බුද්ධගයාවේ අසිරිමත් බුදුපිළිම වහන්සේ!

Monday, November 26, 2012

ථේර ගාථා 27

හෙට ඉල් පොහෝ දවසයි.  

 වස්සාන ඍතුවේ අවසාන පොහොය ඉල් පුර පසළොස්වක් පොහොයයි.

 මෛති‍්‍රය බෝසතුන් වහන්සේ විවරණ ලැබීම, ප‍්‍රථම ධර්ම දූත පිරිස වන රහතන්වහන්සේලා හැටනම ධර්ම ර්‍ප්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම, චීවර මාසයේ අවසාන පොහොය වීම, සැරියුත් මහ රහතන්වහන්සේගේ මව ධර්මය  අසා සෝවාන් වීම, සැරියුත් මහ රහතන්වහන්සේ පිරිනිවන් පෑම, ඉල් පොහොය දා සිදු වූ සුවිශේෂ සිදුවීම්ය. මෙම සිදුවීම් නිසා ඉල් පොහොය බෞද්ධයන්ට වැදගත් වේ.


සැරියුත් මහ රහතන්වහන්සේ පිරිනිවන් පෑම ට අවසර ඉල්ලීම.


මේ නිසා මේ ටිකේ පොස්ට් ටිකක් ලඟ ලඟ වැටුනා. එවා හැම දෙයක්ම කියවන්න සුපින්වත් ඔබට හැකිනම් එයයි මා ලද සතුට!


ජම්බුගාමික පුත්ත තෙරුන්ගේ ගාථාව.

 ඔබ සිවුරු වලට රෙදි සොය සොයා කල් ගෙවන්නේ නෑ නේද? ඇඟපත සරසන්නට කැමති කෙනෙක් නොවේ නේද? ඔබෙන් ඔය හමන්නෙ සිල් සුවඳ නේ? අනෙක් උදවිය ගෙන් නම් එවැනි සුවඳක් හමන්නේ නෑ.

මේ වනාහී ජම්බුගාමික පුත්ත නම් රහත් මුණිඳුන් වදාල ගාථාවයි.

ථේරි ගාථා - දුක නිපාතො - 3



සුමංගල මාතා තෙරණිය ගේ ගාථා.

හැම දේකින් ම මිදුනු ඔයා, මෝල් ගහෙනුත් නිදහස් වුණ එකමයි හොඳ. මගේ සැමියා කිසිම ලජ්ජාවක් නැති මිනිහෙක්. මං ඒ මිනිහාගෙ කුඩේට වත් කැමති නෑ. මං බත් උයපු හැළියෙත් පිළුණු ගඳ ආවෙ. 

"චිටි චිටි" සද්දයෙන් මං මේ රාග ද්වේෂ ත් නැති කරල දැම්ම. මං දැන් ගහක් සෙවනට ගියාම,  හප්පා! තියෙන සැපයක්!  මං හරිම සැපසේ ධ්‍යාන වඩනව.

මේ වනාහී සුමංගල මාතා නම් රහත් තෙරණිය වඳාල ගාථාවයි.

සංයුක්ත නිකාය - ජරා වර්ගය - 1


අද ට නියමිත සතුල්ලපකායික වර්ගයයි. ඒක ටිකක් දිග සූත්‍ර. ඒ නිසා පොඩ්ඩක් පස්සට දැම්ම. අපි අද කෙටි සූත්‍ර ටිකක් පටන් ගමු. 



 










ජරා වර්ගය - 1

ජරා - ජීර්ණ වීම ගැන වඳාළ දෙසුම.
සැවැත් නුවර ජේතවන අසපුවේදී. .............

දෙවියා:-

 
 ජරා ජීර්ණ වෙලා යනතෙක්ම පුරුදු කරන්ට හොඳ මොකක් ද?


කුමක් මත පිහිටීම ද හොඳ?

මනුස්සයන්ට තිබෙන මාණික්‍යය කුමක් ද? 


හොරුන් ට පැහැර ගන්ට බැරි දේ මොකක් ද?

භාග්‍යවතුන් වහන්සේ:-

 
ජරා ජීර්ණ වෙලා යනතාක්ම  හොඳ සිල් රැකීම තමයි.


ශ්‍රද්ධාව මත පිහිටීම තමයි හොඳ. 

මිනිස්සුන්ගේ මාණික්‍යය  කියන්නේ ප්‍රඥාවට යි.


 පින තමයි සොරුන්ට පැහැර ගන්ට බැරි.

සාදූ ! සාදූ!! සාදූ!!!

Sunday, November 25, 2012

සංයුක්ත නිකාය - භික්ඛුණී සංයුක්තය - භික්ඛුණී වර්ගය - විජයා සූත්‍රය



විජයා භික්ෂුණිය මාරයාට  පැවසූ  දෙසුම.

(විජයා සූත්‍රය )

සැවැත් නුවරදී.....

එදා විජයා  භික්ෂුණිය උදේ වරුවේ සිවුරු පොරවාගෙන , පාත්‍ර - සිවුරු අරගෙන  සැවැත් නුවර පින්ඩපාතෙ කරගෙන    දානෙ වළඳල ,දවල් කාලෙ  ගත කරන්න හිතාගෙන අන්ධ වනයට පිටත් වුනා. අන්ධ වනයෙ ඇතුලට ගිහින් එක්තරා රුක් සෙවනක දවල් කාලෙ ගත කරන්න හිතාගෙන  වාඩි වෙලා හිටිය.

එදා පවිටු මාරයාට මේ විදිහේ කැමැත්තක් ඇතිවුනා.

 " විජයා   භික්ෂුණියව බය කරවන්නට ඕනෙ. තැති ගන්වන්නට ඕනෙ , මවිල් කෙලින් කරවන්ට ඕනෙ. සමාධියෙන් දුරු කරවන්ට ඕනෙ" කියල. ඊට පස්සෙ මාරයා විජයා   භික්ෂුණිය ළඟට ගියා. ගිහින් විජයා භික්ෂුණියට  ගාථාවක් පැවසුවා.

