඕන. කෙරෙහි සිතේ පැහැදීම ඇති කරගන්නට ඕන. එබඳු පැහැදීමක් තිබුනොත් අපට නැවත නැවතත් ධර්මය සිහි කරන්නට, හදාරන්නට, නුවණින් විමසන්නට හිතෙනවා. තුළින් අපට නුවණ වැඩෙනවා. නුවණ වැඩෙද්දී ධර්මය අවබෝධ කිරීමෙහි වුවමනාව අපගේ සිත තුළ ස්ථිරව පිහිටනවා. මේ ලක්ෂණ නැති කෙනා පැවිදි වෙලා හිටියත් %යෝජනයක් නෑ. කෙනා තුළ ධර්මය තුළින් ඇති වෙන %ඥාව වැඩෙන්නෙ නෑ. වීරිය වැඩෙන්නෙත් නෑ. ධර්මය කෙරෙහි සිත ස්ථිරව පිහිටන්නෙත් නෑ. එබඳු කෙනෙක් වුනත් උත්සාහයකින්, අධිෂ්ඨානයකින් කටයුතු කළොත්, ජයගන්නට පුළුවනි.   බව මෙම කථාවෙන් ඉතාමත් ලස්සනට පැහැදිලි වෙනවා.

කාලයේ සැවැත් නුවර එක්තරා ගොවියෙක් හිටියා. මොහුටත් රහතන් වහන්සේලාගෙන් උතුම් ධර්මය අසන්නට ලැබුනා. ධර්මය කෙරෙහි පැහැදීමකුත් ඇති වුනා. හැබැයි පැහැදීම ඇතිවුනේ නුවණින් මෙනෙහි කරලා නෙවෙයි. නුවණින් නොවිමසන නිසා සිත ධර්මය තුළ ස්ථිරව පිහිටියෙත් නෑ. නමුත් මෙම ගොවියාටත් පැවිදි වීමේ ආශාවක් ඇති වුනා. දිනක් මොහු ගෙදරට දන්වා පැවිදි වෙන්න ගියා. පැවිදි වෙන්න යද්දී තමා කුඹුරු වැඩ කළ උදැල්ල කටු පඳුරක සඟවා ගියා. ඉතින් මොහු භික්ෂූන් වහන්සේලා වෙත ගිහින් පැවිදි වුනා.

පැවිදි වී දින කිහිපයක් යන විට ධර්මය කෙරෙහි ඇති පැහැදීම වෙනස් වුනා. බිරිඳ මතක් වෙන්නට පටන් ගත්තා. තමා නැති නිසා තම බිරිඳ අයාලේ ගොස් නොමනා ලෙස හැසිරෙන්නට ඉඩ ඇති බවත් මතක් වුනා. ඉතින් මේ භික්ෂුව තමන් තුළ නූපන් රාගය ඉපදෙන ආකාරයට නුවණින් තොරව සිතන්නට පටන් ගත්තා. මොහු තුළ අකුසල් වැඩුනා. එය %හාණය කිරීම සඳහා %මාණවත් අධිෂ්ඨානයක් මොහු තුළ තිබුනේ නෑ. භාවනා කරන්නට වාඩි වූ විට ආයෙමත් සඟවා පැමිණි උදැල්ල මතක් වුනා. බිරිඳ මතක් වුනා. පංච කාමය මතක් වුනා. අරතිය වැඩි වුනා. ධර්මය කෙරෙහි ඇල්ම නැතිව ගියා. මොහු රහසේම සිවුරු හැර උදැල්ලත් රැගෙන ගෙදර ගියා.

