බුද්ධගයාවේ අසිරිමත් බුදුපිළිම වහන්සේ!

Wednesday, June 27, 2012

ථේරි ගාථා! 15



උත්තරා තෙරණියගේ ගාථාව.

මං කයෙන් සංවර වුණා.  වචනයෙනුත් සංවර වුණා. සිතෙනුත් සංවර  වුණා.   තණ්හාව  මුලින්ම උදුරලා දැම්මා.  සිසිල් වුණා.   නිවිල ගියා.

මේ වනාහී උත්තරා නම් රහත් තෙරණිය වදාල  ගාථාවයි.

Friday, June 15, 2012

මගෙන් ඔබට.



අද මගේ "සිත නිවන පියුම් විල " හා  "චාන්දිගේ සිතුවිලි උයන " බ්ලොග් දෙකේම බලන්න ආව අය 5000ක්  කියල සටහන් වෙලා. මට හරිම සතුටුයි.  වෙලාවත් එක්ක සටනක් කරමින් ලැබෙන අවසරෙන් ලියන මගෙ සටහන් කියවන්න ලෝකෙ හැම පැත්තෙන්ම කෙනෙක් ඉන්නවනෙ කියල හිතනකොට හැමදේම අමතක වෙනව. මාත් එක්ක මේ ගමන ආව හැමෝටම ගොඩාක් ස්තූතිවන්ත වෙනව.  ගොඩාක් අයට වචනයක් ලියන්න වත් මේ අවිවේකී ජීවිත සටනේදි ලැබෙන්නෙ නැහැ කියල මම දන්නවා.   එහෙම උනත් හරි ඇවිත් මේ නිවහනට ගොඩවැදිල  ලිපියක්  කියවල යන එකත් කොච්චර වටිනවද?
 
මුලින්ම ගමන පටන් ගත්තෙ එළකිරියෙන්. ඊළඟට සීගිරියෙ. ඊට පස්සෙ තමයි මේකට ආවෙ. මට මේ අතර හමුවෙච්ච යාළුවො හුඟක් ඉන්නවා. මට වඩා ගොඩාක් වයසින්  අඩු උනත් මාව අක්කේ කියල ඒ අය පිලිගත්ත එකම මට ලොකු දෙයක්. ඒ හැමටම ගොඩාක් සෙනෙහසින් ස්තූතියි! කියල කියන්න ඕනෙ. නම් ලියන්න ගියොත් කෙනෙක් තරහ වෙන්නත් පුලුවන්. ඒ හින්දා ඒක කරන්නේ නෑ. 

මුලින්ම ඩීන් මල්ලි තමයි මේ බ්ලොග් දෙකම හදල, ගුරුහරුකම් දුන්නෙ. ඒ ගැන විශේෂ ස්තූතියක් නොකලොත් ගුණමකුකමක් වෙයි. අදටත් මොනවහරි වරදිනකොට ඒක හදල දෙන්න කොයි තරම් වැඩ තිබුනත් සූදානම්. 

ඉතින් කියන්න වචන නෑ ,ඇත්තටම ස්තූති කරන්න. කොටින්ම කිව්වොත් මේක බලන්න ආපු හැමෝටම ගොඩාක් ස්තූතියි!!!!!!!!!!,  වගේම දහම් පදයක් බලපු හැමෝටමත් පිං!!!!!!!.

Monday, June 4, 2012

ථේරි ගාථා, 14










සුමනා තෙරණිය ගේ ගාථාව




" මේ සතර මහා ධාතුන් ගේ පැවැත්ම දුකක් වශයෙන් අවබෝධ වුණාට පස්සේ ආයෙත් ඉපදෙන සංසාරයට නම් එන්න එපා. භවය ගැන තියෙන ආශාව නැති කර ගෙන උපශාන්ත සිතින් කල් ගෙවන්න. "


මේ වනාහී සුමනා නම් රහත් මෙහෙණිය වදාළ ගාථාවයි.

සංයුක්ත නිකාය, සත්ති වර්ගය 7






වේගයෙන් ගලා යාම ගැන වදාළ දෙසුම . (සර සූත්‍රය)



සැවැත් නුවර ජේතවන අසපුවේදීය.