" ඒයි  ලස්සන තැනැත්තී, ඔයා තාම තරුණයි. මමත් යෞවන වයසෙ ඉන්න තරුණයෙක්. එන්න පංචාංගික තූර්ය නාදයෙන් සතුටු වෙමින් අපි ප්‍රීතියෙන් ඉඳිමු.

එතකොට විජයා   භික්ෂුණියට මෙහෙම හිතුණා.

 " කවුද මෙයා ?  මනුෂ්‍යයෙක් ද? අමනුෂ්‍යයෙක්ද?"  මේ ගාථා කියන්නෙ.

එතකොට  විජයා  භික්ෂුණියට මෙහෙම හිතුණා.

" මේ තමයි පවිටු මාරයා , මාව භය කරවන්ට , තැති ගන්වන්ට , ඇඟේ මවිල් කෙලින් කරවන්ට, සමාධියෙන්  දුරු කරවන්ට කැමති වෙලා තමයි ඔය ගාථා කියන්නෙ"

එතකොට   විජයා  භික්ෂුණිය මේ පවිටු මාරයා බව දැනගෙන, පවිටු මාරයාට  මේ ගාථා පැවසුවා.

"හිත ඇලෙන රූප ශබ්ද , ගන්ධ , රස, ස්පර්ශ තියෙනවා තමයි. ඒයි මාරය , මං ඒව ඔබටම දෙනව. මට ඕවයින් කිසිම වැඩක් නැහැ.".

" බිඳිල යන , වහා නැසිල යන , මේ කුණු සරීරෙ මට එපා වෙලා තියෙන්නෙ. ඒ ගැන මං ලැජ්ජයි. මං කාම තණ්හාව මුළින්ම උදුරලා දැම්ම."

"රූප ලෝක වලත් සත්වයො ඉන්නව. අරූප ලෝක වලත් සත්වයො ඉන්නවා. ශාන්තවූ සමාපත්තියත් තියෙනව. ඒ හැම දෙයක් ගැනම අවිද්‍යා අන්ධකාරය මට දුරු වුනා."


එතකොට පවිටු මාරයා, " මේ විජයා   භික්ෂුණිය මාව දැනගත්තා නෙව"  කියල දුක් වුනා. නො සතුටු වුනා. එහිම  නොපෙනී ගියා.


සාදූ!   සාදූ!!   සාදූ!!!

Friday, November 23, 2012

අප්පමාද වග්ග 2.

               

එතං විසෙසතො ඤත්වා
අප්පමාදම්හි පණ්ඩිතා
අප්පමාදෙ පමොදන්ති
අරියානං ගොචරෙ රතා

ආර්ය නමැති බුදු - පසේබුදු- රහතුන් නිතර ආශ්‍රය කරන සතිපට්ඨානාදී ධර්මයන්හි ඇලුණු , නුවණැත්තෝ (කලින් ගාථාවේ කියවුණු සේ) අප්‍රමාදයෙහි ඇති මේ කාරණය විශේෂයෙන් දැන අප්‍රමාදයෙහි ඇලෙත්. එනම් ප්‍රමාද - අප්‍රමාද දෙකේ වෙනස හොඳට දන්නවා. ඒ නිසා ආර්යයන් වහන්සේලාගේ නවාතැන වන සත්තිස් බෝධිපාක්ෂික  ධර්මයේම ඇලෙමින් අප්‍රමාදී ගුණය ගැනම සතුටු වෙනව.

තෙ ඣායිනො සාතතිකා
නිච්චං  දළ්හපරක්කමා
ඵුසන්ති ධීරා නිබ්බානං
යොගක්ඛෙමං  අනුත්තරං

ධ්‍යාන වඩන්නා වූ, නිරතුරු පැවති වීර්යෙන් හා දැඩි උත්සාහයෙන් යුක්ත වූ ඒ නුවණැත්තෝ කාමබන්ධනාදී බන්ධනයන්ගෙන් නිදහස් වූ අත්‍යුත්තම වූ නිවණ ලබත්. එනම් සියළු බන්ධන වලින් නිදහස් වී අනුත්තර වූ ඒ අමා නිවනම සාක්ෂාත් කර ගන්නව.


Evaṃ  visesato ñatvā, appamādamhi paṇḍitā
Appamāde pamodanti, ariyānaṃ gocare ratā.

Distinctly understanding this, the heedful wise ones rejoice in
heedfulness, delighting in the realm of the Noble Ones.

Explanation: Those who are truly wise are especially aware of the need for sanity. They take delight in sanity. They take pleasure in the pursuit of sanity because it is the region of the super normal.


 Te jhāyino sātatikā, niccaṃ daḷhaparakkamā
Phusanti dhīrā nibbānaṃ, yogakkhemaṃ anuttaraṃ.

 The constantly meditative, the ever steadfast ones
realise the bond-free, supreme nibbāna.

Explanation:   Those wise individuals who steadfastly practice meditation, reach a level of understanding that enables them to experience Nibbana. Those wise individuals who unceasingly continue in their meditation, firmly and steadfastly, experience Nibbana, which is the supreme release from all bonds.

Sāmāvatī and Māgaṇḍiyā

The Buddha rejected Māgaṇḍiyā when her parents offered her hand in marriage, so she hated him. Sāmāvatī was a devout Buddhist. Both were married to the same king. Māgaṇḍiyā conspired with her relatives to burn Sāmāvatī alive with her attendants. After an investigation, the king had Māgaṇḍiyā and all her relatives cruelly executed. The monks discussed which of the two queens was alive
and which was dead. The Buddha explained that the heedless should be regarded as dead even if they live a hundred years, while the heedful should be regarded as alive even though they are dead.

Tuesday, November 20, 2012

බෙස්ට් ලයිෆ් දඹදිව වන්දනා - 4 - කොසබෑ නුවර හරහා කාන්පූර් ගමන.