පැවිදි වෙන්නට ගිය ස්වාමියා නැවත කුඹුරේ වැඩ කරනු දැක බිරිඳ ගොඩාක් සතුටු වුනා. හොඳින් කෑම බීම දී උපස්ථාන කළා. නමුත් ටික දවසක් යද්දී බිරිඳ ඇනුම් පද කියන්නට පටන් ගත්තා. එතකොට මොහු ආයෙමත් කළකිරුනා. “නුඹත් සමඟ ගත කරන මේ ජීවිතයට වඩා පිඬු සිඟා අනුභව කරමින් ගතකරන හුදෙකලා වාසය මොනතරම් වටිනවාද කියා නැවතත් උදැල්ලත් රැගෙන පිටත් වුණා. අර කටු පඳුර අස්සේ උදැල්ල ගැහුවා. ස්වාමීන් වහන්සේලා වෙත ගොස් පැවිදි වුනා.
ටික කලක් ගතවුනා. ආයෙමත් ගිහි ජීවිතය මතක් වෙන්නට පටන් ගත්තා. බිරිඳ විසින් උයා පිහා දෙන කෑමවල රස මතක් වුනා. බිරිඳගේ ආදර බස් මතක් වුනා. “අනේ. මට භාවනා කරගන්නට අමාරුයි. හිත විසිරෙනවා. ගෙදර ගිහින් නිදහසේ ඉන්නට ඇත්නම් කියලයි හිතෙන්නේ…” මෙම භික්ෂුවට දැඩි වීරියක් ගැනීමේ හැකියාවක් තිබුනේ නෑ. සිත විසිරෙද්දී කලබල නොවී සිටීමට හැකියාවක් තිබුනේ නෑ. කාම සිතුවිලි ඇතිවෙද්දී සතර සතිපට්ඨානය සිහි කරන්නට හැකියාවක් තිබුනේ නෑ. අවස්ථානුකූලව බෝධිපාක්ෂික ධර්ම ගලපා ගන්නට හැකියාවක් තිබුනෙ නෑ. ආයෙමත් උදැල්ල මතක් වුනා. හොරෙන්ම පිටත් වුනා. සිවුරු හැර උදැල්ලත් රැගෙන කුඹුරට ගියා. එදත් බිරිඳට හරිම සතුටුයි. ආදරෙන් කතා බස් කළා. රසවත් කෑම බීම දුන්නා. ටික දවසයි ගියේ. ආයෙමත් ඇනුම් පද ඇසෙන්නට පටන් ගත්තා. බිරිඳගේ වෙනස්කම්වලට මුහුණ දෙන්නට සිදු වුනා. “නුඹ සමඟ ගත කරන දීගෙට වඩා මහ වනයේ ගස් සෙවණක නිකම් වාඩිවෙලා සිටියත් සැපයි.” කියල උදැල්ලත් අරගෙන පිටත් වුනා.
වෙනද වගේම උදැල්ල කටු පඳුර අස්සේ හැංඟුවා. ආයෙමත් පැවිදි වුනා. පැවිදි වුන මුල් දවස් කීපයේ නම් මෙම භික්ෂුව ඉතාමත් හොඳයි. නමුත්  ශ්‍රද්ධාව රඳවා ගන්නට බැහැ. නැතිවෙලා යනවා. වීරිය රඳවා ගන්නට බැහැ. නැතිවෙලා යනවා. සිත ධර්ම මාර්ගය තුළ ස්ථිරව පිහිටුවා ගන්නට බැහැ. ආයෙමත් ගෙදර මතක් වෙනවා. “මොනවා කිව්වත් එයා මගේ බිරිඳ නෙව. මට රසවත් කෑම බීම හදල දෙනව නෙව. ඕනෙම ගෙදරක ඔය හැලහැප්පිලි තියෙන එකේ මං විතරක් මොකටද ගැන අමුතුවෙන් කලකිරෙන්නෙ?” ඉතින් මේ භික්ෂුවට සතර සතිපට්ඨානය අමතක වුනා. කටු පඳුර අස්සේ සඟවපු උදැල්ලමයි මතක් වුනේ. ආයෙමත් සිවුරු හැරියා. උදැල්ලත් අරගෙන ගෙදර ගියා. මේ විදිහට මේ භික්ෂුව හය වතාවක් සිවුරු හැරියා. හිතේ පැහැදීම ඉක්මනින් වෙනස් වෙනවා. අධිෂ්ඨානය ඇති කරගන්නටත් බෑ.
දිනක් කුඹුරට ගොස් පැමිණෙද්දී බිරිඳ පැදුරක් එලාගෙන උඩුබැල්ලෙන් නිදාගෙන හිටියා. ඇයගේ හිස කෙස් අවුල් වෙලා. විසිරිලා තිබුනා. කට ඇරිලා තිබුනා. කුණු කෙල වැගිරෙමින් තිබුනා. ඇය ගොරව ගොරවා සිටියා. මේ දර්ශනය දුටු ගමන් මොහුගේ සිතට මහත් සංවේගයක් හටගත්තා. හැමදෙයක්ම එපා වුනා. බිරිඳටත් නොකියාම මහණ වෙන අදහසින් ආයෙමත් උදැල්ලත් අරගෙන පිටත් වුනා. කටු පඳුර ලඟට ආවා. එතකොට සිහිනුවණ ඇති වුනා. “මේ උදලූ කෙටිය තමයි හැම විපතකටම මුල. මේ උදලූ කෙටිය කටු පඳුරේ හංගපු එක තමයි කැරකි කැරකි පල දුන්නේ. ආයෙමත් නම් මේ මෝඩ වැඬේ කරන්නෙ නැහැ. ආයෙ කිසි දවසක මේ හිස් ජීවිතය උදෙසා උදලූ කෙටිය මේ අත් දෙකෙන් අල්ලන්ට මට ඕන කමක් නැහැ.” කියල හැකිතාක් වීරිය අරගෙන ඈත ගැඹුරු මඩවලකට වීසි කළා. එදා මොහුට මහ සතුටක් ඇති වුනා. සතුටින් යුතුව ස්වාමීන් වහන්සේලා සොයා ගෙන ගියා. ආයෙමත් පැවිදි වුනා. මොහු වසඟ වූ සිතටම හසුව සිටි නිසාචිත්තහත්ථ යන නම පටබැදුනා.