එකත්පස්ව සිට ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.

“මේ වේගයෙන් ගලා යන සංසාරය නවතින්නෙ කොතන ද? ඇවිද ඇවිද යන සසර ගමන නවතින්නෙ කොතන ද? නාමයත්, රූපයත් ඉතිරි නැතිව නිරුද්ධ වෙන්නෙ කොතන ද?”


භාග්‍යවතුන් වහන්සේ: “යම් තැනක ආපෝ ධාතුවත්, තේජෝ ධාතුවත්, වායෝ ධාතුවත් පිහිටන්නෙ නැත්නම්, අන්න එතන තමයි වේගයෙන් ගලා බසින සංසාරය නවතින තැන. එතනම තමයි ඇවිද ඇවිද යන සංසාර ගමන නවතින තැන. එතනම තමයි නාමයත් - රූපයත් ඉතිරි නැතිවම නිරුද්ධ වෙන්නෙ.' ”



සාදූ! සාදූ!! සාදූ!!!

Sunday, June 3, 2012

ධම්ම පදය 15 - 16











Sorrow Springs From Evil Deeds
Idha socati pecca socati, pāpakārī ubhayattha socati
So socati so vihaññati, disvā kammakiliṭṭham attano.





ඉධ සොචති , පෙචච සොචති,
පාපකාරී උභයත්ථ සොචති,
සො සොචති, සො විහඤඤති
දිසවා කම්ම කිලිටඨමත්තනො





පව්කරන්නා මොලොවදීත් ශෝකයට පැමිණේ, පරලොවදීත් ශෝකයට පැමිණේ, දෙලොවමදිම ශෝකයට පැමිණේ. හෙතෙම තමාගේ නපුරු ක්රි,යාව දැක ශෝක කෙරේ, වෙහෙසට පත්වේ.





Here one grieves, one grieves hereafter,
in both ways does the evil-doer grieve;
one grieves and is afflicted,
one's own base kammas seeing.





Explanation: People who commit evil actions are unaware of their consequences at the moment of performance. Therefore, they tend to repent on seeing the consequences of what they did. This creates grief. This does not mean that one must always suffer the consequences of one's deeds, without any hope. If that is the case, there is no benefit in leading a religious life, nor is there any opportunity to work for one's emancipation.





Cunda the Pork-butcher

Cunda, who lived near the Bamboo grove monastery at Rājagaha, killed pigs
mercilessly throughout his life, skinning them alive. In the final week of his life,
he went mad and crawled on the floor squealing like a pig. His wife shuttered all
the doors and windows, but his cries still disturbed the neighbours day and night. After his death he was reborn in hell.








Good Deeds Bring Happiness.

Idha modati pecca modati, katapuñño ubhayattha modati
So modati so pamodati, disvā kamma visuddhimattano



ඉධ මොදති , පෙචච මොදති,
කතපුඤ්ඤො උභයත්ථ මොදති,
සො මොදති, සො පමොදති
දිසවා කම්ම විසුද්ධිමත්තනො



පින්කල පුද්ගලයා මොලොවදීත් සතුටුවේ , පරලොවදීත් සතුටුවේ, දෙලොවමදිම සතුටුවේ. තමාගේ යහපත් ක්රිේයාව දැක හෙතෙම , සතුටට පත්වේ. විශේෂයෙන්ම සතුටට පත්වේ.




Here one joys, one joys hereafter,
in both ways does the merit-maker joy;
one joys and one rejoices,
one's own pure kammas seeing.




Explanation: A wise person does good deeds. Having done those good deeds he rejoices here in this world. He rejoices in the life after as well. Seeing the purity of his virtuous actions, he rejoices. He is thoroughly joyous seeing the goodness of his deeds.





Dhammika the Devout Lay Supporter

Dhammika gave alms generously throughout his life, and urged others to
give. The monks came to his house to recite the Satipaṭṭhāna Sutta as he lay on his
death-bed. Dhammika saw celestial beings come to invite him, each to their own
realm, and, not wishing to interrupt the recitation, he told them to wait. The
monks thought he was speaking to them, so they stopped reciting and returned to
the monastery. His children were upset until Dhammika was able to explain what
had happened. After a peaceful death, he was reborn in Tusita devlova.