කාන්පූර් බලා:-








19/10/2012
 උදේ පාන්දරම ඔන්න කියන්නෙමහ පාන්දර 3.30 බසයට නැංග කාන්පූර් බලා යන්න. කටිටිය වෙලාවට ලැහැස්තිවෙලා හිටිය නිසාම කරදරයක් නැතිව යන්න පුලුවන්. පංච ශීලය සමාදන්වෙලා බුදු ගුණ වන්දනාව කරල ටිකක් විවේකයක් ලබුන නිදාගන්න

මම යන්තම් එළිය වැටෙන විට නැඟිටලා එළිය බලාගෙන හිටිය. මෙහෙම රටකට ආවෙ නිදා ගන්න යැ. මේ පරිසරය  විඳ ගත්තෙ නැත්නම් වැඩක් නැහැනෙ. මීදුම වැටිල තැනි තලාවෙ හරිම ලස්සනයි . එළිය වැටීගෙන එනවිට හරිම සුන්දර පරිසරයක්.



පාන්දර හත පමණ වෙන විට අලහාබාද් නගරය පසු කලෙමු. එය ඉතාම සශ්රීක නගරයකි. නොයෙකුත් ධාන් වගාවන්, කෙත්වතු, අල වගාවන් හා විශාල ගස් වලින් පිරුණා වූ නගරයකි. සෑම  නිවසක ඉදිරි පසම කිරි ගවයින් කිහිපදෙනෙක් සිටිනා බව දැක ගත්තෙමිඅලහාබාද් නගරය ඉතා විශාල නගරයකි. වරනාසී  සිට කොසබෑ නුවරට කිලෝ මීටර් 185 ක් දුර ගෙවා යා යුතුයි. අලහාබාද් සිට කොසබෑ නුවරට කිලෝමීටර් හැටක් පමණ හැරී යායුතුයි



ඔන්න උදේම අජිත් මහත්තයාගෙ දැනුවත් කිරීම.

ඔන්න අම්මලා මේක හොඳට අහගන්න ඕනෙ. මේ ඉන්දියාවෙ දුර ගමන් යනකොට වැසිකිලි කැසිකිලි ටොයිලට් පහසුකම් පවත්වන්න හරිම අමාරුයි. උදේම මග දෙපස හොඳට බැලූ අයට ඔන්න පේන්න ඇති නෙ වැඩේ කරන අය. ඔය මහත්මා ගාන්ධි තුමා සුද්දො පන්නන්නම කියලා යොදවපු උපක්රමේ. එතුමාට අමතක උනාද කොහෙද? ආයෙ ඒක නවත්තන්න කියන්න.” හිනා හැමෝටම.

ඔන්න එක කරන්න ඕනෙ නම් එක ඇඟිල්ලක් උස්සන්නදෙක කරන්න ඕනෙ නම් ඇඟිලි දෙකක් උස්සන්න. දෙකටම නම්  ඔන්න අත් දෙකම උස්සන්නඑතකොට අපේ රියදුරු මහත්තයා ඔය ලඳු කැලෑවක නතර කරාවි. "

අනෙ ,අප්පේ මට තමයි කෙලම වෙන්නෙ කියල මම හිතා ගත්තා.
මොනව කරන්නද? මෙහේ හැටි එහෙම තමයි. ඔය ගමන මෙහෙම පස්සට කල් දම දමා හිටියෙත් නිසාම නේද? කියල හිටිය ඉතින් .

කොස්බෑ නුවරට යන්න පැය එකහමාරක් තියල අර කිව්ව වගේ කැලෑවක නැවැත්තුවා

කොච්චර කලත් අර වඳුරා බිම යන්නෙ නෑ වගේ යන්න අවශ්යතාවය තිබුනට යන්න බැහැනෙ. අනික් අය බැහැල යත්දි ඉතින් මූණ නරක් කරගෙන ඉන්න වෙලා.

කට්ටිය බස් එකට ආවම “ ගොටුකොළ එහෙම කඩා ගත්ත ?’’  අජිත් මහත්තයාගෙ පුංචි විහිළුවක්.

“පුරුදු වෙන්න වේවි ඕවට අනික් අයටත් ඔන්න. ”

තව දුර යන්නම එපායැ.

“  අනේ සංසාරේකියල හිමිහිට කිව්වට මගෙ යෙහෙළියට ඇහුනෙ නැතෑ ඒක.

උදාසන 10.30 පමණ වෙනවිට අප කොසබෑ නුවරට පැමිණියෙමු. මුලින්ම පැමිණියේ ශ්රී ලංකාරාමයටයි.

මේ විස්තරේ වැඩි පුර දැනගන්නයි. නැත්තම් දන්නෙ නැහැනෙ ඇයි මේ කොසබෑ නුවර අපිට වැදගත් කියල.


බුදුරජුන් දවස වනවිට අංග මගධ ජනපද දෙක එක්වීමෙන් මගධ රාජ්ය පිහිටුවා තිබුණි. කාසී (වර්තමාන බරණැස) කෝසල දෙක එක්වීමෙන් කෝසල රාජ්යය බිහි වී තිබුණිඋදේනී මහරජ හා කෝසල මහ රජතුමා මෙම රාජ්ය කළ අතර එම රජවරු දෙදෙනාම එම යුගයේ භාග්යවතුන් වහන්සේගේ ප්රබල දායකයෝ වූහ. රාජගිරි නොහොත් රජගහනුවර (රජුගේ ගෘහය යන අරුත සහිත ගිරි යනු ගෘහය යන්නයි) මගධ රාජ්යයේ අගනුවර විය. කොසොල් රාජ්යයේ අගනුවර ශ්රාවස්ථිය විය. (වර්තමාන උත්තර් ප්රදේශ සහෙත් - මහෙත් අනිකුත් රාජ ආණ්ඩු පැවැති ජනපද නම් වත්ස සහ අවන්ති ජනපද දෙකය.