මොහුට බාධාව වශයෙන් තිබුණ උදලූකෙටිය අත්හළ නිසා හිතට වීරිය ගෙන භාවනා කළා. අරතිය එනකොට මැඬගත්තාශ්‍රද්ධාව හොඳින් පිහිටුවා ගත්තා. ධර්මය අවබෝධ කිරීමේ අරමුණ සිත තුළ ස්ථිර කරගත්තා. සතර සතිපට්ඨානයේ සිත මනාව පිහිටියා. චතුරාර්ය සත් ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ වුණා. රහතන් වහන්සේ නමක් බවට පත්වුනා.

චිත්තහත්ථ තෙරුන් වහන්සේ ඉතාම සතුටින් සැනසිල්ලේ කල් ගත කරන ආකාරය දුටු ස්වාමීන් වහන්සේලාඇයි දැන් ආයෙමත් ගෙදර යන්න හිතෙන්නෙ නැද්ද?” කියලා ඇසුවා. “ගෙදර විතරක් නෙවෙයි, මං ආයෙ සසරෙවත් යන්නෙ නෑ.” කියල පිළිතුරු දුන්නා. මේ තුළින් උන්වහන්සේ අරහත්වය %කාශ කළා කියල ඇතැම් භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කියා සිටියා.

එවිට බුදුරජාණන් වහන්සේ වදාළේ ඉල්පෙන %ද්ධාව තිබුනොත්  m%ඥාව වැඩෙන්නෙ නැති බවයි. සඳහන් කරමින් මෙහි පළමු ගාථාව වදාළා

Thursday, May 8, 2014

දඹදිව වන්දනා - අසිරිමත් නාලන්දා විශ්වවිද්‍යාලය. 16

නාලන්දාව

නාලන්දාව බිහාර් ප්‍රාන්තයේ පැට්නාවලට සැතපුම් 55 ක් පමණ ගිනිකොණ දෙසින් පිහිටා ඇති අතර  පාල අධිරාජ්‍යය යටතේ ක්‍රි.පු. 427 සිට ක්‍රි.පු. 1197 දක්වා පිහිටි බෞද්ධාගමිකයන්ගේ ඉගෙනුම් මධ්‍යස්ථානයයි.  එය වාර්තාගත ඉතිහාසයේ පළමුවන මහා විශ්ව විද්‍යාලය ලෙස සැළකේ.
නාලන්දා යන සංස්කෘත වචනයේ අර්ථය දැනුම බෙදා දෙන්නා (නාලම් හෙවත් නෙළුම යනු දැනුමේ සංකේතයකි, ධා යනු දානයයි) යන්නයි. චීන දේශාඨන භික්ෂුවක් වන Xuanzang නාලන්දා යන නාමයට අර්ථකතන කිහිපයක් ලබාදේ. ඉන් එකක් නම් එහි පැවති අඹ වනයක් මධ්‍යයේ පිහිටි වැවක ජීවත් වු නාගයෙක් හේතුවෙන් බවත්, අනෙක නම් බුදුරජාණන් වහන‍්සේගේ සමයේදී මෙහි අත්හිටුවීමකින් තොරව දානය ලබා දීමත් ය.