බුද්ධ කාලයේ සොලොස් මහා ජනපද වලින් එකක් වූ වත්ස්ය දේශය නම් වූ තා සශ්රීක රාජ්යයේ අගනුවර කෝසම්බිය හෙවත් කොසබෑ නුවරයි.  (වර්තමානයේ උත්තර් ප්රදේශ් අලහබාඩ් අසල යමුනා ගංගාතීරයේ පිහිටි) උදේනි රජතුමා එකල එහි රජ කළේය. මින් මගධය. කෝසල හා වත්ස ජනපදවල බුදුරජුන් සඳහා ආරාම ඉදි විය. මගධයේ රජගහනුවර වේළුවනාරාමය බිම්බිසාර රජතුමා කෝසලයේ සැවැත්නුවර ජේතවනාරාමය අනේපිඬු සිටුවරයාදපූර්වාරාම විශාඛාවද, කොසඹෑ නුවර ඝෝසිතාරාමය ඝෝසිත සිටුවරයාද තැනූ අතර එම විහාරවල බුදුරජුන් වැඩ සිටි සේක.

 වර්තමානයේ කොසඹෑ නුවර අයිති වන්නේ උතුරු ඉන්දියාවටයි. බරණැස ඉසිපතනයේ සිට කිලෝ මීටර් දෙසිය පනහක් දුරින් සහ අලහබාද් නගරයේ සිට කිලෝ මීටර් පනහක් දුරින් රමණීය සශ්රීක ප්රදේශයක ගංගානම් ගඟ ආශ්රිතව කොසඹෑ නුවර පිහිටා ඇත.  ගමන් පහසුව ඉතාම හොඳින් ඇත.

බුදුරජුන් අනුරාධපුරයට වැඩම කොට මගුල්මහසෑය, සිරිමා බෝමැඬ ශෛලමහ චෛත්ය යන ස්ථානයන්හි මද වේලාවක් සමාධි සුවයෙන් වැඩ සිට සැවැත් නුවර ජේතවනාරාමයට වැඩම කළ සේක.

මේ අවස්ථාවේ දී කොසඹෑ නුවරින් ව්යාපාර සඳහා පැමිණි ව්යාපාරිකයින් තුන් දෙනෙක් බුදුරජුන්ගෙන් බණ අසා සෝවාන් වූහ. මාස හයක් මේ අය බුදුපාමොක් මහා සංඝරත්නයට දන් දී කොසඹෑ නුවරට ගොස් තම තමන්ගේ අඹ වතුවල ඝෝසිතාරාමය, කුක්කුටාරාමය, පාවාරිකාරාමය නමින් ආරාම තුනක් කරවා බුදුපාමොක් මහ සඟනට වඩින ලෙස ආරාධනා කළහ. අනුව බුදුරජුන් පා ගමනින් කොසඹෑ නුවර බලා භික්ෂු මහා සංඝ රත්නය සමග වැඩම කළහ.

කොසඹෑ නුවරට බුදුන් වහන්සේ වැඩම කළ පුවත එනුවර දනන් සිත් පහන් කරන්නක් වුවද එය දෙසවනින් අසන්නටවත් රිසි නොවූ එක් ලියක් වූවාය. උදේනි රජුන්ගේ බිසවක වූ මාගන්දියා . බුදුන් එ නුවර වැඩියේ සෝෂිත, කුක්කුට, පාවාරික යන තුන් සිටුවරුන් විසින් වෙන වෙනම කරවන ලද ආරාම තුනක් පිළිගැනීමටය. බුදුහු උපේක්ෂාවෙන් ආරාම පූජාව ඉවසා එක් එක් ආරාමයක දින කීපය බැගින් සමාධි සුවයෙන්ම වැඩ සිටියහ. නුවර ගම්වලද විසූ පිරිස් දිව රෑ නොතකමින් පැමිණ බුදුන් දුටහ. දහම් ඇසූහ. වෙනත් දන් හා පිරිකර පිදූහ.

මෙසේ  බුදුන් ගේ කිතුගොස මඳනල හා මුසුව දසත ගලා යද්දීම මාගන්දියා බිසව එයින් පීඩාවටද කනස්සල්ලට පත්වූවාය. බුදු ගුණ ඇසෙන සඳ ඇය තවත් නොසන්සුන් වූවාය. එසේ වුවද කිසිදු අමුත්තක් නොපෙන්වා සිටීමටද ඇය වෑයම් කළාය. එහෙත් ඇයට ඇගේ සිත දවමින් නැගෙන වෛරයේ ගිනිදලු මහත් සේ පීඩාකර විය.

මාගන්දි බිසවගේ මෙම වෛරයටද හේතුවක් විය. කලකට පෙර ඇය සිය දෙමව්පියන් සමග ජීවත් වූ කල ඇති වූ එක්තරා සිදුවීමකි. මාගන්දිය එකල කුරු රට මාගන්දියා නම් බමුණු යුවලකගේ එකම දියණිය ලෙස වැඩුණාය. මනෝඥ රූ ඇත්තීය. දුටුවන් මන බඳනා රූ සොබාවෙන් මුසපත් නොවූ යෞවනයෝ කුරුරට නොවූහ. බොහෝ මව්පියෝද සිය පුතුන් සඳහා මාගන්දියා පවුලට සරණ බන්ධන යෝජනා ඉදිරිපත්  කළහ. එහෙත් කිසිවක් ඉටු නොවීය.


මෙසේ සිටින අතර දිනක් බුදුහු කුරු  රටට වැඩියහ. මාගන්දියා බමුණු මහල්ලන්ගේ හේතු සම්පත් දිවැසින් දැක ඔවුන්ට ධර්ම දේශනා කිරීම සඳහා කළ ගමනකි.  බුදුහු උදෑසනම වැඩියාහු මාගන්දියා බමුණන් එන පෙරමගදී ඔවුන්ට හමුවිය. එසඳ බමුණන් තුළ මෙබඳු සිතිවිලි වැඩිණ.

"මේ එන අය මිහිබට දෙව්රුවක් සේ සුදිලෙති. ඔවුන්ගේ ඉඳරෝ මනාව පිහිටියේ අඩුද වැඩිද නොවෙති. විලාසය නෙත් ඇද බැඳ ගනී. රමණීයයි. අසාමාන්යයි. මෙබඳු පුරුෂයකු ලබනා යම් ලියක් වන්නීද පරම භාග්යවන්තියකි. මේ නම් මගේ දියණියට මහබඹුන් විසින්ම මවන ලද අයෙකි. මම දැන්ම ඔහු වෙත ගොස් දියණියන් ගැන පවසා ඔවුන්ට පාවා දෙන්නෙමි."

ඉක්බිති මාගන්දියා බමුණු තෙමේමහත් සොම්නසින් බුදුන් කරා එළැඹ සියලු තතු පවසා "මා එනතුරු සිටිනු මැනවැයි" පවසා වහාම නිවසට දිව ගියේය. බැමිණියටද කරුණු පවසා දෙවඟනක් සදිසි දියණිය වහාම සරසවා, මල් පළඳවා, සුවඳ දියෙන් දොවා බුදුන් වහන්සේ සමීපයට කැඳවා ගෙන ආවේය. වනවිට බුදුහු ඔවුන්ට නොපෙනෙන සේ අදිටන් කර පසෙකට වී සිටියහ. "මා යද්දීත් ඔහු මෙතැනම සිටියායි වටපිට බැලූ බමුණාට බුදුන් වහන්සේගේ පා පියුමෙහි සළකුණු දැක ගත හැකි විය. එයින් ප්රමුදිත වූ හේ "මෙන්න තිබෙනව පාසටහන..... යෑයි කීවේය.

මාගන්දියා බැමිණිය ත්රිවේදයෙහි කෙළ පැමිණි නුවණැති ලියකි. පාසටහන් දැක "මේ නම් ගිහිව කුටුම්බයක් රක්නා අයෙකුගේ පා ලකුණු නොවේ යෑයි නිශ්චිතව කීවාය.  බමුණා සිනාසුණේය. "තී, උමතුවෙන් දැයි විමසා වටපිට බලන කල්හිම හෙතෙම යළි බුදුන් වහන්සේ දුටුවේය. යුහුසුළුව එදෙසට ගිය ඔහු මේ මාගේ එකම දියණියයි. රුසිරෙන් අගපත් ඇයට සුදුසු සැමියෙක් කුරුරටම නොවූයෙන් ඇය අස්වාමික වූවාය. දැන් ඇය ඔබට පාවා දෙන්නෙමි. මා සතු සියලු ධනය ඔබටමය. ඇය පාවා යෙහෙන් වැජඹෙනු මැනවැයි කීවේය.

බුදුහු එකල මෙසේ වදාළහ.

"පින්වත් බමුණනි, මම වනාහි නසන ලද රාග ඇත්තේමි. සියලු කෙලෙස්ද දුරු කළෙමි. තවද මා තෘෂ්ණාවෙහි බැඳ ගැන්මට පැමිණි මරඟනන් තිදෙනෙක්ද පරාජයවී පසුබා ගියහ. උන්ගේ භාව භාවයන් දුටු අයෙක් උන් කෙරෙහිම බැඳෙති. එහෙත් මම නොසෙල්වීමි. එවන් මම යළි මේ මළ මූත්‍ර පිරි නිසරු සිරුරක නොබැඳෙමි. එවන් රුවක්, පයින් ස්පර්ශ කිරීමටවත් නොවටී.  බමුණ රාග, දෝෂ, මෝහ දුරලීමට මේ අනියත ලකුණුම සෑහේ. සිහියෙන් බලනු.

බුදුන්ගේ විග්රහය ඔස්සේ සිත යොමු කළ බමුණු දෙමහල්ලෝ සෝවාන් ඵලයෙහි පිහිටියහ.  මාගන්දියා තරුණිය ලැඡ්ජාවෙන් පසුබා මහත් කලකිරීමටද පත් වූවාය.   කලකිරීම ඇගේ සිත බර වූ වෛරයක් බවටද පත් විය. පසුව බමුණු දෙමහල්ලෝ ඇය නිවස කරා රැගෙන ගොස් ඇගේ සිත සන්සුන් කිරීමටද වෑයම් කළහ. ඇයනිහඬ වුවද ඇගේ සිත සන්සුන් නොවීය. ඇගේ දෙමව්පියෝ ඇයව ඇගේ සුළු පියාණන්ට භාරදී බුදුන් සරණ ගොස් පැවිදිව රහත් බවටද එළැඹුණහ.

මාගන්දියා රූපශ්රීයෙන් යුක්තව සිටි නිසා උදේනි රජතුමා මාගන්ධි කුමරිය සරණ පාවා ගත්හ
මාගන්ධි කුමරිය, බුදුරජුන් ගෙන් පළිගන්න හොඳම අවස්ථාවක් ලැබුණා යැයි සිතුවාය. බුදුරජුන් කෝසම්බියට භික්ෂු මහ සංඝ රත්නය සමග වැඩම කළ බව ආරංචි වී මැරවරයින් ලවා බුදුරදුන් සහිත මහා සංඝයාට අපහාස කිරිම් කළහ.

මේ සිද්ධීන් නිසා කම්පාවට පත් ආනන්ද හිමියන් පළාත අතහැර වෙන පළාතකට යන ලෙස බුදුරජුන්ගෙන් ඉල්ලා සිටියහ. මේ සිද්ධිය ඇසූ බුදුරජුන්, "ආනන්ද ලෝකය ඔහොම තමයි, කලබල වන්න අවශ්ය නැහැ. අප අටලෝ දහමෙන් කම්පා වන අය නොවෙයිනේ. මේ කියන කතා දවස් හතරකට පස්සේ නැතිවෙනවා. නිසා ඉවසීමෙන් කටයුතු කිරීම ඉතාම හොදයි" වදාළහ. බුදුරජාණන් මහන්සේ තමන් වහන්සේගේ නව වන වස කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ වැඩ වාසය කරන ලදී.