බුද්ධ සමයේ නාලන්දාව (ක්‍රි.පු. 500)
බුදුරජාණන් වහන්සේ නාලන්දාවේ කීප අවස්ථාවක වාසය කර ඇති බව සඳහන් වේ. උන්වහන්සේ පාවාරික අඹ වනයේ සිටින කාලයේ අපාලි ගෘහපති, දීඝතපස්සී, කේවට්ඨ හා අධි බන්ධාකාපුත්ත යන අය සමඟ වාද පැවැත්වුයේය.
බුදුරජාණන් වහන්සේ මගධයේ ගත කළ අවසාන චාරිකාවේදී නාලන්දාවට පැමිණි අතර සැරියුත් මහරහතන් වහන්සේ පරිනිර්වාණයට පෙර බුදුරජාණන් වහනසේ පිළිබඳ තමා තුළ ඇති භක්තිය සිංහ නාද කළේ මෙහිදීය.
රජගහනුවර සිට නාලන්දාව තෙක් මාර්ගය අම්බලම්තිකා හරහා වැටී ඇති අතර නාලන්දාවේ සිට එය පාඨලිගාම වෙත ගමන් කරයි. බහු පුත්ත චෛත්‍ය, නාලන්දාව හා රජගහනුවර අතර පිහිටා ඇත.
කේවට්ට සුත්‍රයට අනුව බුදුසමයේදී නාලන්දාව වැදගත් ජන ඝනත්වයෙන් අධික හා සමෘද්ධිමත් නගරයක් වු අතර පසු කාලීනව එය ඉගැන්වීම් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රසිද්ධියට පත් විය. සංයුක්ත නිකායට අනුව බුදුසමයේදී නාලන්දා නුවර දරුණු දුර්භික්ෂයකට මුහුණ පා තිබේ. බුදුරාජණන් වහන්සේ දකුණත් අග්‍රශ්‍රාවක සැරියුත් රහතන් වහන්සේ ඉපදීම හා පිරිනිවන් පෑම සිදුවුයේ නාලන්දාවේදීය.
සෝනාදින්න වාසය කළේ නාලන්දා නුවරය. ජෛන ආගමේ කේන්ද්‍රස්ථානයක් වන මෙහි මහාවීරතුමාද කිහිපවරක් වාසය කර ඇත. මහාවීර, මෝක්ෂය අවබෝධ කරගත්තේ නාලන්දාවේ පාවපුරිහිදී යැයි විශ්වාස කෙරේ. (ජෛන ආග‍මේ එක් නිකායකට අනුව ඔහු ඉපදී ඇත්තේ එය අවට‍ගමක් වු කුන්ඩල්පුරයේය)
අශෝක අධිරාජ්‍යයා (ක්‍රි.පු. 250) මෙහි පන්සලක් තනා ඇති අතර ටිබෙට් මුලාශ්‍රවලට අනුව නාගර්ජුන මෙහි ඉගැන්වීම සිදු කර ඇත.


පැට්නා පාලම.



පැට්නා පාලම ගැන වචනයක් නොකියාම බැහැ කියල හිතුන. මේ පාලම මේ වාගෙ පාලම් අතර ලෝකයේ විශාලම පාලමක්.  දිගින් මීටර් 5,575 කි.  කණු 48 ක් උඩ  දිවෙන  මීටර් 121 ක් දුරින්  කනු දෙකක් අතර පරතරයෙන් මීටර් 63.53 ක් ඇතින් දිවේ.

මීටර් 7.5 ක් පළලින් යුතු ද්විත්ව මාර්ග පද්ධතියක් හා මීටර් 2ක් පළලින් යුතු පදික මාර්ගයක් ද මෙයට අයත් වේ. මෙම පාලමේ ගමන් කරනාවිට මෙය උස් පහත්වන අයුරු ඔබටම බලා ගත හැක.  ගංගානම් ගඟ හරහා පැට්නා හජිපූර් හා බිහාර් ප්‍රාන්තය හරහා මෙය දිවේ. මෙය විශ්මිත නිර්මාණයක් බව කිව යුතුමය. මෙහි ඉන්ජිනේරු තාක්ෂණය ලබාදී ඇත්තේ  ශ්‍රී ලාංකික ඉන්ජිනේරුවෙකු වන කුලතුංග මහතා විසින් බව කියැවේ. මෙම පාලම මහත්මා ගාන්ධි සේතු  පාලම ලෙසද හඳුන්වයි. 