 උදේනි රජතුමාටභද්‍රවතිකා නමින් ශක්ති සම්පන්න ඇතින්නක් සිටියා. සෑම සටනකදීම ඇය පෙරමුණේ දී ජය ගත්තා. වයසට පත්වී කිසිවක් කර කියා ගත නොහැකි අවස්ථාවේ රජතුමා එකී ඇතින්නව සලකන්නේ නැතිව අතහැර දැම්මා. දවසක් බුදුරජුන් කොසඹෑ නුවර පිණ්ඩපාතය වඩින වේලාවේහදවතිකා ඇතින්න උන්වහන්සේ ඉදිරියට විත් අඬන්න පටන් ගත්තා

බුදුරජුන් රජතුමා හමු වූ අවස්ථාවේ දී ඇතින්න ගැන විමසූහ. රජතුමා ඇතින්න දැන් මහලු හෙයින් වැඩකට නැති නිසා අතහැර දැමූ බව කීය. ශක්තිය ඇති කාලයේ දී හැකි තරම් වැඩ ගෙන පසුව අතහැර දැමීමේ පාප ක්රියාව ගැන බුදුරජුන් උදේනි රජතුමාට කරුණු වටහා දුන්නා. වයසට පත්ව දුර්වල වූ විට තවත් හොඳින් සැලකිය යුතු බව දේශනා කළ පසු රජතුමා ඇතින්නව මාලිගාවට ගෙන්වා වෙනදා වගේම ඉතා හොඳින් සැලකීමට පටන් ගත්තා.


උදේනි රජුට සාමාවතී නම් තවත් බිසවක්ද වූවාය. සාමාවතී බිසව මාගන්දියට වඩා වෙනස්ය. ඇය මාළිගාවේ අන් අයටද ප්රිය වූවාය. සන්සුන් ගුණෙන් යුතු වූවාය. ඇය නම් වනවිටත් බුදුන් වහන්සේ කෙරෙහි පැහැදී සිටියාය. ඇයට බුදුන් වහන්සේ පිළිබඳ සියලු තතු පවසා තිබුණේ ඇගේ සේවිකාවක වූ ඛුඡ්ජුත්තරා විසිනි. ඇය සාමාවතී බිසවටද බෙහෙවින් ආදරය කළාය. දිනක් ඇය එක්තරා මාලකාරයකුගේ නිවසකදී බුදුන් වහන්සේ දැක බණ අසා සිටියාය. සාමාවතී බිසවට පසුව ඇය විසින්ම බණ දහම් පහදා දෙනු ලැබිණි.

සාමාවතී බිසව තුළ බුදුන් වහන්සේ දැක ගැනීමට දැඩි ආශාවක් ඇති 
වද සඳහා වාතාවරණයක්ද සකස් වී නොතිබිණි. එහෙත් ඇගේ භක්තිය දවසින් දවස වැඩුණි. දිනක් ඇය ඛුඡ්ජුත්තරාවන්ට ආයාචනා කරන්නී කෙළෙස හෝ බුදුන් වහන්සේ දැක ගැනීමට සලස්වන ලෙස කියමිනි. ඛුඡ්ජුත්තරා ශ්රද්ධා භක්තියෙන් මෙන්ම බුද්ධි මහිමයෙන් යුතු ලියකි.

එදින සාමාවතී බිසව ඝෝෂිතාරාමයට ගොස් බුදුන් බැහැ දුටුවාය. පිරිවාර ලියෝද ඇය සමගම වූහ. බුදුන් වහන්සේ ඔවුන්ට මෛත්රියෙහි අනුසස් දක්වමින්ම දහම් දෙසූහ. වෛර සිතින් ක්රියා කරන්නවුන්ට තාවකාලිකව ජය ගත හැකිවන නමුත් එයින් කිසි දිනක තිරසාර යහපතක් උදා නොවන බවද බුදුහු කීහ. ඉමක් කොනක් නොමැති මේ සසර ගමන අවසන් කිරීමේ මාර්ගය ලබා ගත හැක්කේද මෛත්රි සහගත සිතින් බවද බුදුහු පෙන්වා දුන්හ.

සාමාවති බිසව ප්රමුඛ පිරිස මාළිගාව කරා ආපසු පැමිණෙන විට මාගන්දියාගේ සුළු පියා තවත් කීපදෙනකුගේ සහාය ඇතිව කුමන්ත්රණනය ක්රියාත්මක කර තිබුණි. මාළිගාවේ හැම තැනකම තෙල්වලින්ම පොඟවන ලද තිර හා රෙදි ගොඩ ගසා තිබුණි ගිනි පුපුරකින් ඇවිලෙන ආකාරයට දුම්මල මිශ්රණයක් විය. සාමාවතී බිසව හා පිරිස පැමිණි සැණකින්ම ගින්දර ඇවිලවීමට කෙනෙක්ද යොදවා තිබිණි.

සාමාවතියගේ මාළිගාව අඳුර තුළ ගිලෙමින් තිබුණි. මාගන්දිය වේලාසනින්ම යහන් ගැබට වී සිටියාය. එක්වරම අඳුර දවමින් අහසට විහිදුණු ගිනි ජාලාවකට මාළිගාව මැදි විය

උදේනි රජුට සාමාවතියගේ මාළිගාව ගිනිගන්නා බව ආරංචි විය. රජු සැණකින්ම බලඇණි දෙකක්ම පෙදෙසට එවිය. පසුව රජුද අප්රමාදව එතැනට පැමිණියේය. වෛරයේ ගිනි ජාලා අහස් කුසට විහිද යන අයුරු ඔහු සෝකයෙන් බාල සිටියේය. කිසිවකුට ගිනි කඳ මැඩලීමට නොහැකිවිය. සාමාවතිය ප්රමුඛ පිරිස මෙත් සිතින්ම වෛරයේ ගිනි කඳ ඉවසූහ.




අදත් මෙම මාලිගයේ පන්දහසක් පිරිවර සහිතව උදේනි රජ සිටියා සේම පෙනේ. තරම් විශාල භූමි බාගයක මෙම මාලිගය පිහිටා තිබේ.

මනරම් වූ යමුනා නදිය අසබඩ තිබෙන මාලිගය තට්ටු කීපයකින් සමන්විතව තිබෙන්නට ඇත. ඈතින් පාරිලෙයෛය වන පෙත දිස්වේ.