මෙම පින්තූරය අන්තර් ජාලයෙනි

නාලන්දා විශ්වවිද්යාලය ආරම්භ කිරීම හා වර්ධනය




ඓතිහාසික මුලාශ්රවලට අනුව නාලන්දා විශ්ව විද්යාල ක්රි. පු. 450 දී කුමාරගුප්ත ඇතුළු ගුප්ත අධිරාජ්යයේ අනුග්රහයෙන් ආරම්භ විය.

නාලන්දාව ලෝකයේ මුල්ම නේවාසික විශ්ව විද්යාල අතරින් එකකි. එය ලෝකයේ ඉතා ප්රසිද්ධව පැවති අතර එහි සමෘද්ධිමත් සමයේදී ශිෂ්යයන් 10,000 ක් හා ගුරුවරුන් 2,000 කට නවාතැන් පහසුකම් සැලසිය හැකි විය. එය ගෘහ නිර්මාණ ශිල්පයේ අග්රකෘතියක් ලෙස සැළකෙන අතර එය වටා උස් තාප්පයක් හා එක දොරටුවක් පිහිටා තිබුනි.
නාලන්දාවේ වෙන්ව පිහිටි අංගන 8 ක් හා පන්සල් 10 ක් මෙන්ම භාවනා ශාලා හා පන්ති කාමර විශාල සංඛ්යාවක්ද පැවතුණි. එහි බිමේ පොකුණු හා උද්යාන පිහිටා තිබුණි. පොත්පත් ගබඩා කිරීමට මහල් නවයකින් යුත් පුස්තකාලයක් පැවතුණි. නාලන්දා විශ්ව විද්යාලයේ අධ්යයන ක්ෂේත් රාශියක විෂයන් ඉගැන්වු අතර කොරියාව, ජපානය, චීනය, ටිබෙටය, ඉන්දුනීසියාව, පර්සියාව සහ තුර්කිය යන රටවල්වලින් ශිෂ්යයන් හා පඬිවරුන් විශාල ප්රමාණයක් ඉගෙනීම ලැබීය.

එකල ලෝකයේ පැවති සියළුම දැනුම නාලන්දා අධ්යයන පටිපාටියේ අඩංගු විය. සියළුම විෂය කේෂ්ත් වලට අදාළ විෂයන් බුද්ධ ධර්මය හා හින්දු ධර්මය, පූජනීය හා ලෞකික, දේශීය හා විදේශිය යන සියළුම විෂයන්, ශිෂ් ඉගෙනුම් විද්යාව, තාරකා විද්යාව, වෛද් විද්යාව, හා තර්ක ශ්රාස්ත්රය වැනි විෂයන් යොදා ගනිමින් පාරභෞතික විද්යාව, දර්ශනවාදය, යෝග ශ්රාස්ත්රය, වේදය හා බුද්ධ ධර්ම ග්රන්ථ හැදෑරීය. තවද ඔවුන්ට විදෙස් දර්ශන පිළිබඳ අධ්යයනයටද අවස්ථා සැළසිනි.







අපේ ගුරුතුමා. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකි.


බුදුදහම කෙරෙහි බලපෑම

ටිබෙට් බුදුදහම හෙවත් වජ්රයානයේ විශාල ප්රමාණයක් හට ගැනීම සිදු වුයේ 9-12 ශත වර්ෂවල අග භාගයේ නාලන්දා ගුරුවරුන් හා සම්ප්රදායන් තුළිනි. ඉන්දියානු දර්ශනවාදයේ මුල් ආරම්භකයෙකු හා බෞද්ධ පරමාණුක වාදයේ ප්රාථමික සිද්ධාන්තවාදියෙකු වන ධර්ම කීර්ති (7 වන ශතවර්ෂය පමණ) පඬිවරයා නාලන්දාවේ ආචාර්යවරයෙක් විය.
වියට්නාමය, චීනය, කොරියාව හා ජපානයේ අනුගමනය කරන මහායාන බුදු දහමේ මුලාරම්භය මෙම පෞරාණික විශ්ව විද්යාලය තුළ විය.

ථේරවාද බුදු දහමද නාලන්දාව තුළ ඉගැන්වුවද, නාලන්දාව ථේරවාදී කේන්ද්රස්ථානයක් නොවු නිසා එහි වැඩි දියුණුවක් දක්නට නොලැබේ.

පරිහානිය හා අවසානය

1193 දී බක්ටියාර් චිල්ජි (bakphi Khilite) ගේ මුස්ලිම් හමුදා නාලන්දා විශ්ව විද්යාලය විනාශ කරන ලදී. මෙය ඉන්දියාවේ බුදුසමය බුදුදහම පරිහානියට පත්විමේ සන්ධිස්ථානයක් ලෙස සැළකිය හැක. විශ්ව විද්යාලය හා එය ඉගැන්වීම් කේන්ද්රස්ථානයක් බව නොසැලකූ මුස්ලිම් ආක්රමණිකයෝ එහි තැන්පත් කර තිබු ඓතිහාසික ලියවිලි පිළිබඳව නොතැකූහ. චිල්ජි විසින් නාලන්දාවේ තැන්පත් කර තිබූ කුරානය පමණක් නැවත ලබාගන්නා ලෙස අණ කළ බව කියවේ. පර්සියානු ඉතිහාසඥයෙකු වන මින්හස් ඔහුගේ ග්රන්ථයක දක්වා ඇත්තේ භික්ෂුන් දහස් ගණනක් එම විනාශයේදී පණපිටින් පිළිස්සීමට ලක්වු බවත් තවත් දහසක්දෙනාගේ හිස ගසා දැමු බවත්ය. ගිනිබත් වු පුස්තකාලයේ ගින්න මාස හයක් පමණ පැවතුනු අතර ග්‍රන්ථ පිළිස්සීමෙන් නැගුණ දුම කඳු හරහා අඳුරු ඝන පටයක් මෙන් විහිදී තිබුනු බව කියවේ. 1235 දී නාලන්දාව වෙත නැවත ගිය ටිබෙට් පරිවර්තකයෙකු වු ඩැග් ලොට්ස්වා (Chag Lotsawa) දැකගත හැකි වුයේ විනාශයට හා කොල්ලකෑමට ලක්වු නාලන්දාවේ, රාහුල ශ්රී භද්ර නම් අවු. 90 වයසැති ගුරුතුමෙකු  ප්‍රදේශයේ බ්රාහ්මණයෙකු ආධාර ඇතිව හැත්තෑවක් පමණ විශාල පිරිසකට ඉගැන්වීමේ නිරත වන අයුරුය.

නටඹුන්

නාලන්දා විශ්ව විද්යාලයේ සමහරක් නටඹුන් අදටත් ඉතිරිව පවතී. වර්තමානය තෙක් කැණීම් කරන ලද කොටස වර්ග මීටර 150,000 තෙක් පැතිර පවතින අතර Xuanzang ගේ අතීත වාර්තා අනුව සලකා බලන විට තවමත් 90% ක් පමණ කැණීම් වලට ලක් වී ඇත.
නාලන්දාව මනුෂ්ය වාසයෙන් තොර වන අතර එයට සමීපතම ගම්මාන Bargaon නම් වේ. 1951 දී ථේරවාදි, පාලි හා බුදු දහම පිළිබඳ නවීන මධ්යස්ථානයක් ජග්දීෂ් කාශ්යප නම් භික්ෂුන් වහන්සේ විසින් ඇති කරන ලදී. එය නව නාලන්දා මහා විහාරය නම් වේ. වර්තමානයේ එය මුළු ප්රදේශයම චන්ද්රිකා ඡායාරූප ගත කිරීමේ වැදගත් වැඩසටහනක් පවත්වාගෙන යයි.

නාලන්දාව පිලිබඳ විස්තර විකිපීඩියාවෙන් ......




නාලන්දා කෞතුකාගාරයේ පැරණි ලියවිලි රාශියක් හා කැණීම් වලින් සොයාගත් භාණ්ඩ ප්රදර්ශනයට තබා ඇත. නාලන්දා විශ්වවිද්යාල නටබුන් ගවේශනය කල මුල්ම බටහිර ජාතිකයා වන්නේ ඇලෙක්සැන්ඩර් කනින්ග්හැම් පුරා විද්යාඥයාය.


ගිනිගත් කොටසක්


මෙම විශ්වවිද්‍යාල භූමිය ඉතා මනස්කාන්ත වූත් විස්මිතවූත් නිර්මාණයකි.