උදේනි රජ තුමා ඉතාම රණකාමී රජ කෙනෙකි. හස්තිකාන්ත මන්ත්රයෙන් ඇතුන් මෙල්ල කල බව කියවේ. වාගේම වීණා වාදනයේත් , මූර්ති ශිල්පයේත් හසල දස්කම් දැක්වූවෙකි. භාග්යවතුන් වහන්සේ ජීවමානව වැඩ වසත්දී සඳුන් ලීයකින් උන් වහන්සේ ගේ රූපය කැපූ එකම රජ තුමා ඔහු බව සඳහන්

එතුමාගේ අභාවයෙන් පසුව බෝධිරාජ කුමරු යමුනාවේ එහා කෙලවර නෙලුම් මලක් උඩ කෝකනද නම් මාලිගාවක් තනවා විසූ බවත් එයින් පසුව රජ පෙලපත අවසාන වූ බවත් කියවේ.



ශිර් ලංකාරාමයෙන්  අපි දහවල් ආහාරය ගත්තෙමු. අපේ උයන දරුවන් තිදෙනා පැයක් හමාරක් ඇතුලත ඉතාම ප්රනීත ආහාර වේලක් සාදා දෙන්නේ කොහොමදැයි මට සිතේ.   අල සමඟ කීරමින් හොද්දක්, බණ්ඩක්කා තෙල් දාල , ගෝවාමල් ව්යාංජනය ඉතාම රසවත් ලෙස උයා තිබුණි. ඔවුන් නමින් පප්පූ, මුන්නා හා පොඩි පප්පු රියදුරු අනිල් හා සහායක සුනිල් අනෙත් දෙදෙනාය. මේ පස්දෙනාම අපත් සමඟම බස් රථයේ ගමන් කල අයයි.








සුන්දර යමුනා ගඟ  අසබඩ පාරිලෙයෛය වනය ඇතින් පෙනේ.




මේ ඝොෂිතාරාමයේ නටබුන්.


ශ්රී ලංකාරාමය ඉතාමත් අඟහිඟතා වලින් යුත් විහාරයකි. නමුත් දැන් දැන් වන්දනා නඩ වල ආධාරයෙන් එහි ගොඩනැඟිලි ඉදිවේ. වැදගත්ම දේ අපිට වැසිකිලි යාමට ඉතාම පිරිසිදු වැසිකිලි පද්ධතියක් හා ජල පහසුකම් තිබීමයි. ඔබ එහි කෙදිනක හෝ යන්නේ නම් ඒවා භාවිතාකල පසුව  පිරිසිදුව තව කෙනෙකුට පහසුවෙන් යන්නට පුලුවන් වෙන ලෙස තබා යන්නට අමතක කරන්නට එපා.  ඒ විහාර වාසී භික්ෂූන් වහන්සේලා ඒවා ආරක්ෂා කරන්නේ අප වෙනුවෙන් බව මතකයේ රඳවා ගන්න.

ඝෝෂිතාරාමයේ බුදුරජුන්  වැඩ වාසය කරන අවස්ථාවේ දී ධර්ම විනයධර භික්ෂූන් අතර වැසිකිළියේ අතපය සෝදන භාජනයේ ඉතිරි වී තිබුණ ජල ප්රශ්නයක් නිසා පිරිස දෙකට බෙදුණහ. අන්තිමේ දී දානය දෙන දායක පිරිසත් දෙකට බෙදුණහ. අකිකරු පිරිස බුදුරජුන් ගේ වචන කිසිම ගණනකට නොගත්හ. බුදුරජුන් අන්තිමට පිණ්ඩපාතයට වැඩම කළ ගමන්ම පාරිලෙය්ය වනයට වැඩම කළහ. සියලුම දෙනා අතහැර පාරිලෙය්ය වනයට වැඩම කළ විට ඇතෙක් වඳුරෙක් යන තිරිසන් සතුන් බුදුරජුන්ට  ආවතේව කළහ. ඇතාගේ උපස්ථාන දැක සතුටට පත් වඳුරා අත්තෙන් අත්තට පනින විට අත්තක් කඩා වැටී බඩේ උලක් ඇනී මරුමුවට පත්වී පසු කලෙක පිනෙන් තුසිත දෙව්ලොව උපන්හ.

ධර්ම විනයධර භික්ෂූන්ගේ සටන මුළු ප්රදේශයේම පැතිර ගියහ. මේ නිසා බුදුරදුන් ඝෝෂිතාරාමය සහ භික්ෂු පිරිස අතහැර වනගත වූ බවත් පැතිර ගියහ. දායක කාරකාදීන් මෙකී භික්ෂූන්ට දඬුවම්දීමට සිතා පිණ්ඩපාතය දීම නතර කළහ. වස් කාලය නිසා භික්ෂූන්ට තවත් අමාරු වුණි. මේ බව විශාඛාවට සහ අනේපිඩු සිටුතුමාට ආරංචි වුණා. බුදුරජුන් වහාම ජේතවනාරාමයට වැඩම කරවා ගෙන එන ලෙස දන්වා සිටියහ. බොහෝ දිනකින් බුදුරජුන් ගෙන් ධර්මය ශ්රවණය කිරිමට නොහැකිව භික්ෂූන් වහන්සේ දුකෙන් තම අදහස් ආනන්ද හාමුදුරුවන්ට දන්වා සිටියහ. මේ අනුව පන්සියයක් භික්ෂූන් සමග බුදුරජුන් වෙත පාරිලෙය්ය වනයට වැඩම කළහ. බුදුරජුන්  හමුවට ආනන්ද හාමුදුරුවන් වැඩම කළ විට වැඩියේ තනිවම කියා විමසූහ. තමන් සමග භික්ෂූන් වහන්සේ පන්සියයක් වැඩම කළ බව දන්වා සිටියහ. සියලුම භික්ෂූන්ට තමන් සමීපයට වැඩම කරවන ලෙස වදාරා හැම දෙනාගෙන්ම සැප දුක් විමසූහ. තමන් වහන්සේ තනිවම වැඩ සිටින්නේ ඇයිද යන ප්රශ්නයට බුදුරජුන් පිළිතුරු නොදුන්හ.

ඉන් පසුව ආනන්ද හාමුදුරුවන් අනේපිඩු සිටුතුමාගේ සහ විශාඛාවගේ අදහස් දැන්වූහ. පසුවදා බුදුරජුන් පාරිලෙය්ය වනයෙන් සැවැත් නුවරට වඩින්න සූදානම් වූ විට පාරිලෙය්ය ඇතා ගමන වළක්වා සිටියා. කෙසේ නමුත් දෙවන දා ගමනට සූදානම් වූ විට පාරිලෙය්ය ඇතාත් පසුපස ඒමට සූදානම් වුණා. ගමට යෑමට ඇතුන්ට හොඳ නැති නිසා බුදුරජුන්  ඇතාගේ ගමන වළක්වා සිටියහ. අන්තිමේ දී බුදුරදුන් පාරිලෙය්ය වනය අතහැර යන ආකාරය බලා සිට ප්රියයන්ගෙන් වෙන්වීමේ දුක දරා ගැනිමට නොහැකිව පාරිලෙය්ය ඇතා එතනම මිය ගියා පිනෙන් තුසිත දෙව්ලොව උපන්හ. 
බුදුරජුන්  9 - 10 වස් කාලය ගත කලේ කොසබෑ නුවරයි.

බුදුරජුන් ගේ සමයෙන් පසුව ධර්ම විනයධර භික්ෂූන් දෙකොටසට අයත් සංඝාරාම විශාල වශයෙන් දියත් වුණි.  අශෝක රජතුමා දවස ඝෝෂිතාරාමයේ විශාල භික්ෂූ පිරිසක් වැඩ සිටිය බව සදහන් වේ

අනුරාධපුර රුවන්වැලි සෑය විවෘත කිරීමේ උත්සවයට සද්ධාතිස්ස රජතුමාගේ ආරාධනයෙන් කොසඹෑනුවර ඝෝෂිතාරාමයේ  ධම්මරක්ඛිත මහා රහතන් වහන්සේ සමග තිස් දහසක් මහ රහතන් වහන්සේ සහභාගි වූ බව මහාවංශය සඳහන් වේ . උදේනි නුවර දක්ඛිණගිරි විහාරයේ සිට මහා ධම්මරක්ඛිත රහතන් වහන්සේ සතලිස්දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක.  






අශෝක රජ තුමා විසින් කරවූ අශෝක ස්ථම්භය ඈතින් පෙනේ.


පසුව සිදු වූ දඹදිව මුස්ලිම් ආක්රමණයෙන් විනාශයට පත් වූ ඝෝෂිතාරාමය කුක්කුටාරාමය යන ආරාමයන්හි නටබුන් අද දැකිය හැකිය. ඊට අමතරව එහි සිදු වූ සිද්ධීන් සඳහන් කරන ලද අශෝක සෙල්ලිපිය දැක ගත හැක.  ජෙනරාල් කනිංහැම් තුමාගේ  පුරාවිද්යා කැනිම්වල දී ලැබුණ බුද්ධ ප්රතිමා ආදිය අලහබාද් කෞතුකාගාරයේ තැන්පත්කර ඇත.

පුංචි පුංචි කඳු ගැට සහ රමණීය කුඹුරු යායකින් අලංකාර වූ කෝසම්බිය අද විවිධ ආගමිකයන්ගෙන් පිරි පුංචි නගරයකි. ගමන් පහසුව ඇති නිසා දැන් ක්රමයෙන් වන්දනාකරුවන් යෑම සිදු වේ.

 මගෙ ඉන්ටර්නෙට් මේ ටිකේ හරිම අවුල්. මට කෙනෙක්ට කමෙන්ටුවක් වත් දමාගන්න විදිහක් නැහැ. මොනවා කරන්නද? මන්දා. ලියලා පැය ගානක් ඉන්න ඕනෙ පින්තූරයක් දාන්න. කරන්න දෙයක් නැහැ විකල්පයක් නොමැති නිසා.

 අපි හොඳ හැටියට බත් කාල එහෙන් පිටත් උනා.



 පුංචි දරුවන් හැම තැනම කෑම ඉල්ලමින් එනවා. ඒක දැක්කම බඩ පපුව පිච්චෙනවා. අපේ දරුවන්ව එක්ක එන්න ඕනෙ මේව දකින්න. එයාල නැති දේ ගැන කියනවා සමහර වෙලාවට. මොන අඩුපාඩුද? මේ දරුවො දැක්කහම. හිතා ගත්තා කොහොම හරිම එන සැරේ එක්ක එනවා කියලා. හරිම දුකයි නමුත් කරන්නට දෙයක් නැහැ නෙ. එක පාරක් කෑම දීලා දෙන්නෙක් මරා ගන්න ගියා. එයාල ඒක උදුරාගන්න රණ්ඩු වෙනවා.




අප කාන්පූර් වලට එනවිට රාත්‍රී හතට පමන වුණා. පැය භාගයකට පසුව උණු කිරි තේ එකක් මුන්නා පුතා ගෙනාවා. ඒක බීල පොඩි විවේකයක් ගත්තා. අපි නැවතුනේ විජේ විලා හිදී. රාත්‍රියට සැමන්, පරිප්පු, පොල්සම්බල සමඟින් රතු කැකුළු බතක් පිළියෙල වුණා. හරිම රසයි ඒ ආහාරය. මහන්සියෙන් හිටිය අපිත් පින් දීමෙන් යුතුව එය ගෙන සුවසේ නින්දට වැටුනා. 


මා මේ ගමනේදී ඉගෙන ගත් දේ බොහොමයි. ඒ දේවල් ඔබත් සම්ඟින් බෙදා ගැනීම තරම් සතුටක් මට කොයින් ද? මේ පින මට ගමන යාමට උදව් උපකාර කල සැමටම අත්පත් වේවා! යි මගේ පැතුමයි.



ඊ ළඟට අපි යන්නේ අග්‍රා නුවරටයි.